රුමේනියා

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    යුරෝපෙට එන්නද එපාද,

    ඔයා යුරෝපෙට එන්න තීරණයක් ගත්තොත් එන්නද එපාද අමාරුද නැද්ද ඇවිත් වැඩක් තියෙයිද නැද්ද ගේමක් ගහන්න පුළුවන්ද බැරිද කියල කාගෙන්වත් අහල තීරණය කරන්න එපා,
    රට ගැන තොරතුරු අහන එක හෝ එන්න තියන ක්‍රමයක් ගැන ඇහුවට කමක් නැ, ඇවිත් කරගන්න පුලුවන්ද කියල තීරණේ කරන්න කාටවත් බැ, ඒක තමන්ගේ කැපවීම හැකියාව මත තීරණය වෙන දෙයක්. රට ඉන්න සමහර අය කියන දේවල් අහලා ලොකු හීන මවන් එන්නත් එපා, අමාරුයි කියන ඒවා අහලා නෑවිත් ඉන්නත් එපා, වරදින්න හරි හරියන්න හරි ඇවිත්ම බලන්න. මගෙන් අහන අයට එන්න එපා කියන්නේ නැ කවදාවත් මොකද මම යුරෝපේ ඉඳන් තව කෙනෙක්ට එන්න එපා කියන්න කිසිම හේතුවක් නැ, මමත් ලංකාවට ගිහින් කියනවනම් යුරෝපෙට ගිහින් වැඩක් නැ කියල, අන්න එතකොට ඒ ගැන ටිකක් හිතන්න ඕනේ. ඒ නිසා තමන්ට තමන් ගැන විස්වාසයක් තියනවනම් මේ වෙලාවේ ගාසා තීරයට ගියත් ගේමක් ගහන්න පුළුවන්, තමන් ගැන විස්වාසේ තියන් එන්න.