Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුවන්ඩා: අප්‍රිකාවේ සිංගප්පූරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන්ඩා: අප්‍රිකාවේ සිංගප්පූරුව

වර්ග කිලෝමීටර් 26338ක භූමි ප්‍රමාණයකින් සහ මිලියන 11ක ජනගහනයකින් සමන්විත රුවන්ඩාව, මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකානු කලාපයට අයත් දේශයන් අතරින් කුඩාම රටක් සේ හැඳින්විය හැක. ජනගහනයෙන් බහුතරය හුටු ගෝත්‍රයට (84%) අයත් වන අතර ඉතිරිය ටුට්සිවරුන් (15%) හා ට්වා (1%) පිග්මිවරුන් යන සුළු ජනකොටස්වලින් සෑදී ඇත. 1916 සිට 1962 දක්වා රුවන්ඩාව බෙල්ජියමේ යටත්විජිතයක් ලෙස පැවතුණි. නිදහස ලබාගැනීමට පෙර සිටම බහුතර හුටු ගෝත්‍රිකයෝ, සුළුතර ටුට්සීන් කෙරෙහි එදිරිවාදී ආකල්පයක් පවත්වාගෙන ගියහ. හුටු අඩන්තේට්ටම්වලට ලක්ව අසල්වැසි රටක් වූ උගන්ඩාව වෙත පැනගොස් සිටි ටුට්සින් ලක්ෂ 5ක් පමණ එක්ව 1990 දී රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ (RPF) පිහිටුවා ගනු ලැබීය. එම වසරේදී හුටු රජය සමඟ සිවිල් යුද්ධයකට අවතීර්ණ වීමට (RPF) ක්‍රියා කළේය. මෙහි අවසාන හා භයංකරම ප්‍රතිඵලය වූයේ 1994දී ටුට්සීන් මිලියන 1.3කට ආසන්න සංඛ්‍යාවක්, හුටු බහුතරය අතින් සමූලඝාතනයට ලක්වීමයි. වහා ක්‍රියාත්මක වුනු (RPF) නායක පෝල් කැගාමේ උගන්ඩාවේ සිට සිය භටයන් සමඟ රුවන්ඩාවට පැමිණ 1994 ජුලි මාසයේදී හුටු ඝාතකයන් පලවා හැර ස්ථිර ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කළේය.

ආර්ථික වර්ධනය

94 මහා ජන සංහාරයෙන් පසු රුවන්ඩාව සාගතයෙන් පීඩිත අසමත් රාජ්‍යයක් බවට පත්ව තිබුණි. කැගාමේ ප්‍රථමයෙන් කළේ ටුට්සීන් ඝාතනය කිරීමට නායකත්වය දුන් අයට අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ මරණීය දණ්ඩනය නියම කිරීමයි. බහුතරයකට පාපෝච්චාරණයක් හරහා යළි පුනරුත්ථාපනය වීමේ අවස්ථාව සලසා දෙන ලදි. ඉනික්බිති රුවන්ඩාව ගොඩනැඟීමට යුරෝපා රටවලින් ලැබුණු ආධාර, රටේ යටිතල පහසුකම් දියුණු කිරීම පිණිස කිසිදු නාස්තියකින් තොරව යොදා ගැනීමට පෝල් කැගාමේ කටයුතු යෙදීය. හුටු ජාතිකයන්ගේ තාඩන පීඩන හේතුවෙන්, ටුව්සින් වූ කැගාමේලාග් පවුල, ඔහුට වයස අවුරුදු 5ක්ව තිබියදී උගන්ඩාවේ පදිංචිය සඳහා ගියේය. උගන්ඩාවේ මිලිටරි රෙජීමයට එරෙහිව සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක් ගොඩනැඟීමට යොවෙරි මුසෙවෙනි නම් උගන්ඩානුවා ක්‍රියා කළේ 1981 දීය. පෝල් කැගාමේ මෙහි ක්‍රියාකාරී ගරිල්ලෙකු ලෙස කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කළ අතර 1986දී මොවුහු උගන්ඩානු මිලිටරි රෙජීමය පෙරළා දමා යොවෙරි මුසෙවෙනි එරට ජනපති ලෙස පත් කළෝය. මුසෙවේනි රජයේ මිලිටරි බුද්ධි අංශ ප්‍රධානියා වූයේ පෝල් කැගාමේය. 2006 වසරේදී රුවන්ඩා රජයේ අයවැයෙන් 50%ක්ම සමන්විත වූයේ විදේශ ආධාරවලින් වුවත් අද වන විට එය 17% දක්වා අඩුකර ගැනීමට කැගාමේ සමත්ව තිබේ. සොල්දාදුවෙකු ලෙස ඔහු උගන්ඩාවේදී ලද පුහුණුව හා දැඩි විනය, රුවන්ඩාවට ලැබෙන ආධාර දූෂණයෙන් හා නාස්තියෙන් තොරව නියමානුකූලව පාවිච්චි කිරීමට රුකුලක් වී යැයි දේශපාලන විචාරකයෝ පවසති. රුවන්ඩාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය 7%-8% වැනි ප්‍රතිශතයක් තුළ නොකඩවා පවත්වාගෙන යාමටත්, හුටු-ටුට්සි-ට්වා ලෙස නොබෙදි සැවොම රුවන්ඩානුවන් ලෙස එකට ගොනු කිරීමටත් කටයුතු කළ හෙයින් 2003 ජනපතිවරණයේ ඡන්දවලින් 95%කුත්, 2010 දී 93%කුත්, 2017 දී 99% කුත් දිනාගැනීමට පෝල් කැගාමේ සමත් විය. 2006-2012 අතර කාලය තුළ රුවන්ඩානු වැසියන් මිලියනයක් පමණ දිළිඳු බවේ රේඛාවෙන් ඉහළට එසැවුණි.

යුද නිපුණතාව

ලොව විශිෂ්ටතම යුද විශේෂඥයන්ගේ ලැයිස්තුවෙහි මුල්ම පස්දෙනා අතර රුවන්ඩා ජනපති පෝල් කැගාමේ සිටින වග ඇමරිකානු හමුදාවේ කර්නල්වරයෙකු වන රිච්ඞ් ඕර්ත් පවසයි. RPF ටුට්සි ජාතික භටයන් 1994 දී රුවන්ඩාව ආක්‍රමණය කොට හුටු රෙජීමයේ පාලකයන් මිලිටරි හා දේශපාලන වශයෙන් පරාජය කළ පසුව, මේ ජනඝාතකයෝ නැගෙනහිර කොංගෝව වෙත පලාගියහ. එවකට කොංගෝව පාලනය කළ ආඥාදායකයා වූ ටොබුටුව සෙසේ සෙකෝ, රුවන්ඩාවෙන් පැන ආ හුටු ජාතික මැරයන්ට ආරක්ෂාව සැපයුවා පමණක් නොව නැවත නැඟීසිටිනු පිණිස ආයුද සහ යුද පුහුණුවද නොමඳව ලබා දුන්නේය. 1995 වන විට කොංගෝවේ වැසි වනාන්තර තුළ ගරිල්ලා කඳවුරු ගොඩ නඟගාත් මොවුහු, රුවන්ඩා රජයේ භටයන්ට වරින් වර මිලිටරි ප්‍රහාර එල්ල කළහ. එන පොට හොඳ නැති බැව් වටහාගත් රුවන්ඩා ජනපති පෝල් කැගාමේ, 1996 හා 1997 කාල වකවානුවේදී තම රටට වඩා විසි හත් ගුණයකින් විශාල කොංගෝව ආක්‍රමණය කොට එරට පාලකයා වූ මොබුටු සෙසේ සෙකෝ බලයෙන් පහකර දැමීය. කොංගෝවේ වැසි වනාන්තර මැදින් කිලෝමීටර් 1600ක් පමණ පයින්ම ගමන් කළ කැගාමේගේ පාබල හමුදාව, හුටු ගරිල්ලන් ලක්ෂ 2ක් පමණ සහමුලින්ම විනාශ කර දැමීය. එතැනින් නොනැවතුණු ඔහු, තමන්ට හිතවත් කොංගෝ ජාතිකයෙක වූ ලෝරන්ට් කබිලා එරට ජනපති පුටුවෙහි ඉන්දවීය. බලයට පත්වුණු මුල් කාලයේ රුවන්ඩාවේ හුටු පාලනයට පක්ෂපාතීත්වයක් දැක්වූ කබිලා, පසු කලෙක කොංගෝවේ ඉතිරි වූ හුටු සුළුතරයට මිලිටරි ආධාර දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉන් කෝපයට පත් පෝල් කැගාමේ 1998 දී දෙවන වරටත් කොංගෝව ආක්‍රමණය කළ නමුත්, ඇන්ගෝලාව හා සිම්බාබ්වේ මැදිහත් වී කබිලා රෙජීමය බේරාගත්තේය. එහෙත් 2001 ජනවාරි 16 දින තමන්ගේම පුද්ගලික ආරක්ෂයෙකු අතින් කබිලා ඝාතනයට ලක්විය. එතැන් පටන් 2009 දක්වාම රුවන්ඩානු බුද්ධි අංශ වක්‍ර අන්දමින් කොංගෝව පාලනය කළ අතර එරට ඛනිජ සම්පත්ද යහමින් සූරා කනු ලැබීය. කෙසේ වෙතත් හුටු ඝාතකයන්ට යළි සංවිධානය වීමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම වලක්වාලීමට කැගාමේ සමත් වූයේ හමුදා විනයෙන් හා උපායශීලිත්වයෙන් අගතැන්පත් තම සොල්දාදුවන්ගේ සහායෙනි.

සහජීවනය

1994 ජන සංහාරය හේතුවෙන් විදෙස් රටවලට පැනගිය මිලියන 2 ක් වූ රුවන්ඩානුවන්ගෙන් මිලියන 1.7ක්ම නැවත සිය මාතෘභූමිය වෙත පැමිණ සිටින්නේ, යළි ගෝත්රවාදයට හිස එසැවීමට ඉඩක් පෝල් කැගාමේ අතින් නොලැබෙන වග ඔවුන් දැඩි විශ්වාස කර හෙයිනි. ඉදිකිරීම් ව්‍යාපාරිකයකු වූ 55 හැවිරිදි මෝසස් හිමියමානා 1954 දී ලන්ඩන් නුවරට පලා ගිය නමුත් 2011 දී යළි රුවන්ඩාවට පැමිණියේ රටේ තරුණ පරපුරට තම ව්‍යාපාර ක්ෂේත්රය ඔස්සේ නව රැකියා අවස්ථා විවර කර දීමේ අපේක්ෂාවෙනි. ජේන් ටුරින්ගිරේ ඇමරිකාවේ සිට පැමිණ කිගාලි නගරය තුළ සුපිරි වෙළෙඳසැල් දෙකක් ආරම්භ කළාය. යන්තමින් හෝ ගෝත්‍රිකවාදි අදහස් ප්‍රකාශ කිරීමට යමෙකු කටයුතු කළහොත් ඔහුට/ඇයට ලැබෙනුයේ බරපතළ දඬුවම්ය. මිලියන 1.3ක් දින 100ක් තුළ ඝාතනයට ලක්වුණු රටක, ගෝත්රවාදය අවුළුවන්නට තමාගෙන් කිසිම බුරුලක් නොලැබෙන වග ජනපති කැගාමේ අවධාරණය කරයි. දේශපාලන වශයෙන් ස්ත්‍රීන් බලාත්මක කිරීම මඟින් පටු ගෝත්රවාදී හා ජාතිකවාදී මතවාද පරාජය කළ හැකි බැව් පෝල් කැගාමේ දැඩිව විශ්වාස කළේය. කියූ දේ කරන්නෙකු වග පෙන්වූ හෙතෙම රුවන්ඩා ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය 64% දක්වා ඉහළ නැංවීමට කටයුතු යෙදීය. අදටත් අප්‍රිකානු කලාපයට අයත් බහුතරයක් රටවල කාන්තාවන්ට දේපල, ඉඩකඩම් තමන්ගේ නමට ලියාගැනීමේ හෝ මව්පියන්ගෙන් ලැබෙන වස්තුවට උරුමකම් කීමේ අයිතිය නීතියෙන් අවහිර කොට තිබේ. කැගාමේ බලයට පැමිණි වහාම, නීති අණපනත් සංශෝධනය කොට ඉඩම් අත්පත් කරගැනීමේ හා ව්‍යාපාරවල නිරත වීමේ අයිතිය රුවන්ඩානු ස්ත්රීන්ට තිළිණ කළේය. 2014දී, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමරිකානු ඒජන්සියේ (USAID) මූල්‍ය ආධාර සහිතව රුවන්ඩානු තරුණ තරුණියන් 20,000ක් වෘත්තීය පුහුණුවට යොමුකොට, දිනෙන් දින පුළුල් වන ගොඩනැගිලි හා මහාමාර්ග ක්ෂේත්රයේ ඵලදායී රැකියා 2016 දී ඔවුන්ට ලබාදීමට රුවන්ඩානු අධ්‍යාපන අමාත්‍යාංශය සමත් විය. 2015 වන විට සෘජු විදෙස් ආයෝජන 78.1%කින් වැඩි වූ අතර කොරියානු ව්‍යාපාරයක් වන ORN, රුවන්ඩාවට 4G අන්තර්ජාල සබඳතා පිරිනැමීම පිණිස ඇමරිකන් ඩොලර් මිලියන 453.4ක් ආරම්භ විය. මෙමඟින් උත්පාදනය වූ රැකියා අවස්ථා ගණන 55,141කි. රාජ්‍ය අංශයට ආවේණික අලසකම, නිලධාරීවාදය, දූෂණය, අල්ලස් හා වංචාව සම්පූර්ණයෙන්ම පාහේ රුවන්ඩාවෙන් අතුගා දැමීමට ජනපති පෝල් කැගාමේ සමත් වූයේ එවැනි දේට සම්බන්ධ වූ සියලු දෙනා ක්ෂණිකව හිරේ විලංගුවේ දැමීමට ඔහු ක්‍රියා කළ හෙයිනි. කැගාමේ ආඥාදායකයකු ලෙස හඳුන්වන්නට සමහරු පෙළැඹී තිබෙන්නේ හෙතෙම දූෂිතයන්ට හා කම්මැලියන්ට කිසිදු බුරුලක් නොදක්වන පුද්ගලයෙකු නිසාය. ලෝක බැංකුවේ ‘ව්‍යාපාර කිරීමේ පහසුව හා අදාළ රටවල 2016 ලැයිස්තුවෙහි’ රටවල් 190කින් 62වැනි ස්ථානයට පැමිණීමට රුවන්ඩාවට හැකි වූයේ කැගාමේ රෙජීමය විසින් සිදුකළ ඥානාන්විත ප්‍රතිසංස්කරණවල පිහිටෙනි. මෙහි ශ්‍රී ලංකාව පසුවන්නේ 110 වැනි ස්ථානයේය.

අනාගත අභියෝග

ලෝක බැංකු දත්තවලට අනුව වත්මනෙහි රුවන්ඩා ජනගහනයෙන් 30%ක් දුගී බවේ රේඛාවේ පහළින් වෙසෙන අතර 9%ක් අන්ත දුගී බවෙන් පීඩා විඳියි. ව්‍යාපාර ක්ෂේත්රයෙන් රජය ඉවත් වී පෞද්ගලික අංශය ආර්ථිකයේ එන්ජිම බවට පත් කළ විට රුවන්ඩාවෙන් දුප්පත්කම අතුගා දැමිය හැකි යැයි පෝල් කැගාමේ අවධාරණය කරයි. පැය 24ක් ඇතුළත, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව දේශීය හා විදේශීය ව්‍යවසායකයන්ට කැගාමේ රජය තිළිණ කොට ඇත්තේ මේ නිසාය. නැඟීඑන සංචාරක ව්‍යාපාරය තුළ ට්වා, හුටු සහ ටුට්සි ජාතිකයන් එකට එක්ව රැකියා කළ යුතු යැයි ආණ්ඩුව නියම කොට ඇත්තේ එමඟින් ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ අභිලාෂයෙනි. ආණ්ඩුව විසින් මනා යටිතල පහසුකම් සහිතව ස්ථාපිත කරන ලද සංහිඳියා ගම්මානවල 1994 දී එකිනෙකා මරාගත් හුටු හා ටුට්සි ප්‍රජාව වත්මනෙහි වෛරයෙන් තොරව සාමකාමීව වාසය කරති. සමහර බටහිර මානව හිමිකම් සංවිධාන, රුවන්ඩා ජනපති පෝල් කැගාමේ මිලිටරි ඒකාධිපතියෙකු ලෙස හඳුන්වන නමුත් මට නම් ඔහු පෙනෙන්නේ ගෝත්රවාදයේ රුධිරයෙන් නැහැවුණු හා අනාථ වූ දේශයකට, සාමයේ හා සමෘද්ධියේ නව මාවතක් විවර කර දුන් සැබෑ මිනිසෙකු ලෙසිනි

ප්‍රභාස්වර

[QUOTE="Hiramana Ajith, post: 22235377, member: 564390"] [b]රුවන්ඩා: අප්‍රිකාවේ සිංගප්පූරුව[/b] [IMG]http://ktpress.rw/wp-content/uploads/2015/03/KIGALI.jpg[/IMG] [SIZE="4"]වර්ග කිලෝමීටර් 26338ක භූමි ප්‍රමාණයකින් සහ මිලියන 11ක ජනගහනයකින් සමන්විත රුවන්ඩාව, මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකානු කලාපයට අයත් දේශයන් අතරින් කුඩාම රටක් සේ හැඳින්විය හැක. ජනගහනයෙන් බහුතරය හුටු ගෝත්‍රයට (84%) අයත් වන අතර ඉතිරිය ටුට්සිවරුන් (15%) හා ට්වා (1%) පිග්මිවරුන් යන සුළු ජනකොටස්වලින් සෑදී ඇත. 1916 සිට 1962 දක්වා රුවන්ඩාව බෙල්ජියමේ යටත්විජිතයක් ලෙස පැවතුණි. නිදහස ලබාගැනීමට පෙර සිටම බහුතර හුටු ගෝත්‍රිකයෝ, සුළුතර ටුට්සීන් කෙරෙහි එදිරිවාදී ආකල්පයක් පවත්වාගෙන ගියහ. හුටු අඩන්තේට්ටම්වලට ලක්ව අසල්වැසි රටක් වූ උගන්ඩාව වෙත පැනගොස් සිටි ටුට්සින් ලක්ෂ 5ක් පමණ එක්ව 1990 දී රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ (RPF) පිහිටුවා ගනු ලැබීය. එම වසරේදී හුටු රජය සමඟ සිවිල් යුද්ධයකට අවතීර්ණ වීමට (RPF) ක්‍රියා කළේය. මෙහි අවසාන හා භයංකරම ප්‍රතිඵලය වූයේ 1994දී ටුට්සීන් මිලියන 1.3කට ආසන්න සංඛ්‍යාවක්, හුටු බහුතරය අතින් සමූලඝාතනයට ලක්වීමයි. වහා ක්‍රියාත්මක වුනු (RPF) නායක පෝල් කැගාමේ උගන්ඩාවේ සිට සිය භටයන් සමඟ රුවන්ඩාවට පැමිණ 1994 ජුලි මාසයේදී හුටු ඝාතකයන් පලවා හැර ස්ථිර ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කළේය. ආර්ථික වර්ධනය 94 මහා ජන සංහාරයෙන් පසු රුවන්ඩාව සාගතයෙන් පීඩිත අසමත් රාජ්‍යයක් බවට පත්ව තිබුණි. කැගාමේ ප්‍රථමයෙන් කළේ ටුට්සීන් ඝාතනය කිරීමට නායකත්වය දුන් අයට අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ මරණීය දණ්ඩනය නියම කිරීමයි. බහුතරයකට පාපෝච්චාරණයක් හරහා යළි පුනරුත්ථාපනය වීමේ අවස්ථාව සලසා දෙන ලදි. ඉනික්බිති රුවන්ඩාව ගොඩනැඟීමට යුරෝපා රටවලින් ලැබුණු ආධාර, රටේ යටිතල පහසුකම් දියුණු කිරීම පිණිස කිසිදු නාස්තියකින් තොරව යොදා ගැනීමට පෝල් කැගාමේ කටයුතු යෙදීය. හුටු ජාතිකයන්ගේ තාඩන පීඩන හේතුවෙන්, ටුව්සින් වූ කැගාමේලාග් පවුල, ඔහුට වයස අවුරුදු 5ක්ව තිබියදී උගන්ඩාවේ පදිංචිය සඳහා ගියේය. උගන්ඩාවේ මිලිටරි රෙජීමයට එරෙහිව සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක් ගොඩනැඟීමට යොවෙරි මුසෙවෙනි නම් උගන්ඩානුවා ක්‍රියා කළේ 1981 දීය. පෝල් කැගාමේ මෙහි ක්‍රියාකාරී ගරිල්ලෙකු ලෙස කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කළ අතර 1986දී මොවුහු උගන්ඩානු මිලිටරි රෙජීමය පෙරළා දමා යොවෙරි මුසෙවෙනි එරට ජනපති ලෙස පත් කළෝය. මුසෙවේනි රජයේ මිලිටරි බුද්ධි අංශ ප්‍රධානියා වූයේ පෝල් කැගාමේය. 2006 වසරේදී රුවන්ඩා රජයේ අයවැයෙන් 50%ක්ම සමන්විත වූයේ විදේශ ආධාරවලින් වුවත් අද වන විට එය 17% දක්වා අඩුකර ගැනීමට කැගාමේ සමත්ව තිබේ. සොල්දාදුවෙකු ලෙස ඔහු උගන්ඩාවේදී ලද පුහුණුව හා දැඩි විනය, රුවන්ඩාවට ලැබෙන ආධාර දූෂණයෙන් හා නාස්තියෙන් තොරව නියමානුකූලව පාවිච්චි කිරීමට රුකුලක් වී යැයි දේශපාලන විචාරකයෝ පවසති. රුවන්ඩාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය 7%-8% වැනි ප්‍රතිශතයක් තුළ නොකඩවා පවත්වාගෙන යාමටත්, හුටු-ටුට්සි-ට්වා ලෙස නොබෙදි සැවොම රුවන්ඩානුවන් ලෙස එකට ගොනු කිරීමටත් කටයුතු කළ හෙයින් 2003 ජනපතිවරණයේ ඡන්දවලින් 95%කුත්, 2010 දී 93%කුත්, 2017 දී 99% කුත් දිනාගැනීමට පෝල් කැගාමේ සමත් විය. 2006-2012 අතර කාලය තුළ රුවන්ඩානු වැසියන් මිලියනයක් පමණ දිළිඳු බවේ රේඛාවෙන් ඉහළට එසැවුණි. යුද නිපුණතාව ලොව විශිෂ්ටතම යුද විශේෂඥයන්ගේ ලැයිස්තුවෙහි මුල්ම පස්දෙනා අතර රුවන්ඩා ජනපති පෝල් කැගාමේ සිටින වග ඇමරිකානු හමුදාවේ කර්නල්වරයෙකු වන රිච්ඞ් ඕර්ත් පවසයි. RPF ටුට්සි ජාතික භටයන් 1994 දී රුවන්ඩාව ආක්‍රමණය කොට හුටු රෙජීමයේ පාලකයන් මිලිටරි හා දේශපාලන වශයෙන් පරාජය කළ පසුව, මේ ජනඝාතකයෝ නැගෙනහිර කොංගෝව වෙත පලාගියහ. එවකට කොංගෝව පාලනය කළ ආඥාදායකයා වූ ටොබුටුව සෙසේ සෙකෝ, රුවන්ඩාවෙන් පැන ආ හුටු ජාතික මැරයන්ට ආරක්ෂාව සැපයුවා පමණක් නොව නැවත නැඟීසිටිනු පිණිස ආයුද සහ යුද පුහුණුවද නොමඳව ලබා දුන්නේය. 1995 වන විට කොංගෝවේ වැසි වනාන්තර තුළ ගරිල්ලා කඳවුරු ගොඩ නඟගාත් මොවුහු, රුවන්ඩා රජයේ භටයන්ට වරින් වර මිලිටරි ප්‍රහාර එල්ල කළහ. එන පොට හොඳ නැති බැව් වටහාගත් රුවන්ඩා ජනපති පෝල් කැගාමේ, 1996 හා 1997 කාල වකවානුවේදී තම රටට වඩා විසි හත් ගුණයකින් විශාල කොංගෝව ආක්‍රමණය කොට එරට පාලකයා වූ මොබුටු සෙසේ සෙකෝ බලයෙන් පහකර දැමීය. කොංගෝවේ වැසි වනාන්තර මැදින් කිලෝමීටර් 1600ක් පමණ පයින්ම ගමන් කළ කැගාමේගේ පාබල හමුදාව, හුටු ගරිල්ලන් ලක්ෂ 2ක් පමණ සහමුලින්ම විනාශ කර දැමීය. එතැනින් නොනැවතුණු ඔහු, තමන්ට හිතවත් කොංගෝ ජාතිකයෙක වූ ලෝරන්ට් කබිලා එරට ජනපති පුටුවෙහි ඉන්දවීය. බලයට පත්වුණු මුල් කාලයේ රුවන්ඩාවේ හුටු පාලනයට පක්ෂපාතීත්වයක් දැක්වූ කබිලා, පසු කලෙක කොංගෝවේ ඉතිරි වූ හුටු සුළුතරයට මිලිටරි ආධාර දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉන් කෝපයට පත් පෝල් කැගාමේ 1998 දී දෙවන වරටත් කොංගෝව ආක්‍රමණය කළ නමුත්, ඇන්ගෝලාව හා සිම්බාබ්වේ මැදිහත් වී කබිලා රෙජීමය බේරාගත්තේය. එහෙත් 2001 ජනවාරි 16 දින තමන්ගේම පුද්ගලික ආරක්ෂයෙකු අතින් කබිලා ඝාතනයට ලක්විය. එතැන් පටන් 2009 දක්වාම රුවන්ඩානු බුද්ධි අංශ වක්‍ර අන්දමින් කොංගෝව පාලනය කළ අතර එරට ඛනිජ සම්පත්ද යහමින් සූරා කනු ලැබීය. කෙසේ වෙතත් හුටු ඝාතකයන්ට යළි සංවිධානය වීමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම වලක්වාලීමට කැගාමේ සමත් වූයේ හමුදා විනයෙන් හා උපායශීලිත්වයෙන් අගතැන්පත් තම සොල්දාදුවන්ගේ සහායෙනි. සහජීවනය 1994 ජන සංහාරය හේතුවෙන් විදෙස් රටවලට පැනගිය මිලියන 2 ක් වූ රුවන්ඩානුවන්ගෙන් මිලියන 1.7ක්ම නැවත සිය මාතෘභූමිය වෙත පැමිණ සිටින්නේ, යළි ගෝත්රවාදයට හිස එසැවීමට ඉඩක් පෝල් කැගාමේ අතින් නොලැබෙන වග ඔවුන් දැඩි විශ්වාස කර හෙයිනි. ඉදිකිරීම් ව්‍යාපාරිකයකු වූ 55 හැවිරිදි මෝසස් හිමියමානා 1954 දී ලන්ඩන් නුවරට පලා ගිය නමුත් 2011 දී යළි රුවන්ඩාවට පැමිණියේ රටේ තරුණ පරපුරට තම ව්‍යාපාර ක්ෂේත්රය ඔස්සේ නව රැකියා අවස්ථා විවර කර දීමේ අපේක්ෂාවෙනි. ජේන් ටුරින්ගිරේ ඇමරිකාවේ සිට පැමිණ කිගාලි නගරය තුළ සුපිරි වෙළෙඳසැල් දෙකක් ආරම්භ කළාය. යන්තමින් හෝ ගෝත්‍රිකවාදි අදහස් ප්‍රකාශ කිරීමට යමෙකු කටයුතු කළහොත් ඔහුට/ඇයට ලැබෙනුයේ බරපතළ දඬුවම්ය. මිලියන 1.3ක් දින 100ක් තුළ ඝාතනයට ලක්වුණු රටක, ගෝත්රවාදය අවුළුවන්නට තමාගෙන් කිසිම බුරුලක් නොලැබෙන වග ජනපති කැගාමේ අවධාරණය කරයි. දේශපාලන වශයෙන් ස්ත්‍රීන් බලාත්මක කිරීම මඟින් පටු ගෝත්රවාදී හා ජාතිකවාදී මතවාද පරාජය කළ හැකි බැව් පෝල් කැගාමේ දැඩිව විශ්වාස කළේය. කියූ දේ කරන්නෙකු වග පෙන්වූ හෙතෙම රුවන්ඩා ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය 64% දක්වා ඉහළ නැංවීමට කටයුතු යෙදීය. අදටත් අප්‍රිකානු කලාපයට අයත් බහුතරයක් රටවල කාන්තාවන්ට දේපල, ඉඩකඩම් තමන්ගේ නමට ලියාගැනීමේ හෝ මව්පියන්ගෙන් ලැබෙන වස්තුවට උරුමකම් කීමේ අයිතිය නීතියෙන් අවහිර කොට තිබේ. කැගාමේ බලයට පැමිණි වහාම, නීති අණපනත් සංශෝධනය කොට ඉඩම් අත්පත් කරගැනීමේ හා ව්‍යාපාරවල නිරත වීමේ අයිතිය රුවන්ඩානු ස්ත්රීන්ට තිළිණ කළේය. 2014දී, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමරිකානු ඒජන්සියේ (USAID) මූල්‍ය ආධාර සහිතව රුවන්ඩානු තරුණ තරුණියන් 20,000ක් වෘත්තීය පුහුණුවට යොමුකොට, දිනෙන් දින පුළුල් වන ගොඩනැගිලි හා මහාමාර්ග ක්ෂේත්රයේ ඵලදායී රැකියා 2016 දී ඔවුන්ට ලබාදීමට රුවන්ඩානු අධ්‍යාපන අමාත්‍යාංශය සමත් විය. 2015 වන විට සෘජු විදෙස් ආයෝජන 78.1%කින් වැඩි වූ අතර කොරියානු ව්‍යාපාරයක් වන ORN, රුවන්ඩාවට 4G අන්තර්ජාල සබඳතා පිරිනැමීම පිණිස ඇමරිකන් ඩොලර් මිලියන 453.4ක් ආරම්භ විය. මෙමඟින් උත්පාදනය වූ රැකියා අවස්ථා ගණන 55,141කි. රාජ්‍ය අංශයට ආවේණික අලසකම, නිලධාරීවාදය, දූෂණය, අල්ලස් හා වංචාව සම්පූර්ණයෙන්ම පාහේ රුවන්ඩාවෙන් අතුගා දැමීමට ජනපති පෝල් කැගාමේ සමත් වූයේ එවැනි දේට සම්බන්ධ වූ සියලු දෙනා ක්ෂණිකව හිරේ විලංගුවේ දැමීමට ඔහු ක්‍රියා කළ හෙයිනි. කැගාමේ ආඥාදායකයකු ලෙස හඳුන්වන්නට සමහරු පෙළැඹී තිබෙන්නේ හෙතෙම දූෂිතයන්ට හා කම්මැලියන්ට කිසිදු බුරුලක් නොදක්වන පුද්ගලයෙකු නිසාය. ලෝක බැංකුවේ ‘ව්‍යාපාර කිරීමේ පහසුව හා අදාළ රටවල 2016 ලැයිස්තුවෙහි’ රටවල් 190කින් 62වැනි ස්ථානයට පැමිණීමට රුවන්ඩාවට හැකි වූයේ කැගාමේ රෙජීමය විසින් සිදුකළ ඥානාන්විත ප්‍රතිසංස්කරණවල පිහිටෙනි. මෙහි ශ්‍රී ලංකාව පසුවන්නේ 110 වැනි ස්ථානයේය. අනාගත අභියෝග ලෝක බැංකු දත්තවලට අනුව වත්මනෙහි රුවන්ඩා ජනගහනයෙන් 30%ක් දුගී බවේ රේඛාවේ පහළින් වෙසෙන අතර 9%ක් අන්ත දුගී බවෙන් පීඩා විඳියි. ව්‍යාපාර ක්ෂේත්රයෙන් රජය ඉවත් වී පෞද්ගලික අංශය ආර්ථිකයේ එන්ජිම බවට පත් කළ විට රුවන්ඩාවෙන් දුප්පත්කම අතුගා දැමිය හැකි යැයි පෝල් කැගාමේ අවධාරණය කරයි. පැය 24ක් ඇතුළත, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව දේශීය හා විදේශීය ව්‍යවසායකයන්ට කැගාමේ රජය තිළිණ කොට ඇත්තේ මේ නිසාය. නැඟීඑන සංචාරක ව්‍යාපාරය තුළ ට්වා, හුටු සහ ටුට්සි ජාතිකයන් එකට එක්ව රැකියා කළ යුතු යැයි ආණ්ඩුව නියම කොට ඇත්තේ එමඟින් ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ අභිලාෂයෙනි. ආණ්ඩුව විසින් මනා යටිතල පහසුකම් සහිතව ස්ථාපිත කරන ලද සංහිඳියා ගම්මානවල 1994 දී එකිනෙකා මරාගත් හුටු හා ටුට්සි ප්‍රජාව වත්මනෙහි වෛරයෙන් තොරව සාමකාමීව වාසය කරති. සමහර බටහිර මානව හිමිකම් සංවිධාන, රුවන්ඩා ජනපති පෝල් කැගාමේ මිලිටරි ඒකාධිපතියෙකු ලෙස හඳුන්වන නමුත් මට නම් ඔහු පෙනෙන්නේ ගෝත්රවාදයේ රුධිරයෙන් නැහැවුණු හා අනාථ වූ දේශයකට, සාමයේ හා සමෘද්ධියේ නව මාවතක් විවර කර දුන් සැබෑ මිනිසෙකු ලෙසිනි[/SIZE] [RIGHT][SIZE="4"]ප්‍රභාස්වර[/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom