Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුවන්වැලි මහා සෑයේ මහා ධාතු බලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන්වැලි මහා සෑයේ මහා ධාතු බලය

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙන ගොස් ස්ථූපවල නිධන් කරවා වන්දනාමාන කරන ලදී. රාමග්‍රාම නම් ග්‍රාමයේ නිධන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිණි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු මහ රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින මහා සංඝරත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝනුත්තර නම් වූ ආධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය. ඔහු තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුළු වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබුණු සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙබුදු පිළිරුවක් හටගෙන සියලු ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුළ නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමණ සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල් වේවා" එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග "ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා, ගිතෙල්වලින් දල්වන ලද පහන් නොනිමේවා" සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍රණ කරන ලද පස් වියළී නොයේවා "ධාතු ගර්භයේ එකඳු සීරීමක්වත් නොවේවා" "පූජා කළ රත්රන් භාණ්ඩවල මළ නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය. ඔවුන් අතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුළත් රන් ආදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිධන් කෙරිණි.

මේ වැටී ඇති උගුලෙන් සාමූහිකව ගොඩ ඒමත්, තම ජීවන ගැටළු විස¹ ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය තිසරණයෙන් ලබා ගැනීමත් පිළිබඳව පූජ්‍ය පාද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ, මේ ලිපි පෙළෙන් ජාතියට අනුශාසනා කොට වදාළ සේක. මහාවංශයේ ඇති අපේ පදනම මත සිටගෙන, ජාතියක් ලෙස ඉතිහාසයක් පුරා අප නැඟී සිටි අන්දම පෙන්වා දෙමින් ඉතිහාසයේ ශක්තිය ජාතියට මතක් කරදීමේ වුවමනාවක් ද උන්වහන්සේට විය. අනුරාධපුරයෙන් නැඟී සිටිනා රුවන්වැලි මහා සෑය ජාතියේ මහා ගැලවුම බව ගියවර සාකච්ඡාවේදී ඤාණානන්ද හිමියෝ පෙන්වා දුන්හ. ජාතියක් ලෙස සහ පුද්ගලිකව තමන් කරා සෞභාග්‍යය කැඳවා ගැනීම සඳහා රුවන්වැලි මහා සෑය වැඳ නමස්කාර කරනා අයුරු මෙවර කතිකාවතෙන් උන්වහන්සේ ජාතියට පෙන්වා දෙති.

අපේ හාමුදුරුවනේ... එදිනෙදා ජීවිතය, ගැටලු කම්කටොළු පිරුණු තැනක්... මේ ගැටලු සහනය ලබා ගැනීමට රුවන්වැලි මහා සෑය අපේ ජාතියට මහා වස්තුවක් බව ඔබ වහන්සේ දේශනා කළා. රුවන්වැලි සෑයෙන් මේ පිහිට අපි ලබා ගන්නේ කොහොමද...?

මුලින්ම අපි හදන්න ඕනේ තිසරණය සරණ ගිය සමාජයක්. පුද්ගලයාගේ දියුණුවට පළමුවෙන්ම තිබිය යුත්තේ තිසරණය සරණ යැමයි. මාර්ගඵල ලාභී දෙවිවරු අද මනුෂ්‍ය සමාජයෙන් ඈත්වෙලා ගිහින්. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න නම්, මාර්ග ඵලලාභී මඟේ යන, ඒ ගතිගුණ අනුව කටයුතු කරන මනුෂ්‍ය සමාජයක් තිබිය යුතුයි. කිසි කෙනෙකුට සෙලවිය නොහැකි ලෙස බුදු රජුන් කෙරෙහි තිබෙන චිත්ත ප්‍රසාදය, ධර්මය කෙරෙහි ඇති නොසැලෙන ප්‍රසාදය, සංඝයා කෙරෙහි ඇති නොසැලෙන ප්‍රසාදය සහ පන්සිල් සුරැකීම යන සෝතාපත්ති අංග යම් කෙනෙක්, සෝතාපත්ති නොවී, නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම්, ඔහුගේ ක්‍රියාකාරිත්වය මේ ලෝකයට දැනෙනවා. දිව්‍ය ලෝකයටත් දැනෙනවා. අනිත් ලෝකවලටත් දැනෙනවා. ඒක ස්වාභාවික දෙයක්. රජු අධාර්මික වුණොත්, දෙවිවරු පවා අධාර්මික වෙනවා. පරිසරය, ගහ කොළ සතා සිවුපාවා පවා අධාර්මික වෙනවා. පොළවේ සශ්‍රීකත්වය නැතිවෙනවා, කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නායකයකුගේ අධාර්මික හෝ ධාර්මික බව ඒ නායකයා යටතේ සිටින සියල්ලටම බලපානවා. මේ වගේ තමයි පවුල. පවුලේ අම්මගේ තාත්තාගේ ධාර්මික බව තමයි පවුලට සෞභාග්‍යය උදා කරන්නේ. ඒ තමයි ආරම්භය. දියුණුව පටන් ගන්නේ එතැනින්. සසර ස්වභාවය පිළිබඳව විශාල දැනුවත්කමක් මේ අනුස්මෘතියෙන් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රශ්න ගැටලු ඉදිරියේ හැසිරීම සඳහා ඒ ගැටලු ලිහීම සඳහා විශාල දැනුමක් ලැබෙනවා. සසර ස්වභාවය දන්නේ නැති නිසා තමයි, සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්න ඉදිරියේ කඩාගෙන වැටෙන්නේ.

මේ දැනුවත්භාවය සමඟ තමයි අපි රුවන්වැලි සෑයේ පිහිට ලබා ගන්න ඕනේ.

මම හොඳ කතාවක් කියන්නම්. මම දවසක් උඩරට පළාතේ තැනකට ගියා. එතැන එකපාරටම දරුවෙක් වඩා ගත්ත අම්මා කෙනෙක් ආවා. ඇවිල්ලා - "ස්වාමිනී... ත්‍රිවිධ රත්නය සත්යමයි... ත්‍රිවිධ රත්නය සත්යමයි..." කියලා මට කියාගෙන ගියා.

- "අම්මා මේ මොනවද කියන්නේ..." කියලා මම ඇහැව්වා.

- "හාමුදුරුවනේ, මගේ ස්වාමියා මාව දාලා ගියා. මට කරගන්න දෙයක් තිබ්බේ නැහැ. මම ඔබ වහන්සේට ඇවිල්ලා මේ ප්රශ්නය කිව්වා... එතකොට ඔබ වහන්සේ මට කිව්වා -අම්මගේ දුක රුවන්වැලි සෑයට ගිහිල්ලා කියන්න කියලා. මම ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට මගේ දුක කිව්වා". මම ඒ අම්මට කියපු දේ එතකොට මට මතක්වුණා.

ගහෙන් අතට කඩපු පොල් ගෙඩියක් අරගෙන ගිහිල්ලා, චෛත්‍යය වන්දනා කරන්න ඕනේ. මහ සෑයේ සතර මල් ආසනවලටම මල් පූජා කරලා පන්සිල් අරගෙන, සෑය වටේ තුන් වටයක්වත් තුන් සූත්‍රය කියලා පැදකුණු කරන්න ඕනේ. ඊට පස්සේ අටානාටිය පිරිත ඇතුළු පිරිත් කියලා, තමන්ගේ ප්රශ්නය කියලා එයට විසඳුමක්, සහනයක් ඉල්ලලා අර පොල්ගෙඩිය මහා සෑ වහන්සේට පූජා කරලා තමන්ගේ ජීවිතය මහා සෑයට පූජා කරන්න ඕනේ, කියලා.

මේක ස්වේදගොන් බෞද්ධ විහාරයට බුරුමයේ බෞද්ධයෝ කරනවා මම දැකලා තියෙනවා.

ඒ ටික කරලා, ඒ අම්මා ගෙදර ආවාට පස්සේ ආරංචි වෙලා තියෙනවා, සැමියාට පෙරේත බන්ධනයක් කරලා තියෙනවා කියලා. මට පිහිටට තියෙන්නේ, මගේ තිසරණයම තමයි කියලා මේ අම්මා කල්පනා කරලා ආයිත් රුවන්වැලි මහා සෑයටම ගිහිල්ලා අර විදිහටම කියලා තියෙනවා. අටානාටිය එහෙම කියලා, ඒ අම්මා ගෙදර එනකොට, ස්වාමියා ගෙදර ඇවිල්ලා ඉන්නවා... මහා සෑය වන්දනා කිරීමෙන් ඒ බන්ධනය කැපුණා. ඒ කියන්නේ මහා සෑය මොනතරම් ශේ්රෂ්ඨ වස්තුවක්ද...? ඒ වස්තුව ළඟ තියාගෙන ඇයි අපි එහේ මෙහේ දුවන්නේ..."

එතැන තමයි සම්බුදු බලය පිහිටා තියෙන්නේ. ෙද්‍රdaaණයක් පමණ ශාරීරික සම්බුද්ධ ධාතුන් වහන්සේලා එතැන තමයි වැඩ ඉන්නේ. දස දහසක් සක්වල වලින් නිතර නිතර දෙවියන් බඹුqන්, මාර්ග ඵලලාභීන් ස්වර්ණමාලි මහා සෑය වන්දනා කරන්න තාමත් එනවා. මේ පෘථිවිය මත තිබෙන පූජනීයම ස්ථානය එයයි. තිසරණය අවංකව අදහාගෙන මෙතැනට ගිහිල්ලා, කවුරු හරි යමක් කියනවානම්, මෙයා අවංක ද කියලා දෙවියෝ බලනවා. ඒ දේව බැල්මකින් බන්ධන, කොඩිවිණ කැපෙනවා. තමන්ගේ ජීවිතයේ ගැටලුවලට සහන ලැබෙනවා. ශාන්තිය උදාවෙනවා.

ඔබ වහන්සේ දේශනා කරන මේ මහා බලයෙන් මේ ජාතිය එහෙම ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැත්තේ ඇයි කියන ප්රශ්නය මතුවෙනවා. තමන්ගේ ජීවිතයේ ශාන්තිය සඳහා රුවන්වැලි මහා සෑය මේ ජාතිය පිහිටක් කර නොගන්නේ ඇයි...?

ඒක තමයි ප්රශ්නය. ඔය එක එක දේවල් පස්සේ දුවන්නේ නැතුව, තිසරණය මත පිහිටා රුවන්වැලි සෑය වැඳීමෙන් මේ ජාතියට දියුණු වෙන්න පුළුවන්. මේ ජාතිය වෙන දෙයක් නොකර රුවන්වැලි මහා සෑය වැඳ වැඳ හිටියොත් ඒකම ඇති මේ ජාතියට නැඟීසිටින්න කියලා, මම කියන්නේ ඒ ප්‍රබලභාවය දන්න නිසා.

ආර්ය සහ පෘථග්ජන බේදය මිනිස්සු දන්නේ නැහැ. ආර්ය දෙවිවරු තමයි රුවන්වැලි සෑ බිමට වඩින්නේ. අනික් දෙවිවරු යම් ඉහළක සිට දේවල් දකිනවා ඇති. ඒත් ආර්ය දෙවිවරුන්ගේ ආශීර්වාදය තමයි බලවත්. ඒ බලවත් දේවාශිර්වාදය අපට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් රුවන්වැලි මහා සෑයෙන් තමයි. හැබැයි ඒ පිහිට ලබා ගන්න එයා යන්න ඕනේ කඩෙන් බඩු ගන්නවා වගේ නෙමෙයි. එයාට තිසරණ පන්සිල් සහිත ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ සමඟ එයාට පෙර ආත්මයේ පුණ්‍ය ශක්තිය තිබුණොත් වහා ප්‍රතිපල ලැබෙනවා. කර්ම විපාක හැටියට යමක් තිබෙනවා නම්, එය විඳින්න ඕනේ. ඒකට තිබෙන සහනය තමයි ඉවසීම.

ගිහියන් අතින් පන්සිල් බිඳෙන එක වෙන්න පුළුවන් දෙයක්. තිසරණය පිළිබඳ සැක සංකා නැති, ඒ මතම පිහිටලා ඉන්න ගිහියන් මෙසේ පන්සිල් බිඳීම නිසා අසරණභාවයට පත්වෙනවා. ඒ පිරිස සඳහාත් ඔබ වහන්සේගේ අනුශාසනාව මේ මොහොතේ වැදගත් වෙනවා. එවැනි අයෙකුට මහා සෑයේ පිහිට ලබා ගන්න හැකිවෙන්නේ කොහොමද...?

පන්සිල් රැකීම තිබෙන්නේ සතිය මත. සතිය මත පිහිටා, තමන්ගේ ජීවිතය ගෙන යන කෙනාට පන්සිල් රැකීම පහසු දෙයක්. පංචශීලය කැඩුණොත් ඒක සමාදන් වෙන්න පුළුවන්. නමුත් තිසරණය නැත්නම් ඒ කිසිදෙයකින් වැඩක් නැහැ. බුද්ධ ශාසනයේ තිබෙන බරපතළම දේ පන්සිල් බිඳීම නෙමෙයි, තිසරණය බිඳීම. තිසරණයෙ පිහිටපු ශ්‍රාවකයෙක් හැදීම තමයි අපේ තේමා පාඨය වෙන්න ඕනේ. තිසරණයේ පිහිටපු ශ්රාවකයා අතින් පන්සිල් කැඩුණොත් එයා දුසිල්වත් ශ්‍රාවකයෙක්. තම වැරැද්ද අවබෝධ කරගෙන එයා පන්සිල් හි නැවත පිහිටිය විට සිල්වත් ශ්‍රාවකයෙක්. තිසරණයේ පිහිටපු නැති පන්සිල් රකින කෙනා බාහිර පක්ෂයේ පෘථග්ජනයෙක්. බාහිර පක්ෂයේ පෘථග්ජනයන් තමයි අද බෞද්ධ වේශයෙන් ඉන්නේ.

[QUOTE="Glonass16, post: 21140292, member: 559002"] [b]රුවන්වැලි මහා සෑයේ මහා ධාතු බලය[/b] [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/80/Ruwanwelisaya_Stupa_at_night.jpg/300px-Ruwanwelisaya_Stupa_at_night.jpg[/IMG][/CENTER] [SIZE="3"]සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙන ගොස් ස්ථූපවල නිධන් කරවා වන්දනාමාන කරන ලදී. රාමග්‍රාම නම් ග්‍රාමයේ නිධන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිණි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු මහ රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින මහා සංඝරත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝනුත්තර නම් වූ ආධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය. ඔහු තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුළු වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබුණු සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙබුදු පිළිරුවක් හටගෙන සියලු ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුළ නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමණ සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී. "ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල් වේවා" එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග "ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා, ගිතෙල්වලින් දල්වන ලද පහන් නොනිමේවා" සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍රණ කරන ලද පස් වියළී නොයේවා "ධාතු ගර්භයේ එකඳු සීරීමක්වත් නොවේවා" "පූජා කළ රත්රන් භාණ්ඩවල මළ නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය. ඔවුන් අතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුළත් රන් ආදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිධන් කෙරිණි. මේ වැටී ඇති උගුලෙන් සාමූහිකව ගොඩ ඒමත්, තම ජීවන ගැටළු විස¹ ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය තිසරණයෙන් ලබා ගැනීමත් පිළිබඳව පූජ්‍ය පාද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ, මේ ලිපි පෙළෙන් ජාතියට අනුශාසනා කොට වදාළ සේක. මහාවංශයේ ඇති අපේ පදනම මත සිටගෙන, ජාතියක් ලෙස ඉතිහාසයක් පුරා අප නැඟී සිටි අන්දම පෙන්වා දෙමින් ඉතිහාසයේ ශක්තිය ජාතියට මතක් කරදීමේ වුවමනාවක් ද උන්වහන්සේට විය. අනුරාධපුරයෙන් නැඟී සිටිනා රුවන්වැලි මහා සෑය ජාතියේ මහා ගැලවුම බව ගියවර සාකච්ඡාවේදී ඤාණානන්ද හිමියෝ පෙන්වා දුන්හ. ජාතියක් ලෙස සහ පුද්ගලිකව තමන් කරා සෞභාග්‍යය කැඳවා ගැනීම සඳහා රුවන්වැලි මහා සෑය වැඳ නමස්කාර කරනා අයුරු මෙවර කතිකාවතෙන් උන්වහන්සේ ජාතියට පෙන්වා දෙති. අපේ හාමුදුරුවනේ... එදිනෙදා ජීවිතය, ගැටලු කම්කටොළු පිරුණු තැනක්... මේ ගැටලු සහනය ලබා ගැනීමට රුවන්වැලි මහා සෑය අපේ ජාතියට මහා වස්තුවක් බව ඔබ වහන්සේ දේශනා කළා. රුවන්වැලි සෑයෙන් මේ පිහිට අපි ලබා ගන්නේ කොහොමද...? මුලින්ම අපි හදන්න ඕනේ තිසරණය සරණ ගිය සමාජයක්. පුද්ගලයාගේ දියුණුවට පළමුවෙන්ම තිබිය යුත්තේ තිසරණය සරණ යැමයි. මාර්ගඵල ලාභී දෙවිවරු අද මනුෂ්‍ය සමාජයෙන් ඈත්වෙලා ගිහින්. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න නම්, මාර්ග ඵලලාභී මඟේ යන, ඒ ගතිගුණ අනුව කටයුතු කරන මනුෂ්‍ය සමාජයක් තිබිය යුතුයි. කිසි කෙනෙකුට සෙලවිය නොහැකි ලෙස බුදු රජුන් කෙරෙහි තිබෙන චිත්ත ප්‍රසාදය, ධර්මය කෙරෙහි ඇති නොසැලෙන ප්‍රසාදය, සංඝයා කෙරෙහි ඇති නොසැලෙන ප්‍රසාදය සහ පන්සිල් සුරැකීම යන සෝතාපත්ති අංග යම් කෙනෙක්, සෝතාපත්ති නොවී, නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම්, ඔහුගේ ක්‍රියාකාරිත්වය මේ ලෝකයට දැනෙනවා. දිව්‍ය ලෝකයටත් දැනෙනවා. අනිත් ලෝකවලටත් දැනෙනවා. ඒක ස්වාභාවික දෙයක්. රජු අධාර්මික වුණොත්, දෙවිවරු පවා අධාර්මික වෙනවා. පරිසරය, ගහ කොළ සතා සිවුපාවා පවා අධාර්මික වෙනවා. පොළවේ සශ්‍රීකත්වය නැතිවෙනවා, කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නායකයකුගේ අධාර්මික හෝ ධාර්මික බව ඒ නායකයා යටතේ සිටින සියල්ලටම බලපානවා. මේ වගේ තමයි පවුල. පවුලේ අම්මගේ තාත්තාගේ ධාර්මික බව තමයි පවුලට සෞභාග්‍යය උදා කරන්නේ. ඒ තමයි ආරම්භය. දියුණුව පටන් ගන්නේ එතැනින්. සසර ස්වභාවය පිළිබඳව විශාල දැනුවත්කමක් මේ අනුස්මෘතියෙන් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රශ්න ගැටලු ඉදිරියේ හැසිරීම සඳහා ඒ ගැටලු ලිහීම සඳහා විශාල දැනුමක් ලැබෙනවා. සසර ස්වභාවය දන්නේ නැති නිසා තමයි, සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්න ඉදිරියේ කඩාගෙන වැටෙන්නේ. මේ දැනුවත්භාවය සමඟ තමයි අපි රුවන්වැලි සෑයේ පිහිට ලබා ගන්න ඕනේ. මම හොඳ කතාවක් කියන්නම්. මම දවසක් උඩරට පළාතේ තැනකට ගියා. එතැන එකපාරටම දරුවෙක් වඩා ගත්ත අම්මා කෙනෙක් ආවා. ඇවිල්ලා - "ස්වාමිනී... ත්‍රිවිධ රත්නය සත්යමයි... ත්‍රිවිධ රත්නය සත්යමයි..." කියලා මට කියාගෙන ගියා. - "අම්මා මේ මොනවද කියන්නේ..." කියලා මම ඇහැව්වා. - "හාමුදුරුවනේ, මගේ ස්වාමියා මාව දාලා ගියා. මට කරගන්න දෙයක් තිබ්බේ නැහැ. මම ඔබ වහන්සේට ඇවිල්ලා මේ ප්රශ්නය කිව්වා... එතකොට ඔබ වහන්සේ මට කිව්වා -අම්මගේ දුක රුවන්වැලි සෑයට ගිහිල්ලා කියන්න කියලා. මම ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට මගේ දුක කිව්වා". මම ඒ අම්මට කියපු දේ එතකොට මට මතක්වුණා. ගහෙන් අතට කඩපු පොල් ගෙඩියක් අරගෙන ගිහිල්ලා, චෛත්‍යය වන්දනා කරන්න ඕනේ. මහ සෑයේ සතර මල් ආසනවලටම මල් පූජා කරලා පන්සිල් අරගෙන, සෑය වටේ තුන් වටයක්වත් තුන් සූත්‍රය කියලා පැදකුණු කරන්න ඕනේ. ඊට පස්සේ අටානාටිය පිරිත ඇතුළු පිරිත් කියලා, තමන්ගේ ප්රශ්නය කියලා එයට විසඳුමක්, සහනයක් ඉල්ලලා අර පොල්ගෙඩිය මහා සෑ වහන්සේට පූජා කරලා තමන්ගේ ජීවිතය මහා සෑයට පූජා කරන්න ඕනේ, කියලා. මේක ස්වේදගොන් බෞද්ධ විහාරයට බුරුමයේ බෞද්ධයෝ කරනවා මම දැකලා තියෙනවා. ඒ ටික කරලා, ඒ අම්මා ගෙදර ආවාට පස්සේ ආරංචි වෙලා තියෙනවා, සැමියාට පෙරේත බන්ධනයක් කරලා තියෙනවා කියලා. මට පිහිටට තියෙන්නේ, මගේ තිසරණයම තමයි කියලා මේ අම්මා කල්පනා කරලා ආයිත් රුවන්වැලි මහා සෑයටම ගිහිල්ලා අර විදිහටම කියලා තියෙනවා. අටානාටිය එහෙම කියලා, ඒ අම්මා ගෙදර එනකොට, ස්වාමියා ගෙදර ඇවිල්ලා ඉන්නවා... මහා සෑය වන්දනා කිරීමෙන් ඒ බන්ධනය කැපුණා. ඒ කියන්නේ මහා සෑය මොනතරම් ශේ්රෂ්ඨ වස්තුවක්ද...? ඒ වස්තුව ළඟ තියාගෙන ඇයි අපි එහේ මෙහේ දුවන්නේ..." එතැන තමයි සම්බුදු බලය පිහිටා තියෙන්නේ. ෙද්‍රdaaණයක් පමණ ශාරීරික සම්බුද්ධ ධාතුන් වහන්සේලා එතැන තමයි වැඩ ඉන්නේ. දස දහසක් සක්වල වලින් නිතර නිතර දෙවියන් බඹුqන්, මාර්ග ඵලලාභීන් ස්වර්ණමාලි මහා සෑය වන්දනා කරන්න තාමත් එනවා. මේ පෘථිවිය මත තිබෙන පූජනීයම ස්ථානය එයයි. තිසරණය අවංකව අදහාගෙන මෙතැනට ගිහිල්ලා, කවුරු හරි යමක් කියනවානම්, මෙයා අවංක ද කියලා දෙවියෝ බලනවා. ඒ දේව බැල්මකින් බන්ධන, කොඩිවිණ කැපෙනවා. තමන්ගේ ජීවිතයේ ගැටලුවලට සහන ලැබෙනවා. ශාන්තිය උදාවෙනවා. ඔබ වහන්සේ දේශනා කරන මේ මහා බලයෙන් මේ ජාතිය එහෙම ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැත්තේ ඇයි කියන ප්රශ්නය මතුවෙනවා. තමන්ගේ ජීවිතයේ ශාන්තිය සඳහා රුවන්වැලි මහා සෑය මේ ජාතිය පිහිටක් කර නොගන්නේ ඇයි...? ඒක තමයි ප්රශ්නය. ඔය එක එක දේවල් පස්සේ දුවන්නේ නැතුව, තිසරණය මත පිහිටා රුවන්වැලි සෑය වැඳීමෙන් මේ ජාතියට දියුණු වෙන්න පුළුවන්. මේ ජාතිය වෙන දෙයක් නොකර රුවන්වැලි මහා සෑය වැඳ වැඳ හිටියොත් ඒකම ඇති මේ ජාතියට නැඟීසිටින්න කියලා, මම කියන්නේ ඒ ප්‍රබලභාවය දන්න නිසා. ආර්ය සහ පෘථග්ජන බේදය මිනිස්සු දන්නේ නැහැ. ආර්ය දෙවිවරු තමයි රුවන්වැලි සෑ බිමට වඩින්නේ. අනික් දෙවිවරු යම් ඉහළක සිට දේවල් දකිනවා ඇති. ඒත් ආර්ය දෙවිවරුන්ගේ ආශීර්වාදය තමයි බලවත්. ඒ බලවත් දේවාශිර්වාදය අපට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් රුවන්වැලි මහා සෑයෙන් තමයි. හැබැයි ඒ පිහිට ලබා ගන්න එයා යන්න ඕනේ කඩෙන් බඩු ගන්නවා වගේ නෙමෙයි. එයාට තිසරණ පන්සිල් සහිත ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ සමඟ එයාට පෙර ආත්මයේ පුණ්‍ය ශක්තිය තිබුණොත් වහා ප්‍රතිපල ලැබෙනවා. කර්ම විපාක හැටියට යමක් තිබෙනවා නම්, එය විඳින්න ඕනේ. ඒකට තිබෙන සහනය තමයි ඉවසීම. ගිහියන් අතින් පන්සිල් බිඳෙන එක වෙන්න පුළුවන් දෙයක්. තිසරණය පිළිබඳ සැක සංකා නැති, ඒ මතම පිහිටලා ඉන්න ගිහියන් මෙසේ පන්සිල් බිඳීම නිසා අසරණභාවයට පත්වෙනවා. ඒ පිරිස සඳහාත් ඔබ වහන්සේගේ අනුශාසනාව මේ මොහොතේ වැදගත් වෙනවා. එවැනි අයෙකුට මහා සෑයේ පිහිට ලබා ගන්න හැකිවෙන්නේ කොහොමද...? පන්සිල් රැකීම තිබෙන්නේ සතිය මත. සතිය මත පිහිටා, තමන්ගේ ජීවිතය ගෙන යන කෙනාට පන්සිල් රැකීම පහසු දෙයක්. පංචශීලය කැඩුණොත් ඒක සමාදන් වෙන්න පුළුවන්. නමුත් තිසරණය නැත්නම් ඒ කිසිදෙයකින් වැඩක් නැහැ. බුද්ධ ශාසනයේ තිබෙන බරපතළම දේ පන්සිල් බිඳීම නෙමෙයි, තිසරණය බිඳීම. තිසරණයෙ පිහිටපු ශ්‍රාවකයෙක් හැදීම තමයි අපේ තේමා පාඨය වෙන්න ඕනේ. තිසරණයේ පිහිටපු ශ්රාවකයා අතින් පන්සිල් කැඩුණොත් එයා දුසිල්වත් ශ්‍රාවකයෙක්. තම වැරැද්ද අවබෝධ කරගෙන එයා පන්සිල් හි නැවත පිහිටිය විට සිල්වත් ශ්‍රාවකයෙක්. තිසරණයේ පිහිටපු නැති පන්සිල් රකින කෙනා බාහිර පක්ෂයේ පෘථග්ජනයෙක්. බාහිර පක්ෂයේ පෘථග්ජනයන් තමයි අද බෞද්ධ වේශයෙන් ඉන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom