Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුවන්වැලි සෑයේ සැඟවුණු රසවත් තොරතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන්වැලි සෑයේ සැඟවුණු රසවත් තොරතුරු

රජරට අහසේ සුදට සුදේ බබළමින් උසට දිස්වන රුවන්වැලි සෑය අප රටේ බොදු සැදැහැවතුන්ගේ වැඩිම වන්දනාවට පාත්‍ර වන දාගැබ බව කියන්නත් දෙයක් නොවෙයි. අනුරාධපුර පූජා නගරයේ ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, බසවක්කුලම වැව යනාදියට මැදිව ශ්‍රී මහා බෝධියට නුදුරින් පිහිටි මේ දාගැබ අටමස්ථානයන්ගෙන් ද එකක්. රුවන්වැලි සෑය “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වෙනවා.

ස්වර්ණමාලි දෙව්දුව

දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබුණා. එය කපා දැමීමට සිදු වුණ බවත්, එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙනවා.

දේවානම්පියතිස්ස රජ දවස මෙරටට වැඩම වූ මහින්ද හිමියන් විසින් බුදුරදුන් උදෙසා මහා චෛත්‍යය ඉදිකළ යුතු ස්ථානය වශයෙන් මේ ස්ථානය නම් කළ බව මහාවංශයේ සඳහන්. රුවන්වැලිසෑය කරවූයේ දුට්ඨගාමිණී මහරජතුමා (ක්‍රි.පූ. 161- 131) විසින් බව අපේ පොඩි දරුවන් පවා දන්නා තරමට එය ප්‍රකට යි. නමුත් රජුට එහි වැඩ නිම කිරීමට ඉඩ ලැබුණ් නැහැ. රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු දාගැබේ ගර්භයෙන් ඉහළ සිට වූ ඉතිරි වැඩ නිම කළ බව මහාවංශය සඳහන් කරනවා. පසුව එය පුරාණ මහා විහාරයේ ප්‍රධාන දාගැබ බවට පත් වුණා.

මහාචාර්ය ටී.ජී. කුලතුංගට අනුව 12 වැනි සියවසේ දී මහා දාගැබ දක්නට ලැබුණ ආකාරය නෙළුබෑවේ සෙල්ලිපියක ඇති ථූප සටහනෙන් අවබෝධ කොට ගත හැකියි. රුවන්වැලි සෑයට කළ දීමනාවක් පිළිබඳව එහි සඳහන් වෙනවා. නිශ්ශංකමල්ල රජතුමා විසින් රුවන්මැලි සෑ මළුවේ කළ ශෛලමය කුඩා ස්ථූපය ද මහාථූපයේම හැඩයට කරවා ඇතැයි පැවසෙනවා. එය අදත් අපට දැකගත හැකියි.

පදනමේ ගැඹුර

පිහිටි පොළොවේ සත්රියනක් යටට කැණ අත්තිවාරම දමා, ඒ මත්තෙහි ථූපය ගොඩ නංවා ඇති බව මහාවංශය සඳහන් කරනවා. යෝධයින් ලවා ගෙන්වන ලද හුණුගල් කුළු ගස්වා, එය ශක්තිමත් වීමට සමින් වැසූ පතුල් ඇති ඇතුන් ලවා පෑගවූ බවත්, රහත් සාමණේරයන් වහන්සේ විසින් ගෙනෙන ලද වෙඬරු මැටි ඒ මත අතුරා, ඊට පසු ගඩොළු ද අතුරන ලද බවත් එහි විස්තර වෙනවා.

දාගැබේ එකල උස රියන් 120ක් හෙවත් අඩි 300ක් පමණ වුණු බව ඉතිහාසයේ සඳහන්. අද එහි උස අඩි 338ක්. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 3790ක්. කොත පමණක් (චූඩා මාණික්‍යය සමඟ) අඩි 25ක් පමණ උසයි. දාගැබ් මළුවේ පැත්තක දිග අඩි 465ක් වෙනවා.

ඇත් පවුර

වැලි මළුවේ ඇතුළු සීමාව කෙළවර වන්නේ අලංකාර ඇත් පවුරකින්. මෙය සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක්. අඩි 9ක් උසැති ඇත් රූ 338ක් එහි දක්නට ලැබෙනවා. ඇත් පවුරේ පුරාණ ස්වරූපය දැකගත හැකි පරිදි කොටසක් ප්‍රතිසංස්කරණය නොකර ඉතිරි කර තිබෙනවා.

සලපතල මළුව

ඇත් පවුරෙන් ඇතුළත පිහිටා ඇති සලපතල මළුව අක්කර පහක් විශාලයි. ඒ නම ලැබී ඇත්තේ මළුව පුරාම කළුගල් අතුරා ඇති බැවින්. එය ලජ්ජිතිස්ස රජු ( ක්‍රි. පූ. 59-50) විසින් කරවූ බව සඳහන්.

දොරටු සතර

දාගැබ් මළුවට පිවිසීම සඳහා පුරාණයේ දොරටු හතරක් සිව් පසින් ඉදිකර තිබුණා. ඒ අතරින් නැගෙනහිර, උතුරු, සහ බටහිර දොරටු අදත් දක්නට තිබෙනවා. දකුණු දොරටුව නටබුන් වෙලා.

උතුරු දොරටුව අසල වම් පසින් විශාල ගල්ටැඹක් දක්නට තැබෙනවා. එහි උස අඩි 20ක්. දේවානම්පියතිස්ස රජු මෙහි දාගැබ පිහිටුවන බව සඳහන් කරමින් සිටවූ සෙල්ටැඹ එය බවට විශ්වාස කෙරෙනවා.

පොකුණූ හතර

දාගැබ් මළුවට වැටෙන වැහි වතුර එක්රැස්වීමට එසමයේ වෘත්තාකාර පොකුණු හතරක් ඉදිකර තිබුණා. අද ඉන් පොකුණු තුනක් විනාශ වෙලා. නැගෙනහිරි පැත්තේ වූ පොකුණ 2004 දී සංරක්ෂණය කර තිබෙනවා. එවකට පැවති ජල තාක්ෂණයේ අරුමය අපට මේවායින් පැහැදිලි වෙනවා.

පස් පිළිම ගෙය

දාගැබ් මළුවේ පිහිටා ඇති මේ පිළිම ගෙය තුළ බුද්ධ ප්‍රතිමා හතරක් සහ මෛත්‍රීය බෝසත් ප්‍රතිමාවක් දක්නට ලැබෙනවා. මෙම ප්‍රතිමා අනුරාධපුර යුගයට අයත් කිරිගරුඩ පාෂාණයෙන් නෙළා ඇති ප්‍රතිමා වන අතර ඒවා ආන්ද්‍ර ශෛලියට අයත්. එයට අමතරව මෑත අතීතයේ දී තැනූ ප්‍රතිමා කිහිපයක් ද බුදුගෙයි දක්නට ලැබෙනවා.

මළුවේ රජ ප්‍රතිමා

නැගෙනහිර දොරටුව අසලම දාගැබට වැඳගෙන සිටින ආකාරයෙන් නිර්මාණය වූ සෙල් ප්‍රතිමාවක් දක්නට පුළුවන්. මෙය දුටුගැමුණු රජුගේ බවට විශ්වාස කරනවා.

දොරටුවේ වම්පස මෑතක දී කරවූ විහාරමහා දේවියගේ ප්‍රතිමාවක් පිහිටා තිබෙනවා.

මළුවේ දකුණු දිසාවේ චෛත්‍යයට වන්දනා කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති ප්‍රතිමාව දෙවන සියවසේ රජ කළ භාතිකාභය රජුගේ බව එහි කොටා ඇති සෙල්ලිපියෙන් හෙළිවෙනවා. මෙම රජු රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ සඳහන්.

සෙල්ලිපි

දාගැබ් මළුවේ පිහිටි ප්‍රකටම ලිපිය නිශ්ශංකමල්ල රජුගේ (1187-1196) සෙල්ලිපියයි. පොළොන්නරුවේ රජ කළ මේ රජු දාගැබට පැමිණ කළ මහා පූජාවක් පිළිබඳ තොරතුරු ඒ ලිපියේ සඳහන්.

භාතිකාභය ප්‍රතිමාව අසලම වැටකින් වටකර ඇති තවත් සෙල්ලිපියක් දකින්න පුලුවන්. එය පොළොන්නරුවේ කල්‍යාණවතී රාජ්‍ය සමයට අයත්. ඒ රැජණගේ භාණ්ඩාගාර අධිපතියා වූ පිරිවතුම් විජයනාවන් දාගැබට පූජා පවත්වා එය සටහන් කර සෙල්ලිපිය කරවා තිබෙනවා.

විලියම් ග්‍රෙගරිගේ ලියුම

වර්ෂ 1873 වනවිට පස් ගොඩැල්ලක්ව පැවැතුණු මේ මහ ස්තූපය පියවි ඇසින් දුටු එසමයෙහි මෙරට ආණ්ඩුකාර ධූරය ඉසිලූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි, 1876 පෙබරවාරි 15 වන දින එංගලන්ත ආණ්ඩුවට ලියවිල්ලක් ඉදිරිපත් කරනවා.

‘රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි… නාරන්විට සුමනසාර උන්නාන්සේ විසින් කරවා ඇති වැඩ ප්‍රමාණය දැක අතිශයින් පුදුම වීමි… මේ දැගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන් ද, ලක්දිව රාජ්‍යාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත්වීමේ ලකුණක් මෙන් ද පවතී’, යයි එහි සඳහන් වෙනවා.

ප්‍රතිසංස්කරණය

රාජධානි යුගයෙන් පසු ගරාවැටී තිබූ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන්නේ නාරංවිට සුමනසාර ස්වාමින් වහන්සේ විසින් 1870 දී. උන්වහන්සේ 1902 දී වන්දනාකරුවන්ගෙන් ලද මුදලක් යොදවා චෛත්‍යයේ ධාතු ගර්භය අඩි 40ක් උසට බැඳවීමට සමත් වුණා. පසුව 1912 දී මේ බැඳි කොටස කඩා වැටෙනවා. ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කරන්න සුමනසාර හාමුදුරුවෝ කටයුතු කරනවා.

රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය එහි සියළු කටයුතු නිමවී 1940 පොසොන් පෝ දිනයේ ( ජූලි 17) චෛත්‍යයේ කොත පළඳවන්නේ විශාල උත්සවයක් පවත්වමින්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලකගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ උත්සවය පැවැත්වුණේ. බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ චෛත්‍ය ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ ලෙස කටයුතු කරපු පුද්ගලයාගේ අතින්. කොතේ පමණක් බර ටොන් 6ක්. බුරුමයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු අඩියක් උසැති පළිඟුවක් කොත මුදුනේ චූඩා මාණික්‍යය ලෙස සවිකර තිබෙනවා. ඒ පළිඟුව සවිකර තිබෙන්නේ රන් ආධාරකයක් මතයි. ඒ ආධාරකය සැරසීමට රත්තරන් කිලෝ 5.5ක් සහ රිදී කිලෝ 69ක් යොදාගෙන තියෙනවා. එහි සවිකර තිබෙන මැණික් ගල් සංඛ්‍යාව 4796ක්.

ආලේපයට හුණු ටොන් 10ක්

වාර්ෂිකව ජනවාරි මාසයේ අග දාගැබේ හුණු පිරියම් කිරීමේ පිංකම පටන් ගන්නවා. පිංකමට පෙර චාරිත්රානුකූලට ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑයට බාරයක් ද වෙනවා. එහිදී පොල් ගෙඩියක් උඩකින් තබන අතර හුණු පිරියම් කර අවසානයේ පොල් ගෙඩියෙන් කිරි උතුරවනවා. මේ මහා දාගැබේ හුණු ආලේප කිරීමට එන්නේ මතුගම ප්‍රදේශයේ කණ්ඩායමක්. පෙබරවාරි මාසයේ දාගැබ සූරා පැරණි හුණු ඉවත් කරනවා. මාර්තු මාසයේ දී වැටෙන වර්ෂාවට දාගැබ සේදී පිරිසිදු වෙනවා. මාර්තු අවසානයේ ඉණිමං බැඳ හුණු ආලේපය පටන් ගන්නවා. මැයි මාසයේ දී හුණු ආලේපය නිම කරනවා. ඒ සඳහා වැයවන හුණු පුමාණය ටොන් 10ක්. ඉණිමං සඳහා අඩි 35ට වැඩිය දිග උණබම්බු 650ක්, කොහු ලණූ කිලෝග්‍රෑම් 650ක්, කිත්තන් ලණු මිටර් 1000ක් පමණ වැයවෙනවා. දාගැබ සිරීමට වයර් බ්‍රෂ් දුසිම් 30කට අධිකව වැයවෙනවා. මේ කාර්යයට වියදම්වන මුදල රු. ලක්ෂ 65කට අධිකයි...

.(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි ) [ATTACH=full]180457[/ATTACH][ATTACH=full]180458[/ATTACH][ATTACH=full]180459[/ATTACH][ATTACH=full]180460[/ATTACH][ATTACH=full]180461[/ATTACH]

[QUOTE="IMUNA, post: 28027029, member: 392391"] රුවන්වැලි සෑයේ සැඟවුණු රසවත් තොරතුරු ================================= රජරට අහසේ සුදට සුදේ බබළමින් උසට දිස්වන රුවන්වැලි සෑය අප රටේ බොදු සැදැහැවතුන්ගේ වැඩිම වන්දනාවට පාත්‍ර වන දාගැබ බව කියන්නත් දෙයක් නොවෙයි. අනුරාධපුර පූජා නගරයේ ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, බසවක්කුලම වැව යනාදියට මැදිව ශ්‍රී මහා බෝධියට නුදුරින් පිහිටි මේ දාගැබ අටමස්ථානයන්ගෙන් ද එකක්. රුවන්වැලි සෑය “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වෙනවා. ස්වර්ණමාලි දෙව්දුව දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබුණා. එය කපා දැමීමට සිදු වුණ බවත්, එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙනවා. දේවානම්පියතිස්ස රජ දවස මෙරටට වැඩම වූ මහින්ද හිමියන් විසින් බුදුරදුන් උදෙසා මහා චෛත්‍යය ඉදිකළ යුතු ස්ථානය වශයෙන් මේ ස්ථානය නම් කළ බව මහාවංශයේ සඳහන්. රුවන්වැලිසෑය කරවූයේ දුට්ඨගාමිණී මහරජතුමා (ක්‍රි.පූ. 161- 131) විසින් බව අපේ පොඩි දරුවන් පවා දන්නා තරමට එය ප්‍රකට යි. නමුත් රජුට එහි වැඩ නිම කිරීමට ඉඩ ලැබුණ් නැහැ. රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු දාගැබේ ගර්භයෙන් ඉහළ සිට වූ ඉතිරි වැඩ නිම කළ බව මහාවංශය සඳහන් කරනවා. පසුව එය පුරාණ මහා විහාරයේ ප්‍රධාන දාගැබ බවට පත් වුණා. මහාචාර්ය ටී.ජී. කුලතුංගට අනුව 12 වැනි සියවසේ දී මහා දාගැබ දක්නට ලැබුණ ආකාරය නෙළුබෑවේ සෙල්ලිපියක ඇති ථූප සටහනෙන් අවබෝධ කොට ගත හැකියි. රුවන්වැලි සෑයට කළ දීමනාවක් පිළිබඳව එහි සඳහන් වෙනවා. නිශ්ශංකමල්ල රජතුමා විසින් රුවන්මැලි සෑ මළුවේ කළ ශෛලමය කුඩා ස්ථූපය ද මහාථූපයේම හැඩයට කරවා ඇතැයි පැවසෙනවා. එය අදත් අපට දැකගත හැකියි. පදනමේ ගැඹුර පිහිටි පොළොවේ සත්රියනක් යටට කැණ අත්තිවාරම දමා, ඒ මත්තෙහි ථූපය ගොඩ නංවා ඇති බව මහාවංශය සඳහන් කරනවා. යෝධයින් ලවා ගෙන්වන ලද හුණුගල් කුළු ගස්වා, එය ශක්තිමත් වීමට සමින් වැසූ පතුල් ඇති ඇතුන් ලවා පෑගවූ බවත්, රහත් සාමණේරයන් වහන්සේ විසින් ගෙනෙන ලද වෙඬරු මැටි ඒ මත අතුරා, ඊට පසු ගඩොළු ද අතුරන ලද බවත් එහි විස්තර වෙනවා. දාගැබේ එකල උස රියන් 120ක් හෙවත් අඩි 300ක් පමණ වුණු බව ඉතිහාසයේ සඳහන්. අද එහි උස අඩි 338ක්. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 3790ක්. කොත පමණක් (චූඩා මාණික්‍යය සමඟ) අඩි 25ක් පමණ උසයි. දාගැබ් මළුවේ පැත්තක දිග අඩි 465ක් වෙනවා. ඇත් පවුර වැලි මළුවේ ඇතුළු සීමාව කෙළවර වන්නේ අලංකාර ඇත් පවුරකින්. මෙය සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක්. අඩි 9ක් උසැති ඇත් රූ 338ක් එහි දක්නට ලැබෙනවා. ඇත් පවුරේ පුරාණ ස්වරූපය දැකගත හැකි පරිදි කොටසක් ප්‍රතිසංස්කරණය නොකර ඉතිරි කර තිබෙනවා. සලපතල මළුව ඇත් පවුරෙන් ඇතුළත පිහිටා ඇති සලපතල මළුව අක්කර පහක් විශාලයි. ඒ නම ලැබී ඇත්තේ මළුව පුරාම කළුගල් අතුරා ඇති බැවින්. එය ලජ්ජිතිස්ස රජු ( ක්‍රි. පූ. 59-50) විසින් කරවූ බව සඳහන්. දොරටු සතර දාගැබ් මළුවට පිවිසීම සඳහා පුරාණයේ දොරටු හතරක් සිව් පසින් ඉදිකර තිබුණා. ඒ අතරින් නැගෙනහිර, උතුරු, සහ බටහිර දොරටු අදත් දක්නට තිබෙනවා. දකුණු දොරටුව නටබුන් වෙලා. උතුරු දොරටුව අසල වම් පසින් විශාල ගල්ටැඹක් දක්නට තැබෙනවා. එහි උස අඩි 20ක්. දේවානම්පියතිස්ස රජු මෙහි දාගැබ පිහිටුවන බව සඳහන් කරමින් සිටවූ සෙල්ටැඹ එය බවට විශ්වාස කෙරෙනවා. පොකුණූ හතර දාගැබ් මළුවට වැටෙන වැහි වතුර එක්රැස්වීමට එසමයේ වෘත්තාකාර පොකුණු හතරක් ඉදිකර තිබුණා. අද ඉන් පොකුණු තුනක් විනාශ වෙලා. නැගෙනහිරි පැත්තේ වූ පොකුණ 2004 දී සංරක්ෂණය කර තිබෙනවා. එවකට පැවති ජල තාක්ෂණයේ අරුමය අපට මේවායින් පැහැදිලි වෙනවා. පස් පිළිම ගෙය දාගැබ් මළුවේ පිහිටා ඇති මේ පිළිම ගෙය තුළ බුද්ධ ප්‍රතිමා හතරක් සහ මෛත්‍රීය බෝසත් ප්‍රතිමාවක් දක්නට ලැබෙනවා. මෙම ප්‍රතිමා අනුරාධපුර යුගයට අයත් කිරිගරුඩ පාෂාණයෙන් නෙළා ඇති ප්‍රතිමා වන අතර ඒවා ආන්ද්‍ර ශෛලියට අයත්. එයට අමතරව මෑත අතීතයේ දී තැනූ ප්‍රතිමා කිහිපයක් ද බුදුගෙයි දක්නට ලැබෙනවා. මළුවේ රජ ප්‍රතිමා නැගෙනහිර දොරටුව අසලම දාගැබට වැඳගෙන සිටින ආකාරයෙන් නිර්මාණය වූ සෙල් ප්‍රතිමාවක් දක්නට පුළුවන්. මෙය දුටුගැමුණු රජුගේ බවට විශ්වාස කරනවා. දොරටුවේ වම්පස මෑතක දී කරවූ විහාරමහා දේවියගේ ප්‍රතිමාවක් පිහිටා තිබෙනවා. මළුවේ දකුණු දිසාවේ චෛත්‍යයට වන්දනා කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති ප්‍රතිමාව දෙවන සියවසේ රජ කළ භාතිකාභය රජුගේ බව එහි කොටා ඇති සෙල්ලිපියෙන් හෙළිවෙනවා. මෙම රජු රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ සඳහන්. සෙල්ලිපි දාගැබ් මළුවේ පිහිටි ප්‍රකටම ලිපිය නිශ්ශංකමල්ල රජුගේ (1187-1196) සෙල්ලිපියයි. පොළොන්නරුවේ රජ කළ මේ රජු දාගැබට පැමිණ කළ මහා පූජාවක් පිළිබඳ තොරතුරු ඒ ලිපියේ සඳහන්. භාතිකාභය ප්‍රතිමාව අසලම වැටකින් වටකර ඇති තවත් සෙල්ලිපියක් දකින්න පුලුවන්. එය පොළොන්නරුවේ කල්‍යාණවතී රාජ්‍ය සමයට අයත්. ඒ රැජණගේ භාණ්ඩාගාර අධිපතියා වූ පිරිවතුම් විජයනාවන් දාගැබට පූජා පවත්වා එය සටහන් කර සෙල්ලිපිය කරවා තිබෙනවා. විලියම් ග්‍රෙගරිගේ ලියුම වර්ෂ 1873 වනවිට පස් ගොඩැල්ලක්ව පැවැතුණු මේ මහ ස්තූපය පියවි ඇසින් දුටු එසමයෙහි මෙරට ආණ්ඩුකාර ධූරය ඉසිලූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි, 1876 පෙබරවාරි 15 වන දින එංගලන්ත ආණ්ඩුවට ලියවිල්ලක් ඉදිරිපත් කරනවා. ‘රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි… නාරන්විට සුමනසාර උන්නාන්සේ විසින් කරවා ඇති වැඩ ප්‍රමාණය දැක අතිශයින් පුදුම වීමි… මේ දැගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන් ද, ලක්දිව රාජ්‍යාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත්වීමේ ලකුණක් මෙන් ද පවතී’, යයි එහි සඳහන් වෙනවා. ප්‍රතිසංස්කරණය රාජධානි යුගයෙන් පසු ගරාවැටී තිබූ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන්නේ නාරංවිට සුමනසාර ස්වාමින් වහන්සේ විසින් 1870 දී. උන්වහන්සේ 1902 දී වන්දනාකරුවන්ගෙන් ලද මුදලක් යොදවා චෛත්‍යයේ ධාතු ගර්භය අඩි 40ක් උසට බැඳවීමට සමත් වුණා. පසුව 1912 දී මේ බැඳි කොටස කඩා වැටෙනවා. ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කරන්න සුමනසාර හාමුදුරුවෝ කටයුතු කරනවා. රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය එහි සියළු කටයුතු නිමවී 1940 පොසොන් පෝ දිනයේ ( ජූලි 17) චෛත්‍යයේ කොත පළඳවන්නේ විශාල උත්සවයක් පවත්වමින්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලකගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ උත්සවය පැවැත්වුණේ. බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ චෛත්‍ය ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ ලෙස කටයුතු කරපු පුද්ගලයාගේ අතින්. කොතේ පමණක් බර ටොන් 6ක්. බුරුමයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු අඩියක් උසැති පළිඟුවක් කොත මුදුනේ චූඩා මාණික්‍යය ලෙස සවිකර තිබෙනවා. ඒ පළිඟුව සවිකර තිබෙන්නේ රන් ආධාරකයක් මතයි. ඒ ආධාරකය සැරසීමට රත්තරන් කිලෝ 5.5ක් සහ රිදී කිලෝ 69ක් යොදාගෙන තියෙනවා. එහි සවිකර තිබෙන මැණික් ගල් සංඛ්‍යාව 4796ක්. ආලේපයට හුණු ටොන් 10ක් වාර්ෂිකව ජනවාරි මාසයේ අග දාගැබේ හුණු පිරියම් කිරීමේ පිංකම පටන් ගන්නවා. පිංකමට පෙර චාරිත්රානුකූලට ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑයට බාරයක් ද වෙනවා. එහිදී පොල් ගෙඩියක් උඩකින් තබන අතර හුණු පිරියම් කර අවසානයේ පොල් ගෙඩියෙන් කිරි උතුරවනවා. මේ මහා දාගැබේ හුණු ආලේප කිරීමට එන්නේ මතුගම ප්‍රදේශයේ කණ්ඩායමක්. පෙබරවාරි මාසයේ දාගැබ සූරා පැරණි හුණු ඉවත් කරනවා. මාර්තු මාසයේ දී වැටෙන වර්ෂාවට දාගැබ සේදී පිරිසිදු වෙනවා. මාර්තු අවසානයේ ඉණිමං බැඳ හුණු ආලේපය පටන් ගන්නවා. මැයි මාසයේ දී හුණු ආලේපය නිම කරනවා. ඒ සඳහා වැයවන හුණු පුමාණය ටොන් 10ක්. ඉණිමං සඳහා අඩි 35ට වැඩිය දිග උණබම්බු 650ක්, කොහු ලණූ කිලෝග්‍රෑම් 650ක්, කිත්තන් ලණු මිටර් 1000ක් පමණ වැයවෙනවා. දාගැබ සිරීමට වයර් බ්‍රෂ් දුසිම් 30කට අධිකව වැයවෙනවා. මේ කාර්යයට වියදම්වන මුදල රු. ලක්ෂ 65කට අධිකයි... .(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි ) [ATTACH type="full"]180457[/ATTACH][ATTACH type="full"]180458[/ATTACH][ATTACH type="full"]180459[/ATTACH][ATTACH type="full"]180460[/ATTACH][ATTACH type="full"]180461[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom