රුව මෙන්ම කට ඇති යාපනේ පුංචි කිල්මිශා ගැන කතාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    kilmisha-story

    රුව ඇති දුවයි කට ඇති පුතයි දෙමාපියන්ට ආභරණයක් කියලා කථාවක් තිබ්බට රුව ඇති දුවෙක්ටම කටත් තිබ්බොත් කොහොමෙට තියෙයිද කියලා ටිකක් හිතන්නකො.මේ කියන්න යන්නේ එහෙම පුංචි ලස්සන,කවුරුත් මෝහනය කරන්න පුළුවන් කටහඩක් තියෙන දුවෙක් ගැන කතාවක්.

    ඔව් සැබවින්ම ඇයට තියෙන්නේ ලොවක් මවිත කරන්න පුළුවන් කටහඩක්.ඇය නමින් කිල්මිශා.මේ පුංචි කෙල්ල ඉපදෙන්නේ යාපනේ.
    එතකොට කිල්මිශා මෙතරම් කථා බහට ලක්වෙන්න හේතුව මොකක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්.ඒ තමයි ඇය තාමත් ලාබාල වියේ පසු වුනත් මේ වන විට අතිදක්ෂ විදිහට දෙමළ බසින් ගී ගයලා ඉන්දියාවේම ආකර්ෂණය ලබලා තියෙන එක.ඉන්දියාවේ ඉන්න ප්‍රවීණ ගායන ශිල්පීන්ද මේ වෙනකොට ඇයගේ ගායන හැකියාව දැකලා පුදුම වෙලයි ඉන්නේ.
    ඇය මේ වෙනකොටත් යාපනය පාසලක අටවෙනි ශ්‍රේණියේ තම අධ්‍යාපනය හදාරනවා.ඉතින් එතකොට හිතන්නකෝ ඇගේ වයසට ඇය ගිහින් තියෙන දුරක තරම.
    මේ වන විට ඇයට ඉන්දියවේ තමිල්නාඩුවෙහි පැවැත්වෙන සරිගම ලිට්ල් චෑම්ප් තරගාවලියේදී තරග වට තුනක් සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.ඒ කිසිම දෙයක් හින්දා නෙමේ ඇගේ හැකියාව හින්දමයි කියන එකනම් මනාව පේනවා.
    ඉතින් ඔබට මත ඇති ලංකාව ගැන මීට පෙරත් ඉන්දියාවේ අවධානය යොමු වුනා.ඒ මැණිකේ මගේ හිතේ ගීතය හරහා ජනප්‍රියත්වයට පත්වුන යොහානි නිසා.කොහොම වුනත් යොහානිටත් වඩා වයසින් හුගක්ම පොඩි කිශ්මිලා මේ වෙනකොට කා අතරත් ආදරය දිනාගෙන ඉන්න චරිතයක් වෙලා.