Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රුව_ගැන_දෙවරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුව_ගැන_දෙවරක්

රුව රකින ආලේප ගැන දෙවරක් හිතන්න

අබිරහස් ලෙස මිය ගිය එක්තරා කාන්තාවක ගේ මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණවලදි ඇය මිය යන්නට පෙර රූපලාවණ්‍යාගාරයකට ගොස් ඇති බවත්, එහිදී ඇයට සිදු කරන ලද කිසියම් ප්‍රතිකර්මයක් හේතුවෙන් ඇගේ මරණය සිදු වූවා ද යන්න පිළිබඳ සැකයක් ඇති බවත් තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් පසුගිය දිනවල පුවත්පත්වල පළ විය.

හැබැවින් ම එම කාන්තාවගේ මරණයට හේතුව කුමක් ද යන්න තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇතත් රූපලාවණ්‍යාගාරයකින් කිසියම් ප්‍රතිකර්මයක් සිදුකර ගැනීමෙන් මරණයක් සිදු විය හැකි ද? නො එසේ නම් එවැනි අනතුරුදායක තත්ත්වයක අභියෝගයක් ඇති විට ඒ වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳවත් අපි රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ගෙන් මෙන් ම මෙරට ප්‍රධාන රෝහලක චර්ම රෝග සහ රූපලාවණ්‍ය ක්ෂේත්රය පිළිබඳ මනා දැනීමක් සහිත විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ද අදහස් විමසුවෙමු.

රූමත් වීමට අකැමැති කාන්තාවන් මෙළොව ඇතැයි සිතීම මුළාවකි. ස්වභාව ධර්මයෙන් කොතරම් උසස් රූපශ්‍රීයක් උරුම කර දුන් කාන්තාවක් වුව ද බොහෝ විට උත්සාහ දරන්නේ තවත් සුළු ප්‍රමාණයකින් හෝ තමා සතු රූ සපුව වර්ධනය කර ගන්නට ය. ඒ සඳහා තමන් දන්නා සාමාන්‍ය පිළියම් යෙදීමට මෙන් ම මුදල් ගෙවා ඒ සඳහා පුහුණුව ලත් ශිල්පි ශිල්පිනියන් ලවා විවිධ පිළියම් කරගැනීමට ද කාන්තාවෝ පසුබට නොවෙති.

සුදුසුකම් ලත් ශිල්පීන් විසින් උසස් ප්රමිතීන් සුරකින, සෞඛ්යාරක්ෂිත පිළියම් සිදු කරන රූපලාවණ්‍යාගාර ද මේ අතර තිබේ. එහෙත් රටේ අස්සක් මුල්ලක් නෑර පවතින සෑම රූපලාවණ්‍යාගාරයක් ම ඒ මට්ටමේ ඇතැයි කිව නොහැකි ය. අද රූපාලංකාර ක්ෂේත්රය තරුණියන්ට මෙන්ම තරුණයන්ට ද හොඳ ආදායම් මාර්ගයක් වී තිබේ. මෙරට මෙන් ම පිටරටවල ද විවිධ තරගවලට සහභාගි වී ඒවායෙන් ජය ලබා ලෝක රූපලාවණ්‍ය ක්ෂේත්රයෙහි ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් හා කීර්තියක් අත්පත් කර දුන් ලොව පිළිගත් රූපලාවණ්‍ය ශිල්පී ශිල්පීනියන් රාශියක් ලංකාවේ සිටිති. ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබන පාඨමාලා හෝ රූපලාවණ්‍යාගාර පිළිබඳ අවතක්සේරු කිරීමත් මෙම ලිපියෙන් සිදු කෙරෙන්නේ නැත. එහෙත් රූපලාවණ්‍ය ශිල්පය වැනි ඍජුවම මිනිසා ගේ ශරීර සෞඛ්‍යයට බලපෑම් කරන කර්මාන්තයක නියැළීමේදී වඩාත් වගකීමෙන් හා ප්රවේශමින් කටයුතු කළ යුතු බව කිව යුතු ය.

මීගමුව ප්‍රදේශයේ දී මිය ගිය කාන්තාව මිය යන්නට පෙර රූපලාවණ්‍යාගාරයකට ගොස් සිය කෙස් වැටිය කපා ගන්නට අදහස් කළ බවත්, මුහුණට “පේෂල්” එකක් කිරීමට අදහස් කර සිටි බවත් ඒ පිළිබඳ කරන ලද පසු විපරම්වලදී හෙළි වී තිබේ. එසේ නම් ඇගේ කෙස් වැටියට හෝ මුහුණට ආලේප කරන ලද කිසියම් ආලේපයක් හෝ ද්‍රව්‍යයක් විෂ වීමෙන් හෝ අසාත්මික වීමෙන් ඇගේ මරණය සිදු වූවා ද යන සැකය දැන් මතු වී තිබේ. මේ පිළිබඳව මෙරට සිටින ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් අප කළ විමසීමේදී ඇය පවසා සිටියේ මුහුණ පිරිසිදු කිරීම සඳහා යොදනු ලබන “පේෂල්” එකකදී භාවිතා කරනු ලබන ආලේපයක් විෂ වීමෙන් හෝ ආසාත්මික වීමෙන් මාරාන්තික තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ඇය පවසන ආකාරයට රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන සියල්ල ලොව පිළිගත් උසස් තත්ත්වයේ ඒවා වීම වැදගත් ය. බොහෝ විට මෙම ආලේපන ලොව පිළිගත් වෙළෙඳ නාම සහිත සමාගම්වල නිෂ්පාදනය කරන ලද ඒවා ය. ඒවා ආනයනය කිරීමේදී ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විලවුන් හා අන්තරායකර ඖෂධ පාලන අධිකාරියෙහි අවසර ලබාගත යුතු ය. එහෙත් රට පුරා රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යනු ලබන වැඩි දෙනෙක් මේ නීති රීති හෝ උපදෙස් නියමිත ආකාරයෙන් පිළිපදින්නේ නැත. එවැනි තැන්වලින් රූපලාවණ්‍ය කටයුතු ඉටු කරගැනීමේදී ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.

රූපලාවණ්‍යාගාරයකට එන සේවා ලාභියකුට අවශ්‍ය හිසකේ වර්ණ ගල්වා ගැනීමට නම් ඒ සඳහා සුදුසු ආලේපන හෝ වර්ණක එම තැනැත්තාට හෝ තැනැත්තියට සුදුසුද? කිසියම් අසාත්මිකතාවක් ඇතිවේද? යන්න පරීක්ෂා කර බැලීම සඳහා එයින් ස්වල්පයක් කන පිටුපස වැනි ස්ථානයක තවරා පැය විසි හතරක් ගතවන තුරු එය නොසෝදා පරීක්ෂාවට ලක් කළ යුතු ය. කිසියම් අසාත්මිකතාවක් වෙතොත් එම ආලේපය යොදා ගන්නේ නැත.

මුහුණේ ආලේප කරනු ලබන පේෂල් සඳහා යොදනු ආලේප විෂ වන්නේ ඉතා කලාතුරකිනි. ඒවායෙන් කිසියම් අසාත්මිකතාවයක් හෝ ක්ලාන්තයක් හෝ දැවිල්ලක් වැනි ලක්ෂණ පහළ වුවහොත් කළ යුත්තේ වහාම වෛද්‍ය උපදෙස් පැතීම ය. තමාගේ රූපලාවණ්‍යාගාරයට පැමිණෙන සේවා දායකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම එම ආයතනය සතුවේ. එහෙයින් තමාට වගකීමට නොහැකි ආලේපන, ඩයි වර්ග හෝ විලවුන් ක්‍රීම් වර්ග භාවිතා කිරීම සඳහා සේවාදායකයින්ට උපදෙස් දීම නොකළ යුතුය. වර්තමානයේ ලංකාවට බොහෝ රටවලින් විවිධ ආලේපන හා විලවුන් වර්ග ආනයනය කෙරේ. මේවායෙහි ප්රමිතීන් හෝ තත්ත්වය පිළිබඳ නිවැරැදි වැටහීමකින් තොරව ඒවා භාවිතා කිරිම හෝ ඒවා භාවිතා කිරීමට නිර්දේශ කිරීම නොකළ යුතුය.

හිසකේ වර්ධනය වීමට, සම පැහැපත් වීමට, තරුණ බව රැකගැනීමට හෝ වෙනත් රූපාලංකාර අවශ්‍යතා සඳහා විවිධ ඖෂධ, විටමින, හෝමෝන වර්ග හෝ ආලේපන නියම කිරීම රූපලාවණ්‍ය ශිල්පිනියට හෝ ශිල්පියාට අයත් කාර්යයක් නොවේ. ඒ සඳහා ඒ පිළිබඳ වෛද්‍ය දැනුමකින් යුත් පිළිගත් වෛද්‍යවරයකු ගේ උපදෙස් පැතිය යුතුය. මෙවැනි කරුණු පිළිබඳව රූපලාවණ්‍ය ශිල්පීන් මෙන්ම ඒවායෙහි සේවය ලබා ගන්නා සේවාදායකයන් ද ප්‍රමාණවත් තරම් දැනුමක් ලබා සිටීම අතිශය වැදගත්ය.

මේ පිළිබඳව අගනුවර ප්‍රධාන රෝහලක ප්‍රවීණ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් අදහස් විමසුවෙමු. ඔහු පවසන පරිදි ඕනෑම පුද්ගලයකුගේ සිරුරෙහි ආලේප කිරීමට, බීමට හෝ ගෑමට යම් ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය ලබාදීමට නීතියෙන් අවසර ඇත්තේ ලංකා වෛද්‍ය සභාවෙහි පිළිගත් වෛද්‍ය උපාධියක් සහිත ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පමණි. යමකුගේ සමෙහි ආලේප කිරීමට, පෙති කරල් හෝ දියර වශයෙන් පානය කිරීමට, හෝමෝන ආදී වශයෙන් සිරුරු ගත කිරීම සඳහා කිසිම රූපලාවණ්‍ය ශිල්පිනියකට හෝ ශිල්පියකුට නීතිමය අවසරයක් නැත. වෛද්‍යවරයකුට එම අවසරය ලැබෙනුයේ තමා විසින් අනුමත කරනු ලබන ඖෂධ හෝ ආලේපනවල අඩංගු ද්‍රව්‍යවල රසායනික සංයුතිය, ඒවායෙන් අත්වන ඵල විපාක හෝ ප්‍රතික්‍රියා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් වෛද්‍යවරයා සතු වන බැවිනි.

වෛද්‍යවරයකු කිසියම් ප්‍රතිකාරයක් කිරීමේදී සිදුවිය හැකි අසාත්මිකතාවක් හෝ විෂවීමකදී එම හදිසි අවස්ථාවේදී කළ යුතු ප්‍රතිකර්ම ද ඔහු දනියි. ඒ සඳහා අවශ්‍ය කරන ඖෂධ, වෛද්‍ය උපකරණ මෙන්ම කාර්ය මණ්ඩලයක් ද ඔහු සේවය සපයන රෝහලෙහි හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක තිබේ. හදිසි අවස්ථාවක රෝගියා සිහි නැති වුවහොත් ඔහු සිහි ගැන්වීමට අවශ්‍ය ඖෂධ හා පිළියම් වෛද්‍යවරයා දනී. රෝගියාගේ හදිසි අවස්ථාව මනාව කළමනාකරණය කරගැනීමේ දැනුම හැකියාව මෙන්ම පහසුකම් ද පිළිගත් වෛද්‍යවරයකු සතුවේ. රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියකට එවැනි දැනුමක් හෝ හැකියාවක් නොමැත.

එවැනි හදිසි අවස්ථාවක් උද්ගත වීමේදී රෝගියා වහාම රෝහල්ගත නොකළ හොත් අතැම්විට මරණය පවා සිදුවිය හැකිය. මෙවැනි අනතුරක් සිදුවූ පසුව අනතුරට පත් සේවාදායකයකු රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියකට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම් ඒ ගොනු කරනුයේ අපරාධ නීති සංග්‍රහය යටතේය. එහෙත් වෛද්‍යවරයකුට එරෙහිව නම් ඔවුන් නඩුව ගොනු කරන්නේ සිවිල් නීති සංග්‍රහය යටතේ “නොසැලකිලිමත් බවට එරෙහිව” වැනි කරුණක් මතය. මෙයින් පැහැදිලි වන්නේ තමා හරියටම නොදන්නා කටයුත්තක් වගකීමකින් තොරව කිරීමෙන් රූපලාවණ්‍ය ශිල්පියා අතින් සිදුව ඇත්තේ බලවත් අපරාධයක් වන බවයි.

මෙවැනි දේට නිතර යොමු වීමෙන් ඒ සඳහා භාවිතා කරන ද්‍රව්‍යවල අඩංගු රසායනික ද්‍රව්‍ය සිරුරට අහිතකර ප්‍රතිඵල ලබාදීමට ඉඩ තිබේ. නිදසුනක් ලෙස තමා කලක් භාවිතා කරන හිසකේ වර්ණකයක් වුවද කලකට පසුව විෂවීමට ඉඩ තිබේ. මෙවැනි සුළුදෙයින් පවා ඇතැම්විට බරපතළ ප්‍රතිඵල අත්විය හැකිය. එහෙයින් තමාට කිසියම් රූපලාවණ්‍ය ගැටලුවක් වේ නම් ඒ සඳහා පළමුව පිළිගත් සුදුසුකම් ලත් චර්ම රෝග වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම සුදුසුය. මුහුණු හැඩ වැඩ කරවා ගැනීම, කොණ්ඩා කැපීම, හා මෝස්තර දැමීම, ඇඳුම් අන්දවා හැඩවැඩ ගැන්වීම වැනි රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට අයත් කටයුතු පමණක් ඔවුන් ලවා කරගැනීම වඩා සුදුසුය. මෙවැනි ආයතනවල භාවිතා කරන ආනයනික ආලේපන මෙන්ම ඔවුන් විසින් නිපදවනු ලබන නිෂ්පාදන පිළිබඳ රජයේ පිළිගත් සහතිකයක් නොවන හෙයින් ඒවා භාවිතා කිරීමේදී ජනතාව වඩාත් සුපරීක්ෂාකාරී වීම වැදගත්ය. රූ සපුව රැකගැනීම ඉතා යහපත්ය. එහෙත් ඒ සඳහා ඔබ සතු ස්වාභාවික රූ සපුවෙන් හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බලා කටයුතු කිරීම නුවණට හුරුය.

සාගරිකා දිසානායක ජයසිංහ

[QUOTE="**ශානිකා**, post: 11148414, member: 376324"] [b]රුව_ගැන_දෙවරක්[/b] [CENTER][B][SIZE="4"][COLOR="Blue"][SIZE="5"]රුව රකින ආලේප ගැන දෙවරක් හිතන්න[/SIZE] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcT4iqixPVYA_3Sr4EJh4iH4ylD2jSz0-iDC7iyn-OtuuWmE3j-pnw[/IMG] අබිරහස් ලෙස මිය ගිය එක්තරා කාන්තාවක ගේ මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණවලදි ඇය මිය යන්නට පෙර රූපලාවණ්‍යාගාරයකට ගොස් ඇති බවත්, එහිදී ඇයට සිදු කරන ලද කිසියම් ප්‍රතිකර්මයක් හේතුවෙන් ඇගේ මරණය සිදු වූවා ද යන්න පිළිබඳ සැකයක් ඇති බවත් තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් පසුගිය දිනවල පුවත්පත්වල පළ විය. හැබැවින් ම එම කාන්තාවගේ මරණයට හේතුව කුමක් ද යන්න තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇතත් රූපලාවණ්‍යාගාරයකින් කිසියම් ප්‍රතිකර්මයක් සිදුකර ගැනීමෙන් මරණයක් සිදු විය හැකි ද? නො එසේ නම් එවැනි අනතුරුදායක තත්ත්වයක අභියෝගයක් ඇති විට ඒ වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳවත් අපි රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ගෙන් මෙන් ම මෙරට ප්‍රධාන රෝහලක චර්ම රෝග සහ රූපලාවණ්‍ය ක්ෂේත්රය පිළිබඳ මනා දැනීමක් සහිත විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ද අදහස් විමසුවෙමු. රූමත් වීමට අකැමැති කාන්තාවන් මෙළොව ඇතැයි සිතීම මුළාවකි. ස්වභාව ධර්මයෙන් කොතරම් උසස් රූපශ්‍රීයක් උරුම කර දුන් කාන්තාවක් වුව ද බොහෝ විට උත්සාහ දරන්නේ තවත් සුළු ප්‍රමාණයකින් හෝ තමා සතු රූ සපුව වර්ධනය කර ගන්නට ය. ඒ සඳහා තමන් දන්නා සාමාන්‍ය පිළියම් යෙදීමට මෙන් ම මුදල් ගෙවා ඒ සඳහා පුහුණුව ලත් ශිල්පි ශිල්පිනියන් ලවා විවිධ පිළියම් කරගැනීමට ද කාන්තාවෝ පසුබට නොවෙති. සුදුසුකම් ලත් ශිල්පීන් විසින් උසස් ප්රමිතීන් සුරකින, සෞඛ්යාරක්ෂිත පිළියම් සිදු කරන රූපලාවණ්‍යාගාර ද මේ අතර තිබේ. එහෙත් රටේ අස්සක් මුල්ලක් නෑර පවතින සෑම රූපලාවණ්‍යාගාරයක් ම ඒ මට්ටමේ ඇතැයි කිව නොහැකි ය. අද රූපාලංකාර ක්ෂේත්රය තරුණියන්ට මෙන්ම තරුණයන්ට ද හොඳ ආදායම් මාර්ගයක් වී තිබේ. මෙරට මෙන් ම පිටරටවල ද විවිධ තරගවලට සහභාගි වී ඒවායෙන් ජය ලබා ලෝක රූපලාවණ්‍ය ක්ෂේත්රයෙහි ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් හා කීර්තියක් අත්පත් කර දුන් ලොව පිළිගත් රූපලාවණ්‍ය ශිල්පී ශිල්පීනියන් රාශියක් ලංකාවේ සිටිති. ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබන පාඨමාලා හෝ රූපලාවණ්‍යාගාර පිළිබඳ අවතක්සේරු කිරීමත් මෙම ලිපියෙන් සිදු කෙරෙන්නේ නැත. එහෙත් රූපලාවණ්‍ය ශිල්පය වැනි ඍජුවම මිනිසා ගේ ශරීර සෞඛ්‍යයට බලපෑම් කරන කර්මාන්තයක නියැළීමේදී වඩාත් වගකීමෙන් හා ප්රවේශමින් කටයුතු කළ යුතු බව කිව යුතු ය. මීගමුව ප්‍රදේශයේ දී මිය ගිය කාන්තාව මිය යන්නට පෙර රූපලාවණ්‍යාගාරයකට ගොස් සිය කෙස් වැටිය කපා ගන්නට අදහස් කළ බවත්, මුහුණට “පේෂල්” එකක් කිරීමට අදහස් කර සිටි බවත් ඒ පිළිබඳ කරන ලද පසු විපරම්වලදී හෙළි වී තිබේ. එසේ නම් ඇගේ කෙස් වැටියට හෝ මුහුණට ආලේප කරන ලද කිසියම් ආලේපයක් හෝ ද්‍රව්‍යයක් විෂ වීමෙන් හෝ අසාත්මික වීමෙන් ඇගේ මරණය සිදු වූවා ද යන සැකය දැන් මතු වී තිබේ. මේ පිළිබඳව මෙරට සිටින ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් අප කළ විමසීමේදී ඇය පවසා සිටියේ මුහුණ පිරිසිදු කිරීම සඳහා යොදනු ලබන “පේෂල්” එකකදී භාවිතා කරනු ලබන ආලේපයක් විෂ වීමෙන් හෝ ආසාත්මික වීමෙන් මාරාන්තික තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. ඇය පවසන ආකාරයට රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන සියල්ල ලොව පිළිගත් උසස් තත්ත්වයේ ඒවා වීම වැදගත් ය. බොහෝ විට මෙම ආලේපන ලොව පිළිගත් වෙළෙඳ නාම සහිත සමාගම්වල නිෂ්පාදනය කරන ලද ඒවා ය. ඒවා ආනයනය කිරීමේදී ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විලවුන් හා අන්තරායකර ඖෂධ පාලන අධිකාරියෙහි අවසර ලබාගත යුතු ය. එහෙත් රට පුරා රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යනු ලබන වැඩි දෙනෙක් මේ නීති රීති හෝ උපදෙස් නියමිත ආකාරයෙන් පිළිපදින්නේ නැත. එවැනි තැන්වලින් රූපලාවණ්‍ය කටයුතු ඉටු කරගැනීමේදී ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය. රූපලාවණ්‍යාගාරයකට එන සේවා ලාභියකුට අවශ්‍ය හිසකේ වර්ණ ගල්වා ගැනීමට නම් ඒ සඳහා සුදුසු ආලේපන හෝ වර්ණක එම තැනැත්තාට හෝ තැනැත්තියට සුදුසුද? කිසියම් අසාත්මිකතාවක් ඇතිවේද? යන්න පරීක්ෂා කර බැලීම සඳහා එයින් ස්වල්පයක් කන පිටුපස වැනි ස්ථානයක තවරා පැය විසි හතරක් ගතවන තුරු එය නොසෝදා පරීක්ෂාවට ලක් කළ යුතු ය. කිසියම් අසාත්මිකතාවක් වෙතොත් එම ආලේපය යොදා ගන්නේ නැත. මුහුණේ ආලේප කරනු ලබන පේෂල් සඳහා යොදනු ආලේප විෂ වන්නේ ඉතා කලාතුරකිනි. ඒවායෙන් කිසියම් අසාත්මිකතාවයක් හෝ ක්ලාන්තයක් හෝ දැවිල්ලක් වැනි ලක්ෂණ පහළ වුවහොත් කළ යුත්තේ වහාම වෛද්‍ය උපදෙස් පැතීම ය. තමාගේ රූපලාවණ්‍යාගාරයට පැමිණෙන සේවා දායකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම එම ආයතනය සතුවේ. එහෙයින් තමාට වගකීමට නොහැකි ආලේපන, ඩයි වර්ග හෝ විලවුන් ක්‍රීම් වර්ග භාවිතා කිරීම සඳහා සේවාදායකයින්ට උපදෙස් දීම නොකළ යුතුය. වර්තමානයේ ලංකාවට බොහෝ රටවලින් විවිධ ආලේපන හා විලවුන් වර්ග ආනයනය කෙරේ. මේවායෙහි ප්රමිතීන් හෝ තත්ත්වය පිළිබඳ නිවැරැදි වැටහීමකින් තොරව ඒවා භාවිතා කිරිම හෝ ඒවා භාවිතා කිරීමට නිර්දේශ කිරීම නොකළ යුතුය. හිසකේ වර්ධනය වීමට, සම පැහැපත් වීමට, තරුණ බව රැකගැනීමට හෝ වෙනත් රූපාලංකාර අවශ්‍යතා සඳහා විවිධ ඖෂධ, විටමින, හෝමෝන වර්ග හෝ ආලේපන නියම කිරීම රූපලාවණ්‍ය ශිල්පිනියට හෝ ශිල්පියාට අයත් කාර්යයක් නොවේ. ඒ සඳහා ඒ පිළිබඳ වෛද්‍ය දැනුමකින් යුත් පිළිගත් වෛද්‍යවරයකු ගේ උපදෙස් පැතිය යුතුය. මෙවැනි කරුණු පිළිබඳව රූපලාවණ්‍ය ශිල්පීන් මෙන්ම ඒවායෙහි සේවය ලබා ගන්නා සේවාදායකයන් ද ප්‍රමාණවත් තරම් දැනුමක් ලබා සිටීම අතිශය වැදගත්ය. මේ පිළිබඳව අගනුවර ප්‍රධාන රෝහලක ප්‍රවීණ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් අදහස් විමසුවෙමු. ඔහු පවසන පරිදි ඕනෑම පුද්ගලයකුගේ සිරුරෙහි ආලේප කිරීමට, බීමට හෝ ගෑමට යම් ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය ලබාදීමට නීතියෙන් අවසර ඇත්තේ ලංකා වෛද්‍ය සභාවෙහි පිළිගත් වෛද්‍ය උපාධියක් සහිත ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පමණි. යමකුගේ සමෙහි ආලේප කිරීමට, පෙති කරල් හෝ දියර වශයෙන් පානය කිරීමට, හෝමෝන ආදී වශයෙන් සිරුරු ගත කිරීම සඳහා කිසිම රූපලාවණ්‍ය ශිල්පිනියකට හෝ ශිල්පියකුට නීතිමය අවසරයක් නැත. වෛද්‍යවරයකුට එම අවසරය ලැබෙනුයේ තමා විසින් අනුමත කරනු ලබන ඖෂධ හෝ ආලේපනවල අඩංගු ද්‍රව්‍යවල රසායනික සංයුතිය, ඒවායෙන් අත්වන ඵල විපාක හෝ ප්‍රතික්‍රියා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් වෛද්‍යවරයා සතු වන බැවිනි. වෛද්‍යවරයකු කිසියම් ප්‍රතිකාරයක් කිරීමේදී සිදුවිය හැකි අසාත්මිකතාවක් හෝ විෂවීමකදී එම හදිසි අවස්ථාවේදී කළ යුතු ප්‍රතිකර්ම ද ඔහු දනියි. ඒ සඳහා අවශ්‍ය කරන ඖෂධ, වෛද්‍ය උපකරණ මෙන්ම කාර්ය මණ්ඩලයක් ද ඔහු සේවය සපයන රෝහලෙහි හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක තිබේ. හදිසි අවස්ථාවක රෝගියා සිහි නැති වුවහොත් ඔහු සිහි ගැන්වීමට අවශ්‍ය ඖෂධ හා පිළියම් වෛද්‍යවරයා දනී. රෝගියාගේ හදිසි අවස්ථාව මනාව කළමනාකරණය කරගැනීමේ දැනුම හැකියාව මෙන්ම පහසුකම් ද පිළිගත් වෛද්‍යවරයකු සතුවේ. රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියකට එවැනි දැනුමක් හෝ හැකියාවක් නොමැත. එවැනි හදිසි අවස්ථාවක් උද්ගත වීමේදී රෝගියා වහාම රෝහල්ගත නොකළ හොත් අතැම්විට මරණය පවා සිදුවිය හැකිය. මෙවැනි අනතුරක් සිදුවූ පසුව අනතුරට පත් සේවාදායකයකු රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියකට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම් ඒ ගොනු කරනුයේ අපරාධ නීති සංග්‍රහය යටතේය. එහෙත් වෛද්‍යවරයකුට එරෙහිව නම් ඔවුන් නඩුව ගොනු කරන්නේ සිවිල් නීති සංග්‍රහය යටතේ “නොසැලකිලිමත් බවට එරෙහිව” වැනි කරුණක් මතය. මෙයින් පැහැදිලි වන්නේ තමා හරියටම නොදන්නා කටයුත්තක් වගකීමකින් තොරව කිරීමෙන් රූපලාවණ්‍ය ශිල්පියා අතින් සිදුව ඇත්තේ බලවත් අපරාධයක් වන බවයි. මෙවැනි දේට නිතර යොමු වීමෙන් ඒ සඳහා භාවිතා කරන ද්‍රව්‍යවල අඩංගු රසායනික ද්‍රව්‍ය සිරුරට අහිතකර ප්‍රතිඵල ලබාදීමට ඉඩ තිබේ. නිදසුනක් ලෙස තමා කලක් භාවිතා කරන හිසකේ වර්ණකයක් වුවද කලකට පසුව විෂවීමට ඉඩ තිබේ. මෙවැනි සුළුදෙයින් පවා ඇතැම්විට බරපතළ ප්‍රතිඵල අත්විය හැකිය. එහෙයින් තමාට කිසියම් රූපලාවණ්‍ය ගැටලුවක් වේ නම් ඒ සඳහා පළමුව පිළිගත් සුදුසුකම් ලත් චර්ම රෝග වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම සුදුසුය. මුහුණු හැඩ වැඩ කරවා ගැනීම, කොණ්ඩා කැපීම, හා මෝස්තර දැමීම, ඇඳුම් අන්දවා හැඩවැඩ ගැන්වීම වැනි රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට අයත් කටයුතු පමණක් ඔවුන් ලවා කරගැනීම වඩා සුදුසුය. මෙවැනි ආයතනවල භාවිතා කරන ආනයනික ආලේපන මෙන්ම ඔවුන් විසින් නිපදවනු ලබන නිෂ්පාදන පිළිබඳ රජයේ පිළිගත් සහතිකයක් නොවන හෙයින් ඒවා භාවිතා කිරීමේදී ජනතාව වඩාත් සුපරීක්ෂාකාරී වීම වැදගත්ය. රූ සපුව රැකගැනීම ඉතා යහපත්ය. එහෙත් ඒ සඳහා ඔබ සතු ස්වාභාවික රූ සපුවෙන් හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බලා කටයුතු කිරීම නුවණට හුරුය. [/COLOR][/SIZE][/B][/CENTER] සාගරිකා දිසානායක ජයසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom