රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදිවුණු ශ්‍රී ලාංකික සෙබළුන්ගෙන් සංවේදී හෙළිදරව්වක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රුසියානු හමුදාවේ සේවය සඳහා පිටත්ව ගොස් මුලාවී අතිශය දුෂ්කරතා විඳින මෙරට ආරක්ෂක අංශවල විශ්‍රාමික සාමාජිකයන් අතරින් තවත් පිරිසක් එම කටුක අත්දැකීම් අද දෙරණට අද (03) අනාවරණ කළේය.

    මිනිස් ජවාරමට හසුවූ මෙම පිරිස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසය.

    මෙය රුසියානු හමුදාවේ රැකියා අපේක්ෂාවෙන් එරටට ගොස් වැග්නර් කුලී හමුදාවේ සේවය කරන්නට සිදුවුණු මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු මුහුණදුන් ඛේදනීය අත්දැකීම්ය.

    මෙම පිරිස එරටට යවා තිබුණේ රුසියානු හමුදාවේ ඉහළ වැටුප්වලින් යුත් රැකියා ඇති බව පවසමිනි.

    තමන් රුසියානු හමුදාවේ සේවය සඳහා යොමුකරන බව පැවසුවද, සිදුවූයේ වැග්නර් කුලී හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවයට යාමට බව ඔවුන් පවසයි.

    ඉහළ වැටුපක් මෙන්ම රුසියාවේ ඉඩම් ඇතුළු දේපළද ලබාදෙන බවට මෙරට නියෝජිතයන් පැවසුවත් ඒ කිසිවක් ඉටු නොවූ බවත් මාස කිහිපයකින් තමන්ට වැටුපක් හෝ නොලැබුණු බවත් ඔවුන් පවසයි.

    එරට යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකීය සෙබළුන් ඔවුන් එරට යුද පෙරමුණේ සිටින දර්ශන පෙළක් අපවෙත යොමුකළේය.

    මෙරට විශ්‍රාමික සෙබළු රැවටූ මෙම ජාවාරම සම්බන්ධයෙන් මෙරට යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙකු ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා එල්ලව අති බවද වාර්තාවේ.