Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුහුණු කුමාරි උඩරට මැණිකේ සහ යාල්දේවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුහුණු කුමාරි උඩරට මැණිකේ සහ යාල්දේවි

රුහුණු කුමාරි උඩරට මැණිකේ සහ යාල්දේවි දුම්රියවල ඇත්ත ඉතිහාස කතාව

(ඡායාපිටපත් අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ)

"ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය " (Ceylon Governmnet Railway යන්නෙහි නියම අරුත එසේය) හෙවත් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සීග්‍රගාමී මගී දුම්රිය සේවාවන් ආරම්භකිරීමට මුල්ම වරට අවධානය යොමු කරන ලද්දේ 1953 වර්ෂයේ දී Class M1 වර්ගයේ ඩීසල් දුම්රිය එන්ජින් ආනයනය කිරීමත් සමගම ය. එසේ M1 වර්ගයේ එන්ජින් යොදාගනිමින් ආරම්භකරන ලද සීග්‍රගාමී දුම්රිය තුනක් 1954 දෙසැම්බර් වනවිට ධාවනයේ පැවතුනි. ඒවා Yalpanm Express, Mahanuwara Express, සහ Ruhunu Express (රුහුණු කුමාරි නොවේ) යන නම් වලින් හැඳින්විනි.

මේ දුම්රිය තුන පිළිබඳව අද සමාජයේ එතරම් දැනුවත් භාවයක් නොමැති මුත් පසුකාලීනව ධාවනයට එක්වන යාල්දේවී උඩරට මැණිකේ සහ රුහුණූ කුමාරී යන සීග්‍රගාමී දුම්රිය ගැන අසා නොමැති පුද්ගලයකු නම් සොයාගැනීමටවත් නොහැකි තරම් ය. Class M1 වර්ගයේ දුම්රිය එන්ජින් ධාවනයට එක් කර වසරක තරම් ඇතුලත කාලයකට පසුව එනම් 1954 වසරේ දෙසැම්බර් මාසයේ දී කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ මෙරටට ආධාර ලෙස Class M2 වර්ගයේ දුම්රිය එන්ජින් 05ක් කැනඩාවෙන් ප්‍රථම වතාවට ලැබුණි. ඒ සමගම එවකට ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය සතුව තිබූ ඩීසල් දුම්රිය ඇන්ජින් ප්‍රමාණයද වැඩිවිය. අලුතින් දුම්රිය සේවයට ඩීසලු දුම්රිය එන්ජින් එකතුවීමත් සමගම ඒවා යොදාගනිමින් තරඟකාරී සේවාවක් දුම්රිය මගීන් වෙත ලබාදීම කෙරෙහි එවකට සිටි දුම්රිය බලධාරීන් අවධානය යොමුකරන ලදී. රුහුණු කුමාරී, යාල්දේවි සහ උඩරට මැණීකේ සීග්‍රගාමී දුම්රියන් ධෘවනයට එක් වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටය.

දුම්රියේ ඉතිහාසය පිළිබඳව තතු සොයන්නන් අතර මේ දුම්රිය තුන සම්බන්ධව ප්‍රචලිතව ඇති කරුණක් වන්නේ මේවා එකම දිනයක ගමන් ඇරඹූ බවකි. ඒ දිනය වශයෙන් බොහෝදෙනා සළකනු ලබන්නේ 1956 අප්‍රෙල් මස 23 වන සඳුදා දිනයයි.

මෙය සාවද්‍ය මතයකි.

රුහුණු කුමාරී දුම්රිය මුල්ම වරට ධාවනය කරන ලද්දේ 1955 ඔක්තෝබර් 24 වන දිනයේය.

මේ එදා (1955 ඔක්තෝබර් 24 වන දා) දිනමිණ පුවත්පත මුල් පිටුවේම රුහුණු කුමාරි දුම්රිය පිළිබඳව වාර්තා කර ඇති ආකාරයයි..

"රුහුණු කුමාරි අද ගමන්ගනී.

ගනේමුල්ල දිනමිණ වාර්තාකරු

කොළඹ මාතර අතර විශේෂ සුව පහසුකම් හා ආහාර ලබාගැනීමේ පහසුවද ඇති සීග්‍රගාමී දුම්රියක් රුහුණූ කුමාරි නමින් අද පස්වරු 4 ට කොටුවේ දුම්රිය ස්ථානයෙන් ඇරඹේ."

එදා ඇරඹුන මෙම සීග්‍රගාමී දුම්රිය සේවාවේ මූලික අරමූණ වී ඇත්තේ වේගවත් බව හා සැප පහසුව අතින් අනර්ඝ සේවාවක් මහජනතාව වෙත ලබාදී එවකට ව්‍යාප්තවෙමින් පැවතුන බස් සේවාවන් හා තරඟ කිරීමය.

අධිරාජ්‍යවාදීන් මෙරට දුම්රිය ප්‍රවාහන පද්ධතිය ස්ථාපිත කර දශක ගනනාවක් ගතවන තුරුම ඊට තරඟකාරයකු සිටියේ නැත.එකල දුම්රිය සතුව ප්‍රවාහන ඒකාධිකාරයක් (Monopoly) පැවතුනි.1900 සියවස ආරම්භවී ටික කාලයක් ගතවන විට ක්‍රම ක්‍රමයෙන් ලංකාව තුල මහා මාර්ග පද්ධතිය ව්‍යාප්තවෙමින් පැවතුන අතර පසුකාලීනව මගී ප්රවනාහන අවශ්‍යතාවයන්ට විසඳුමක් ලෙස ඒවායේ බස් රථ ධාවනය වීම ඇරඹුනි. 1950 දශකය වන විට මෙරට මහා මාර්ගවල ධාවනය වූ බස් සහ ලොරි රථ හේතුවෙන් දුම්රිය සතුව තිබූ ඒකාධිකාරයට තර්ජනයක් එල්ල වෙමින් පැවතුනි. දුම්රිය සේවය සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රිය ධාවනය කෙරෙහි අවධානය යොමුකරන්නේ මේ තරඟකාරීත්වයට යම් අභියෝගයක් එල්ල කරමිනි.

මේ බව රුහුණු කුමාරී දුම්රිය ඇරඹුම පිළිබඳව විස්තරාත්මක පුවත කුඩා ඡායාරූප දෙකක් ද සමග පලකරමින් 1955 ඔක්තෝබර් 25 වන දා දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කර ඇත..

රුහුණු කුමාරි මංගල ශ්‍රීයෙන් ගමනාරම්භ කරයි

දිනමින වාර්තාකරුවකු විසිනි

ඉක්මන් සහ සැප පහසුකම් සහිත සේවයක් මහජනයාට ලබාදී දුම්රිය සේවයේ තරඟකරුවන් සමග විශේෂයෙන් බස් සේවාවන් සමග තරඟ කල යුතු බවද ඒ තරඟයේ පළුමුවන පියවර එය බවද රුහුණු කුමාරී නමැති නවීනතම ශීග්‍රගාමී දුම්රිය සේවය ආරම්භ කිරීමේ උත්සවයේ දී දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඩී රම්පාල මහතා ඊයේ සවස ප්‍රකාශ කළේය.

අගමැති සර් ජෝන් කොතලාවල මහතාත් ගමනාගමන ඇමති මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතාත් රුහුණූ කුමාරි ගමනෙහි යෙදවූහ. මැති ඇමතිවරුන් හා විදේශීය තානාපති නියෝජිත වරුන් ඇතුලු විශාල පිරිසක් මේ උත්වයට සහභාගී වූහ. නමෝ නමෝ මාතා ජාතික ගී හඬ හා රතිඤ්ඤා පුපුරන හඬ මධ්‍යයේ රුහුණු කුමාරි සුබනැකතින් කොටුවේ දුම්රිය පොලෙන් මාතර බලා පිටත්ව ගියාය.

රුහුණු කුමාරි දුම්රිය ධාවනය කිරීම නිමිත්තෙන් පැවැත්වුනු අභිමානවත් උත්සවය සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය මැනැවින් සූදානම් කොට තිබුණි. රුහුණු කුමාරී දුම්රිය මංගල ගමන ඇරඹුවේ එදා එහි තිබූ පස්වන වේදිකාවේ සිටය. ඒ වේදිකාව අද හත්වන වේදිකාවයි. මුලු වේදිකාවම මල් වැල් වලින් සහ ජාතික ධජ රැසකින් ඉතා අලංකාරවත් අයුරින් සරසා තිබුණි. මංගල ගමනට යොදාගැනුන M2 572 - British Columbia නම සඳහන් කැනඩා ආධාරයක් ලෙස ලැබුණු අලුත්ම අලුත් දුම්රිය එන්ජිම එහි මුලින් පැවති රතු සහ දුඹුරු පැහැය වෙනස් කොට රිදී සහ නිල් පැහැයෙන් වර්ණ ගන්වා රුහුණු කුමාරි දුම්රියට යොදා තිබුණි. උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේද එසේ මෙසේ පුද්ගලකු නොවේ. රුහුණු කුමාරි දුම්රිය විවෘත කලේ එවකට ලංකාවේ අග්‍රාමාත්‍ය වරයා වූ සර් ජෝන් කොතලාවල මහතාය. විදෙස් තානාපති නිළධාරීන්,දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ රජයේ උසස් නිළධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වීමෙන් එදා මේ උත්සවයට කොතරම් වැදගත් කමක් ලැබී තිබුණේදැයි වටහාගත හැකිය.

සත්‍යවශයෙන්ම රුහුණු කුමාරී දුම්රිය 1955 ඔක්තෝබර් මස 24 වන දිනයේ දී එළෙස ඇරඹුනත් එය 1956 අප්‍රේල් මාසයේ දී ඇරඹුන බවට බොහෝ දෙනා වරදවා වටහාගෙන ඇත්තේ එක්තරා දැන්වීමක් නිසාවෙනි. මේ දැන්වීම 1956 අප්‍රේල් මාසයේ දී එනම් රුහුණු කුමාරී දුම්රිය ධාවනය කිරීමට පටන් ගෙන මාස හයකට පමණ පසුව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිළුමිණ පුවත්පතේ පලකරන ලද දැන්වීමකි.

"ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය - ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි.." යනුවෙන් රුවැති කාන්තාවන් තිදෙනෙකුගේ සිතුවම් සහිතව මෙම දැන්වීම මුලින්ම පලකර තිබුණි. එම දැන්වීම බලන ඕනෑම කෙනෙකුට එක්වරම හැඟීයන්නේ උඩරට මැණිකේ යාල්දේවි සහ රුහුණූ කුමාරී යන නම් වලින් දුම්රියන් තුනක් අලුතින් ආරම්භ කරන්නට යන බවකි. කෙසේ වෙතත් රුහුණූ කුමාරි දුම්රිය ඒ වනවිටත් ආරම්භකර තිබූ බැවින් මේ දැන්වීම පුවත්පත් වල පලවීමෙන් පසුව ඒ ගැන යම් ආන්දෝලනයක් ඇති වූවායයි සිතිය හැකිය. කෙසේ හෝ ඉන් පසුව එළැඹි දින කිහිපයකම දිනමිණ පුවත්පතෙහි මෙම දැන්වීමම තරමක් වෙනස් ස්වරූපයෙන් (නිවැරදි කොට) අඛණ්ඩව පල කර ඇත. මේ යුගයේ ලංකාව තුල තිබූ ප්‍රබලම ප්රචාරක මාධ්‍යය පුවත් පත වූ අතර රටවැසියාගේ අවධානය සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය දේ දැන්වීම් මගින් පුවත්පත් හරහා පලකර ඇත. අලුතින් ආරම්භ කිරීමට යන දුමරිය ගැන කියැවෙන පණිවුඩයද මහජනයාගේ අවධානයට ලක්කරනු පිණිස පුවත්පත් දැන්වීමක් ලෙස සකස්කර පලකර ඇත්තේ එබැවිනි.

දැන්වීම් වල සඳහන් කර ඇති දුම්රිය පිළිබඳව 1956 අප්‍රේල් මස 23 දා දිනමිණ අලුයම මුද්‍රණයේ මුල්ම පිටුවේ මෙසේ පලකර තිබුණි.

"මැණිකෙ අද සිට

දිනමිණ වාර්තාකරුවකු විසිනි

උඩරට මැණිකේ යන නමින් ඇඳින්වෙන අලුත් ශීග්‍ර ගාමී බදුලු දුම්රිය සේවාවක්ද යාල් දේවී යන නමින් හැඳින්වෙන කන්කසන්තුරේ බලා යන සීග්‍රගාමී දුම්රිය සේවයක්ද මාතර බලා යන රුහුණු කුමාරී සේවයද අද පටන් ක්‍රියාත්මක වන අලුත් දුම්රිය කාලසටහන අනුව ගමනාගමන ඇමතිවරයා විසින් ආරම්භ කරනු ඇත. යාල්දේවී දුම්රිය සේවය අද අලුයම 5.30ටත් උඩරට මැණිකේ දුම්රිය උදේ 9.30ටත් ආරම්භ වේ."

මෙයින් කියැවෙන්නේ උඩරට මැණිකේ සහ යාල්දේවී නමින් අලුත් දුම්රිය දෙකක් ඇරඹෙන බව සහ රුහුණු කුමාරී දුම්රිය අලුත් කාලසටහනකට අනුව ධාවනය කරන බවකි. මේ පිළිබඳව වැඩිදුර විස්තරයක් පසුදින එනම් 1956 අප්‍රේල් 24 දා දිනමිණ පවත්පතේ මුල් පිටුවේ සහ හත්වන පිටුවේත් පලකර තිබුණ අතර එහි මෙසේ සඳහන් වේ

"දේවිත් මැණිකෙත් එකදින ගමන් අරඹති

දිනමිණ වාර්තාකරුවකු විසිනි

ගමනාගමන ඇමති ඇම් සේනානායක මහතා විසින් ඊයේ උදේ ධාවන ගමන් ආරම්භකරන ලද දුම්රිය දෙක නම් කොළඹ සිට කන්කසන්තුරය බලා යන යාල්දේවී සහ කොළඹ සිට බදුල්ල දක්වා යන උඩරට මැණිකේත්ය. මගීන්ගෙන් පිරීගිය යාල්දේවී දුම්රිය ඇමැතිවරයා විසින් 5.45ට විවෘත්ත කර 6කුත් විනාඩි 1ට පිටත්ව ගියේය. උඩරට මැණිකේ බදුලු දුම්රිය ගමනාරම්භකලේ උදේ 9.30ටය. මහජනයාගේ අවශ්‍යතායවන් පරිදි ගමනාගමනය පිළිබඳ කටයුතු කරන බව සඳහන්කල සේනානායක මහතා ප්‍රගතිය කරා ගමන්කරන මහජනයාට ගැලපෙන පරිදි දුම්රිය සේවාවේ තත්වයද උසස් කරන බව කීවේය."

පුවත්පත වාර්තාකර ඇති ප්‍රවෘත්තියේ රුහුණු කුමාරි ගැන සඳහනක් නැත. මෙදින එය විශේෂයෙන් විවෘත්ත කල බවක්ද නොකියැවේ. අත්තවශයෙන්ම රුහුණු කුමාරී දුම්රියේ නැවත විවෘත්ත කිරීමට දෙයක් තිබුණේ නැත,ඊට මාස 06කට ප්‍රථමයෙන් පැවති ආණ්ඩුවේ අගමැති වූ සර් ජෝන් කොතලාවල මහතා සහ ගමනාගමන ඇමතිවරයා විසින් මහජනයා වෙනුවෙන් විවෘත්ත කර දී තිබුණි. මෙදින සිදුවූයේ රුහුණු කුමාරී දුම්රියේ ධාවන කාල සටහන අලුතින් විවෘත්ත කෙරෙන දුම්රිය දෙකට ගැලපෙන පරිදි සංශෝධනයක් පමණකි. 1956 ආණ්ඩු පෙරළියෙන් පසු අලුතින් පත්වූ ආණ්ඩුවේ ප්‍රවාහනය සහ වැඩ ඇමති ධූරය දැරූ මෛත්‍රිපාල සේනානායක මහතා විසින් 1956 අප්‍රේල් 23 දින උඩරට මැණිකේ සහ යාල්දේවී දුම්රිය දෙක මහජනතාව වෙනුවෙන් විවෘත්ත කර දුන්නේය. එදා මුල්ම වරට ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය සඳහා යොදාගත්තේද රුහුණු කුමාරි ධාවනයට මුල්ම වරට යොදාගත් M2 572 British Columbia දුම්රිය එන්ජිමමය. මුල්ම යාල්දේවි දුම්රිය සදහා M2 569 Ontario දුම්රිය එන්ජිම යොදාගැනුනි.

අද බොහෝ දෙනෙක් එකම දිනයක දී සිදුවූ ඇරඹුමක් ලෙස මේ දුම්රිය තුනෙහි ආරම්භය සැළකූවද රුහුණු කුමාරිත්, උඩරට මැණිකේ සහ යාල්දේවි දුම්රිය දෙකත් ඇත්ත වශයෙන්ම ආණ්ඩු දෙකක ඇමති වරුන් දෙදෙනෙකු විසින් අවස්ථා දෙකක දී සිදුකරන ලද ඇරඹුම් දෙකක් ලෙස දුම්රිය ඉතිහාසය තුල වෙන් වෙන්ව සටහන් කර තැබිය යුතුය.

01.මහනුවර එක්ස්ප්‍රස් දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී 1954 දෙසැම්බර්

(ඡායාරූපය අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ)

02.රුහුණු කුමාරි ඇරඹීම පිළිබඳව විස්තරය 1955 ඔක්තෝබර් 25 දිනමිණ වාර්තා කර තිබෙන අයුරු

(ඡායාපිටපත් අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ)

03.දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට මැණිකේ සහ යාල්දේවී දුම්රියන් ආරම්භකිරීම වෙනුවෙන් පුවත්පත්වල පලකරන ලද දැන්වීම්. වම්පස දැන්වීම මගින් සාවද්‍යය අදහසක් ලබා දේ. නිවැරදි දැන්වීම දකුණු පස දැන්වීමයි.

(ඡායාපිටපත් අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ)

04.රුහුණු කුමාරී දුම්රිය සමාරම්භක මොහොතේ දී එවකට දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඩී රම්පාල මහතා උත්සව සභාව අමතමින්

(ඡායාරූපය අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ)

05.Class M2 572 - British Columbia දුම්රිය එන්ජිම සහිත රුහුණු කුමාරී මංගල දුම්රිය කොළඹ කොටුවේ එවකට 5 වන වේදිකාවේ නවතා ඇති අයුරු.

(ඡායාරූපය අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ)

issuwe fb eken

[QUOTE="mzonerz, post: 17291156, member: 375010"] [b]රුහුණු කුමාරි උඩරට මැණිකේ සහ යාල්දේවි[/b] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10419494_293087944225578_4295393529346739527_n.jpg?oh=d378fc66e436769611e6e98909ff3f43&oe=54EE38B7&__gda__=1421481323_8a3cec30ad76fa004184ed7fb8ca8df8[/IMG] රුහුණු කුමාරි උඩරට මැණිකේ සහ යාල්දේවි දුම්රියවල ඇත්ත ඉතිහාස කතාව (ඡායාපිටපත් අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ) "ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය " (Ceylon Governmnet Railway යන්නෙහි නියම අරුත එසේය) හෙවත් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සීග්‍රගාමී මගී දුම්රිය සේවාවන් ආරම්භකිරීමට මුල්ම වරට අවධානය යොමු කරන ලද්දේ 1953 වර්ෂයේ දී Class M1 වර්ගයේ ඩීසල් දුම්රිය එන්ජින් ආනයනය කිරීමත් සමගම ය. එසේ M1 වර්ගයේ එන්ජින් යොදාගනිමින් ආරම්භකරන ලද සීග්‍රගාමී දුම්රිය තුනක් 1954 දෙසැම්බර් වනවිට ධාවනයේ පැවතුනි. ඒවා Yalpanm Express, Mahanuwara Express, සහ Ruhunu Express (රුහුණු කුමාරි නොවේ) යන නම් වලින් හැඳින්විනි. මේ දුම්රිය තුන පිළිබඳව අද සමාජයේ එතරම් දැනුවත් භාවයක් නොමැති මුත් පසුකාලීනව ධාවනයට එක්වන යාල්දේවී උඩරට මැණිකේ සහ රුහුණූ කුමාරී යන සීග්‍රගාමී දුම්රිය ගැන අසා නොමැති පුද්ගලයකු නම් සොයාගැනීමටවත් නොහැකි තරම් ය. Class M1 වර්ගයේ දුම්රිය එන්ජින් ධාවනයට එක් කර වසරක තරම් ඇතුලත කාලයකට පසුව එනම් 1954 වසරේ දෙසැම්බර් මාසයේ දී කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ මෙරටට ආධාර ලෙස Class M2 වර්ගයේ දුම්රිය එන්ජින් 05ක් කැනඩාවෙන් ප්‍රථම වතාවට ලැබුණි. ඒ සමගම එවකට ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය සතුව තිබූ ඩීසල් දුම්රිය ඇන්ජින් ප්‍රමාණයද වැඩිවිය. අලුතින් දුම්රිය සේවයට ඩීසලු දුම්රිය එන්ජින් එකතුවීමත් සමගම ඒවා යොදාගනිමින් තරඟකාරී සේවාවක් දුම්රිය මගීන් වෙත ලබාදීම කෙරෙහි එවකට සිටි දුම්රිය බලධාරීන් අවධානය යොමුකරන ලදී. රුහුණු කුමාරී, යාල්දේවි සහ උඩරට මැණීකේ සීග්‍රගාමී දුම්රියන් ධෘවනයට එක් වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටය. දුම්රියේ ඉතිහාසය පිළිබඳව තතු සොයන්නන් අතර මේ දුම්රිය තුන සම්බන්ධව ප්‍රචලිතව ඇති කරුණක් වන්නේ මේවා එකම දිනයක ගමන් ඇරඹූ බවකි. ඒ දිනය වශයෙන් බොහෝදෙනා සළකනු ලබන්නේ 1956 අප්‍රෙල් මස 23 වන සඳුදා දිනයයි. මෙය සාවද්‍ය මතයකි. රුහුණු කුමාරී දුම්රිය මුල්ම වරට ධාවනය කරන ලද්දේ 1955 ඔක්තෝබර් 24 වන දිනයේය. මේ එදා (1955 ඔක්තෝබර් 24 වන දා) දිනමිණ පුවත්පත මුල් පිටුවේම රුහුණු කුමාරි දුම්රිය පිළිබඳව වාර්තා කර ඇති ආකාරයයි.. "රුහුණු කුමාරි අද ගමන්ගනී. ගනේමුල්ල දිනමිණ වාර්තාකරු කොළඹ මාතර අතර විශේෂ සුව පහසුකම් හා ආහාර ලබාගැනීමේ පහසුවද ඇති සීග්‍රගාමී දුම්රියක් රුහුණූ කුමාරි නමින් අද පස්වරු 4 ට කොටුවේ දුම්රිය ස්ථානයෙන් ඇරඹේ." එදා ඇරඹුන මෙම සීග්‍රගාමී දුම්රිය සේවාවේ මූලික අරමූණ වී ඇත්තේ වේගවත් බව හා සැප පහසුව අතින් අනර්ඝ සේවාවක් මහජනතාව වෙත ලබාදී එවකට ව්‍යාප්තවෙමින් පැවතුන බස් සේවාවන් හා තරඟ කිරීමය. අධිරාජ්‍යවාදීන් මෙරට දුම්රිය ප්‍රවාහන පද්ධතිය ස්ථාපිත කර දශක ගනනාවක් ගතවන තුරුම ඊට තරඟකාරයකු සිටියේ නැත.එකල දුම්රිය සතුව ප්‍රවාහන ඒකාධිකාරයක් (Monopoly) පැවතුනි.1900 සියවස ආරම්භවී ටික කාලයක් ගතවන විට ක්‍රම ක්‍රමයෙන් ලංකාව තුල මහා මාර්ග පද්ධතිය ව්‍යාප්තවෙමින් පැවතුන අතර පසුකාලීනව මගී ප්රවනාහන අවශ්‍යතාවයන්ට විසඳුමක් ලෙස ඒවායේ බස් රථ ධාවනය වීම ඇරඹුනි. 1950 දශකය වන විට මෙරට මහා මාර්ගවල ධාවනය වූ බස් සහ ලොරි රථ හේතුවෙන් දුම්රිය සතුව තිබූ ඒකාධිකාරයට තර්ජනයක් එල්ල වෙමින් පැවතුනි. දුම්රිය සේවය සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රිය ධාවනය කෙරෙහි අවධානය යොමුකරන්නේ මේ තරඟකාරීත්වයට යම් අභියෝගයක් එල්ල කරමිනි. මේ බව රුහුණු කුමාරී දුම්රිය ඇරඹුම පිළිබඳව විස්තරාත්මක පුවත කුඩා ඡායාරූප දෙකක් ද සමග පලකරමින් 1955 ඔක්තෝබර් 25 වන දා දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කර ඇත.. රුහුණු කුමාරි මංගල ශ්‍රීයෙන් ගමනාරම්භ කරයි දිනමින වාර්තාකරුවකු විසිනි ඉක්මන් සහ සැප පහසුකම් සහිත සේවයක් මහජනයාට ලබාදී දුම්රිය සේවයේ තරඟකරුවන් සමග විශේෂයෙන් බස් සේවාවන් සමග තරඟ කල යුතු බවද ඒ තරඟයේ පළුමුවන පියවර එය බවද රුහුණු කුමාරී නමැති නවීනතම ශීග්‍රගාමී දුම්රිය සේවය ආරම්භ කිරීමේ උත්සවයේ දී දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඩී රම්පාල මහතා ඊයේ සවස ප්‍රකාශ කළේය. අගමැති සර් ජෝන් කොතලාවල මහතාත් ගමනාගමන ඇමති මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතාත් රුහුණූ කුමාරි ගමනෙහි යෙදවූහ. මැති ඇමතිවරුන් හා විදේශීය තානාපති නියෝජිත වරුන් ඇතුලු විශාල පිරිසක් මේ උත්වයට සහභාගී වූහ. නමෝ නමෝ මාතා ජාතික ගී හඬ හා රතිඤ්ඤා පුපුරන හඬ මධ්‍යයේ රුහුණු කුමාරි සුබනැකතින් කොටුවේ දුම්රිය පොලෙන් මාතර බලා පිටත්ව ගියාය. රුහුණු කුමාරි දුම්රිය ධාවනය කිරීම නිමිත්තෙන් පැවැත්වුනු අභිමානවත් උත්සවය සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය මැනැවින් සූදානම් කොට තිබුණි. රුහුණු කුමාරී දුම්රිය මංගල ගමන ඇරඹුවේ එදා එහි තිබූ පස්වන වේදිකාවේ සිටය. ඒ වේදිකාව අද හත්වන වේදිකාවයි. මුලු වේදිකාවම මල් වැල් වලින් සහ ජාතික ධජ රැසකින් ඉතා අලංකාරවත් අයුරින් සරසා තිබුණි. මංගල ගමනට යොදාගැනුන M2 572 - British Columbia නම සඳහන් කැනඩා ආධාරයක් ලෙස ලැබුණු අලුත්ම අලුත් දුම්රිය එන්ජිම එහි මුලින් පැවති රතු සහ දුඹුරු පැහැය වෙනස් කොට රිදී සහ නිල් පැහැයෙන් වර්ණ ගන්වා රුහුණු කුමාරි දුම්රියට යොදා තිබුණි. උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේද එසේ මෙසේ පුද්ගලකු නොවේ. රුහුණු කුමාරි දුම්රිය විවෘත කලේ එවකට ලංකාවේ අග්‍රාමාත්‍ය වරයා වූ සර් ජෝන් කොතලාවල මහතාය. විදෙස් තානාපති නිළධාරීන්,දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ රජයේ උසස් නිළධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වීමෙන් එදා මේ උත්සවයට කොතරම් වැදගත් කමක් ලැබී තිබුණේදැයි වටහාගත හැකිය. සත්‍යවශයෙන්ම රුහුණු කුමාරී දුම්රිය 1955 ඔක්තෝබර් මස 24 වන දිනයේ දී එළෙස ඇරඹුනත් එය 1956 අප්‍රේල් මාසයේ දී ඇරඹුන බවට බොහෝ දෙනා වරදවා වටහාගෙන ඇත්තේ එක්තරා දැන්වීමක් නිසාවෙනි. මේ දැන්වීම 1956 අප්‍රේල් මාසයේ දී එනම් රුහුණු කුමාරී දුම්රිය ධාවනය කිරීමට පටන් ගෙන මාස හයකට පමණ පසුව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිළුමිණ පුවත්පතේ පලකරන ලද දැන්වීමකි. "ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය - ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි.." යනුවෙන් රුවැති කාන්තාවන් තිදෙනෙකුගේ සිතුවම් සහිතව මෙම දැන්වීම මුලින්ම පලකර තිබුණි. එම දැන්වීම බලන ඕනෑම කෙනෙකුට එක්වරම හැඟීයන්නේ උඩරට මැණිකේ යාල්දේවි සහ රුහුණූ කුමාරී යන නම් වලින් දුම්රියන් තුනක් අලුතින් ආරම්භ කරන්නට යන බවකි. කෙසේ වෙතත් රුහුණූ කුමාරි දුම්රිය ඒ වනවිටත් ආරම්භකර තිබූ බැවින් මේ දැන්වීම පුවත්පත් වල පලවීමෙන් පසුව ඒ ගැන යම් ආන්දෝලනයක් ඇති වූවායයි සිතිය හැකිය. කෙසේ හෝ ඉන් පසුව එළැඹි දින කිහිපයකම දිනමිණ පුවත්පතෙහි මෙම දැන්වීමම තරමක් වෙනස් ස්වරූපයෙන් (නිවැරදි කොට) අඛණ්ඩව පල කර ඇත. මේ යුගයේ ලංකාව තුල තිබූ ප්‍රබලම ප්රචාරක මාධ්‍යය පුවත් පත වූ අතර රටවැසියාගේ අවධානය සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය දේ දැන්වීම් මගින් පුවත්පත් හරහා පලකර ඇත. අලුතින් ආරම්භ කිරීමට යන දුමරිය ගැන කියැවෙන පණිවුඩයද මහජනයාගේ අවධානයට ලක්කරනු පිණිස පුවත්පත් දැන්වීමක් ලෙස සකස්කර පලකර ඇත්තේ එබැවිනි. දැන්වීම් වල සඳහන් කර ඇති දුම්රිය පිළිබඳව 1956 අප්‍රේල් මස 23 දා දිනමිණ අලුයම මුද්‍රණයේ මුල්ම පිටුවේ මෙසේ පලකර තිබුණි. "මැණිකෙ අද සිට දිනමිණ වාර්තාකරුවකු විසිනි උඩරට මැණිකේ යන නමින් ඇඳින්වෙන අලුත් ශීග්‍ර ගාමී බදුලු දුම්රිය සේවාවක්ද යාල් දේවී යන නමින් හැඳින්වෙන කන්කසන්තුරේ බලා යන සීග්‍රගාමී දුම්රිය සේවයක්ද මාතර බලා යන රුහුණු කුමාරී සේවයද අද පටන් ක්‍රියාත්මක වන අලුත් දුම්රිය කාලසටහන අනුව ගමනාගමන ඇමතිවරයා විසින් ආරම්භ කරනු ඇත. යාල්දේවී දුම්රිය සේවය අද අලුයම 5.30ටත් උඩරට මැණිකේ දුම්රිය උදේ 9.30ටත් ආරම්භ වේ." මෙයින් කියැවෙන්නේ උඩරට මැණිකේ සහ යාල්දේවී නමින් අලුත් දුම්රිය දෙකක් ඇරඹෙන බව සහ රුහුණු කුමාරී දුම්රිය අලුත් කාලසටහනකට අනුව ධාවනය කරන බවකි. මේ පිළිබඳව වැඩිදුර විස්තරයක් පසුදින එනම් 1956 අප්‍රේල් 24 දා දිනමිණ පවත්පතේ මුල් පිටුවේ සහ හත්වන පිටුවේත් පලකර තිබුණ අතර එහි මෙසේ සඳහන් වේ "දේවිත් මැණිකෙත් එකදින ගමන් අරඹති දිනමිණ වාර්තාකරුවකු විසිනි ගමනාගමන ඇමති ඇම් සේනානායක මහතා විසින් ඊයේ උදේ ධාවන ගමන් ආරම්භකරන ලද දුම්රිය දෙක නම් කොළඹ සිට කන්කසන්තුරය බලා යන යාල්දේවී සහ කොළඹ සිට බදුල්ල දක්වා යන උඩරට මැණිකේත්ය. මගීන්ගෙන් පිරීගිය යාල්දේවී දුම්රිය ඇමැතිවරයා විසින් 5.45ට විවෘත්ත කර 6කුත් විනාඩි 1ට පිටත්ව ගියේය. උඩරට මැණිකේ බදුලු දුම්රිය ගමනාරම්භකලේ උදේ 9.30ටය. මහජනයාගේ අවශ්‍යතායවන් පරිදි ගමනාගමනය පිළිබඳ කටයුතු කරන බව සඳහන්කල සේනානායක මහතා ප්‍රගතිය කරා ගමන්කරන මහජනයාට ගැලපෙන පරිදි දුම්රිය සේවාවේ තත්වයද උසස් කරන බව කීවේය." පුවත්පත වාර්තාකර ඇති ප්‍රවෘත්තියේ රුහුණු කුමාරි ගැන සඳහනක් නැත. මෙදින එය විශේෂයෙන් විවෘත්ත කල බවක්ද නොකියැවේ. අත්තවශයෙන්ම රුහුණු කුමාරී දුම්රියේ නැවත විවෘත්ත කිරීමට දෙයක් තිබුණේ නැත,ඊට මාස 06කට ප්‍රථමයෙන් පැවති ආණ්ඩුවේ අගමැති වූ සර් ජෝන් කොතලාවල මහතා සහ ගමනාගමන ඇමතිවරයා විසින් මහජනයා වෙනුවෙන් විවෘත්ත කර දී තිබුණි. මෙදින සිදුවූයේ රුහුණු කුමාරී දුම්රියේ ධාවන කාල සටහන අලුතින් විවෘත්ත කෙරෙන දුම්රිය දෙකට ගැලපෙන පරිදි සංශෝධනයක් පමණකි. 1956 ආණ්ඩු පෙරළියෙන් පසු අලුතින් පත්වූ ආණ්ඩුවේ ප්‍රවාහනය සහ වැඩ ඇමති ධූරය දැරූ මෛත්‍රිපාල සේනානායක මහතා විසින් 1956 අප්‍රේල් 23 දින උඩරට මැණිකේ සහ යාල්දේවී දුම්රිය දෙක මහජනතාව වෙනුවෙන් විවෘත්ත කර දුන්නේය. එදා මුල්ම වරට ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය සඳහා යොදාගත්තේද රුහුණු කුමාරි ධාවනයට මුල්ම වරට යොදාගත් M2 572 British Columbia දුම්රිය එන්ජිමමය. මුල්ම යාල්දේවි දුම්රිය සදහා M2 569 Ontario දුම්රිය එන්ජිම යොදාගැනුනි. අද බොහෝ දෙනෙක් එකම දිනයක දී සිදුවූ ඇරඹුමක් ලෙස මේ දුම්රිය තුනෙහි ආරම්භය සැළකූවද රුහුණු කුමාරිත්, උඩරට මැණිකේ සහ යාල්දේවි දුම්රිය දෙකත් ඇත්ත වශයෙන්ම ආණ්ඩු දෙකක ඇමති වරුන් දෙදෙනෙකු විසින් අවස්ථා දෙකක දී සිදුකරන ලද ඇරඹුම් දෙකක් ලෙස දුම්රිය ඉතිහාසය තුල වෙන් වෙන්ව සටහන් කර තැබිය යුතුය. 01.මහනුවර එක්ස්ප්‍රස් දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී 1954 දෙසැම්බර් (ඡායාරූපය අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ) 02.රුහුණු කුමාරි ඇරඹීම පිළිබඳව විස්තරය 1955 ඔක්තෝබර් 25 දිනමිණ වාර්තා කර තිබෙන අයුරු (ඡායාපිටපත් අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ) 03.දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට මැණිකේ සහ යාල්දේවී දුම්රියන් ආරම්භකිරීම වෙනුවෙන් පුවත්පත්වල පලකරන ලද දැන්වීම්. වම්පස දැන්වීම මගින් සාවද්‍යය අදහසක් ලබා දේ. නිවැරදි දැන්වීම දකුණු පස දැන්වීමයි. (ඡායාපිටපත් අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ) 04.රුහුණු කුමාරී දුම්රිය සමාරම්භක මොහොතේ දී එවකට දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඩී රම්පාල මහතා උත්සව සභාව අමතමින් (ඡායාරූපය අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ) 05.Class M2 572 - British Columbia දුම්රිය එන්ජිම සහිත රුහුණු කුමාරී මංගල දුම්රිය කොළඹ කොටුවේ එවකට 5 වන වේදිකාවේ නවතා ඇති අයුරු. (ඡායාරූපය අයිතිය සහ සංරක්ෂණය නලින් අබේසිංහ) issuwe fb eken [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom