Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රූපයට රැවටීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*රූපයට රැවටීම.*

පිංවත අපි රූපය වින්දොත්, පටිච්චසමුප්පන්නව තවත් රූපයකට බැසගැනීමට අදාළව සංස්කාර රැස්කොට ගන්නවා. අපි රූපය නොවින්දොත්, අපි එක තැනම නැවත

*රූපයට රැවටීම.*

පිංවත අපි රූපය වින්දොත්, පටිච්චසමුප්පන්නව තවත් රූපයකට බැසගැනීමට අදාළව සංස්කාර රැස්කොට ගන්නවා. අපි රූපය නොවින්දොත්, අපි එක තැනම නැවතුණා වෙනවා. අපි රූපය විදර්ශනා නුවණින් දැක්කොත්, රූප තෘෂ්ණාවේ නිරෝධයට හේතු වෙනවා. පිංවත ඉහත කාරණා තුනෙන් ඔබ වඩාත් ම කැමති කුමකට ද? දවසින් දවස ලෞකික ප්‍රඥාවෙන් දුර්වලවෙන සමාජය දෙස බලත්දි අපි දකින්නේ, රූපය විඳින පිරිසේ මහා වැඩිවීමක්. කොටට ඇඳුම් පලඳින, හිරට ඇඳුම් පලඳින, ශරීරය අනවශ්‍ය ආකාරයෙන් බාහිරට නිරාවරණය කිරීමට කැමති සංස්කෘතියක්. අපේ ගැහැනු දරුවන් හිරට හිරේ පලඳින දිග කලිසම් රැල්ල දකිත්දි, සිංහල බෞද්ධකමක් පිළිබඳව දැනීමක් සකස් වෙන්නේ ම නැහැ. බටහිර සුදු නෝනලාගේ සංස්කෘතියයි මතකයට නැගෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, රූපයේ ආශ්වාදය කෙටියි කියලා. රූපයේ ආශ්වාදය කියලා කියන්නේ නවයොවුන් තරුණයෙකුගේ හෝ තරුණියකගේ තාරුණ්‍යයේ රූපයයි. තාරුණ්‍යයේ රූපයේ නවයොවුන් රිද්මය, ලාලිත්‍යය, හැඩය, වර්ණය රූපයේ ආශ්වාදයයි. මහණෙනි, රූපයේ ආශ්වාදය කෙටියි. ඔය තාරුණ්‍යයේ හැඩවැඩ රූපය ක්‍රමානුකූලව ජරා, ව්‍යාධි, මරණ විසින් ඩැහැ ගන්නවා. එවිට අපිට ඉතිරි වෙන්නේ ශෝක පරිදේවයෝ පමණක් මයි. පිංවත කරුණාකර සිංහල බෞද්ධකමට නොගැළපෙන ආකාරයෙන් ඔබේ රූපය විඳින්න එපා. ඔය ඇඳුමෙන් වැසිලා තිබෙන්නේ මුත්‍ර, අශූචි, ලේ, සැරව ගොඩක් පමණක් මයි.

පිංවත ලස්සන හැඩවැඩ රූපයක් ලබන්න කොච්චර නම් පෙර පිං තිබෙන්න ඕනේ ද? පෙර ජීවිතයේ විසිතුරු මල් වට්ටි සිය ගණන් බුදුසමිඳුන්ට පූජා කරලා, බෝ මළු ලස්සනට ඇමදලා, මෛත්‍රී චිත්තයන් වඩලා, දන්පැන් පූජා කරලා, පිංවත ලස්සන රූපයක සැඟවුණ රහස පින පිරුණ පුණ්යකර්මයෝ මයි. පෙර පිනේ ශක්තියෙන් උපන් ඔබේ රූපය අනුන් තුළ රාග සිත්, කාම සිත් ඇතිකොට ගැනීමට උපයෝගීකොට ගන්න එපා. එවිට ඔබලා සමාජයේ ඇවිදින කාම දන්සල්, රාග දන්සල් බවට පත්වේවි. වර්තමාන සමාජයේ ඇවිදින කාම දන්සල්, රාග දන්සල් වැහි වැහැලා. පිංවත ඔබත් සමාජයේ ඇවිදින අනුනගේ කාම, රාග දන්සල් සිත් සේ මනසින් භුක්ති විඳින කෙනෙක් ද? පිංවත ඔබ රූපයේ ආශ්වාදයට ගොදුරක් වී කාම සිතුවිලි ඇතිවෙන ආකාරයෙන් පලඳින ඇඳුම් පැලඳුම් සහ අඩ නිරුවත් හැසිරීම් වලින් අනුන් තුළ කාම, රාග සිතුවිලි ඇතිවෙන්න දෙන්න හොඳ නැහැ. පටිච්චසමුප්පන්නව අපිව පායාස නිරයේ උපදින්නත් පුළුවන්. මෙම සුන්දර මනුෂ්‍ය ජීවිතයේ දී අඩ නිරුවතට කැමති වුණොත්, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී නිර්වස්ත්‍ර තිරිසන් කුලයේ ම අපිව උපදින්න පුළුවන්. කුටිය අවට පැන දුවන රිලා රංචුවේ කාටවත්ම ඇඳුම් නැහැ. හැමදාමත් නිරුවතින් ඉන්නේ. මේවා සුන්දර හේතුඵල ධර්මයන්. පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබලා ඔබ නිරුවතට, අඩ නිරුවතට කැමති වුණොත්, පටිච්චසමුප්පන්නව තිරිසන් ලෝකයේ නිරුවත් උපතකට ඔබ කැමතිවිය යුතුයි. පිංවත රූපයේ ආශ්වාදයෙන් මත් වී සමාජගතවෙන වැරදි පූර්වාදර්ශයෝ, මොනතරම් නම් සමාජය අකුසලය දිශාවට යොමු කරනවා ද? පිංවත කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල පිංවතුන්ව අනුකරණය කරන්න යන්න එපා. පිංවත ඔබ සතර මහා ධාතුවෙන් හැදුණ ඔබේ රූපයට වැඩි වටිනාකමක් දුන්නොත් ඔබේ අධ්‍යාත්මය තුළ ඉතිරි වෙන්නේ කාමච්ඡන්දයෝ ප්රමුඛ පංච නීවරණ ධර්මයෝ පමණක් මයි.

පිංවත සිංහල බෞද්ධයා යැයි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා කියන අර්ථයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරත්දි, අපිට කොච්චර නම් යහපත් දේවල් මුණ ගැසෙනවා ද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, නෙක්ඛම්මය, සීලය, සතිය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, ඥානදර්ශන. පිංවත කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය තුළ දුකට අභියෝග කරන මහා බලවතා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි. පිංවත අපි ලෝකය යැයි හඳුන්වන්නේ මොනතරම් නම් මායාවක් ද? අපි ලෝක බලවතුන් යැයි හඳුන්වන්නේ අවිද්‍යාවේ වැරහැලි ම නේද? අවිද්‍යාවේ වැරහැලි බලවතුන් වූ ලෝකයක සමස්ත ලෝකයාගේ ම අනාගත ඉතිරිය වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් ම නේද? පිංවත වෙඩි හඬ, රතිඤ්ඤා හඬ, සිනා හඩ, ශෝක පරිදේවයන්ගේ හඬ මැදින් ලෝකය ඉරණම් ගමනක් යනවා. අපිට ඉතිරි වෙලා තිබෙන්නේ එක්කෝ ඇලෙන්නට, එක්කෝ ගැටෙන්නට. කුඩා දරුවන් දෙදෙනෙක් ඉන්න වෘත්තීයවේදී මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මගේ බිරිඳ මට නිතරම බල කරනවා දරුවන් සමග විදේශගත වෙමුය කියලා. පිංවත සංස්කාර හේතුවෙනුයි දැනීම් සකස් වෙන්නේ. උතුම් චතුරාර්ය සත්‍යය දැක්ම අපේ දුර්වල නම්, අපි සැපය හැටියට දකින්නේ ලෞකික සැපසම්පත් පමණක් මයි. ලෞකික සැපසම්පත්වල අනිත්‍යභාවය අපි දකින්නේ නැහැ. පිංවත අපි හැමෝම අතීත සංසාරයේ රත්තරනින් හැදූ මාලිගාවල, මැණික් වලින්, දියමන්ති වලින් විසිතුරු කරන ලද මාලිගාවල ජීවත්වුණ මනුෂ්‍යයෝ. ඒත් එම සෑම ප්‍රණීත, විසිතුරු සංස්කාරයක් ම වෙනස් වෙලා ගියා. අතීතයේ රනින් හැදූ මාලිගාවල ජීවත්වෙලා, එම ප්‍රණීත සංස්කාර කෙරෙහි ඇතිකොටගත් ලෝභ, ද්වේශ, මෝහයෝ නිසා ම, පටිච්චසමුප්පන්නව අපි ආයෙමත් පොල්අතු ගෙවල්වල, ටකරන් මඩුවල උපත ලැබුවා. පිංවත සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති වධකයා, ඔබේ ම සංස්කාර උපයෝගී කොටගෙන ඔබව වධයට පත්කරනවා. පිංවත කුසල් සංස්කාරයන් තුළත්, අකුසල් සංස්කාරයන් තුළත් මේ වධකයා සුවසේ පෝෂණය වෙනවා.

පිංවත මෙය සටහන් තබන භික්ෂුවගේ දෙමාපියන් මාව ළමා වයසේ දී විදේශ රටක පදිංචියට රැගෙන ගියා නම්, එය මට කරන ලද මොනතරම් නම් අසාධාරණයක් ද? මගේ සැබෑ අධ්‍යාත්මික සැපය දෙමාපියන් විසින් උදුරා ගැනීමක් ද? එය එසේ වුණා නම්, දෙමාපියන් මට සද්ධර්මය අහිමි කිරීමේ සහ භික්ෂුව වර්තමානයේ ලබන අධ්‍යාත්මික සැපය අහිමි කිරීමේ පාපය කවදාක නම් ගෙවා ඉවර කරන්න ද? පිංවත පංච නීවරණයන්ගේ දාසයෙක් වූ අවිද්‍යාව අනිත්‍ය වූ සැපය නමැති මිරිඟුව අපිට පෙන්වලා අපේ සංස්කාර ලෝකය කල්ප ගණන් දික් කරනවා. පිංවත බුදුරජාණන් වහන්සේ පමණක් මයි, ලෝක සත්ත්වයාට දේශනාකොට තිබෙන්නේ සම්මා දිට්ඨිය සහ මිථ්‍යාදෘෂ්ටිය අතර පරතරය, අහසයි පොළොවයි අතර තිබෙන පරතරයටත් වඩා විශාලයි කියලා. පිංවත අපි කල්‍යාණ මිත්‍රයා යැයි වරදවා හඳුනාගෙන තිබෙන අවිද්‍යාව, අපිව පුහුණු කරන්නේ සම්මා දිට්ඨියේ ගෙල මිරිකා මිථ්‍යාදෘෂ්ටියට පාවඩ එළන පාඩම් පෙළයි. පිංවත අවිද්‍යාවේ පංච නීවරණ වැරහැලි ඉවත් කරලා, ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න නම්, සම්මා සමාධිමත් සිතක් අපිට තිබෙන්නට ඕනේ. පිංවත අනාගත මහමෙරක් බලාපොරොත්තු කරපින්නාගෙන පංච නීවරණයන්ට ම ජීවිත භාර කරන අපි, කෙසේ නම් සංස්කාර ලෝකයේ මිරිඟුව විනිවිද දකින්න ද?

පිංවත ඔබ මෙහෙම සිතන්න, සිංහල බෞද්ධ ඔබට පිංවන්ත දුවෙක් සහ පුතෙක් සිටිනවා. එම පිංවන්ත දරුවෝ දෙදෙනා ඇමෙරිකානු, එංගලන්ත, ඕස්ටේ්රලියා හෝ කැනඩාවේ අම්මා කෙනෙක්ගේ මවුකුසේ නොඉපදී, සිංහල බෞද්ධ ඔබලාට දාව ඉපදුනේ ඇයි? පිංවත ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරන්න. පිංවත ඇයි එම පිංවත් දරුවන් මේ ජීවිතයේ දී සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදුනේ? පිංවත ඉහත කාරණය තුළ සුන්දර හේතුඵල ධර්මයක් සැඟවිලා තිබෙනවා. පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ඔබ ඇතිකොටගත් තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයේ ඵලයයි, වර්තමානයේ ඔබ සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදීම. ඔබ පෙර ජීවිතයේ දී පිංකම් කරලා සිල්පද ආරක්ෂාකොටගෙන, මෙම පුණ්‍යවන්ත මවුබිමේ සිංහල බෞද්ධ උපතක් කෙරෙහි තෘෂ්ණාවෙන් උපාදානයන් ඇති කොටගෙන තිබෙනවා. පිංවත් සිංහල බෞද්ධ දෙමාපියනි, ඔබට දාව ඉපදුන ඔබේ පුතා, දුව පෙර ජීවිතයේ දී පටිච්චසමුප්පන්නව තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් සිංහල බෞද්ධ උපතකටයි මේ ඇවිත් ඉන්නේ. පිංවත් දෙමාපියනි, ඔබලාට කුමක් ද තිබෙන අයිතිය එම අහිංසක පුණ්‍යවන්ත දරුවන් පමණක් නොවේ, පිංවත් දෙමාපියන් වන ඔබලාත්, උපන් මවුබිම හැරදමා විදේශීය පුරවැසිභාවයන් ලබන්නට? පිංවත් ඔබලාම පටිච්චසමුප්පන්නව පෙර ජීවිතයේ දී තෘෂ්ණාවෙන් ඇතිකොටගත් යහපත් උපාදානයෝ, වර්තමානයේ ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය නිසා ම, ඔබලා ම විකෘතියක් බවට පත්කොට ගන්නවා.

පිංවත් සිංහල බෞද්ධ දෙමාපියනි, ඔබේ ඔය පුණ්‍යවන්ත දරුවන් යළි සිංහල බෞද්ධ දරුවන් හැටියට ඉපදුනේ, පෙර සාංසාරික පුරුද්දට පන්සල් යන්න, පිංකම් කරන්න, දන් දෙන්න, උතුම් තෙරුවන් සරණ පිහිටන්න, මහා සංඝරත්නය ඇසුරු කරන්න, රුවන්වැලි මහ සෑ සමිඳුන්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් දෑසින් දකිමින් ජීවත්වෙන්න, පෙර ජීවිතයේදී අවබෝධ කිරීමට නොහැකි වූ උතුම් සෝවාන්ඵල අවබෝධය මේ ජීවිතයේ දී අවබෝධකොට ගන්න. පිංවත් දෙමාපියනි, මෙවන් උතුම් වන්දනීය උපාදානයන් දරාගෙන උපන් ඔබේ පිනැති දරුවන්, ළමා කාලයේදීම, තරුණ කාලයේදීම, අවම වශයෙන් දුඹුරු පැහැති, කහ පැහැති සිවුරක්වත් දකින්නට නැති මිථ්‍යාදෘෂ්ටික රටවල පුරවැසිභාවයන් ලබාදීම උදෙසා මෙහෙයවීම, මොනතරම් නම් එම දරුවන්ට කරන අසාධාරණයක් ද? සම්මා සම්බුද්ධ ශාසනයේ අධ්‍යාත්මික රසයන් උපාදානයකොට ගෙන බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදුන දරුවන්, මිථ්‍යාදෘෂ්ටියේ වසවිස කෙරෙහි යොමු කිරීම, දෙමාපියන් දරු සෙනෙහසේ නාමයෙන් සිදුකොට ගන්නා බරපතළ පාප කර්මයක් වෙන්න පුළුවන් නේද කියලා, භික්ෂුවට සිතෙනවා. එම සිතුවිල්ල මෝඩ සිතුවිල්ලක් නම් කරුණාකර භික්ෂුවට සමාවෙන්න. පිංවත් දෙමාපියනි, තාවකාලික කෙටි ලෞකික සැපයකට දවල් සිහින දකිමින් පිනෙන් උපන් පිනැති දරුවන්ගේ ලේ, මස්, නහරවලට බැඳුණු පෙර ජීවිතයේ පටිච්චසමුප්පන්න ශාසනික අතීත උපාදානයෝ, මිථ්‍යාදෘෂ්ටික රටක පුරවැසිභාවයන් උදෙසා, අධි තෘෂ්ණාවෙන් දරුවන්ගේ අධ්‍යාත්මයෙන් මකා දමන්න එපා.

පිංවත මේ දවස්වල පරිසර උෂ්ණත්වය ගොඩාක් වැඩියි. පරිසරයේ උෂ්ණත්වය වැඩිය කියලා, කරුණාකර අහිංසක හිරුට හෝ හිරු එළියට නම් බනින්න එපා. අධර්මිෂ්ඨ පිංවත් මනුෂ්‍යයින්ගේ අධර්මිෂ්ඨ කාය, වචී, මනෝ, අකුසල් කර්මයන් හේතුවෙන් ඉර, හඳ, පරිසරය විකෘතිවෙලයි තිබෙන්නේ. පිංවත සමාජගතවෙන අධි පාරිසරික විකෘතීන් තුළින් උතුම් ශ්‍රී සද්ධර්මයේ ම අර්ථයන් දකින්න. පිනෙන් උපන් මනුෂ්‍ය ලෝකය වර්තමානයේ මෙතරම් උෂ්ණාධික නම්, ගිනි නිරයේ උෂ්ණාධිකභාවය සිහියට නගා ගන්න. පිංවත සද්ධර්මය ඒහිපස්සිකව දකිද්දී, ධර්මයෙන් පලා යන්න එපා. පිංවත විදුලි පංකා දමලා, වායුසමීකරණ දමලා, වතුරේ බැහැල ඉඳලා, සමාජගතවෙන උෂ්ණාධිකභාවයේ ඵලයන්ට විසඳුම් සොයන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කැලයක, ගමක, උස්බිමක, පහත්බිමක, තෘෂ්ණාවෙන් සිත නිවුන උතුමන් වැඩ සිටී ද එම පරිසරය ලස්සනයි, සෞම්‍යයයි, ප්රියජනකයි කියලා. පිංවත වර්තමාන සමාජ පරිසරය දවසින් දවස විකෘති, අවලස්සන, අප්රියජනකභාවයන්ට පත්වෙමින් පවතිනවා නේද? පිංවත ජාතියක් වශයෙන් බල කාමය, ද්වේශය, පළිගැනීම, මානසික හිංසනයන් අවම කොටගෙන, ගහකොළ සහ පරිසරය දේවත්වයෙන් දකිමින්, මෛත්‍රියේ සිසිලසින් පාරිසරික අධි උෂ්ණත්වයට පිංවත් ඔබගේ සිල්වත් අධ්‍යාත්මය සිසිල් පවන් රොදක් බවට පත්කොට ගන්න.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

2024.05.05 දිවයින ඉරිදා සංග්‍රහය.

------ Post added on [DATETIME="UT"]1763804222[/DATETIME]

[QUOTE="asliyanage, post: 31081434, member: 8764"] *රූපයට රැවටීම.* පිංවත අපි රූපය වින්දොත්, පටිච්චසමුප්පන්නව තවත් රූපයකට බැසගැනීමට අදාළව සංස්කාර රැස්කොට ගන්නවා. අපි රූපය නොවින්දොත්, අපි එක තැනම නැවත [HR][/HR] *රූපයට රැවටීම.* පිංවත අපි රූපය වින්දොත්, පටිච්චසමුප්පන්නව තවත් රූපයකට බැසගැනීමට අදාළව සංස්කාර රැස්කොට ගන්නවා. අපි රූපය නොවින්දොත්, අපි එක තැනම නැවතුණා වෙනවා. අපි රූපය විදර්ශනා නුවණින් දැක්කොත්, රූප තෘෂ්ණාවේ නිරෝධයට හේතු වෙනවා. පිංවත ඉහත කාරණා තුනෙන් ඔබ වඩාත් ම කැමති කුමකට ද? දවසින් දවස ලෞකික ප්‍රඥාවෙන් දුර්වලවෙන සමාජය දෙස බලත්දි අපි දකින්නේ, රූපය විඳින පිරිසේ මහා වැඩිවීමක්. කොටට ඇඳුම් පලඳින, හිරට ඇඳුම් පලඳින, ශරීරය අනවශ්‍ය ආකාරයෙන් බාහිරට නිරාවරණය කිරීමට කැමති සංස්කෘතියක්. අපේ ගැහැනු දරුවන් හිරට හිරේ පලඳින දිග කලිසම් රැල්ල දකිත්දි, සිංහල බෞද්ධකමක් පිළිබඳව දැනීමක් සකස් වෙන්නේ ම නැහැ. බටහිර සුදු නෝනලාගේ සංස්කෘතියයි මතකයට නැගෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, රූපයේ ආශ්වාදය කෙටියි කියලා. රූපයේ ආශ්වාදය කියලා කියන්නේ නවයොවුන් තරුණයෙකුගේ හෝ තරුණියකගේ තාරුණ්‍යයේ රූපයයි. තාරුණ්‍යයේ රූපයේ නවයොවුන් රිද්මය, ලාලිත්‍යය, හැඩය, වර්ණය රූපයේ ආශ්වාදයයි. මහණෙනි, රූපයේ ආශ්වාදය කෙටියි. ඔය තාරුණ්‍යයේ හැඩවැඩ රූපය ක්‍රමානුකූලව ජරා, ව්‍යාධි, මරණ විසින් ඩැහැ ගන්නවා. එවිට අපිට ඉතිරි වෙන්නේ ශෝක පරිදේවයෝ පමණක් මයි. පිංවත කරුණාකර සිංහල බෞද්ධකමට නොගැළපෙන ආකාරයෙන් ඔබේ රූපය විඳින්න එපා. ඔය ඇඳුමෙන් වැසිලා තිබෙන්නේ මුත්‍ර, අශූචි, ලේ, සැරව ගොඩක් පමණක් මයි. පිංවත ලස්සන හැඩවැඩ රූපයක් ලබන්න කොච්චර නම් පෙර පිං තිබෙන්න ඕනේ ද? පෙර ජීවිතයේ විසිතුරු මල් වට්ටි සිය ගණන් බුදුසමිඳුන්ට පූජා කරලා, බෝ මළු ලස්සනට ඇමදලා, මෛත්‍රී චිත්තයන් වඩලා, දන්පැන් පූජා කරලා, පිංවත ලස්සන රූපයක සැඟවුණ රහස පින පිරුණ පුණ්යකර්මයෝ මයි. පෙර පිනේ ශක්තියෙන් උපන් ඔබේ රූපය අනුන් තුළ රාග සිත්, කාම සිත් ඇතිකොට ගැනීමට උපයෝගීකොට ගන්න එපා. එවිට ඔබලා සමාජයේ ඇවිදින කාම දන්සල්, රාග දන්සල් බවට පත්වේවි. වර්තමාන සමාජයේ ඇවිදින කාම දන්සල්, රාග දන්සල් වැහි වැහැලා. පිංවත ඔබත් සමාජයේ ඇවිදින අනුනගේ කාම, රාග දන්සල් සිත් සේ මනසින් භුක්ති විඳින කෙනෙක් ද? පිංවත ඔබ රූපයේ ආශ්වාදයට ගොදුරක් වී කාම සිතුවිලි ඇතිවෙන ආකාරයෙන් පලඳින ඇඳුම් පැලඳුම් සහ අඩ නිරුවත් හැසිරීම් වලින් අනුන් තුළ කාම, රාග සිතුවිලි ඇතිවෙන්න දෙන්න හොඳ නැහැ. පටිච්චසමුප්පන්නව අපිව පායාස නිරයේ උපදින්නත් පුළුවන්. මෙම සුන්දර මනුෂ්‍ය ජීවිතයේ දී අඩ නිරුවතට කැමති වුණොත්, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී නිර්වස්ත්‍ර තිරිසන් කුලයේ ම අපිව උපදින්න පුළුවන්. කුටිය අවට පැන දුවන රිලා රංචුවේ කාටවත්ම ඇඳුම් නැහැ. හැමදාමත් නිරුවතින් ඉන්නේ. මේවා සුන්දර හේතුඵල ධර්මයන්. පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබලා ඔබ නිරුවතට, අඩ නිරුවතට කැමති වුණොත්, පටිච්චසමුප්පන්නව තිරිසන් ලෝකයේ නිරුවත් උපතකට ඔබ කැමතිවිය යුතුයි. පිංවත රූපයේ ආශ්වාදයෙන් මත් වී සමාජගතවෙන වැරදි පූර්වාදර්ශයෝ, මොනතරම් නම් සමාජය අකුසලය දිශාවට යොමු කරනවා ද? පිංවත කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල පිංවතුන්ව අනුකරණය කරන්න යන්න එපා. පිංවත ඔබ සතර මහා ධාතුවෙන් හැදුණ ඔබේ රූපයට වැඩි වටිනාකමක් දුන්නොත් ඔබේ අධ්‍යාත්මය තුළ ඉතිරි වෙන්නේ කාමච්ඡන්දයෝ ප්රමුඛ පංච නීවරණ ධර්මයෝ පමණක් මයි. පිංවත සිංහල බෞද්ධයා යැයි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා කියන අර්ථයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරත්දි, අපිට කොච්චර නම් යහපත් දේවල් මුණ ගැසෙනවා ද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, නෙක්ඛම්මය, සීලය, සතිය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, ඥානදර්ශන. පිංවත කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය තුළ දුකට අභියෝග කරන මහා බලවතා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි. පිංවත අපි ලෝකය යැයි හඳුන්වන්නේ මොනතරම් නම් මායාවක් ද? අපි ලෝක බලවතුන් යැයි හඳුන්වන්නේ අවිද්‍යාවේ වැරහැලි ම නේද? අවිද්‍යාවේ වැරහැලි බලවතුන් වූ ලෝකයක සමස්ත ලෝකයාගේ ම අනාගත ඉතිරිය වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් ම නේද? පිංවත වෙඩි හඬ, රතිඤ්ඤා හඬ, සිනා හඩ, ශෝක පරිදේවයන්ගේ හඬ මැදින් ලෝකය ඉරණම් ගමනක් යනවා. අපිට ඉතිරි වෙලා තිබෙන්නේ එක්කෝ ඇලෙන්නට, එක්කෝ ගැටෙන්නට. කුඩා දරුවන් දෙදෙනෙක් ඉන්න වෘත්තීයවේදී මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මගේ බිරිඳ මට නිතරම බල කරනවා දරුවන් සමග විදේශගත වෙමුය කියලා. පිංවත සංස්කාර හේතුවෙනුයි දැනීම් සකස් වෙන්නේ. උතුම් චතුරාර්ය සත්‍යය දැක්ම අපේ දුර්වල නම්, අපි සැපය හැටියට දකින්නේ ලෞකික සැපසම්පත් පමණක් මයි. ලෞකික සැපසම්පත්වල අනිත්‍යභාවය අපි දකින්නේ නැහැ. පිංවත අපි හැමෝම අතීත සංසාරයේ රත්තරනින් හැදූ මාලිගාවල, මැණික් වලින්, දියමන්ති වලින් විසිතුරු කරන ලද මාලිගාවල ජීවත්වුණ මනුෂ්‍යයෝ. ඒත් එම සෑම ප්‍රණීත, විසිතුරු සංස්කාරයක් ම වෙනස් වෙලා ගියා. අතීතයේ රනින් හැදූ මාලිගාවල ජීවත්වෙලා, එම ප්‍රණීත සංස්කාර කෙරෙහි ඇතිකොටගත් ලෝභ, ද්වේශ, මෝහයෝ නිසා ම, පටිච්චසමුප්පන්නව අපි ආයෙමත් පොල්අතු ගෙවල්වල, ටකරන් මඩුවල උපත ලැබුවා. පිංවත සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති වධකයා, ඔබේ ම සංස්කාර උපයෝගී කොටගෙන ඔබව වධයට පත්කරනවා. පිංවත කුසල් සංස්කාරයන් තුළත්, අකුසල් සංස්කාරයන් තුළත් මේ වධකයා සුවසේ පෝෂණය වෙනවා. පිංවත මෙය සටහන් තබන භික්ෂුවගේ දෙමාපියන් මාව ළමා වයසේ දී විදේශ රටක පදිංචියට රැගෙන ගියා නම්, එය මට කරන ලද මොනතරම් නම් අසාධාරණයක් ද? මගේ සැබෑ අධ්‍යාත්මික සැපය දෙමාපියන් විසින් උදුරා ගැනීමක් ද? එය එසේ වුණා නම්, දෙමාපියන් මට සද්ධර්මය අහිමි කිරීමේ සහ භික්ෂුව වර්තමානයේ ලබන අධ්‍යාත්මික සැපය අහිමි කිරීමේ පාපය කවදාක නම් ගෙවා ඉවර කරන්න ද? පිංවත පංච නීවරණයන්ගේ දාසයෙක් වූ අවිද්‍යාව අනිත්‍ය වූ සැපය නමැති මිරිඟුව අපිට පෙන්වලා අපේ සංස්කාර ලෝකය කල්ප ගණන් දික් කරනවා. පිංවත බුදුරජාණන් වහන්සේ පමණක් මයි, ලෝක සත්ත්වයාට දේශනාකොට තිබෙන්නේ සම්මා දිට්ඨිය සහ මිථ්‍යාදෘෂ්ටිය අතර පරතරය, අහසයි පොළොවයි අතර තිබෙන පරතරයටත් වඩා විශාලයි කියලා. පිංවත අපි කල්‍යාණ මිත්‍රයා යැයි වරදවා හඳුනාගෙන තිබෙන අවිද්‍යාව, අපිව පුහුණු කරන්නේ සම්මා දිට්ඨියේ ගෙල මිරිකා මිථ්‍යාදෘෂ්ටියට පාවඩ එළන පාඩම් පෙළයි. පිංවත අවිද්‍යාවේ පංච නීවරණ වැරහැලි ඉවත් කරලා, ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න නම්, සම්මා සමාධිමත් සිතක් අපිට තිබෙන්නට ඕනේ. පිංවත අනාගත මහමෙරක් බලාපොරොත්තු කරපින්නාගෙන පංච නීවරණයන්ට ම ජීවිත භාර කරන අපි, කෙසේ නම් සංස්කාර ලෝකයේ මිරිඟුව විනිවිද දකින්න ද? පිංවත ඔබ මෙහෙම සිතන්න, සිංහල බෞද්ධ ඔබට පිංවන්ත දුවෙක් සහ පුතෙක් සිටිනවා. එම පිංවන්ත දරුවෝ දෙදෙනා ඇමෙරිකානු, එංගලන්ත, ඕස්ටේ්රලියා හෝ කැනඩාවේ අම්මා කෙනෙක්ගේ මවුකුසේ නොඉපදී, සිංහල බෞද්ධ ඔබලාට දාව ඉපදුනේ ඇයි? පිංවත ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරන්න. පිංවත ඇයි එම පිංවත් දරුවන් මේ ජීවිතයේ දී සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදුනේ? පිංවත ඉහත කාරණය තුළ සුන්දර හේතුඵල ධර්මයක් සැඟවිලා තිබෙනවා. පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ඔබ ඇතිකොටගත් තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයේ ඵලයයි, වර්තමානයේ ඔබ සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදීම. ඔබ පෙර ජීවිතයේ දී පිංකම් කරලා සිල්පද ආරක්ෂාකොටගෙන, මෙම පුණ්‍යවන්ත මවුබිමේ සිංහල බෞද්ධ උපතක් කෙරෙහි තෘෂ්ණාවෙන් උපාදානයන් ඇති කොටගෙන තිබෙනවා. පිංවත් සිංහල බෞද්ධ දෙමාපියනි, ඔබට දාව ඉපදුන ඔබේ පුතා, දුව පෙර ජීවිතයේ දී පටිච්චසමුප්පන්නව තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් සිංහල බෞද්ධ උපතකටයි මේ ඇවිත් ඉන්නේ. පිංවත් දෙමාපියනි, ඔබලාට කුමක් ද තිබෙන අයිතිය එම අහිංසක පුණ්‍යවන්ත දරුවන් පමණක් නොවේ, පිංවත් දෙමාපියන් වන ඔබලාත්, උපන් මවුබිම හැරදමා විදේශීය පුරවැසිභාවයන් ලබන්නට? පිංවත් ඔබලාම පටිච්චසමුප්පන්නව පෙර ජීවිතයේ දී තෘෂ්ණාවෙන් ඇතිකොටගත් යහපත් උපාදානයෝ, වර්තමානයේ ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය නිසා ම, ඔබලා ම විකෘතියක් බවට පත්කොට ගන්නවා. පිංවත් සිංහල බෞද්ධ දෙමාපියනි, ඔබේ ඔය පුණ්‍යවන්ත දරුවන් යළි සිංහල බෞද්ධ දරුවන් හැටියට ඉපදුනේ, පෙර සාංසාරික පුරුද්දට පන්සල් යන්න, පිංකම් කරන්න, දන් දෙන්න, උතුම් තෙරුවන් සරණ පිහිටන්න, මහා සංඝරත්නය ඇසුරු කරන්න, රුවන්වැලි මහ සෑ සමිඳුන්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් දෑසින් දකිමින් ජීවත්වෙන්න, පෙර ජීවිතයේදී අවබෝධ කිරීමට නොහැකි වූ උතුම් සෝවාන්ඵල අවබෝධය මේ ජීවිතයේ දී අවබෝධකොට ගන්න. පිංවත් දෙමාපියනි, මෙවන් උතුම් වන්දනීය උපාදානයන් දරාගෙන උපන් ඔබේ පිනැති දරුවන්, ළමා කාලයේදීම, තරුණ කාලයේදීම, අවම වශයෙන් දුඹුරු පැහැති, කහ පැහැති සිවුරක්වත් දකින්නට නැති මිථ්‍යාදෘෂ්ටික රටවල පුරවැසිභාවයන් ලබාදීම උදෙසා මෙහෙයවීම, මොනතරම් නම් එම දරුවන්ට කරන අසාධාරණයක් ද? සම්මා සම්බුද්ධ ශාසනයේ අධ්‍යාත්මික රසයන් උපාදානයකොට ගෙන බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදුන දරුවන්, මිථ්‍යාදෘෂ්ටියේ වසවිස කෙරෙහි යොමු කිරීම, දෙමාපියන් දරු සෙනෙහසේ නාමයෙන් සිදුකොට ගන්නා බරපතළ පාප කර්මයක් වෙන්න පුළුවන් නේද කියලා, භික්ෂුවට සිතෙනවා. එම සිතුවිල්ල මෝඩ සිතුවිල්ලක් නම් කරුණාකර භික්ෂුවට සමාවෙන්න. පිංවත් දෙමාපියනි, තාවකාලික කෙටි ලෞකික සැපයකට දවල් සිහින දකිමින් පිනෙන් උපන් පිනැති දරුවන්ගේ ලේ, මස්, නහරවලට බැඳුණු පෙර ජීවිතයේ පටිච්චසමුප්පන්න ශාසනික අතීත උපාදානයෝ, මිථ්‍යාදෘෂ්ටික රටක පුරවැසිභාවයන් උදෙසා, අධි තෘෂ්ණාවෙන් දරුවන්ගේ අධ්‍යාත්මයෙන් මකා දමන්න එපා. පිංවත මේ දවස්වල පරිසර උෂ්ණත්වය ගොඩාක් වැඩියි. පරිසරයේ උෂ්ණත්වය වැඩිය කියලා, කරුණාකර අහිංසක හිරුට හෝ හිරු එළියට නම් බනින්න එපා. අධර්මිෂ්ඨ පිංවත් මනුෂ්‍යයින්ගේ අධර්මිෂ්ඨ කාය, වචී, මනෝ, අකුසල් කර්මයන් හේතුවෙන් ඉර, හඳ, පරිසරය විකෘතිවෙලයි තිබෙන්නේ. පිංවත සමාජගතවෙන අධි පාරිසරික විකෘතීන් තුළින් උතුම් ශ්‍රී සද්ධර්මයේ ම අර්ථයන් දකින්න. පිනෙන් උපන් මනුෂ්‍ය ලෝකය වර්තමානයේ මෙතරම් උෂ්ණාධික නම්, ගිනි නිරයේ උෂ්ණාධිකභාවය සිහියට නගා ගන්න. පිංවත සද්ධර්මය ඒහිපස්සිකව දකිද්දී, ධර්මයෙන් පලා යන්න එපා. පිංවත විදුලි පංකා දමලා, වායුසමීකරණ දමලා, වතුරේ බැහැල ඉඳලා, සමාජගතවෙන උෂ්ණාධිකභාවයේ ඵලයන්ට විසඳුම් සොයන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කැලයක, ගමක, උස්බිමක, පහත්බිමක, තෘෂ්ණාවෙන් සිත නිවුන උතුමන් වැඩ සිටී ද එම පරිසරය ලස්සනයි, සෞම්‍යයයි, ප්රියජනකයි කියලා. පිංවත වර්තමාන සමාජ පරිසරය දවසින් දවස විකෘති, අවලස්සන, අප්රියජනකභාවයන්ට පත්වෙමින් පවතිනවා නේද? පිංවත ජාතියක් වශයෙන් බල කාමය, ද්වේශය, පළිගැනීම, මානසික හිංසනයන් අවම කොටගෙන, ගහකොළ සහ පරිසරය දේවත්වයෙන් දකිමින්, මෛත්‍රියේ සිසිලසින් පාරිසරික අධි උෂ්ණත්වයට පිංවත් ඔබගේ සිල්වත් අධ්‍යාත්මය සිසිල් පවන් රොදක් බවට පත්කොට ගන්න. අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ. 2024.05.05 දිවයින ඉරිදා සංග්‍රහය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1763804222[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom