Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රූමස්සල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ?

ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවා ගිය විට ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිතුවමක් බඳු කඳුවැටියක් හමුවේ. ලොව වෙනත් කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි අමුතුම ආකාරයේ පරිසර පද්ධතියකින් හෙබි මෙම කඳුවැටිය රූමස්සලයි. රූමස්සල කඳුවැටිය හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන නැගෙනහිර, උණවටුන මධ්‍යම, උණවටුන බටහිර හා යද්දෙහිමුල්ල යන ග්‍රාමසේවා වසම්වලට අයත් වේ. රූමස්සල ක්‍රි.පූ. 3000 තරම් ඈතට දිවයන්නකි.

තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලව දැකිය හැක. රූමස්සල යනු මුහුදු මට්ටමේ සිට මීටර් 110 පමණ උසින් පිහිටි රමණීය කඳු වැටියකි. මෙහි මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දැකිය හැකි අතර ඉන් එකක් ගාලු වරාය සඳහා යොදාගෙන ඇත. අනෙක් තුඩුවෙහි සුප්‍රකට වැල්ලේ දේවාලය පිහිටා ඇත. රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැකසී ඇත.

ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ. ඇතැම් විද්‍යාඥයින් මෙය සූර්යයාගෙන් කඩා වැටුණු උල්කාපාතයක් ලෙසද හඳුන්වයි. ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පයට අනුව මෙය ඉන්දියාව දෙසින් පාවී ආ හිමාලයේ කොටසකි.

මෙරටට පැමිණි ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා උණවටුන වෙරළ ආසන්නයේ වූ නිවසක (1970 සිට 1983 දක්වා) දීර්ඝ කාලයක් දිවි ගෙවමින් උණවටුන වෙරළේ සුන්දරත්වය විඳිමින් ඒ පිළිබඳව විදේශීය සඟරාවලට ලිපි ද සම්පාදනය කරනු ලැබ ඇත. උණවටුන මුහුදු වෙරළ ලොව ඇති සුන්දරම සහ මනස්කාන්ත වෙරළ 13 අතුරින් ප්රමුඛ ස්ථානය ගන්නා බවද ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර තිබේ.

රූමස්සල බිහිවීම සම්බන්ධයෙන් ජනප්රවාදයේ එන්නේ රස මුසු කතා පුවතකි. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණ රජු ඇයව රූමස්සල කන්දේ වූ ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත ගල් කුළ ඔසවා විසි කර දමමිනි. ඒ අනුව රාම ඉස්සූ ගල යන අරුතින් ‘‘රාමස්සුගල’’ රූමස්සගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බවට මතයකි.

වාල්මිකී විසින් රචිත රාමායණයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් රාවණගේ හී සර පහරකින් විපතට පත්විය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කෙරිණි. මිනිසුන් දෙදෙනෙකු ගැහැනියක වෙනුවෙන් කරන ලද අනුවන සටන ගැන සිතමින් හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන එනු ලැබීය. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ කෙණෙහිම ලක්ෂ්මනයන් සුවය ලබා සිටි බව සඳහන් වේ.

අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන් රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල වූ බවටද මතයකි. හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැලෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ලැබීමද විශේෂත්වයෙකි.

අතීතයේ රූමස්සල සෘෂිවරුන් වාසය කළ බව ද ජනප්රවාදයෙන් තොරතුරු ලැබේ. ඔවුන් වාසය කළ බව කියන එහි වූ ගල් ලෙන් බොහොමයක් මේ වන විට ගල් බෝරකරුවන් විසින් ගල් බෝර ගසා විනාශ කර කළුගල් ලබා ගෙන ඇත. හිමාලයේ නොමැති ඖෂධ පැළෑටි පවා එවකට මෙහි තිබී ඇත. ඇතැමුන් ඉන්දියාවේ සිට ද දුර්ලභ ඖෂධ පැළෑටි සොයා මෙහි පැමිණ තිබේ. ඔවුන් ඖෂධ පැළෑටි වලට දැක්වූ ඉමහත් ගෞරවය නිසා ඒවා පෑගීමට අකමැත්තෙන් බිම දිගේ ඇදී ගොස් අවශ්‍ය කරන ඖෂධ පැළෑටි උදුරා ගත් බව පැරැන්නෝ කියති. අදටත් මෙම කඳුවැටියේ ඇති පැළෑටි වලින් බොහොමයක්ම ඖෂධ පැළෑටිය.

රූමස්සල කළුනික පවතින බවට ද ජනප්‍රවාද ගත ෙතාරතුරු ලැබේ. ඖෂධ පැළෑටි සොයා පැමිණි බ්‍රාහ්මණයකු තමන්ට අවශ්‍ය කරන කෑම බීම සකස් කර ගැනීම සඳහා නුදුරු ගමක විසූ ඉතාමත් වයෝවෘද්ධ අයෙකු කැඳවා ගෙන පැමිණ තිබේ. දිනක් බ්‍රාහ්මණයා ඖෂධ පැළෑටි සොයමින් සිටිය දී මහල්ලා දිවා ආහාරය සකස් කරමින් සිට ඇත. බත උයමින් සිට ඇති ඔහු එය පැසීගෙන එද්දී අසල වූ ගසකින් කෝටුවක් කඩාගෙන ඉන් බත කූරු ගා බත් ටිකක් අතට ගෙන ඒවා අනුභව කර ඇත. සුළු මොහොතකින් එම මහල්ලාගේ අබල දුබලකම් සියල්ල නැති වී ගොස් ඔහුට නව ජීවයක් ලැබුණු බව සඳහන් වේ. ඖෂධ පැළෑටි සොයා ගෙන පැමිණි බ්‍රාහ්මණයා බත කූරු ගෑ කෝටුව පරීක්ෂා කර එය කළුනික ලෙස හඳුනාගත් බවද කියති.

රූමස්සල ඈත අතීතයේ සිටම ‘‘රුහුණු ඔසු උයන’’ ලෙසින් හැඳින්විණි. 1991 දී කරන ලද අධ්‍යයනයකට අනුව ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයාගෙන තිබුණි. ඉන් ඖෂධ පැළෑටි වර්ග 141ක්ම රූමස්සලට ආවේණික වූ ඖෂධ පැළෑටි වර්ග වෙති. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ කෙඩාලාන විශේෂයක් වන කෝන්තාලං ශාක (xylocarpusrumphii/Meliaceae) කීපයක් ද වැල්ලේ දේවාල භූමියේ දැක ගත හැක. ලෙඩ රෝග 108කට ප්රත්යක්ෂ ගුණ දෙන ආයුර්වේදයේ එන ‘‘ගොපලු ගුළිය’’ නම් ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස මෙම ගසේ ගෙඩි යොදා ගැනේ.

රූමස්සල විශාල පාෂාණ නිධියකින් සමන්විත වන අතර තෙත්, ශුෂ්ක හා වියළි යන කලාප තුනටම අයත් ශාක එහි දැක ගත හැක. කුලුනු කන්ද නමැති ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැක ගත හැක. අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන සහ ඉලුක් ඉන් සමහරකි. උණවටුන රජයේ රෝහල පිහිටා ඇති ප්‍රදේශයේ හෙල්දොඹ, කොට්ටම්බා, දන්කෙන්ද, වල් දෙල්, ගොඩපර, වැනි වැසි වනාන්තරවල වැවෙන ශාක දැකගත හැක.

බටහිර වෙරළ තීරයේ මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ඖෂධීය ශාක දැකගත හැක. නිරිත හා දකුණු දිග පෙදෙසේ කඳු මුදුන් හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපයේ වැවෙන පඳුරු දැක ගත හැක. රූමස්සල ආශ්‍රිතව දර්ශණීය සමනල විශේෂ 84ක් ද, නිරීක්ෂණය කළ හැකිය. පක්ෂි විශේෂ 72ක් නිරීක්ෂණය කළ හැකි අතර ඉන් මුහුදු රාජාලීන්ට සහ මුහුදු ලිහිණියන්ට විශේෂ තැනක් හිමි වේ. දඬු ලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියන්, ඉත්තෑවුන් වැනි ක්ෂීරපායී සතුන්ද, නයා, පිඹුරා, පොළඟා, ඇහැටුල්ලා, පොළොන් තෙලිස්සා, මාපිලා වැනි සර්ප විශේෂයන්ද රූමස්සල දී දැකගත හැක.

ශ්‍රී ලංකාවේ හමු වූ ඉහළම ජෛව විවිධත්වය සහිත කොරල් පරය ලෙස රූමස්සල කන්ද පාමුල ගාලු බොක්ක තුළ පිහිටි බොනවිස්ටා කොරල්පරය සැලකේ. ‘‘බොනවිස්ටා’’ යන පෘතුගීසි වදනේ තේරුම සුන්දර දසුන යන්නයි. සුන්දරත්වය අතින් වෙනත් කිසිදු කොරල් පරයක් හා සම කළ නොහැකි මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 491ක් සොයා ගෙන ඇත. මෙය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වෙති. හික්කඩුව කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 168 වන අතර කල්පිටියට නුදුරින් පිහිටි කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 286කි.

ලෝක සංරක්ෂණ සංගමය (ICUN) 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ව වාර්තාවට අනුව ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙති. මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක්ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැත. කොරල් පරයක විශිෂ්ටත්වය මනිනු ලබන්නේ එහි වෙසෙන පනාවන් විශේෂ (Butterfly fish) සංඛ්‍යාව අනුවය. පනාවන් විශේෂ 36න් 25ක් මේ වන විට මෙම කොරල් පරයෙන් හමු වී තිබේ.

සියයට 71ක් සජීවී කොරල්වලින් සමන්විත මෙහි පසැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පනුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300 පමණ වන අතර වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් මෙම කොරල් පරයේ වෙති.

මෙම කොරල් පරයේ වෙසෙන තවමත් හඳුනාගෙන නොමැති සත්ව විශේෂ සංඛ්‍යාව හඳුනාගෙන ඇති සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා හතර ගුණයක් පමණ විය හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. 20 වැනි සියවස මුල භාගයේ ගාල්ලේ ජීවත් වූ ‘‘බෙනට්’’ නමැති විද්‍යාඥයෙකු මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 15 පමණ අලුතින්ම ලෝකයට හඳුන්වා දීමට සමත්ව තිබුණි. මෙය සමුද්‍රික මත්ස්‍ය ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකේ.

රූමස්සල පලතුරු උයනක් පවතින බවත් එය දැක ගත හැක්කේ මං මුළා වී කුසගින්නේ අතරමං වූවකුට පමණක් බවත් ජනප්රවාදයේ සඳහන් වේ. කුසගින්න නිවා ගැනීමට ඇති තරම් පලතුරු මෙහිදී අනුභව කළ හැකි බවත්, පලතුරු රැගෙන ඒමට කිසිවෙකුටවත් නොහැකි බව ඒ අය කියති.

රූමස්සල කඳුවැටියේ දකුණු දිග දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකිය හැක. ඉන් වාරකන් සමයේදී මීටර් කිහිපයක් උසට මුහුදු රළ විහිදෙනු දැක ගත හැකිය. රූමස්සල කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දැකිය හැක. මෙයින් දිය නෑ විට ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ද ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් පවතී. කළු ගල් කැඩීමත්, වනාන්තරය විනාශ කිරීමත්, හේතු කොට මෙම බෙහෙත් දොළ මේ වන විට සිඳී යාමට ලක් ව ඇත.

1875 දී බ්‍රිතාන්‍යයින් විසින් ඉදි කරන ලද අඩි 50ක් පමණ උසැති කුලුනක් රූමස්සල කුලුනු කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දැක ගත හැක. ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මඟ තැනූ මිනින්දෝරු නිලධාරීන් සිහි කිරීම සඳහා මෙය නිර්මාණය කරන ලද බව සඳහන් වේ. මෙය මිනුම් කුලුනක් ලෙස ද භාවිතයට ගත් බව කියති. දෙවන ලෝක යුද් සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් සතුරු නැව් විනාශ කර දැමීම සඳහා මෙම කුලුනේ ව්‍යාජ ආලෝක පහනක් සවි කර තිබී ඇත.

ගාල්ල කොටු පවුර මත වූ ප්‍රදීපාගාරයේ ආලෝක පහන් නිවා දමා මෙහි පහන් ක්‍රියාත්මක කළ විට ඒ මඟ ඔස්සේ පැමිණි සතුරු නැව් විශාල ප්‍රමාණයක් රූමස්සල අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් වූ බව පැරැන්නෝ කියති. එලෙස මුහුදුබත් වූ නාවික යාත්‍රා 21ක පමණ සුන්බුන් අදටත් මුහුදු පත්ලේ දී දැක ගත හැකි බව කිමිදුම්කරුවෝ පවසති.

බ්‍රිතාන්‍යයින් විසින් ගාලු වරායට සේන්දු වූ නෞකාවලට ජලය ලබා දීම සඳහා රූමස්සල කන්ද පා මුල මුහුදු වෙරළ සමීපයේ ළිඳක් ද ඉදිකර තිබී ඇත. ගාලු වරායට සේන්දු වූ නෞකාවල සිටි වසංගත ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙහි රෝහලක් ද පවත්වා ගෙන ගොස් ඇත. එම ගොඩනැගිලිවල වර්තමානයේ බොනවිස්ටා වැඩිහිටි නිවාසය පවත්වා ගෙන යති.

බ්‍රිතාන්‍යයින් විසින් රූමස්සල ප්‍රදේශයේ දේවස්ථානයක් ද පවත්වා ගෙන ගොස් ඇත. එහි කටයුතු භාරව සිටි ප්‍රධානියාගේ නැගණිය ළමුන් පිරිසකට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පාඨශාලාවක්ද ආරම්භ කර ඇත. එම පාඨශාලාව වර්තමානයේ බොනවිස්ටා විද්‍යාලය නමින් පවත්වා ගෙන යති.

බ්‍රිතාන්‍යයින් විසින් 1874 ආරම්භ කරන ලද සුසාන භූමියක් ද බොනවිස්ටා ප්‍රදේශයේ දැක ගත හැක. රූමස්සල කන්දේ ගාල්ල දෙසට විහිදී ඇති තුඩුවේ වධකාගාරයක, පෝරකයක සහ වෙඩි ගෙයක නටබුන් ද ශේෂ වී පවතී. ගල් බිත්ති වලින් නිමවා ඇති වධකාගාරයක අඩි 10ක් පමණ උසින්, අඩි 12 පමණ පළලින් සහ අඩි දෙකක් පමණ ඝනකම බිත්ති වලින් යුක්ත වේ.

බ්‍රිතාන්‍යයින්ට එරෙහිව කටයුතු කළ සිංහලයින් අල්ලා ගාල්ල ඕලන්ද බළ කොටුවේ සිරකර තබා අශ්ව කරත්තවල නංවා වරින් වර මෙම වධකාගාරයට රැගෙන ආ බව සඳහන් වේ. ඔවුන්ව වධකාගාරය තුළ දැඩි රැකවරණ මැද සිරකර තබා නියම කරන ලද දිනයකදී මරණයට පත්කර සිරුර අසල වූ මුහුදට දැමූ බව සඳහන් වේ. යුද සෙබළුන්ට අවි පුහුණුව ලබා දුන් වෙඩි ගෙය මේ වන විට මුහදු වැලිවලින් වැසී ගොස් ඇත. කුකුලේවත්ත නමැති ඉඩමේ පිහිටා තිබෙන එහි දිග අඩි අටකි. පළල අඩි අටකි. උසද අඩි අටකි. එහි බිත්ති අඩියක් පමණ ඝනකමින් යුක්ත වේ.

රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.

Source

[QUOTE="Wild Cat, post: 23317166, member: 557050"] [SIZE="7"][B][COLOR="Red"]රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ?[/COLOR][/B][/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f40e52bf87.jpg[/IMG] [SIZE="4"]ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවා ගිය විට ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිතුවමක් බඳු කඳුවැටියක් හමුවේ. ලොව වෙනත් කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි අමුතුම ආකාරයේ පරිසර පද්ධතියකින් හෙබි මෙම කඳුවැටිය රූමස්සලයි. රූමස්සල කඳුවැටිය හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන නැගෙනහිර, උණවටුන මධ්‍යම, උණවටුන බටහිර හා යද්දෙහිමුල්ල යන ග්‍රාමසේවා වසම්වලට අයත් වේ. රූමස්සල ක්‍රි.පූ. 3000 තරම් ඈතට දිවයන්නකි. තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලව දැකිය හැක. රූමස්සල යනු මුහුදු මට්ටමේ සිට මීටර් 110 පමණ උසින් පිහිටි රමණීය කඳු වැටියකි. මෙහි මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දැකිය හැකි අතර ඉන් එකක් ගාලු වරාය සඳහා යොදාගෙන ඇත. අනෙක් තුඩුවෙහි සුප්‍රකට වැල්ලේ දේවාලය පිහිටා ඇත. රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැකසී ඇත. ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ. ඇතැම් විද්‍යාඥයින් මෙය සූර්යයාගෙන් කඩා වැටුණු උල්කාපාතයක් ලෙසද හඳුන්වයි. ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පයට අනුව මෙය ඉන්දියාව දෙසින් පාවී ආ හිමාලයේ කොටසකි. මෙරටට පැමිණි ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා උණවටුන වෙරළ ආසන්නයේ වූ නිවසක (1970 සිට 1983 දක්වා) දීර්ඝ කාලයක් දිවි ගෙවමින් උණවටුන වෙරළේ සුන්දරත්වය විඳිමින් ඒ පිළිබඳව විදේශීය සඟරාවලට ලිපි ද සම්පාදනය කරනු ලැබ ඇත. උණවටුන මුහුදු වෙරළ ලොව ඇති සුන්දරම සහ මනස්කාන්ත වෙරළ 13 අතුරින් ප්රමුඛ ස්ථානය ගන්නා බවද ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර තිබේ. රූමස්සල බිහිවීම සම්බන්ධයෙන් ජනප්රවාදයේ එන්නේ රස මුසු කතා පුවතකි. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණ රජු ඇයව රූමස්සල කන්දේ වූ ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත ගල් කුළ ඔසවා විසි කර දමමිනි. ඒ අනුව රාම ඉස්සූ ගල යන අරුතින් ‘‘රාමස්සුගල’’ රූමස්සගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බවට මතයකි.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4592529616.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_73c77de7f3.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2332b69ad8.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c8abd0b14a.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_29fc2d202f.jpg[/IMG] [SIZE="4"]වාල්මිකී විසින් රචිත රාමායණයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් රාවණගේ හී සර පහරකින් විපතට පත්විය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කෙරිණි. මිනිසුන් දෙදෙනෙකු ගැහැනියක වෙනුවෙන් කරන ලද අනුවන සටන ගැන සිතමින් හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන එනු ලැබීය. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ කෙණෙහිම ලක්ෂ්මනයන් සුවය ලබා සිටි බව සඳහන් වේ. අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන් රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල වූ බවටද මතයකි. හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැලෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ලැබීමද විශේෂත්වයෙකි. අතීතයේ රූමස්සල සෘෂිවරුන් වාසය කළ බව ද ජනප්රවාදයෙන් තොරතුරු ලැබේ. ඔවුන් වාසය කළ බව කියන එහි වූ ගල් ලෙන් බොහොමයක් මේ වන විට ගල් බෝරකරුවන් විසින් ගල් බෝර ගසා විනාශ කර කළුගල් ලබා ගෙන ඇත. හිමාලයේ නොමැති ඖෂධ පැළෑටි පවා එවකට මෙහි තිබී ඇත. ඇතැමුන් ඉන්දියාවේ සිට ද දුර්ලභ ඖෂධ පැළෑටි සොයා මෙහි පැමිණ තිබේ. ඔවුන් ඖෂධ පැළෑටි වලට දැක්වූ ඉමහත් ගෞරවය නිසා ඒවා පෑගීමට අකමැත්තෙන් බිම දිගේ ඇදී ගොස් අවශ්‍ය කරන ඖෂධ පැළෑටි උදුරා ගත් බව පැරැන්නෝ කියති. අදටත් මෙම කඳුවැටියේ ඇති පැළෑටි වලින් බොහොමයක්ම ඖෂධ පැළෑටිය. රූමස්සල කළුනික පවතින බවට ද ජනප්‍රවාද ගත ෙතාරතුරු ලැබේ. ඖෂධ පැළෑටි සොයා පැමිණි බ්‍රාහ්මණයකු තමන්ට අවශ්‍ය කරන කෑම බීම සකස් කර ගැනීම සඳහා නුදුරු ගමක විසූ ඉතාමත් වයෝවෘද්ධ අයෙකු කැඳවා ගෙන පැමිණ තිබේ. දිනක් බ්‍රාහ්මණයා ඖෂධ පැළෑටි සොයමින් සිටිය දී මහල්ලා දිවා ආහාරය සකස් කරමින් සිට ඇත. බත උයමින් සිට ඇති ඔහු එය පැසීගෙන එද්දී අසල වූ ගසකින් කෝටුවක් කඩාගෙන ඉන් බත කූරු ගා බත් ටිකක් අතට ගෙන ඒවා අනුභව කර ඇත. සුළු මොහොතකින් එම මහල්ලාගේ අබල දුබලකම් සියල්ල නැති වී ගොස් ඔහුට නව ජීවයක් ලැබුණු බව සඳහන් වේ. ඖෂධ පැළෑටි සොයා ගෙන පැමිණි බ්‍රාහ්මණයා බත කූරු ගෑ කෝටුව පරීක්ෂා කර එය කළුනික ලෙස හඳුනාගත් බවද කියති. රූමස්සල ඈත අතීතයේ සිටම ‘‘රුහුණු ඔසු උයන’’ ලෙසින් හැඳින්විණි. 1991 දී කරන ලද අධ්‍යයනයකට අනුව ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයාගෙන තිබුණි. ඉන් ඖෂධ පැළෑටි වර්ග 141ක්ම රූමස්සලට ආවේණික වූ ඖෂධ පැළෑටි වර්ග වෙති. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ කෙඩාලාන විශේෂයක් වන කෝන්තාලං ශාක (xylocarpusrumphii/Meliaceae) කීපයක් ද වැල්ලේ දේවාල භූමියේ දැක ගත හැක. ලෙඩ රෝග 108කට ප්රත්යක්ෂ ගුණ දෙන ආයුර්වේදයේ එන ‘‘ගොපලු ගුළිය’’ නම් ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස මෙම ගසේ ගෙඩි යොදා ගැනේ. රූමස්සල විශාල පාෂාණ නිධියකින් සමන්විත වන අතර තෙත්, ශුෂ්ක හා වියළි යන කලාප තුනටම අයත් ශාක එහි දැක ගත හැක. කුලුනු කන්ද නමැති ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැක ගත හැක. අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන සහ ඉලුක් ඉන් සමහරකි. උණවටුන රජයේ රෝහල පිහිටා ඇති ප්‍රදේශයේ හෙල්දොඹ, කොට්ටම්බා, දන්කෙන්ද, වල් දෙල්, ගොඩපර, වැනි වැසි වනාන්තරවල වැවෙන ශාක දැකගත හැක. බටහිර වෙරළ තීරයේ මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ඖෂධීය ශාක දැකගත හැක. නිරිත හා දකුණු දිග පෙදෙසේ කඳු මුදුන් හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපයේ වැවෙන පඳුරු දැක ගත හැක. රූමස්සල ආශ්‍රිතව දර්ශණීය සමනල විශේෂ 84ක් ද, නිරීක්ෂණය කළ හැකිය. පක්ෂි විශේෂ 72ක් නිරීක්ෂණය කළ හැකි අතර ඉන් මුහුදු රාජාලීන්ට සහ මුහුදු ලිහිණියන්ට විශේෂ තැනක් හිමි වේ. දඬු ලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියන්, ඉත්තෑවුන් වැනි ක්ෂීරපායී සතුන්ද, නයා, පිඹුරා, පොළඟා, ඇහැටුල්ලා, පොළොන් තෙලිස්සා, මාපිලා වැනි සර්ප විශේෂයන්ද රූමස්සල දී දැකගත හැක. ශ්‍රී ලංකාවේ හමු වූ ඉහළම ජෛව විවිධත්වය සහිත කොරල් පරය ලෙස රූමස්සල කන්ද පාමුල ගාලු බොක්ක තුළ පිහිටි බොනවිස්ටා කොරල්පරය සැලකේ. ‘‘බොනවිස්ටා’’ යන පෘතුගීසි වදනේ තේරුම සුන්දර දසුන යන්නයි. සුන්දරත්වය අතින් වෙනත් කිසිදු කොරල් පරයක් හා සම කළ නොහැකි මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 491ක් සොයා ගෙන ඇත. මෙය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වෙති. හික්කඩුව කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 168 වන අතර කල්පිටියට නුදුරින් පිහිටි කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 286කි. ලෝක සංරක්ෂණ සංගමය (ICUN) 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ව වාර්තාවට අනුව ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙති. මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක්ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැත. කොරල් පරයක විශිෂ්ටත්වය මනිනු ලබන්නේ එහි වෙසෙන පනාවන් විශේෂ (Butterfly fish) සංඛ්‍යාව අනුවය. පනාවන් විශේෂ 36න් 25ක් මේ වන විට මෙම කොරල් පරයෙන් හමු වී තිබේ. සියයට 71ක් සජීවී කොරල්වලින් සමන්විත මෙහි පසැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පනුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300 පමණ වන අතර වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් මෙම කොරල් පරයේ වෙති. මෙම කොරල් පරයේ වෙසෙන තවමත් හඳුනාගෙන නොමැති සත්ව විශේෂ සංඛ්‍යාව හඳුනාගෙන ඇති සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා හතර ගුණයක් පමණ විය හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. 20 වැනි සියවස මුල භාගයේ ගාල්ලේ ජීවත් වූ ‘‘බෙනට්’’ නමැති විද්‍යාඥයෙකු මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 15 පමණ අලුතින්ම ලෝකයට හඳුන්වා දීමට සමත්ව තිබුණි. මෙය සමුද්‍රික මත්ස්‍ය ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකේ. රූමස්සල පලතුරු උයනක් පවතින බවත් එය දැක ගත හැක්කේ මං මුළා වී කුසගින්නේ අතරමං වූවකුට පමණක් බවත් ජනප්රවාදයේ සඳහන් වේ. කුසගින්න නිවා ගැනීමට ඇති තරම් පලතුරු මෙහිදී අනුභව කළ හැකි බවත්, පලතුරු රැගෙන ඒමට කිසිවෙකුටවත් නොහැකි බව ඒ අය කියති. රූමස්සල කඳුවැටියේ දකුණු දිග දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකිය හැක. ඉන් වාරකන් සමයේදී මීටර් කිහිපයක් උසට මුහුදු රළ විහිදෙනු දැක ගත හැකිය. රූමස්සල කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දැකිය හැක. මෙයින් දිය නෑ විට ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ද ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් පවතී. කළු ගල් කැඩීමත්, වනාන්තරය විනාශ කිරීමත්, හේතු කොට මෙම බෙහෙත් දොළ මේ වන විට සිඳී යාමට ලක් ව ඇත. 1875 දී බ්‍රිතාන්‍යයින් විසින් ඉදි කරන ලද අඩි 50ක් පමණ උසැති කුලුනක් රූමස්සල කුලුනු කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දැක ගත හැක. ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මඟ තැනූ මිනින්දෝරු නිලධාරීන් සිහි කිරීම සඳහා මෙය නිර්මාණය කරන ලද බව සඳහන් වේ. මෙය මිනුම් කුලුනක් ලෙස ද භාවිතයට ගත් බව කියති. දෙවන ලෝක යුද් සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් සතුරු නැව් විනාශ කර දැමීම සඳහා මෙම කුලුනේ ව්‍යාජ ආලෝක පහනක් සවි කර තිබී ඇත. ගාල්ල කොටු පවුර මත වූ ප්‍රදීපාගාරයේ ආලෝක පහන් නිවා දමා මෙහි පහන් ක්‍රියාත්මක කළ විට ඒ මඟ ඔස්සේ පැමිණි සතුරු නැව් විශාල ප්‍රමාණයක් රූමස්සල අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් වූ බව පැරැන්නෝ කියති. එලෙස මුහුදුබත් වූ නාවික යාත්‍රා 21ක පමණ සුන්බුන් අදටත් මුහුදු පත්ලේ දී දැක ගත හැකි බව කිමිදුම්කරුවෝ පවසති. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2b7d31ebe0.jpg[/IMG] [SIZE="4"]බ්‍රිතාන්‍යයින් විසින් ගාලු වරායට සේන්දු වූ නෞකාවලට ජලය ලබා දීම සඳහා රූමස්සල කන්ද පා මුල මුහුදු වෙරළ සමීපයේ ළිඳක් ද ඉදිකර තිබී ඇත. ගාලු වරායට සේන්දු වූ නෞකාවල සිටි වසංගත ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙහි රෝහලක් ද පවත්වා ගෙන ගොස් ඇත. එම ගොඩනැගිලිවල වර්තමානයේ බොනවිස්ටා වැඩිහිටි නිවාසය පවත්වා ගෙන යති. බ්‍රිතාන්‍යයින් විසින් රූමස්සල ප්‍රදේශයේ දේවස්ථානයක් ද පවත්වා ගෙන ගොස් ඇත. එහි කටයුතු භාරව සිටි ප්‍රධානියාගේ නැගණිය ළමුන් පිරිසකට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පාඨශාලාවක්ද ආරම්භ කර ඇත. එම පාඨශාලාව වර්තමානයේ බොනවිස්ටා විද්‍යාලය නමින් පවත්වා ගෙන යති. බ්‍රිතාන්‍යයින් විසින් 1874 ආරම්භ කරන ලද සුසාන භූමියක් ද බොනවිස්ටා ප්‍රදේශයේ දැක ගත හැක. රූමස්සල කන්දේ ගාල්ල දෙසට විහිදී ඇති තුඩුවේ වධකාගාරයක, පෝරකයක සහ වෙඩි ගෙයක නටබුන් ද ශේෂ වී පවතී. ගල් බිත්ති වලින් නිමවා ඇති වධකාගාරයක අඩි 10ක් පමණ උසින්, අඩි 12 පමණ පළලින් සහ අඩි දෙකක් පමණ ඝනකම බිත්ති වලින් යුක්ත වේ. බ්‍රිතාන්‍යයින්ට එරෙහිව කටයුතු කළ සිංහලයින් අල්ලා ගාල්ල ඕලන්ද බළ කොටුවේ සිරකර තබා අශ්ව කරත්තවල නංවා වරින් වර මෙම වධකාගාරයට රැගෙන ආ බව සඳහන් වේ. ඔවුන්ව වධකාගාරය තුළ දැඩි රැකවරණ මැද සිරකර තබා නියම කරන ලද දිනයකදී මරණයට පත්කර සිරුර අසල වූ මුහුදට දැමූ බව සඳහන් වේ. යුද සෙබළුන්ට අවි පුහුණුව ලබා දුන් වෙඩි ගෙය මේ වන විට මුහදු වැලිවලින් වැසී ගොස් ඇත. කුකුලේවත්ත නමැති ඉඩමේ පිහිටා තිබෙන එහි දිග අඩි අටකි. පළල අඩි අටකි. උසද අඩි අටකි. එහි බිත්ති අඩියක් පමණ ඝනකමින් යුක්ත වේ. රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.[/SIZE] [URL="http://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B6%BB%E0%B7%96%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%9A--%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94--%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF---/57-530881"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom