Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රේල් බස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයින් දශක දෙකකට පෙර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින්, අපූරු පරීක්ෂණයක් සිදු කරන ලදී. ඒ, මහාමාර්ගයේ ධාවනය කිරීමට නිෂ්පාදනය කල සාමාන්‍යය බස් රථයක්, දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමටයි.

අඩු මගී ඝනත්වයක් සහිත ප්‍රදේශ සහ කාල වේලාවන් ඉලක්ක කරගෙන, සාමන්‍යය දුම්රියකට වඩා අඩු සේවා හා නඩත්තු වියදමින් යුතු ප්‍රවාහන ක්‍රමයක් වෙනුවෙන් මෙම අදහස ගෙන ආවේ, එවකට ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ධූරය හෙබවූ පී. පී. විජේසේකර මහතාය. 1995 ඒ මහතා ඉදිරිපත් කල එම යෝජනාවට, විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල විය.

ආරක්ෂාව, යෝග්‍යතාව, ශක්‍යතාව, වියදම, නඩත්තුව, යනාදී සියලු කරුණු අභියෝගයට ලක් කෙරුණු අතර, ප්‍රවාහන අමාත්‍යංශයේ එකඟතාව ලබාගෙන, එක් බස් රථයක් ලබාගැනීමට විජේසේකර මහතා සමත් විය.

ඩිමෝ වර්ගයේ බස් රථයක් වූ එයින්, අවම වෙනස්කම් සහිතව වුවද, පරීක්ෂණ ධාවනයන් ගණනාවක් සාර්ථකව සිදු කරනු ලැබීය. මෙහි සිදු කරන ලද වෙනස්කම් වූයේ, ඇක්සල් වල වෙනස්කම් පමණි. බස් රථයේ ඇක්සල් ඉවත් කොට දුම්රිය ඇක්සලයක් යොදන ලදී. ඉදිරිපස රෝද ඉවත් කොට, පැරණි මැදිරියක ඇක්සලයක් සහ දුනු පද්ධතිය යොදන ලදී. මෙහි සුක්කානම (Steering wheel) සහිත හැරවුම් පද්ධතිය එසේම තබන ලදී.

[ATTACH=full]115585[/ATTACH]

ප්‍රථම බස් රථය

මෙම බස් රථයේ සාර්ථකත්වය නිසාම, එම වර්ගයේම තවත් බස් රථයක් මෙයට පසුපසින් Back to back ආකාරයෙන් ඈදා බස් රථ කට්ටලයක් නිපදවන ලදී. මෙම කට්ටලය ද, පරීක්ෂණ ධාවන වලින් අනතුරුව, සේවය සඳහා මුදා හැරිණි. මෙයට එල්ල වූ එක් චෝදනාවක් වන උඩරට මාර්ගයේ ධාවනයට බස් රථයේ එන්ජින් බලය ප්‍රමාණවත් නොවේ යන මතය විජේසේකර මහතා බිඳ දැම්මේ, මගීන් ද සමග රඹුක්කන සිට මහනුවර දක්වා එක් බස් රථයකින් අනෙකත් ඇදගෙන යන ආකාරයෙන් මෙම කට්ටලය ධාවනය කිරීමෙනි.

[ATTACH=full]115586[/ATTACH]

බස් රථ කට්ටලයක් රත්මලාන කර්මාන්තශාලාවෙදී

[ATTACH=full]115587[/ATTACH]

අංක 3 දරණ බස් රථය පොල්ගහවෙල දී.

මේ ආකාරයට, අපේ ඉංජිනේරු මහතකු අතින්, ලෝකයට නවමු අදහසක් ඉදිරිපත් විය. නමුත්, පුවත්පත් වලින් තවදුරටත් මෙම අනර්ඝ නිපැයුම හාස්‍යයට ලක් කෙරුණි.

[ATTACH=full]115588[/ATTACH]

කෙසේ නමුත්, රේල්බස් ව්‍යාපෘතිය නොනැවතී ඉදිරියට ගියේය. මතු වූ ගැටළු වලට පිළියම් යොදමින්, නවීකරණයට ලක් වෙමින්, බස් රථ කට්ටල 14ක් දක්වා මෙය ඉදිරියට පැමිණියේය. මුල් කාලීන බස් රථ වල එකකින් අනෙකට මාරු වීමේ හැකියාව නොවීය. පසුව එයද එක් කෙරුණි. විශේෂිත ඈදුමක් (Coupling) නිර්මාණය කෙරුණි. ඇක්සල් වල දෝෂ පෙන්වූ බැවින්, මේ සඳහාම විශේෂ ඇක්සලයක් ලියවා සකස් කෙරුණි. ඉදිරිපස තනි ඇක්සලය රුමේනියානු මැදිරියකින් ලබා ගැනුනි. පරීක්ෂණාත්මක ලෙස එයටද තනි ඇක්සලයේ බෝගියක් නිර්මාණය කෙරුණි. තිරිංග බස් රථ දෙකටම එක වර යෙදිය හැකි ලෙස වායු තිරිංග වලට මාරු විය. එමෙන්ම, දුම්රියක මෙන් අතින් ක්‍රියා කරන ලීවරයකින් එය ක්‍රියාත්මක කෙරුණි. සුක්කානම් පද්ධතිය ඉවත් වූ අතර, රියදුරු කුටිය මදක් වෙනස් කෙරුණි.

[ATTACH=full]115590[/ATTACH]

රියැදුරු කුටිය සහ පාලන පද්ධතිය

පසුකාලීනව, අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථ මෙම ව්‍යාපෘතියට යොදාගැනුනි. ඩිමෝ බස් රියට වඩා සුවිකාර්යතාවයෙන් යුතු යටි රාමුවක් මෙහි විය. එමෙන්ම, පසුව අවශ්‍ය මූලික වෙනස්කම් කර්මාන්තශාලාවෙදීම සිදු කිරීමටත්, ආපසු බාර දෙන කොටස් වලට වට්ටම්/ අමතර කොටස් ලබාගැනීමටත් හැකි විය. රේල් බස් රථයේ එක බසයක දෙපසින් දොරවල් එක බැගින් ඇත. ඒ නම්, සාමාන්‍යය බස් රථයක ඇති පසුපස දොර ඉවත් කර ඇත.

මෙම බස් රථය ධාවනය වන්නේ දුම්රිය මාර්ගයේ ය. නමුත් කම්පන අවශෝෂක පද්ධතිය සකසා ඇත්තේ මහාමාර්ගයට උචිත අයුරින්ය. එහෙයින්, එය වෙනස් කොට දුම්රිය මාර්ගයට උචිත අන්දමින් කම්පන අවශෝෂක යොදා ඇත. ඒ නමුත්, ධාවනය තරමක් රළු බවක් දක්නට ලැබේ. ඒ, අවශ්‍ය බර නොමැති නිසාය. දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමට අධික එන්ජින් බලය පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රමාණවත් ඝර්ෂණයක් ද තිබිය යුතුය. එසේ නැතහොත් ත්වරණය කිරීමේදී රථයේ රෝද ලිස්සීමට ලක් වේ. Wheel slip යනුවෙන් මෙය හැඳින්වේ. මේ සඳහා බස් රථයේ එලවුම් රෝද මතට වැඩි බරක් එන පරිදි සකසා ඇත.

[ATTACH=full]115591[/ATTACH]

සිලින්ඩර් 6- අශ්වබල 180 එන්ජින් බඳ

තවද මෙහි ඇති සම්ප්‍රේෂණ පද්ධතිය බස් රථයේ ඇති ක්ලච් එකකින් සමන්විත යාන්ත්‍රික ගියර් පෙට්ටි ක්රමයම ය. ධාවනයේදී රියදුරු මහතා විසින් සාමාන්‍යය වාහනයක් මෙන්ම ගියර් මාරු කල යුතුය

මෙම බස් රථ ධාවනයේදී ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා අධිකය. ඒ, ධාවනයේදී ක්‍රියාත්මකව පවතින්නේ එක් එන්ජිමක් පමණක් නිසාය. පසුපස බස් රථය එයින් ඇදගෙන යයි. ඒ නම්, එක් බස් රියක ඉන්ධන වැයෙන් බස් දෙකක් ගමන් කරයි. සාමාන්‍යය බස් රථයක් මෙන් දෙගුණයකටත් අධිකව මෙය ඉන්ධන පිරිමසී. එමෙන්ම මෙහි නඩත්තුවද පහසුය. බස් රථ අලුත්වැඩියාව දන්නා ඕනෑම කෙනෙක්ට මෙහි අලුත්වැඩියා කටයුතු කල හැකිය. එමෙන්ම, අමතර කොටස් ද පහසුවෙන් අඩු මිලට සපයාගත හැකිය.

[ATTACH=full]115592[/ATTACH]

මහනුවර බලා ධාවනය වන අතරතුර දී.

මුල් බස් රථය විනෝද චාරිකා සඳහා වෙන් කරගත හැකි පිළිවෙලක් අතීතයේ ක්‍රියාත්මක විය. පසුව, උඩරට මාර්ගයේ බදුල්ල- බණ්ඩාරවෙල, උතුරු මාර්ගයේ පොල්ගහවෙල- මහව අතර සේවයේ යෙදුනු මෙය, දැන් කැලණිවැලි මාර්ගයේත්, මහනුවර- පේරාදෙණිය- ගම්පොල අතරත්, අනගි සේවාවක් සපයයි.

[ATTACH=full]115594[/ATTACH]

[ATTACH=full]115595[/ATTACH]

-අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී-

-චායාරූප අන්තර්ජාලයෙන්-

[QUOTE="Walter White, post: 26194436, member: 573363"] මෙයින් දශක දෙකකට පෙර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින්, අපූරු පරීක්ෂණයක් සිදු කරන ලදී. ඒ, මහාමාර්ගයේ ධාවනය කිරීමට නිෂ්පාදනය කල සාමාන්‍යය බස් රථයක්, දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමටයි. අඩු මගී ඝනත්වයක් සහිත ප්‍රදේශ සහ කාල වේලාවන් ඉලක්ක කරගෙන, සාමන්‍යය දුම්රියකට වඩා අඩු සේවා හා නඩත්තු වියදමින් යුතු ප්‍රවාහන ක්‍රමයක් වෙනුවෙන් මෙම අදහස ගෙන ආවේ, එවකට ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ධූරය හෙබවූ පී. පී. විජේසේකර මහතාය. 1995 ඒ මහතා ඉදිරිපත් කල එම යෝජනාවට, විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල විය. ආරක්ෂාව, යෝග්‍යතාව, ශක්‍යතාව, වියදම, නඩත්තුව, යනාදී සියලු කරුණු අභියෝගයට ලක් කෙරුණු අතර, ප්‍රවාහන අමාත්‍යංශයේ එකඟතාව ලබාගෙන, එක් බස් රථයක් ලබාගැනීමට විජේසේකර මහතා සමත් විය. ඩිමෝ වර්ගයේ බස් රථයක් වූ එයින්, අවම වෙනස්කම් සහිතව වුවද, පරීක්ෂණ ධාවනයන් ගණනාවක් සාර්ථකව සිදු කරනු ලැබීය. මෙහි සිදු කරන ලද වෙනස්කම් වූයේ, ඇක්සල් වල වෙනස්කම් පමණි. බස් රථයේ ඇක්සල් ඉවත් කොට දුම්රිය ඇක්සලයක් යොදන ලදී. ඉදිරිපස රෝද ඉවත් කොට, පැරණි මැදිරියක ඇක්සලයක් සහ දුනු පද්ධතිය යොදන ලදී. මෙහි සුක්කානම (Steering wheel) සහිත හැරවුම් පද්ධතිය එසේම තබන ලදී. [ATTACH type="full"]115585[/ATTACH] [B][COLOR=rgb(209, 72, 65)]ප්‍රථම බස් රථය[/COLOR][/B] මෙම බස් රථයේ සාර්ථකත්වය නිසාම, එම වර්ගයේම තවත් බස් රථයක් මෙයට පසුපසින් Back to back ආකාරයෙන් ඈදා බස් රථ කට්ටලයක් නිපදවන ලදී. මෙම කට්ටලය ද, පරීක්ෂණ ධාවන වලින් අනතුරුව, සේවය සඳහා මුදා හැරිණි. මෙයට එල්ල වූ එක් චෝදනාවක් වන උඩරට මාර්ගයේ ධාවනයට බස් රථයේ එන්ජින් බලය ප්‍රමාණවත් නොවේ යන මතය විජේසේකර මහතා බිඳ දැම්මේ, මගීන් ද සමග රඹුක්කන සිට මහනුවර දක්වා එක් බස් රථයකින් අනෙකත් ඇදගෙන යන ආකාරයෙන් මෙම කට්ටලය ධාවනය කිරීමෙනි. [ATTACH type="full"]115586[/ATTACH] [B][COLOR=rgb(209, 72, 65)]බස් රථ කට්ටලයක් රත්මලාන කර්මාන්තශාලාවෙදී[/COLOR][/B] [ATTACH type="full"]115587[/ATTACH] [B][COLOR=rgb(209, 72, 65)]අංක 3 දරණ බස් රථය පොල්ගහවෙල දී.[/COLOR][/B] මේ ආකාරයට, අපේ ඉංජිනේරු මහතකු අතින්, ලෝකයට නවමු අදහසක් ඉදිරිපත් විය. නමුත්, පුවත්පත් වලින් තවදුරටත් මෙම අනර්ඝ නිපැයුම හාස්‍යයට ලක් කෙරුණි. [ATTACH type="full"]115588[/ATTACH] කෙසේ නමුත්, රේල්බස් ව්‍යාපෘතිය නොනැවතී ඉදිරියට ගියේය. මතු වූ ගැටළු වලට පිළියම් යොදමින්, නවීකරණයට ලක් වෙමින්, බස් රථ කට්ටල 14ක් දක්වා මෙය ඉදිරියට පැමිණියේය. මුල් කාලීන බස් රථ වල එකකින් අනෙකට මාරු වීමේ හැකියාව නොවීය. පසුව එයද එක් කෙරුණි. විශේෂිත ඈදුමක් (Coupling) නිර්මාණය කෙරුණි. ඇක්සල් වල දෝෂ පෙන්වූ බැවින්, මේ සඳහාම විශේෂ ඇක්සලයක් ලියවා සකස් කෙරුණි. ඉදිරිපස තනි ඇක්සලය රුමේනියානු මැදිරියකින් ලබා ගැනුනි. පරීක්ෂණාත්මක ලෙස එයටද තනි ඇක්සලයේ බෝගියක් නිර්මාණය කෙරුණි. තිරිංග බස් රථ දෙකටම එක වර යෙදිය හැකි ලෙස වායු තිරිංග වලට මාරු විය. එමෙන්ම, දුම්රියක මෙන් අතින් ක්‍රියා කරන ලීවරයකින් එය ක්‍රියාත්මක කෙරුණි. සුක්කානම් පද්ධතිය ඉවත් වූ අතර, රියදුරු කුටිය මදක් වෙනස් කෙරුණි. [ATTACH type="full"]115590[/ATTACH] [B][COLOR=rgb(209, 72, 65)]රියැදුරු කුටිය සහ පාලන පද්ධතිය[/COLOR][/B] පසුකාලීනව, අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථ මෙම ව්‍යාපෘතියට යොදාගැනුනි. ඩිමෝ බස් රියට වඩා සුවිකාර්යතාවයෙන් යුතු යටි රාමුවක් මෙහි විය. එමෙන්ම, පසුව අවශ්‍ය මූලික වෙනස්කම් කර්මාන්තශාලාවෙදීම සිදු කිරීමටත්, ආපසු බාර දෙන කොටස් වලට වට්ටම්/ අමතර කොටස් ලබාගැනීමටත් හැකි විය. රේල් බස් රථයේ එක බසයක දෙපසින් දොරවල් එක බැගින් ඇත. ඒ නම්, සාමාන්‍යය බස් රථයක ඇති පසුපස දොර ඉවත් කර ඇත. මෙම බස් රථය ධාවනය වන්නේ දුම්රිය මාර්ගයේ ය. නමුත් කම්පන අවශෝෂක පද්ධතිය සකසා ඇත්තේ මහාමාර්ගයට උචිත අයුරින්ය. එහෙයින්, එය වෙනස් කොට දුම්රිය මාර්ගයට උචිත අන්දමින් කම්පන අවශෝෂක යොදා ඇත. ඒ නමුත්, ධාවනය තරමක් රළු බවක් දක්නට ලැබේ. ඒ, අවශ්‍ය බර නොමැති නිසාය. දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමට අධික එන්ජින් බලය පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රමාණවත් ඝර්ෂණයක් ද තිබිය යුතුය. එසේ නැතහොත් ත්වරණය කිරීමේදී රථයේ රෝද ලිස්සීමට ලක් වේ. Wheel slip යනුවෙන් මෙය හැඳින්වේ. මේ සඳහා බස් රථයේ එලවුම් රෝද මතට වැඩි බරක් එන පරිදි සකසා ඇත. [ATTACH type="full"]115591[/ATTACH] [B][COLOR=rgb(209, 72, 65)]සිලින්ඩර් 6- අශ්වබල 180 එන්ජින් බඳ[/COLOR][/B] තවද මෙහි ඇති සම්ප්‍රේෂණ පද්ධතිය බස් රථයේ ඇති ක්ලච් එකකින් සමන්විත යාන්ත්‍රික ගියර් පෙට්ටි ක්රමයම ය. ධාවනයේදී රියදුරු මහතා විසින් සාමාන්‍යය වාහනයක් මෙන්ම ගියර් මාරු කල යුතුය මෙම බස් රථ ධාවනයේදී ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා අධිකය. ඒ, ධාවනයේදී ක්‍රියාත්මකව පවතින්නේ එක් එන්ජිමක් පමණක් නිසාය. පසුපස බස් රථය එයින් ඇදගෙන යයි. ඒ නම්, එක් බස් රියක ඉන්ධන වැයෙන් බස් දෙකක් ගමන් කරයි. සාමාන්‍යය බස් රථයක් මෙන් දෙගුණයකටත් අධිකව මෙය ඉන්ධන පිරිමසී. එමෙන්ම මෙහි නඩත්තුවද පහසුය. බස් රථ අලුත්වැඩියාව දන්නා ඕනෑම කෙනෙක්ට මෙහි අලුත්වැඩියා කටයුතු කල හැකිය. එමෙන්ම, අමතර කොටස් ද පහසුවෙන් අඩු මිලට සපයාගත හැකිය. [ATTACH type="full"]115592[/ATTACH] [B][COLOR=rgb(209, 72, 65)]මහනුවර බලා ධාවනය වන අතරතුර දී.[/COLOR][/B] මුල් බස් රථය විනෝද චාරිකා සඳහා වෙන් කරගත හැකි පිළිවෙලක් අතීතයේ ක්‍රියාත්මක විය. පසුව, උඩරට මාර්ගයේ බදුල්ල- බණ්ඩාරවෙල, උතුරු මාර්ගයේ පොල්ගහවෙල- මහව අතර සේවයේ යෙදුනු මෙය, දැන් කැලණිවැලි මාර්ගයේත්, මහනුවර- පේරාදෙණිය- ගම්පොල අතරත්, අනගි සේවාවක් සපයයි. [ATTACH type="full"]115594[/ATTACH] [ATTACH type="full"]115595[/ATTACH] -අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී- -චායාරූප අන්තර්ජාලයෙන්- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom