රේස් පදින පුද්ගලයින් මානසික වෛද්‍යවරුන් හමුවට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රේස් පදින පුද්ගලයින් මානසික වෛද්‍යවරුන් හමුවට : ඊයේ වැටලීමකින් යතුරුපැදිකරුවන් 24ක් අත්අඩංගුවට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක (VIDEO)



    කිඹුලාවල මංසන්ධියේ සිට නව රෝහල පාරේ යතුරුපැදි ධාවන තරග පැවැත්වීමට සැලසුම් කරමින් සිටි යතුරුපැදිකරුවන් 24 දෙනෙකු මිරිහාන පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා..
    ඊයේ දිනයේදී මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමකින් එවැනි සංවිධානාත්මක යතුරුපැදි කණ්ඩායමක් පොලිස් භාරයට ගනු ලැබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    මෙම යතුරුපැදි නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය සිය භාරයට ගෙන එහි හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරකින් පසුව පොලිසිය විසින් එවැනි සංවිධානාත්මකව සිදුකරනු ලබන බවට යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් අත්අඩංගුවට ගැනීමට රටපුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

    " ඇතැම් තරුණ පිරිස් විසින් කොළඹ, ගම්පහ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල මෙවැනි යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරග පවත්වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් තමන්ගේ විනෝදාංශයට සිදුකරන
    මෙවැනි ක්‍රියා නිසා අවසානයේදී රටේ වටිනා ජිවිත අහිමිවීම් සිදුවනවා. ඉදිරියේදී මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා වගේම ඔවුන්ව අධිකරණ නියෝග මත මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අලුතින් ඇරඹෙමින් පවතින මෙවැනි උප සංස්කෘතියන් වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

    තමන්ට යතුරුපැදි හෝ මෝටර් රථ ධාවන තරග පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ධාවන පථයන් තිබෙනවා. මහ මාර්ගයේ එවැනි ක්‍රියා සිදුකිරීම නීති විරෝධී" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    Source: http://nethnews.lk/article/81998

    මහ පාරේ පවුලක් වැනසූ නරුමයා ටික් ටොක් දමන්න රේස් පැදපු පුද්ගලයෙක් - නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි පෙම්වතියගෙන් ඉල්ලීමක්

    මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේ මෝසස් පටුමඟ අසල පදික මාරුවේදී දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ යතුරුපැදිකරු සමාජජාලා ගිණුම් වල පළ කිරීම සහ මුදල් ඔට්ටු තබා රේස් පැදීම සිදු කරන පුද්ගලයෙක් බව හෙළිවෙනවා.

    ලහිරු ෆර්නැන්ඩෝ නම් විසිහැවිරිදි සැකකරු පුරුද්දක් වශයෙන් සෑම දිනකම රාත්‍රීයේ මහා මාර්ග වල අධික වේගයෙන් රේස් ධාවනය කර තිබේ.

    එවන් අවස්තාවන්හි වීඩියො පටිගත කර ෆේස්බුක්, ටික් ටොක් වැනි සිය සමාජජාලා ගිණුම් වල පළ කිරීමටද මෙම පුද්ගලයා කටයුතු කර තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අධික වේගයෙන් රිය පදවා ඇති සැකකරු මීට පෙරද රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩ නියම වූ අයෙකු බවයි.

    මේ අතර මාධ්‍ය ඇමතු මෙම විසි හැවිරිදි පුද්ගලයාගේ පෙම්වතිය ප්‍රකාශ කළේ රිය අනතුරක් සිදු කර දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ සිය පෙම්වතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත්, එම පවුලට මුදලින් උපකාර කිරීමට තමන් සුදානම් බවය.

    මෙම අනතුරින් ගැබිනි මවක් වූ අදාල අනතුරකට ලක් වූ කාන්තාවගේ කුස තුල සිටි දරු ගැබද අහිමි වී තිබේ.


    129935356_761416024719615_3185526496799112728_n.jpg


    130192003_1021428815026660_6542978957612934870_n.jpg


    Source: http://nethnews.lk/article/81986
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මොන බුරුවො ඉන්න රටක්ද , රෙස් පදින උන් මානසික ලෙඩ්ඩු රෙස් කාර් බයික් හදන කම්ම්පැනි මානසික ලෙඩ්ඩු කරන්නෙ, පුදුමාකාර ගොන්නු ඉන්න රටක් මෙක
     
    • Like
    • Haha
    Reactions: pdn.ac.lk and Troop

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    129896485_1744657645700496_2017571805860947866_n.jpg


    කළලෙවත් තිබුනනම්
    හිත හදාගෙන නොලියනවා
    කවියක්...

    අනේ බුදු හාමුදුරුවනෙ...

    මෙතන එකෙක්ට හරි
    පණ දෙන්න පුළුවන්නම්
    නොමළ ගෙයකින්
    අරන් එන්නම්
    මිටක් නෙවේ අබ ඇට
    තැටියක් !

    Udesh Aryan FB Page
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Meya wiya yuthui. Eeth lankawata ooni itha thada marga neethi paddathiyak. Ehema nathnam munwa hadanna ba.
    Red light eke idala Orange watuna gaman horn gahana ewun inna ratak meika.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාවේත් Man TT වගේ එකක් දැම්මොත් SLTT කියලා, ඔය බයික් ගාය තියන එවුන්ට ප්‍රැක්ටිස් වෙන්න හොඳ ට්‍රැක් එකක් හදලා රෙන්ට් කරන්න තියෙන්නේ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සිංහලයාගේ මුදුන්මල්කඩ දළදා මාලිගාව ඉස්සරහා නාමල් බේබි පැද්ද රේස් මතක් උනා. බාගෙට හෙළුවෙන් ගෑනුත් නැටුව. එදා හාමුදුරුවෝ ඒවාට විරුද්ද වෙද්දී බය්යෝ උන්වහන්සේට දිගට හරහට මඩ ගැහුවා. ;-)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මොන බුරුවො ඉන්න රටක්ද , රෙස් පදින උන් මානසික ලෙඩ්ඩු රෙස් කාර් බයික් හදන කම්ම්පැනි මානසික ලෙඩ්ඩු කරන්නෙ, පුදුමාකාර ගොන්නු ඉන්න රටක් මෙක
    paare anith minissu amaruwe dala race padina ewun thama manasika rogiyo kiyanne. un pissankotuwata danne na physiotherapist kenek gawata dai hari waradda therum karanna.
    eka nikan pare 3 wheel bike traffic eke assen ringan yanwa wage weraddak kiyanna ba eth samajayata eken apahasuthawak wenne ekat therum ganna munta mole cell wada na. eka develop karanna thamai ona
     
    • Love
    Reactions: Kolama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොන බුරුවො ඉන්න රටක්ද , රෙස් පදින උන් මානසික ලෙඩ්ඩු රෙස් කාර් බයික් හදන කම්ම්පැනි මානසික ලෙඩ්ඩු කරන්නෙ, පුදුමාකාර ගොන්නු ඉන්න රටක් මෙක
    නෑ නෑ, ටවුම මැද්දෙ මහ පාරේ රේස් පදින එවුන් ගැන කියන්නෙ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    129896485_1744657645700496_2017571805860947866_n.jpg


    කළලෙවත් තිබුනනම්
    හිත හදාගෙන නොලියනවා
    කවියක්...

    අනේ බුදු හාමුදුරුවනෙ...

    මෙතන එකෙක්ට හරි
    පණ දෙන්න පුළුවන්නම්
    නොමළ ගෙයකින්
    අරන් එන්නම්
    මිටක් නෙවේ අබ ඇට
    තැටියක් !

    Udesh Aryan FB Page

    :( :( :(
     
    • Like
    • Sad
    Reactions: kinkon and NRTG