රොක් අජිත් සහ තුන්වන ලෝකය.. [3RD world]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රොක් අජිත් සහ තුන්වන ලෝකය.. [3RD world]

    Ajith.jpg


    සංගීතය කියල අපි අඳුනගන්නෙ යම් රටාවක් අනුව ඇසෙන ශබ්ද සමූහයක්. ඒක එහෙම තියෙද්දි අපි ඒක තුල එක එක්කෙනා කැමති රටාවල් අනුව සංගීතයට මායිම් පනවගන්නවා. ඒ අනුව ඒ සීමාව ඇතුලෙ ඉඳන් සංගීතය විඳිනවා.

    නමුත් සංගීතය කියන්නෙ මහා ලොකු ප්‍රදේශයක පැතිරුණ දෙයක් කියල මට තේරුණේ අජිත් කුමාරසිරිගෙ සංගීතය සහ හඬ භාවිතය නිසයි. ඇත්තටම අපි අපේ සීමාවන් තුල හිරවීම නිසා අපිට අහිමි වෙන දේ බොහෝමයි කියල මට ආයෙත් හිතුණ මොහුගෙ සංගීතයට සවන් දුන්නම.

    අජිත් කුමාරසිරි ගැන හොඳ කියන්නෙ මම දන්න අය කීප දෙනයි. බොහෝ දෙනා ඔහුව සමච්චලයට ලක් කරනව. මම නම් හිතන්නෙ ඒක අපේ ස්වභාවික මිලේච්ඡ ගතිය කියලයි.

    බොහෝ දෙනා තමාට නොතේරෙන දේ අමතක නොකර හෝ තේරුම්ගන්න උත්සාහ නොකර ඒව භංග කරන්න යනව. ඒක හරියට අපට අමුතු නෙතේරෙන වස්තුවක් හමු වුණා වගේ. අපිට ඒක තේරෙන්නෙ නැත්නම් අපි කරන්නෙ ඒක කඩල බලන එක. මුකුත්ම කරගන්න බැරි වුණොත් අපි ඒක විනාශ කරල දාන්නත් පෙලඹෙයි.

    අජිත් ගැන මම දන්නෙ නෑ. නමුත් ඔහුගෙ සංගීතය තුල ඔහු මට ගොඩක් උසස් කලාකරුවෙක්. ඔහුගේ සංගීතය සහ වචන මාව මුලින් වශි කරගත්තා. පස්සෙ ඔහුගෙ හඬ භාවිතයත් ඔහු කරන
    වැඩක් කියල මට තේරුණ.

    ...මේක ඔහු ගැන කෙටි හැඳින්වීමක්...



    මේ ඔහුගේ ගීත කිහිපයක්











    කොහොමද ?:D:D පට්ට නේ සිංදු ටික
    මම පහලින් අජිත් කුමාරසිරිගේ [Rock Ajith] ගේ 3RD World ඇල්බම් එකේ ලින්කුව දාන්නම් අහපු නැති අය ඩවුන්ලෝඩ් කරගන්න.
    මම නම් හිතන්නේ එක පාරක් අහලා මදිවෙයි බොලාට.


    *උපුටාගැනීමකි