Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රෝගාතුර වී සිටි පුද්ගලයකුගේ මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලයක් පුරා රෝගාතුර වී සිටි පුද්ගලයකුගේ මරණය සමීපතයන්ගේ සිතට ගෙන දෙන වේදනාවට වඩා එක් වර අනපේක්ෂිත ලෙස මරණයට පත් වූවකු නිසා දැනෙන වේදනාව වැඩිය. එයට හේතුව මුලින් කී පුද්ගලයා මරණයට පත්වීම අප දැනගෙන සිටින බැවිනි. "අද මැරෙයි, හෙට මැරෙයි" ලෙසින් ඔහුගේ මරණය ගැන සමීපතයන් අකමැත්තෙන් හෝ නිතර බලාපොරොත්තුවෙන් සිටි බැවිනි. නමුත් ඉතාමත් හොඳින් සිටි කෙනෙක් එක්වරම මරණයට පත් වූ විට එය දරාගැනීම පවා අපහසුය. මන්දයත් අප සිහිනයකින්වත් එය නොසිතූ බැවිනි. නොපැතූ බැවිනි. අපගේ දෙමාපියන්, දරුවන්, සහෝදර සහෝදරියන් කවරකු හෝ දරුණු ලෙඩක් නිසා කාලයක් පුරා මරණය බලාපොරොත්තුවෙන් සිටියහොත්, ඔවුන්ගේ මරණය දරාගැනීම අපට මහත් අපහසු නොවනු ඇත.

මරණය පමණක් නොව ජීවීතයේ බොහෝ දෑ සම්බන්ධයෙන් මෙය ඇත්තකි. අප දැන සිටි, බලාපොරොත්තුවෙන් සිටි දෙයකින් අප සිතට ඇති කරන බලපෑමට වඩා, අනපේක්ෂිතවම සිටි දෙයකින් ඇති කරන කම්පනය, පීඩාව වැඩිය. දුක කම්පනය සඳහා පමණක් නොව, සතුට සඳහාද මෙය බලපයි. අප කෙනෙක්ව පුදුමයට පත් කරමින් සතුටුදායක දෙයක් කරන විට ඇතිවන සතුට වැඩිය. උපන්දින සාද, සැමරුම් සාද , උසස්වීම් ආදී කවරක් වුවද කලින් දැන සිටිනවාට වඩා සතුටුක් ප්රමෝදයක් එය නොදැන සිට එක්වරම ලැබීමෙන් ඇතිවේ. මිනිස් සිතේ ස්වභාවය එයයි. යමක් අනපේක්ෂිත වත්ම එය තුළින් ලැබෙන දුක හෝ සැප වේදනාව වැඩිය.

බුදු දහමේ "අනුපස්සනා" යනුවෙන් අප පුහුණු කරන්නේ මෙයයි. ජීවීතයේ යථා ස්වරූපය අප නිරන්තරයෙන් මෙනෙහි කරමින් , අනුපස්සනා කරමින් සිටිය යුතුය. මනස ඒ සඳහා නිරන්තරයෙන් පුහුණු කළ යුතුය..

උපන් සෑම සත්වයකුටම කවදා කොතැනකදී හෝ කුමන වේලාවකදී හෝ නියත වශයෙන්ම මුහුණ දීමට සිදුවන දෙය නම් මරණයයි. අප ඒ ගැන හිතුවා කියා එය ඉක්මන් වීමක් හෝ , නොසිතුවා කියා ප්‍රමාද වීමක් හෝ වන්නේ නැත. නමුත් අප නිතරම " මා අද මැරෙන්නට හැකිය. ඊළඟ මොහොතේ මැරෙන්නට හැකියි ".. ලෙසින් මෙනෙහි කරමින් අවබෝධයට පත්විය යුතුය. කොටින්ම දක්වතොත් "ඉහළට ගත් හුස්ම පහළට දාන කාලය තුළ " වුවද මරණයට පත්විය හැකියැයි මෙනෙහි කරමින් සිටිය යුතුය. එනම් හුස්ම ගන්නා වාරයක් පාසා මරණය සිහිකළ යුතුය. එය නියම මරණානුස්සතියයි. මෙසේ නිරන්තර එය අවංකවම මෙනෙහි කිරීමෙන් , මේ ලිපියේ මුලින් දැක්වූ පරිදි,, ඔබ සිතට එය අනපේක්ෂිත දෙයක් නොවී, ඔබ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් බවට පත්වෙයි. ඔබ ආදරය කරන, සමීපතමයන් වුව මරණයට පත්වද්දී ඔබට මහා දුකක්, කම්පනයක් ඇති නොවී, ඇතැම් විට කඳුළක් නොහෙළා ඒ යථාර්ථයට මුහුණ දීමේ ශක්තිය ලැබෙනු ඇත.

මරණානුස්සතිය පමණක් නොව, බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ අප විසින් මනා සිහි කල්පනාවෙන් යුතුව මේ ආකාරයෙන් නිතර සිහි කළ යුතු කරුණු බොහෝමයකි. අනිත්‍ය පිළිබඳව, අනාත්මය පිළිබඳව, දුක පිළිබඳව , ආදීනවයන් පිළිබඳව ආදී ලෙසින්, මේ ලෝකයේ නියත වශයෙන්ම සත්වයාට මුහුණ දීමට සිදුවන සත්‍යතාවයන්, ධර්මතාවයන් ගැන නිරන්තරයෙන් මෙනෙහි කළ යුතුය.

සත්වයාගේ සාමාන්‍ය සිතේ ස්වභාවය මේ සත්‍ය මෙනෙහි කරමින් සිටීම නොව, සත්‍යයට විරුද්ධ දේ මෙනෙහි කරමින් සිටීමය. එනම් බොරුවට, මුලාවට, මිථ්‍යාවට යටවී ඒවා මෙනෙහි කරමින් සිටීමය. උදාහරණයක් ලෙස, සියළු දේ අනිත්‍යතාවය නම් වූ ස්වභාව ධර්මයට යටත්ය. නමුත් මේ සත්‍ය මෙනෙහි කරමින් සිටිනු වෙනුවට අප කරන්නේ, එයට ප්‍රතිවිරුද්ධ දේ මෙනෙහි කරමින් සිටීමය. එනම් නිත්‍ය බව මෙනෙහි කරමින් සිටීමය. "මේ වාහනය මෙසේ ලස්සනට හැමදාම පවතී, නිවස මේ ආකාරයෙන් පවතී, දරුවන් මෙසේ පවතී, ප්‍රියයන් මෙසේ සිටීයි" ආදී ලෙසින් යථා ස්වභාවයට විරුද්ධ දේ මෙනෙහි කරමින් මුලාවට පත්ව වැරදි ලෙසින්, මෝඩ ලෙසින් තාවකාලිකව සිත සතුටට පත්කර ගනිමින් සිටීමය. නමුත් යම්විටක සත්‍ය එළඹෙන විට සියල්ල දෙදරා ගොස් දරාගැනීමට නොහැකි වෙයි.

බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකයේ මුලාවට පත්ව සිටින සත්වයන්ට සත්‍ය පෙන්වා දී ඔවුන් දුකෙන් මුදවා ගැනීමට පහළ වූ ශාස්තෘවරයාණන් වහන්සේය. උන් වහන්සේ දේශනා කළා නම් යමක් ඒ සියල්ල තුළ පවතින්නේ සත්වයා දුකෙන් මුදවා, නිදුකින් තබන ආකාරයයි. ඒ සඳහා පිළිපැඳිය යුතු මාර්ගයයි. නමුත් අප ඒවා පසෙක තබා, දුකට පත්වන දෙයම සිදුකරමින් සිටින්නෙමු.

"භාවිතාය" ," බහුලීකතාය" ලෙසින් ධර්මයේ සඳහන් වන්නේ අපේ සිත පුරුදු කළ යුතු ආකාරයයි. දෙයක් නිතර නිතර සිතට පුරුදු කළ විට එය නිරායාසයෙන්ම සිතට යයි. රාගය, ද්වේශය, පුහුණු කරමින්, වඩවමින් සිටිනා සිත ඒ දෙසටම ඇදී යයි. නමුත් මෛත්‍රිය, කරුණාව, මුදුතාව, උපේක්ෂාව වඩන සිත නිරායාසයෙන් කාලයත් සමඟ ඒ සිතිවිලිම බහුලව සිතේ ඇතිවෙයි.

සිත මෙල්ල කළ යුත්තේ මූලිකව එලෙසිනි. නිතර නිතර මෙනෙහි කරමින්, බහුලීකරණය කරමින්, කෙලෙස් යටපත් කළ හැකිය. සිත සත්‍ය පැත්තට හරවා ගත හැකිය. ඉන් පසු සදාකාලික වශයෙන්ම කෙලෙස් මුලිනුපුටා දමන්නටම එය උපකාරී වේ.

බුදු දහම යනු සිත දමනය කරන ආකාරය උගන්වන දහමයි. එය ක්රමානුකූල දර්ශනයකි. මුල, මැද , අග යහපත් වූ, කාටත් පිළිපැඳිය හැකි අති පිරිසිදු, පැහැඳිළි, අඩුවක් නැති උත්තම දේශනාවකි.

ඒ ධර්මය ප්‍රායෝගිකව පිළිපැඳිය යුතු දහමකි. කියවා, අසා පසෙකට කරමින් කල්ප ගණන් ගත කළඳ පලක් නොවේ. තමා තුළින් අත්දැකිය යුතු දහමකි.

නිරන්තර සත්‍ය දකිමින්, මෙනෙහි කරමින් සිත පුහුණු කරන්න.

මරණය ගැන, දුක ගැන, කාමයන්හි ආදීනවය ගැන, සංස්කාර වල අනිත්‍ය බව, අනාත්ම බව, ජරාවට පත්වන ස්වභාවය ගැන, දිරායන ස්වභාවය ගැන නිරන්තර මෙනෙහි කරන්න. සෑම විටම සථාර්ථය දකිමින් ජීවත් වන්න. එවිට ජීවීතයේ එන ඕනෑම දෙයකට මැදහත්ව මුහුණ දීමට ඔබට හැකිවනු ඇත. අටලෝ දහමෙහි ඔබේ සිත නොසෙලෙනු ඇත. අවසානයේ සියළු දුකින් සදහටම නිදහස් වී උතුම් නිවනින් සැනසීමටද හැකිවනු ඇත.

ධර්මය යනු එවන් අකාලික වූ, ස්වාක්ඛාත වූ, සංදිට්ඨික වූ, ඕපනයික වූ සැපය සදනා,.මුලාවෙන් සිත මුදවන ධර්මයකි.

[QUOTE="asliyanage, post: 28919181, member: 8764"] කාලයක් පුරා රෝගාතුර වී සිටි පුද්ගලයකුගේ මරණය සමීපතයන්ගේ සිතට ගෙන දෙන වේදනාවට වඩා එක් වර අනපේක්ෂිත ලෙස මරණයට පත් වූවකු නිසා දැනෙන වේදනාව වැඩිය. එයට හේතුව මුලින් කී පුද්ගලයා මරණයට පත්වීම අප දැනගෙන සිටින බැවිනි. "අද මැරෙයි, හෙට මැරෙයි" ලෙසින් ඔහුගේ මරණය ගැන සමීපතයන් අකමැත්තෙන් හෝ නිතර බලාපොරොත්තුවෙන් සිටි බැවිනි. නමුත් ඉතාමත් හොඳින් සිටි කෙනෙක් එක්වරම මරණයට පත් වූ විට එය දරාගැනීම පවා අපහසුය. මන්දයත් අප සිහිනයකින්වත් එය නොසිතූ බැවිනි. නොපැතූ බැවිනි. අපගේ දෙමාපියන්, දරුවන්, සහෝදර සහෝදරියන් කවරකු හෝ දරුණු ලෙඩක් නිසා කාලයක් පුරා මරණය බලාපොරොත්තුවෙන් සිටියහොත්, ඔවුන්ගේ මරණය දරාගැනීම අපට මහත් අපහසු නොවනු ඇත. මරණය පමණක් නොව ජීවීතයේ බොහෝ දෑ සම්බන්ධයෙන් මෙය ඇත්තකි. අප දැන සිටි, බලාපොරොත්තුවෙන් සිටි දෙයකින් අප සිතට ඇති කරන බලපෑමට වඩා, අනපේක්ෂිතවම සිටි දෙයකින් ඇති කරන කම්පනය, පීඩාව වැඩිය. දුක කම්පනය සඳහා පමණක් නොව, සතුට සඳහාද මෙය බලපයි. අප කෙනෙක්ව පුදුමයට පත් කරමින් සතුටුදායක දෙයක් කරන විට ඇතිවන සතුට වැඩිය. උපන්දින සාද, සැමරුම් සාද , උසස්වීම් ආදී කවරක් වුවද කලින් දැන සිටිනවාට වඩා සතුටුක් ප්රමෝදයක් එය නොදැන සිට එක්වරම ලැබීමෙන් ඇතිවේ. මිනිස් සිතේ ස්වභාවය එයයි. යමක් අනපේක්ෂිත වත්ම එය තුළින් ලැබෙන දුක හෝ සැප වේදනාව වැඩිය. බුදු දහමේ "අනුපස්සනා" යනුවෙන් අප පුහුණු කරන්නේ මෙයයි. ජීවීතයේ යථා ස්වරූපය අප නිරන්තරයෙන් මෙනෙහි කරමින් , අනුපස්සනා කරමින් සිටිය යුතුය. මනස ඒ සඳහා නිරන්තරයෙන් පුහුණු කළ යුතුය.. උපන් සෑම සත්වයකුටම කවදා කොතැනකදී හෝ කුමන වේලාවකදී හෝ නියත වශයෙන්ම මුහුණ දීමට සිදුවන දෙය නම් මරණයයි. අප ඒ ගැන හිතුවා කියා එය ඉක්මන් වීමක් හෝ , නොසිතුවා කියා ප්‍රමාද වීමක් හෝ වන්නේ නැත. නමුත් අප නිතරම " මා අද මැරෙන්නට හැකිය. ඊළඟ මොහොතේ මැරෙන්නට හැකියි ".. ලෙසින් මෙනෙහි කරමින් අවබෝධයට පත්විය යුතුය. කොටින්ම දක්වතොත් "ඉහළට ගත් හුස්ම පහළට දාන කාලය තුළ " වුවද මරණයට පත්විය හැකියැයි මෙනෙහි කරමින් සිටිය යුතුය. එනම් හුස්ම ගන්නා වාරයක් පාසා මරණය සිහිකළ යුතුය. එය නියම මරණානුස්සතියයි. මෙසේ නිරන්තර එය අවංකවම මෙනෙහි කිරීමෙන් , මේ ලිපියේ මුලින් දැක්වූ පරිදි,, ඔබ සිතට එය අනපේක්ෂිත දෙයක් නොවී, ඔබ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් බවට පත්වෙයි. ඔබ ආදරය කරන, සමීපතමයන් වුව මරණයට පත්වද්දී ඔබට මහා දුකක්, කම්පනයක් ඇති නොවී, ඇතැම් විට කඳුළක් නොහෙළා ඒ යථාර්ථයට මුහුණ දීමේ ශක්තිය ලැබෙනු ඇත. මරණානුස්සතිය පමණක් නොව, බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ අප විසින් මනා සිහි කල්පනාවෙන් යුතුව මේ ආකාරයෙන් නිතර සිහි කළ යුතු කරුණු බොහෝමයකි. අනිත්‍ය පිළිබඳව, අනාත්මය පිළිබඳව, දුක පිළිබඳව , ආදීනවයන් පිළිබඳව ආදී ලෙසින්, මේ ලෝකයේ නියත වශයෙන්ම සත්වයාට මුහුණ දීමට සිදුවන සත්‍යතාවයන්, ධර්මතාවයන් ගැන නිරන්තරයෙන් මෙනෙහි කළ යුතුය. සත්වයාගේ සාමාන්‍ය සිතේ ස්වභාවය මේ සත්‍ය මෙනෙහි කරමින් සිටීම නොව, සත්‍යයට විරුද්ධ දේ මෙනෙහි කරමින් සිටීමය. එනම් බොරුවට, මුලාවට, මිථ්‍යාවට යටවී ඒවා මෙනෙහි කරමින් සිටීමය. උදාහරණයක් ලෙස, සියළු දේ අනිත්‍යතාවය නම් වූ ස්වභාව ධර්මයට යටත්ය. නමුත් මේ සත්‍ය මෙනෙහි කරමින් සිටිනු වෙනුවට අප කරන්නේ, එයට ප්‍රතිවිරුද්ධ දේ මෙනෙහි කරමින් සිටීමය. එනම් නිත්‍ය බව මෙනෙහි කරමින් සිටීමය. "මේ වාහනය මෙසේ ලස්සනට හැමදාම පවතී, නිවස මේ ආකාරයෙන් පවතී, දරුවන් මෙසේ පවතී, ප්‍රියයන් මෙසේ සිටීයි" ආදී ලෙසින් යථා ස්වභාවයට විරුද්ධ දේ මෙනෙහි කරමින් මුලාවට පත්ව වැරදි ලෙසින්, මෝඩ ලෙසින් තාවකාලිකව සිත සතුටට පත්කර ගනිමින් සිටීමය. නමුත් යම්විටක සත්‍ය එළඹෙන විට සියල්ල දෙදරා ගොස් දරාගැනීමට නොහැකි වෙයි. බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකයේ මුලාවට පත්ව සිටින සත්වයන්ට සත්‍ය පෙන්වා දී ඔවුන් දුකෙන් මුදවා ගැනීමට පහළ වූ ශාස්තෘවරයාණන් වහන්සේය. උන් වහන්සේ දේශනා කළා නම් යමක් ඒ සියල්ල තුළ පවතින්නේ සත්වයා දුකෙන් මුදවා, නිදුකින් තබන ආකාරයයි. ඒ සඳහා පිළිපැඳිය යුතු මාර්ගයයි. නමුත් අප ඒවා පසෙක තබා, දුකට පත්වන දෙයම සිදුකරමින් සිටින්නෙමු. "භාවිතාය" ," බහුලීකතාය" ලෙසින් ධර්මයේ සඳහන් වන්නේ අපේ සිත පුරුදු කළ යුතු ආකාරයයි. දෙයක් නිතර නිතර සිතට පුරුදු කළ විට එය නිරායාසයෙන්ම සිතට යයි. රාගය, ද්වේශය, පුහුණු කරමින්, වඩවමින් සිටිනා සිත ඒ දෙසටම ඇදී යයි. නමුත් මෛත්‍රිය, කරුණාව, මුදුතාව, උපේක්ෂාව වඩන සිත නිරායාසයෙන් කාලයත් සමඟ ඒ සිතිවිලිම බහුලව සිතේ ඇතිවෙයි. සිත මෙල්ල කළ යුත්තේ මූලිකව එලෙසිනි. නිතර නිතර මෙනෙහි කරමින්, බහුලීකරණය කරමින්, කෙලෙස් යටපත් කළ හැකිය. සිත සත්‍ය පැත්තට හරවා ගත හැකිය. ඉන් පසු සදාකාලික වශයෙන්ම කෙලෙස් මුලිනුපුටා දමන්නටම එය උපකාරී වේ. බුදු දහම යනු සිත දමනය කරන ආකාරය උගන්වන දහමයි. එය ක්රමානුකූල දර්ශනයකි. මුල, මැද , අග යහපත් වූ, කාටත් පිළිපැඳිය හැකි අති පිරිසිදු, පැහැඳිළි, අඩුවක් නැති උත්තම දේශනාවකි. ඒ ධර්මය ප්‍රායෝගිකව පිළිපැඳිය යුතු දහමකි. කියවා, අසා පසෙකට කරමින් කල්ප ගණන් ගත කළඳ පලක් නොවේ. තමා තුළින් අත්දැකිය යුතු දහමකි. නිරන්තර සත්‍ය දකිමින්, මෙනෙහි කරමින් සිත පුහුණු කරන්න. මරණය ගැන, දුක ගැන, කාමයන්හි ආදීනවය ගැන, සංස්කාර වල අනිත්‍ය බව, අනාත්ම බව, ජරාවට පත්වන ස්වභාවය ගැන, දිරායන ස්වභාවය ගැන නිරන්තර මෙනෙහි කරන්න. සෑම විටම සථාර්ථය දකිමින් ජීවත් වන්න. එවිට ජීවීතයේ එන ඕනෑම දෙයකට මැදහත්ව මුහුණ දීමට ඔබට හැකිවනු ඇත. අටලෝ දහමෙහි ඔබේ සිත නොසෙලෙනු ඇත. අවසානයේ සියළු දුකින් සදහටම නිදහස් වී උතුම් නිවනින් සැනසීමටද හැකිවනු ඇත. ධර්මය යනු එවන් අකාලික වූ, ස්වාක්ඛාත වූ, සංදිට්ඨික වූ, ඕපනයික වූ සැපය සදනා,.මුලාවෙන් සිත මුදවන ධර්මයකි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom