Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝමයේ අන්තිම දවස තමයි අද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිරාජයා ඊට පස්සෙ පැරණි ප්‍රාකාරය දිගේ සංචාරයක් ගියා. එයාගෙ ජෙනරාල්වරුන්ට ස්තුති කෙරුවා. අවසන් මොහොත වෙනකන් නැවතිලා හිටපු විදෙස් සෙබලුන්ටත් ස්තුති කෙරුවා. තමන්ගෙන් වූ වැරදි වෙනුවෙන් ඒ අයගෙන් සමාව ඉල්ලුවා.

ඊට පස්සෙ ප්රාකාරයේ බිඳුනු තැනක නැවතුනා. අවසන් සටනට නායකත්වය දෙන්න සූදානම් උනා. සටනෙ ඉදිරිය අරගත්තා.

මැයි 28 මධ්‍යම රාත්‍රිය පහු උනා. මැයි 29 උදා උනා.

අඳුරේම ඔටෝමාන් ප්‍රහාර ආරම්භ උනා.

දහස් ගානක් ඔටෝමාන් සෙබලු ප්‍රාකාරය දිහාට දුවගෙන ආවා. ඉදිරිපෙළින් ආවෙ මියැදෙන්නම එවාපු අය. රෝමන්වරුන්ව මහන්සි කරවන්න එවාපු අය. ඔටෝමාන්වරු සිය ගානක් රෝමන් ප්‍රාකාරය ළඟ මැරි වැටුණා. ඒත් නොනැවතීම සෙනඟ ආවා.

මොහොතකට පසුව ඔටෝමාන් අශ්වාරෝහකයින් මතු උනා. උන් අඳුරේම එහාටත් මෙහාටත් දිව්වා. සැතපුම් 12ක් දිග ප්රාකාරයේ දුර්වලම තැන්වලට ඔවුන් පහර දුන්නා. ප්රාකාරයේ විවරව තිබුණු කුඩා ද්වාරයකින් ඇතුළු උනා. මේ ද්වාරයට කිව්වෙ Kerkoporta ද්වාරය කියලා.

මේ ද්වාරය කවුරු ඇර දැම්මාදැයි අදටත් දන්නෑ. ඔටෝමාන්වරු පෙළියට මේකෙන් ඇතුළු උනා.

“නගරය අල්ලලා...“ රෝමන්වරු කෑ ගැහුවා. හැබැයි තවම නගරය අල්ලලා නෑ. මේ කෑ ගැහිල්ල අවසන් මොහොතේ වැරදි සන්නිවේදනයක් බවටත් පත් උනා. හත්දාහක් විතරක් හිටපු රෝම සේනාංකවල ආත්ම ශක්තියට මරු පහරක් උනා.

රෝම ප්රාකාරයේ ප්‍රධාන ආරක්ෂක වළල්ලට අණ දීපු සෙන්පතියා වන Giustiniani මේ වෙලාවෙම ප්‍රහාරයට ලක් උනා. එයා ඇවිත් තිබුණෙ රෝම අධිරාජයාගෙ ඉල්ලීම පිට. විදේශයකින් සේනාවක් අරන්. මේ ප්‍රහාරයෙන් එයාගෙ සේනාව තවත් කලබල උනා.

රෝම අධිරාජයා වූ 11 වැනි කොන්ස්ටන්ටයින්ට හිටියෙ එයාගෙ ග්‍රීක ආරක්ෂක පිරිවර විතරයි. මේ පිරිස අධිරාජයාව අවසන් තත්පරය දක්වාම රැකගෙන හිටියා. අධිරාජයා එක්කම ඉදිරියටත් පසුපසටත් ගියා. අන්තිමේදි කොන්ස්තන්තිනෝපලයේ මහා වීදියකදි අධ්රාජයා ප්රමුඛ ග්‍රීක සේනාව ඔටෝමාන්වරුන් විසින් වට කෙරුවා.

වසර දහස් ගානක් යුරෝපයේ අණසක පැතිරවූ රෝම අධිරාජ්‍යය වර්ග අඩි කීපයකට සීමා උනා. ඓතිහාසික රෝමානු දම්පැහැ අධිරජ ලෝගුව බිම වැටුනා. අධිරාජයා අවසන් මොහොත දක්වා සටන් කරලා මියැදුනා. ඒ කොහොමද? කා විසින් ද? කිසිවක් ඉතිහාසයේ ඉතිරි උනේ නෑ. ඔටෝමාන් ආක්රමණයේදි රෝම අධිරාජයාගෙ සිරුරවත් ඉතිරි උනේ නෑ.

මැයි 29 වැනිදා දහවල් වෙද්දි, කොන්ස්තන්තිනෝපල් නගර මධ්‍යයේ ඔටෝමාන් ධජය එසැවුනා. තියඩෝසියානු ප්රාකාරයේ කුළුණුවල ඔටෝමාන් ධජ ලෙලදුන්නා. අවුරුදු 1123 ක් පුරා රෝම අධිරාජ්‍යයේ අගනුවර විදිහට පැවතුණු කොන්ස්තන්තිනෝපලය යටත් උනා.

එදා හවස් වරුවෙ මෙහ්මුද්, කොන්ස්තන්තිනෝපලයට ඇතුළු උනා. මෙහ්මුද් කෙළින්ම ගියෙ ඓතිහාසික “හයා සොෆියා“ දේවස්ථානයට.

ක්‍රිස්තු වර්ෂ 537 දී ජස්ටීනියන් අධිරාජයා විසින් හදපු ක්‍රිස්තියානි බැසිලිකාව, ක්‍රිස්තු වර්ෂ 1453 මැයි 29 වැනිදා හවස් වරුවෙ මුස්ලිම් පල්ලියක් බවට පත් උනා.

(හයා සොෆියාව ජස්ටීනියන්ට කලින් අවස්ථා කීපයක ගොඩ නඟලා විනාශ වෙලා අලුතින් ඉදි වූ එකක්)

මැයි 29න් පස්සෙ දවස් 3ක් එකදිගටම නගරය යටත් කරගැනීමේ කටයුතු සිද්ධ උනා. දසදහස් ගානක් මිනිස්සු වහලුන් බවට පත් උනා. “කලු මරණය“ වසංගතයට කලින් මිලියන ගානක ජනගහනයක් හිටපු කොන්ස්තන්තිනෝපලය මේ වෙද්දි 50,000 ක පමණ පිරිසක් තමයි හිටියෙ. මේ පිරිසෙන් පුළු පුළුවන් අය හැම තැනම විසිර ගියා.

මෙහ්මුද් තමන් රෝමයේ “කයෙසර්“ ලෙස තමාව නම් කරගත්තා. (මුල් රෝම නගරයේදි සීසර් කිව්වෙත් මේකටම තමයි). මෙහ්මුද්ගෙ අදහස උනේ තමන් රෝමය විනාශ නොකර, රෝමය අයිති කරගත්තා ය කියන එක.

කොන්ස්තන්තිනෝපලය එතැන් පටන්, “ඉස්තාන්බූල්“ බවට පත් උනා. එතැන් සිට අවුරුදු 469 ක් එකදිගටම ඔටෝමාන් අධිරාජ්‍යයේ අගනුවර බවට පත් උනේ මේ ඉස්තාන්බූල් නගරය.

ඓතිහාසික විරාජමාන නගරයක්, යටත් වීමෙන්වත් නවත්වන්න බෑ. එකම නගරය වෙනත් නමකින් තවත් අධිරාජ්‍යයක අගනුවර ලෙසම පැවතුනේ එහෙමයි.

මේ යටත්වීම ක්‍රිස්තියානි බටහිර රාජ්‍යයන්ට දරාගන්න බැරි පාඩුවක් උනා. තිගැස්මක් උනා. කොන්ස්තන්තිනෝපලයේ වැටීම තමයි, අද වෙද්දි ලෝකයේ මධ්‍යකාලීන අවධියේ අවසානය විදිහට සළකන්නෙ. ඒක ඒ තරම් විශේෂ සිදුවීමක්.

අතීත රෝමයට, රෝම නීතියට, සමාජ ක්‍රමයට, භාෂාවට තිබුණු ශිෂ්ටාචාරමය පාලම එතැනින් බිඳුනා.

සමහර ග්‍රීක උගතුන් මේ වෙලාවෙ අතට අහුවෙන ලියකියවිලි, පොත්පත් අරගෙන පලා ගියා. එහෙම අරගෙන ගියපු දේවල්වලින් තමයි යුරෝපයේ පුනරුදයට ( Renaissance) අඩිතාලම වැටුණෙ.

වසර තුන් හාරදාහක් පුරා වර්ධනය වූ රෝම රාජ්‍යය, ඔගස්ටස් සීසර් යටතේ අධිරාජ්‍යයක් බවට පත් උනා. එතැන් පටන් අවුරුදු 1500 ක් රෝමය අධිරාජ්‍යයක් ලෙස තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1453 මැයි 29, ඒ කියන්නෙ මීට අවුරුදු 573කට කලින් අද වගේ දවසක, ඔටෝමාන් වෙඩිමුර හමුවේ රෝමය සුන්නද්දූලි වෙලා ගියා.

අදටත් ග්‍රීකයින් මේ දිනය සිහිකරන්නෙ, තමන්ගෙ ශිෂ්ටාචාරය ගැන උපන් කඳුළින්.

(පුරාණ රෝම-ග්‍රීක-ඊජිප්තු සහ මැසිඩොන් ශිෂ්ටාචාරවල කතාව රැගත් “මධ්‍යධරණී කතාව“ ලිපි මාලාව අපි මාස දෙකකට උඩදි තාවකාලිකව නැවැත්තුවා. ඉතිරි කොටස් ළඟදීම නැවත සාකච්ඡා කරන්න පටන් ගමු)

සටහන: Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

#romanhistory #AncientHistory #historyeducation #greekhistory

[MEDIA=facebook]27083044218055003[/MEDIA]

[QUOTE="හෙළයෙක්, post: 31431590, member: 503645"] අධිරාජයා ඊට පස්සෙ පැරණි ප්‍රාකාරය දිගේ සංචාරයක් ගියා. එයාගෙ ජෙනරාල්වරුන්ට ස්තුති කෙරුවා. අවසන් මොහොත වෙනකන් නැවතිලා හිටපු විදෙස් සෙබලුන්ටත් ස්තුති කෙරුවා. තමන්ගෙන් වූ වැරදි වෙනුවෙන් ඒ අයගෙන් සමාව ඉල්ලුවා. ඊට පස්සෙ ප්රාකාරයේ බිඳුනු තැනක නැවතුනා. අවසන් සටනට නායකත්වය දෙන්න සූදානම් උනා. සටනෙ ඉදිරිය අරගත්තා. මැයි 28 මධ්‍යම රාත්‍රිය පහු උනා. මැයි 29 උදා උනා. අඳුරේම ඔටෝමාන් ප්‍රහාර ආරම්භ උනා. දහස් ගානක් ඔටෝමාන් සෙබලු ප්‍රාකාරය දිහාට දුවගෙන ආවා. ඉදිරිපෙළින් ආවෙ මියැදෙන්නම එවාපු අය. රෝමන්වරුන්ව මහන්සි කරවන්න එවාපු අය. ඔටෝමාන්වරු සිය ගානක් රෝමන් ප්‍රාකාරය ළඟ මැරි වැටුණා. ඒත් නොනැවතීම සෙනඟ ආවා. මොහොතකට පසුව ඔටෝමාන් අශ්වාරෝහකයින් මතු උනා. උන් අඳුරේම එහාටත් මෙහාටත් දිව්වා. සැතපුම් 12ක් දිග ප්රාකාරයේ දුර්වලම තැන්වලට ඔවුන් පහර දුන්නා. ප්රාකාරයේ විවරව තිබුණු කුඩා ද්වාරයකින් ඇතුළු උනා. මේ ද්වාරයට කිව්වෙ Kerkoporta ද්වාරය කියලා. මේ ද්වාරය කවුරු ඇර දැම්මාදැයි අදටත් දන්නෑ. ඔටෝමාන්වරු පෙළියට මේකෙන් ඇතුළු උනා. “නගරය අල්ලලා...“ රෝමන්වරු කෑ ගැහුවා. හැබැයි තවම නගරය අල්ලලා නෑ. මේ කෑ ගැහිල්ල අවසන් මොහොතේ වැරදි සන්නිවේදනයක් බවටත් පත් උනා. හත්දාහක් විතරක් හිටපු රෝම සේනාංකවල ආත්ම ශක්තියට මරු පහරක් උනා. රෝම ප්රාකාරයේ ප්‍රධාන ආරක්ෂක වළල්ලට අණ දීපු සෙන්පතියා වන Giustiniani මේ වෙලාවෙම ප්‍රහාරයට ලක් උනා. එයා ඇවිත් තිබුණෙ රෝම අධිරාජයාගෙ ඉල්ලීම පිට. විදේශයකින් සේනාවක් අරන්. මේ ප්‍රහාරයෙන් එයාගෙ සේනාව තවත් කලබල උනා. රෝම අධිරාජයා වූ 11 වැනි කොන්ස්ටන්ටයින්ට හිටියෙ එයාගෙ ග්‍රීක ආරක්ෂක පිරිවර විතරයි. මේ පිරිස අධිරාජයාව අවසන් තත්පරය දක්වාම රැකගෙන හිටියා. අධිරාජයා එක්කම ඉදිරියටත් පසුපසටත් ගියා. අන්තිමේදි කොන්ස්තන්තිනෝපලයේ මහා වීදියකදි අධ්රාජයා ප්රමුඛ ග්‍රීක සේනාව ඔටෝමාන්වරුන් විසින් වට කෙරුවා. වසර දහස් ගානක් යුරෝපයේ අණසක පැතිරවූ රෝම අධිරාජ්‍යය වර්ග අඩි කීපයකට සීමා උනා. ඓතිහාසික රෝමානු දම්පැහැ අධිරජ ලෝගුව බිම වැටුනා. අධිරාජයා අවසන් මොහොත දක්වා සටන් කරලා මියැදුනා. ඒ කොහොමද? කා විසින් ද? කිසිවක් ඉතිහාසයේ ඉතිරි උනේ නෑ. ඔටෝමාන් ආක්රමණයේදි රෝම අධිරාජයාගෙ සිරුරවත් ඉතිරි උනේ නෑ. මැයි 29 වැනිදා දහවල් වෙද්දි, කොන්ස්තන්තිනෝපල් නගර මධ්‍යයේ ඔටෝමාන් ධජය එසැවුනා. තියඩෝසියානු ප්රාකාරයේ කුළුණුවල ඔටෝමාන් ධජ ලෙලදුන්නා. අවුරුදු 1123 ක් පුරා රෝම අධිරාජ්‍යයේ අගනුවර විදිහට පැවතුණු කොන්ස්තන්තිනෝපලය යටත් උනා. එදා හවස් වරුවෙ මෙහ්මුද්, කොන්ස්තන්තිනෝපලයට ඇතුළු උනා. මෙහ්මුද් කෙළින්ම ගියෙ ඓතිහාසික “හයා සොෆියා“ දේවස්ථානයට. ක්‍රිස්තු වර්ෂ 537 දී ජස්ටීනියන් අධිරාජයා විසින් හදපු ක්‍රිස්තියානි බැසිලිකාව, ක්‍රිස්තු වර්ෂ 1453 මැයි 29 වැනිදා හවස් වරුවෙ මුස්ලිම් පල්ලියක් බවට පත් උනා. (හයා සොෆියාව ජස්ටීනියන්ට කලින් අවස්ථා කීපයක ගොඩ නඟලා විනාශ වෙලා අලුතින් ඉදි වූ එකක්) මැයි 29න් පස්සෙ දවස් 3ක් එකදිගටම නගරය යටත් කරගැනීමේ කටයුතු සිද්ධ උනා. දසදහස් ගානක් මිනිස්සු වහලුන් බවට පත් උනා. “කලු මරණය“ වසංගතයට කලින් මිලියන ගානක ජනගහනයක් හිටපු කොන්ස්තන්තිනෝපලය මේ වෙද්දි 50,000 ක පමණ පිරිසක් තමයි හිටියෙ. මේ පිරිසෙන් පුළු පුළුවන් අය හැම තැනම විසිර ගියා. මෙහ්මුද් තමන් රෝමයේ “කයෙසර්“ ලෙස තමාව නම් කරගත්තා. (මුල් රෝම නගරයේදි සීසර් කිව්වෙත් මේකටම තමයි). මෙහ්මුද්ගෙ අදහස උනේ තමන් රෝමය විනාශ නොකර, රෝමය අයිති කරගත්තා ය කියන එක. කොන්ස්තන්තිනෝපලය එතැන් පටන්, “ඉස්තාන්බූල්“ බවට පත් උනා. එතැන් සිට අවුරුදු 469 ක් එකදිගටම ඔටෝමාන් අධිරාජ්‍යයේ අගනුවර බවට පත් උනේ මේ ඉස්තාන්බූල් නගරය. ඓතිහාසික විරාජමාන නගරයක්, යටත් වීමෙන්වත් නවත්වන්න බෑ. එකම නගරය වෙනත් නමකින් තවත් අධිරාජ්‍යයක අගනුවර ලෙසම පැවතුනේ එහෙමයි. මේ යටත්වීම ක්‍රිස්තියානි බටහිර රාජ්‍යයන්ට දරාගන්න බැරි පාඩුවක් උනා. තිගැස්මක් උනා. කොන්ස්තන්තිනෝපලයේ වැටීම තමයි, අද වෙද්දි ලෝකයේ මධ්‍යකාලීන අවධියේ අවසානය විදිහට සළකන්නෙ. ඒක ඒ තරම් විශේෂ සිදුවීමක්. අතීත රෝමයට, රෝම නීතියට, සමාජ ක්‍රමයට, භාෂාවට තිබුණු ශිෂ්ටාචාරමය පාලම එතැනින් බිඳුනා. සමහර ග්‍රීක උගතුන් මේ වෙලාවෙ අතට අහුවෙන ලියකියවිලි, පොත්පත් අරගෙන පලා ගියා. එහෙම අරගෙන ගියපු දේවල්වලින් තමයි යුරෝපයේ පුනරුදයට ( Renaissance) අඩිතාලම වැටුණෙ. වසර තුන් හාරදාහක් පුරා වර්ධනය වූ රෝම රාජ්‍යය, ඔගස්ටස් සීසර් යටතේ අධිරාජ්‍යයක් බවට පත් උනා. එතැන් පටන් අවුරුදු 1500 ක් රෝමය අධිරාජ්‍යයක් ලෙස තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1453 මැයි 29, ඒ කියන්නෙ මීට අවුරුදු 573කට කලින් අද වගේ දවසක, ඔටෝමාන් වෙඩිමුර හමුවේ රෝමය සුන්නද්දූලි වෙලා ගියා. අදටත් ග්‍රීකයින් මේ දිනය සිහිකරන්නෙ, තමන්ගෙ ශිෂ්ටාචාරය ගැන උපන් කඳුළින්. 🏛️🕌 (🟡පුරාණ රෝම-ග්‍රීක-ඊජිප්තු සහ මැසිඩොන් ශිෂ්ටාචාරවල කතාව රැගත් “මධ්‍යධරණී කතාව“ ලිපි මාලාව අපි මාස දෙකකට උඩදි තාවකාලිකව නැවැත්තුවා. ඉතිරි කොටස් ළඟදීම නැවත සාකච්ඡා කරන්න පටන් ගමු) • සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ #romanhistory #AncientHistory #historyeducation #greekhistory [MEDIA=facebook]27083044218055003[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom