Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝමවරුන්ගේ දින දර්ශනයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝමවරුන්ගේ දින දර්ශනයේ ඉතිහාසය

වර්තමානයේ අපි භාවිතා කරන දින දර්ශනය අනුව වර්ෂයකට මාස දොළහකි. එය ගෙවී අලුත් වර්ෂයක් උදාවන බව අපි දන්නේ අපට බහතේරෙන අවදියේ සිටය. සමස්ත ලෝකයේම ජනතාව පිළිගත් වර්තමාන දින දර්ශනයේ මුල්ම දිනය ජනවාරි 1 වැනිදා වශයෙන් ගැනේ. වර්ෂවල ඉතිහාසය දෙස බලනවිට වරහ කල්පාබ්ද හෙවත් කල්ප වර්ෂ, කල්යබ්ද හෙවත් කලියුග වර්ෂ, සුගතාබ්ද හෙවත් බු`ධ වර්ෂ, කෘෂඨාබ්ද හෙවත් ක්‍රිස්තු වර්ෂ, ශකාබ්ද හෙවත් ශක වර්ෂා ප්රහවාද්යබ්ද හෙවත් ප්රහවාදී වර්ෂ යනුවෙන් සංඛ්‍යාවක් ඇත. අද අපි භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂයයි. ක්‍රිස්තු වර්ෂයටද මාස දොළහකි. ඒවා විවිධ නම්වලින් හැඳින්වේ. මේ මාසවල දින ගණන් ගෙවෙන්නේ දවස් 28, 29, 30, 31 කින්ය. මෙයින් මුල්ම දිනය වන පළමුවැනි දිනය උදාවෙන්නේ ජනවාරි මාසයේදීය. මෙම දිනයන්හි සියලු කටයුතු ආරම්භ කරන මුල් දිනය වශයෙන්ද විශේෂයෙන්ම ජනේරු, නත්තල් අනුව සැණකෙළි දිනයකි. එනිසා මිනිසාට මේ වර්ෂය වැදගත්වේ. වර්ෂය උදාවත් සමගම තමාට අත පසු වුණු වැරදි, තරහ, ක්‍රෝධ, වෛර ආදී සියල්ලම නරක හිත් දුරලා නව වසරේ නව අදහස් සිතුම් පැතුම් ඉටු කර ගැනීමට ක්‍රියාවන් හා කටයුතු කළ යුතුයි.

අපි සිංහල මාස අනුව දුරුතු, නවම් ආදී වශයෙන් භාවිතා කළත් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයන් පෘතුගීසීන්ට නතුවීමෙන් පසු ඉංග්‍රීසි පාලනයත් සමඟ සමස්ත ලංකාවාසීන් ජනවාරි, පෙබරවාරි යනුවෙන් මාස දොළහ භාවිතා කරයි. මෙහි ඉතිහාසය දෙස බලනවිට ඒ ඒ මාසවලට නම් තියා ඇත්තේ මේ ආකාරයටයි.

ජනවාරි - රෝම රාජ්‍යයේ ඉතා බලවත් දෙවියා වශයෙන් මුහුණු දෙකකින් යුක්ත ඡේනුස් නමැති දෙවියා අනාගතයක් බලන බවට ඔවුන් විශ්වාස කළා. එනිසා රෝමවරු ෙ-නුස් ඉටුදෙවියා යෑයි සිතා පුද සත්කාර කළා එනිසා අතීතයත් අනාගතයත් ගැන සිහිකරන රෝමවරු ජනවාරි 1 දා ෙ-නුස් නමැති දෙවියාට ගරුකිරීමක් වශයෙන් ජනේරුව නමින් නම් කළහ.

පොම් පිළියන් අධිරාජ්‍යය ජනවාරි මාසය නීතිගත කළේය. පුරාණයේ ජනවාරි මාසයට දින 30 වුවද පසුකල ජුලියස් සීසර්තුමා එය දින 31 ක් ලෙස ප්‍රකාශ කළේය.

පෙබරවාරි - වසරේ දෙවැනි මාසයේදී රෝමයේ පවුදාස් නම් වනන්තරයට අධිපති දෙවියකු වෙනුවෙන් උත්සව පැවැත්වූහ. එහි විශේෂත්වය වූයේ එළු හමක් ගෙන එයින් පටි කපා කසයක් හදා පූජකවරුන් විසින් එම දිනයේ පාරේ ගමන් කරන අයට පහරදෙමින් මහමග දිවීමයි.

එසේ පහරදෙන පූජක වරුන්ගෙන් යම් ස්ත්‍රියක් පහර කෑවොත් ඇය ඉතාමත් වාසනාවන්තියක් බවට රෝමවරු සැලකූහ. ඒ සිරිත සිහිවීමට දෙවැනි මාසය පෙබරවාරි නමින් නම් කළහ. එළු හමට කියන්නේ පෙබ්රූ කියාය.

මාර්තු - රෝමවරු අස්වැන්න හා වගාවන් භාර දෙවියා හැටියට මාර්ස් නමැති අඟහරු ග්‍රහයා පිළිගත්හ. අපරදිග රටවල අස්වැන්න පූදින මාසය නිසා ඒ කාලයේ මාර්ස් නොහොත් අඟහරු ග්‍රහයාට පූජා පවත්වන මාසය ලෙස ගැනේ. එය සිහිපත්වීම සඳහා තුන්වැනි මාසයට මාර්තු කියා නම් තබන ලදී.

අපේa්රල් - ස්වභාව ධර්මයේ පිහිටීම අනුව ගස් වැල්වල මල් පිපී පලින් බරව ගෙඩි හටගන්නා සෞන්දර්ය ගුණයෙන් පූර්ණවූ නොහොත් මල් පිපෙන අර්ථය ඇති "ඇප්රිස්ඩීස්" යන ග්‍රීක් දෙව්දුවගේ නාමයෙන් මෙම මාසයට අප්‍රියෙල් කියා නම් කර ඇත. තවත් සමහරුන් "ඇපේaa්‍රස්" නමැති දේවතාවකුගේ නම සිහිවීම සඳහා අප්‍රේල් යන නාමය යොදා ඇත.

මැයි - රෝමවරු පුරාණයේ "මෙයි" නමැති දේවතාවියක් සඳහා පස්වැනි මාසය ආරම්භවන දිනයේ උත්සව පැවැත්වූහ. එම දේවතාවියට පුද පූජා සඳහා වෙන්කර ගත් දිනය මැයි පළමුවැනිදා නිසා ඒ මාසය මැයි මාසය කියා හඳුන්වා ඇත.

රෝමයේ මිනිසුන් වැඩිහිටියන් හැඳින්වීමට යොදා ගත් වචනය "මැජෝරස්" යන්නයි. ඒ නිසා මේ මාසය මැයි කියා නම් තැබූ බව තවත් මතයකි.

ජුනි - රෝමවරු වැඩිහිටියන්ගේ මාසය වශයෙන් මැයි මාසය වෙන්කළ නිසා ඉන්පසු උදාවන මාසය තරුණයන්ගේ මාසය වශයෙන් හැඳින්වූහ. රෝමවරුන් තරුණයන් හැඳින්වූයේ ජුනි යන නමින්ය. එනිසා හයවැනි මාසයට ජුනි මාසය කියා නම් කළේය. රෝමයේ සිටි ජනෝ නමැති සුරූපී දේවතාවියක් සිහිකිරීම සඳහා ජුනි යන නාම යොදාගත් බව තවත් මතයකි.

ජුලි - ඉතා බලපරාක්රමයෙන් යුක්ත වූ ජුලියස් සීසර්තුමාගේ ජන්ම උත්සවය පැවැත්වූයේ හත්වැනි මාසයේදීය. තමාගේ නම සදාකල් පැවතීම සඳහා "ජුලියස් සීසර්" විසින් සිය ජන්ම උත්සවයකදී මේ මාසයට ජුලි මාසය කියා නම් කර ඇත.

අගෝස්තු - රෝමයේ ඉතා ගෞරවාදරයටත් ජනතා උපහාරයටත් පත්වූවෙක් ඔගස්ටර්තුමා ජුලියස් සීසර් වෙනුවෙන් ජුලි මාසය නම්කළ නිසා ඊට පසුව උදාවන මාසය "ඕගස්ට්" යනුවෙන් නම්විය. එය අගෝස්තු මාසය නමින් ව්‍යවහාර කරන්ට විය.

සැප්තැම්බර් - මුලින්ම රෝමවරුන්ගේ දින දර්ශනයට ඇතුළත් වූයේ මාස 10කි. මුල්ම රෝම දින දර්ශනය මාර්තුවෙන් පටන් ගෙන දෙසැම්බර් මාසයෙන් අවසන් විය. එවිට හත්වැනි මාසය වන්නේ සැප්තැම්බර් මාසයයි. සෙප්ටෙම්බර් යනු හත්වැන්නයි. එනිසා පළමු රෝම දින දර්ශනයේ හත්වැනි මාසය සැප්තැම්බර් යනුවෙන් නම් කළේය.

ඔක්තෝබර් - රෝම භාෂාවෙන් අටවැන්නට "ඔක්ටො" යන නම යෙදේ. අඟහරු ග්‍රහයාගේ විශේෂ බලයත් අටවැනි මාසය තුළ පවතින බවට රෝමවරුන්ගේ විශ්වාසයක් විය. මේ නිසා රෝමවරුන්ගේ ප්‍රථම දින දර්ශනයේ අටවැනි මාසය ඔක්තෝබර් කියා හඳුන්වන්නට විය.

නොවැම්බර් - ලතින් භාෂාවෙන් 9 ය හඳුන්වන්නේ "නොවැම්"Êයනුවෙනි. මේ නිසා පැරැණි රෝම දින දර්ශනයේ නවවැනි මාසය නොවැම්බර් කියා භාවිතා කරන්නට විය.

දෙසැම්බර් - මේ කාලය මිහිදුම් පිරුණු කාලයකි. එනිසා එහි අරුතය දෙන "පෙලිඩස්" නමින් හැඳින්වූ දෙසැම්බර් මාසය රෝමවරුන්ගේ දහවැනි මාසයත් ඉංග්‍රීසීන්ගේ දින දර්ශනයේ අන්තිම මාසයක් විය. ක්‍රිස්තු භක්තිකයෝ ක්‍රිස්තු මාසය නමින් මෙය නම් කලහ. ඉන්පසු දහවැනි යන අරුත ඇති "ඩිසෙම්" යන නමින් "ඩිසෙම්, පෙලිඩස් යන එක්වී "ඩිසෙම්බර්" විය. මේ වචනය සිංහල බසට පෙරලූවිට දෙසැම්බර් යනුවෙන් ව්‍යවහාර කරයි.

ඉහත දැක්වූ මේ මාස දොළහ විවිධ හේතුමත නම් තැබීමෙන් රෝම පාලකයන් මුළු ලෝකයටම පොදු වූ සම්මත වූ දින දර්ශනයක් සකස් කිරීමට සමතුන් විය. එබැවින් මුළු ලොවක් පිළිගන්නා නාමයන්ගෙන් හඳුන්වන මාස දොළහකින් යුත් දින තුන්සිය හැට පහකින් සමන්විත වර්ෂයක් නිර්මාණය කිරීමේ ගෞරවය රෝම අධිරාජ්‍යවාදීන් හිමිකර ගෙන ඇත.

ජ්‍යොතිෂවේදී

රඹුක්කන ජිනදාස එදිරිසිංහ

http://www.divaina.com/2016/01/03/naka12.html

[QUOTE="bohokal, post: 19513850, member: 10276"] [b]රෝමවරුන්ගේ දින දර්ශනයේ ඉතිහාසය[/b] [SIZE="4"]වර්තමානයේ අපි භාවිතා කරන දින දර්ශනය අනුව වර්ෂයකට මාස දොළහකි. එය ගෙවී අලුත් වර්ෂයක් උදාවන බව අපි දන්නේ අපට බහතේරෙන අවදියේ සිටය. සමස්ත ලෝකයේම ජනතාව පිළිගත් වර්තමාන දින දර්ශනයේ මුල්ම දිනය ජනවාරි 1 වැනිදා වශයෙන් ගැනේ. වර්ෂවල ඉතිහාසය දෙස බලනවිට වරහ කල්පාබ්ද හෙවත් කල්ප වර්ෂ, කල්යබ්ද හෙවත් කලියුග වර්ෂ, සුගතාබ්ද හෙවත් බු`ධ වර්ෂ, කෘෂඨාබ්ද හෙවත් ක්‍රිස්තු වර්ෂ, ශකාබ්ද හෙවත් ශක වර්ෂා ප්රහවාද්යබ්ද හෙවත් ප්රහවාදී වර්ෂ යනුවෙන් සංඛ්‍යාවක් ඇත. අද අපි භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂයයි. ක්‍රිස්තු වර්ෂයටද මාස දොළහකි. ඒවා විවිධ නම්වලින් හැඳින්වේ. මේ මාසවල දින ගණන් ගෙවෙන්නේ දවස් 28, 29, 30, 31 කින්ය. මෙයින් මුල්ම දිනය වන පළමුවැනි දිනය උදාවෙන්නේ ජනවාරි මාසයේදීය. මෙම දිනයන්හි සියලු කටයුතු ආරම්භ කරන මුල් දිනය වශයෙන්ද විශේෂයෙන්ම ජනේරු, නත්තල් අනුව සැණකෙළි දිනයකි. එනිසා මිනිසාට මේ වර්ෂය වැදගත්වේ. වර්ෂය උදාවත් සමගම තමාට අත පසු වුණු වැරදි, තරහ, ක්‍රෝධ, වෛර ආදී සියල්ලම නරක හිත් දුරලා නව වසරේ නව අදහස් සිතුම් පැතුම් ඉටු කර ගැනීමට ක්‍රියාවන් හා කටයුතු කළ යුතුයි. අපි සිංහල මාස අනුව දුරුතු, නවම් ආදී වශයෙන් භාවිතා කළත් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයන් පෘතුගීසීන්ට නතුවීමෙන් පසු ඉංග්‍රීසි පාලනයත් සමඟ සමස්ත ලංකාවාසීන් ජනවාරි, පෙබරවාරි යනුවෙන් මාස දොළහ භාවිතා කරයි. මෙහි ඉතිහාසය දෙස බලනවිට ඒ ඒ මාසවලට නම් තියා ඇත්තේ මේ ආකාරයටයි. ජනවාරි - රෝම රාජ්‍යයේ ඉතා බලවත් දෙවියා වශයෙන් මුහුණු දෙකකින් යුක්ත ඡේනුස් නමැති දෙවියා අනාගතයක් බලන බවට ඔවුන් විශ්වාස කළා. එනිසා රෝමවරු ෙ-නුස් ඉටුදෙවියා යෑයි සිතා පුද සත්කාර කළා එනිසා අතීතයත් අනාගතයත් ගැන සිහිකරන රෝමවරු ජනවාරි 1 දා ෙ-නුස් නමැති දෙවියාට ගරුකිරීමක් වශයෙන් ජනේරුව නමින් නම් කළහ. පොම් පිළියන් අධිරාජ්‍යය ජනවාරි මාසය නීතිගත කළේය. පුරාණයේ ජනවාරි මාසයට දින 30 වුවද පසුකල ජුලියස් සීසර්තුමා එය දින 31 ක් ලෙස ප්‍රකාශ කළේය. පෙබරවාරි - වසරේ දෙවැනි මාසයේදී රෝමයේ පවුදාස් නම් වනන්තරයට අධිපති දෙවියකු වෙනුවෙන් උත්සව පැවැත්වූහ. එහි විශේෂත්වය වූයේ එළු හමක් ගෙන එයින් පටි කපා කසයක් හදා පූජකවරුන් විසින් එම දිනයේ පාරේ ගමන් කරන අයට පහරදෙමින් මහමග දිවීමයි. එසේ පහරදෙන පූජක වරුන්ගෙන් යම් ස්ත්‍රියක් පහර කෑවොත් ඇය ඉතාමත් වාසනාවන්තියක් බවට රෝමවරු සැලකූහ. ඒ සිරිත සිහිවීමට දෙවැනි මාසය පෙබරවාරි නමින් නම් කළහ. එළු හමට කියන්නේ පෙබ්රූ කියාය. මාර්තු - රෝමවරු අස්වැන්න හා වගාවන් භාර දෙවියා හැටියට මාර්ස් නමැති අඟහරු ග්‍රහයා පිළිගත්හ. අපරදිග රටවල අස්වැන්න පූදින මාසය නිසා ඒ කාලයේ මාර්ස් නොහොත් අඟහරු ග්‍රහයාට පූජා පවත්වන මාසය ලෙස ගැනේ. එය සිහිපත්වීම සඳහා තුන්වැනි මාසයට මාර්තු කියා නම් තබන ලදී. අපේa්රල් - ස්වභාව ධර්මයේ පිහිටීම අනුව ගස් වැල්වල මල් පිපී පලින් බරව ගෙඩි හටගන්නා සෞන්දර්ය ගුණයෙන් පූර්ණවූ නොහොත් මල් පිපෙන අර්ථය ඇති "ඇප්රිස්ඩීස්" යන ග්‍රීක් දෙව්දුවගේ නාමයෙන් මෙම මාසයට අප්‍රියෙල් කියා නම් කර ඇත. තවත් සමහරුන් "ඇපේaa්‍රස්" නමැති දේවතාවකුගේ නම සිහිවීම සඳහා අප්‍රේල් යන නාමය යොදා ඇත. මැයි - රෝමවරු පුරාණයේ "මෙයි" නමැති දේවතාවියක් සඳහා පස්වැනි මාසය ආරම්භවන දිනයේ උත්සව පැවැත්වූහ. එම දේවතාවියට පුද පූජා සඳහා වෙන්කර ගත් දිනය මැයි පළමුවැනිදා නිසා ඒ මාසය මැයි මාසය කියා හඳුන්වා ඇත. රෝමයේ මිනිසුන් වැඩිහිටියන් හැඳින්වීමට යොදා ගත් වචනය "මැජෝරස්" යන්නයි. ඒ නිසා මේ මාසය මැයි කියා නම් තැබූ බව තවත් මතයකි. ජුනි - රෝමවරු වැඩිහිටියන්ගේ මාසය වශයෙන් මැයි මාසය වෙන්කළ නිසා ඉන්පසු උදාවන මාසය තරුණයන්ගේ මාසය වශයෙන් හැඳින්වූහ. රෝමවරුන් තරුණයන් හැඳින්වූයේ ජුනි යන නමින්ය. එනිසා හයවැනි මාසයට ජුනි මාසය කියා නම් කළේය. රෝමයේ සිටි ජනෝ නමැති සුරූපී දේවතාවියක් සිහිකිරීම සඳහා ජුනි යන නාම යොදාගත් බව තවත් මතයකි. ජුලි - ඉතා බලපරාක්රමයෙන් යුක්ත වූ ජුලියස් සීසර්තුමාගේ ජන්ම උත්සවය පැවැත්වූයේ හත්වැනි මාසයේදීය. තමාගේ නම සදාකල් පැවතීම සඳහා "ජුලියස් සීසර්" විසින් සිය ජන්ම උත්සවයකදී මේ මාසයට ජුලි මාසය කියා නම් කර ඇත. අගෝස්තු - රෝමයේ ඉතා ගෞරවාදරයටත් ජනතා උපහාරයටත් පත්වූවෙක් ඔගස්ටර්තුමා ජුලියස් සීසර් වෙනුවෙන් ජුලි මාසය නම්කළ නිසා ඊට පසුව උදාවන මාසය "ඕගස්ට්" යනුවෙන් නම්විය. එය අගෝස්තු මාසය නමින් ව්‍යවහාර කරන්ට විය. සැප්තැම්බර් - මුලින්ම රෝමවරුන්ගේ දින දර්ශනයට ඇතුළත් වූයේ මාස 10කි. මුල්ම රෝම දින දර්ශනය මාර්තුවෙන් පටන් ගෙන දෙසැම්බර් මාසයෙන් අවසන් විය. එවිට හත්වැනි මාසය වන්නේ සැප්තැම්බර් මාසයයි. සෙප්ටෙම්බර් යනු හත්වැන්නයි. එනිසා පළමු රෝම දින දර්ශනයේ හත්වැනි මාසය සැප්තැම්බර් යනුවෙන් නම් කළේය. ඔක්තෝබර් - රෝම භාෂාවෙන් අටවැන්නට "ඔක්ටො" යන නම යෙදේ. අඟහරු ග්‍රහයාගේ විශේෂ බලයත් අටවැනි මාසය තුළ පවතින බවට රෝමවරුන්ගේ විශ්වාසයක් විය. මේ නිසා රෝමවරුන්ගේ ප්‍රථම දින දර්ශනයේ අටවැනි මාසය ඔක්තෝබර් කියා හඳුන්වන්නට විය. නොවැම්බර් - ලතින් භාෂාවෙන් 9 ය හඳුන්වන්නේ "නොවැම්"Êයනුවෙනි. මේ නිසා පැරැණි රෝම දින දර්ශනයේ නවවැනි මාසය නොවැම්බර් කියා භාවිතා කරන්නට විය. දෙසැම්බර් - මේ කාලය මිහිදුම් පිරුණු කාලයකි. එනිසා එහි අරුතය දෙන "පෙලිඩස්" නමින් හැඳින්වූ දෙසැම්බර් මාසය රෝමවරුන්ගේ දහවැනි මාසයත් ඉංග්‍රීසීන්ගේ දින දර්ශනයේ අන්තිම මාසයක් විය. ක්‍රිස්තු භක්තිකයෝ ක්‍රිස්තු මාසය නමින් මෙය නම් කලහ. ඉන්පසු දහවැනි යන අරුත ඇති "ඩිසෙම්" යන නමින් "ඩිසෙම්, පෙලිඩස් යන එක්වී "ඩිසෙම්බර්" විය. මේ වචනය සිංහල බසට පෙරලූවිට දෙසැම්බර් යනුවෙන් ව්‍යවහාර කරයි. ඉහත දැක්වූ මේ මාස දොළහ විවිධ හේතුමත නම් තැබීමෙන් රෝම පාලකයන් මුළු ලෝකයටම පොදු වූ සම්මත වූ දින දර්ශනයක් සකස් කිරීමට සමතුන් විය. එබැවින් මුළු ලොවක් පිළිගන්නා නාමයන්ගෙන් හඳුන්වන මාස දොළහකින් යුත් දින තුන්සිය හැට පහකින් සමන්විත වර්ෂයක් නිර්මාණය කිරීමේ ගෞරවය රෝම අධිරාජ්‍යවාදීන් හිමිකර ගෙන ඇත. ජ්‍යොතිෂවේදී රඹුක්කන ජිනදාස එදිරිසිංහ[/SIZE] [url]http://www.divaina.com/2016/01/03/naka12.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom