Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝහණ විජේවීරගේ පුත්‍රයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහණ විජේවීරගේ පුත්‍රයා

අපේ රට දියුණු කරන්න අවුරුදු පහක් හොදටම ඇති... උවිදු විජේවීර

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ වැඩිමල් පුත්‍රයා වූ උවිඳු විදුර විජේවීර රුසියාවේ යුරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙකි. නොබෝදා ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ 'මව්බිම' සමඟ විශේෂ සාකච්ඡාවකට එක්විය. මේ එම සාකච්ඡාවයි.

උවිඳු මෙවර ලංකාවට පැමිණියේ බොහෝ දිනකට පසුව නේද?

ඔව්, මට ලංකාවට එන්න දිග නිවාඩුවක් ලැබුණෙ නැහැ. මෙවරත් මා පැමිණියේ දින 4ක කෙටි නිවාඩුවකට.

ඔබේ රුසියාවේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව විස්තර කිව්වොත්?

මම රුසියාවේ දකුණු යුරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. එය තියෙන්නේ රුසියාවේ මැද හරියෙ. අවුරුදු කීපයකට පෙර යුරල් නගරය විදේශිකයන් සඳහා විවෘත කළා. ඊට පෙර එයට විදේශිකයන්ට ඇතුළු වෙන්න අවසර දී තිබුණේ නැහැ.

එයට හේතුව කුමක්ද?

අවි ආයුධ වගේ තාක්ෂණික නිෂ්පාදන සිදු කරන විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන තිබුණේ යුරල්වලයි. ඒ නිසාම යුරල් හුදෙකලාව පැවතුණා.

උවිඳුට මේ විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද? ඔබේ අධ්‍යාපන කටයුතු සිදුවුණේ කෙසේද?

මම මුලින්ම ඉගෙන ගත්තෙ ත්‍රිකුණාමලේ තිස්ස විද්‍යාලෙ. තාත්තා නැති වුණාට පස්සේ අපි ත්‍රිකුණාමලේ නේවි කෑම්ප් එක භාරයේ තමයි හිටියෙ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු අපිව ආරක්ෂක හේතු මත කොළඹට එව්වා. එතෙන්දි මට හය වැනි වසරට යන්න පාසලක් තිබුණේ නැහැ. නමුත් මම 7 වසරට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළු වුණා. උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ ඒ ඉස්කෝලෙ තමයි. ඉන්පසුව මම විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

මොනවද ඔබේ විෂයන් වුණේ?

නීතිය හදාරන්න තමයි ඇතුළත් වුණේ. නමුත් අපිට තිබුණු ප්‍රශ්නත් එක්ක අධ්‍යාපන කටයුතු අවසන් කරගන්න බැරිවුණා. මේ අතරෙ මට ඉන්දියාවට ගිහින් ඩිග්රි එක කරන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකට මට උදවු කළේ මගේ ඥාති සහෝදරයෙක්. ඔහු ඉන්දියාවේ සමාගමක වැඩ කළා. මම ඉන්දියාවේදී සමාජවිද්‍යා උපාධිය සම්පූර්ණ කරගත්තා.

සමාජ විද්‍යාව තමයි මගේ උපාධිය. දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ඊට අයත් වුණා. ඊට පසුව මම ලංකාවට ඇවිත් රුසියානු මධ්‍යස්ථානයට සම්බන්ධ වෙලා රුසියන් භාෂාව ඉගෙන ගත්තා. මෙහේදී මගේ ගුරුවරිය වුණේ රුසියානු කාන්තාවක්. ඇයගේ නම ලරීෂා. රුසියානු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ බුද්ධිප්රිය රාමනායකත්, ලරීෂා ගුරුතුමියත් මට රුසියාවට යන්න උදවු කළා. නමුත් ශිෂ්‍යත්වයක් ලැබිල නෙවෙයි මුදල් ගෙවලයි ගියේ. රුසියානු භාෂාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීම තමයි මගේ අරමුණ වුණේ. මම රුසියාවට ගියාට පස්සේ එහේ අනෙක් ශිෂ්‍යයන් සමඟ රුසියාවට ආදරය කරන අයගේ රුසියානු සමාජයක් හදා ගත්තා. ඒ අතර තමයි දකුණු යුරල් විශ්වවිද්‍යාලය මගේ මාර්ස්ටර්ස් උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් ලබාදුන්නේ. පසුගිය ජුනි මාසයේ මම මගේ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළා. දැන් මම පී.එච්.ඩී. එක කරනවා.

ඔබ පී.එච්.ඩී. එක කරන්නෙත් මාස්ටර්ස් එක කරපු විෂයන්වලින්මද?

ඔව්. මගේ විෂයන්වලට ගුරුවරුන්ගේ අඩුවක් තිබුණා. ඒ නිසා මට පොඩි විවේකයක් ලැබුණා. ඒ අතරෙ තමයි මම ශිෂ්‍ය සංගමයේ ඡන්දෙට ඉදිරිපත් වුණේ.

ඒ කියන්නෙ දකුණු යුරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද?

නැහැ. අපේ විශ්වවිද්‍යාලය තමයි එහේ තියෙන විශාලම විශ්වවිද්‍යාලය. අපේ බේස් එකට තමයි අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල ඔක්කොම සම්බන්ධ වන්නේ.

ඒ කියන්නේ රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය?

අන්න හරි, සවුත් යුරල් කියන රීජන් එකට නගර ගොඩක් අයත් වෙනවා. ඒ සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍යයෝ එකතු වෙලා තමා අපේ ඇසෝසියේෂන් එක හදල තියෙන්නේ.

විවිධ ජාතීන්ට අයත් ශිෂ්‍යයන් සිටිනවාද?

ඔව්, අපේ විශ්වවිද්‍යාලයේ චීන ශිෂ්‍යයන් 500ක්, කසකස්තාන් 2,000ක් ආදී වශයෙන් රටවල් 53ක ශිෂ්‍යයෝ අපි අතරෙ ඉන්නවා. නිලවරණ දෙකක් හැටියට තිබුණා. පළමුව ඒ ඒ විශ්වවිද්‍යාලය සඳහා නියෝජිතයන් පත් කළා. දෙවැනුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සඳහාම සභාපතිවරයකු තෝරනවා. එහිදී තමයි මාව සභාපති හැටියට රටවල් 53ක ශිෂ්‍යයන් අතරින් පත්කර ගත්තේ.

සභාපති හැටියට උවිඳුට පැවරී ඇති වගකීම් මොනවාද?

සම්පූර්ණ යුරල් ප්‍රදේශයේම ශිෂ්‍යයන්ගේ සමාජයීය අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ඔවුන් මුහුණ දෙන ආගමන විගමන ගැටලුවලට මා මැදිහත් විය යුතුයි. රටවල් රටවල් අතර ප්‍රශ්නත් විශ්වවිද්‍යාලවලට එනවා.

උදාහරණයක් කිව්වොත්?

ඉන්දු _ පාකිස්තාන ගැටුම ශිෂ්‍යයන් හරහා විශ්වවිද්‍යාලයට එනවා. මේ දිනවල අරාබි රටවල ඇතිවන ගැටුම් එනවා. අපි විවිධ සංස්කෘතීන් එකට බෙදා හදාගෙන කටයුතු කරනවා. අපේ විශ්වවිද්‍යාලවලින් බිහිවන ශිෂ්‍යයෝ ලෝකෙ ඕනෑම සංස්කෘතියක් ගැන දන්න හැදෑරීමක් ඇති විවෘත මනසක් ඇති මිනිසුන් හැටියට එළියට යනවා.

විශ්වවිද්‍යාල පරිපාලනයෙන් ඔබලාට නීත්‍යනුකූල බලයක් ලබාදී තිබෙනවාද?

අපිට රුසියානු රජයෙන් නීත්‍යනුකූල බලයක් ලබාදී තිබෙනවා. අපි රෂියන් ගවන්මන්ට් එකේ බොඩි එකක් කිව්වොත් හරි. අපි රුසියානු අධ්‍යාපන අමාත්‍යාංශයෙත් විදේශ අමාත්‍යාංශයෙත් එකතුවන කොටසක්. අපේ වැඩසටහන් සියල්ල රුසියානු භාෂාවෙන් කරනවා. නමුත් අප්‍රිකානු ළමයි කතා කරන්නේ ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා, ඉන්දියානු , පාකිස්තාන් ළමයි ඉංග්‍රීසි කතා කරනවා. ලතින් ඇමෙරිකන් රටවල ළමයි ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා. අපි මීටින්වලදී පිළිගැනීම් කරන කොට භාෂා තුන හතරකින් කතාව ආරම්භ කරන්න පුරුදුව සිටිනවා.

ඔබ ඔබේ පියා රෝහණ විජේවීර අධ්‍යාපනය ලැබූ ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට ගිය බව කීවා?

ඔව්, යුරල්වල ඉඳල මොස්කව්වලට කිලෝමීටර් 1,800ක් විතර දුරයි. මම එහි ගියා. එහේදී අනුරුද්ධ හාමුදුරුවෝ වගේම පී.එච්.ඩී. කරන රන්ජන් අයියා මට හමුවුණා. මම තාත්තා හිටපු තැන්, ඉගෙන ගත් පන්ති කාමර දුටුවා. ඒක හරි සංවේදී අවස්ථාවක්. තාත්තා එහි ඉගෙන ගත් බව දන්නා ගුරුවරු හමුවුණා.

රෝහණ විජේවීර කියන විප්ලවවාදී නායකයා ඔබේ පියා බව ඔබේ විදේශ රුසියානු මිතුරන් දන්නවාද?

මම සාමාන්‍යයෙන් තාත්තාගේ වාසගම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මගේ සමීපම මිතුරන් නම් ඒ ගැන දන්නවා. මොස්කව්වල නම් තාත්තා ගැන දන්න ලොකු පිරිසක් ඉන්නවා. තාත්තගේ බුද්ධියට ගරු කරන පිරිස් මට කොහේ ගියත් හමු වෙනවා. මට ඒ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා.

දැන් පී.එච්.ඩී. එක අවසන් කළාම ඔබ නැවත ලංකාවට එනවා නේද?

ඔව්. ඔව්. ලංකාවට එනවා.

ඔබේ ජීවිතයේ අනාගතය සම්බන්ධව මොන විදියේ සැලසුමක්ද තියෙන්නේ?

මගේ රට වෙනුවෙන් යහපත් දෙයක් කිරීම තමයි බලාපොරොත්තුව.

ඒ කියන්නෙ ඔබ වෘත්තියකට, රැකියාවකට යනවද?

නැතිනම් දේශපාලනයට සම්බන්ධ වෙනවද? ඔබේ පියා වෛද්‍ය විද්‍යාව අත්හැර පූර්ණ කාලීන දේශපාලනය තෝරාගත්තා.

අපේ රටේ වෙනස් වියයුතු වෙනස් කළයුතු බොහෝ දේ තිබෙනවා. මගේ අදහස රටට යහපතක් වෙන විදියට ජීවිතයේ ඉදිරි කාලය යෙදවීම. රටේ මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් රටේ තරුණයන්ට ප්‍රශ්න තියෙනවා. මගේ රට ඉදිරියට යන්නේ නැහැ. රට එක තැන නතර වෙලා. බලන්න අපේ රටේ පාර්ලිමේන්තුව. අපි මොනතරම් ලෝකය පුරා ලැජ්ජාවට පත් වෙනවද? ලංකාව ඉදිරියට ගෙන යන්න උගතුන් අවශ්‍යයි.

මගේ රට සෞභාග්‍යවත් රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සංස්කෘතියක් තියෙනවා. ස්වාභාවික උපද්‍රව අපිට නැහැ. අපි තිරසර සංවර්ධනයක් තුළ රට ඉස්සරහට ගෙන යා යුතුයි. රටේ දේශපාලනික වශයෙන් පවතින පිරිහීම නිසා මේ මොහොතේ රටට ඔරොත්තු නොදෙන තරම් බුද්ධි ගලනයක් සිදුවෙනවා. උගතුන් මේ වාසනාවන්ත රට අතහැර යනවා. මම ළඟදි රිපෝට් එකක් කියෙව්වා. ලෝකෙ දෙවැනියට බුද්ධි ගලනය සිදුවන රට ලංකාව. අංක එකට වැටෙන්නෙ ඊශ්‍රායලය. රටේ පාලකයෝ බුද්ධිමත්ව ක්‍රියා නොකරන පිරිසක් වූ විට බුද්ධිමතුන් රට තුළ රැඳෙන්නෙ නැහැ.

මේ තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? රටට ආදරය කරන තරුණයකු හැටියට මොකක්ද ඔබ දකින විසඳුම?

මේකට දේශපාලනඥයන්ට බැනලවත් පාර්ලිමේන්තුවට බැනලවත් හරියන්නෙ නැහැ. පාලකයො තෝරන්නෙ කවුද? පාලකයො පාර්ලිමේන්තුවට යවන්නෙ කවුද? අපිනෙ. එහෙම නම් පළමුවැනි කාරණය තමයි මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන. ජනතාවට අධ්‍යාපනය දෙන්න ඕන. රටේ මිනිස්සු බුද්ධිමත් නොවන තාක්කල් පාලකයොත් හැදෙන්නෙ ඒ මිනිස්සුන්ටම ගැළපෙන විදියට. සිංහ රංචුවක නායකයා වෙන්නෙ සිංහයෙක්. සුනඛ රැළක නායකයා සුනඛයෙක්.

ලංකාවේ මේ තත්ත්වය වෙනස් කරන්න උවිඳුගේ තාත්තා රෝහණ විජේවීර මැදිහත් වුණා. ඔහුට එය සාර්ථක කරගත නොහැකි වුණා. අපේ රට යහපත් රටක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? කුමක්ද ඔබේ අදහස?

සමාජය වෙනස් කරන්න ක්‍රම තිබෙනවා. 1971ට සාපේක්ෂව සන්නද්ධ අරගලයක සම්භාවිතාව තියෙන්න පුළුවන්. නමුත් අද වනවිට ලෝකය වෙනස් වී තිබෙනවා. අද සන්නද්ධ අරගල කියන්නෙ යල් පැනපු දෙයක්. ලෝකයේ කොතැනකටවත් සන්නද්ධ අරගල ගළප්පන්න බැහැ. නූතන ලෝකයේ තොරතුරු තාක්ෂණය අසීමිත දියුණුවක් ලබා තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ මිනිසුන්ට තොරතුරු ගලාගෙන එනවා. මිනිසුන් සවිඥානිකයි. ෆේස්බුක් තිබෙනවා. ඉන්ටර්නෙට් තියෙනවා, විකිපීඩියා තියෙනවා, ගූගල් තියෙනවා. ප්රවෘත්ති පළවෙනවා. මිනිස්සු තොරතුරුවලින් සන්නද්ධ වෙලා ඉන්නේ. ඒ නිසාම මිනිස්සු බුද්ධිමත්. ඒ කාලෙ ගත්තු තීරණ එදාට නිවැරැදි වෙන්න පුළුවන්. ඒව අදට ගැළපෙන්නෙ නැහැ. නමුත් ලාංකේය සමාජය වෙනස් විය යුතුයි කියන කාරණය අපි කවුරුත් පිළිගත යුතුයි. ඇමෙරිකාව පවා වෙනස් වුණේ අරගලයකින් පසුවයි. ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ප්‍රංශය වෙනස් වුණා. රුසියාවෙ, චීනයේ විප්ලව සිදු වුණා. විප්ලවීය පරිවර්තන තුළින් තමයි ඒ රටවල් ඉදිරියට ගිහින් තියෙන්නේ. ඒ වෙනසට අපි මුහුණ දෙනවද? ඒක සාර්ථක කරගන්නවද? කියන ප්රශ්නය විතරයි මෙතැන තියෙන්නේ.

රෝහණ විජේවීර ලංකාවේ සමාජ පරිවර්තනය උදෙසා අනුදත් ක්‍රියාමාර්ග නොගැළපෙන බවද ඔබ කියන්නේ?

ලාංකේය සමාජ පරිවර්තනය සම්බන්ධයෙන් තාත්තාට ඉතා පුළුල් දෘෂ්ටියක්, ඓතිහාසික දැක්මක් තිබුණා. විද්‍යාත්මක විශ්ලේෂණයන් තිබුණා. මා එය ඉතා ඉහළින් අගය කරනවා. ඒ වගේම අසාමාන්‍ය කැපවීමක් භාවිතාවක් ඔහු රට හමුවේ තබා තිබෙනවා. නමුත් බොහෝ දෙනා අහන්නේ සන්නද්ධ අරගලය ගැන. එය වර්තමානයට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඉතිහාසයේ ඒ ඒ වකවානුවලට සාපේක්ෂකවයි අපි මේ ප්‍රශ්න විග්රහ කරගත යුත්තේ.

බි්රතාන්ය අධිරාජ්‍යවාදයට විරුද්ධව 1818 කැප්පෙටිපොළ යුද්ධ කළා. 1848 පුරන්අප්පුලාට, ගොන්ගාලේගොඩ බණ්ඩලාට සටන් කරන්න සිදුවුණා. යටත් විජිතවාදයට එරෙහි කුඩහපොළ හාමුදුරුවෝ සටන් කළා. අද පවතින නව යටත් විජිතවාදයට අප මුහුණ දියයුතු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්.

සෝවියට් සංගමය බිඳ වැටුණා. සමාජවාදී සමාජ ආර්ථික හැඩගැස්මක් අද දකින්න නැහැ. ලෝකය වෙනස්වෙලා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ඒක කෙටියෙන් විග්රහ කිරීම අසීරුයි. චීනය ගන්න. ආර්ථිකය හැසිරවීම සමාජවාදී නැහැ. නමුත් පරිපාලනය සමාජවාදී මූලධර්ම මත සිදුකරමින් වේගවත් ඉදිරි ගමනක් යනවා. රට පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂය. අද වෙනකොට ලෝකයේ බලවත්ම රාජ්‍යය. රටක සංස්කෘතිය, ඒ ඒ රටවල පවතින සුවිශේෂී අනන්‍යතාවන් තේරුම්ගෙන ඒ අනුවයි රටක් දියුණු කළ යුත්තේ. ඒක ධනවාදී ද, නව ලිබරල්වාදී ද, තනිකරම සමාජවාදී ද කියන කාරණයට වඩා රටට ප්‍රායෝගිකව ගැළපෙනවාද කියන කාරණයයි වඩා වැදගත් වෙන්නේ. පූර්ණ සමාජවාදයක් අපේ රටට ගැළපෙනවාද යන්න ගැන වෙනම අධ්‍යයනයක් සිදු කළ යුතුයි.

උවිඳු ඉගෙන ගත් දේ අනුවත් ඔබ ලබා ඇති දැනුම හා අත්දැකීම් අනුවත් අපේ රට මේ වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකි යැයි ඔබ සිතනවාද?

ලංකාව ගත්තොත් අපිට මහා සම්පත් රාශියක් තිබෙනවා. බුද්ධිමතුන් ඉන්නවා. උගත් බුද්ධිමත් දක්ෂ තරුණ ප්‍රජාවක් ඉන්නවා. සාක්ෂරතාව අතින් අපි ලෝකයේ ඉහළම තැනක ඉන්නවා. අපේ සංවර්ධන හැකියාවන් විභවතාවන් ඉහළයි. හොඳම වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝ අප සතුයි. සුවිශේෂී අනන්‍යතා සහිත සංස්කෘතියකට අපි උරුමකම් කියනවා. දේශගුණය යහපත්. පස සරුයි. අපේ රට දියුණු කරන්න අවුරුදු 5ක් හොඳටම ඇති. හරියට කරනව නම් අවුරුදු පහකින් අපේ රට ලෝකයේ දියුණුම රටක් කරන්න පුළුවන්.

ඔබ කියන්නෙ ඒ සඳහා රටට ඍජු නායකත්වයක් නැති වීම පරිහානියට මුල බවද?

ජනතාවට හරි නායකයෙක් මඟ පෙන්වන්නෙ නැත්නම් ජනතාව අයාලෙ යනවා. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ගත්තත් ශ්‍රී ලාංකිකයන් ඒ රටවල අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියෙන්ම ඉන්නවා. යූරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලංකාවෙ ශිෂ්‍යයො ඉන්නෙ පස් දෙනයි. එහෙම තිබියදී ශ්‍රී ලාංකිකයෙක් රටවල් 52ක සභාපති වෙනවා. ලෝකයේ ධනවත්ම පුද්ගලයා ඇමෙරිකාවෙ 'ඇමසෝන්' අයිතිකාරයා. එයාට ගණිත ප්‍රශ්නයක් ආපු වෙලාවෙ ඒක විසඳන හැටි කියා දුන්නෙ ශ්‍රී ලාංකේය තරුණයෙක්. නාසා ආයතනයේ ඉදිරියෙන්ම ඉන්නෙ අපේ රටේ ඉන්ජිනේරුවෝ. අපිට බුද්ධිමතුන්ගෙ අඩුවක් නැහැ. නමුත් වෙලා තියෙන්නෙ රට පාලනය කරන තැනට හරි මිනිස්සු නොයන එකයි. මේක සිස්ටම් එකේ අවුලක්.

ඔබ හිතන හැටියට කොහොමද බුද්ධිමත් තරුණයන්ට පාලනයේ ෙදාරටුව විවෘත කරගන්නේ?

ඒක ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය යුතු දෙයක්. ජනතාව දැනුවත් කිරීම ප්‍රථමයෙන් සිදුවිය යුතුයි. අපි ගමකට ගිහින් ගොවියකුට තවත් අවුරුදු 10කින් කෙරෙන සැලැස්මක් ගැන කරුණු කීවට වැඩක් නැහැ. ඔහු ඉන්නේ ඒ කන්නයේ වැඩ අවසන් කරගන්නා හැටි හිතමින්. ජනතාවගේ දේශපාලන විඥානය වැඩි දියුණු කරන්න ඕන.

මට කියන්න ඔබේ පියා පිළිබඳ බාලවියේ මතකය කොහොමද?

මට තාත්තා ගැන ලොකු මතකයක් නැහැ. අක්කලාගෙන් තාත්තා ගැන පසුකාලීනව දැනගත්තා. තාත්තා නැති වෙද්දි මට අවුරුදු 1 1/2යි.

උදේනි සමන් කුමාර

ඔබ වයසින් මුහුකුරා යද්දි තාත්තා මුහුණ දුන් ඛේදවාචකය ගැන දැනුවත් වෙද්දී එය දරා ගත්තේ කොහොමද?

මුලින්ම කියන්න ඕන මම ඒ අත්දැකීම ඛේදවාචකයක් විදියට සලකන්නෙ නැහැ. මට මගෙ තාත්තා නැතිවුණා කියන අදහසින් ඒකගන්න බැහැ. ඒක සමාජ සංසිද්ධියක්. මට මගේ තාත්තා නැති වුණා විතරක් නොවෙයි අපේ රටේ මගෙ වයසෙ හුඟක් දරුවන්ට තාත්තලා නැති වුණා. අම්මලා නැතිවුණා, සහෝදරයො නැති වුණා. ඒක ඛේදවාචකයකට එහා ගිය සමාජ දේශපාලනික කාරණයක්. තරුණයින් විමුක්ති අරගලවලට ජීවිත පූජා කළා.

සමාජ විද්‍යාත්මකව බැලුවොත් එවැනි සිදුවීම් ලෝකය පුරාම සිදුවුණා. සමාජයෙ තල දෙකක් අතර පරතරය වැඩි වෙනකොට සමාජ පන්තීන් අතර ගැටුම් හට ගන්නවා. ඒක ඛේදවාචකයක් හැටියට අර්ථගන්වන්න බැහැ. අපි ඉතිහාසය ගැන හිත හිතා පසුතැවිලි වීමේ තේරුමක් නැහැ. අඳුරේ අතපත ගාමින් අඳුරට ශාප නොකොට එක් පහනක් දල්වන්න උත්සාහ කරන්නයි ඕනෑ.

අම්මා, අක්කලා ඇතුළු පවුලේ අයගෙ අනාගත ජීවිතය ගැන උවිඳුට මොන විදිහෙ අදහසක්ද තියෙන්නෙ?

අපිට අපේ ජීවිතය හමුදා කඳවුරුවල ගත කරන්න සිදු වුණා. අපේ ජීවිතවල වැඩි කාලයක් ඒ අමිහිරි අපහසු අත්දැකීම විඳින්න සිදුවුණා. ඒක මැදහත් සිතින් භාරගෙන ධෛර්යවත්ව අනාගතයට මුහුණ දෙනවා. මේ සමස්ත සිදුවීම ඇතුළෙ විවිධ පුද්ගලයන්ට විවිධ දේ අත්හරින්න සිදුවුණා. බොහෝ දේ මඟ හැරුණා. අපි අත් වින්දේ අපේ කොටස. සිද්ධ වෙච්ච දේවල් අමතක කරලා අනාගතය යහපත් කර ගනිමින් අපේ පවුලට වගේම රටේ අනෙක් අයටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් හදාගන්න බලාපොරොත්තු වෙනවා.

රුසියාවෙ, කියුබාවෙ, චිලී රටේ සමාජවාදී අරගලවලට නායකත්වය දුන් නායකයන්ගේ දරුවන් ඔබට හමු වුණාද? ඔවුන් රෝහණ විජේවීර ගැන දැන සිටියාද?

තරුණ සමුළුවට සහභාගි වූ අවස්ථාවෙ අපේ තාත්තා ගැන දන්න විවිධ රටවල තරුණ කොටස් හමු වුණා. 'චේ'ගේ දුව හමුවුණා. තාත්තගෙ රූපය සහිත බැජ් පැලඳ සිටින තරුණ තරුණියන් මට හමු වී තිබෙනවා. ඒ අය ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල අය. මම ඔවුන්ගෙන් ඇසුවා ඇයි මේ රූපය පැලඳගෙන ඉන්නේ කියා. ඔවුන් තාත්තා ගැන මා සමඟ විස්තර කළා. පසුව මගෙන් ඇහුවා ඇයි ඒ ගැන උනන්දු වුණේ කියා. මම කීවා මේ මගේ තාත්තා කියා. ඔවුන් පුදුම වුණා.

තාත්තා සමඟ සමකාලීනව ලුමුම්බාවල ඉගෙන ගත් බොහෝ අය ලතින් ඇමෙරිකානු විප්ලවවාදී ව්‍යාපාරවල නායකයෝ වී තිබුණා. ඒ වකවානුවේ ලොව පුරා යටත් විජිත රටවල් නිදහස වෙනුවෙන් සටන් කළා. අප්‍රිකාව ප්‍රංශයෙන් නිදහස් වුණා. ඇමෙරිකාව එංගලන්තයෙන් නිදහස් වුණා. වියට්නාම් යුද්ධය, චිලිය ඇන්ගෝලාව, මොසැම්බික්, ගිනිබිසව් හැම රටකම ඒ කාලයේ විප්ලවාදී අරගල සිදුවුණා. යහපත් දේ වගේම අයහපත් දේවලුත් ඇති වුණා. බොහෝ ජීවිත ලෝකයට අහිමි වුණා.

උවිඳු අධ්‍යාපන කටයුතු අවසන් වුණාම ආපසු ලංකාවට එනවාද?

ඔව්, මම මගේ රට වෙනුවෙන් බොහෝ දේ කළ යුතුයි. මගේ පාසල, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදර්ශ පාඨය වූ 'තමාට පෙර රට.' මම ඒ අනුව වැඩ කරනවා.

කවදහරි අපේ රටේ ප්‍රශ්න විසඳලා හොඳ තැනකට රට ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය උවිඳුට තියෙනවද?

බලමු!

උදේනි සමන් කුමාර

[QUOTE="bravehearts, post: 23954496, member: 513648"] [b]රෝහණ විජේවීරගේ පුත්‍රයා[/b] [COLOR="Navy"][SIZE="3"][B]අපේ රට දියුණු කරන්න අවුරුදු පහක් හොදටම ඇති... උවිදු විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ වැඩිමල් පුත්‍රයා වූ උවිඳු විදුර විජේවීර රුසියාවේ යුරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙකි. නොබෝදා ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ 'මව්බිම' සමඟ විශේෂ සාකච්ඡාවකට එක්විය. මේ එම සාකච්ඡාවයි. උවිඳු මෙවර ලංකාවට පැමිණියේ බොහෝ දිනකට පසුව නේද? ඔව්, මට ලංකාවට එන්න දිග නිවාඩුවක් ලැබුණෙ නැහැ. මෙවරත් මා පැමිණියේ දින 4ක කෙටි නිවාඩුවකට. ඔබේ රුසියාවේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව විස්තර කිව්වොත්? මම රුසියාවේ දකුණු යුරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. එය තියෙන්නේ රුසියාවේ මැද හරියෙ. අවුරුදු කීපයකට පෙර යුරල් නගරය විදේශිකයන් සඳහා විවෘත කළා. ඊට පෙර එයට විදේශිකයන්ට ඇතුළු වෙන්න අවසර දී තිබුණේ නැහැ. එයට හේතුව කුමක්ද? අවි ආයුධ වගේ තාක්ෂණික නිෂ්පාදන සිදු කරන විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන තිබුණේ යුරල්වලයි. ඒ නිසාම යුරල් හුදෙකලාව පැවතුණා. උවිඳුට මේ විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද? ඔබේ අධ්‍යාපන කටයුතු සිදුවුණේ කෙසේද? මම මුලින්ම ඉගෙන ගත්තෙ ත්‍රිකුණාමලේ තිස්ස විද්‍යාලෙ. තාත්තා නැති වුණාට පස්සේ අපි ත්‍රිකුණාමලේ නේවි කෑම්ප් එක භාරයේ තමයි හිටියෙ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු අපිව ආරක්ෂක හේතු මත කොළඹට එව්වා. එතෙන්දි මට හය වැනි වසරට යන්න පාසලක් තිබුණේ නැහැ. නමුත් මම 7 වසරට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළු වුණා. උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ ඒ ඉස්කෝලෙ තමයි. ඉන්පසුව මම විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මොනවද ඔබේ විෂයන් වුණේ? නීතිය හදාරන්න තමයි ඇතුළත් වුණේ. නමුත් අපිට තිබුණු ප්‍රශ්නත් එක්ක අධ්‍යාපන කටයුතු අවසන් කරගන්න බැරිවුණා. මේ අතරෙ මට ඉන්දියාවට ගිහින් ඩිග්රි එක කරන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකට මට උදවු කළේ මගේ ඥාති සහෝදරයෙක්. ඔහු ඉන්දියාවේ සමාගමක වැඩ කළා. මම ඉන්දියාවේදී සමාජවිද්‍යා උපාධිය සම්පූර්ණ කරගත්තා. සමාජ විද්‍යාව තමයි මගේ උපාධිය. දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ඊට අයත් වුණා. ඊට පසුව මම ලංකාවට ඇවිත් රුසියානු මධ්‍යස්ථානයට සම්බන්ධ වෙලා රුසියන් භාෂාව ඉගෙන ගත්තා. මෙහේදී මගේ ගුරුවරිය වුණේ රුසියානු කාන්තාවක්. ඇයගේ නම ලරීෂා. රුසියානු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ බුද්ධිප්රිය රාමනායකත්, ලරීෂා ගුරුතුමියත් මට රුසියාවට යන්න උදවු කළා. නමුත් ශිෂ්‍යත්වයක් ලැබිල නෙවෙයි මුදල් ගෙවලයි ගියේ. රුසියානු භාෂාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීම තමයි මගේ අරමුණ වුණේ. මම රුසියාවට ගියාට පස්සේ එහේ අනෙක් ශිෂ්‍යයන් සමඟ රුසියාවට ආදරය කරන අයගේ රුසියානු සමාජයක් හදා ගත්තා. ඒ අතර තමයි දකුණු යුරල් විශ්වවිද්‍යාලය මගේ මාර්ස්ටර්ස් උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් ලබාදුන්නේ. පසුගිය ජුනි මාසයේ මම මගේ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළා. දැන් මම පී.එච්.ඩී. එක කරනවා. ඔබ පී.එච්.ඩී. එක කරන්නෙත් මාස්ටර්ස් එක කරපු විෂයන්වලින්මද? ඔව්. මගේ විෂයන්වලට ගුරුවරුන්ගේ අඩුවක් තිබුණා. ඒ නිසා මට පොඩි විවේකයක් ලැබුණා. ඒ අතරෙ තමයි මම ශිෂ්‍ය සංගමයේ ඡන්දෙට ඉදිරිපත් වුණේ. ඒ කියන්නෙ දකුණු යුරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද? නැහැ. අපේ විශ්වවිද්‍යාලය තමයි එහේ තියෙන විශාලම විශ්වවිද්‍යාලය. අපේ බේස් එකට තමයි අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල ඔක්කොම සම්බන්ධ වන්නේ. ඒ කියන්නේ රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය? අන්න හරි, සවුත් යුරල් කියන රීජන් එකට නගර ගොඩක් අයත් වෙනවා. ඒ සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍යයෝ එකතු වෙලා තමා අපේ ඇසෝසියේෂන් එක හදල තියෙන්නේ. විවිධ ජාතීන්ට අයත් ශිෂ්‍යයන් සිටිනවාද? ඔව්, අපේ විශ්වවිද්‍යාලයේ චීන ශිෂ්‍යයන් 500ක්, කසකස්තාන් 2,000ක් ආදී වශයෙන් රටවල් 53ක ශිෂ්‍යයෝ අපි අතරෙ ඉන්නවා. නිලවරණ දෙකක් හැටියට තිබුණා. පළමුව ඒ ඒ විශ්වවිද්‍යාලය සඳහා නියෝජිතයන් පත් කළා. දෙවැනුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සඳහාම සභාපතිවරයකු තෝරනවා. එහිදී තමයි මාව සභාපති හැටියට රටවල් 53ක ශිෂ්‍යයන් අතරින් පත්කර ගත්තේ. සභාපති හැටියට උවිඳුට පැවරී ඇති වගකීම් මොනවාද? සම්පූර්ණ යුරල් ප්‍රදේශයේම ශිෂ්‍යයන්ගේ සමාජයීය අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ඔවුන් මුහුණ දෙන ආගමන විගමන ගැටලුවලට මා මැදිහත් විය යුතුයි. රටවල් රටවල් අතර ප්‍රශ්නත් විශ්වවිද්‍යාලවලට එනවා. උදාහරණයක් කිව්වොත්? ඉන්දු _ පාකිස්තාන ගැටුම ශිෂ්‍යයන් හරහා විශ්වවිද්‍යාලයට එනවා. මේ දිනවල අරාබි රටවල ඇතිවන ගැටුම් එනවා. අපි විවිධ සංස්කෘතීන් එකට බෙදා හදාගෙන කටයුතු කරනවා. අපේ විශ්වවිද්‍යාලවලින් බිහිවන ශිෂ්‍යයෝ ලෝකෙ ඕනෑම සංස්කෘතියක් ගැන දන්න හැදෑරීමක් ඇති විවෘත මනසක් ඇති මිනිසුන් හැටියට එළියට යනවා. විශ්වවිද්‍යාල පරිපාලනයෙන් ඔබලාට නීත්‍යනුකූල බලයක් ලබාදී තිබෙනවාද? අපිට රුසියානු රජයෙන් නීත්‍යනුකූල බලයක් ලබාදී තිබෙනවා. අපි රෂියන් ගවන්මන්ට් එකේ බොඩි එකක් කිව්වොත් හරි. අපි රුසියානු අධ්‍යාපන අමාත්‍යාංශයෙත් විදේශ අමාත්‍යාංශයෙත් එකතුවන කොටසක්. අපේ වැඩසටහන් සියල්ල රුසියානු භාෂාවෙන් කරනවා. නමුත් අප්‍රිකානු ළමයි කතා කරන්නේ ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා, ඉන්දියානු , පාකිස්තාන් ළමයි ඉංග්‍රීසි කතා කරනවා. ලතින් ඇමෙරිකන් රටවල ළමයි ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා. අපි මීටින්වලදී පිළිගැනීම් කරන කොට භාෂා තුන හතරකින් කතාව ආරම්භ කරන්න පුරුදුව සිටිනවා. ඔබ ඔබේ පියා රෝහණ විජේවීර අධ්‍යාපනය ලැබූ ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට ගිය බව කීවා? ඔව්, යුරල්වල ඉඳල මොස්කව්වලට කිලෝමීටර් 1,800ක් විතර දුරයි. මම එහි ගියා. එහේදී අනුරුද්ධ හාමුදුරුවෝ වගේම පී.එච්.ඩී. කරන රන්ජන් අයියා මට හමුවුණා. මම තාත්තා හිටපු තැන්, ඉගෙන ගත් පන්ති කාමර දුටුවා. ඒක හරි සංවේදී අවස්ථාවක්. තාත්තා එහි ඉගෙන ගත් බව දන්නා ගුරුවරු හමුවුණා. රෝහණ විජේවීර කියන විප්ලවවාදී නායකයා ඔබේ පියා බව ඔබේ විදේශ රුසියානු මිතුරන් දන්නවාද? මම සාමාන්‍යයෙන් තාත්තාගේ වාසගම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මගේ සමීපම මිතුරන් නම් ඒ ගැන දන්නවා. මොස්කව්වල නම් තාත්තා ගැන දන්න ලොකු පිරිසක් ඉන්නවා. තාත්තගේ බුද්ධියට ගරු කරන පිරිස් මට කොහේ ගියත් හමු වෙනවා. මට ඒ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. දැන් පී.එච්.ඩී. එක අවසන් කළාම ඔබ නැවත ලංකාවට එනවා නේද? ඔව්. ඔව්. ලංකාවට එනවා. ඔබේ ජීවිතයේ අනාගතය සම්බන්ධව මොන විදියේ සැලසුමක්ද තියෙන්නේ? මගේ රට වෙනුවෙන් යහපත් දෙයක් කිරීම තමයි බලාපොරොත්තුව. ඒ කියන්නෙ ඔබ වෘත්තියකට, රැකියාවකට යනවද? නැතිනම් දේශපාලනයට සම්බන්ධ වෙනවද? ඔබේ පියා වෛද්‍ය විද්‍යාව අත්හැර පූර්ණ කාලීන දේශපාලනය තෝරාගත්තා. අපේ රටේ වෙනස් වියයුතු වෙනස් කළයුතු බොහෝ දේ තිබෙනවා. මගේ අදහස රටට යහපතක් වෙන විදියට ජීවිතයේ ඉදිරි කාලය යෙදවීම. රටේ මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් රටේ තරුණයන්ට ප්‍රශ්න තියෙනවා. මගේ රට ඉදිරියට යන්නේ නැහැ. රට එක තැන නතර වෙලා. බලන්න අපේ රටේ පාර්ලිමේන්තුව. අපි මොනතරම් ලෝකය පුරා ලැජ්ජාවට පත් වෙනවද? ලංකාව ඉදිරියට ගෙන යන්න උගතුන් අවශ්‍යයි. මගේ රට සෞභාග්‍යවත් රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සංස්කෘතියක් තියෙනවා. ස්වාභාවික උපද්‍රව අපිට නැහැ. අපි තිරසර සංවර්ධනයක් තුළ රට ඉස්සරහට ගෙන යා යුතුයි. රටේ දේශපාලනික වශයෙන් පවතින පිරිහීම නිසා මේ මොහොතේ රටට ඔරොත්තු නොදෙන තරම් බුද්ධි ගලනයක් සිදුවෙනවා. උගතුන් මේ වාසනාවන්ත රට අතහැර යනවා. මම ළඟදි රිපෝට් එකක් කියෙව්වා. ලෝකෙ දෙවැනියට බුද්ධි ගලනය සිදුවන රට ලංකාව. අංක එකට වැටෙන්නෙ ඊශ්‍රායලය. රටේ පාලකයෝ බුද්ධිමත්ව ක්‍රියා නොකරන පිරිසක් වූ විට බුද්ධිමතුන් රට තුළ රැඳෙන්නෙ නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? රටට ආදරය කරන තරුණයකු හැටියට මොකක්ද ඔබ දකින විසඳුම? මේකට දේශපාලනඥයන්ට බැනලවත් පාර්ලිමේන්තුවට බැනලවත් හරියන්නෙ නැහැ. පාලකයො තෝරන්නෙ කවුද? පාලකයො පාර්ලිමේන්තුවට යවන්නෙ කවුද? අපිනෙ. එහෙම නම් පළමුවැනි කාරණය තමයි මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන. ජනතාවට අධ්‍යාපනය දෙන්න ඕන. රටේ මිනිස්සු බුද්ධිමත් නොවන තාක්කල් පාලකයොත් හැදෙන්නෙ ඒ මිනිස්සුන්ටම ගැළපෙන විදියට. සිංහ රංචුවක නායකයා වෙන්නෙ සිංහයෙක්. සුනඛ රැළක නායකයා සුනඛයෙක්. ලංකාවේ මේ තත්ත්වය වෙනස් කරන්න උවිඳුගේ තාත්තා රෝහණ විජේවීර මැදිහත් වුණා. ඔහුට එය සාර්ථක කරගත නොහැකි වුණා. අපේ රට යහපත් රටක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? කුමක්ද ඔබේ අදහස? සමාජය වෙනස් කරන්න ක්‍රම තිබෙනවා. 1971ට සාපේක්ෂව සන්නද්ධ අරගලයක සම්භාවිතාව තියෙන්න පුළුවන්. නමුත් අද වනවිට ලෝකය වෙනස් වී තිබෙනවා. අද සන්නද්ධ අරගල කියන්නෙ යල් පැනපු දෙයක්. ලෝකයේ කොතැනකටවත් සන්නද්ධ අරගල ගළප්පන්න බැහැ. නූතන ලෝකයේ තොරතුරු තාක්ෂණය අසීමිත දියුණුවක් ලබා තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ මිනිසුන්ට තොරතුරු ගලාගෙන එනවා. මිනිසුන් සවිඥානිකයි. ෆේස්බුක් තිබෙනවා. ඉන්ටර්නෙට් තියෙනවා, විකිපීඩියා තියෙනවා, ගූගල් තියෙනවා. ප්රවෘත්ති පළවෙනවා. මිනිස්සු තොරතුරුවලින් සන්නද්ධ වෙලා ඉන්නේ. ඒ නිසාම මිනිස්සු බුද්ධිමත්. ඒ කාලෙ ගත්තු තීරණ එදාට නිවැරැදි වෙන්න පුළුවන්. ඒව අදට ගැළපෙන්නෙ නැහැ. නමුත් ලාංකේය සමාජය වෙනස් විය යුතුයි කියන කාරණය අපි කවුරුත් පිළිගත යුතුයි. ඇමෙරිකාව පවා වෙනස් වුණේ අරගලයකින් පසුවයි. ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ප්‍රංශය වෙනස් වුණා. රුසියාවෙ, චීනයේ විප්ලව සිදු වුණා. විප්ලවීය පරිවර්තන තුළින් තමයි ඒ රටවල් ඉදිරියට ගිහින් තියෙන්නේ. ඒ වෙනසට අපි මුහුණ දෙනවද? ඒක සාර්ථක කරගන්නවද? කියන ප්රශ්නය විතරයි මෙතැන තියෙන්නේ. රෝහණ විජේවීර ලංකාවේ සමාජ පරිවර්තනය උදෙසා අනුදත් ක්‍රියාමාර්ග නොගැළපෙන බවද ඔබ කියන්නේ? ලාංකේය සමාජ පරිවර්තනය සම්බන්ධයෙන් තාත්තාට ඉතා පුළුල් දෘෂ්ටියක්, ඓතිහාසික දැක්මක් තිබුණා. විද්‍යාත්මක විශ්ලේෂණයන් තිබුණා. මා එය ඉතා ඉහළින් අගය කරනවා. ඒ වගේම අසාමාන්‍ය කැපවීමක් භාවිතාවක් ඔහු රට හමුවේ තබා තිබෙනවා. නමුත් බොහෝ දෙනා අහන්නේ සන්නද්ධ අරගලය ගැන. එය වර්තමානයට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඉතිහාසයේ ඒ ඒ වකවානුවලට සාපේක්ෂකවයි අපි මේ ප්‍රශ්න විග්රහ කරගත යුත්තේ. බි්රතාන්ය අධිරාජ්‍යවාදයට විරුද්ධව 1818 කැප්පෙටිපොළ යුද්ධ කළා. 1848 පුරන්අප්පුලාට, ගොන්ගාලේගොඩ බණ්ඩලාට සටන් කරන්න සිදුවුණා. යටත් විජිතවාදයට එරෙහි කුඩහපොළ හාමුදුරුවෝ සටන් කළා. අද පවතින නව යටත් විජිතවාදයට අප මුහුණ දියයුතු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්. සෝවියට් සංගමය බිඳ වැටුණා. සමාජවාදී සමාජ ආර්ථික හැඩගැස්මක් අද දකින්න නැහැ. ලෝකය වෙනස්වෙලා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද? ඒක කෙටියෙන් විග්රහ කිරීම අසීරුයි. චීනය ගන්න. ආර්ථිකය හැසිරවීම සමාජවාදී නැහැ. නමුත් පරිපාලනය සමාජවාදී මූලධර්ම මත සිදුකරමින් වේගවත් ඉදිරි ගමනක් යනවා. රට පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂය. අද වෙනකොට ලෝකයේ බලවත්ම රාජ්‍යය. රටක සංස්කෘතිය, ඒ ඒ රටවල පවතින සුවිශේෂී අනන්‍යතාවන් තේරුම්ගෙන ඒ අනුවයි රටක් දියුණු කළ යුත්තේ. ඒක ධනවාදී ද, නව ලිබරල්වාදී ද, තනිකරම සමාජවාදී ද කියන කාරණයට වඩා රටට ප්‍රායෝගිකව ගැළපෙනවාද කියන කාරණයයි වඩා වැදගත් වෙන්නේ. පූර්ණ සමාජවාදයක් අපේ රටට ගැළපෙනවාද යන්න ගැන වෙනම අධ්‍යයනයක් සිදු කළ යුතුයි. උවිඳු ඉගෙන ගත් දේ අනුවත් ඔබ ලබා ඇති දැනුම හා අත්දැකීම් අනුවත් අපේ රට මේ වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකි යැයි ඔබ සිතනවාද? ලංකාව ගත්තොත් අපිට මහා සම්පත් රාශියක් තිබෙනවා. බුද්ධිමතුන් ඉන්නවා. උගත් බුද්ධිමත් දක්ෂ තරුණ ප්‍රජාවක් ඉන්නවා. සාක්ෂරතාව අතින් අපි ලෝකයේ ඉහළම තැනක ඉන්නවා. අපේ සංවර්ධන හැකියාවන් විභවතාවන් ඉහළයි. හොඳම වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝ අප සතුයි. සුවිශේෂී අනන්‍යතා සහිත සංස්කෘතියකට අපි උරුමකම් කියනවා. දේශගුණය යහපත්. පස සරුයි. අපේ රට දියුණු කරන්න අවුරුදු 5ක් හොඳටම ඇති. හරියට කරනව නම් අවුරුදු පහකින් අපේ රට ලෝකයේ දියුණුම රටක් කරන්න පුළුවන්. ඔබ කියන්නෙ ඒ සඳහා රටට ඍජු නායකත්වයක් නැති වීම පරිහානියට මුල බවද? ජනතාවට හරි නායකයෙක් මඟ පෙන්වන්නෙ නැත්නම් ජනතාව අයාලෙ යනවා. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ගත්තත් ශ්‍රී ලාංකිකයන් ඒ රටවල අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියෙන්ම ඉන්නවා. යූරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලංකාවෙ ශිෂ්‍යයො ඉන්නෙ පස් දෙනයි. එහෙම තිබියදී ශ්‍රී ලාංකිකයෙක් රටවල් 52ක සභාපති වෙනවා. ලෝකයේ ධනවත්ම පුද්ගලයා ඇමෙරිකාවෙ 'ඇමසෝන්' අයිතිකාරයා. එයාට ගණිත ප්‍රශ්නයක් ආපු වෙලාවෙ ඒක විසඳන හැටි කියා දුන්නෙ ශ්‍රී ලාංකේය තරුණයෙක්. නාසා ආයතනයේ ඉදිරියෙන්ම ඉන්නෙ අපේ රටේ ඉන්ජිනේරුවෝ. අපිට බුද්ධිමතුන්ගෙ අඩුවක් නැහැ. නමුත් වෙලා තියෙන්නෙ රට පාලනය කරන තැනට හරි මිනිස්සු නොයන එකයි. මේක සිස්ටම් එකේ අවුලක්. ඔබ හිතන හැටියට කොහොමද බුද්ධිමත් තරුණයන්ට පාලනයේ ෙදාරටුව විවෘත කරගන්නේ? ඒක ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය යුතු දෙයක්. ජනතාව දැනුවත් කිරීම ප්‍රථමයෙන් සිදුවිය යුතුයි. අපි ගමකට ගිහින් ගොවියකුට තවත් අවුරුදු 10කින් කෙරෙන සැලැස්මක් ගැන කරුණු කීවට වැඩක් නැහැ. ඔහු ඉන්නේ ඒ කන්නයේ වැඩ අවසන් කරගන්නා හැටි හිතමින්. ජනතාවගේ දේශපාලන විඥානය වැඩි දියුණු කරන්න ඕන. මට කියන්න ඔබේ පියා පිළිබඳ බාලවියේ මතකය කොහොමද? මට තාත්තා ගැන ලොකු මතකයක් නැහැ. අක්කලාගෙන් තාත්තා ගැන පසුකාලීනව දැනගත්තා. තාත්තා නැති වෙද්දි මට අවුරුදු 1 1/2යි. උදේනි සමන් කුමාර ඔබ වයසින් මුහුකුරා යද්දි තාත්තා මුහුණ දුන් ඛේදවාචකය ගැන දැනුවත් වෙද්දී එය දරා ගත්තේ කොහොමද? මුලින්ම කියන්න ඕන මම ඒ අත්දැකීම ඛේදවාචකයක් විදියට සලකන්නෙ නැහැ. මට මගෙ තාත්තා නැතිවුණා කියන අදහසින් ඒකගන්න බැහැ. ඒක සමාජ සංසිද්ධියක්. මට මගේ තාත්තා නැති වුණා විතරක් නොවෙයි අපේ රටේ මගෙ වයසෙ හුඟක් දරුවන්ට තාත්තලා නැති වුණා. අම්මලා නැතිවුණා, සහෝදරයො නැති වුණා. ඒක ඛේදවාචකයකට එහා ගිය සමාජ දේශපාලනික කාරණයක්. තරුණයින් විමුක්ති අරගලවලට ජීවිත පූජා කළා. සමාජ විද්‍යාත්මකව බැලුවොත් එවැනි සිදුවීම් ලෝකය පුරාම සිදුවුණා. සමාජයෙ තල දෙකක් අතර පරතරය වැඩි වෙනකොට සමාජ පන්තීන් අතර ගැටුම් හට ගන්නවා. ඒක ඛේදවාචකයක් හැටියට අර්ථගන්වන්න බැහැ. අපි ඉතිහාසය ගැන හිත හිතා පසුතැවිලි වීමේ තේරුමක් නැහැ. අඳුරේ අතපත ගාමින් අඳුරට ශාප නොකොට එක් පහනක් දල්වන්න උත්සාහ කරන්නයි ඕනෑ. අම්මා, අක්කලා ඇතුළු පවුලේ අයගෙ අනාගත ජීවිතය ගැන උවිඳුට මොන විදිහෙ අදහසක්ද තියෙන්නෙ? අපිට අපේ ජීවිතය හමුදා කඳවුරුවල ගත කරන්න සිදු වුණා. අපේ ජීවිතවල වැඩි කාලයක් ඒ අමිහිරි අපහසු අත්දැකීම විඳින්න සිදුවුණා. ඒක මැදහත් සිතින් භාරගෙන ධෛර්යවත්ව අනාගතයට මුහුණ දෙනවා. මේ සමස්ත සිදුවීම ඇතුළෙ විවිධ පුද්ගලයන්ට විවිධ දේ අත්හරින්න සිදුවුණා. බොහෝ දේ මඟ හැරුණා. අපි අත් වින්දේ අපේ කොටස. සිද්ධ වෙච්ච දේවල් අමතක කරලා අනාගතය යහපත් කර ගනිමින් අපේ පවුලට වගේම රටේ අනෙක් අයටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. රුසියාවෙ, කියුබාවෙ, චිලී රටේ සමාජවාදී අරගලවලට නායකත්වය දුන් නායකයන්ගේ දරුවන් ඔබට හමු වුණාද? ඔවුන් රෝහණ විජේවීර ගැන දැන සිටියාද? තරුණ සමුළුවට සහභාගි වූ අවස්ථාවෙ අපේ තාත්තා ගැන දන්න විවිධ රටවල තරුණ කොටස් හමු වුණා. 'චේ'ගේ දුව හමුවුණා. තාත්තගෙ රූපය සහිත බැජ් පැලඳ සිටින තරුණ තරුණියන් මට හමු වී තිබෙනවා. ඒ අය ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල අය. මම ඔවුන්ගෙන් ඇසුවා ඇයි මේ රූපය පැලඳගෙන ඉන්නේ කියා. ඔවුන් තාත්තා ගැන මා සමඟ විස්තර කළා. පසුව මගෙන් ඇහුවා ඇයි ඒ ගැන උනන්දු වුණේ කියා. මම කීවා මේ මගේ තාත්තා කියා. ඔවුන් පුදුම වුණා. තාත්තා සමඟ සමකාලීනව ලුමුම්බාවල ඉගෙන ගත් බොහෝ අය ලතින් ඇමෙරිකානු විප්ලවවාදී ව්‍යාපාරවල නායකයෝ වී තිබුණා. ඒ වකවානුවේ ලොව පුරා යටත් විජිත රටවල් නිදහස වෙනුවෙන් සටන් කළා. අප්‍රිකාව ප්‍රංශයෙන් නිදහස් වුණා. ඇමෙරිකාව එංගලන්තයෙන් නිදහස් වුණා. වියට්නාම් යුද්ධය, චිලිය ඇන්ගෝලාව, මොසැම්බික්, ගිනිබිසව් හැම රටකම ඒ කාලයේ විප්ලවාදී අරගල සිදුවුණා. යහපත් දේ වගේම අයහපත් දේවලුත් ඇති වුණා. බොහෝ ජීවිත ලෝකයට අහිමි වුණා. උවිඳු අධ්‍යාපන කටයුතු අවසන් වුණාම ආපසු ලංකාවට එනවාද? ඔව්, මම මගේ රට වෙනුවෙන් බොහෝ දේ කළ යුතුයි. මගේ පාසල, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදර්ශ පාඨය වූ 'තමාට පෙර රට.' මම ඒ අනුව වැඩ කරනවා. කවදහරි අපේ රටේ ප්‍රශ්න විසඳලා හොඳ තැනකට රට ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය උවිඳුට තියෙනවද? බලමු! උදේනි සමන් කුමාර[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom