Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෝහින්ග්‍යා අනාථයින් ලංකාවට බාර ගැනීමට ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහින්ග්‍යා අනාථයින් ලංකාවට බාර ගැනීමට ත

මියන්මාරයේ රෝහින්ග්‍යා අනාථයින් දසදහස් ගණනක් ශී‍්‍ර ලංකාවට බාර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවත්, ඔවුන් ලංකාවට බාර ගැනීමට කිසිඳු තීරණයක් නොමැති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මියන්මාරයේ රෝහින්ග්‍යා අනාථයින් දසදහස් ගණනක් ශී‍්‍ර ලංකාවට බාර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර ඇති බවට යම් යම් ප්රවෘත්ති විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා. මේ නිසා රට තුළ කිසියම් ආකාරයක ආතතියක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම ඉස්ලාමීය ඇතැම් දේශපාලනික හා ආගමික කණ්ඩායම් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ අනාගතය පිළිබඳ යම් යම් උද්ඝෝෂණ කොළඹ නගරයේ දියත් කර තිබෙන අතර බෞද්ධ පාර්ශවයෙනුත් එවැනි උද්ඝෝෂණ සිදු කිරීමට යන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ අමාත්‍ය මණ්ඩලය රෝහින්ග්‍යා අනාථයින් ශ්‍රී ලංකාවට බාර ගැනීම සඳහා කිසිඳු ආකාරයක පොරොන්දුවක් හෝ කිසිඳු උත්සාහයක් දරා නොමැති බවයි. ඒ වගේම කාලකට පෙර ඇති වූ සිදුවීමක දී අපේ නාවික හමුදාව විසින් මුහුදේ අතරමංව සිටි රෝහින්ග්‍යා අනාථයින් කිහිප ගොල්ලක් බේරාගනු ලැබුවා. පසුව ඔවුන්ව මියන්මාරයට පිටත් කර හරිනු ලැබුවා. ඒ ඇරෙන්නට පසුගිය කාලය තුළ මියන්මාර රෝහින්ගියා ආනථයින් ශ්‍රී ලංකාවට පැමිණ නැහැ. ඒ අනුව මෙයින් පෙනී යන්නේ කිසියම් පිරිසක් මේ පිළිබඳව රටතුළ නොසන්සුන්තාවයක් ඇති කර ගැනීම සඳහා සංවිධානාත්මක ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවයි.

රෝහින්ග්‍යා හි සිදුවන්නේ කුමක්ද? එය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. එම ප්‍රාන්තයේ බුරුමයට, එහෙම නැත්නම් මියන්මාරයට අයත් එම ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව සිය දහස් ගණනින් අසල්වැසි රටවල්වලට පලා යමින් තිබෙන බව වාර්තා වෙනවා. දැනටමත් බංග්ලාදේශය එවැනි අනාථයින් හාර ලක්ෂයකට ආසන්න පිරිසක් බාරගත් බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම ඉන්දියාව බලා පලාගිය හතලිස්දහසක පිරිසක් භාර ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මේ අනුව ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රධානියා චෝදනාවක් ගොනු කළා, මෙය කිසියම් ආකාරයකට මානව අපරාධයක් බව. කෙසේ වෙතත් ඉන්දියාව තම ස්ථාවරය වෙනස් නොකළේය. ඒ වගේම බංග්ලාදේශයත් දැන් කිසියම් ආකාරයක සහනශීලි ප්රතිපත්තියක හිටියත් රෝහින්ග්‍යා අනාථයින් පිළිගැනීමට එතරම් සූදානමක් නොමැති බව පැහැදිලියි.

මෑත කාලයේ මේ ගැටළුව ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ, එම රෝහින්ග්‍යා ප්‍රදේශයේ මුස්ලිම්වරු අතරේ අන්තවාදී කණ්ඩායමක් බිහිවෙලා පොලිස් ස්ථානවලට පහර දෙමින් ස්වයං පාලන ප්‍රදේශයක් ඇතිකරලීමට උත්සහ කිරීමයි. මේ සඳහා සෞදි ආරාබියේ, කටාර් රාජ්‍යයේ හා පකිස්ථානයේ සිට කි‍්‍රයාත්මක වන ඇතැම් අන්තවාදී ඉස්ලාමීය මූලධර්වාදී සුන්නි කල්ලි කණ්ඩායම් කි‍්‍රයා කරන බවට චෝදනා නැගුණා. ඉන්දියාව විවෘතවම මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබුණා. කිසියම් හෙයකින් කාශ්මීරයේ මෙන් මියන්මාරයේ මේ ප්රදේශයෙත් ත්‍රස්තවාදී ගැටළුවක් ඇති වුවහොත් එය තමන්ගේ ප්‍රාන්තවලට බලපාන බව වහාම ඉන්දියාවට වැටහී ගිය නිසයි එවැනි තත්වයක් ඇති වුනේ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම හින්දු, ඉස්ලාමීය, ඒ වගේම බෞද්ධ ඉස්ලාමීය ආතතීන් ඇතිවී බරපතල ප්‍රශ්න මතුවෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළ යුතුයි. ඇත්තටම බුරුමයේ, එහෙම නැත්නම් මියන්මාරයේ ඉතිහාසය දන්නා අයට මෙය එතරම් මවිත වීමට කාරණයක් නෙමෙයි. මියන්මාරය හෙවත් බුරුමය ඓතිහාසික රාජ්‍යයක්. කෙසේ වෙතත් එහි විශාල ගෝත්‍ර ගණනාවක්, ඒ වගේම ජනවාර්ගික කණ්ඩායම් ගණනාවක් භාෂා ගණනාවක් කතා කරන රටක්. එක්තරා ආකාරයක පෙඩරල් රටක් එම රට. එම රට මීට වසර 2000 කටත් පොරොතුව එක්සේසත් කර රජ පෙළපතක් බවට පත් කරනු ලැබුවා. ඒ අභියාසා රජ පෙළපත බෞද්ධ පදනම මතයි ඇති වුණේ.

ශ්‍රී ලංකාවේ අමරපුර හා රාමඤ්ඤ කියන ඒ නිකායන් දෙකම ඇතිවුණේ පිළිවෙලින් අමරපුර හා රාමඤ්ඤ රට නමින් මියන්මාරයේ සිට පැමිණි විවිධ ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් පැමිණි උපසම්පදා උත්සවයන් සමගයි. ඒ වගේම ථේරවාදී බුද්ධාගම අදහන රටක් හැටියට මියන්මාරයට විශාල ශක්තියක් ථේරවාදී බෞද්ධ ලෝකයේ පවතිනවා. ශී‍්‍ර ලංකාවත් ථේරවාදී රටක් නිසා ඒ ඓතිහාසික සම්බන්ධය අපත් මියන්මාරයත් තායිලන්තයත් අතර නිබඳවම පවතිනවා. අභියාසා රජ පෙළපතත් සමග රජවරුන් ගණනාවක් හරහා මියන්මාරය විවිධ ආකාරයේ බලපෑම්වලට නතුවෙමින් කටයුතු උනා. එක් කලෙක මොංගෝලියානු ආක්රමණවලට තවත් කළෙක චීනයේ බලපෑම්වලට ආදී වශයෙන් පැමිණි මියන්මාරයට මහත් ප්‍රහාරයක් එල්ල කළේ බි්රතාන්ය අධිරාජ්‍ය විසින්. බි්රතාන්යය දකුණු මියන්මාරයේ එහෙම නැත්නම් බුරුමයේ කොටස් අත්පත් කර ගනු ලැබුවා. ඒ වගේම මියන්මාරය සමග යුද්ධ ගනණාවක් 19 වන සියවසේ ඇතිවුණා. අවසාන වශයෙන් 1885 දී මුළු මියන්මාරයම අත්පත් කර ගැනීමට බි්රතාන්ය අධිරාජ්‍යය සමත් උනා. එහිදි මියන්මාරයේ සිටි රජතුමා වන තීබෝ අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරනු ලැබුවා. එම රජතුමාගේ මුණුපුරන් සහ මී මුණුපුරන් මේ මෑත කාලයේදී මියන්මාරයට පැමිණි බවත් වාර්තා වෙනවා.කෙසේ වෙතත් එතනින් රාජවංශය අවසන් වෙනවා. රාජවංශය අවසන් වෙලා බි්රතාන්ය ඉන්දීය සමාගමට මියන්මාරයත් අයිති උනා. ඉන්දියාවේ සිට තමයි, බි්රටිප් රාජ් කියන සමාගම විසින් එම කලාපමය පාලනය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් බි්රතාන්යයට අභියෝගයක් එල්ල කරමින් ජපානය මේ කලාපයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම චීනය සමග 1890 ගණන්වල කළ යුද්ධය ජය ගැනීමත්, 1904 දී රුසියාව සමග කළ යුද්ධය ජය ගැනීමත්, ඉන්පසුව මැන්චූරියාව සහ කොරියානු ප්‍රදේශවලට ඇතුළු වීමත් නිසා ජපානය අධිරාජ්යක් ලෙස පෙරට එමින් තිබුණා. මේ අවස්ථාවේදී විශාල ප්‍රශ්නයක් මියන්මාර අභ්‍යන්තරයේ දැවෙමින් තිබුණා. ඒ තමයි මියන්මාරයේ ස්වදේශිකයන්ගේ ජනගහණයට අභියෝගයක් එල්ල කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර හා වෘත්තීවේදීත්වයට අභියෝගයක් එල්ල කරමින් බි්රතාන්යයන් විසින් ඉන්දියාවේ විශාල වශයෙන් ඉන්දීය ජාතිකයින් ගෙන ඒම. එය වර්තමාන බංග්ලාදේශ ප්‍රදේශයෙනුත් ගෙන ආවා. ඒ නිසා රොහින්ග්‍යා ප්රශ්නයේ මුල තිබෙන්නේ එක්තරා අතකට මේ බි්රතාන්ය පාලන සමය යටතේ ලක්ෂ සංඛ්‍යාත ලෙස බුරුමයට ගෙන ආ ඒ මහා ඉන්දීය ජනගඟ නිසයි. එක පැත්තකින් බුරුමයේ අගනගරවල ව්‍යාපාරික තැන්, රැන්ගූන්, මණ්ඩලේ ආදී අගනගරවල ව්‍යාපාරික ස්ථාන ඉන්දීය ජාතීන් අත්පත් කර ගත්තා. ඒ වගේම ප්‍රධාන වරායන් හා සිවිල් සේවාව බොහෝ දුරට ඉන්දීය ජාතීන්ගෙන් පිරී තිබුණා. මියන්මාර ස්වදේශිකයන්ට එම රාජ්‍යයේ තැනක් තිබුණේ නැහැ. ඒ වගේම කම්කරුවන් ලෙසත් අති විශාල පිරිසක් ගෙනැවිත් තිබුණා. මේ නිසා එම බි්රතාන්ය විරෝධි ජාතික අරගලයේ එක අංගයක් උනේ ඉන්දියානු විරෝධයයි. ඒ වගේම ඉන්දියානුවන්, බංග්ලාදේශයත් එයට අයත්, රටින් පිටුවහල් විය යුතුයැයි කියන හැඟීම ඒ ඇතුලේ ගැබ්වී තිබුණා.

අවුන්සාන් නම් තරුණ නීතිවේදී ශිෂ්‍යයෙක් මේ විමුක්ති අරගලයට නායකත්වය දුන්නා. ඔහු පසුව ජපානය සමග එක්වී කිසියම් සන්නද්ධ ක්‍රියාදාමයක් අනුගමනය කළා. මේ සන්නද්ධ කි‍්‍රයාමාර්ගයේ ප්‍රථිපලය උනේ මියන්මාරය ජපානයට නතු වීමයි. බි්රතාන්යයන් පරාජය කරමින් මියන්මාරය ජපානය විසින් අල්ලාගෙන ගොඩබිමින් යුරෝපය දක්වා ගිය සේද මාවත අල්ලාගන්න ජපානය සමත් උනා. ඇත්තටම මේ කාලය ඓතිහාසික වශයෙන් තවත් සිදුවීමක් සිදුවුනා. ඒ තමයි ඉන්දීය ජාතික කොංග්‍රසයේ ගාන්ධි අනුගමනය කළ බි්රතාන්යයට පක්ෂපාතී කි‍්‍රයාදාමය හෙළා දකිමින් එහි ප්‍රධාන චරිතයක් වන සුභාෂ් චන්ද්‍රබෝස් ජපානය සමග එක්වීම. අන්දමන් හා මියන්මාරයේ සිට ඔහු බි්රතාන්යයට එරෙහිව සන්නද්ධ සටනක් දියත් කිරීමට නිදහස් ඉන්දීය හමුදාව බිහිකිරීමත් සිදු උනා.

කෙසේ වෙතත් ඉන්දීය විරෝධී මහා ජාතිවාදී අරගල මැද මියන්මාරයට නිදහස ලැබුණා. අවුන්සාන් එහි ප්‍රධාන අගමැතිවරයා හැටියට පත් වුණා. නමුත් ඔහුට වැඩිකල් ආණ්ඩු කිරීමට හැකිවුනේ නැහැ. ඔහුත් ඔහුගේ කැබිනට් මණ්ඩලයත් ඝාතනය කරනු ලැබුවා. ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ඌණූට වැඩිකල් රට කරන්නට ලැබුණේ නැහැ. එහි තිබූ ජනවාර්ගික ගැටුම් නොයෙකුත් ආකාරයේ ගැටළු නිසා මියන්මාරයේ බලය නේවීන් නැමැති යුධ සෙනෙවියා අතට ගියා. ඒ කාලයේ ඇතිවෙමින් තිබූ කොමියුනිස්ට් සමාජවාදී රැල්ල සමග යමින් ඔවුන්ගේ ප්‍රදේශයේ තිබූ කාම්බෝජියාව, ලා ඕසය, වියට්නාමය ආදී රටවල් විශේෂයෙන්ම රතු චීනය එය ආදර්ශයට ගනිමින් සමාජවාදය බිහි කිරීම සඳහා කියමින් නේවින් හමුදා බලයක් පිහිටෙව්වා. ඒ වගේම 1962 චීනය හා ඉන්දියාව යුධ වැදුණු අවස්ථාවේදී නේවින් එය ප්‍රයෝජනයට අරගෙන හමුදා පාලනයක් පිහිටෙව්වා පමණක් නෙමෙයි, සියළුම ඉන්දීයානුවන් එම මියන්මාරයෙන් පිටුවහල් කළා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියන්මාරයෙන් පිටුවහල් කළා. ඉන්දියාවට මේ අවස්ථාවේදී මියන්මාරයට එරෙහිව යුධ වැදීමට හෝ එය වැලැක්වීමට හැකියාවක් තිබුණේ නැහැ. මොකද චීනයත් සමග ඔවුන් පැටලී සිටි නිසත් පකිස්ථානයේ සමග ගටුම් ඇතිකරගෙන සිටි නිසත්. කෙසේ වෙතත් අති විශාල ජනගහණයක් මේ ලෙසම ඉන්දියාව කරා පළවා හරින්න මියන්මාරය ඒ අවස්ථාවේ කටයුතු කළා. ඇත්ත වශයෙන්ම ඔවුන් ඉන්දීය ජාතිකයින්. බි්රතාන්යයන්ගේ සමයේ ගෙන ආ පිරිසක්.

ඒ වගේම මේ කාලයේ සිටම මේ අරකන් නමැති මේ ගෝත්‍රය ජීවත්වන ප්‍රදේශයේ, බංගලිදේශය නමින් පසුව ඇති වූ නැගෙනහිර පකිස්ථානයේ ජනතාව පැමිණීම ගැන විශාල විරෝධයක් පැතිරී තිබුණා. ඔවුන් පිටුවහල් කළයුතු බවට විශාල උද්ඝෝෂණයක් රටතුළ ඇති වුණා. කෙසේ වෙතත් 1982 දී හඳුන්වාදෙන ලද නව නීතිරීති අනුව මේ රෝහින්ග්‍යා හි ජීවත්වන පිරිසට මියන්මාරයේ පුරවැසි කමක් නැහැ. මියන්මාරයේ පුරවැසිකමක් ලබාගැනීමට අවශ්‍ය කරන කොන්දේසි ඔවුන් සපුරා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් රටක් නැති පිරිසක් හැටියටයි සටහන් උනේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ප්රජාතන්ත්රවාදී විප්ලවය ජයගැනීමත්, අවුන්සාන්ගේ දියණිය, අවුන්සාන් සුකී බටහිර රටවල ආධාරයෙන් මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය ඉෂ්ඨ කිරීමත් නිසා කිසියම් දුරකට මියන්මාරයට බටහිර අවධානය යොමු උනා. කොටින්ම බැක් ඔබාමා පවා මියන්මාරයේ සංචාරයකට නියැලූණා පමණක් නොව, මියන්මාරය ද විවෘත ආර්ථිකය කරා ගමන් කළා. ඒ පැවතිච්ච ස්වදේශීය සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකය තෝරා ගැනීමත් සමගම මියන්මාරයේ විශාල ආයෝජන පිබිදීමක් ඇති උනා. ඒ වගේම මියන්මාරය අවට ප්‍රදේශය තෙල් ගවේෂණය ආදිය සිදුකිරීම නිසා තවත් ආකාරයකින් ආර්ථික සමෘද්ධියක් ඇතිවෙන්නට පටන් ගත්තා. ඒ වගේම සුපුරුදු පරිදි අසල්වැසි යෝධ චීනයේ බලපෑමත් මියන්මාරයට එල්ල උනා. චීනය විසින් මියන්මාරය ආර්ථික අතින් ආක්‍රමණය කරනවාය කියන චෝදනාවත් සමග මියන්මාරය එක් අවස්ථාවක චීනය විසින් දියත් කළ ප්‍රධාන ජල විදුලි බලාගාරයක් පවා ප්රතික්ෂෙප කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් අවුන්සාන් සුකී ක්‍රමයෙන් චීනයේ ආයෝජන කරා ගමන් කරමින් සිටින බව පැහැදිලියි. ඒ නිසා කිසියම් ආකාරයකට අවුන්සාන් සුකීව බලයට ගෙන ඒම සඳහා කි‍්‍රයා කළ බටහිර රටවල් සහ ඉන්දියානුවන්ගේ මැදිහත්වීම් වලින් සිදුකළ මෙහෙයුම අසාර්ථක වෙමින් අවුන්සාන් සුකී චීනය පැත්ත ගැනීම ගැන කිසියම් ආකාරයක වෛරයක් කිසියම් ආකාරයක දේශපාලන පළිගැනීමක් සිදුවෙමින් තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම මියන්මාරය කාලයක් මුළුල්ලේ පාලනය කළ යුධ හමුදාව තවමත් එහි පාර්ලිමේන්තුවේ විශාල බලයක් උසුලනවා. එය නැවත වතාවක් සිවිල් පාලනයකට ලබාදීමට ඇති අකමැත්තත් අපට පෙනී යනවා.

මියන්මාරයේ බෞද්ධයින් පවසන්නේ මේ රෝහින්ග්‍යා මුස්ලිම්වරු වර්තමාන බංග්ලාදේශයෙන් පැමිණි විදේශිකයන් පිරිසක් බවයි. ඔවුන් ඉතා සීඝ්රයෙන් සිය ජනගහණය වර්ධනය කරමින් මියන්මාරයේ ජනවාර්ගික සංතුළනය බිඳ දමන බවත්, සීග්‍රයෙන් සෞදි අරාබියේ මුදල්වලින් පල්ලි පිහිටුවමින් ආක්රමණික වේශයෙන් හැසිරෙන බවටත් ඔවුන් චෝදනා කරනවා. එය වඩාත් දියුණු තියුණු උනේ වහබ්වාදය අදහස සුන්නි ත්‍රස්තවාදී කි‍්‍රයාවලියක් රෝහින්ග්‍යා හි ආරම්භ වීමත් සමගයි. මාස කිහිපයක පෙර පොලිස් ස්ථාන 9 කට පහර දුන්නා. ඒ වගේම සති කිහිපයකට පෙර පොලිස් ස්ථාන 43 කට පහර දුන්නා. ඊට පස්සේ සිදු උනා යුධ නීතිය පනවලා හමුදාව ඒ ප්‍රදේශවලට යවන්න.

ඒ වගේම මුස්ලිම් රටවල්වලින් කිසියම් ආකාරයක ප්රචාරක යුද්ධයක් ගෙනයන බවට අපට පෙනී යනවා. විශේෂයෙන්ම කටාරයේ සිට කි‍්‍රයාත්මක වන අල් ජසීරා නාලිකාව, සීඑන් එන්, බීබීසි වැනි නාලිකා විශාල ප්‍රමුඛතාවයක් මෙයට ලබාදෙනවා. ඔවුන් පවසන්නේ ඉතාම දුගී රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඉතාම භයානක ලෙස මියන්මාර ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරමින්, සිය ප්‍රදේශවලින් පලවා හරිමින්, ගම්බිම් ගිනිබත් කරමින් තිබෙන බවයි. මේ ජනතාව ඉතාම දුගී ජනතාවක් බව ඇත්ත. ඒ වගේම මේ ජනතාවට මියන්මාර හමුදාවේ ප්‍රහාරවලට මුහුණ දීමේ හැකියාවක් නැති බවත් ඇත්ත. ඔවුන් ඉතා විශාල වශයෙන් අනාථ වෙමින් හාරලක්ෂයකට අධික පිරිසක් ඒ ප්‍රදේශවලින් පලාගිහින් තිබෙන බවත් ඇත්ත. නමුත් තවත් සමහර විදේශීය විචාරකයින් පවසන්නේ මේ පිළිබඳව පවතින මේ මහා උද්ඝෝෂණය ඊජිප්තුවේ කොප්ටික් කි‍්‍රස්තියානින් වනසා දැමීමට ඉස්ලාමීය මූලධර්මවාදීන් කටයුතු කළ අවස්ථාවේදී, පල්ලිවල බෝම්බ පුපුරවපු අවස්ථාවේදී, ඒ ජනතාව සමූල ඝාතනය කළ අවස්ථාවේ ඇයි මේ හඬ නැගුනේ නැත්තේ කියා. සිරියාවේ, ලෙබනනයේ, ඉරාකයේ, ඒ වගේම වර්තමානයේ පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ ජීවත් වූ සුළුතර කි‍්‍රස්තියානීන් බෞද්ධයින් ආදිය මරා දමා පළවා හරින විට ඇයි මේ උද්ඝෝෂණය පැන නොනැගුනේ කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා.

විශේෂයෙන්ම බංගලිදේශයේ බෞද්ධ ප්‍රාන්තය වන චිතගුන්හි බෞද්ධයින්ට සිදු කරන අසාධාරණයන් පිළිබඳව ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදන නිකුත් නොකරන්නේ. ඇයි බීබීසීය, සීඑන්එන් සේවය, අල්ජසීරා සේවය අවධානය යොමු නොකරන්නේ ඇයි කියාත් යම්කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමක් සිදුකෙරෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් ඔවුන්ට බලය තිබෙන ප්‍රදේශවල දියත් කර තිබෙන මනුෂ්‍ය සංහාර දෙස බලන විට අපි‍්‍රකාවේ, ඒ වගේම මැදපෙරදිග හා වෙනත් රටවල සිදුකරගෙන යන ව්‍යසන තත්වයන් දෙස බලන විට මේ මියන්මාරයේ සිදු වෙමින් තිබෙන කාරණය එතරම් ගණන් ගතයුතු කාරණයක් නොවන බවටත් ඇතැම් විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එහි මනුෂ්‍ය ඛේදවාචකයක් සිදුවෙමින් තිබෙන බව අප සියළු දෙනාම පිළිගත යුතුයි. ඒ වගේම මෙහි දේශපාලන පසුබිමක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ තමයි අවුන්සාන් සුඛිට චීනය සමග එකතුවීම නිසා චීනයේ එක මාවතක් - එක තීරයක්, එහෙම නැත්නම් වන් බෙල්ට් - වන් රූඞ් කියන එම තේමාව යටතට චිතගොන් හි හා මියන්මාරයේ විශාල වශයෙන් වාරයන් ඉදිකරන්නට, අධිවේගී මාර්ග ඉදිකරන්නට ඉඩදීමත්, තෙල් සම්පත ගවේෂණයට ඉඩ දීමත් පිළිබඳව කෝපයෙන් පසුවන බටහිර රටවල්, අවුන්සාන් සුකීට එරෙහිව යම් දේශපාලන ප්රහාරකයක් එල්ල කරමින් තිබෙනව බවයි. මෙය අපට එකවරම ප්රතික්ෂෙප කළ නොහැකියි. දැන් අද වන විට දකුණු පැසිපික් සාගරයෙත් ඒ වගේම ඉන්දියානු සාගරයෙත්, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ලෝකයත්, ජපානය ඉන්දියාව ආදී කණ්ඩායමත්, සෞදි ආරබියත් එක පැත්තකටත්, අනෙක් පැත්තට චීනය පකිස්ථානය හා රුසියාවෙත් සහය ලබා ගනිමින් ගැටුමක් ඇතිවී තිබෙන බවයි. වර්තමාන උතුරු කොරියාවේ ඇතිවෙමින් තිබෙන සිදුවීමත් එහිම කොටසක් බව පැහැදිලිය.

කෙසේ වෙතත් ඉතාම කණගාටුදායක දෙය නම් මේ රොහින්ග්‍යා අරගලය ඉස්ලාමීය මූලධර්මවාදීන් හා අනෙකුත් ලෝක ජනතාව අතර කෙරෙන අරගලයක් වීමත්, ඒ වගේම එයට දැන් ලෝක බලවතුන්ගේ සීතල යුද්ධය ඇතුල්වීමයි. මෙයින් අවසාන වශයෙන් බැට කන්නේ ඒ දුගී රොහින්ග්‍යා ජනතාවයි. ඒ නිසා ඒ රොහින්ග්‍යා ජනතාවගේ ඛේදවාචකය ජාත්‍යන්තරකරණය වීමට ඉඩ නොදී එය මැදිහත්ව විසඳීම සඳහා මැදිහත් කි්රයාදාමිකයෙකු මිස අරාබි සල්ලි වලින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට අවි ලබාදීම හෝ ප්රචාරක යුද්ධයක් මගින් අවුන්සාන් සුකී කොටු කිරීම හෝ ඒ වගේම නැවත වතාවක් මියන්මාරයේ හමුදා පාලනයක් එන තැනට වැඩකටයුතු සැකසීම හෝ සිදු නොකොට ඉතාම උපේක්ෂා සහගතව මේ ගැන බැලිය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුත්, ශ්‍රී ලංකාවේ බෞද්ධයනුත් මේ පිළිබඳව උපේක්ෂාවෙන් බැලිය යුතුයි. මානුෂීය ගැටළුව ගැන එක් ආකාරයකටත්, අන්තවාදය හා ජාත්‍යන්තර දේශපාලනය ගැන තවත් ආකාරයකටත් අවබෝධ කර ගනිමින් අප සියළු දෙනා කටයුතු කළයුතු වෙනවා’ යයි පැවසීය.

[QUOTE="saturn, post: 22253984, member: 529032"] [b]රෝහින්ග්‍යා අනාථයින් ලංකාවට බාර ගැනීමට ත[/b] [SIZE=4][COLOR=#333333][FONT=Arial]මියන්මාරයේ රෝහින්ග්‍යා අනාථයින් දසදහස් ගණනක් ශී‍්‍ර ලංකාවට බාර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවත්, ඔවුන් ලංකාවට බාර ගැනීමට කිසිඳු තීරණයක් නොමැති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#333333][FONT=Arial][IMG]http://sinhala.adaderana.lk/news_images/2085204785335168827paatali-l.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]මියන්මාරයේ රෝහින්ග්‍යා අනාථයින් දසදහස් ගණනක් ශී‍්‍ර ලංකාවට බාර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර ඇති බවට යම් යම් ප්රවෘත්ති විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා. මේ නිසා රට තුළ කිසියම් ආකාරයක ආතතියක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම ඉස්ලාමීය ඇතැම් දේශපාලනික හා ආගමික කණ්ඩායම් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ අනාගතය පිළිබඳ යම් යම් උද්ඝෝෂණ කොළඹ නගරයේ දියත් කර තිබෙන අතර බෞද්ධ පාර්ශවයෙනුත් එවැනි උද්ඝෝෂණ සිදු කිරීමට යන බව වාර්තා වෙනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ අමාත්‍ය මණ්ඩලය රෝහින්ග්‍යා අනාථයින් ශ්‍රී ලංකාවට බාර ගැනීම සඳහා කිසිඳු ආකාරයක පොරොන්දුවක් හෝ කිසිඳු උත්සාහයක් දරා නොමැති බවයි. ඒ වගේම කාලකට පෙර ඇති වූ සිදුවීමක දී අපේ නාවික හමුදාව විසින් මුහුදේ අතරමංව සිටි රෝහින්ග්‍යා අනාථයින් කිහිප ගොල්ලක් බේරාගනු ලැබුවා. පසුව ඔවුන්ව මියන්මාරයට පිටත් කර හරිනු ලැබුවා. ඒ ඇරෙන්නට පසුගිය කාලය තුළ මියන්මාර රෝහින්ගියා ආනථයින් ශ්‍රී ලංකාවට පැමිණ නැහැ. ඒ අනුව මෙයින් පෙනී යන්නේ කිසියම් පිරිසක් මේ පිළිබඳව රටතුළ නොසන්සුන්තාවයක් ඇති කර ගැනීම සඳහා සංවිධානාත්මක ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]රෝහින්ග්‍යා හි සිදුවන්නේ කුමක්ද? එය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. එම ප්‍රාන්තයේ බුරුමයට, එහෙම නැත්නම් මියන්මාරයට අයත් එම ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව සිය දහස් ගණනින් අසල්වැසි රටවල්වලට පලා යමින් තිබෙන බව වාර්තා වෙනවා. දැනටමත් බංග්ලාදේශය එවැනි අනාථයින් හාර ලක්ෂයකට ආසන්න පිරිසක් බාරගත් බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම ඉන්දියාව බලා පලාගිය හතලිස්දහසක පිරිසක් භාර ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මේ අනුව ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රධානියා චෝදනාවක් ගොනු කළා, මෙය කිසියම් ආකාරයකට මානව අපරාධයක් බව. කෙසේ වෙතත් ඉන්දියාව තම ස්ථාවරය වෙනස් නොකළේය. ඒ වගේම බංග්ලාදේශයත් දැන් කිසියම් ආකාරයක සහනශීලි ප්රතිපත්තියක හිටියත් රෝහින්ග්‍යා අනාථයින් පිළිගැනීමට එතරම් සූදානමක් නොමැති බව පැහැදිලියි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]මෑත කාලයේ මේ ගැටළුව ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ, එම රෝහින්ග්‍යා ප්‍රදේශයේ මුස්ලිම්වරු අතරේ අන්තවාදී කණ්ඩායමක් බිහිවෙලා පොලිස් ස්ථානවලට පහර දෙමින් ස්වයං පාලන ප්‍රදේශයක් ඇතිකරලීමට උත්සහ කිරීමයි. මේ සඳහා සෞදි ආරාබියේ, කටාර් රාජ්‍යයේ හා පකිස්ථානයේ සිට කි‍්‍රයාත්මක වන ඇතැම් අන්තවාදී ඉස්ලාමීය මූලධර්වාදී සුන්නි කල්ලි කණ්ඩායම් කි‍්‍රයා කරන බවට චෝදනා නැගුණා. ඉන්දියාව විවෘතවම මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබුණා. කිසියම් හෙයකින් කාශ්මීරයේ මෙන් මියන්මාරයේ මේ ප්රදේශයෙත් ත්‍රස්තවාදී ගැටළුවක් ඇති වුවහොත් එය තමන්ගේ ප්‍රාන්තවලට බලපාන බව වහාම ඉන්දියාවට වැටහී ගිය නිසයි එවැනි තත්වයක් ඇති වුනේ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම හින්දු, ඉස්ලාමීය, ඒ වගේම බෞද්ධ ඉස්ලාමීය ආතතීන් ඇතිවී බරපතල ප්‍රශ්න මතුවෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළ යුතුයි. ඇත්තටම බුරුමයේ, එහෙම නැත්නම් මියන්මාරයේ ඉතිහාසය දන්නා අයට මෙය එතරම් මවිත වීමට කාරණයක් නෙමෙයි. මියන්මාරය හෙවත් බුරුමය ඓතිහාසික රාජ්‍යයක්. කෙසේ වෙතත් එහි විශාල ගෝත්‍ර ගණනාවක්, ඒ වගේම ජනවාර්ගික කණ්ඩායම් ගණනාවක් භාෂා ගණනාවක් කතා කරන රටක්. එක්තරා ආකාරයක පෙඩරල් රටක් එම රට. එම රට මීට වසර 2000 කටත් පොරොතුව එක්සේසත් කර රජ පෙළපතක් බවට පත් කරනු ලැබුවා. ඒ අභියාසා රජ පෙළපත බෞද්ධ පදනම මතයි ඇති වුණේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ශ්‍රී ලංකාවේ අමරපුර හා රාමඤ්ඤ කියන ඒ නිකායන් දෙකම ඇතිවුණේ පිළිවෙලින් අමරපුර හා රාමඤ්ඤ රට නමින් මියන්මාරයේ සිට පැමිණි විවිධ ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් පැමිණි උපසම්පදා උත්සවයන් සමගයි. ඒ වගේම ථේරවාදී බුද්ධාගම අදහන රටක් හැටියට මියන්මාරයට විශාල ශක්තියක් ථේරවාදී බෞද්ධ ලෝකයේ පවතිනවා. ශී‍්‍ර ලංකාවත් ථේරවාදී රටක් නිසා ඒ ඓතිහාසික සම්බන්ධය අපත් මියන්මාරයත් තායිලන්තයත් අතර නිබඳවම පවතිනවා. අභියාසා රජ පෙළපතත් සමග රජවරුන් ගණනාවක් හරහා මියන්මාරය විවිධ ආකාරයේ බලපෑම්වලට නතුවෙමින් කටයුතු උනා. එක් කලෙක මොංගෝලියානු ආක්රමණවලට තවත් කළෙක චීනයේ බලපෑම්වලට ආදී වශයෙන් පැමිණි මියන්මාරයට මහත් ප්‍රහාරයක් එල්ල කළේ බි්රතාන්ය අධිරාජ්‍ය විසින්. බි්රතාන්යය දකුණු මියන්මාරයේ එහෙම නැත්නම් බුරුමයේ කොටස් අත්පත් කර ගනු ලැබුවා. ඒ වගේම මියන්මාරය සමග යුද්ධ ගනණාවක් 19 වන සියවසේ ඇතිවුණා. අවසාන වශයෙන් 1885 දී මුළු මියන්මාරයම අත්පත් කර ගැනීමට බි්රතාන්ය අධිරාජ්‍යය සමත් උනා. එහිදි මියන්මාරයේ සිටි රජතුමා වන තීබෝ අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරනු ලැබුවා. එම රජතුමාගේ මුණුපුරන් සහ මී මුණුපුරන් මේ මෑත කාලයේදී මියන්මාරයට පැමිණි බවත් වාර්තා වෙනවා.කෙසේ වෙතත් එතනින් රාජවංශය අවසන් වෙනවා. රාජවංශය අවසන් වෙලා බි්රතාන්ය ඉන්දීය සමාගමට මියන්මාරයත් අයිති උනා. ඉන්දියාවේ සිට තමයි, බි්රටිප් රාජ් කියන සමාගම විසින් එම කලාපමය පාලනය කරනු ලැබුවේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]කෙසේ වෙතත් බි්රතාන්යයට අභියෝගයක් එල්ල කරමින් ජපානය මේ කලාපයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම චීනය සමග 1890 ගණන්වල කළ යුද්ධය ජය ගැනීමත්, 1904 දී රුසියාව සමග කළ යුද්ධය ජය ගැනීමත්, ඉන්පසුව මැන්චූරියාව සහ කොරියානු ප්‍රදේශවලට ඇතුළු වීමත් නිසා ජපානය අධිරාජ්යක් ලෙස පෙරට එමින් තිබුණා. මේ අවස්ථාවේදී විශාල ප්‍රශ්නයක් මියන්මාර අභ්‍යන්තරයේ දැවෙමින් තිබුණා. ඒ තමයි මියන්මාරයේ ස්වදේශිකයන්ගේ ජනගහණයට අභියෝගයක් එල්ල කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර හා වෘත්තීවේදීත්වයට අභියෝගයක් එල්ල කරමින් බි්රතාන්යයන් විසින් ඉන්දියාවේ විශාල වශයෙන් ඉන්දීය ජාතිකයින් ගෙන ඒම. එය වර්තමාන බංග්ලාදේශ ප්‍රදේශයෙනුත් ගෙන ආවා. ඒ නිසා රොහින්ග්‍යා ප්රශ්නයේ මුල තිබෙන්නේ එක්තරා අතකට මේ බි්රතාන්ය පාලන සමය යටතේ ලක්ෂ සංඛ්‍යාත ලෙස බුරුමයට ගෙන ආ ඒ මහා ඉන්දීය ජනගඟ නිසයි. එක පැත්තකින් බුරුමයේ අගනගරවල ව්‍යාපාරික තැන්, රැන්ගූන්, මණ්ඩලේ ආදී අගනගරවල ව්‍යාපාරික ස්ථාන ඉන්දීය ජාතීන් අත්පත් කර ගත්තා. ඒ වගේම ප්‍රධාන වරායන් හා සිවිල් සේවාව බොහෝ දුරට ඉන්දීය ජාතීන්ගෙන් පිරී තිබුණා. මියන්මාර ස්වදේශිකයන්ට එම රාජ්‍යයේ තැනක් තිබුණේ නැහැ. ඒ වගේම කම්කරුවන් ලෙසත් අති විශාල පිරිසක් ගෙනැවිත් තිබුණා. මේ නිසා එම බි්රතාන්ය විරෝධි ජාතික අරගලයේ එක අංගයක් උනේ ඉන්දියානු විරෝධයයි. ඒ වගේම ඉන්දියානුවන්, බංග්ලාදේශයත් එයට අයත්, රටින් පිටුවහල් විය යුතුයැයි කියන හැඟීම ඒ ඇතුලේ ගැබ්වී තිබුණා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]අවුන්සාන් නම් තරුණ නීතිවේදී ශිෂ්‍යයෙක් මේ විමුක්ති අරගලයට නායකත්වය දුන්නා. ඔහු පසුව ජපානය සමග එක්වී කිසියම් සන්නද්ධ ක්‍රියාදාමයක් අනුගමනය කළා. මේ සන්නද්ධ කි‍්‍රයාමාර්ගයේ ප්‍රථිපලය උනේ මියන්මාරය ජපානයට නතු වීමයි. බි්රතාන්යයන් පරාජය කරමින් මියන්මාරය ජපානය විසින් අල්ලාගෙන ගොඩබිමින් යුරෝපය දක්වා ගිය සේද මාවත අල්ලාගන්න ජපානය සමත් උනා. ඇත්තටම මේ කාලය ඓතිහාසික වශයෙන් තවත් සිදුවීමක් සිදුවුනා. ඒ තමයි ඉන්දීය ජාතික කොංග්‍රසයේ ගාන්ධි අනුගමනය කළ බි්රතාන්යයට පක්ෂපාතී කි‍්‍රයාදාමය හෙළා දකිමින් එහි ප්‍රධාන චරිතයක් වන සුභාෂ් චන්ද්‍රබෝස් ජපානය සමග එක්වීම. අන්දමන් හා මියන්මාරයේ සිට ඔහු බි්රතාන්යයට එරෙහිව සන්නද්ධ සටනක් දියත් කිරීමට නිදහස් ඉන්දීය හමුදාව බිහිකිරීමත් සිදු උනා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]කෙසේ වෙතත් ඉන්දීය විරෝධී මහා ජාතිවාදී අරගල මැද මියන්මාරයට නිදහස ලැබුණා. අවුන්සාන් එහි ප්‍රධාන අගමැතිවරයා හැටියට පත් වුණා. නමුත් ඔහුට වැඩිකල් ආණ්ඩු කිරීමට හැකිවුනේ නැහැ. ඔහුත් ඔහුගේ කැබිනට් මණ්ඩලයත් ඝාතනය කරනු ලැබුවා. ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ඌණූට වැඩිකල් රට කරන්නට ලැබුණේ නැහැ. එහි තිබූ ජනවාර්ගික ගැටුම් නොයෙකුත් ආකාරයේ ගැටළු නිසා මියන්මාරයේ බලය නේවීන් නැමැති යුධ සෙනෙවියා අතට ගියා. ඒ කාලයේ ඇතිවෙමින් තිබූ කොමියුනිස්ට් සමාජවාදී රැල්ල සමග යමින් ඔවුන්ගේ ප්‍රදේශයේ තිබූ කාම්බෝජියාව, ලා ඕසය, වියට්නාමය ආදී රටවල් විශේෂයෙන්ම රතු චීනය එය ආදර්ශයට ගනිමින් සමාජවාදය බිහි කිරීම සඳහා කියමින් නේවින් හමුදා බලයක් පිහිටෙව්වා. ඒ වගේම 1962 චීනය හා ඉන්දියාව යුධ වැදුණු අවස්ථාවේදී නේවින් එය ප්‍රයෝජනයට අරගෙන හමුදා පාලනයක් පිහිටෙව්වා පමණක් නෙමෙයි, සියළුම ඉන්දීයානුවන් එම මියන්මාරයෙන් පිටුවහල් කළා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියන්මාරයෙන් පිටුවහල් කළා. ඉන්දියාවට මේ අවස්ථාවේදී මියන්මාරයට එරෙහිව යුධ වැදීමට හෝ එය වැලැක්වීමට හැකියාවක් තිබුණේ නැහැ. මොකද චීනයත් සමග ඔවුන් පැටලී සිටි නිසත් පකිස්ථානයේ සමග ගටුම් ඇතිකරගෙන සිටි නිසත්. කෙසේ වෙතත් අති විශාල ජනගහණයක් මේ ලෙසම ඉන්දියාව කරා පළවා හරින්න මියන්මාරය ඒ අවස්ථාවේ කටයුතු කළා. ඇත්ත වශයෙන්ම ඔවුන් ඉන්දීය ජාතිකයින්. බි්රතාන්යයන්ගේ සමයේ ගෙන ආ පිරිසක්.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ඒ වගේම මේ කාලයේ සිටම මේ අරකන් නමැති මේ ගෝත්‍රය ජීවත්වන ප්‍රදේශයේ, බංගලිදේශය නමින් පසුව ඇති වූ නැගෙනහිර පකිස්ථානයේ ජනතාව පැමිණීම ගැන විශාල විරෝධයක් පැතිරී තිබුණා. ඔවුන් පිටුවහල් කළයුතු බවට විශාල උද්ඝෝෂණයක් රටතුළ ඇති වුණා. කෙසේ වෙතත් 1982 දී හඳුන්වාදෙන ලද නව නීතිරීති අනුව මේ රෝහින්ග්‍යා හි ජීවත්වන පිරිසට මියන්මාරයේ පුරවැසි කමක් නැහැ. මියන්මාරයේ පුරවැසිකමක් ලබාගැනීමට අවශ්‍ය කරන කොන්දේසි ඔවුන් සපුරා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් රටක් නැති පිරිසක් හැටියටයි සටහන් උනේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]කෙසේ වෙතත් පසුගිය කාලයේ ප්රජාතන්ත්රවාදී විප්ලවය ජයගැනීමත්, අවුන්සාන්ගේ දියණිය, අවුන්සාන් සුකී බටහිර රටවල ආධාරයෙන් මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය ඉෂ්ඨ කිරීමත් නිසා කිසියම් දුරකට මියන්මාරයට බටහිර අවධානය යොමු උනා. කොටින්ම බැක් ඔබාමා පවා මියන්මාරයේ සංචාරයකට නියැලූණා පමණක් නොව, මියන්මාරය ද විවෘත ආර්ථිකය කරා ගමන් කළා. ඒ පැවතිච්ච ස්වදේශීය සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකය තෝරා ගැනීමත් සමගම මියන්මාරයේ විශාල ආයෝජන පිබිදීමක් ඇති උනා. ඒ වගේම මියන්මාරය අවට ප්‍රදේශය තෙල් ගවේෂණය ආදිය සිදුකිරීම නිසා තවත් ආකාරයකින් ආර්ථික සමෘද්ධියක් ඇතිවෙන්නට පටන් ගත්තා. ඒ වගේම සුපුරුදු පරිදි අසල්වැසි යෝධ චීනයේ බලපෑමත් මියන්මාරයට එල්ල උනා. චීනය විසින් මියන්මාරය ආර්ථික අතින් ආක්‍රමණය කරනවාය කියන චෝදනාවත් සමග මියන්මාරය එක් අවස්ථාවක චීනය විසින් දියත් කළ ප්‍රධාන ජල විදුලි බලාගාරයක් පවා ප්රතික්ෂෙප කිරීමට කටයුතු කළා. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]කෙසේ වෙතත් අවුන්සාන් සුකී ක්‍රමයෙන් චීනයේ ආයෝජන කරා ගමන් කරමින් සිටින බව පැහැදිලියි. ඒ නිසා කිසියම් ආකාරයකට අවුන්සාන් සුකීව බලයට ගෙන ඒම සඳහා කි‍්‍රයා කළ බටහිර රටවල් සහ ඉන්දියානුවන්ගේ මැදිහත්වීම් වලින් සිදුකළ මෙහෙයුම අසාර්ථක වෙමින් අවුන්සාන් සුකී චීනය පැත්ත ගැනීම ගැන කිසියම් ආකාරයක වෛරයක් කිසියම් ආකාරයක දේශපාලන පළිගැනීමක් සිදුවෙමින් තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම මියන්මාරය කාලයක් මුළුල්ලේ පාලනය කළ යුධ හමුදාව තවමත් එහි පාර්ලිමේන්තුවේ විශාල බලයක් උසුලනවා. එය නැවත වතාවක් සිවිල් පාලනයකට ලබාදීමට ඇති අකමැත්තත් අපට පෙනී යනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]මියන්මාරයේ බෞද්ධයින් පවසන්නේ මේ රෝහින්ග්‍යා මුස්ලිම්වරු වර්තමාන බංග්ලාදේශයෙන් පැමිණි විදේශිකයන් පිරිසක් බවයි. ඔවුන් ඉතා සීඝ්රයෙන් සිය ජනගහණය වර්ධනය කරමින් මියන්මාරයේ ජනවාර්ගික සංතුළනය බිඳ දමන බවත්, සීග්‍රයෙන් සෞදි අරාබියේ මුදල්වලින් පල්ලි පිහිටුවමින් ආක්රමණික වේශයෙන් හැසිරෙන බවටත් ඔවුන් චෝදනා කරනවා. එය වඩාත් දියුණු තියුණු උනේ වහබ්වාදය අදහස සුන්නි ත්‍රස්තවාදී කි‍්‍රයාවලියක් රෝහින්ග්‍යා හි ආරම්භ වීමත් සමගයි. මාස කිහිපයක පෙර පොලිස් ස්ථාන 9 කට පහර දුන්නා. ඒ වගේම සති කිහිපයකට පෙර පොලිස් ස්ථාන 43 කට පහර දුන්නා. ඊට පස්සේ සිදු උනා යුධ නීතිය පනවලා හමුදාව ඒ ප්‍රදේශවලට යවන්න.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ඒ වගේම මුස්ලිම් රටවල්වලින් කිසියම් ආකාරයක ප්රචාරක යුද්ධයක් ගෙනයන බවට අපට පෙනී යනවා. විශේෂයෙන්ම කටාරයේ සිට කි‍්‍රයාත්මක වන අල් ජසීරා නාලිකාව, සීඑන් එන්, බීබීසි වැනි නාලිකා විශාල ප්‍රමුඛතාවයක් මෙයට ලබාදෙනවා. ඔවුන් පවසන්නේ ඉතාම දුගී රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඉතාම භයානක ලෙස මියන්මාර ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරමින්, සිය ප්‍රදේශවලින් පලවා හරිමින්, ගම්බිම් ගිනිබත් කරමින් තිබෙන බවයි. මේ ජනතාව ඉතාම දුගී ජනතාවක් බව ඇත්ත. ඒ වගේම මේ ජනතාවට මියන්මාර හමුදාවේ ප්‍රහාරවලට මුහුණ දීමේ හැකියාවක් නැති බවත් ඇත්ත. ඔවුන් ඉතා විශාල වශයෙන් අනාථ වෙමින් හාරලක්ෂයකට අධික පිරිසක් ඒ ප්‍රදේශවලින් පලාගිහින් තිබෙන බවත් ඇත්ත. නමුත් තවත් සමහර විදේශීය විචාරකයින් පවසන්නේ මේ පිළිබඳව පවතින මේ මහා උද්ඝෝෂණය ඊජිප්තුවේ කොප්ටික් කි‍්‍රස්තියානින් වනසා දැමීමට ඉස්ලාමීය මූලධර්මවාදීන් කටයුතු කළ අවස්ථාවේදී, පල්ලිවල බෝම්බ පුපුරවපු අවස්ථාවේදී, ඒ ජනතාව සමූල ඝාතනය කළ අවස්ථාවේ ඇයි මේ හඬ නැගුනේ නැත්තේ කියා. සිරියාවේ, ලෙබනනයේ, ඉරාකයේ, ඒ වගේම වර්තමානයේ පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ ජීවත් වූ සුළුතර කි‍්‍රස්තියානීන් බෞද්ධයින් ආදිය මරා දමා පළවා හරින විට ඇයි මේ උද්ඝෝෂණය පැන නොනැගුනේ කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]විශේෂයෙන්ම බංගලිදේශයේ බෞද්ධ ප්‍රාන්තය වන චිතගුන්හි බෞද්ධයින්ට සිදු කරන අසාධාරණයන් පිළිබඳව ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදන නිකුත් නොකරන්නේ. ඇයි බීබීසීය, සීඑන්එන් සේවය, අල්ජසීරා සේවය අවධානය යොමු නොකරන්නේ ඇයි කියාත් යම්කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමක් සිදුකෙරෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් ඔවුන්ට බලය තිබෙන ප්‍රදේශවල දියත් කර තිබෙන මනුෂ්‍ය සංහාර දෙස බලන විට අපි‍්‍රකාවේ, ඒ වගේම මැදපෙරදිග හා වෙනත් රටවල සිදුකරගෙන යන ව්‍යසන තත්වයන් දෙස බලන විට මේ මියන්මාරයේ සිදු වෙමින් තිබෙන කාරණය එතරම් ගණන් ගතයුතු කාරණයක් නොවන බවටත් ඇතැම් විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එහි මනුෂ්‍ය ඛේදවාචකයක් සිදුවෙමින් තිබෙන බව අප සියළු දෙනාම පිළිගත යුතුයි. ඒ වගේම මෙහි දේශපාලන පසුබිමක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ තමයි අවුන්සාන් සුඛිට චීනය සමග එකතුවීම නිසා චීනයේ එක මාවතක් - එක තීරයක්, එහෙම නැත්නම් වන් බෙල්ට් - වන් රූඞ් කියන එම තේමාව යටතට චිතගොන් හි හා මියන්මාරයේ විශාල වශයෙන් වාරයන් ඉදිකරන්නට, අධිවේගී මාර්ග ඉදිකරන්නට ඉඩදීමත්, තෙල් සම්පත ගවේෂණයට ඉඩ දීමත් පිළිබඳව කෝපයෙන් පසුවන බටහිර රටවල්, අවුන්සාන් සුකීට එරෙහිව යම් දේශපාලන ප්රහාරකයක් එල්ල කරමින් තිබෙනව බවයි. මෙය අපට එකවරම ප්රතික්ෂෙප කළ නොහැකියි. දැන් අද වන විට දකුණු පැසිපික් සාගරයෙත් ඒ වගේම ඉන්දියානු සාගරයෙත්, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ලෝකයත්, ජපානය ඉන්දියාව ආදී කණ්ඩායමත්, සෞදි ආරබියත් එක පැත්තකටත්, අනෙක් පැත්තට චීනය පකිස්ථානය හා රුසියාවෙත් සහය ලබා ගනිමින් ගැටුමක් ඇතිවී තිබෙන බවයි. වර්තමාන උතුරු කොරියාවේ ඇතිවෙමින් තිබෙන සිදුවීමත් එහිම කොටසක් බව පැහැදිලිය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]කෙසේ වෙතත් ඉතාම කණගාටුදායක දෙය නම් මේ රොහින්ග්‍යා අරගලය ඉස්ලාමීය මූලධර්මවාදීන් හා අනෙකුත් ලෝක ජනතාව අතර කෙරෙන අරගලයක් වීමත්, ඒ වගේම එයට දැන් ලෝක බලවතුන්ගේ සීතල යුද්ධය ඇතුල්වීමයි. මෙයින් අවසාන වශයෙන් බැට කන්නේ ඒ දුගී රොහින්ග්‍යා ජනතාවයි. ඒ නිසා ඒ රොහින්ග්‍යා ජනතාවගේ ඛේදවාචකය ජාත්‍යන්තරකරණය වීමට ඉඩ නොදී එය මැදිහත්ව විසඳීම සඳහා මැදිහත් කි්රයාදාමිකයෙකු මිස අරාබි සල්ලි වලින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට අවි ලබාදීම හෝ ප්රචාරක යුද්ධයක් මගින් අවුන්සාන් සුකී කොටු කිරීම හෝ ඒ වගේම නැවත වතාවක් මියන්මාරයේ හමුදා පාලනයක් එන තැනට වැඩකටයුතු සැකසීම හෝ සිදු නොකොට ඉතාම උපේක්ෂා සහගතව මේ ගැන බැලිය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුත්, ශ්‍රී ලංකාවේ බෞද්ධයනුත් මේ පිළිබඳව උපේක්ෂාවෙන් බැලිය යුතුයි. මානුෂීය ගැටළුව ගැන එක් ආකාරයකටත්, අන්තවාදය හා ජාත්‍යන්තර දේශපාලනය ගැන තවත් ආකාරයකටත් අවබෝධ කර ගනිමින් අප සියළු දෙනා කටයුතු කළයුතු වෙනවා’ යයි පැවසීය.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom