ලංකාගම පාර ගැන ඇත්තම කතාව මෙන්න..!

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ජනපතිතුමනි, ලංකාගම ගොස් ඔබ ලියූ ෆේස්බුක් කතාව පිළිගත නොහැක..! ලංකාගම පාර ගැන ඇත්තම කතාව මෙන්න..!
    -පරිසරවේදී ජයන්ත විජේසිංහගෙන් ජනාධිපතිට පිළිතුරක්-

    (ලංකා ඊ නිව්ස් -2020.අගෝ.29, ප.ව.8.30) ගරු ජනාධිපති තුමනි, සිංහරාජයට හානි කෙරෙන මාර්ග හැදීම නිරීක්ෂණය කර ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවේ ලංකාගම මාර්ග ගැටළුව සම්බන්ධ ලියූ පෝස්ට්ටුව කියෙව්වෙමි. ඔබ විසින් එහි දෙවන ඡේදයේ කියා ඇති, 'ගම්මුන් එහි පරිසර පද්ධතිය දිගු කලක සිට රැකගනිමින් සිට ඇති බව' යන්න පිළිගැනීමට මඳක් අපහසුය. බහුතරය වන අපරාධ වලට සහ වනජීවී අපරාධ වලට හවුල් නොවෙතත් ලංකාගම පිටදෙනිය අතර කලාපයෙන් එළියට යන දඩමස්, වල්ලපට්ට, වෙනිවැල් ඇතුළු ජාවාරම් ප්‍රමාණය සුළුපටු නොවේ. එසේම එම ප්‍රදේශයේ මදුවලට හසුවී මෑතකදී මියගිය දිවියන් දෙදෙනා මීට උදාහරණ සපයයි.
    ලංකාගම මෙන්ම ලංකාවේ සියලු ගම්මාන සහ වන භූමි අතීතයේ මිනිසුන් ජීවත් වූ ස්ථාන වේ. කුවේණිය විල්පත්තුවේ තමන්ගේ ජනපදයක සිටි බව අප සියල්ලන් දන්නා කාරණයකි.
    ගැමියන් දෙනියායට සහ නෙළුවට තේ රැගෙන ඇතැයි ඔබ සඳහන් කර ඇත. එය සිදුවන්නේ බොලෙරෝ ජීප් සහ තේ දළු ගෙනියන ලොරි රථ වලිනි. ඒ අනුව තිබෙන මාර්ගය ඕනෑම වාහනයකට යා හැකිව තිබූ මාර්ගයක් බවට සපථ වේ.

    කන්න සිතුණු විට කබරගොයා තලගොයා කර ගැනීමක්..
    --------------------------
    මා උපන් ගම ද ඇතුළුව ලංකාවේ ගම්මාන 90% වඩා ආසන්න රෝහලට ඇති දුර ලංකාගම සිට නෙළුව ට ඇති දුර ට වඩා වැඩිය. එසේ හෙයින් රෝහල දුර යැයි ඔබ කීම අතාර්තික කතාවකි. එමෙන්ම එය එකම ගැටලුව නම් ලංකා ගමට සහ පිටදෙනිය ට ග්‍රාමීය රෝහලක් ලබාදීම වඩා සුදුසුම විසඳුමයි. අප රටේ ග්‍රාමීය ජනතාව පොදුවේ අත්විඳින සෞඛ පහසුකම් අනුව ඔබගේ කතාව "කන්න සිතුණු විට කබරගොයා තලගොයා කර ගැනීමකැ‍යි" යමකුට කීමට ඇති හැකියාව ද අප මෙහිදී බැහැර නොකළ යුතුය.
    ලංකාගම සිට නෙළුව ට ඇති දුර කිලෝමීටර නමයකට ආසන්න වන අතර, නෙලුවේ සිට දෙනියායට විශාල කාපට් මාර්ගයක් තිබේ. එහි දුර කිලෝ මීටර් 42 කි. එනම් කිලෝ මීටර පනස් දෙකකට අඩු සම්පූර්ණ දුරකි. එය යාමට ගත වන්නේ උපරිම වශයෙන් පැය එකහමාරක් පමණ කාලයකි. සාමාන්‍ය වේගයෙන් එම දුර ගොස් පැයකට මඳක් වැඩි කාලයකදී යා හැකි බව මම ප්‍රායෝගිකව අත් විඳ ඇත්තෙමි. බසයක ගියොත් එය පැය දෙකහමාරක් උපරිම ගත වන දුරකි.
    ඒ අනුව සැබෑ ලෙසම අඩු වන්නේ ඉතා සුළු ප්‍රවාහන කාලයකි. එසේම අනෙක් පසින් නෙළුවේ සියලු පහසුකම් ඇති බැවින් නෙළුව නගරයට අදාල මාර්ග පහසුකම ලැබෙන්නේ නම් දෙනියායට යාමේ හේතුවක් මට නම් නොපෙනේ.
    ගිංගඟ හරහා දැනටමත් පාලමක් ඉදිකර ඇත. එබැවින්, ඔබ කියන පරිදි එහි අළුතින් පාලමක් ඉදි කිරීම අවශ්‍ය ද යන්නත් සොයා බැලීම වටී.
    ලංකාගම ග්‍රාමයේ පවුල් හත්සීයක් වෙසෙතැයි ප්‍රකාශකර ඇතත් වීරකුමාර මන්ත්‍රිතුමා විසින්ම ප්‍රකාශ කළේ මුළු ග්‍රාමයට ම ඇත්තේ නිවාස 188 ක් පමණක් බව යි.

    සාහසික උල්ලංඝනය දුටුවාද?
    --------------------------
    ලංකාගම ගමේ සිට වටේටම ඇති කඳු දෙස බැලීමේදී ම කඳු වල සිංහරාජයේ වනාන්තරයට තුළට තේ වගාව ව්‍යාප්ත කර ඇති ආකාරය ඔබ දකින්නට ඇති. ඒ අනුව පැල තුන බැගින් 700 දෙනෙකුට ලබා දුන්නත් එම පැළ 2100 මෙන් දහස් ගුණයක හානියක් මේ වන විටත් සිංහරාජයට මෙම අනවසර තේ වගාවන් සහ ඉඩම් අල්ලා ගැනීම තුළින් සිදු වී ඇත. ගිං ගඟේ මායිමට ම තේ වගා කර ඇති ආකාරය ද එමගින් රජයේ ඉඩම් ආඥා පනත සාහසික අයුරින් උල්ලංඝනය කර ඇති ආකාරය ද ඔබ දක්නට ඇතැයි මම විශ්වාස කරමි.
    ඔබගේ පොස්ට්ටුවේ සඳහන් පරිදි ගම්මුන් ගේ මූලික අවශ්‍යතා වලට එරෙහිව කිසිදු පරිසර සංවිධානයක් විරෝධය නොදැක්වූ බව මා හට සහතිකව කිව හැකිය. එය මෙහි යථා තත්වය යට ගැසීම පිණිස දියත් කළ සංවිධාත්මක කුමන්ත්‍රණයක් වීමට ද පුළුවන. අප ඉල්ලා සිටියේ තිබෙන මාර්ගය කොන්ක්‍රීට් කර අදාළ පරිසර නියාමන කොන්දේසි යටතේ සිදුකරනු මිස ජනතාවට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස නොවේ. නමුත් ලංකාගම සහ පිටදෙනිය අතර පවතින ඉතා කුඩා ජනාවාස කොටස නිසා සිංහරාජයට වන දීර්ඝකාලීන බලපෑම සලකා එම පිරිස් පහසුකම් ඇති ස්ථානයක පදිංචි කිරීමට හැකි නම් එය සිංහරාජයේ අනාගත පැවැත්මට මහත් පිටිවහලක් වනු නොඅනුමානය.
    බොහෝ අවස්ථාවල ඔබ ඉදිරියට පැමිණ කතා කළ අයවලුන් ගමේ සැබෑ තත්වය හා අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින්නන්ට වඩා දේශපාලනිකව උත්ප්‍රේරණය කරන ලද අය බව නිරීක්ෂණය වී තිබේ. මෙහිදී පාසල් ළමුන්, ජනතාව සංවිධානය කළ අය විසින් ඔබට බොහෝ තොරතුරු අසත්‍ය හෝ අසම්පුර්ණ ලෙස ලබා දී ඇති බවක් පෙනේ.
    මෙම ව්‍යාපෘතිය සම්බන්ධව කරුණු පෙන්වාදීමට අපටත් අවස්ථාවක් ලබාදෙන්නේ නම් ඔබ වෙත ලැබී ඇති තොරතුරුවලට එහා ගිය, සිංහරාජයට මෙය දීර්ගකාලීනව මොනතරම් හානිදායක් විය හැකිද යන්න පෙන්වා දීමට අපි කැමැත්තෙමු..!
    එසේම, ලංකාවේ ජාතික අවශ්‍යතා මත ගම් සහ නගර පිටින් ඉවත් කොට නැවත පදිංචි කිරීම් සිදුකර ඇති බවට උදාහරණ සිය ගණනක් ඇත. මෙම සුවිශිෂ්ඨ ලෝක පාරිසරික උරුමයේ මතු යහපැවැත්ම තකා එවැනි දූරදර්ශී පියවර කෙරෙහි ද ඔබගේ අවධානය යොමු විය යුතුය.
    කිලෝ මීටර 42 ක දුරක් ඇති නෙළුවත් දෙනියාත් අතර ඇති කාපට් මාර්ගය වෙනුවට, කිලෝමීටර තිහකට ආසන්න නෙළුව ලංකාගම පිටදෙනිය දෙනියාය යන මාර්ගය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් සිංහරාජ ලෝක උරුමයට සහ ගිං ගඟ කොමළිය ට ඇතිවිය හැකි අතිශය හානිකර බලපෑම අපට දක්නට ලැබෙනුයේ තවත් දශකයකට දෙකකට පසුව බව ද මෙසේ ලියා තබමි.

    පරිසරවේදී ජයන්ත විජේසිංහ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මම දැක්ක මෙහෙ හොටෙලුත් නැහැ කියල දාල තියෙනවා .
    ඇතුලට ඇතුල් වෙද්දීම හොටෙල් 8ක් විතර තියෙනවා .
    මේව කියන මිනිස්සු මොන පදනමක් මත මේවා කියනවද මන්ද .
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාව හදන්න බැහැ කියලා තේරුම් අරන් වෙන දෙයක් බලන්,ඔන්න ඔහේ ඉදපල්ලා.. :lol: 😅 රටක හරි හමන් විපක්ෂයක් නැති උනාම මෙහෙම වෙනවා..එක පැත්තක ඉන්නවා අට පාස් පකනිල් ගොබ්බයෙක්....උගේ වැඩේම මිනිස්සු දුක market කරන එක,මොන හිගන්නෙක්ද මන්දා,කිසිම vision එකක් නැහැ..තව ඉන්නවා හොර පුසා වගේ ඩිල් කුමාරයෙක්...

    මිනිසුන්ට දෙන්න කෙනෙක නැති නිසා අයිමත් පරණ රාජපක්ෂලාටම දෙනවා,අපි අසරණයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    අසරණ මනුස්සයෙක් පාරක් ඉල්ලද්දී ඒවා දිහා කුහක විදියට බලන්න එපා බන්.. උනුත් මිනිස්සු.
    බලපං උන්ගේ මුණු. උන්ට ඔය පාර රටක් රාජ්‍යක් ලැබුනා වගේ. කුහක කම නැති කරගනින්.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    IMG_20200829_230404.jpg