Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට එල්ල වූ චීන ආක්රමනය - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රයිගම ඉඳලා ගාල්ලේ ඉඳල මීගමුව දක්වා සියළුම වෙළඳ තොටුපල වලින් කෙරුණු වෙළඳාම පාලනය කරන්න අලගක්කෝණාර වරුන්ට පුළුවන් වුනා. ඒ මගින් ඔවුන් විශාල ධනයක් සහ බලයක් ලබා ගත්තා.

ගම්පොළ රාජධාණිය

සවුළු විජයබාහු රජතුමා ගේ අවසාන කාලයේදී ඔහුගේ අමාත්‍යය වරු ඔහුට විරුද්ධව කුමන්ත්රනයක් කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔහු අන්ධ වෙනවා.

1345 දි සවුළු විජයබාහු රජතුමා මිය යනවා. එතැනදි ඔහුගේ පුතුන් දෙදෙනා අතර රාජ්‍යත්වයට ආරවුලක් ඇති වෙනවා. එක් පුතෙක් හතරවන භුවනෙකබාහු නමින් ගම්පොළ ඉඳගෙනත්, අනෙක් පුතා පස්වන පරාක්‍රමබාහු නමින් දැදිගම ඉඳගෙනත් රාජ්‍යත්වයට උරුමකම් කියනවා.

නමුත් රාජ්‍යත්වයේ සලකුණ විදිහට සැලකුන දළදා වහන්සේ වැඩ සිටියේ ගම්පොළ නිසා නීත්‍යානුකූල රජු විදිහට සැලකුනේ හතරවන භුවනෙකබාහු. මේ කාලයේ දී දළදා වහන්සේ වැඩ සිටියේ වර්තමාන ගම්පොළ නගරයට නුදුරෙන් පිහිටි නියම්ගම්පාය විහාරයේ. ගම්පොළ රාජමාළිගය පිහිටල තිබ්බෙ වර්තමාන ගම්පොළ නගරයේ බස්නැවතුම් පොළ පිහිටා ඇති ස්ථානයේ.

නියම්ගම්පාය විහාරය

1353 දි හතරවන භුවනෙකබාහු රජතුමා මියගිය පසු පස්වන පරාක්‍රමබාහු දැදිගම ඉඳල ගම්පොළට ඇවිල්ල දළදා වහන්සේ සහ රාජ්‍යත්වය භාරගන්නවා.

නමුත් හතරවන භුවනෙකබාහු රජු ගේ පුතා වන වික්‍රමබාහු කුමාරයා පස්වන පරාක්‍රමබාහු රජතුමා ගෙන් රජකම පැහැරගන්න උත්සහ කරනවා. මේ සඳහා ඔහු ආර්ය චක්‍රවර්තීන් ගෙන් සහය ලබාගත්ත බව කියැවෙනවා. 1357-1359 කාලය තුල මේ දෙන්නගෙ බල ආරවුල තියෙනවා. 1359 දි වික්‍රමබාහු කුමාරයා බලය තහවුරු කරගන්න සමත් වෙනවා. ඔහු තුන්වන වික්‍රමබාහු නමින් ගම්පොළ රජවෙනවා.

ඔහුට ලබා දුන් උදව් වල හිලව්වට ආර්ය චක්‍රවර්තීන්ට හාරිස්පත්තුව ආදී ප්‍රදේශ වලින් බදු එකතු කරගැනීමට ඉඩ ලබා දෙනවා. හාරිස්පත්තුව දක්වා බදු එකතු කරන්න පුළුවන් කම තිබ්බ කියන්නෙ ආර්ය චක්‍රවර්තීන් මේ වෙද්දි ඉතා බලවත් තත්වයක හිටිය කියන එක.

ගම්පොළ රාජසභාවෙ මොන තත්වය තිබ්බත් මේ වෙද්දි දකුණේ සැබෑ බලවතුන් වුනේ අලකක්කෝණාර වරු. කඳුකරයෙන් පහල කිසිම බලයක් රජතුමාට තිබ්බෙ නෑ. ඒ සියල්ල පාලනය කලේ රයිගම හිටපු අලගක්කෝණාර වරු (මේ තත්වය ජපානයේ අධිරාජ්‍යයා නාමික තත්වයේ තියලා සැබෑ බලය ෂෝගුන් විසින් හෙබවීමට සමාන කරන්න පුළුවන්).

මේ කාලයේදී නිශ්ශංක අලකක්කෝණාර වික්‍රමබාහු රජු ගේ සොහොයුරිය විවාහ කර ගන්නවා. වික්‍රමබාහු රජුට පුතුන් නොමැති නිසා එම විවාහයෙන් ලැබෙන පුතා තමයි ඔහුගේ ඇවෑමෙන් 1370 දි ගම්පොළ රජ වෙන්නෙ. ඒ පස්වන භුවනෙකබාහු නමින්.

මේ කාලය වෙද්දි පස්වන පරාක්‍රමබාහු රජු ගේ පුතා ගම්පොල රාජ සභාවේ ඇමති වරයෙක් වශයෙන් කටයුතු කරල තියෙනවා. ඔහු හැඳින්වුනේ "ජයමහලේන" සිටුවරයා ලෙස. මේ ජයමහලේන සිටුවරයා නියම්ගම්පාය විහාරය ප්‍රතිසංස්කරණය කරවන්න සහ වල්ලහගොඩ විහාරය සහ දේවාලය ඉඳි කරන්න කටයුතු කරල තියෙනවා (1917 සිංහල-මුස්ලිම් කෝලහලයට හේතු වෙන්නෙ මේ වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම් පල්ලියකින් බාධා කිරීම). අද නියම්ගම්පාය විහාරය සහ වල්ලහගොඩ ප්‍රදේශය හැඳින්වෙන්න ජයමහලේන සිටුවරයා ගෙ නමින් "ජයමාලපුර" කියල.

ඔහුගේ බිරිඳ වෙන්නෙ සුනේත්‍රා. මේ දෙන්නට පුතෙක් ඉන්නවා. ඒ පුතා හැඳින්වෙන්නෙ ජයමහලේන කුමාරයා කියල.

රයිගමයයි - ගම්පොළයයි

පස්වන භුවනෙකබාහු රජතුමා රාජවාංශිකයෙක් නොවුන අලකක්කෝණාර වරයෙක් ගෙ පුතෙක් නිසා ඔහුට ලොකු සහයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසාම ඔහුගේ පාලන කාලය තුල ගම්පොළ රාජ්‍ය බලය ඉතා දුර්වල තත්වයට පත්වෙනවා.

මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්රමනය කරනවා. මේ ආක්රමනය මුහුදු ආක්රමනයක් සහ ගොඩබිම් ආක්රමනයක් විදිහට දෙපැත්තකින් සිද්ධ වෙන්නෙ.

ගොඩබිම් ආක්රමනය එල්ල වෙන්නෙ අනුරාධපුරය හරහා. ආර්ය චක්‍රවර්තී සේනාව මාතලේ දක්වා ඇවිල්ල මාතලේ කඳවුරු ලා ගන්නවා. එතකොට පස්වන භුවනෙකබාහු රජතුමා කරන්නෙ රයිගමට පලා යාම.

මේ සිද්ධියෙන් රජුගේ හමුදාව දැඩි ලෙස කලකිරෙනවා. "අපේ සේනාව හැර දමා පලාගිය නිවට රජෙක් ගෙන් කුමන ප්‍රයෝජනයක් දැ" යි කලකිරුණු සේනාව තමා විසින්ම සංවිධානය වෙලා මාතලේ දක්වා ගමන් කරනවා. රාත්රියේදී ආර්ය චක්‍රවර්තී කඳවුරට එල්ල කරන හදිසි ප්‍රහාරයකින් ඔවුන්ව පළවා හරින්න මේ හමුදාවට පුළුවන් වෙනවා.

මුහුදෙන් එල්ල වෙන ආක්රමනය එන්නෙ කෝට්ටේ ට එරෙහිව. මේ සේනාව පානදුරෙන් ගොඩබැහල ගොරකානෙ (මොරටුව) සහ දෙමටගොඩ කඳවුරු ලා ගන්නවා. අලගක්කෝණාර ගෙ හමුදාව ඔවුන්ට පහර දීල දරුණු සටනකින් පස්සෙ ඔවුන්ව පළවා හරින්න සමත් වෙනවා. මේ නිශ්ශංක අලගක්කෝණාර ද නැත්තම්, ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් ද කියල පැහැදිලි නෑ.

මේ විදිහට සිංහල රාජ්‍ය බලය ගම්පොළ සහ රයිගම අතර බෙදිලා රට දුර්වල වීම සිංහල ගැමියන් ගෙ කලකිරීමට හේතු වෙනවා. ඒ නිසාම ඔවුන් රයිගමයා සහ ගම්පොළයා කියල ජනකතා චරිත දෙකක් නිර්මානය කරනවා. මේ චරිත දෙකෙන් කියැවෙන්නෙ තමන් කපටියන් කියල හිතාගෙන ඉන්න, එකිනෙකාට එරෙහිව උපායන් යොදලා තමාගෙ වාසිය සලසවා ගන්න උත්සහ කරන, නමුත් ඇත්තෙන්ම හද්ද මෝඩ "යාළුවො" දෙන්නෙක් ගැන.

ගම්පොළ රජ පවුල

මේ සිද්ධියෙන් පස්සෙ ගම්පොළ රජතුමාට නාමික බලයක් වත් ඉතුරු වෙන්නෙ නෑ. සම්පූර්න රාජ්‍යබලය හිමිවෙන්නෙ රයිගම ඉන්න අලගක්කෝණාරට. නමුත් දළදා වහන්සෙ වැඩ ඉන්නෙ ගම්පොළ නිසා අලගක්කෝණාර වරුන්ට "රජ" පදවිය ලැබෙන්නෙ නෑ.

පස්වන භුවනෙකබාහු රජතුමා 1408 දි මිය යාමෙන් පසුව රජවෙන්නෙ පරාක්‍රමබාහු ඈපා. පරාක්‍රමබාහු ඈපා රජවූ පසුත් යුවරජ කියන අරුත දෙන "ඈපා" නමින් ම හැඳින්වීමෙන් ම ඔහුගේ බෙලහීන බව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම මේ කාලය අරාජික සමයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදියි.

රයිගම මේ වෙද්දි බලයේ ඉන්නෙ වීර අලකේෂ්වර නමින් හැඳින්වෙන අලකක්කෝණාර වරයා. ඔහු සහ ඔහුගේ සහෝදරයෙක් වන මෙහණවර වීරබාහු අතර බල අරගලයක් තිබූ බවත් ඉතිහාසයේ සඳහන්. ඊට අමතරව අර්ථනායක සහ දේවමන්ත්‍රී නමින් හැඳින්වුන සොහොයුරන් දෙන්නෙක් ගැනත් සඳහන් වෙනවා.

1405 වෙද්දි ලංකාවෙ දේශපාලන තත්වය ඔය වගේ.

(ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ)

http://paadadaasapuva.blogspot.com/2017/05/1.html

------ Post added on [DATETIME="UT"]1635526638[/DATETIME]

[QUOTE="xcorat, post: 27038449, member: 555034"] රයිගම ඉඳලා ගාල්ලේ ඉඳල මීගමුව දක්වා සියළුම වෙළඳ තොටුපල වලින් කෙරුණු වෙළඳාම පාලනය කරන්න අලගක්කෝණාර වරුන්ට පුළුවන් වුනා. ඒ මගින් ඔවුන් විශාල ධනයක් සහ බලයක් ලබා ගත්තා. [HEADING=2][/HEADING] [HEADING=2]ගම්පොළ රාජධාණිය[/HEADING] සවුළු විජයබාහු රජතුමා ගේ අවසාන කාලයේදී ඔහුගේ අමාත්‍යය වරු ඔහුට විරුද්ධව කුමන්ත්රනයක් කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔහු අන්ධ වෙනවා. 1345 දි සවුළු විජයබාහු රජතුමා මිය යනවා. එතැනදි ඔහුගේ පුතුන් දෙදෙනා අතර රාජ්‍යත්වයට ආරවුලක් ඇති වෙනවා. එක් පුතෙක් හතරවන භුවනෙකබාහු නමින් ගම්පොළ ඉඳගෙනත්, අනෙක් පුතා පස්වන පරාක්‍රමබාහු නමින් දැදිගම ඉඳගෙනත් රාජ්‍යත්වයට උරුමකම් කියනවා. නමුත් රාජ්‍යත්වයේ සලකුණ විදිහට සැලකුන දළදා වහන්සේ වැඩ සිටියේ ගම්පොළ නිසා නීත්‍යානුකූල රජු විදිහට සැලකුනේ හතරවන භුවනෙකබාහු. මේ කාලයේ දී දළදා වහන්සේ වැඩ සිටියේ වර්තමාන ගම්පොළ නගරයට නුදුරෙන් පිහිටි නියම්ගම්පාය විහාරයේ. ගම්පොළ රාජමාළිගය පිහිටල තිබ්බෙ වර්තමාන ගම්පොළ නගරයේ බස්නැවතුම් පොළ පිහිටා ඇති ස්ථානයේ. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/--rhNPOdCUK8/WSpMccM6ZcI/AAAAAAAABlg/7cs9eKrS-TUol2V_w8wpKNY-ecrO4qjwgCLcB/s1600/Niyamgampaya.jpg'][IMG]https://1.bp.blogspot.com/--rhNPOdCUK8/WSpMccM6ZcI/AAAAAAAABlg/7cs9eKrS-TUol2V_w8wpKNY-ecrO4qjwgCLcB/s400/Niyamgampaya.jpg[/IMG][/URL][/TD] [/TR] [TR] [TD]නියම්ගම්පාය විහාරය[/TD] [/TR] [/TABLE][/CENTER] 1353 දි හතරවන භුවනෙකබාහු රජතුමා මියගිය පසු පස්වන පරාක්‍රමබාහු දැදිගම ඉඳල ගම්පොළට ඇවිල්ල දළදා වහන්සේ සහ රාජ්‍යත්වය භාරගන්නවා. නමුත් හතරවන භුවනෙකබාහු රජු ගේ පුතා වන වික්‍රමබාහු කුමාරයා පස්වන පරාක්‍රමබාහු රජතුමා ගෙන් රජකම පැහැරගන්න උත්සහ කරනවා. මේ සඳහා ඔහු ආර්ය චක්‍රවර්තීන් ගෙන් සහය ලබාගත්ත බව කියැවෙනවා. 1357-1359 කාලය තුල මේ දෙන්නගෙ බල ආරවුල තියෙනවා. 1359 දි වික්‍රමබාහු කුමාරයා බලය තහවුරු කරගන්න සමත් වෙනවා. ඔහු තුන්වන වික්‍රමබාහු නමින් ගම්පොළ රජවෙනවා. ඔහුට ලබා දුන් උදව් වල හිලව්වට ආර්ය චක්‍රවර්තීන්ට හාරිස්පත්තුව ආදී ප්‍රදේශ වලින් බදු එකතු කරගැනීමට ඉඩ ලබා දෙනවා. හාරිස්පත්තුව දක්වා බදු එකතු කරන්න පුළුවන් කම තිබ්බ කියන්නෙ ආර්ය චක්‍රවර්තීන් මේ වෙද්දි ඉතා බලවත් තත්වයක හිටිය කියන එක. ගම්පොළ රාජසභාවෙ මොන තත්වය තිබ්බත් මේ වෙද්දි දකුණේ සැබෑ බලවතුන් වුනේ අලකක්කෝණාර වරු. කඳුකරයෙන් පහල කිසිම බලයක් රජතුමාට තිබ්බෙ නෑ. ඒ සියල්ල පාලනය කලේ රයිගම හිටපු අලගක්කෝණාර වරු (මේ තත්වය ජපානයේ අධිරාජ්‍යයා නාමික තත්වයේ තියලා සැබෑ බලය ෂෝගුන් විසින් හෙබවීමට සමාන කරන්න පුළුවන්). මේ කාලයේදී නිශ්ශංක අලකක්කෝණාර වික්‍රමබාහු රජු ගේ සොහොයුරිය විවාහ කර ගන්නවා. වික්‍රමබාහු රජුට පුතුන් නොමැති නිසා එම විවාහයෙන් ලැබෙන පුතා තමයි ඔහුගේ ඇවෑමෙන් 1370 දි ගම්පොළ රජ වෙන්නෙ. ඒ පස්වන භුවනෙකබාහු නමින්. මේ කාලය වෙද්දි පස්වන පරාක්‍රමබාහු රජු ගේ පුතා ගම්පොල රාජ සභාවේ ඇමති වරයෙක් වශයෙන් කටයුතු කරල තියෙනවා. ඔහු හැඳින්වුනේ "ජයමහලේන" සිටුවරයා ලෙස. මේ ජයමහලේන සිටුවරයා නියම්ගම්පාය විහාරය ප්‍රතිසංස්කරණය කරවන්න සහ වල්ලහගොඩ විහාරය සහ දේවාලය ඉඳි කරන්න කටයුතු කරල තියෙනවා (1917 සිංහල-මුස්ලිම් කෝලහලයට හේතු වෙන්නෙ මේ වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම් පල්ලියකින් බාධා කිරීම). අද නියම්ගම්පාය විහාරය සහ වල්ලහගොඩ ප්‍රදේශය හැඳින්වෙන්න ජයමහලේන සිටුවරයා ගෙ නමින් "ජයමාලපුර" කියල. ඔහුගේ බිරිඳ වෙන්නෙ සුනේත්‍රා. මේ දෙන්නට පුතෙක් ඉන්නවා. ඒ පුතා හැඳින්වෙන්නෙ ජයමහලේන කුමාරයා කියල. [HR][/HR] [HEADING=2]රයිගමයයි - ගම්පොළයයි[/HEADING] පස්වන භුවනෙකබාහු රජතුමා රාජවාංශිකයෙක් නොවුන අලකක්කෝණාර වරයෙක් ගෙ පුතෙක් නිසා ඔහුට ලොකු සහයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසාම ඔහුගේ පාලන කාලය තුල ගම්පොළ රාජ්‍ය බලය ඉතා දුර්වල තත්වයට පත්වෙනවා. මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්රමනය කරනවා. මේ ආක්රමනය මුහුදු ආක්රමනයක් සහ ගොඩබිම් ආක්රමනයක් විදිහට දෙපැත්තකින් සිද්ධ වෙන්නෙ. ගොඩබිම් ආක්රමනය එල්ල වෙන්නෙ අනුරාධපුරය හරහා. ආර්ය චක්‍රවර්තී සේනාව මාතලේ දක්වා ඇවිල්ල මාතලේ කඳවුරු ලා ගන්නවා. එතකොට පස්වන භුවනෙකබාහු රජතුමා කරන්නෙ රයිගමට පලා යාම. මේ සිද්ධියෙන් රජුගේ හමුදාව දැඩි ලෙස කලකිරෙනවා. "අපේ සේනාව හැර දමා පලාගිය නිවට රජෙක් ගෙන් කුමන ප්‍රයෝජනයක් දැ" යි කලකිරුණු සේනාව තමා විසින්ම සංවිධානය වෙලා මාතලේ දක්වා ගමන් කරනවා. රාත්රියේදී ආර්ය චක්‍රවර්තී කඳවුරට එල්ල කරන හදිසි ප්‍රහාරයකින් ඔවුන්ව පළවා හරින්න මේ හමුදාවට පුළුවන් වෙනවා. මුහුදෙන් එල්ල වෙන ආක්රමනය එන්නෙ කෝට්ටේ ට එරෙහිව. මේ සේනාව පානදුරෙන් ගොඩබැහල ගොරකානෙ (මොරටුව) සහ දෙමටගොඩ කඳවුරු ලා ගන්නවා. අලගක්කෝණාර ගෙ හමුදාව ඔවුන්ට පහර දීල දරුණු සටනකින් පස්සෙ ඔවුන්ව පළවා හරින්න සමත් වෙනවා. මේ නිශ්ශංක අලගක්කෝණාර ද නැත්තම්, ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් ද කියල පැහැදිලි නෑ. මේ විදිහට සිංහල රාජ්‍ය බලය ගම්පොළ සහ රයිගම අතර බෙදිලා රට දුර්වල වීම සිංහල ගැමියන් ගෙ කලකිරීමට හේතු වෙනවා. ඒ නිසාම ඔවුන් රයිගමයා සහ ගම්පොළයා කියල ජනකතා චරිත දෙකක් නිර්මානය කරනවා. මේ චරිත දෙකෙන් කියැවෙන්නෙ තමන් කපටියන් කියල හිතාගෙන ඉන්න, එකිනෙකාට එරෙහිව උපායන් යොදලා තමාගෙ වාසිය සලසවා ගන්න උත්සහ කරන, නමුත් ඇත්තෙන්ම හද්ද මෝඩ "යාළුවො" දෙන්නෙක් ගැන. [CENTER][TABLE] [TR] [TD][URL='https://1.bp.blogspot.com/-_80DH2hFua8/WSpdyJO9aTI/AAAAAAAABl4/fOxFIcNKz-chgzT3GUMZ5NxA_6sKgJ0OwCLcB/s1600/Family%2BTree.png'][IMG]https://1.bp.blogspot.com/-_80DH2hFua8/WSpdyJO9aTI/AAAAAAAABl4/fOxFIcNKz-chgzT3GUMZ5NxA_6sKgJ0OwCLcB/s640/Family%2BTree.png[/IMG][/URL][/TD] [/TR] [TR] [TD]ගම්පොළ රජ පවුල[/TD] [/TR] [/TABLE][/CENTER] මේ සිද්ධියෙන් පස්සෙ ගම්පොළ රජතුමාට නාමික බලයක් වත් ඉතුරු වෙන්නෙ නෑ. සම්පූර්න රාජ්‍යබලය හිමිවෙන්නෙ රයිගම ඉන්න අලගක්කෝණාරට. නමුත් දළදා වහන්සෙ වැඩ ඉන්නෙ ගම්පොළ නිසා අලගක්කෝණාර වරුන්ට "රජ" පදවිය ලැබෙන්නෙ නෑ. පස්වන භුවනෙකබාහු රජතුමා 1408 දි මිය යාමෙන් පසුව රජවෙන්නෙ පරාක්‍රමබාහු ඈපා. පරාක්‍රමබාහු ඈපා රජවූ පසුත් යුවරජ කියන අරුත දෙන "ඈපා" නමින් ම හැඳින්වීමෙන් ම ඔහුගේ බෙලහීන බව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම මේ කාලය අරාජික සමයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදියි. රයිගම මේ වෙද්දි බලයේ ඉන්නෙ වීර අලකේෂ්වර නමින් හැඳින්වෙන අලකක්කෝණාර වරයා. ඔහු සහ ඔහුගේ සහෝදරයෙක් වන මෙහණවර වීරබාහු අතර බල අරගලයක් තිබූ බවත් ඉතිහාසයේ සඳහන්. ඊට අමතරව අර්ථනායක සහ දේවමන්ත්‍රී නමින් හැඳින්වුන සොහොයුරන් දෙන්නෙක් ගැනත් සඳහන් වෙනවා. 1405 වෙද්දි ලංකාවෙ දේශපාලන තත්වය ඔය වගේ. (ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ) [URL]http://paadadaasapuva.blogspot.com/2017/05/1.html[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1635526638[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom