Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BASIL, CABRAAL & Money Printing has triggered hyperinflation

රටේ විදේශ මුල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන ආදායම අතර පැවැතියේ මහා පරතරයකි. ඒ නිසා එක් පැත්තකින් විදේශ ණය වැඩි විය. අනෙක් පැත්තෙන් ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව රුපියලට ඇතිවන පීඩනය ක්‍රමයෙන් ඉහළ ගියේය.

එහෙත් මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202 ක සීමාවේ තබාගන්නා බවය. කිසිම හේතුවක් නිසාවත් එය වෙනස් නොකරන බව මහ බැංකුව දැඩිව කීවේය. වෙළෙඳ පොළේ ඩොලරයට තිබෙන ඉල්ලුම සහ සැපයුම අතර අති විශාල අසමතුලිතතාවක් පවතින විටක එසේ කළ නොහැකි බව මහ බැංකුව දැන සිටියේ නැත. ඒ අනුවණකම නිසා රටට සිදුවූ පාඩුව ඩොලර් කෝටි 500 කට අධික බව ආර්ථික විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.

ඩොලරයට තිබෙන ඉල්ලුම සැපිරීමට මහ බැංකුව සහ අනෙකුත් වාණිජ බැංකු අසමත්වීම නිසා කළු කඩ බිහිවිය. ඒවායෙන් ඩොලර් විකුණුවේ රුපියල් 230 සිට 240 තරම් ඉතා ඉහළ මිලකටය. ඒනිසා නිල විනිමය වෙළෙඳ පොළේ ඇති වූයේ විශාල ඩොලර් හිගයකි. මහ බැංකුව වෙළෙඳ පොළ ප්රවණතා හඳුනාගෙන ඊට ගැළපෙන ආකාරයට ඩොලරයේ වටිනාකම තීරණය වන්නට ඉඩ හැරියේ නම් රුපියල ඒ තරම් නොපිරිහෙයි. ඉන් අනාවරණය වන්නේ මහ බැංකුවට දුර දක්නා නුවණක් නැති බවය.

මහ බැංකුවට තිබුණේ අධි තක්සේරුවකි. විදේශ විනිමය අනුපාතය මහ බැංකුව මගින් මෙහෙයවන නිසා රුපියල අවප්‍රමාණයවීමේ පාපයට වගකිව යුත්තේ ද මහ බැංකුවමය.විනිමය අනුපාත වෙළෙඳ පොළ බලවේගවලට අනුව තීරණය වන්නට ඉඩ හැරියේ අවසාන මොහොතේය. දැන් කිසිම පාලනයක් නැතිව ඩොලරයක් ඕනෑම මිලකට විකිණීමට වාණිජ බැංකුවලට ඉඩදී බලා සිටිති. ඒ නිසා ඇමෙරිකන් ඩොලරයකට රුපියල් 280 කට ආසන්න මිලක් ගෙවීමට සිදුවී තිබේ. ඒ නිසා ආනයනය කරන භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට ගෙවීමට තිබෙන විදේශ ණයවල රුපියල් වටිනාකම ද ඉහළ යයි.

රාජ්‍ය වියදම එසේ විශාල වශයෙන් ඉහළ යාමෙන් රජයේ අය වැය මත මහා බරක් පැටවෙයි. අය වැය පරතරය තවත් ඉහළ යයි. රජයේ අය වැය ඉලක්ක පුස් වෙයි. මේ තත්වයට වගකිව යුත්තේ රජයයි. මේ සියල්ල රජයේ ආර්ථික කළමනාකරණයේ වැරැදිවල ප්‍රතිඵලය. දුර දක්නට නුවණකින් අනාගතය දෙස බැලීමේ හැකියාවක් රජයට නොමැති බව මේ සියල්ලෙන් ප්‍රදර්ශනය වෙයි. මෙම මේ අර්බුදයේ මූලාරම්භය වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවූවක් නොවේ. මෙය කාලයක් තිස්සේ වර්ධනය වූ ප්රවණතාවකි. අර්බුදයක් ලෙස පුපුරා ගියේ ඒ ප්රවණතා උච්ඡතම අවස්ථාවේදීය. එහෙත් දුරදක්නා නුවණින් අර්බුදය කළමනාකරණය කර නොගැනීමට වගකිව යුත්තේ වරතමාන ආණ්ඩුවය. ආණ්ඩුව මේ තත්වයට පත් වූයේ දුර දක්නා දැක්මක් නැති නිසාය.

2019 දී මේ ආණ්ඩුව බලයට පත්වෙද් දී ආර්ථික අස්ථාවරභාවයක පෙර නිමිති දක්නට ලැබිණි. ආණ්ඩුව නිවැරැදි තීන්දු තීරණය ගත්තේ නම් මේ වළේ නොවැටෙයි. ජනාධිපතිවරණය නිමවී දින කිහිපයක් ඇතුළත කිසිම හේතුවක් නැතිව බදු කපා හැරිම නොකළ යුතු තීරණයකි. ආදායම් බදු සහ උපයනවිට ගෙවන බදු විශාල වශයෙන් අඩු කිරීම රටේ මූල්‍ය කළමනාකරණය වෙනස් මගක යන්නට බලපෑවේය. බදු කපා හැරීම නිසා රජයට සිදුවූ පාඬුව හෙවත් රජයට අවුරුද්දකට අහිමි වූ බදු අදායම රුපියල් බිලියන 500 කට වැඩිය. රාජ්‍ය බැංකුව එන්සේ තම කැමැත්තෙන්ම අහිමි කරගත් නිසා රජයේ වියදම් පියවා ගැනීමට විශාල වශයෙන් ණය ගැනීමට ආණ්ඩුවට සිදුවිය. ඒ නිසා ණය බර ද තවත් උග්‍ර විය. ණය ගෙවීම සඳහා තවත් ණය ගනියි. රට සතු ඩොලර් සංචිත ලෙස පෙන් වූයේ ද විදේශවලින් ගත් ණයටය. අපේ සංචිතවල තිබුණේ රජය තම ශක්තියෙන් උපයාගත් ඩොලර් නොවේ.

දරා ගැනීමට නොහැකි තරමට ණය ගැනීම නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන පුන පුනා කියා සිටියේ ලංකාව ණය පැහැර හැරීමේ තත්වයකට පත්වීමට ඉතා ආසන්න බවය. ඒ නිසා ලෝක ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් ණය ගැනීමට තිබූ අවස්ථා ද අහිමි විය. එතෙක් රජය ණය ගත්තේ බැඳුම්කර විකිණීමෙනි. ඒවා මිලදී ගැනීම සඳහා පුද්ගලයන් සිටි හෙයින් රජයට ඩොලර්වලින් ණය ගැනීමට හැකි විය. එහෙත් ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනවල අනතුරු ඇඟවීම් නිසා රජයට ලෝක ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ගැනීමට නොහැකි විය. ඒ නිසා අර්බුදය උග්‍ර වෙයි. මෙම ණය ගැනීමට තිබූ ඒ දොරවල් වැසීයාම නිසා ණය ගැනීමට රටවල් පසුපස යයි. ඉන්දියාව චීනය හා බංග්ලාදේශය වැනි රටවල් හිගා කෑමට සිදු වූයේ එහෙයිනි. ආණ්ඩුව කියන්නේ මේ අර්බුදය බාහිර බලවේගවල ප්‍රතිඵලයක් බවය. එහෙත් එය අසත්‍යයකි. දකුණු ආසියාවේ රටවල් අතරින් මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටින්නේ ලංකාව පමණකි. කලාපයේ අනෙක් රටවල් මේ කාලයේ දී තම ඩොලර් සංචිත සේම ආර්ථික වර්ධන වේගය ද වැඩිකරගෙන තිබේ.

මාලදිවයිනේ ආර්ථික වර්ධන වේගය 2021 දී 18% ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඉන්දියාව තම ආර්ථික වර්ධන වේගය 10% ක් වනු ඇතැයි කියයි. බංග්ලාදේශය 5.5% ක් ලෙස ද පකිස්ථානය 3.9% ක් ලෙස ද ඇස්තමේන්තු කර තිබේ. එහෙත් ලංකාවේ ඇස්තමේන්තුව 3.4% කි. ලංකාව සිටින්නේ භූතානයට සහ නේපාලයට ටිකක් ඉහළිනි.විදේශ සංචිත වර්ධනය අතින් බැලුවහොත් ඉන්දියාව 2022 මාර්තු වන විට ඇමරිකන් ඩොලර් බිලියන 622 ක් කරා පැමිණ සිටියි. බංග්ලාදේශය තම ඩොලර් සංචිතය බිලියන 45 ක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. පකිස්ථානය තම විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 16 ක් දක්වා ඉහළ තබාගෙන සිටියි.

නේපාලය ලංකාවටත් වඩා දුප්පත් රටක් වුවත් මේ කාලයේදී තම සංචිත ඩොලර් බිලියන 10 ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වෙයි. ලංකාවට වඩා පහළින් සිටි වියට්නාමය ද තම විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 107 ක් දක්වා වර්ධනය කරන්ගෙන සිටියි. එහෙත් ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන දෙකකි. ඒ බිලියන දෙකෙහි ඇතුළත් වන්නේද විදේශවලින් ගත් ණය සහ රත්තරන්ය. ඉහත කරුණු අනුව ලංකාවේ ආර්ථික අර්බුදය බාහිර හේතුමත ඇති වූවක් බවට ආණ්ඩුව කියන්නේ අමුම අමු අසත්‍යයකි. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ

දෝෂ මත මේ තත්වය ඇති වූ බව දැන්වත් පිළිගත යුතුය බාහිර හේතූ මත ආර්ථික අර්බුදයක් ඇතිවූයේ නම් අනෙක් රටවල ද එසේ විය යුතුය. එහෙත් අනෙක් රටවල් ආර්ථික වර්ධන වේගයෙන් මෙන්ම විදෙස් මුදල් සංචිත රැස් කර ගැනීම අතින් ද පෙන්වා ඇත්තේ වර්ධනයකි. ඒ රටවල් එසේ වර්ධනයක් අත්පත් කරගෙන සිටින්නේ ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙනි. ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාවට අනතුරු අඟවද්දී රජය ඒ අනතුරු ඇගවීම් මායිම් නොකර ඒ ආයතනවලට ගර්ත කළේය. ඒවා බටහිර කුමන්ත්‍රණ බව කියා පෑවේය. රට සතු විදෙස් සංචිත ක්‍රමයෙන් හිඳෙමින් පවතින බව දැක විදෙස් ණය ගෙවීම තාවකාලිකව නවතා තිබෙන ඩොලර් ටිකෙන් රටේ සහ ජනතාවගේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය ඛනිජ තෙල්, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නැයි ආර්ථික විශ්ලේෂකයෝත් ව්‍යාපාරික ප්රජාවත් රජයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් ආණ්ඩුවත් මහ බැංකුවත් ඒ ඉල්ලීම් ඉවත දැමුවේ අලුයම ලූ කෙළ පිඩක් ලෙසිනි. එසේ කරමින් වහසි බස් දොඩමින් තිබූ ඩොලර් ටිකත් ණය ගෙවීමට වැය කිරීම නිසා රටේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් නැතිව බලා සිටියි.ඒ නිසා අද රටපුරා විදුලිය කැපෙයි. රට පුරාම පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් පෝලිම් පවතී. පෝලිම්වල සිටින පුරවැසියෝ මැරී ඇද වැටෙති. ඇතැම් අය ගහමරා ගනිති. පීඩිත ජනතාව රජයේ මැති ඇමැතිවරුන්ට පහර දෙති. රට ගිනි ගොඩක්ම පවතිදී ජනාධිපතිවරයා ජාතිය අමතමින් සුරංගනා කතා කියයි. රට ඇතුළේ නිපදවන භාණ්ඩවල මිල ද ඉහළ යයි. බස් ගාස්තු ඉහළ දමයි. ඛනිජ තෙල් හා ගෑස් මිල ඉහළ දමයි. ජනතාව එසේ දහ දුක් විදිද්දී මැති ඇමැතිවරු කිසිම කැපකිරීමක් නොකර සියල වරප්‍රසාද භුක් ති විඳිති.

ඒ පිළිවෙතින් ද ආණ්ඩුව තම අකෘතඥතාභාවය ප්‍රදර්ශනය කරයි. ආණ්ඩුවේ මෙම අදුරදර්ශී අත්තනෝමතික හා ප්‍රතිපත්ති නිසා දැනට පවතින ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් කරා මෝරා යනු නිසැකය. ජන ජීවිත එහෙන් ඇද වැටෙද්දී මෙහෙන් විදුලිය හා ඛණිජ තෙල් නැති නිසා කර්මාන්ත බිඳ වැටෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී ලක්ෂ ගණනකට රැකියා නැතිව ඔවුන් මහ පාරට ඇද වැටීමේ අවදානමක් ද පවති. එසේ වූ කළ මා ඉහත කී සමාජ අර්බුදය ද උග්රවනු නියතය. සියල්ල එලෙස වන්නේ කළමනාකරණය කුමක්දැයි ආණ්ඩුව නොදන්නා හෙයිනි. පවතින ආර්ථික අර්බුදවලට ප්රමුඛ හේතුව විදේශ විනිමය අනුපාතයත් විදේශ විනිමය සංචිතයත් කළමනාකරණය නොකිරීමය. අදූරදර්ශී විදේශ විනිමය ප්‍රතිපත්තිය නිසා විදෙස් රැකියා කරන අය බැංකු මාර්ගයෙන් මෙරටට මුදල් එවීම නවතා දැමූහ. ඇතැම් අය මෙරටට මුදල් එව්වේ නීති විරෝධී උණ්ඩියාල් සහ හවාලා ක්‍රම ඔස්සේය. අවසානයේ බොහෝ පිරිසක් ඒ ක්‍රම කරා ඇදී ගියහ. නීති විරෝධී ඒ ක්‍රම රටෙහි තහවුරු වූයේ මහ බැංකුවේ අදූරදර්ශී හා අධම විදේශ විනිමය ප්‍රතිපත්තිය නිසාය. ආණ්ඩුවත් මහ බැංකුවත් අවිදුර දෘෂ්ටිකත්වය නමැති රෝගයෙන් පෙළෙයි.

එනම් ආණ්ඩුවටත් මහ බැංකුවටත් දුර නොපෙනෙයි. ආර්ථිකය මෙහෙය වන්නේත් දේශපාලනික න්‍යාය පත්‍රය මූලික කරගෙනය. ව්‍යාපෘති ලක්ෂයක් නමින් ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය දේශපාලකයන් අතර මුදල් ගලා යන ව්‍යාපෘතියකි. එහි අරමුණ මැතිවරණ වලින් ජය ලබා ගැනීමය. දිගින් දිගට මුදල් අච්චු ගැසීම නිසා උද්ධමන අනුපාතය සියයට 18 ක් දක්වා ඉහළ නැග තිබේ. 2021 පෙබරවාරි මාසයේ සිට 2022 පෙබරවාරි මාසය වෙද්දි ආහාර වර්ගවල මිල පමණක් 25% කින් ඉහළ ගොසිනි. මේ ඉලක්කම් මගේ හිතළු නොව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්තය. ඒ මිල ඉහළ යාමට සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම ද හේතු වෙයි. 2020 ජනවාරියේ සිට 2022 ජනවාරිය දක්වා මහ බැකුව ට්‍රිලියන තුනක් එනම් බිලියන 3000 ක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබේ. මුදල් සැපයුම ඉහළ යනවිට එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ද ඉහළ යයි. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය නම් ආණ්ඩුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුය. මේ 2022 දී ඒ ඩොලර් බිලියන හයක විදෙස් ණය ගෙවීමට තිබේ. ඉන් එක් බිලියනයක් එළඹෙන ජුලි මාසයේදී ගෙවිය යුතුය. ඉන්දියාවෙන් ණය ගෙන තිබෙන්නේ ඛණිජ තෙල්, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමටය. දිගින් දිගටම එසේ කළ නොහැකිය.

ඒ , නිසා ණය කළමනාකරණය කරගත යුතුමය. අනෙක් පැත්තෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරගත යුතුය. ආණ්ඩුවේ වියදම්වල දැඩි පාලනයක් අවශ්‍ය වෙයි. විදෙස් ණය ප්‍රතිව්‍යුහ ගතකර ගැනීම සඳහා විදේශ සහාය අවශ්‍යය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යා යුත්තේ ඒ සඳහාය. රට පවත්වාගෙන යාමට මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගත යුතුය. ආර්ථිකය නිවැරැදි මාවතකට ගැනීම සඳහා ද මූල්‍ය අරමුදලට යාම ඉවහල් වෙයි.එසේම ආර්ථිකයේ විශාල ප්‍රතිසංස්කරණ කළ යුතුය. ආණ්ඩුව මූල්‍ය පාලනය ක්‍රමවත් කළ යුතුය. ඒ සඳහා බදු ව්‍යුහයේ සංශෝධන අවශ්‍ය වෙයි.විශාල වශයෙන් පාඩු ලබන තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, එයාර් ලංකා ගුවන් සමාගම වැනි රාජ්‍ය ව්‍යාපාරවල කළමනාකරණයෙහි ප්‍රතිසංස්කරණ කළ යුතුය. එකෝ ඒවා පෞද්ගලිකරණය කළ යුතුය.

නැතිනම් ඒවා කළමනාකරණයට වෘත්තීමය වශයෙන් සුදුස්සන් පත්කර දේශපාලන ඇඟිලි ගැසීම් නවතා ඒ කළමනාකරුවන්ට ස්වාධීනව කටයුතු කිරීමටත් තීරණ ගැනීමටත් ඉඩ දිය යුතුය. එසේ කළහොත් ඒ ආයතන පවත්වාගෙන යාමට රාජ්‍ය අය වැයෙන් මුදල් දීමට සිදු නොවෙයි. බනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුය.දැන් රටේ තිබෙන්නේ ඒවා කිරීමට සුදුසු පරිසරයකි. ජනතාව මත දැඩි පීඩනයක් හා බරක් පැටවී පවතින්නට පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ද හේතුවී තිබේ. ඒ බව ජනතාවට තේරුම් කර දුනොත් ඒවායේ ප්‍රතිසංස්කරණවලට ජනතා සහාය ලබාගත හැකි වෙයි. පහළ ආදායම් ලබන ජනතාව මත පීඩනයක් එල්ල නොවීම සඳහා මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට යා යුත්තෝ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ වෘත්තිකයෝය.

රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු මානව ශාස්ත්‍ර පීඨාධිපති

-සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු

------ Post added on [DATETIME="UT"]1648171486[/DATETIME]

[QUOTE="SL Hypocrite, post: 27504128, member: 514257"] BASIL, CABRAAL & Money Printing has triggered hyperinflation [HR][/HR] රටේ විදේශ මුල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන ආදායම අතර පැවැතියේ මහා පරතරයකි. ඒ නිසා එක් පැත්තකින් විදේශ ණය වැඩි විය. අනෙක් පැත්තෙන් ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව රුපියලට ඇතිවන පීඩනය ක්‍රමයෙන් ඉහළ ගියේය. එහෙත් මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202 ක සීමාවේ තබාගන්නා බවය. කිසිම හේතුවක් නිසාවත් එය වෙනස් නොකරන බව මහ බැංකුව දැඩිව කීවේය. වෙළෙඳ පොළේ ඩොලරයට තිබෙන ඉල්ලුම සහ සැපයුම අතර අති විශාල අසමතුලිතතාවක් පවතින විටක එසේ කළ නොහැකි බව මහ බැංකුව දැන සිටියේ නැත. ඒ අනුවණකම නිසා රටට සිදුවූ පාඩුව ඩොලර් කෝටි 500 කට අධික බව ආර්ථික විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි. ඩොලරයට තිබෙන ඉල්ලුම සැපිරීමට මහ බැංකුව සහ අනෙකුත් වාණිජ බැංකු අසමත්වීම නිසා කළු කඩ බිහිවිය. ඒවායෙන් ඩොලර් විකුණුවේ රුපියල් 230 සිට 240 තරම් ඉතා ඉහළ මිලකටය. ඒනිසා නිල විනිමය වෙළෙඳ පොළේ ඇති වූයේ විශාල ඩොලර් හිගයකි. මහ බැංකුව වෙළෙඳ පොළ ප්රවණතා හඳුනාගෙන ඊට ගැළපෙන ආකාරයට ඩොලරයේ වටිනාකම තීරණය වන්නට ඉඩ හැරියේ නම් රුපියල ඒ තරම් නොපිරිහෙයි. ඉන් අනාවරණය වන්නේ මහ බැංකුවට දුර දක්නා නුවණක් නැති බවය. මහ බැංකුවට තිබුණේ අධි තක්සේරුවකි. විදේශ විනිමය අනුපාතය මහ බැංකුව මගින් මෙහෙයවන නිසා රුපියල අවප්‍රමාණයවීමේ පාපයට වගකිව යුත්තේ ද මහ බැංකුවමය.විනිමය අනුපාත වෙළෙඳ පොළ බලවේගවලට අනුව තීරණය වන්නට ඉඩ හැරියේ අවසාන මොහොතේය. දැන් කිසිම පාලනයක් නැතිව ඩොලරයක් ඕනෑම මිලකට විකිණීමට වාණිජ බැංකුවලට ඉඩදී බලා සිටිති. ඒ නිසා ඇමෙරිකන් ඩොලරයකට රුපියල් 280 කට ආසන්න මිලක් ගෙවීමට සිදුවී තිබේ. ඒ නිසා ආනයනය කරන භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට ගෙවීමට තිබෙන විදේශ ණයවල රුපියල් වටිනාකම ද ඉහළ යයි. රාජ්‍ය වියදම එසේ විශාල වශයෙන් ඉහළ යාමෙන් රජයේ අය වැය මත මහා බරක් පැටවෙයි. අය වැය පරතරය තවත් ඉහළ යයි. රජයේ අය වැය ඉලක්ක පුස් වෙයි. මේ තත්වයට වගකිව යුත්තේ රජයයි. මේ සියල්ල රජයේ ආර්ථික කළමනාකරණයේ වැරැදිවල ප්‍රතිඵලය. දුර දක්නට නුවණකින් අනාගතය දෙස බැලීමේ හැකියාවක් රජයට නොමැති බව මේ සියල්ලෙන් ප්‍රදර්ශනය වෙයි. මෙම මේ අර්බුදයේ මූලාරම්භය වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවූවක් නොවේ. මෙය කාලයක් තිස්සේ වර්ධනය වූ ප්රවණතාවකි. අර්බුදයක් ලෙස පුපුරා ගියේ ඒ ප්රවණතා උච්ඡතම අවස්ථාවේදීය. එහෙත් දුරදක්නා නුවණින් අර්බුදය කළමනාකරණය කර නොගැනීමට වගකිව යුත්තේ වරතමාන ආණ්ඩුවය. ආණ්ඩුව මේ තත්වයට පත් වූයේ දුර දක්නා දැක්මක් නැති නිසාය. 2019 දී මේ ආණ්ඩුව බලයට පත්වෙද් දී ආර්ථික අස්ථාවරභාවයක පෙර නිමිති දක්නට ලැබිණි. ආණ්ඩුව නිවැරැදි තීන්දු තීරණය ගත්තේ නම් මේ වළේ නොවැටෙයි. ජනාධිපතිවරණය නිමවී දින කිහිපයක් ඇතුළත කිසිම හේතුවක් නැතිව බදු කපා හැරිම නොකළ යුතු තීරණයකි. ආදායම් බදු සහ උපයනවිට ගෙවන බදු විශාල වශයෙන් අඩු කිරීම රටේ මූල්‍ය කළමනාකරණය වෙනස් මගක යන්නට බලපෑවේය. බදු කපා හැරීම නිසා රජයට සිදුවූ පාඬුව හෙවත් රජයට අවුරුද්දකට අහිමි වූ බදු අදායම රුපියල් බිලියන 500 කට වැඩිය. රාජ්‍ය බැංකුව එන්සේ තම කැමැත්තෙන්ම අහිමි කරගත් නිසා රජයේ වියදම් පියවා ගැනීමට විශාල වශයෙන් ණය ගැනීමට ආණ්ඩුවට සිදුවිය. ඒ නිසා ණය බර ද තවත් උග්‍ර විය. ණය ගෙවීම සඳහා තවත් ණය ගනියි. රට සතු ඩොලර් සංචිත ලෙස පෙන් වූයේ ද විදේශවලින් ගත් ණයටය. අපේ සංචිතවල තිබුණේ රජය තම ශක්තියෙන් උපයාගත් ඩොලර් නොවේ. දරා ගැනීමට නොහැකි තරමට ණය ගැනීම නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන පුන පුනා කියා සිටියේ ලංකාව ණය පැහැර හැරීමේ තත්වයකට පත්වීමට ඉතා ආසන්න බවය. ඒ නිසා ලෝක ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් ණය ගැනීමට තිබූ අවස්ථා ද අහිමි විය. එතෙක් රජය ණය ගත්තේ බැඳුම්කර විකිණීමෙනි. ඒවා මිලදී ගැනීම සඳහා පුද්ගලයන් සිටි හෙයින් රජයට ඩොලර්වලින් ණය ගැනීමට හැකි විය. එහෙත් ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනවල අනතුරු ඇඟවීම් නිසා රජයට ලෝක ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ගැනීමට නොහැකි විය. ඒ නිසා අර්බුදය උග්‍ර වෙයි. මෙම ණය ගැනීමට තිබූ ඒ දොරවල් වැසීයාම නිසා ණය ගැනීමට රටවල් පසුපස යයි. ඉන්දියාව චීනය හා බංග්ලාදේශය වැනි රටවල් හිගා කෑමට සිදු වූයේ එහෙයිනි. ආණ්ඩුව කියන්නේ මේ අර්බුදය බාහිර බලවේගවල ප්‍රතිඵලයක් බවය. එහෙත් එය අසත්‍යයකි. දකුණු ආසියාවේ රටවල් අතරින් මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටින්නේ ලංකාව පමණකි. කලාපයේ අනෙක් රටවල් මේ කාලයේ දී තම ඩොලර් සංචිත සේම ආර්ථික වර්ධන වේගය ද වැඩිකරගෙන තිබේ. මාලදිවයිනේ ආර්ථික වර්ධන වේගය 2021 දී 18% ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඉන්දියාව තම ආර්ථික වර්ධන වේගය 10% ක් වනු ඇතැයි කියයි. බංග්ලාදේශය 5.5% ක් ලෙස ද පකිස්ථානය 3.9% ක් ලෙස ද ඇස්තමේන්තු කර තිබේ. එහෙත් ලංකාවේ ඇස්තමේන්තුව 3.4% කි. ලංකාව සිටින්නේ භූතානයට සහ නේපාලයට ටිකක් ඉහළිනි.විදේශ සංචිත වර්ධනය අතින් බැලුවහොත් ඉන්දියාව 2022 මාර්තු වන විට ඇමරිකන් ඩොලර් බිලියන 622 ක් කරා පැමිණ සිටියි. බංග්ලාදේශය තම ඩොලර් සංචිතය බිලියන 45 ක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. පකිස්ථානය තම විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 16 ක් දක්වා ඉහළ තබාගෙන සිටියි. නේපාලය ලංකාවටත් වඩා දුප්පත් රටක් වුවත් මේ කාලයේදී තම සංචිත ඩොලර් බිලියන 10 ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වෙයි. ලංකාවට වඩා පහළින් සිටි වියට්නාමය ද තම විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 107 ක් දක්වා වර්ධනය කරන්ගෙන සිටියි. එහෙත් ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන දෙකකි. ඒ බිලියන දෙකෙහි ඇතුළත් වන්නේද විදේශවලින් ගත් ණය සහ රත්තරන්ය. ඉහත කරුණු අනුව ලංකාවේ ආර්ථික අර්බුදය බාහිර හේතුමත ඇති වූවක් බවට ආණ්ඩුව කියන්නේ අමුම අමු අසත්‍යයකි. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ දෝෂ මත මේ තත්වය ඇති වූ බව දැන්වත් පිළිගත යුතුය බාහිර හේතූ මත ආර්ථික අර්බුදයක් ඇතිවූයේ නම් අනෙක් රටවල ද එසේ විය යුතුය. එහෙත් අනෙක් රටවල් ආර්ථික වර්ධන වේගයෙන් මෙන්ම විදෙස් මුදල් සංචිත රැස් කර ගැනීම අතින් ද පෙන්වා ඇත්තේ වර්ධනයකි. ඒ රටවල් එසේ වර්ධනයක් අත්පත් කරගෙන සිටින්නේ ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙනි. ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාවට අනතුරු අඟවද්දී රජය ඒ අනතුරු ඇගවීම් මායිම් නොකර ඒ ආයතනවලට ගර්ත කළේය. ඒවා බටහිර කුමන්ත්‍රණ බව කියා පෑවේය. රට සතු විදෙස් සංචිත ක්‍රමයෙන් හිඳෙමින් පවතින බව දැක විදෙස් ණය ගෙවීම තාවකාලිකව නවතා තිබෙන ඩොලර් ටිකෙන් රටේ සහ ජනතාවගේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය ඛනිජ තෙල්, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නැයි ආර්ථික විශ්ලේෂකයෝත් ව්‍යාපාරික ප්රජාවත් රජයෙන් ඉල්ලා සිටියහ. එහෙත් ආණ්ඩුවත් මහ බැංකුවත් ඒ ඉල්ලීම් ඉවත දැමුවේ අලුයම ලූ කෙළ පිඩක් ලෙසිනි. එසේ කරමින් වහසි බස් දොඩමින් තිබූ ඩොලර් ටිකත් ණය ගෙවීමට වැය කිරීම නිසා රටේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් නැතිව බලා සිටියි.ඒ නිසා අද රටපුරා විදුලිය කැපෙයි. රට පුරාම පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් පෝලිම් පවතී. පෝලිම්වල සිටින පුරවැසියෝ මැරී ඇද වැටෙති. ඇතැම් අය ගහමරා ගනිති. පීඩිත ජනතාව රජයේ මැති ඇමැතිවරුන්ට පහර දෙති. රට ගිනි ගොඩක්ම පවතිදී ජනාධිපතිවරයා ජාතිය අමතමින් සුරංගනා කතා කියයි. රට ඇතුළේ නිපදවන භාණ්ඩවල මිල ද ඉහළ යයි. බස් ගාස්තු ඉහළ දමයි. ඛනිජ තෙල් හා ගෑස් මිල ඉහළ දමයි. ජනතාව එසේ දහ දුක් විදිද්දී මැති ඇමැතිවරු කිසිම කැපකිරීමක් නොකර සියල වරප්‍රසාද භුක් ති විඳිති. ඒ පිළිවෙතින් ද ආණ්ඩුව තම අකෘතඥතාභාවය ප්‍රදර්ශනය කරයි. ආණ්ඩුවේ මෙම අදුරදර්ශී අත්තනෝමතික හා ප්‍රතිපත්ති නිසා දැනට පවතින ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් කරා මෝරා යනු නිසැකය. ජන ජීවිත එහෙන් ඇද වැටෙද්දී මෙහෙන් විදුලිය හා ඛණිජ තෙල් නැති නිසා කර්මාන්ත බිඳ වැටෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී ලක්ෂ ගණනකට රැකියා නැතිව ඔවුන් මහ පාරට ඇද වැටීමේ අවදානමක් ද පවති. එසේ වූ කළ මා ඉහත කී සමාජ අර්බුදය ද උග්රවනු නියතය. සියල්ල එලෙස වන්නේ කළමනාකරණය කුමක්දැයි ආණ්ඩුව නොදන්නා හෙයිනි. පවතින ආර්ථික අර්බුදවලට ප්රමුඛ හේතුව විදේශ විනිමය අනුපාතයත් විදේශ විනිමය සංචිතයත් කළමනාකරණය නොකිරීමය. අදූරදර්ශී විදේශ විනිමය ප්‍රතිපත්තිය නිසා විදෙස් රැකියා කරන අය බැංකු මාර්ගයෙන් මෙරටට මුදල් එවීම නවතා දැමූහ. ඇතැම් අය මෙරටට මුදල් එව්වේ නීති විරෝධී උණ්ඩියාල් සහ හවාලා ක්‍රම ඔස්සේය. අවසානයේ බොහෝ පිරිසක් ඒ ක්‍රම කරා ඇදී ගියහ. නීති විරෝධී ඒ ක්‍රම රටෙහි තහවුරු වූයේ මහ බැංකුවේ අදූරදර්ශී හා අධම විදේශ විනිමය ප්‍රතිපත්තිය නිසාය. ආණ්ඩුවත් මහ බැංකුවත් අවිදුර දෘෂ්ටිකත්වය නමැති රෝගයෙන් පෙළෙයි. එනම් ආණ්ඩුවටත් මහ බැංකුවටත් දුර නොපෙනෙයි. ආර්ථිකය මෙහෙය වන්නේත් දේශපාලනික න්‍යාය පත්‍රය මූලික කරගෙනය. ව්‍යාපෘති ලක්ෂයක් නමින් ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය දේශපාලකයන් අතර මුදල් ගලා යන ව්‍යාපෘතියකි. එහි අරමුණ මැතිවරණ වලින් ජය ලබා ගැනීමය. දිගින් දිගට මුදල් අච්චු ගැසීම නිසා උද්ධමන අනුපාතය සියයට 18 ක් දක්වා ඉහළ නැග තිබේ. 2021 පෙබරවාරි මාසයේ සිට 2022 පෙබරවාරි මාසය වෙද්දි ආහාර වර්ගවල මිල පමණක් 25% කින් ඉහළ ගොසිනි. මේ ඉලක්කම් මගේ හිතළු නොව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්තය. ඒ මිල ඉහළ යාමට සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම ද හේතු වෙයි. 2020 ජනවාරියේ සිට 2022 ජනවාරිය දක්වා මහ බැකුව ට්‍රිලියන තුනක් එනම් බිලියන 3000 ක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබේ. මුදල් සැපයුම ඉහළ යනවිට එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ද ඉහළ යයි. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය නම් ආණ්ඩුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුය. මේ 2022 දී ඒ ඩොලර් බිලියන හයක විදෙස් ණය ගෙවීමට තිබේ. ඉන් එක් බිලියනයක් එළඹෙන ජුලි මාසයේදී ගෙවිය යුතුය. ඉන්දියාවෙන් ණය ගෙන තිබෙන්නේ ඛණිජ තෙල්, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමටය. දිගින් දිගටම එසේ කළ නොහැකිය. ඒ , නිසා ණය කළමනාකරණය කරගත යුතුමය. අනෙක් පැත්තෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරගත යුතුය. ආණ්ඩුවේ වියදම්වල දැඩි පාලනයක් අවශ්‍ය වෙයි. විදෙස් ණය ප්‍රතිව්‍යුහ ගතකර ගැනීම සඳහා විදේශ සහාය අවශ්‍යය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යා යුත්තේ ඒ සඳහාය. රට පවත්වාගෙන යාමට මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගත යුතුය. ආර්ථිකය නිවැරැදි මාවතකට ගැනීම සඳහා ද මූල්‍ය අරමුදලට යාම ඉවහල් වෙයි.එසේම ආර්ථිකයේ විශාල ප්‍රතිසංස්කරණ කළ යුතුය. ආණ්ඩුව මූල්‍ය පාලනය ක්‍රමවත් කළ යුතුය. ඒ සඳහා බදු ව්‍යුහයේ සංශෝධන අවශ්‍ය වෙයි.විශාල වශයෙන් පාඩු ලබන තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, එයාර් ලංකා ගුවන් සමාගම වැනි රාජ්‍ය ව්‍යාපාරවල කළමනාකරණයෙහි ප්‍රතිසංස්කරණ කළ යුතුය. එකෝ ඒවා පෞද්ගලිකරණය කළ යුතුය. [CENTER][/CENTER] නැතිනම් ඒවා කළමනාකරණයට වෘත්තීමය වශයෙන් සුදුස්සන් පත්කර දේශපාලන ඇඟිලි ගැසීම් නවතා ඒ කළමනාකරුවන්ට ස්වාධීනව කටයුතු කිරීමටත් තීරණ ගැනීමටත් ඉඩ දිය යුතුය. එසේ කළහොත් ඒ ආයතන පවත්වාගෙන යාමට රාජ්‍ය අය වැයෙන් මුදල් දීමට සිදු නොවෙයි. බනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුය.දැන් රටේ තිබෙන්නේ ඒවා කිරීමට සුදුසු පරිසරයකි. ජනතාව මත දැඩි පීඩනයක් හා බරක් පැටවී පවතින්නට පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ද හේතුවී තිබේ. ඒ බව ජනතාවට තේරුම් කර දුනොත් ඒවායේ ප්‍රතිසංස්කරණවලට ජනතා සහාය ලබාගත හැකි වෙයි. පහළ ආදායම් ලබන ජනතාව මත පීඩනයක් එල්ල නොවීම සඳහා මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට යා යුත්තෝ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ වෘත්තිකයෝය. රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු මානව ශාස්ත්‍ර පීඨාධිපති -සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1648171486[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom