Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ මිනිස්සු හරි වෙනස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මිනිස්සු හරි වෙනස්...

ලංකාවේ මිනිස්සු හරි වෙනස්. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ

කිසියම් රටක සංස්කෘතියක අනන්‍යතාවය තීරණය වෙන්නේ ඒ සමාජය තුල ජීවත් වෙන පුද්ගලයින්ගේ චරිත ව්‍යුහය, හැසිරීම් රටාව, සාර ධර්ම හා ප්‍රතිමාන අනුවයි. මෙහිදී එකී සංස්කෘතිය ගොඩනැගෙන්නට පුද්ගල චර්යාව ප්‍රබල ලෙස බලපානවා. විවිධ අවස්ථාවන්හිදී එක් එක් ජාතීන් පොදුවේ කවර අන්දමේ ප්‍රතිචාරයක් දක්වන්නේ ද යැයි අධ්‍යයනය කරල, බහුතරයක් මෙහෙමයි කියලා ඒ අනුව අප නොදැනුවත්වම ලේබල්කරණයක් සිදු කරනවා. ඕනෑම ජන කොටසක් තමන් සංස්කෘතිය හා සභ්‍යත්වය අතින් “අපි ඕගොල්ලන්ට වඩා උසස් කියල” පිලිගන්නවා. ගෝලියකරණයත් සමඟ විවිධ සමාජ සංස්කෘතීන් වසර කිහිපයක් තුල අපූරුවට සංකලනය හා සමිශ්‍රණය වී ඇති අයුරු අද බොහෝ රටවල් වල බලා ගන්නට පුලුවන්.

දැන් අපි ලංකාවට පොඩ්ඩක් හැරිල බලමු. ආගමානුකූල වත්පිලිවෙත් වලට ප්රමුඛත්වයක් දෙන, බුදු දහමේ ප්රභවය නිසා ඇතිවූ ගුණාංග වලින් පිරි හෙල සංස්කෘතියකට අපි හිමිකම් කියනවා. සමාජ විපර්යාසන් සමඟ විවිධ ජාතින් සමිශ්‍රණය වී සංවර්ධනය වූ අපේ සංස්කෘතියේ මිනිසුන් තුල, සහනශීලිත්වය, ආගන්තුක සත්කාරය, ආචාරශීලි බව, ඉවසීම, අවබෝධය හා අත්දැකීම මත දියුණු වීම හා පරිත්‍යාගශීලිත්වය හා පරෝපකාරය වැනි ගති පැවතුම් ඇට මස් රිහිරි අස්සේ මුල් ඇදුනා. ඔය කියන ගුණාංග වලට අමතරව, ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු තුල සහජයෙන් පිහිටන පුරුදු කිහිපයක් තියවනවා. කවුරු හරි නුරුස්සන වැඩක් කලොත් “ආහ්, ඕක ඉතින් ලංකාවේ උන්ගේ හැටිනේ..” කියල ඔබත් නිතරම අහල ඇති නේ. අපි මේක ලිව්වේ උපහාසයට මිස අපහාසයට නොවන බව කරුණාවෙන් සලකන්න. මේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු අතර කැපී පෙනෙන චරිතාංග කිහිපයක්. ලංකාවේ මිනිස්සු හරි වෙනස්, ඒ වෙනසට අපි ගරු කරන්න ඕන, හරිද?

1. ඉක්මණට අමතක වෙන ගතිය.

අයියෝ මට මතක නෑ, අනේ. )

විස්මෘතිය හෙවත් ඇම්නීසියාව කියන්නේ මොළයට ඇතිවන කම්පනයක් හෝ වෙනයම් අහිතකර බලපෑමක් හේතු කොට ගෙන ඇතිවන අමතක වීමේ තත්ත්වයක්. පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරු පොරොන්දු ඇම්නීසියාව කියන රෝගයෙන් තදබල ලෙස දුක් විඳිනවා. කාලීනව සමාජ ජාලා වෙබ් අඩවි හා ජන මාධ්‍ය තුල විවිධ වූ ට්‍රෙන්ඩ් ඇති වෙනවා. අභිරහස් මිනී මැරුමක්, දේශපාලන හුටපටයක්, සුපර් ස්ටාර් හීන මවන ජස්ටින් බීබර්ලගේ නවතම ගීතයක්, වයිරල් වුණු පෞද්ගලික පලහිලව්වක වීඩියෝ එකක්, මතභේදකාරි වෙළඳ දැන්වීමක් අලලා නොයෙකුත් කතිකාවන් බිහි වුණත්, ඒ ඔක්කොම පවතින්නේ දින කිහිපයක් පමණයි. උණුසම ගිය ගමන්ම ඊලඟ එපිසෝඩ් එක පටන් ගන්නවා. මෙන්න මේ මානසික තත්ත්වය හින්දම ලංකාවේ ගොඩක් අයව නොමඟ යවන්න ලේසියි. හැබැයි දේශපාලුවන් ඕක හරිහැටි තේරුම් අරනුයි ඉන්නේ. ඔව් ඉතින් , ටිකක් හරි ගියාම, මුල අමතක වෙන සෙට් එකත් අමතක නොකරම බෑ.

2. සූක්ෂම ලෙස පොල්ල තැබීම.

ඕන, එත් බෑ වගේ මෙයා.

මෙන්න මේ කාණ්ඩේ ඉන්න අයව තඹ සතේකට විස්වාස කරන්න බෑ. පෙරුම් පුරාගෙන, කොහොමහරි බැච් ට්‍රිප් එකක් යන්න හදපුවහම, ලොකු ලොකු ප්ලෑන් ගහලා, ලොකුම සෙට් එකක් එකතු කරගෙන අන්තිම මොහොතේ පොල්ල තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉන්නවා. ෆිල්ම් එකක් බලන්න හරි, උත්සවේක සෙට් වෙන්න යන වෙලාවක මේ මිනිස්සු හදිසියේම අතුරුදහන් වෙනවා. යන දවසේ ඒ ගොල්ලන්ට දාහක් නිදහසට හේතු. ඉස්කෝලේ යන කාලේ විතරක් නෙමෙයි, පිටත සමාජයේ පවා මේ වගේ කැරැක්ටර නිතරම අපිට මුණ ගැහෙනවා.

3. වැඩ නැතත්, පොර ටෝක්.

ඉන්න ඉන්න මම වැඩේ කරලා දෙන්නම්. (ලබන ආත්මේ)

සෙප්පඩ විජ්ජා දාලා කොහොමහරි වචනයෙන් මිනිස්සු වශී කරගන්න එකත් එක්තරා අන්දමේ දක්ෂතාවක්. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙහෙම කට්ටියට අපි, බොරු ෂෝ කාරයෝ කියලයි කියන්නේ. පණ්ඩිත ටෝක් දුන්නට, ඒ වයෙන් භාගයක් මේ ආත්මෙට සිද්ද වෙන්නැති දේවල්. මතකද, මණ්ඩුක භවනේ ඉන්න ගෙම්බා, මණ්ඩුක ! අන්න, මේකට කදිම උදාහරණයක්. මණ්ඩුක ඉන්නේ හරිම මාන්නෙන්. අනිත් අයව පාච්චල් කරල තමා හැමතිස්සෙම වාගේ කතා කරන්නේ. හැබැයි මෙලෝ හසරක් දන්නෑ. අන්තිමට හෝතඹුවොගෙන් යස අගේට කාලා, මහතුන් අයියාගෙන් හොඳ දේශනාවක් අහගෙන තමා මණ්ඩුකගේ ඔය විජ්ජුම්බර ඉවර වෙන්නේ. බාගෙට තැම්බිච්ච විශාරදයින්ගේ කතා වලට ඔබත් රැවටිලා තියෙනවද?

4. කීබෝඩ් වීරත්වය.

අද කාලේ ෆේස්බුක් එකේ හරි ටිව්ටර් පැත්තේ හරි වලි එමටයි. දාර්ශනිකයින්, චේ ගුවේරලා, ආගම, ජාතිය, පක්ෂය වෙනුවෙන් සටන් වදින බලකායන් හැමතැනම. සැබෑ ජිවිතයේ බලු කුක්කන්ට පවා බය ගැටවරයින්, කාඩ්බෝඩ් වීරයින් ලෙස පෙරමුණට එන්නේ සමාජ ජාලා තුළ ඇතිවන වාද විවාද හරහාය. සම-හරක් කඩ්ඩෙන් හෝ හෝ ගා කොටයි. කොටාගෙන එකිනෙකා ගහ මරා ගන්නා තත්ත්වයට පැමිණෙන අවස්ථා ද ඇත. නමුත් මේ සියලුම වලි, වචන හරඹ තිරයට පමණක් සීමා වනවා වනම් කම් නැත. විරුද්ධ මත නොදිරවීමේ ගුණය දැන් අප බොහෝ දෙනෙකුට තදිනම බෝ වී ඇති අතර ඉවසීමෙන් හා සංයමෙන් අදහස් හුවමාරු කර ගැනීම තරමක් අසීරු කර්තව්‍යයක් වී ඇත.

5. බාලගිරි දෝසය.

ඉන්නකෝ වද දෙන්නේ නැතිව, මම මේ post ටිකට like දාපු ගමන් වැඩේට බහින්නම්

උපතින්ම බොහෝ දෙනෙකුට පිහිටන දෝෂයකි. “අද නම් බෑ, හෙට බලමුකෝ, කරමුකෝ, මුණ ගැහෙමුකෝ”

ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් දහඩිය, මහන්සියෙන් පොලොවත් සමඟ ගැටෙමින් කටුක දිවියේ සාර්ථක අස්වැන්න නෙලා ගත්තේ ඔවුන් තුළ සහජයෙන් පිහිටි කඩිසර බව හේතුවෙනි. තවමත් ආච්චිලාට වැඩක් පළක් නොකර නිවසේ සිටිය නොහැක. අද දවසට නියමිත වැඩ අදම කරන්නට අපි ළමා කාලයේ පුරුදු වූයෙමු. නමුත් කෙමෙන් කෙමෙන් වැඩෙත්ම කම්මැලිකම අප ගිල ගත්තේය. රස්තියාදු නොවී අද සමහර රාජකාරි වැඩ කර ගත නොහැක. සූර පප්පා එකේ මතකද ක්ලියෝපැට්රගේ අභියෝග 7. 838 අවසර පත්‍රය ගන්න සූර පප්පටයි, ජිම් පප්පටයි විඳින්න වෙච්ච අකරතැබ්බය අතිශයෝක්තියක් නෙමෙයි. පැයෙන් කර ගන්න පුලුවන් වැඩේට දවසක් යන්නේ අවාසනාවකට වගේ ඒ උදාසීන මිනිස්සු හින්ද තමයි. කාර්යබහුලයි කියල අඟවනව විතරයි. වැඩ නැහැ. අයිස් ගහනව විතරයි.

6. ගමේ නිවස් ෆස්ට් වාර්තාකරණය.

ලිඳ ලග සංගමේ තමා ඕන නිව්ස් එකක් හොයාගන්න හොඳම තැන

ලිඳ ලග සංගමේ තමා ඕන නිව්ස් එකක් හොයාගන්න හොඳම තැන

රොයිටර් ඇන්ටිලාට ඇන්ටනා තියනව කියන්නේ නිකං නෙමෙයි. අපේ පාරේ වෙන දේවල් විතරක් නෙමයි, අහල ගම් හතක සිද්ධ වෙන දේවල් ඇන්ටි දන්නවා. ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරනව වෙනුවට, ලුණු ඇඹුල් දාලා, එක දෙක වෙලා තමා උණුසුම් පුවත් අපට ලැබෙන්නේ. ඕලේවල්, ඒලෙවෙල් රිසල්ට්ස්, මංගො නැන්දගේ දුව අංගො කුමාරි පැනල ගිය හැටි, අලුතින් මහල් නිවාසයට ආපු පවුලේ වග තුග, ඔන්න ඔය වගේ එච්චර වැදගම්මක් නැති පුවත්, බ්රේකින්ං නිව්ස් වගේ රස කර කර කියන්නේ මෙහෙම කට්ටිය තමයි. ඇන්ටිල විතරක් නෙමයි, ගමේ කාගෙත් සිත් නොගත් අබිලිංලත් ඉන්නවා. ලැව් ගින්නක් ගෙනියන්න පුලුවන් දස්සකම් තියෙන මේ උදවිය ප්‍රවේසමෙන් තමා ආශ්‍රය කරන්න ඕනේ.

7. වංශේ කබල් ගෑම.

තමුසෙලා දන්නවද මම කවුද කියල?

තමුසෙලා දන්නවද මම කවුද කියල?

නිහතමානි පුද්ගලයාට තමා සතුව ඇති වටිනාම වස්තුව තම දැනුම් සම්භාරය සහ ගුණ ධර්මයි. තමාට කොරතරම් මිල මුදල් වත්කම් තිබුණත් ඔහු/ඇය කිසි විටෙකත් උඩඟු බවින් පසු නොවේ. තම බූදලය, කුලය මලය ගැන පුරසාරම් දොඩා කිසි දිනෙක පුහු මාන්නෙන් හිස උදුම්මවා නොගනියි. “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය” කියා බයිබලයේද සඳහන් වේ. වංශේ නිතරම කබල් ගාමින් ජීවිතයේ ඕනෑ එපාකම් සපුරා ගන්නා ජාතියක් අපි අතර ඉන්නවා. තමන්ගේ හත්මුතු පරම්පරාව ඒ කාලේ හිටපු හැටි ගැන පාරම් බාමින් නැති වැදගත්මක් අලුතින් එක් කර ගැනීමට මොවුන් තැත් කරයි. කුලය, බලය අයුතු ලෙස පාවිච්චි කරමින් කීර්තියට පත් වීමේ අභිලාෂයෙන් මොවුන් කටයුතු කරති. හීනමානය හේතු කොටගෙන, පුරසාරම් දොඩමින් කල් ගෙවන හිස් මිනිසුන් සමාජයේ පාවි පාවි සිටින අයුරු ඔබත් දැක තිබෙන්නට පුලුවන.

8. හිනාවෙන් ගේම ගෙන යාම

ඉඳපල්ලා, මම දෙන්නම්කෝ

සිනා බෝ වේවා ! සිනහව යනු මුහුණට සිරියාව එක් කරන්නකි. නමුත් සිනා සෙන සියලු දෙනාගේ සිතිවිලි පිවිතුරු නොවේ. බොරු හිනාවක් දමා මිනිසුන්ගේ හොඳ හිතා දිනා ගන්නා නොයෙකුත් අය අප සමාජයේ සිටිති. දිය යටින් ගින්දර ගෙන යනවා සේම, පැණි හිනාවක් දමා මිනිසුන් රවටා ගෙන තම යටි අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙවැනි පුද්ගලයින්ට හැකියාව ඇත. මොවුන්ගේ නියම ස්වරූපය ඉස්මතු වන්නේ ටික කලක් ඔවුන් ආශ්‍රය කිරීමෙන් පසුවය.

9. නිතරම කණු කුණු ගෑම.

බිස්නස් අඩුයි මෙයා මේ දවස්වල- බලන්නකෝ ආණ්ඩුවේ හැටි

බිස්නස් අඩුයි මෙයා මේ දවස්වල- බලන්නකෝ ආණ්ඩුවේ හැටි

මෙවැනි තැතැන්ත්තන් ජීවිතය දෙස බලන්නේ හරිම මාන්දමිකවයි. කොච්චර තිබ්බත්, මොකාක් හරි අවුලක් ඇත. නිතරම රටේ ලෝකේ වෙන දේ ගැන පසු තැවීමකින් පසුවේ. ඉන්නේ දාහට අරන් සීයට දුන්නාක් මෙනි. ජීවන බර, අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ, රටේ සංවර්ධනය, පවුලේ අනාගතය ගැන මොවුන්ට ප්‍රශ්න කන්දරාවක් ඇත. මිතුරකු හමු විට, මොවුන් පුරුද්දක් හැටියට රටේ පුරස්නයක් අල්ලාගෙන කතාවකට බහියි. මින් ඔවුන්ට තෘප්තියක් ලැබෙනවාද යැයි වෙලාවකට සිතෙන අවස්ථා ඇත.

10. සහජ විප්ලවකාරිත්වය.

මොකද්ද ඕයි මේකේ තේරුම

මානව අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සිදු කල විපලව රැසක් ඉතිහාසයට එක් වී ඇත්තේ ජන බලයේ ඇති ප්‍රබලත්වය ඉස්මතු කරවමිනි. වැටුප් වැඩි කිරිමේ සිට රටක ජනාධිපති බලයෙන් පහ කරන්නට විප්ලව හා විරෝධතා රැලි සමත් ව තිබෙනවා. නිකං ලැබෙන බත් පතේත් ඇද හොයන ගතිය වගේම පොඩ්ඩ වැරදුණොත් පාරට බහින සහජ විප්ලවකාරිත්වය අපේ රටේ ගොඩක් තරුණ ලේ තුල පිහිටා තිබෙනවා. අසාධාරණයට එරෙහිව, මානව හිමිකම් උල්ලංඝණයවීම් වලට එරෙහිව සිදු කල බොහෝ විරෝධතා රැලි හා සත්යග්රහ බොහොමයක් කෙළවර වන්නේ ගුටි බැට හා කඳුලු ගෑස් ප්රහාහර වලිනුයි. දැන් හතු පිපෙනවා වගේ හැම තැනම විරෝධතා රැලි, පිකට්ං. පාර අවහිර කරගෙන සාමාන්‍ය ජීවිතයට බාධා එක් කරමින් තවත් පිරිසකගේ නිදහස් අයිතින්ට අකුල් හෙලමින් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තැත් කිරීම කොතරම් දුරට නිවැරදදි යන්න ප්‍රශ්නයක් පැන නැගේ.

බුකියෙනි....

[QUOTE="wije99000, post: 20629283, member: 169520"] [b]ලංකාවේ මිනිස්සු හරි වෙනස්...[/b] [SIZE="4"]ලංකාවේ මිනිස්සු හරි වෙනස්. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ කිසියම් රටක සංස්කෘතියක අනන්‍යතාවය තීරණය වෙන්නේ ඒ සමාජය තුල ජීවත් වෙන පුද්ගලයින්ගේ චරිත ව්‍යුහය, හැසිරීම් රටාව, සාර ධර්ම හා ප්‍රතිමාන අනුවයි. මෙහිදී එකී සංස්කෘතිය ගොඩනැගෙන්නට පුද්ගල චර්යාව ප්‍රබල ලෙස බලපානවා. විවිධ අවස්ථාවන්හිදී එක් එක් ජාතීන් පොදුවේ කවර අන්දමේ ප්‍රතිචාරයක් දක්වන්නේ ද යැයි අධ්‍යයනය කරල, බහුතරයක් මෙහෙමයි කියලා ඒ අනුව අප නොදැනුවත්වම ලේබල්කරණයක් සිදු කරනවා. ඕනෑම ජන කොටසක් තමන් සංස්කෘතිය හා සභ්‍යත්වය අතින් “අපි ඕගොල්ලන්ට වඩා උසස් කියල” පිලිගන්නවා. ගෝලියකරණයත් සමඟ විවිධ සමාජ සංස්කෘතීන් වසර කිහිපයක් තුල අපූරුවට සංකලනය හා සමිශ්‍රණය වී ඇති අයුරු අද බොහෝ රටවල් වල බලා ගන්නට පුලුවන්. දැන් අපි ලංකාවට පොඩ්ඩක් හැරිල බලමු. ආගමානුකූල වත්පිලිවෙත් වලට ප්රමුඛත්වයක් දෙන, බුදු දහමේ ප්රභවය නිසා ඇතිවූ ගුණාංග වලින් පිරි හෙල සංස්කෘතියකට අපි හිමිකම් කියනවා. සමාජ විපර්යාසන් සමඟ විවිධ ජාතින් සමිශ්‍රණය වී සංවර්ධනය වූ අපේ සංස්කෘතියේ මිනිසුන් තුල, සහනශීලිත්වය, ආගන්තුක සත්කාරය, ආචාරශීලි බව, ඉවසීම, අවබෝධය හා අත්දැකීම මත දියුණු වීම හා පරිත්‍යාගශීලිත්වය හා පරෝපකාරය වැනි ගති පැවතුම් ඇට මස් රිහිරි අස්සේ මුල් ඇදුනා. ඔය කියන ගුණාංග වලට අමතරව, ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු තුල සහජයෙන් පිහිටන පුරුදු කිහිපයක් තියවනවා. කවුරු හරි නුරුස්සන වැඩක් කලොත් “ආහ්, ඕක ඉතින් ලංකාවේ උන්ගේ හැටිනේ..” කියල ඔබත් නිතරම අහල ඇති නේ. අපි මේක ලිව්වේ උපහාසයට මිස අපහාසයට නොවන බව කරුණාවෙන් සලකන්න. මේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු අතර කැපී පෙනෙන චරිතාංග කිහිපයක්. ලංකාවේ මිනිස්සු හරි වෙනස්, ඒ වෙනසට අපි ගරු කරන්න ඕන, හරිද? 1. ඉක්මණට අමතක වෙන ගතිය. අයියෝ මට මතක නෑ, අනේ. ) විස්මෘතිය හෙවත් ඇම්නීසියාව කියන්නේ මොළයට ඇතිවන කම්පනයක් හෝ වෙනයම් අහිතකර බලපෑමක් හේතු කොට ගෙන ඇතිවන අමතක වීමේ තත්ත්වයක්. පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරු පොරොන්දු ඇම්නීසියාව කියන රෝගයෙන් තදබල ලෙස දුක් විඳිනවා. කාලීනව සමාජ ජාලා වෙබ් අඩවි හා ජන මාධ්‍ය තුල විවිධ වූ ට්‍රෙන්ඩ් ඇති වෙනවා. අභිරහස් මිනී මැරුමක්, දේශපාලන හුටපටයක්, සුපර් ස්ටාර් හීන මවන ජස්ටින් බීබර්ලගේ නවතම ගීතයක්, වයිරල් වුණු පෞද්ගලික පලහිලව්වක වීඩියෝ එකක්, මතභේදකාරි වෙළඳ දැන්වීමක් අලලා නොයෙකුත් කතිකාවන් බිහි වුණත්, ඒ ඔක්කොම පවතින්නේ දින කිහිපයක් පමණයි. උණුසම ගිය ගමන්ම ඊලඟ එපිසෝඩ් එක පටන් ගන්නවා. මෙන්න මේ මානසික තත්ත්වය හින්දම ලංකාවේ ගොඩක් අයව නොමඟ යවන්න ලේසියි. හැබැයි දේශපාලුවන් ඕක හරිහැටි තේරුම් අරනුයි ඉන්නේ. ඔව් ඉතින් , ටිකක් හරි ගියාම, මුල අමතක වෙන සෙට් එකත් අමතක නොකරම බෑ. 2. සූක්ෂම ලෙස පොල්ල තැබීම. ඕන, එත් බෑ වගේ මෙයා. ) මෙන්න මේ කාණ්ඩේ ඉන්න අයව තඹ සතේකට විස්වාස කරන්න බෑ. පෙරුම් පුරාගෙන, කොහොමහරි බැච් ට්‍රිප් එකක් යන්න හදපුවහම, ලොකු ලොකු ප්ලෑන් ගහලා, ලොකුම සෙට් එකක් එකතු කරගෙන අන්තිම මොහොතේ පොල්ල තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉන්නවා. ෆිල්ම් එකක් බලන්න හරි, උත්සවේක සෙට් වෙන්න යන වෙලාවක මේ මිනිස්සු හදිසියේම අතුරුදහන් වෙනවා. යන දවසේ ඒ ගොල්ලන්ට දාහක් නිදහසට හේතු. ඉස්කෝලේ යන කාලේ විතරක් නෙමෙයි, පිටත සමාජයේ පවා මේ වගේ කැරැක්ටර නිතරම අපිට මුණ ගැහෙනවා. 3. වැඩ නැතත්, පොර ටෝක්. ඉන්න ඉන්න මම වැඩේ කරලා දෙන්නම්. (ලබන ආත්මේ) ) සෙප්පඩ විජ්ජා දාලා කොහොමහරි වචනයෙන් මිනිස්සු වශී කරගන්න එකත් එක්තරා අන්දමේ දක්ෂතාවක්. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙහෙම කට්ටියට අපි, බොරු ෂෝ කාරයෝ කියලයි කියන්නේ. පණ්ඩිත ටෝක් දුන්නට, ඒ වයෙන් භාගයක් මේ ආත්මෙට සිද්ද වෙන්නැති දේවල්. මතකද, මණ්ඩුක භවනේ ඉන්න ගෙම්බා, මණ්ඩුක ! අන්න, මේකට කදිම උදාහරණයක්. මණ්ඩුක ඉන්නේ හරිම මාන්නෙන්. අනිත් අයව පාච්චල් කරල තමා හැමතිස්සෙම වාගේ කතා කරන්නේ. හැබැයි මෙලෝ හසරක් දන්නෑ. අන්තිමට හෝතඹුවොගෙන් යස අගේට කාලා, මහතුන් අයියාගෙන් හොඳ දේශනාවක් අහගෙන තමා මණ්ඩුකගේ ඔය විජ්ජුම්බර ඉවර වෙන්නේ. බාගෙට තැම්බිච්ච විශාරදයින්ගේ කතා වලට ඔබත් රැවටිලා තියෙනවද? 4. කීබෝඩ් වීරත්වය. අද කාලේ ෆේස්බුක් එකේ හරි ටිව්ටර් පැත්තේ හරි වලි එමටයි. දාර්ශනිකයින්, චේ ගුවේරලා, ආගම, ජාතිය, පක්ෂය වෙනුවෙන් සටන් වදින බලකායන් හැමතැනම. සැබෑ ජිවිතයේ බලු කුක්කන්ට පවා බය ගැටවරයින්, කාඩ්බෝඩ් වීරයින් ලෙස පෙරමුණට එන්නේ සමාජ ජාලා තුළ ඇතිවන වාද විවාද හරහාය. සම-හරක් කඩ්ඩෙන් හෝ හෝ ගා කොටයි. කොටාගෙන එකිනෙකා ගහ මරා ගන්නා තත්ත්වයට පැමිණෙන අවස්ථා ද ඇත. නමුත් මේ සියලුම වලි, වචන හරඹ තිරයට පමණක් සීමා වනවා වනම් කම් නැත. විරුද්ධ මත නොදිරවීමේ ගුණය දැන් අප බොහෝ දෙනෙකුට තදිනම බෝ වී ඇති අතර ඉවසීමෙන් හා සංයමෙන් අදහස් හුවමාරු කර ගැනීම තරමක් අසීරු කර්තව්‍යයක් වී ඇත. 5. බාලගිරි දෝසය. ඉන්නකෝ වද දෙන්නේ නැතිව, මම මේ post ටිකට like දාපු ගමන් වැඩේට බහින්නම් උපතින්ම බොහෝ දෙනෙකුට පිහිටන දෝෂයකි. “අද නම් බෑ, හෙට බලමුකෝ, කරමුකෝ, මුණ ගැහෙමුකෝ” ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් දහඩිය, මහන්සියෙන් පොලොවත් සමඟ ගැටෙමින් කටුක දිවියේ සාර්ථක අස්වැන්න නෙලා ගත්තේ ඔවුන් තුළ සහජයෙන් පිහිටි කඩිසර බව හේතුවෙනි. තවමත් ආච්චිලාට වැඩක් පළක් නොකර නිවසේ සිටිය නොහැක. අද දවසට නියමිත වැඩ අදම කරන්නට අපි ළමා කාලයේ පුරුදු වූයෙමු. නමුත් කෙමෙන් කෙමෙන් වැඩෙත්ම කම්මැලිකම අප ගිල ගත්තේය. රස්තියාදු නොවී අද සමහර රාජකාරි වැඩ කර ගත නොහැක. සූර පප්පා එකේ මතකද ක්ලියෝපැට්රගේ අභියෝග 7. 838 අවසර පත්‍රය ගන්න සූර පප්පටයි, ජිම් පප්පටයි විඳින්න වෙච්ච අකරතැබ්බය අතිශයෝක්තියක් නෙමෙයි. පැයෙන් කර ගන්න පුලුවන් වැඩේට දවසක් යන්නේ අවාසනාවකට වගේ ඒ උදාසීන මිනිස්සු හින්ද තමයි. කාර්යබහුලයි කියල අඟවනව විතරයි. වැඩ නැහැ. අයිස් ගහනව විතරයි. 6. ගමේ නිවස් ෆස්ට් වාර්තාකරණය. ලිඳ ලග සංගමේ තමා ඕන නිව්ස් එකක් හොයාගන්න හොඳම තැන ලිඳ ලග සංගමේ තමා ඕන නිව්ස් එකක් හොයාගන්න හොඳම තැන රොයිටර් ඇන්ටිලාට ඇන්ටනා තියනව කියන්නේ නිකං නෙමෙයි. අපේ පාරේ වෙන දේවල් විතරක් නෙමයි, අහල ගම් හතක සිද්ධ වෙන දේවල් ඇන්ටි දන්නවා. ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරනව වෙනුවට, ලුණු ඇඹුල් දාලා, එක දෙක වෙලා තමා උණුසුම් පුවත් අපට ලැබෙන්නේ. ඕලේවල්, ඒලෙවෙල් රිසල්ට්ස්, මංගො නැන්දගේ දුව අංගො කුමාරි පැනල ගිය හැටි, අලුතින් මහල් නිවාසයට ආපු පවුලේ වග තුග, ඔන්න ඔය වගේ එච්චර වැදගම්මක් නැති පුවත්, බ්රේකින්ං නිව්ස් වගේ රස කර කර කියන්නේ මෙහෙම කට්ටිය තමයි. ඇන්ටිල විතරක් නෙමයි, ගමේ කාගෙත් සිත් නොගත් අබිලිංලත් ඉන්නවා. ලැව් ගින්නක් ගෙනියන්න පුලුවන් දස්සකම් තියෙන මේ උදවිය ප්‍රවේසමෙන් තමා ආශ්‍රය කරන්න ඕනේ. 7. වංශේ කබල් ගෑම. තමුසෙලා දන්නවද මම කවුද කියල? තමුසෙලා දන්නවද මම කවුද කියල? නිහතමානි පුද්ගලයාට තමා සතුව ඇති වටිනාම වස්තුව තම දැනුම් සම්භාරය සහ ගුණ ධර්මයි. තමාට කොරතරම් මිල මුදල් වත්කම් තිබුණත් ඔහු/ඇය කිසි විටෙකත් උඩඟු බවින් පසු නොවේ. තම බූදලය, කුලය මලය ගැන පුරසාරම් දොඩා කිසි දිනෙක පුහු මාන්නෙන් හිස උදුම්මවා නොගනියි. “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය” කියා බයිබලයේද සඳහන් වේ. වංශේ නිතරම කබල් ගාමින් ජීවිතයේ ඕනෑ එපාකම් සපුරා ගන්නා ජාතියක් අපි අතර ඉන්නවා. තමන්ගේ හත්මුතු පරම්පරාව ඒ කාලේ හිටපු හැටි ගැන පාරම් බාමින් නැති වැදගත්මක් අලුතින් එක් කර ගැනීමට මොවුන් තැත් කරයි. කුලය, බලය අයුතු ලෙස පාවිච්චි කරමින් කීර්තියට පත් වීමේ අභිලාෂයෙන් මොවුන් කටයුතු කරති. හීනමානය හේතු කොටගෙන, පුරසාරම් දොඩමින් කල් ගෙවන හිස් මිනිසුන් සමාජයේ පාවි පාවි සිටින අයුරු ඔබත් දැක තිබෙන්නට පුලුවන. 8. හිනාවෙන් ගේම ගෙන යාම ඉඳපල්ලා, මම දෙන්නම්කෝ සිනා බෝ වේවා ! සිනහව යනු මුහුණට සිරියාව එක් කරන්නකි. නමුත් සිනා සෙන සියලු දෙනාගේ සිතිවිලි පිවිතුරු නොවේ. බොරු හිනාවක් දමා මිනිසුන්ගේ හොඳ හිතා දිනා ගන්නා නොයෙකුත් අය අප සමාජයේ සිටිති. දිය යටින් ගින්දර ගෙන යනවා සේම, පැණි හිනාවක් දමා මිනිසුන් රවටා ගෙන තම යටි අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙවැනි පුද්ගලයින්ට හැකියාව ඇත. මොවුන්ගේ නියම ස්වරූපය ඉස්මතු වන්නේ ටික කලක් ඔවුන් ආශ්‍රය කිරීමෙන් පසුවය. 9. නිතරම කණු කුණු ගෑම. බිස්නස් අඩුයි මෙයා මේ දවස්වල- බලන්නකෝ ආණ්ඩුවේ හැටි බිස්නස් අඩුයි මෙයා මේ දවස්වල- බලන්නකෝ ආණ්ඩුවේ හැටි මෙවැනි තැතැන්ත්තන් ජීවිතය දෙස බලන්නේ හරිම මාන්දමිකවයි. කොච්චර තිබ්බත්, මොකාක් හරි අවුලක් ඇත. නිතරම රටේ ලෝකේ වෙන දේ ගැන පසු තැවීමකින් පසුවේ. ඉන්නේ දාහට අරන් සීයට දුන්නාක් මෙනි. ජීවන බර, අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ, රටේ සංවර්ධනය, පවුලේ අනාගතය ගැන මොවුන්ට ප්‍රශ්න කන්දරාවක් ඇත. මිතුරකු හමු විට, මොවුන් පුරුද්දක් හැටියට රටේ පුරස්නයක් අල්ලාගෙන කතාවකට බහියි. මින් ඔවුන්ට තෘප්තියක් ලැබෙනවාද යැයි වෙලාවකට සිතෙන අවස්ථා ඇත. 10. සහජ විප්ලවකාරිත්වය. මොකද්ද ඕයි මේකේ තේරුම මානව අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සිදු කල විපලව රැසක් ඉතිහාසයට එක් වී ඇත්තේ ජන බලයේ ඇති ප්‍රබලත්වය ඉස්මතු කරවමිනි. වැටුප් වැඩි කිරිමේ සිට රටක ජනාධිපති බලයෙන් පහ කරන්නට විප්ලව හා විරෝධතා රැලි සමත් ව තිබෙනවා. නිකං ලැබෙන බත් පතේත් ඇද හොයන ගතිය වගේම පොඩ්ඩ වැරදුණොත් පාරට බහින සහජ විප්ලවකාරිත්වය අපේ රටේ ගොඩක් තරුණ ලේ තුල පිහිටා තිබෙනවා. අසාධාරණයට එරෙහිව, මානව හිමිකම් උල්ලංඝණයවීම් වලට එරෙහිව සිදු කල බොහෝ විරෝධතා රැලි හා සත්යග්රහ බොහොමයක් කෙළවර වන්නේ ගුටි බැට හා කඳුලු ගෑස් ප්රහාහර වලිනුයි. දැන් හතු පිපෙනවා වගේ හැම තැනම විරෝධතා රැලි, පිකට්ං. පාර අවහිර කරගෙන සාමාන්‍ය ජීවිතයට බාධා එක් කරමින් තවත් පිරිසකගේ නිදහස් අයිතින්ට අකුල් හෙලමින් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තැත් කිරීම කොතරම් දුරට නිවැරදදි යන්න ප්‍රශ්නයක් පැන නැගේ. බුකියෙනි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom