Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ඇපල් මාටින්ගේ කථාව !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඇපල් මාටින්ගේ කථාව !

විදේශ රටවලින් ලංකාවට ගෙන්වන පළතුරු අතුරින් විශේෂ තැනක් හිමිවන්නේ ඇපල් වලටය. අපනයනයන් සීමාසහිත වී, ආනයනයන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ලංකාවේ රුපියල් ඩොලර් බවට පත්ව,විදේශ විනිමය වෙනත් රටවලට ඇදී යන යුගයක ලංකාවේ ඇපල් වගා කල කාලපරිච්ඡේදයක් තිබූ බව අසන විටද පුදුමය ගෙන දෙන්නකි.

1960 - 1977 යන කාලය තුළ අප රට දේශීයත්වයට නැඹුරුවක් තිබූ කාලයක් යැයි කීම නිවැරදියි. එවන් වූ වකවානුවක මෙරට හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය මාර්ටින් නම් මේ මිනිසාට ලංකාවේ ඇපල් වගාකිරීමට සිතීම හාස්‍ය ගෙන දෙන්නක් වුවත් අවසානයේ අපව පුදුමයට පත්කරවන්නටද ඔහුට හැකිවිය.

නානුඔය,ග්‍රේට්වෙස්ටන් කන්ද අවසානය වන වලපන ප්‍රදේශයේ මහඌව වතුයාය ආසන්න ප්‍රදේශය මෙම වගාවට සුදුසු ස්ථානයක් ලෙස මාර්ටින් තෝරාගත්තේ කෘෂිකර්මය ගැන වූ උගත් කමක් නිසා නොව පරිසර හිතකාමීව ජීවත් වූ ඔහුට සොබාදහම ගැන පරිසරය ගැන මනා අවබෝධයක් තිබූ නිසාය. අඩි 3000 ත් 5000 ත් අතර උස්වු කදුකරය තෝරාගත් ඔහුට එහි සිට බලන විට පහළින් දිස්වූයේ මහියංගන ප්‍රදේශයත් එහි සිට කුඩාවට ගලන මහවැලි ගංගාවත්ය.

එක් පැත්තකින් වියළි කාලගුණයක් සහිත ප්‍රදේශයක් වන අතර අනෙක් පසින් ඒ ප්‍රදේශය වටවී ඇති ග්‍රේට්වෙස්ටන් කඳු පංතියත්ය. මේ පරිසර පිහිටීම ඇපල් වගාව සාර්ථක වීමේ රහස බවට පසුව කල පරීක්ෂණ වලින් හෙළිවූයේය. ඇපල් වගාව වඩාත් සාර්ථක වූ රහස වූයේ ශුෂ්ක ප්‍රදේශයේ සිට හමාගෙන එන වියළි සහිත සුළඟ ග්‍රේට්වෙස්ටර්න් කඳුවැටිය මත හැපීමෙන් ඒ අවට වායුගෝලයේ ඇති සීතල ජල වාෂ්ප සමඟ මුසුවීම නිසා ඒ ප්‍රදේශයට පමණක් වෙනස් වූ කාලගුණික විපර්යාස තත්ත්වයක් හට ගැනීම ඇපල් වගාවට විශේෂ හේතුවක් විය.

පූජකවරයකු මාර්ගයෙන් ඇපල් පැළ කිහිපයක් විදේශ රටකින් ගෙන්වාගත් මාර්ටින් ඉතාමත් කැපවීමෙන් මේ ප්‍රදේශයේ ඇපල් වගාව කරගෙන ගියේය. අවුරුදු 5-6 ක් පමණ කාලයක් ගෙවී යන විට ඉතා සරුවට වැඩුණු ඇපල් ගස් ඔහුට දැකගත හැකිවිය. එක් ගසකින් එන පැළ ගෙන තව තවත් ඇපල් වගාව වර්ධන කරගත් මාර්ටින් ගසේ වැඩීම සඳහා යොදාගන්නා ලද්දේ වියළි ගොම කූඩයකට ලුණු ප්‍රමාණයක් හා ගසේ කඳ කොටසේ යුෂ උරාබොන කෘමීන්ගෙන් බේරා ගැනීමට ගාන ලද රසායනික ද්‍රව්‍යයක් පමණි.

ඉතා සරුවට වැඩුණු ඇපල් වගාව බොහෝ ප්‍රසිද්ධ විය. අප රටේ කෘෂිකර්මය පිළිබඳ උපාධි අධ්‍යයනයෙහි නිරත ව සිටි ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන්ද මෙම ස්ථානයට පැමිණ විවිධ පරීක්ෂණ කළ අතර දෙස් විදෙස් සඟරාවල පවා මෙම ඇපල්වගාව පිළිබඳ විස්තර හා රූපරාමු පළකළේය.

ඕස්ට්‍රේලියාවේ සිට හදිසියේම අප රටට විශේෂ අධ්‍යයන කණ්ඩායමක් පැමිණියේද මේ කාලයේය. මාර්ටින්ගේ ඇපල් වත්තට ගිය ඔවුන් ඉතා සරුවට,විශාලව වැඩුණු ඇපල් ඵලදාව දැක පුදුමයට පත්වූහ. තමාගේ ඇපල් වගාවේ සාර්ථක වීමේ සාස්තරය ඉතාමත් සතුටින් අමුත්තන්ට ප්‍රකාශ කළ ඇපල් මාර්ටින් පුලුවන් උපරිම ආකාරයට විදෙස් අමුත්තන්ට සංග්‍රහ කරන්නටද අමතක නොකළේය.

සියලු විමර්ශන කටයුතු අවසන් කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මාර්ටින් හට අලුත් උපදෙස් මාලාවක් ලබාදුනි.

ඉතාමත් හොද වර්ගයේ ඇපල් පැළ ඔහුට ලබාදෙන බවත් ඒ පැළ මේ ගස් අතරට සිටුවන ලෙසත් තවදුරටත් උපදෙස් දී ඒ කණ්ඩායම ලංකාවෙන් පිටව ගියහ. පොරොන්දු වූ පරිදිම ඉතාමත් ඉක්මනට ඕස්ට්‍රේලියාවෙන් ඇපල් පැළ එවන ලද අතර ලබාදුන් උපදෙස්ද මාර්ටින් අනුගමනය කළේ ඇපල්වගාව සම්බන්ධව හසල දැනුමක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇති බවට වූ විශ්වාසය නිසාය.

මාස කිහිපයක් ගතවන විට ඇපල් මාර්ටින්ට දැකගත හැකිවූයේ එවන ලද පැළ සිටුවීමෙන් පසු සරුවට වැඩුණු ඇපල් වගාව මලානික වෙමින් යන බවත්ය. කඳුළු පිරි දෙනෙතින් තම වගාව දෙස බලාසිටි ඇපල් මාර්ටින් රටේ අගමැතිතුමාටත්, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්තුමාටත් මේ බව කෙසේ හෝ සැලකර සිටියහ.

එවකට කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ව සිටි ආචාර්ය ජෝකින් මහතා වෙත මෙම පණිවුඩය සැලකිරීමෙන් පසුව විශේෂ කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් ඇපල් ගසෙහි කොටස් හා ඒ ආශ්රිත පස්ද වැඩිදුර පරීක්ෂණයන් සඳහා ගෙන එන ලදී. එකී පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන්ගේ නිර්දේශය වූයේ අලුත සිටුවන ලද ඇපල් පැළ ඉතාමත් ඉක්මනින් ගලවා ඉවත් කරන ලෙසත් එම පැළ පසෙහි හා අවට ඇති ඇපල් ගස්වල සාරවත් බව විනාශ කිරීමට තරම් ප්‍රබල හැකියාවක් ඇති බවය.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ ඇපල් වගාව ලංකාවේ ව්‍යාප්ත වීමෙන් තම රටට ලැබෙන ආදායම ගැන කලබල වූ ඔවුන් සිදුකළ අපරාධයට විරුද්ධ වීමට තරම් හැකියාවක් අප රටට නොතිබිණි.

එදා සිදුකළ වගා විනාශයෙන් පසු ඉතා කුඩා ප්‍රදේශ කිහිපයකට එනම් මහඌව, හරස්බැද් වත්තේද ඇපල් වගාව ඉතා සුළුවට කරගෙන ගිය අතර, අද වනවිට එයද අභාවයට ගොස් ඇත.

ඉතිහාසයේ මුහුණ දුන් එවන් අමිහිරි සිදුවීම් නැවත මෙරටේ සිදු නොවීමට,ශ්‍රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී යම් ජීවියකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ද ඒ තුල ව්‍යාප්ත කිරීමද වලක්වාලමින් මෙරට කෘෂිකර්මාන්තයද, අප රටටම අනන්‍ය වූ ජෛව විවිධත්වයද සුරක්ෂිත කරලීම උදෙසා 1999 දී ශාක ආරක්ෂණ පනත හදුන්වා දෙන ලදි.

එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සහෘද ජනතාවට කාරුණිකව මතක් කල යුත්තේ ඔබ, ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ගමන් මල්ලේ හෝ ඇඳුම් අතර සඟවා ගෙන ගුවන් තොටුපල බලධාරීන්ගේ ඇස් වසා ගෙන එන ඇපල් ගෙඩිය,මිදි ගෙඩිය, දොඩම් ගෙඩිය තුල එදා “ඇපල් මාටින්ගේ ඇපල් වගාව” මෙන් මෙරට කෘෂිකර්මාන්තය පමණක් නොව අන් කිසිදු රටකට උරැමකම් කිව නොහැකි අපටම අනන්‍ය වූ ජෛව විවිධත්වය වනසන මීලඟ ආගන්තුක පලිබෝධකයා ඇතුලත් විය හැකි බවයි….තම ආදරණීයන්ගේ තාවකාලික සතුට වෙනුවෙන් ඔබ කරන එකී නීතිවිරෝධී ක්‍රියාව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඇතැම් විට නූපන් මතු පරම්පරාවට විය හැකිය. එබැවින් ඔබ අප මාතෘ භූමියට සැබැවින්ම ආදරය කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “දේශප්‍රේමීයෙකු” නම් නීතියට අනුගත වෙමින් විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී එළවළු හෝ පළතුරැ රැගෙන ඒමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මහේෂ් බණ්ඩාර, ශාක නිරෝධායන ඒකකය,ගුවන් තොටුපල, කටුනායක.

සටහන උපුටා ගත්තේ අතුල අබේරත්න අයියාගේ ෆේස්බුක් ගිණුමෙන් ! ස්තූතියි !

[QUOTE="kavindu84, post: 24136291, member: 561840"] [b]ලංකාවේ ඇපල් මාටින්ගේ කථාව ![/b] [SIZE="5"]විදේශ රටවලින් ලංකාවට ගෙන්වන පළතුරු අතුරින් විශේෂ තැනක් හිමිවන්නේ ඇපල් වලටය. අපනයනයන් සීමාසහිත වී, ආනයනයන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ලංකාවේ රුපියල් ඩොලර් බවට පත්ව,විදේශ විනිමය වෙනත් රටවලට ඇදී යන යුගයක ලංකාවේ ඇපල් වගා කල කාලපරිච්ඡේදයක් තිබූ බව අසන විටද පුදුමය ගෙන දෙන්නකි. 1960 - 1977 යන කාලය තුළ අප රට දේශීයත්වයට නැඹුරුවක් තිබූ කාලයක් යැයි කීම නිවැරදියි. එවන් වූ වකවානුවක මෙරට හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය මාර්ටින් නම් මේ මිනිසාට ලංකාවේ ඇපල් වගාකිරීමට සිතීම හාස්‍ය ගෙන දෙන්නක් වුවත් අවසානයේ අපව පුදුමයට පත්කරවන්නටද ඔහුට හැකිවිය. නානුඔය,ග්‍රේට්වෙස්ටන් කන්ද අවසානය වන වලපන ප්‍රදේශයේ මහඌව වතුයාය ආසන්න ප්‍රදේශය මෙම වගාවට සුදුසු ස්ථානයක් ලෙස මාර්ටින් තෝරාගත්තේ කෘෂිකර්මය ගැන වූ උගත් කමක් නිසා නොව පරිසර හිතකාමීව ජීවත් වූ ඔහුට සොබාදහම ගැන පරිසරය ගැන මනා අවබෝධයක් තිබූ නිසාය. අඩි 3000 ත් 5000 ත් අතර උස්වු කදුකරය තෝරාගත් ඔහුට එහි සිට බලන විට පහළින් දිස්වූයේ මහියංගන ප්‍රදේශයත් එහි සිට කුඩාවට ගලන මහවැලි ගංගාවත්ය. එක් පැත්තකින් වියළි කාලගුණයක් සහිත ප්‍රදේශයක් වන අතර අනෙක් පසින් ඒ ප්‍රදේශය වටවී ඇති ග්‍රේට්වෙස්ටන් කඳු පංතියත්ය. මේ පරිසර පිහිටීම ඇපල් වගාව සාර්ථක වීමේ රහස බවට පසුව කල පරීක්ෂණ වලින් හෙළිවූයේය. ඇපල් වගාව වඩාත් සාර්ථක වූ රහස වූයේ ශුෂ්ක ප්‍රදේශයේ සිට හමාගෙන එන වියළි සහිත සුළඟ ග්‍රේට්වෙස්ටර්න් කඳුවැටිය මත හැපීමෙන් ඒ අවට වායුගෝලයේ ඇති සීතල ජල වාෂ්ප සමඟ මුසුවීම නිසා ඒ ප්‍රදේශයට පමණක් වෙනස් වූ කාලගුණික විපර්යාස තත්ත්වයක් හට ගැනීම ඇපල් වගාවට විශේෂ හේතුවක් විය. පූජකවරයකු මාර්ගයෙන් ඇපල් පැළ කිහිපයක් විදේශ රටකින් ගෙන්වාගත් මාර්ටින් ඉතාමත් කැපවීමෙන් මේ ප්‍රදේශයේ ඇපල් වගාව කරගෙන ගියේය. අවුරුදු 5-6 ක් පමණ කාලයක් ගෙවී යන විට ඉතා සරුවට වැඩුණු ඇපල් ගස් ඔහුට දැකගත හැකිවිය. එක් ගසකින් එන පැළ ගෙන තව තවත් ඇපල් වගාව වර්ධන කරගත් මාර්ටින් ගසේ වැඩීම සඳහා යොදාගන්නා ලද්දේ වියළි ගොම කූඩයකට ලුණු ප්‍රමාණයක් හා ගසේ කඳ කොටසේ යුෂ උරාබොන කෘමීන්ගෙන් බේරා ගැනීමට ගාන ලද රසායනික ද්‍රව්‍යයක් පමණි. ඉතා සරුවට වැඩුණු ඇපල් වගාව බොහෝ ප්‍රසිද්ධ විය. අප රටේ කෘෂිකර්මය පිළිබඳ උපාධි අධ්‍යයනයෙහි නිරත ව සිටි ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන්ද මෙම ස්ථානයට පැමිණ විවිධ පරීක්ෂණ කළ අතර දෙස් විදෙස් සඟරාවල පවා මෙම ඇපල්වගාව පිළිබඳ විස්තර හා රූපරාමු පළකළේය. ඕස්ට්‍රේලියාවේ සිට හදිසියේම අප රටට විශේෂ අධ්‍යයන කණ්ඩායමක් පැමිණියේද මේ කාලයේය. මාර්ටින්ගේ ඇපල් වත්තට ගිය ඔවුන් ඉතා සරුවට,විශාලව වැඩුණු ඇපල් ඵලදාව දැක පුදුමයට පත්වූහ. තමාගේ ඇපල් වගාවේ සාර්ථක වීමේ සාස්තරය ඉතාමත් සතුටින් අමුත්තන්ට ප්‍රකාශ කළ ඇපල් මාර්ටින් පුලුවන් උපරිම ආකාරයට විදෙස් අමුත්තන්ට සංග්‍රහ කරන්නටද අමතක නොකළේය. සියලු විමර්ශන කටයුතු අවසන් කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මාර්ටින් හට අලුත් උපදෙස් මාලාවක් ලබාදුනි. ඉතාමත් හොද වර්ගයේ ඇපල් පැළ ඔහුට ලබාදෙන බවත් ඒ පැළ මේ ගස් අතරට සිටුවන ලෙසත් තවදුරටත් උපදෙස් දී ඒ කණ්ඩායම ලංකාවෙන් පිටව ගියහ. පොරොන්දු වූ පරිදිම ඉතාමත් ඉක්මනට ඕස්ට්‍රේලියාවෙන් ඇපල් පැළ එවන ලද අතර ලබාදුන් උපදෙස්ද මාර්ටින් අනුගමනය කළේ ඇපල්වගාව සම්බන්ධව හසල දැනුමක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇති බවට වූ විශ්වාසය නිසාය. මාස කිහිපයක් ගතවන විට ඇපල් මාර්ටින්ට දැකගත හැකිවූයේ එවන ලද පැළ සිටුවීමෙන් පසු සරුවට වැඩුණු ඇපල් වගාව මලානික වෙමින් යන බවත්ය. කඳුළු පිරි දෙනෙතින් තම වගාව දෙස බලාසිටි ඇපල් මාර්ටින් රටේ අගමැතිතුමාටත්, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්තුමාටත් මේ බව කෙසේ හෝ සැලකර සිටියහ. එවකට කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ව සිටි ආචාර්ය ජෝකින් මහතා වෙත මෙම පණිවුඩය සැලකිරීමෙන් පසුව විශේෂ කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් ඇපල් ගසෙහි කොටස් හා ඒ ආශ්රිත පස්ද වැඩිදුර පරීක්ෂණයන් සඳහා ගෙන එන ලදී. එකී පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන්ගේ නිර්දේශය වූයේ අලුත සිටුවන ලද ඇපල් පැළ ඉතාමත් ඉක්මනින් ගලවා ඉවත් කරන ලෙසත් එම පැළ පසෙහි හා අවට ඇති ඇපල් ගස්වල සාරවත් බව විනාශ කිරීමට තරම් ප්‍රබල හැකියාවක් ඇති බවය. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ ඇපල් වගාව ලංකාවේ ව්‍යාප්ත වීමෙන් තම රටට ලැබෙන ආදායම ගැන කලබල වූ ඔවුන් සිදුකළ අපරාධයට විරුද්ධ වීමට තරම් හැකියාවක් අප රටට නොතිබිණි. එදා සිදුකළ වගා විනාශයෙන් පසු ඉතා කුඩා ප්‍රදේශ කිහිපයකට එනම් මහඌව, හරස්බැද් වත්තේද ඇපල් වගාව ඉතා සුළුවට කරගෙන ගිය අතර, අද වනවිට එයද අභාවයට ගොස් ඇත. ඉතිහාසයේ මුහුණ දුන් එවන් අමිහිරි සිදුවීම් නැවත මෙරටේ සිදු නොවීමට,ශ්‍රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී යම් ජීවියකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ද ඒ තුල ව්‍යාප්ත කිරීමද වලක්වාලමින් මෙරට කෘෂිකර්මාන්තයද, අප රටටම අනන්‍ය වූ ජෛව විවිධත්වයද සුරක්ෂිත කරලීම උදෙසා 1999 දී ශාක ආරක්ෂණ පනත හදුන්වා දෙන ලදි. එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සහෘද ජනතාවට කාරුණිකව මතක් කල යුත්තේ ඔබ, ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ගමන් මල්ලේ හෝ ඇඳුම් අතර සඟවා ගෙන ගුවන් තොටුපල බලධාරීන්ගේ ඇස් වසා ගෙන එන ඇපල් ගෙඩිය,මිදි ගෙඩිය, දොඩම් ගෙඩිය තුල එදා “ඇපල් මාටින්ගේ ඇපල් වගාව” මෙන් මෙරට කෘෂිකර්මාන්තය පමණක් නොව අන් කිසිදු රටකට උරැමකම් කිව නොහැකි අපටම අනන්‍ය වූ ජෛව විවිධත්වය වනසන මීලඟ ආගන්තුක පලිබෝධකයා ඇතුලත් විය හැකි බවයි….තම ආදරණීයන්ගේ තාවකාලික සතුට වෙනුවෙන් ඔබ කරන එකී නීතිවිරෝධී ක්‍රියාව වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඇතැම් විට නූපන් මතු පරම්පරාවට විය හැකිය. එබැවින් ඔබ අප මාතෘ භූමියට සැබැවින්ම ආදරය කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “දේශප්‍රේමීයෙකු” නම් නීතියට අනුගත වෙමින් විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී එළවළු හෝ පළතුරැ රැගෙන ඒමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මහේෂ් බණ්ඩාර, ශාක නිරෝධායන ඒකකය,ගුවන් තොටුපල, කටුනායක. සටහන උපුටා ගත්තේ අතුල අබේරත්න අයියාගේ ෆේස්බුක් ගිණුමෙන් ! ස්තූතියි ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom