Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කුලය හා පක්ෂ දේශපාලනය ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කුලය හා පක්ෂ දේශපාලනය ....

ජාතිය හෝ ආගමට තරමටම කුලයට සලකන ‘කුල දේශපාලනයක්‘ රටේ පවතින බව දේශපාලන නායකයින් හොඳින්ම දනී.

කුලය මත ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන දිස්ත්‍රික්ක 9 ක් දකුණේ ඇත. යාපනය, වන්නි දේශපාලනයේ දී කුලයට වඩා වෙන් කිසිවක් තීරණාත්මක නැති බව, අරූන් සිද්ධාර්ථන් ඇතුළු තරුණයින් යාපනයේ දී ජනාධිපතිවරයාට කීවේ ‘පීඩිත කුලවලට රජයේ කාර්යාලයකින් සේවාවක් ලබා ගන්න බෑ. කුලය නිසා පහසුකම් නොලැබෙන රජයේ පාසල් 70 කට වඩා තියෙනවා‘ කියාය.

උතුරේ වෙල්ලාල හා වෙල්ලාල නොවන පීඩාකාරී කුල භේදයක් ඇත. උතුරේ ඡන්දදායකයින් ලක්ෂ 11 කින්, ලක්ෂ 7 ක් මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කරති. එයින්, වෙල්ලාල නොවන කුලවල සහ දෙමළ සිංහල ගැටුම් නිසා කඳුකරයෙන් ගොස් වන්නියේ පදිංචි වූ ‘මලයග මක්කල්වරුන්‘ ගේ එකතුව ලක්ෂ 3 කි. ඡන්දය දෙන ලක්ෂ හතෙන් තුනක්, පිඩිත කුලවල උතුරේ මේ පිරිස ය.

පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රීවරුන් 177 න් 108 (61%) ගොවිගම ය. ගොවිගම නොවන 69 (39%) කි. උතුරේ මෙන් දැඩි කුල පීඩනයක් දකුණේ නැතත්, කුල සන්ධර්භය, සමාජ සාධකය එකමය!

කුල සාධකය පාපිස්සට යටට දැමිය යුතු කුණු ගොඩක් නොව, සදාකාලික වලලා දැමිය යුත්තකි. ව්‍යාකූල දේශපාලන තත්වයක දී ‘Back to basics’ න්‍යාය ක්‍රියාත්මක වේ. කුලය, මිනිස් සන්තානයේ හංගා ගෙන සිටින, සංස්කෘතික සත්වයාගේ මුලිකාංගයකි. ‘පස් මහ බැලුම්‘ හි එකක් වන කුලය අප සමාජයේ කිදා බැස ඇත්තේය.

සජබ 2024 ජනවාරි පළමුවෙනිදා, ශාන් විජයලාල් ද සිල්වා ගත්තේය.

ඊලඟ දිනයේ නිදහස ජනතා සභාවේ ජී.එල්.පීරිස්, නාලක ගොඩහේවා, වෛද්‍ය චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා පක්ෂයට මාධ්‍යය ඉදිරියට දැම්මේය. ඊලඟ දවසේ, දයාශ්‍රිත තිසේරා ට සාමාජිකත්වය දුන්නේය. මේ හය දෙනාම, සජබට බදවා ගෙන ඇත්තේ කුල පදනම මතය.

පාර්ලිමේන්තුවේ කරාව කුලයේ යැයි හදුනාගත හැකි 28 කි. එයින් 21ක් පොහොට්ටුවෙන් පත්වී ඇත. සජබ න් 7 කි. පක්ෂ මාරුවෙන් පසුව පොහොට්වේ 16 ක් ඉතිරිවන අතර, සජබට 12 ක් ඉහළ නගී. මෙම පක්ෂ මාරු කිරීම අහඹුවක් විය හැකි ද?

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා ජයගත් කුරුණෑගල 2 ක්, අමාත්‍යවරු 3 ක්, විමල් වීරවංශ පක්ෂයේ තිදෙනෙක් සජබ ට එකතුවිමට සාකච්ඡා පවත්වමින් සිටී. මේ 8 දෙනාම, ගොවිගම නොවන කුල නියෝජනය කරන්නෝ වෙති. එයද අහඹුවක් විය නොහැකිය.

ජවිපෙ සහ කුල සාධකය...........

71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)

ජවිපෙ ආරම්භයේ දී එහි නායකයින් බහුතරය කරාව කුලය නියෝජනය කළ අතර, එහි සටන්කාමීන් බහුතරය බත්ගම, වහුම්පුර කුල නියේජනය කළේය. (අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල අඳගොවියන්, ජනපදවල තෙවන පරම්පරාව වූ දුප්පත් ගොවිගම පිරිස් ද රැකියා විරහිත කලා උපාධිධාරීන් ද අනෙක් පිරිසය) 1989 ජවිපෙ කැරැල්ල ආශ්රිත සිදුවීම් ඇසුරෙන් ගොවිගම නොවන කුල හා ජවිපෙ සමඟ ඇති සමීප සබඳතාව අනාවරණය කර ගත හැකිය. මෙරට සම සමාජ - කොමියුනිස්ට් පක්ෂ සිය බලය ව්‍යාප්ත කර ගනු ලැබුවේ ද, මෙම සමාජ ස්ථරයන්ගේය. (ජවිපෙට 71, 89 දී සලාගම දැනෙන නියෝජනයක් නොතිබුණි)

එජාපය ගොවිගම නොවන කුලවලට සිය පක්ෂයේ සියළු දොරවල් විවෘත කරන්නේ 1974 න් පසුවය. 1956 වන විටත් ශ්‍රීලනිප වඩා සුක්ෂම ලෙස කුල සාධකය සිය මැතිවරණ ජයග්‍රහණ සඳහා මෙවලමක් කොට ගත්තේය. 1980 න් පසුව පැවති අතුරු මැතිවරණ යොදා ගනිමින් එජාපය ඉතා සුක්ෂම ලෙස කුලය මත පදනම්ව ජයග්‍රහණය තීරණයවන ආසනවල ශ්‍රීලනිප/වාමාංශික බලය බිඳ දැමීය. නමුත්, නැවත 1989 මනාප ක්‍රමය ඇතිකිරීම කුල නියෝජනය සීමා කළේය. සරළවම එජාප විරෝධී කඳවුර ගොවිගම නොවන කුල අතර බලය පැතිරූ අතර, එජාපය නැවත ගොවිගම කඳවුරට ශක්තිමත් විය.

පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා ජයගත් ගොවිගම නොවන කුලවල 53 කි. සජබ 13 කි. ගොවිගම නොවන කුල හැමදාම වමට බරය. පොහොට්ටුව - ජවිපෙට හැරිලා යැයි මතුපිටින් පෙනෙන්නේ මේ වෙනස ය. මන්ත්‍රීවරු සජබයට යන විට ජනතාව ජවිපෙ ට යනවා යැයි කියන්නේ ද එයටමය.

කොපමණ නැතැයි කීව ද, මහන (භික්ෂු) කිරීම, පක්ෂ දේශපාලන හා විවාහයේ දී තවමත් කුලය තීරණාත්මක සාධයකයකි! කුලය සඟවා මහන වූ භික්ෂූන් දේශපාලනයේ ද ඇත්තේය. දේශපාලනයේ කුල බලපෑමේ පරිමාව ගැන අවබෝධයක් ලැබීමට කුල ව්‍යාප්තිය හඳුණාගත යුතුය.

දේව/වහුම්පුර කුලය ...........

රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර දේශපාලන පක්ෂ සියල්ලම අනිවාර්යෙන්ම වාගේ වහුම්පුර කුලයෙන් අපේක්ෂයකින් ඉදිරිපත් කරති. වහුම්පුර ජනතාව ඒකරාශී වූ ගම්මාන ගණනාවක්ම 1971 හා 1989 කැරළිවල දී ‘ජවිපෙ ගම්මාන‘ ලෙස නම් කරන ලදී. කරැල්ලේ දී මිය ගිය පිරිස විසිරී ඇති ප්‍රදේශ ඇසුරෙන් මේ තත්වය පැහැදිලිව හදුණාගත හැකිය.

ගොවිගමට පමණක් දෙවනිවන ඡන්දදායකයින් සංඛ්‍යාවක් වහුම්පුර කුලයවට ඇතත්, එයට පාර්ලිමේන්තුවේ කරාව හා දුරාවට හිමි දේශපාලන බලය නැත.

කැලණිය, කොලොන්න, කරන්දෙණිය ආසනවල ද, මුල්කිරිගල , කුරුණෑගල පැතිරුණු ප්‍රජා ව්‍යාප්තියක් ඔවුන්ට ඇත. මල්වාන, කටුවන, ගලගෙදර, බලන වැනි දුර්ග අසල මේ පිරිස් දේශපාලනිකව ප්රබලය. මනාප ක්‍රමය යටතේ එජාප/සජබ නියෝජනය දිස්ත්‍රික්ක කිහිපයකට සීමා වූ නමුත්, වාම කඳවුරට ගම්පහ, මාතර, ගාල්ල, මහනුවර, මුල්කිරිගල ආසන දිනා ගැනීමට ප්‍රමාණවත් කුල නියෝජනයක් පවතී.

බත්ගම ..............

මහනුවර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, රත්නපුරය ජයග්‍රහණයට ඕනෑම මැතිවරණයක බත්ගම කුල සහාය අත්‍යවශ්‍ය ය. ඡන්දදායකයින් ප්‍රමාණය අනුව ගොවිගම, වහුම්පුර ට පසුව වැඩිම පිරිසක් බත්ගම වෙති.

යටියන්තොට හා දැදිගම ආසනවල බහුතරය බත්ගම ප්‍රජාව ය. සෑම පාර්ලිමේන්තුවකම ඉහත දිස්ත්‍රික්ක නියෝජනයට එකම මන්ත්‍රීවරයෙකු හෝ පත්වීම අනිවාර්ය වන අතර එසේ නොවන සෑම විටම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර ලබා දීමට කටයුතු කර ඇත.

කෑගල්ල, කුරුණෑගල, මහනුවර පක්ෂ මාරු කිරීම හා සන්ධානගතවීම් බහුතරය විසින් තීරණය කරනු ලබන්නේ මනාප ලැයිස්තුවේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් කුල ඡන්ද දිනා ගැනීමට ඇති හැකියාව හෝ නොහැකියාව මත ය. පක්ෂ මාරුව, සන්ධාන හැදීම හා එහි සාර්ථකත්වය බත්ගම කුල සාධයකට ඇත්තේ අවියෝජනීය බැඳීමකි.

නැකති කුලය .........

පුංචි ඡන්දය ගැන ගැසට් නිවේදනයක්

අනුරාධපුරය, මහනුවර, රත්නපුරය, මාතර විසිරුණු ප්‍රජාවක් පවතී. මාතර 2015 මනාප සටනේ දී නැකති කුල සාධකයේ ප්‍රබලත්වය මනාව තහවුරු වූ අවස්ථාවකි. කුල නියෝජනය තහවුරු කරනු සඳහාම 1989 මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර ලබාදීම සිදු විය.

දුරාව කුලය ............

කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවල නියෝජනයක් සහිත ය. රත්මලාන, ගල්කිස්ස, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ මැතිවරණ ආසනයන්ගේ දේශපාලන බලය දුරාව කුලය අත රැදී පවතී.

කොළඹ ව්‍යාපාරික කේෂ්ත්‍රයේ දැවැන්තයින් අතර දුරාව කුලය ඉහළින්ම සිටී. කොළඹ නගරාධිපති ධූරය දුරාව කුලයට සින්නවූවක් බවත් වාමාංශික පක්ෂ පවා කොළඹ නගරාධිපති අපේක්ෂකයින් තේරීමේ දී ‘දුරාව සාධයක‘ ට ප්‍රමුඛත්වය දී ඇති බවත් පෙනේ.

මාතර මන්ත්‍රීවරයාට බෙහෝවිට අමාත්‍ය ධූරයක් හෝ බලවත්ම නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවීමට සෑම විටම හේතු වී ඇත්තේ දුරාව කුල නියෝජනය යි.

ගොවිගම ............

මෙරට පැතිරුණු හා වැඩිම ඡන්දදායකයින් පිරිසක් නියෝජනය වන කුලය යි. වත්මන් සිංහල ජාතිකයින්ගේ පාර්ලිමේන්තුවේ 61% ක් ගොවිගම කුලයේ ය. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක්, ජන සංයුතියට අනුව 1989 න් පසුව බදුල්ලේ දී ගොවිගම ට අඩුම නියෝජනය හිමිවේ.

නවන්දන්නා කුලය (විශ්වකුල) ...........

මහනුවර, මාතලේ, ගාල්ල දිස්ත්‍රික්කවල ද, උඩුනුවර, යටිනුවර, කොත්මලේ, ගම්පොල පළාත් පාලන කොට්ඨාශ දිනා ගැනීමට නවන්දන කුලයට හැකියාව ඇත. මනාප ක්‍රමය යටතේ මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට විශ්වකුලයට ඇත්තේ සීමිත ඉඩකි.

රජක (රදා) කුලය ...........

ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කවල පැතිරී ඇත. ඡන්දදායකයින් ප්‍රමාණයට මහජන නියෝජනයක් හිමි නොවන කුලයකි. සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත (උදා - කලාකරුවන්) මැතිවරණ වේදිකාවලට නැංවීම ලංකාවේ සුලබ ව්‍යවහාරයකි. එක් එක් ආසනයේ/දිස්ත්‍රික්කයේ වේදිකාවට නගින කලාකරුවන් හා ඡන්ද බල ප්‍රදේශයේ කුල පදනම අතර සෘජු සම්බන්ධයක් ඇති බව 2005, 2010, 2015 ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ඇසුරෙන් අවබෝධ කර වේ.

පක්ෂ මාරු කිරීමට නම් දැරූ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම කුල ප්‍රජාව නියෝජනය කර ඇති අතර, පක්ෂ මාරු කිරීමෙන් පසුව ද තම අසුන රැක ගැනීමට හැකිවී ඇති වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මෙම කුලය නියෝජනය කර ඇත. සන්ධාන හැදීමේ දී තීරණාත්මකම සාධකය කි.

මෙයට අමතරව බෝධිවංශ (පන්න) කුලය ද මෙයට පෙර මන්ත්‍රී ධූර ලැබූ, ඊලඟ මැතිවරණයක කුල ඡන්ද ගොනු කළ හැකි ප්‍රජාවකි.

කුලය ඡන්දට අදාල නොවන බවට තර්ක කරන අයට, සත්‍යය අවබෝධ කර ගැනීමට කමටහනක් දීමට කැමැත්තෙමි. 2018 හා 2023 පළාත් පාලන ඡන්දයට පොහොට්ටුව, ජවිපෙ, එජාප/සජබ විසින් කෑගල්ල, කුරුණෑගල, හම්බන්තොට, මහනුවර, ගම්පහ, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ඉදිරිපත් කර ඇති කොට්ඨාශ නාම යෝජනා කුල පදනමින් ඛාණ්ඩ කිරීම ය. ලංකාවේ ජාතිය - ආගම තරමටම කුලය ද, මනාප ඡන්දයේ දී තීරණාත්මකය.

කිසිවෙකුත් එළිපිට කතා කරන්නට අකමැති නමුත්, රහසේ ලංකාවේ ඡන්දය තීරණය කරන සාධකය කුලයයි. නිදහස ජනතා සභාව (ඩලස් - ජී.එල්.) බෙදි ගියේ ගොවිගම හා ගොවිගම නොවන කුල ලෙසිනි. කුලය ජය පරාජය තීරණය කරන සාධයක් බවට පත් කර ගැනීමට උතුර ද, දකුණ ද එක ලෙසම උත්සහ දරමින් සිටී. දකුණේ ද සන්ධාන හැදීම, පිල් මාරු කිරීම ආණ්ඩුවක් දිනා ගැනීමටත් වඩා, මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට ඌණනය වන්නේ මේ නිසාය.

පුවත්පත් දැන්වීම් මගින් නම වෙනස් කරනු ලබන (කුල අනන්‍යතාව ඉවත් කර ගනු ලබන) වැඩිම පිරිස බත්ගම ය. ප්‍රතිශතාත්මකව රජක, කුඹල්, නැකැති, වහුම්පුර නම වෙනස් කිරීමේ වැඩිම දැන්වීම් පළවන අනෙක් කුල වෙති.

කරාව, දුරාව, සලාගම බහුතරය සිය කුල අනන්‍යතාව සඟවා නම් වෙනස් කරන්නේ නැති තරම්ය. අධ්‍යාපනය, මුල්‍ය ශක්තිය අතින්ද ඉදිරියෙන් සිටින බැවින් පහත් කුල ලෙස සැලකෙන්නේ ද නැත. ඔවුනට කුලය වරප්‍රසාදයක් වන අවස්ථා වැඩිය.

මේ සටහන කුලය ඡන්දයට යොදා ගැනීම ගැන මිස, කුල පීඩණය ගැන නොවේ! දේශපාලනයේ දී කුලය ඡන්දය දිනා ගැනීමට මෙවලමක් කර ගත් ආකාරය ගැන මිස, කුලයට උසස් හෝ පහත් බව ගැන නොවේ! 2024 ඡන්ද සටන ගොවිගම නොවන කුල දිනා ගැනීමේ සටනක් බවට සන්ධාන හැදීමේ රටාව තුල පත්වෙමින් ඇත.

කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම -

රජිත් කීර්ති තෙන්නකෝන්

ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

මැතිවරණ නිරීක්ෂණ 'කැෆේ' සංවිධානයේ හිටපු සභාපති

rajith_tennakoon@yahoo.com

සබැඳි ලිපි :

කුල සාධකය තව දුරටත් දේශපාලනයට වලංගු ද? - (දර්ශන තන්ත්‍රීගේ)

කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - (රජිත් කීර්ති තෙන්නකෝන්)

මුල් ලිපිය

https://theleader.lk/featured/21340-2024-01-12-07-06-27

[QUOTE="sika2, post: 30068575, member: 494741"] ලංකාවේ කුලය හා පක්ෂ දේශපාලනය .... ජාතිය හෝ ආගමට තරමටම කුලයට සලකන ‘කුල දේශපාලනයක්‘ රටේ පවතින බව දේශපාලන නායකයින් හොඳින්ම දනී. කුලය මත ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන දිස්ත්‍රික්ක 9 ක් දකුණේ ඇත. යාපනය, වන්නි දේශපාලනයේ දී කුලයට වඩා වෙන් කිසිවක් තීරණාත්මක නැති බව, අරූන් සිද්ධාර්ථන් ඇතුළු තරුණයින් යාපනයේ දී ජනාධිපතිවරයාට කීවේ ‘පීඩිත කුලවලට රජයේ කාර්යාලයකින් සේවාවක් ලබා ගන්න බෑ. කුලය නිසා පහසුකම් නොලැබෙන රජයේ පාසල් 70 කට වඩා තියෙනවා‘ කියාය. උතුරේ වෙල්ලාල හා වෙල්ලාල නොවන පීඩාකාරී කුල භේදයක් ඇත. උතුරේ ඡන්දදායකයින් ලක්ෂ 11 කින්, ලක්ෂ 7 ක් මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කරති. එයින්, වෙල්ලාල නොවන කුලවල සහ දෙමළ සිංහල ගැටුම් නිසා කඳුකරයෙන් ගොස් වන්නියේ පදිංචි වූ ‘මලයග මක්කල්වරුන්‘ ගේ එකතුව ලක්ෂ 3 කි. ඡන්දය දෙන ලක්ෂ හතෙන් තුනක්, පිඩිත කුලවල උතුරේ මේ පිරිස ය. පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රීවරුන් 177 න් 108 (61%) ගොවිගම ය. ගොවිගම නොවන 69 (39%) කි. උතුරේ මෙන් දැඩි කුල පීඩනයක් දකුණේ නැතත්, කුල සන්ධර්භය, සමාජ සාධකය එකමය! කුල සාධකය පාපිස්සට යටට දැමිය යුතු කුණු ගොඩක් නොව, සදාකාලික වලලා දැමිය යුත්තකි. ව්‍යාකූල දේශපාලන තත්වයක දී ‘Back to basics’ න්‍යාය ක්‍රියාත්මක වේ. කුලය, මිනිස් සන්තානයේ හංගා ගෙන සිටින, සංස්කෘතික සත්වයාගේ මුලිකාංගයකි. ‘පස් මහ බැලුම්‘ හි එකක් වන කුලය අප සමාජයේ කිදා බැස ඇත්තේය. සජබ 2024 ජනවාරි පළමුවෙනිදා, ශාන් විජයලාල් ද සිල්වා ගත්තේය. ඊලඟ දිනයේ නිදහස ජනතා සභාවේ ජී.එල්.පීරිස්, නාලක ගොඩහේවා, වෛද්‍ය චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා පක්ෂයට මාධ්‍යය ඉදිරියට දැම්මේය. ඊලඟ දවසේ, දයාශ්‍රිත තිසේරා ට සාමාජිකත්වය දුන්නේය. මේ හය දෙනාම, සජබට බදවා ගෙන ඇත්තේ කුල පදනම මතය. පාර්ලිමේන්තුවේ කරාව කුලයේ යැයි හදුනාගත හැකි 28 කි. එයින් 21ක් පොහොට්ටුවෙන් පත්වී ඇත. සජබ න් 7 කි. පක්ෂ මාරුවෙන් පසුව පොහොට්වේ 16 ක් ඉතිරිවන අතර, සජබට 12 ක් ඉහළ නගී. මෙම පක්ෂ මාරු කිරීම අහඹුවක් විය හැකි ද? පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා ජයගත් කුරුණෑගල 2 ක්, අමාත්‍යවරු 3 ක්, විමල් වීරවංශ පක්ෂයේ තිදෙනෙක් සජබ ට එකතුවිමට සාකච්ඡා පවත්වමින් සිටී. මේ 8 දෙනාම, ගොවිගම නොවන කුල නියෝජනය කරන්නෝ වෙති. එයද අහඹුවක් විය නොහැකිය. ජවිපෙ සහ කුල සාධකය........... 71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක) ජවිපෙ ආරම්භයේ දී එහි නායකයින් බහුතරය කරාව කුලය නියෝජනය කළ අතර, එහි සටන්කාමීන් බහුතරය බත්ගම, වහුම්පුර කුල නියේජනය කළේය. (අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල අඳගොවියන්, ජනපදවල තෙවන පරම්පරාව වූ දුප්පත් ගොවිගම පිරිස් ද රැකියා විරහිත කලා උපාධිධාරීන් ද අනෙක් පිරිසය) 1989 ජවිපෙ කැරැල්ල ආශ්රිත සිදුවීම් ඇසුරෙන් ගොවිගම නොවන කුල හා ජවිපෙ සමඟ ඇති සමීප සබඳතාව අනාවරණය කර ගත හැකිය. මෙරට සම සමාජ - කොමියුනිස්ට් පක්ෂ සිය බලය ව්‍යාප්ත කර ගනු ලැබුවේ ද, මෙම සමාජ ස්ථරයන්ගේය. (ජවිපෙට 71, 89 දී සලාගම දැනෙන නියෝජනයක් නොතිබුණි) එජාපය ගොවිගම නොවන කුලවලට සිය පක්ෂයේ සියළු දොරවල් විවෘත කරන්නේ 1974 න් පසුවය. 1956 වන විටත් ශ්‍රීලනිප වඩා සුක්ෂම ලෙස කුල සාධකය සිය මැතිවරණ ජයග්‍රහණ සඳහා මෙවලමක් කොට ගත්තේය. 1980 න් පසුව පැවති අතුරු මැතිවරණ යොදා ගනිමින් එජාපය ඉතා සුක්ෂම ලෙස කුලය මත පදනම්ව ජයග්‍රහණය තීරණයවන ආසනවල ශ්‍රීලනිප/වාමාංශික බලය බිඳ දැමීය. නමුත්, නැවත 1989 මනාප ක්‍රමය ඇතිකිරීම කුල නියෝජනය සීමා කළේය. සරළවම එජාප විරෝධී කඳවුර ගොවිගම නොවන කුල අතර බලය පැතිරූ අතර, එජාපය නැවත ගොවිගම කඳවුරට ශක්තිමත් විය. පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා ජයගත් ගොවිගම නොවන කුලවල 53 කි. සජබ 13 කි. ගොවිගම නොවන කුල හැමදාම වමට බරය. පොහොට්ටුව - ජවිපෙට හැරිලා යැයි මතුපිටින් පෙනෙන්නේ මේ වෙනස ය. මන්ත්‍රීවරු සජබයට යන විට ජනතාව ජවිපෙ ට යනවා යැයි කියන්නේ ද එයටමය. කොපමණ නැතැයි කීව ද, මහන (භික්ෂු) කිරීම, පක්ෂ දේශපාලන හා විවාහයේ දී තවමත් කුලය තීරණාත්මක සාධයකයකි! කුලය සඟවා මහන වූ භික්ෂූන් දේශපාලනයේ ද ඇත්තේය. දේශපාලනයේ කුල බලපෑමේ පරිමාව ගැන අවබෝධයක් ලැබීමට කුල ව්‍යාප්තිය හඳුණාගත යුතුය. දේව/වහුම්පුර කුලය ........... රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර දේශපාලන පක්ෂ සියල්ලම අනිවාර්යෙන්ම වාගේ වහුම්පුර කුලයෙන් අපේක්ෂයකින් ඉදිරිපත් කරති. වහුම්පුර ජනතාව ඒකරාශී වූ ගම්මාන ගණනාවක්ම 1971 හා 1989 කැරළිවල දී ‘ජවිපෙ ගම්මාන‘ ලෙස නම් කරන ලදී. කරැල්ලේ දී මිය ගිය පිරිස විසිරී ඇති ප්‍රදේශ ඇසුරෙන් මේ තත්වය පැහැදිලිව හදුණාගත හැකිය. ගොවිගමට පමණක් දෙවනිවන ඡන්දදායකයින් සංඛ්‍යාවක් වහුම්පුර කුලයවට ඇතත්, එයට පාර්ලිමේන්තුවේ කරාව හා දුරාවට හිමි දේශපාලන බලය නැත. කැලණිය, කොලොන්න, කරන්දෙණිය ආසනවල ද, මුල්කිරිගල , කුරුණෑගල පැතිරුණු ප්‍රජා ව්‍යාප්තියක් ඔවුන්ට ඇත. මල්වාන, කටුවන, ගලගෙදර, බලන වැනි දුර්ග අසල මේ පිරිස් දේශපාලනිකව ප්රබලය. මනාප ක්‍රමය යටතේ එජාප/සජබ නියෝජනය දිස්ත්‍රික්ක කිහිපයකට සීමා වූ නමුත්, වාම කඳවුරට ගම්පහ, මාතර, ගාල්ල, මහනුවර, මුල්කිරිගල ආසන දිනා ගැනීමට ප්‍රමාණවත් කුල නියෝජනයක් පවතී. බත්ගම .............. මහනුවර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, රත්නපුරය ජයග්‍රහණයට ඕනෑම මැතිවරණයක බත්ගම කුල සහාය අත්‍යවශ්‍ය ය. ඡන්දදායකයින් ප්‍රමාණය අනුව ගොවිගම, වහුම්පුර ට පසුව වැඩිම පිරිසක් බත්ගම වෙති. යටියන්තොට හා දැදිගම ආසනවල බහුතරය බත්ගම ප්‍රජාව ය. සෑම පාර්ලිමේන්තුවකම ඉහත දිස්ත්‍රික්ක නියෝජනයට එකම මන්ත්‍රීවරයෙකු හෝ පත්වීම අනිවාර්ය වන අතර එසේ නොවන සෑම විටම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර ලබා දීමට කටයුතු කර ඇත. කෑගල්ල, කුරුණෑගල, මහනුවර පක්ෂ මාරු කිරීම හා සන්ධානගතවීම් බහුතරය විසින් තීරණය කරනු ලබන්නේ මනාප ලැයිස්තුවේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් කුල ඡන්ද දිනා ගැනීමට ඇති හැකියාව හෝ නොහැකියාව මත ය. පක්ෂ මාරුව, සන්ධාන හැදීම හා එහි සාර්ථකත්වය බත්ගම කුල සාධයකට ඇත්තේ අවියෝජනීය බැඳීමකි. නැකති කුලය ......... පුංචි ඡන්දය ගැන ගැසට් නිවේදනයක් අනුරාධපුරය, මහනුවර, රත්නපුරය, මාතර විසිරුණු ප්‍රජාවක් පවතී. මාතර 2015 මනාප සටනේ දී නැකති කුල සාධකයේ ප්‍රබලත්වය මනාව තහවුරු වූ අවස්ථාවකි. කුල නියෝජනය තහවුරු කරනු සඳහාම 1989 මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර ලබාදීම සිදු විය. දුරාව කුලය ............ කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවල නියෝජනයක් සහිත ය. රත්මලාන, ගල්කිස්ස, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ මැතිවරණ ආසනයන්ගේ දේශපාලන බලය දුරාව කුලය අත රැදී පවතී. කොළඹ ව්‍යාපාරික කේෂ්ත්‍රයේ දැවැන්තයින් අතර දුරාව කුලය ඉහළින්ම සිටී. කොළඹ නගරාධිපති ධූරය දුරාව කුලයට සින්නවූවක් බවත් වාමාංශික පක්ෂ පවා කොළඹ නගරාධිපති අපේක්ෂකයින් තේරීමේ දී ‘දුරාව සාධයක‘ ට ප්‍රමුඛත්වය දී ඇති බවත් පෙනේ. මාතර මන්ත්‍රීවරයාට බෙහෝවිට අමාත්‍ය ධූරයක් හෝ බලවත්ම නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවීමට සෑම විටම හේතු වී ඇත්තේ දුරාව කුල නියෝජනය යි. ගොවිගම ............ මෙරට පැතිරුණු හා වැඩිම ඡන්දදායකයින් පිරිසක් නියෝජනය වන කුලය යි. වත්මන් සිංහල ජාතිකයින්ගේ පාර්ලිමේන්තුවේ 61% ක් ගොවිගම කුලයේ ය. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක්, ජන සංයුතියට අනුව 1989 න් පසුව බදුල්ලේ දී ගොවිගම ට අඩුම නියෝජනය හිමිවේ. නවන්දන්නා කුලය (විශ්වකුල) ........... මහනුවර, මාතලේ, ගාල්ල දිස්ත්‍රික්කවල ද, උඩුනුවර, යටිනුවර, කොත්මලේ, ගම්පොල පළාත් පාලන කොට්ඨාශ දිනා ගැනීමට නවන්දන කුලයට හැකියාව ඇත. මනාප ක්‍රමය යටතේ මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට විශ්වකුලයට ඇත්තේ සීමිත ඉඩකි. රජක (රදා) කුලය ........... ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කවල පැතිරී ඇත. ඡන්දදායකයින් ප්‍රමාණයට මහජන නියෝජනයක් හිමි නොවන කුලයකි. සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත (උදා - කලාකරුවන්) මැතිවරණ වේදිකාවලට නැංවීම ලංකාවේ සුලබ ව්‍යවහාරයකි. එක් එක් ආසනයේ/දිස්ත්‍රික්කයේ වේදිකාවට නගින කලාකරුවන් හා ඡන්ද බල ප්‍රදේශයේ කුල පදනම අතර සෘජු සම්බන්ධයක් ඇති බව 2005, 2010, 2015 ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ඇසුරෙන් අවබෝධ කර වේ. පක්ෂ මාරු කිරීමට නම් දැරූ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම කුල ප්‍රජාව නියෝජනය කර ඇති අතර, පක්ෂ මාරු කිරීමෙන් පසුව ද තම අසුන රැක ගැනීමට හැකිවී ඇති වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මෙම කුලය නියෝජනය කර ඇත. සන්ධාන හැදීමේ දී තීරණාත්මකම සාධකය කි. මෙයට අමතරව බෝධිවංශ (පන්න) කුලය ද මෙයට පෙර මන්ත්‍රී ධූර ලැබූ, ඊලඟ මැතිවරණයක කුල ඡන්ද ගොනු කළ හැකි ප්‍රජාවකි. කුලය ඡන්දට අදාල නොවන බවට තර්ක කරන අයට, සත්‍යය අවබෝධ කර ගැනීමට කමටහනක් දීමට කැමැත්තෙමි. 2018 හා 2023 පළාත් පාලන ඡන්දයට පොහොට්ටුව, ජවිපෙ, එජාප/සජබ විසින් කෑගල්ල, කුරුණෑගල, හම්බන්තොට, මහනුවර, ගම්පහ, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ඉදිරිපත් කර ඇති කොට්ඨාශ නාම යෝජනා කුල පදනමින් ඛාණ්ඩ කිරීම ය. ලංකාවේ ජාතිය - ආගම තරමටම කුලය ද, මනාප ඡන්දයේ දී තීරණාත්මකය. කිසිවෙකුත් එළිපිට කතා කරන්නට අකමැති නමුත්, රහසේ ලංකාවේ ඡන්දය තීරණය කරන සාධකය කුලයයි. නිදහස ජනතා සභාව (ඩලස් - ජී.එල්.) බෙදි ගියේ ගොවිගම හා ගොවිගම නොවන කුල ලෙසිනි. කුලය ජය පරාජය තීරණය කරන සාධයක් බවට පත් කර ගැනීමට උතුර ද, දකුණ ද එක ලෙසම උත්සහ දරමින් සිටී. දකුණේ ද සන්ධාන හැදීම, පිල් මාරු කිරීම ආණ්ඩුවක් දිනා ගැනීමටත් වඩා, මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට ඌණනය වන්නේ මේ නිසාය. පුවත්පත් දැන්වීම් මගින් නම වෙනස් කරනු ලබන (කුල අනන්‍යතාව ඉවත් කර ගනු ලබන) වැඩිම පිරිස බත්ගම ය. ප්‍රතිශතාත්මකව රජක, කුඹල්, නැකැති, වහුම්පුර නම වෙනස් කිරීමේ වැඩිම දැන්වීම් පළවන අනෙක් කුල වෙති. කරාව, දුරාව, සලාගම බහුතරය සිය කුල අනන්‍යතාව සඟවා නම් වෙනස් කරන්නේ නැති තරම්ය. අධ්‍යාපනය, මුල්‍ය ශක්තිය අතින්ද ඉදිරියෙන් සිටින බැවින් පහත් කුල ලෙස සැලකෙන්නේ ද නැත. ඔවුනට කුලය වරප්‍රසාදයක් වන අවස්ථා වැඩිය. මේ සටහන කුලය ඡන්දයට යොදා ගැනීම ගැන මිස, කුල පීඩණය ගැන නොවේ! දේශපාලනයේ දී කුලය ඡන්දය දිනා ගැනීමට මෙවලමක් කර ගත් ආකාරය ගැන මිස, කුලයට උසස් හෝ පහත් බව ගැන නොවේ! 2024 ඡන්ද සටන ගොවිගම නොවන කුල දිනා ගැනීමේ සටනක් බවට සන්ධාන හැදීමේ රටාව තුල පත්වෙමින් ඇත. කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - රජිත් කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) මැතිවරණ නිරීක්ෂණ 'කැෆේ' සංවිධානයේ හිටපු සභාපති [email]rajith_tennakoon@yahoo.com[/email] සබැඳි ලිපි : කුල සාධකය තව දුරටත් දේශපාලනයට වලංගු ද? - (දර්ශන තන්ත්‍රීගේ) කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - (රජිත් කීර්ති තෙන්නකෝන්) මුල් ලිපිය ⬇️ [URL]https://theleader.lk/featured/21340-2024-01-12-07-06-27[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom