Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ගෘහ නිර්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ගෘහ නිර්ම&#3535

ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ගෘහ නිර්මාණ ශිල්පීන් හතර දෙනෙක්

ලංකාවේ කෙනෙක් ජාත්‍යන්තර තලයේ දෙයක් කරලා නමක් දිනා ගත්තාම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට දැනෙන සතුට කියල නිම කරන්න බැරි තරම්. ලංකාව පුංචි රටක් වුණත් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුණු වගේම හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වුණු බොහෝ පිරිසක් බිහි කරලා තියෙනවා. වර්තමානය වෙනකොට වැඩි දෙනා කතා වෙන්නේ විද්‍යාඥයන් ගැන වුණත් අතීතයේ ලංකාවේ බිහි වුණු අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පීන් ගැනත් කතා නොකරම බැහැ. දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක් විදිහට අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පයත් කාලයක් පුරාවට හැදී වැඩුණු එකක්. ප්‍රධාන වශයෙන් ඉන්දියාවත්, චීනය ඇතුළු පෙරදිග රටවල් සහ අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලුත් අපේ රටේ ඈත අතීතයේදී පැවතුණු ගෘහ නිර්මාණ ශිල්පයට බලපෑම් ඇති කරා. සාපේක්ෂව මෑත ඉතිහාසයේදී පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ඇතුළු යුරෝපීය ජාතීන්ගේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම තමයි වඩාත් මතු වුණේ. ඒ කොහොම වුණත් අපේ රට තුළම විකාශනය වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අපි සතු බව ඕනෑම පෞරාණික ඉදි කිරීමක් දිහා බැලුවොත් දැක ගන්න පුළුවන්.

ඉතින් අපි මේ කියන්න යන්නේ මෑත කාලයේ, ඒ කිව්වේ පහුගිය ශත වර්ෂය තුළ ලංකාවේ බිහි වුණු වැදගත්ම ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් ගැනයි. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ බොහෝ රටවල් වල නිර්මාණ කටයුතු සඳහා මොවුන් දායකත්වය දීල තියෙනවා. අපි මේ කියන පුද්ගලයන්ගේ නිර්මාණ මේ ලිපිය කියවන ඔබ බොහෝ විට දැකලාත් ඇති. අද කාලයේ බිහි වෙන ගෘහ නිර්මාණ ශිල්පීන් කාටත් මේ ශිල්පීන්ගේ ආභාෂය ලැබිලා තියෙනවා කිව්වොත් වැරදි නැහැ.

1. ජෙෆ්රි මැනිං බාවා (1919 – 2003)

ජෙෆ්රි බාවා ලංකාවේ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පීන් අතරින් ප්‍රධානම කෙනෙක් විදිහට සැලකෙනවා. රූපය : archdaily.com

ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් කිව්වාම අපි කාගේත් මතකයට එන නම තමයි ජෙෆ්රි බාවා මහතා. බොහෝ විට මේ ලිපිය කියවන වැඩි දෙනා අපි ඊළඟට කියන තුන් දෙනා ගැන අහලා නොතිබෙන්න පුළුවන්, හැබැයි ජෙෆ්රි බාවා කියන නම නම් හැමෝම වගේ දන්නවා. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාවටම ගෘහ නිර්මාණ ශිල්පීන් ඔහුගේ නිර්මාණ වල ආභාෂය අදටත් තමන්ගේ නිර්මාණ වලට දායක කර ගන්නවා. බාවාගේ නිර්මාණ වල තියෙන සුවිශේෂී හැඩතල සහ මෝස්තර ඔහුටම ආවේණික වුණු වෙනස්ම ශෛලියකටයි අයත් වෙන්නේ.

දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහත්මයා වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ “පෙරදිග නූතනවාදය” නැතිනම් “Tropical Modernism” කියලා හඳුන්වන නිර්මාණ ක්රමයේ නිර්මාතෘ විදිහටයි. ගෘහ නිර්මාණ ශිල්පය තුල මෙය පිකාසෝ චිත්‍ර ශිල්පය තුළ බිහි කරපු “ඝනිකවාදය (cubism)” තරමටම පැහැදිළි, වැදගත් ශෛලියක්. හැම වෙලාවකම තමන්ගේ නිර්මාණ වලට දේශීය ලක්ෂණ ආරෝපණය කරන්නත් ඔහු තුළ ලොකු උනන්දුවක් තිබුණා. විශේෂයෙන්ම ගොඩනැගිලි ඉදි කරද්දී අවට පරිසරය සමග සම්මිශ්‍රණය වීම ඔහුගේ නිර්මාණ වල දකින්න ලැබුණු ප්‍රධානම ලක්ෂණයක්.

කණ්ඩලම හෙරිටන්ස් (උරුමය) හෝටලය – කණ්ඩලම හෝටලය විදිහට වඩාත් ප්‍රසිද්ධ මෙය බාවාගේ වැදගත්ම නිර්මාණ වලින් එකක්. අවට පරිසරය සහ හෝටලයේ නිර්මිත පරිසරය අතර තියෙන සම්මිශ්‍රණය කාගේත් කතාබහට ලක් වෙන කාරණයක්. රූපය : archdaily.com

කණ්ඩලම හෝටලය සැලසුම් කිරීම වගේම නුතනවාදය රටේ පෞරාණික සම්ප්‍රදායන් සමග බද්ධ කිරීම මගින් අලුත් ගෘහ නිර්මාණ ශෛලියක් බිහි කිරීම වෙනුවෙනුත් ජෙෆ්රි බාවා මහතාට ජාත්‍යන්තර තලයේ ඇගයීම් සහ සම්මාන රාශියක් ලැබුණා. ඒ වගේම ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති ගෘහ නිර්මාණ ශිල්පීන් අතරට එකතු වෙන්න හැකි වුණා. කණ්ඩලම හෝටලයට අමතරව ලුණුගඟ බංගලාව, බ්ලූ වෝටර් හෝටලය සහ ඔහුගේ කොළඹ නිවසත් බාවා මහතාගේ මේ පෙරදිග නූතනවාදී ශෛලිය පැහැදිලිව දැක්වෙන ස්ථාන විදිහට නම් කරන්න පුළුවන්.

ප්‍රයෝජනයට ගැනීම අතින් ලංකාවේ වැඩි දෙනාගේ අප්‍රසාදයට ලක් වුණත් ගෘහ නිර්මාණයක් වශයෙන් ඉහළම වටිනා කමක් තියෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැලසුම්කරු වෙන්නෙත් ජෙෆ්රි බාවා මහත්මයාමයි. ප්‍රදේශයේ පවතින ස්වභාවික පරිසරයට කිසිම ආගන්තුක බවක් ඇති නොවෙන විදිහට වැවක් මැද ගොඩ නගපු මේ අති විශාල ගොඩනැගිලි සංකීර්ණය ඔහුගේ හැකියාවන්ට හොඳම උදාහරණයක්. අදටත් ලංකාවේ ගොඩනැගිලි වලින් ඉතාම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ගොඩනැගිල්ලක් තමයි පාර්ලිමේන්තු සංකීර්ණය. මීට අමතරව කොළඹ හිල්ටන් හෝටලය, රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු නිර්මාණ ගණනාවකත්, ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පුරුව ඇතුළු විදේශ රටවල් ගණනාවක ඉදි කිරීම් වලත් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා විදිහට ඔහු කටයුතු කළා. 2003 දී අපෙන් සමු ගත් ජෙෆ්රි බාවා මහත්මයා ඇත්තටම කවදත් අපිට බය නැතිව ආඩම්බර වෙන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෙක්!

2. සිසිල් බැල්මන්ඩ් (Cecil Balmond) – (1943 – )

සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට වගේම දක්ෂ කලා ශිල්පියෙක්, ඉංජිනේරුවෙක් සහ ලේඛකයෙක් විදිහටත් සිසිල් බැල්මන්ඩ් මහතා ප්‍රසිද්ධයි. රූපය : Balmond Studio

ශ්‍රී ලංකාවේ වගේම එංගලන්තයේත් සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන බැල්මන්ඩ් මහතා නිර්මාණය කල වැදගත් ඉදි කිරීම් ගණනාවක් යුරෝපය පුරාම දැකගන්න පුළුවන්. ඔහුගේ ප්‍රධාන නිර්මාණ විදිහට ප්‍රංශයේ පොම්පිඩාවු-මෙට්ස් කෞතුකාගාරය (Pompidou-Metz Museum) සහ සර්පන්ටයින් මණ්ඩපය (Serpentine Pavillion), චීනයේ බීජින් නගරයේ CCTV කුළුණ වගේම 2013 ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආසෙලෝමිත්තල් නිරීක්ෂණ කුළුණත් (ArcelorMittal Orbit) සලකන්න පුළුවන්.

පොම්පිඩාවු-මෙට්ස් කෞතුකාගාරයේ මධ්‍යම ගොඩනැගිල්ල – සාමාන්‍ය හැඩතල වල වගේම ඉතා අසාමාන්‍ය හැඩතල වලත් දැකුම්කළු සම්මිශ්‍රණයක්. රූපය : archute.com

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබපු සිසිල් බැල්මන්ඩ් මහත්මයා උපාධිය හැදෑරුවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. කවදත් ගෘහ නිර්මාණ ශිල්පය කියන්නේ තමන්ගේ සිහින සැබෑ කර ගන්න පුළුවන් වෘත්තියක් විදිහටයි ඔහු සළකන්නේ. ලෝකය පුරාම තියෙන සිසිල් මහත්මයාගේ නිර්මාණ දැක්කාම ඔහු තුළ තිබුණු නිර්මාණශීලී මනස අපි කාටත් පැහැදිලිව දකින්න පුළුවන්. ඒකාකාරී පෙනුමක් තියෙන ගොඩනැගිලි වෙනුවට ඔහු ඇති කල සුවිශේෂී නිර්මාණයන් කාගේත් අවධානයට ලක් වුණා. නුතන ගෘහ නිර්මාණ ශිල්පය තුළ වැදගත්ම ශිල්පියෙක් විදිහට බැල්මන්ඩ් මහතා සැලකෙනවා. විශේෂයෙන්ම කලාව, ඉංජිනේරු විද්‍යාව සහ නිර්මාණකරණය කියන අංශ තුන සංකලනය කරමින් ඔහු කරපු නිර්මාණ හැම එකක්ම අදටත් එක වරක් දුටු පමණින් මතකයේ රැඳෙන තරමටම අසාමාන්‍ය සුන්දරත්වයක් පවතින බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.

3. මිනට් ද සිල්වා (1918 – 1998)

ශ්‍රී ලංකාවේ පළමු ගෘහ නිර්මාණ ශිල්පිනිය – මිනට් ද සිල්වා මැතිණිය. රූපය : hi.lk

පුංචි රටක් වුණත්, කාන්තාවන්ට නිසි තැන නොලැබෙන බවට ප්‍රසිද්ධ වුණු මහාද්වීපයක පිහිටලා තිබුණත් ශ්‍රී ලංකාව කියන්නේ සමාජයේ ඉහළම තල වලට ගමන් කරපු ධෛර්යවන්ත කාන්තාවන් බොහොමයක් ඉන්න, හිටපු රටක් කිව්වොත් වැරදි නැහැ. ලෝකයේ මුල්ම රාජ්‍ය නායිකාව බිහි කරන්න සමත් වුණු එක මේකට ප්‍රධානම උදාහරණයක්. බ්‍රිතාන්‍ය රාජකීය ගෘහ නිර්මාණ ශිල්පී සංගමයේ සාමාජිකත්වය ලබා ගත් පළමු ආසියානු කාන්තාව විදිහට ශ්‍රී ලාංකික කාන්තාවක් පත් වෙන්නෙත් මේ තත්වය තවදුරටත් සනිටුහන් කරමින්. මිනට් ද සිල්වා මැතිණිය ගෘහ නිර්මාණ ශිල්පයට අත් පොත් තියන කාලයේ 100%ක්ම වගේ හිටියේ ගෘහ නිර්මාණ ශිල්පීන් විතරයි. සමාජය තුළ කාන්තාවකට සුදුසු නුසුදුසු රැකියා කියලා බෙදීමක් තිබුණු අවධියක ඒ සියලු බාධක මැඩගෙන ලංකාවට කීර්තියක් ගෙන දෙන්න මිනට් මැතිණිය සමත් වුණා. ජෙෆ්රි බාවා මහත්මයා වගේම සාම්ප්‍රදායික සහ දේශීය ලක්ෂණත්, අවට ස්වභාවික පරිසරය සමග ඇති බැඳියාවත් සෑම විටම තමන්ගේ නිර්මාණ වලට ඇතුලත් කර ගත් ශිල්පිනියක් විදිහට මිනට් මැතිණිය ප්‍රසිද්ධියක් උසුලනවා.

කොළඹ කුමාරස්වාමි නිවාස, 1970 – මිනට් මැතිණියගේ වැදගත් නිර්මාණයක්. රූපය : architectsjournal.co.uk

ගෘහ නිර්මාණ ශිල්පයට කළ මහඟු සේවයට අමතරව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් වීමත් මිනට් ද සිල්වා මැතිණියගේ මෙහෙවර වලින් එකක්. එතෙක් සමාජය තුළ පිරිමි අය විතරයි සමාජයේ ඉහළ තනතුරු වල හිටියේ. ඇය නිසා ගෘහ නිර්මාණ ශිල්පය වගේම වෙනත් හැම ක්ෂේත්රයකමත් ඉදිරියට යන්න කොයි කාන්තාව තුලත් උනන්දුවක් ඇති වෙන්න පටන් ගත්තා. මේ නිසා ලංකාව තුළ අධ්‍යාපන කටයුතු වලටත්, රැකියා වෙළඳපොළටත් කාන්තාවන්ගේ දායකත්වය ලැබෙන්න වැදගත් ආදර්ශයක් වුණු කාන්තාවක් විදිහට මිනට් මැතිණිය අදටත් කාගේත් ගෞරවයට පාත්‍ර වෙනවා.

4. වැලන්ටින් ගුණසේකර (1931 – )

වැලන්ටින් ගුණසේකර මහත්මයා 1948 වර්ෂයේ නිදහස ලැබීමෙන් පසු සිදු කෙරුණු ඉදි කිරීම් ගණනාවකම ගෘහ නිර්මාණ ශිල්පයට වැඩිම බලපෑමක් කළ ශිල්පියෙක් විදිහටයි සැලකෙන්නේ. නිදහස ලැබීමත් එක්කම මතු වුණු දේශීයත්වය වගේම ගෘහ නිර්මාණ ශිල්පය අතින් ලංකාවට ආවේණික වුණු ශිල්ප ක්‍රම ගණනාවක් සකස් කරන්න මෙතුමා පුරෝගාමියෙක් වුණා. අලුත් හැඩතල සහ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ලංකාවට ආවේණික, නමුත් සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වුණු නිර්මාණ කරන්න ඔහු පෙළඹුණා.

සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පීන් වැඩි දෙනා සාම්ප්‍රදායික හැඩතල පාවිච්චි කරත් ගුණසේකර මහත්මයා හැම වෙලාවකම තමන්ට ආවේණික අලුත් ශෛලියකින් තමයි නිර්මාණ කටයුතු කළේ. ඒ කාලයේ ලංකාවේ තිබුණු උළු සෙවිලි කරපු සාම්ප්‍රදායික පෙනුමේ වහල වෙනුවට ප්‍රිස්ම, කේතු සහ සිලින්ඩරාකාර හැඩතල වලින් යුක්ත වහල සහිත අලුත් ගෘහ නිර්මාණ ශිල්පී අනන්‍යතාවක් ඇති කරන්න ඔහුගේ නිර්මාණ විශාල ලෙස හේතු වුණා. පෙරසවි කොන්ක්‍රීට් සහ වීදුරු වැනි ඒ කාලයේ නුහුරු දේවල් පාවිච්චි කරමින් ගුණසේකර මහත්මයා ගොඩනැගිලි තුල ඉඩකඩ හසුරුවපු අලුත් ශිල්ප ක්‍රම ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය නව මාවතකට යොමු කරන්න විශාල වශයෙන් හේතු වුණු බව පැහැදිලියි.

කොළඹ ජෙසූට් දෙව් මැදුර (Jesuit Chapel) – ගුණසේකර මහත්මයාගේ එක් නිර්මාණයක්. රූපය : architectsjournal.co.uk

අපි මේ කියපු ගෘහ නිර්මාණ ශිල්පීන් හතර දෙනාම ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්ප අනන්‍යතාවයට ලබා දුන්නු දායකත්වය වගේම ඔවුන් ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබා දෙන්නත් කරපු සේවය අප්‍රමාණයි. මේ නිසාම ලෝකයේ කුඩාම රටවල් වලින් එකක් වුණත් ලෝකය පුරා ඕනෑම තැනක තියෙන ගොඩනැගිල්ලක හරි කලා කෘතියකහරි ලංකාවේ සම්ප්රදායවලන් සහ සංස්කෘතියේ ආභාෂය ලබපු නිර්මාණයක් හඳුනා ගන්න එක ගෘහ නිර්මාණ ශිල්පය ගැන හොඳින් දන්නා කෙනෙක්ට ඉතා පහසු කාරණයක්. විශේෂයෙන්ම බාවා මහත්මයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු “පෙරදිග නූතනවාදය” කියන ශිල්ප ක්රමයේ සම්පූර්ණ හිමි කම අපි සතුයි. පරිසරය සුරැකීම ගැන අලුත් උනන්දුවක් ඇති වෙලා තියෙන මේ කාලයේ පරිසරය සමග බද්ධ වුණු ඉදි කිරීම් වලට එයින් විශාල පිටුවහලක් ලබා ගන්න පුළුවන්. මේ වගේ උතුම් සේවයක් කරපු / කරන මේ ගෘහ නිර්මාණ ශිල්පීන් හැමදාමත් අපි සමග ඉන්න එකක් නැහැ. නමුත් ඔවුන් කළ සේවය නිසා ලෝක ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම තුළ සනිටුහන් වුණු ශ්‍රී ලාංකීය සලකුණ හැමදාමත් ඉතිරි වේවි කියලා අපිට බය නැතිව කියන්න පුළුවන්.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Pradika Maheswaran

http://sinhala.roar.lk/identities/four-architects-made-sri-lanka-proud/

[QUOTE="osandaja, post: 20562206, member: 79730"] [b]ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ගෘහ නිර්මා[/b] [SIZE="5"][B][U]ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ගෘහ නිර්මාණ ශිල්පීන් හතර දෙනෙක්[/U][/B] ලංකාවේ කෙනෙක් ජාත්‍යන්තර තලයේ දෙයක් කරලා නමක් දිනා ගත්තාම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට දැනෙන සතුට කියල නිම කරන්න බැරි තරම්. ලංකාව පුංචි රටක් වුණත් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුණු වගේම හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වුණු බොහෝ පිරිසක් බිහි කරලා තියෙනවා. වර්තමානය වෙනකොට වැඩි දෙනා කතා වෙන්නේ විද්‍යාඥයන් ගැන වුණත් අතීතයේ ලංකාවේ බිහි වුණු අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පීන් ගැනත් කතා නොකරම බැහැ. දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක් විදිහට අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පයත් කාලයක් පුරාවට හැදී වැඩුණු එකක්. ප්‍රධාන වශයෙන් ඉන්දියාවත්, චීනය ඇතුළු පෙරදිග රටවල් සහ අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලුත් අපේ රටේ ඈත අතීතයේදී පැවතුණු ගෘහ නිර්මාණ ශිල්පයට බලපෑම් ඇති කරා. සාපේක්ෂව මෑත ඉතිහාසයේදී පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ඇතුළු යුරෝපීය ජාතීන්ගේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම තමයි වඩාත් මතු වුණේ. ඒ කොහොම වුණත් අපේ රට තුළම විකාශනය වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අපි සතු බව ඕනෑම පෞරාණික ඉදි කිරීමක් දිහා බැලුවොත් දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ කියන්න යන්නේ මෑත කාලයේ, ඒ කිව්වේ පහුගිය ශත වර්ෂය තුළ ලංකාවේ බිහි වුණු වැදගත්ම ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් ගැනයි. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ බොහෝ රටවල් වල නිර්මාණ කටයුතු සඳහා මොවුන් දායකත්වය දීල තියෙනවා. අපි මේ කියන පුද්ගලයන්ගේ නිර්මාණ මේ ලිපිය කියවන ඔබ බොහෝ විට දැකලාත් ඇති. අද කාලයේ බිහි වෙන ගෘහ නිර්මාණ ශිල්පීන් කාටත් මේ ශිල්පීන්ගේ ආභාෂය ලැබිලා තියෙනවා කිව්වොත් වැරදි නැහැ. [B]1. ජෙෆ්රි මැනිං බාවා (1919 – 2003)[/B] [/SIZE] [CENTER][IMG]https://s3.postimg.org/dgnk0gidv/bawa.jpg[/IMG] [SIZE="4"]ජෙෆ්රි බාවා ලංකාවේ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පීන් අතරින් ප්‍රධානම කෙනෙක් විදිහට සැලකෙනවා. රූපය : archdaily.com[/SIZE][/CENTER] [SIZE="5"]ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් කිව්වාම අපි කාගේත් මතකයට එන නම තමයි ජෙෆ්රි බාවා මහතා. බොහෝ විට මේ ලිපිය කියවන වැඩි දෙනා අපි ඊළඟට කියන තුන් දෙනා ගැන අහලා නොතිබෙන්න පුළුවන්, හැබැයි ජෙෆ්රි බාවා කියන නම නම් හැමෝම වගේ දන්නවා. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාවටම ගෘහ නිර්මාණ ශිල්පීන් ඔහුගේ නිර්මාණ වල ආභාෂය අදටත් තමන්ගේ නිර්මාණ වලට දායක කර ගන්නවා. බාවාගේ නිර්මාණ වල තියෙන සුවිශේෂී හැඩතල සහ මෝස්තර ඔහුටම ආවේණික වුණු වෙනස්ම ශෛලියකටයි අයත් වෙන්නේ. දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහත්මයා වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ “පෙරදිග නූතනවාදය” නැතිනම් “Tropical Modernism” කියලා හඳුන්වන නිර්මාණ ක්රමයේ නිර්මාතෘ විදිහටයි. ගෘහ නිර්මාණ ශිල්පය තුල මෙය පිකාසෝ චිත්‍ර ශිල්පය තුළ බිහි කරපු “ඝනිකවාදය (cubism)” තරමටම පැහැදිළි, වැදගත් ශෛලියක්. හැම වෙලාවකම තමන්ගේ නිර්මාණ වලට දේශීය ලක්ෂණ ආරෝපණය කරන්නත් ඔහු තුළ ලොකු උනන්දුවක් තිබුණා. විශේෂයෙන්ම ගොඩනැගිලි ඉදි කරද්දී අවට පරිසරය සමග සම්මිශ්‍රණය වීම ඔහුගේ නිර්මාණ වල දකින්න ලැබුණු ප්‍රධානම ලක්ෂණයක්.[/SIZE] [CENTER][IMG]https://s4.postimg.org/4s9e4qcr1/kan.jpg[/IMG] [SIZE="4"]කණ්ඩලම හෙරිටන්ස් (උරුමය) හෝටලය – කණ්ඩලම හෝටලය විදිහට වඩාත් ප්‍රසිද්ධ මෙය බාවාගේ වැදගත්ම නිර්මාණ වලින් එකක්. අවට පරිසරය සහ හෝටලයේ නිර්මිත පරිසරය අතර තියෙන සම්මිශ්‍රණය කාගේත් කතාබහට ලක් වෙන කාරණයක්. රූපය : archdaily.com[/SIZE] [/CENTER] [SIZE="5"]කණ්ඩලම හෝටලය සැලසුම් කිරීම වගේම නුතනවාදය රටේ පෞරාණික සම්ප්‍රදායන් සමග බද්ධ කිරීම මගින් අලුත් ගෘහ නිර්මාණ ශෛලියක් බිහි කිරීම වෙනුවෙනුත් ජෙෆ්රි බාවා මහතාට ජාත්‍යන්තර තලයේ ඇගයීම් සහ සම්මාන රාශියක් ලැබුණා. ඒ වගේම ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති ගෘහ නිර්මාණ ශිල්පීන් අතරට එකතු වෙන්න හැකි වුණා. කණ්ඩලම හෝටලයට අමතරව ලුණුගඟ බංගලාව, බ්ලූ වෝටර් හෝටලය සහ ඔහුගේ කොළඹ නිවසත් බාවා මහතාගේ මේ පෙරදිග නූතනවාදී ශෛලිය පැහැදිලිව දැක්වෙන ස්ථාන විදිහට නම් කරන්න පුළුවන්. ප්‍රයෝජනයට ගැනීම අතින් ලංකාවේ වැඩි දෙනාගේ අප්‍රසාදයට ලක් වුණත් ගෘහ නිර්මාණයක් වශයෙන් ඉහළම වටිනා කමක් තියෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැලසුම්කරු වෙන්නෙත් ජෙෆ්රි බාවා මහත්මයාමයි. ප්‍රදේශයේ පවතින ස්වභාවික පරිසරයට කිසිම ආගන්තුක බවක් ඇති නොවෙන විදිහට වැවක් මැද ගොඩ නගපු මේ අති විශාල ගොඩනැගිලි සංකීර්ණය ඔහුගේ හැකියාවන්ට හොඳම උදාහරණයක්. අදටත් ලංකාවේ ගොඩනැගිලි වලින් ඉතාම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ගොඩනැගිල්ලක් තමයි පාර්ලිමේන්තු සංකීර්ණය. මීට අමතරව කොළඹ හිල්ටන් හෝටලය, රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු නිර්මාණ ගණනාවකත්, ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පුරුව ඇතුළු විදේශ රටවල් ගණනාවක ඉදි කිරීම් වලත් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා විදිහට ඔහු කටයුතු කළා. 2003 දී අපෙන් සමු ගත් ජෙෆ්රි බාවා මහත්මයා ඇත්තටම කවදත් අපිට බය නැතිව ආඩම්බර වෙන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෙක්! [B]2. සිසිල් බැල්මන්ඩ් (Cecil Balmond) – (1943 – )[/B][/SIZE] [CENTER][IMG]https://s3.postimg.org/bra5hsaar/cicil.jpg[/IMG] [SIZE="4"]සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට වගේම දක්ෂ කලා ශිල්පියෙක්, ඉංජිනේරුවෙක් සහ ලේඛකයෙක් විදිහටත් සිසිල් බැල්මන්ඩ් මහතා ප්‍රසිද්ධයි. රූපය : Balmond Studio[/SIZE][/CENTER] [SIZE="5"]ශ්‍රී ලංකාවේ වගේම එංගලන්තයේත් සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන බැල්මන්ඩ් මහතා නිර්මාණය කල වැදගත් ඉදි කිරීම් ගණනාවක් යුරෝපය පුරාම දැකගන්න පුළුවන්. ඔහුගේ ප්‍රධාන නිර්මාණ විදිහට ප්‍රංශයේ පොම්පිඩාවු-මෙට්ස් කෞතුකාගාරය (Pompidou-Metz Museum) සහ සර්පන්ටයින් මණ්ඩපය (Serpentine Pavillion), චීනයේ බීජින් නගරයේ CCTV කුළුණ වගේම 2013 ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආසෙලෝමිත්තල් නිරීක්ෂණ කුළුණත් (ArcelorMittal Orbit) සලකන්න පුළුවන්.[/SIZE] [CENTER][IMG]https://s4.postimg.org/e3c05p0nx/museum.jpg[/IMG][/CENTER] [SIZE="4"]පොම්පිඩාවු-මෙට්ස් කෞතුකාගාරයේ මධ්‍යම ගොඩනැගිල්ල – සාමාන්‍ය හැඩතල වල වගේම ඉතා අසාමාන්‍ය හැඩතල වලත් දැකුම්කළු සම්මිශ්‍රණයක්. රූපය :[/SIZE] archute.com[CENTER][SIZE="4"][/SIZE][/CENTER] [SIZE="5"]මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබපු සිසිල් බැල්මන්ඩ් මහත්මයා උපාධිය හැදෑරුවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. කවදත් ගෘහ නිර්මාණ ශිල්පය කියන්නේ තමන්ගේ සිහින සැබෑ කර ගන්න පුළුවන් වෘත්තියක් විදිහටයි ඔහු සළකන්නේ. ලෝකය පුරාම තියෙන සිසිල් මහත්මයාගේ නිර්මාණ දැක්කාම ඔහු තුළ තිබුණු නිර්මාණශීලී මනස අපි කාටත් පැහැදිලිව දකින්න පුළුවන්. ඒකාකාරී පෙනුමක් තියෙන ගොඩනැගිලි වෙනුවට ඔහු ඇති කල සුවිශේෂී නිර්මාණයන් කාගේත් අවධානයට ලක් වුණා. නුතන ගෘහ නිර්මාණ ශිල්පය තුළ වැදගත්ම ශිල්පියෙක් විදිහට බැල්මන්ඩ් මහතා සැලකෙනවා. විශේෂයෙන්ම කලාව, ඉංජිනේරු විද්‍යාව සහ නිර්මාණකරණය කියන අංශ තුන සංකලනය කරමින් ඔහු කරපු නිර්මාණ හැම එකක්ම අදටත් එක වරක් දුටු පමණින් මතකයේ රැඳෙන තරමටම අසාමාන්‍ය සුන්දරත්වයක් පවතින බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. [B]3. මිනට් ද සිල්වා (1918 – 1998)[/B][/SIZE] [CENTER][IMG]https://s4.postimg.org/f60vee3d9/minet.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ලංකාවේ පළමු ගෘහ නිර්මාණ ශිල්පිනිය – මිනට් ද සිල්වා මැතිණිය. රූපය : hi.lk[/SIZE][/CENTER] [SIZE="5"]පුංචි රටක් වුණත්, කාන්තාවන්ට නිසි තැන නොලැබෙන බවට ප්‍රසිද්ධ වුණු මහාද්වීපයක පිහිටලා තිබුණත් ශ්‍රී ලංකාව කියන්නේ සමාජයේ ඉහළම තල වලට ගමන් කරපු ධෛර්යවන්ත කාන්තාවන් බොහොමයක් ඉන්න, හිටපු රටක් කිව්වොත් වැරදි නැහැ. ලෝකයේ මුල්ම රාජ්‍ය නායිකාව බිහි කරන්න සමත් වුණු එක මේකට ප්‍රධානම උදාහරණයක්. බ්‍රිතාන්‍ය රාජකීය ගෘහ නිර්මාණ ශිල්පී සංගමයේ සාමාජිකත්වය ලබා ගත් පළමු ආසියානු කාන්තාව විදිහට ශ්‍රී ලාංකික කාන්තාවක් පත් වෙන්නෙත් මේ තත්වය තවදුරටත් සනිටුහන් කරමින්. මිනට් ද සිල්වා මැතිණිය ගෘහ නිර්මාණ ශිල්පයට අත් පොත් තියන කාලයේ 100%ක්ම වගේ හිටියේ ගෘහ නිර්මාණ ශිල්පීන් විතරයි. සමාජය තුළ කාන්තාවකට සුදුසු නුසුදුසු රැකියා කියලා බෙදීමක් තිබුණු අවධියක ඒ සියලු බාධක මැඩගෙන ලංකාවට කීර්තියක් ගෙන දෙන්න මිනට් මැතිණිය සමත් වුණා. ජෙෆ්රි බාවා මහත්මයා වගේම සාම්ප්‍රදායික සහ දේශීය ලක්ෂණත්, අවට ස්වභාවික පරිසරය සමග ඇති බැඳියාවත් සෑම විටම තමන්ගේ නිර්මාණ වලට ඇතුලත් කර ගත් ශිල්පිනියක් විදිහට මිනට් මැතිණිය ප්‍රසිද්ධියක් උසුලනවා.[/SIZE] [CENTER][IMG]https://s4.postimg.org/tveyradv1/kumars.jpg[/IMG] [SIZE="4"]කොළඹ කුමාරස්වාමි නිවාස, 1970 – මිනට් මැතිණියගේ වැදගත් නිර්මාණයක්. රූපය : architectsjournal.co.uk[/SIZE][/CENTER] [SIZE="5"]ගෘහ නිර්මාණ ශිල්පයට කළ මහඟු සේවයට අමතරව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් වීමත් මිනට් ද සිල්වා මැතිණියගේ මෙහෙවර වලින් එකක්. එතෙක් සමාජය තුළ පිරිමි අය විතරයි සමාජයේ ඉහළ තනතුරු වල හිටියේ. ඇය නිසා ගෘහ නිර්මාණ ශිල්පය වගේම වෙනත් හැම ක්ෂේත්රයකමත් ඉදිරියට යන්න කොයි කාන්තාව තුලත් උනන්දුවක් ඇති වෙන්න පටන් ගත්තා. මේ නිසා ලංකාව තුළ අධ්‍යාපන කටයුතු වලටත්, රැකියා වෙළඳපොළටත් කාන්තාවන්ගේ දායකත්වය ලැබෙන්න වැදගත් ආදර්ශයක් වුණු කාන්තාවක් විදිහට මිනට් මැතිණිය අදටත් කාගේත් ගෞරවයට පාත්‍ර වෙනවා. [B]4. වැලන්ටින් ගුණසේකර (1931 – )[/B][/SIZE] [SIZE="5"]වැලන්ටින් ගුණසේකර මහත්මයා 1948 වර්ෂයේ නිදහස ලැබීමෙන් පසු සිදු කෙරුණු ඉදි කිරීම් ගණනාවකම ගෘහ නිර්මාණ ශිල්පයට වැඩිම බලපෑමක් කළ ශිල්පියෙක් විදිහටයි සැලකෙන්නේ. නිදහස ලැබීමත් එක්කම මතු වුණු දේශීයත්වය වගේම ගෘහ නිර්මාණ ශිල්පය අතින් ලංකාවට ආවේණික වුණු ශිල්ප ක්‍රම ගණනාවක් සකස් කරන්න මෙතුමා පුරෝගාමියෙක් වුණා. අලුත් හැඩතල සහ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ලංකාවට ආවේණික, නමුත් සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වුණු නිර්මාණ කරන්න ඔහු පෙළඹුණා. සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පීන් වැඩි දෙනා සාම්ප්‍රදායික හැඩතල පාවිච්චි කරත් ගුණසේකර මහත්මයා හැම වෙලාවකම තමන්ට ආවේණික අලුත් ශෛලියකින් තමයි නිර්මාණ කටයුතු කළේ. ඒ කාලයේ ලංකාවේ තිබුණු උළු සෙවිලි කරපු සාම්ප්‍රදායික පෙනුමේ වහල වෙනුවට ප්‍රිස්ම, කේතු සහ සිලින්ඩරාකාර හැඩතල වලින් යුක්ත වහල සහිත අලුත් ගෘහ නිර්මාණ ශිල්පී අනන්‍යතාවක් ඇති කරන්න ඔහුගේ නිර්මාණ විශාල ලෙස හේතු වුණා. පෙරසවි කොන්ක්‍රීට් සහ වීදුරු වැනි ඒ කාලයේ නුහුරු දේවල් පාවිච්චි කරමින් ගුණසේකර මහත්මයා ගොඩනැගිලි තුල ඉඩකඩ හසුරුවපු අලුත් ශිල්ප ක්‍රම ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය නව මාවතකට යොමු කරන්න විශාල වශයෙන් හේතු වුණු බව පැහැදිලියි. [/SIZE] [CENTER][IMG]https://s3.postimg.org/bbwcq3aw3/church.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]කොළඹ ජෙසූට් දෙව් මැදුර (Jesuit Chapel) – ගුණසේකර මහත්මයාගේ එක් නිර්මාණයක්. රූපය : architectsjournal.co.uk[/CENTER][/SIZE] [SIZE="5"]අපි මේ කියපු ගෘහ නිර්මාණ ශිල්පීන් හතර දෙනාම ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්ප අනන්‍යතාවයට ලබා දුන්නු දායකත්වය වගේම ඔවුන් ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබා දෙන්නත් කරපු සේවය අප්‍රමාණයි. මේ නිසාම ලෝකයේ කුඩාම රටවල් වලින් එකක් වුණත් ලෝකය පුරා ඕනෑම තැනක තියෙන ගොඩනැගිල්ලක හරි කලා කෘතියකහරි ලංකාවේ සම්ප්රදායවලන් සහ සංස්කෘතියේ ආභාෂය ලබපු නිර්මාණයක් හඳුනා ගන්න එක ගෘහ නිර්මාණ ශිල්පය ගැන හොඳින් දන්නා කෙනෙක්ට ඉතා පහසු කාරණයක්. විශේෂයෙන්ම බාවා මහත්මයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු “පෙරදිග නූතනවාදය” කියන ශිල්ප ක්රමයේ සම්පූර්ණ හිමි කම අපි සතුයි. පරිසරය සුරැකීම ගැන අලුත් උනන්දුවක් ඇති වෙලා තියෙන මේ කාලයේ පරිසරය සමග බද්ධ වුණු ඉදි කිරීම් වලට එයින් විශාල පිටුවහලක් ලබා ගන්න පුළුවන්. මේ වගේ උතුම් සේවයක් කරපු / කරන මේ ගෘහ නිර්මාණ ශිල්පීන් හැමදාමත් අපි සමග ඉන්න එකක් නැහැ. නමුත් ඔවුන් කළ සේවය නිසා ලෝක ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම තුළ සනිටුහන් වුණු ශ්‍රී ලාංකීය සලකුණ හැමදාමත් ඉතිරි වේවි කියලා අපිට බය නැතිව කියන්න පුළුවන්.[/SIZE] [SIZE="4"]පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ[/SIZE] [SIZE="4"]Pradika Maheswaran[/SIZE] [SIZE="3"]http://sinhala.roar.lk/identities/four-architects-made-sri-lanka-proud/[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom