Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ පළමු ද්‍රවිඩ විපක්ශ නායක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පළමු ද්‍රවිඩ විපක්ශ නායක 18+

ටිකෙන් ටික ඇඳීරිය අවට පරිසරය වෙලා ගනිමින් පැවැතිණි. මෙතෙක් වෙලාවක් වේගයෙන් ඇදුණු කැබ්රථය බුලර්ස් පටුමගේ දෙමහල් නිවසක් අසල නතර කෙරිණි. ඒ සමඟම කැබ් රථයෙන් බැසගත් තිදෙනෙක් අසල නිවසේ දොරටුව අසල නතර වූහ.

අමුත්තන්ගේ පැමිණීම දුටු ආරක්ෂක නිලධාරියා, වහාම ඔවුන් අසලට ගියේ ඊළඟ මොහොතේ ය. පැමිණ සිටි තිදෙනාගේ හැදුනුම්පත් පරීක්ෂා කළ ඔහු අමුත්තන්ව ඇතුළට ගත්තේය. ඒ සමඟම උඩුමහලේ සිටි යෝගේෂ්වරන් මහතා.

“ආ.... එන්න...........එන්න යැයි” අමුත්තන් තිදෙනා දෙස බලා කීවේය. තිදෙනාම පඩිපෙළ අසලට පැමිණි අතර දෙදෙනෙක් උඩු මහලට යන්නට සූදානම් වූහ. අනෙක් තැනැත්තා බිම් මහලේ නතරවිය. මේ නතරවීම දුටු ආරක්ෂක නිලධාරියෙක්.

“සාකච්ඡාවට නේද ආවේ. යන්න යන්න යැයි කීවේය.

“නැහැ, කමක් නැහැ මම මෙහෙන් ඉන්නම් යැයි” තුන්වැන්නාගේ පිළිතුර විය.

තවත් විනාඩි පහක් පමණ ගතවිය. අමුත්තන් දෙදෙනාගේ පැමිණීමත් සමඟම උඩු මහලේ සිටි යෝගේෂ්වරන් මහතා වැරැන්ඩාවට පැමිණියේය. පහළ මහල දෙස බැලූ ඔහු එහි සිටි සේනාධිරාජාට මොනවාදෝ කීවේය.

මේ සිදුවීම් සියල්ල අතර අමිර්තලිංගම් මහතාත් ඔහුගේ බිරිඳත් රූපවාහිනියේ දෙමළ ප්රවෘත්ති විකාශනයට අවධානය යොමු කරගෙන සිටියහ. සේනාධිරාජා පැමිණ යෝගේෂ්වරන් මහතාගේ පණිවිඩය අමිර්තලිංගම් මහතාට ප්‍රකාශ කෙළේ මේ අතරය.

ඒ සමඟම සිවසිත්තම්පරම් මහතාටද කතා කළ අමිර්තලිංගම් මහතා ඉහළ මහලට ගොඩ වන්නට වූහ. දෙවන මහලට පැමිණි අමිර්තලිංගම් මහතා නතරවූයේ අමුත්තන් දෙදෙනා අසලය. සුපුරුදු සිනහවෙන් ඔවුන් සමඟ කතා කර යන එන තොරතුරු පළමුවෙන්ම විමසුවේය. තවත් ටික වෙලාවකින් නියමිත කරගත් පරිදි දෙපිරිසේ සාකච්ඡාව ඇරඹිණි.

බොහෝ සුහද අයුරින් සාකච්ඡාව පැවැත්වෙන අතර යෝගේෂ්වරන් මහතාගේ බිරිඳ තේ පැන් සංග්‍රහයක්ද පිළියෙළ කළා ය. මේ අනුව පැමිණි සිටි අමුත්තන්ට බිස්කට්, කෙසෙල් ගෙඩි, තේ පැන් ආදියෙන් සංග්‍රහයක් ලැබිණි. විහිළු තහළු ද, තවත් විටක කොක් හඬලමින් සිනහ වෙමින් ද මේ කතා බහ පැවැත්විණි.

මේ අතර වෙලාව රාතී‍්‍ර 7.10 පමණ වන්නට ඇත.

යෝගේෂ්වරන් මරුමුවට

තමා බොමින් සිටි තේ කෝප්පය ලද ඇසිල්ලකින් පසෙක තැබූ පැමිණ සිටි අමුත්තෙක් ඉණෙහි සඟවා තිබූ රිවෝල්වරයක් එළියට ඇද ගත්තේය.

මේ සියල්ල සිදුවන අතරතුර අමිර්තලිංගම් මහත්මිය සිටියේ පහළ මාලයේ ය. ඇය රූපවාහිනිය නරඹමින් සිටි අතර ඒ සමඟම ඇයට එංගලන්තයේ සිටින සිය පුතාගෙන් දුරකතන ඇමතුමක්ද බලාපොරොත්තුවෙන් සිටියා ය. ඇයට ඉහළ මාලයේ වෙඩි හඬ කිහිපයක් සහ බෝතල් බිදීයන ශබ්දයක් ද එකවර ඇසෙන්නට වූයේ මේ අතරතුර ය.

අමිර්තලිංගම් මහතා බිරිය සමඟ...

ඒ සමඟම ඇය ඉහළ මාලයට දිව යන්නට විය. වහාම ඇය ඉදිරියට පැමිණි ආරක්ෂක නිලධාරියකු ඇයට ඉහළට එන්නට එපායැයි අතින් සංඥා කෙළේය. පසුව ඇය අනෙක් පස තිබූ පඩිපෙළ ඔස්සේ ඉහළමාලයට පිවිසුණි. අමිර්තලිංගම් මහත්මියට දැකගත හැකිවූයේ ඇදහිය නොහැකි සිදුවීමකි. අමිර්තලිංගම් මහතා උඩුමහලේ වූ වේවැල් පුටුවක් මත වැටී සිටියේය.

ඔහු ගේ බෙල්ල පැත්තකට ඇළ වී තිබුණි. හිසෙන් ලේ ගලමින් තිබුණි. සිවසිත්තම්පරම් සහ යෝගේෂ්වරන් යන මහත්වරුන් ද ඒ අසල වැටී සිටියහ. හිසෙන් ලේ ගලමින් සිටි අමිර්තලිංගම් මහතා සමීපයට පැමිණි අමිර්තලිංගම් මහත්මිය,

“මොකද ඔයාට උනේ දෙවියනේ.” කියමින් විලාප දෙන්නට වූවාය. එහෙත් අමිර්තලිංගම් මහතා වචනයක් හෝ කතා කළේ නැත. වහාම ඔහුව රෝහලට ගෙනයන ලදී. එහෙත් ඒ වනවිටත් අමිර්තලිංගම් මහතා සහ යෝගේෂ්වරන් මහතා මෙලොවට සමුදී තිබුණි. සිවසිත්තම්පරම් මහතා බරපතළ තුවාල ලබා තිබුණි.

මෙහිදී අමිර්තලිංගම් මහතා සහ සෙසු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු සාමාජිකයන් දෙදෙනාට වෙඩි තබා පලායන්නට උත්සාහ කළ ඝාතකයන් දෙදෙනා ද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූහ.

1927 අගෝස්තු 26 වෙනි දින උපත ලැබූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතා මෙයි කන්කන් ද්‍රවිඩ පාසලෙන් සහ චුල්ලිපුරම් හි වික්ටෝරියා විදුහලෙන් අධ්‍යාපනය ලැබුවේ ය. පසුව ලංකා විශ්වවිද්‍යාලයටත්, නීති විද්‍යාලයටත් ඇතුළත් විය. මේ කාලය වන විට ජී.ජී.පොන්නම්බලම් මහතාගේ දෙමළ සංගමය බිදී ගොස් තිබුණි.

1949 දී ඉන්දියානු සහ පකිස්ථානු පුරවැසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ජී.ජී. පොන්නම්බලම් ආණ්ඩුවට එකතුවී ඇමැතිකමක් ලබා ගත්තේය. පනතට පක්ෂව ඡන්දය ද භාවිතා කෙළේය. ඊට එරෙහිවූ දෙමළ සංගමයේ එස්.ජේ. වී. සෙල්වනායගම් ඇතුළු මන්තී‍්‍රවරු තිදෙනෙක් එම සංගමයෙන් ඉවත් විය.

ජනතා හරසර ලැබූ අමිර්තලිංගම් මහතා...

පසුව 1949 දෙසැම්බර් 3 වැනිදා පවත්වන ලද සමුළුවකදී පෙඩරල්පක්ෂය නමින් ප්‍රකට වූ “ඉලංගෙයි තමිල් අරුසු” නම් පක්ෂය පිහිටුවා ගන්නා ලදී. මෙලෙස පිහිට වූ පෙඩරල් පක්ෂයට ආරම්භයේ සිටම සහයෝගය දැක්වූ විශ්වවිද්‍යාල සහ නීති විද්‍යාල ශිෂ්‍යයන් අතරින් අමිර්තලිංගම් කැපී පෙනෙන ශිෂ්‍යයකු විය.

ලාබාල වියේම දේශපාලනයට

25 වෙනි වියේදී නීති විද්‍යාලයෙන් පිටත්වන අමිර්තලිංගම් පෙඩරල් පක්ෂයේ ප්රබලතම සහයෝගකරුවෙක් විය. 1952 දී එළැඹෙන මහ මැතිවරණයට පෙඩරල් පක්ෂයට ඔහු වඩුක්කෝඩෙයි ආසනයෙන් තරග කෙළේය.

එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එවක මෙරට සමූපකාර ව්‍යාපාරය තුළ කැපීපෙනෙන චරිතයක් වූද ස්වාධීන අපේක්ෂකයකු වූද වී.වීරසිංහම් ය. එහිදී අමිර්තලිංගම් මහතා වීරසිංහම් මහතා හමුවේ පරාජය ලැබුවේය. ඔහු පමණක් නොව පෙඩරල් පක්ෂයේ නායකයා වූ වෙල්වනායගම් ද පැරදුණි.

එහෙත් ඉන්පසුව පැවැති 1956, 1960 මාර්තු, 1960 ජූලි 1965 යන මැතිවරණයන් හිදී අමිර්තලිංගම් මහතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කෙළේය. 1965 දී ඔහු සිය අසුන ජයගත්තේ වැඩි ඡන්ද 11,000කින් ප්‍රතිවාදියාව පරාජය කරමිනි.

1958 දී පැවැති කෝලාහල වලදී, 1961 දී පෙඩරල් පක්ෂයේ පවත්වන ලද සත්යග්රහ ව්‍යාපාර වලදී වෙල්වනායගම් අමිර්තලිංගම් ඇතුළු පෙඩරල් පක්ෂ සාමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලදී. 1965 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොතිබිණි.

ඒ අනුව සභාග ආණ්ඩුවක් ඇති කරගැනීමට ඩඩ්ලි සේනානායක මහතා කටයුතු කෙළේය. එහිදී පෙඩරල් පක්ෂයද වෙල්වනායගම්, ඩඩ්ලි සේනානායක සමඟින් ඇතිකරගෙන තිබූ ගිවිසුම මත සහයෝගය දැක්වීය.

ජේ. ආර්. සමඟ

1970 වර්ෂයේදී පැවැති මහ මැතිවරණයට වඩුක්කෝඩෙයි ආසනයෙන් නැවතත් තරඟ කළ අමිර්තලිංගම් මහතා පරාජයට පත්විය. එහිදී ආචාර්ය අරුල් ත්‍යාගරාජා මහතා වඩුක්කෝඩෙයි ආසනය ජයග්‍රහණය කෙළේය.

1972 මැයි 22 සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පෙඩරල් පක්ෂය විවිධ ප්‍රකාරයෙන් විරෝධතාවන් නැගීය. එම වර්ෂයේම පෙඩරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය, ලංකා කම්කරු කොංග්‍රසය ආදී පක්ෂ කිහිපයක්ද මහාචාර්ය සී. සුන්දර ලිංගම්ද එකතුවී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගෙන තිබුණි.

පසුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ඇති එකම විසඳුම ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් ය යන අදහස ඉදිරිපත් කර 1976 – 5 – 14 දින වඩුක්කෝඩෙයි යෝජනාව සම්මත කරගත්තේය. මේ වනවිට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ලේකම්වරයා වූයේ ඒ. අමිර්තලිංගම් මහතා ය.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා වූ වෙල්වනායගම් මහතා මියගිය පසු පක්ෂයේ නායකයා වූයේ අමිර්තලිංගම් මහතා ය. මේ අතර 1977 පැවැති මහ මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය වී තිබුණේද ස්වාධීන දෙමළ ඊළමක් ලබා ගැනීම ය. එහිදී කන්කසන්තුරේ ආසනයට තරඟ වැදුණු අමිර්තලිංගම් මහතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් සිය ආසනය ජයගත්තේ ය.

මේ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයකට පත්විය. මේ නිසා මන්තී‍්‍ර ආසන 18 ක් සහිතව 6.4%ක ප්‍රතිශතයක් ලබාසිටි පෙඩරල් පක්ෂයට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස කටයුතු කිරීමට වරම් ලැබිණි. විපක්ෂ නායකයා වූයේ ඒ. අමිර්තලිංගම් මහතා ය.

මේ අනුව ලංකා ඉතිහාසයේ පළමු දෙමළ ජාතික විපක්ෂනායකවරයා වූයේ අමිර්තලිංගම් ය. එකල 5/6ක බලයක් ලබා පාර්ලිමේන්තුව තුළ ප්‍රබල බලයක් ගොඩනගාගෙන සිටි එජාපය හමුවේ වගකිවයුතු විපක්ෂනායක වරයකු ගේ භූමිකාව අමිර්තලිංගම්ගෙන් ඉටුවුණ බව විචාරකයෝ පවසයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරන්නට යෙදුණි. මෙහිදී බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපූ අවස්ථාවේ අමිර්තලිංගම් මහතා මෙවැනි අදහස් දැක්වීමක් කර එම කි‍්‍රයාවට බලවත් සේ විරෝධය ප්‍රකාශ කෙළේය.

‘කොල්ලන්’ට පහරදීම

“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ පාලන කාලය තුළ එක්සත් ජාතික පක්ෂයට කළ අසාධාරණයන් තිබිය හැකි නමුදු ඊට වඩා කිහිප ගුණයකින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ අතවරයන්ට භාජනය වූ නමුත් මෙය එකට එක කිරීමේ හෝ පලිගැනීමේ හෝ අවස්ථාවක් නොවේ. යුක්ති සහගතව කි‍්‍රයා කළයුතු අවස්ථාවකැයි ප්‍රජා අයිතිවාසිකම් අහිමිකිරීමට එරෙහිව කතාකරමින් අමිර්තලිංගම් මහතා පැවසීය. තවත් විටක ඔහු මෙසේද ප්‍රකාශ කෙළේ ය.

“මීට වසර ගණනාවකට පෙර මතකද බුද්ධරක්ඛිත හාමුදුරුවන් එල්ලා මරන්න තීන්දු කළ දවස. භික්ෂුවක් එල්ලා මරන්න ඉඩ දෙන්න බෑ කියලා උඹලම නේද තර්ක කෙළේ. ඒකෙන්ම එල්ලුම්ගහ තහනම් කළා. නමුත් දැන් උඹලා මැතිණිය දේශපාලන වශයෙන් එල්ලුම්ගහේ යවලා මරන්න හදනවා. උඹලට ඒකට ඉඩ දෙන්න අමිර්තලිංගම් සූදානම් නැහැ.

අමිර්තලිංගම් විශිෂ්ට කථිකයෙක් විය. එමෙන්ම බය පිළිබඳ ඔහුට එතරම් තැකීමක් නොතිබිණි. මෙයට හොඳම නිදසුනක් 1984 යාපනයේ පැවැති ද්‍රවිඩ එක්සත් පෙරමුණේ රැස්වීමකදී දැකගන්නට ලැබුණි.

එදා දෙමළ සන්නද්ධ කි‍්‍රයාවලට සම්බන්ධ වූ තරුණ පිරිස් දෙමළ දේශපාලඥයන් හදුන්වා තිබුණේ “කොල්ලන්” යනුවෙනි. යාපනයේ යට කී රැස්වීම පවතින මොහොතේ “කොල්ලන්” කිහිපදෙනෙකු වේදිකාවට කඩා පැන්නහ. වේදිකාවේ තිබූ පුටු විසි කළහ. කොඩිවැල්වලට ගිනිතැබූහ. ඒ මොහොතේ අමිර්තලිංගම් කතා කරමින් සිටි මයික්‍රෆෝනය උදුරාගත් “කොල්ලන්” එය විසි කළේය.

මෙලෙස ප්රජාතන්ත්රවාදයත්, ත්‍රස්තවාදයත් අතර සටනක් වේදිකාවේ රඟදැක්වෙමින් තිබුණි.

යෝගේෂ්වරන් මහතා

වහාම කි‍්‍රයාත්මක වූ අමිර්තලිංගම් මහතා “කොල්ලන්” දෙන්නෙකු දෑතට අල්ලාගත්තේය.

“පර බල්ලනේ තොපිට වේදිකා කැඩුවැහැකි. මේ අමිර්තලිංගම් මරා දැම්මහැකි. ඒත් ද්‍රවිඩ එක්සත් පෙරමුණවත්, ප්රජාතන්ත්රවාදයටත් මරන්න බෑ යි යටිගිරියෙන් කෑ ගසා “කොල්ලන්” දෙදෙනා වේදිකාවෙන් බිමට තල්ලු කර දමා සිය කතාව දිගටම කරගෙන ගියේය.

තවත් අවස්ථාවක යාපනය විශ්වවිද්‍යාලයට ගිය අමිර්තලිංගම්ට කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් කිහිපදෙනෙකු පහරදුන්හ. පළමුවෙන්ම අමිර්තලිංගම් ගිය වාහනයෙන් ඔහුව එළියට ඇද දැමූ ත්රස්තවාදීන් වාහනය කුඩුපට්ටම් කරන්නට පටන් ගත්තේ ය.

ත්රස්තවාදීන් ඔහු වාහනයෙන් එළියට ඇද දැමීමේදී ඇද සිටි බැනියමේ අතක් ඉරී පහළට වැටුණි. එය අහුලාගත් අමිර්තලිංගම් මහතා එයින් දාඩිය පිසදමමින් දඹර ඇගිල්ල “කොල්ලන්”ට දික්කර “කාරෙකත් කුඩු කරපියව්, මාවත් මරපියව්, ඒ වුණාට තොපිට කවදාවත් ප්රජාතන්ත්රවාදය කුඩුකරන්න බැහැ යි කීවේය.

1981 අමිර්තලිංගම් මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූයේය. ඒ 1981 ජනවාරි 5 දින “ඉන්ඩියන් එක්ස්ප්‍රස්” පත්‍රයේ පළවූ වාර්තාවක් පසුබිම් කර ගෙනය. එමෙන්ම මදුරාසියේ ද්‍රවිඩ සහෝදරත්ව සංගමය මගින් සංවිධානය කර තිබූ ලෝක ද්‍රවිඩ සම්මේලනය අමතා කළ ප්‍රකාශයක්ද විශ්වාස භංග යෝජනාවට ඇතුළත් කෙරිණි.

පාර්ලිමේන්තු වර්ජනය

1983 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හයවෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට එවක පැවැති ආණ්ඩුව කටයුතු කෙළේ ය. මෙහි දී “මන්තී‍්‍ර දිවුරුම”ට විරෝධය පෑ අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුව වර්ජනය කළහ. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජනය නැතිකළ එකී දිවුරුම මෙසේ සකස්වී තිබුණි.

“..........වන මම ශ්‍රී ලංකා ප්රජාතන්ති්රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකොට අනුගමනය කරන බවටත් කෙළින්ම හෝ අනියම් මාර්ගයකින් ශ්‍රී ලංකාවේ ඇතුළතදී හෝ පිටත දී ශ්‍රී ලංකා ජන රජ භූමි ප්‍රදේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති කිරීමට ආධාර සැපයුම, අනුබලදීම හෝ මුදල්සැපයීම හෝ පෙළඹවීම නොකරන බවට ගෞරව බහුමානයෙන් දිවුරුම් දෙමි.

මේ දිවුරුම් දීම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළේය. ඒ සමඟම පාර්ලිමේන්තුව වර්ජනය කෙළේය. නිවාඩු නොලබා මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැනීම නිසා ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන් අහිමිවිය.

එසේ පාර්ලිමේන්තුවරම අහිමි වූ අමිර්තලිංගම් මහතා නැවතත් පාර්ලිමේන්තුවට පැමිණියේ 1989 පෙබරවාරි 21 වෙනි දින ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙනි. ඉන් තවත් මාස 5 ක් ගතවූ තැන දෙමළ ජනතාවගේ අසහාය නායකයෙක් වූ අමිර්තලිංගම් මහතා එල්.ටී.ටී.ඊ.ය විසින් සිය නිවසේදී ඝාතනය කෙළේය.

1977 දී ස්වාධීන ඊළමක් පිළිබඳව අදහස් දැක්වීමත් ඉන් අනතුරුව සාකච්ඡා මගින් ගැටලුව නිරාකරණය කරගැනීමට එකඟවීමත් නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු පාවාදෙන්නන් බව එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කරතිබුණි. මේ පාවාදීම නිසා අමිර්තලිංගම්ට මරණ දඬුවම නියමකළ බවට අදහසක් කලකට ඉහතදී යාපනයේ පැතිර තිබිණි. එමෙන්ම ඉන්දියාව සමඟ අමිර්තලිංගම්ගේ සමීප ඇසුරක් පැවැතීමද මේ ඝාතනයට බලපෑ බව එවක එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායකයා වූ මහත්තයා පවසා තිබුණි.

මේ අනුව 1989 ජූලි 13 වෙනිදා අමිර්තලිංගම් සහ වී. යෝගේෂ්වරන් යන මහත්වරුන් ඝාතනය කිරීමෙන් එල්.ටී.ටී.ඊ.යට අවශ්‍ය වූයේ ප්රජාතන්ත්රවාදය නොව ත්‍රස්තවාදය රජකරවීම බව පෙන්නුම් කෙළේය.

[QUOTE="මාතර ළමයා, post: 18912833, member: 498766"] [b]ලංකාවේ පළමු ද්‍රවිඩ විපක්ශ නායක 18+[/b] [SIZE="5"]ටිකෙන් ටික ඇඳීරිය අවට පරිසරය වෙලා ගනිමින් පැවැතිණි. මෙතෙක් වෙලාවක් වේගයෙන් ඇදුණු කැබ්රථය බුලර්ස් පටුමගේ දෙමහල් නිවසක් අසල නතර කෙරිණි. ඒ සමඟම කැබ් රථයෙන් බැසගත් තිදෙනෙක් අසල නිවසේ දොරටුව අසල නතර වූහ. අමුත්තන්ගේ පැමිණීම දුටු ආරක්ෂක නිලධාරියා, වහාම ඔවුන් අසලට ගියේ ඊළඟ මොහොතේ ය. පැමිණ සිටි තිදෙනාගේ හැදුනුම්පත් පරීක්ෂා කළ ඔහු අමුත්තන්ව ඇතුළට ගත්තේය. ඒ සමඟම උඩුමහලේ සිටි යෝගේෂ්වරන් මහතා. “ආ.... එන්න...........එන්න යැයි” අමුත්තන් තිදෙනා දෙස බලා කීවේය. තිදෙනාම පඩිපෙළ අසලට පැමිණි අතර දෙදෙනෙක් උඩු මහලට යන්නට සූදානම් වූහ. අනෙක් තැනැත්තා බිම් මහලේ නතරවිය. මේ නතරවීම දුටු ආරක්ෂක නිලධාරියෙක්. “සාකච්ඡාවට නේද ආවේ. යන්න යන්න යැයි කීවේය. “නැහැ, කමක් නැහැ මම මෙහෙන් ඉන්නම් යැයි” තුන්වැන්නාගේ පිළිතුර විය. තවත් විනාඩි පහක් පමණ ගතවිය. අමුත්තන් දෙදෙනාගේ පැමිණීමත් සමඟම උඩු මහලේ සිටි යෝගේෂ්වරන් මහතා වැරැන්ඩාවට පැමිණියේය. පහළ මහල දෙස බැලූ ඔහු එහි සිටි සේනාධිරාජාට මොනවාදෝ කීවේය. මේ සිදුවීම් සියල්ල අතර අමිර්තලිංගම් මහතාත් ඔහුගේ බිරිඳත් රූපවාහිනියේ දෙමළ ප්රවෘත්ති විකාශනයට අවධානය යොමු කරගෙන සිටියහ. සේනාධිරාජා පැමිණ යෝගේෂ්වරන් මහතාගේ පණිවිඩය අමිර්තලිංගම් මහතාට ප්‍රකාශ කෙළේ මේ අතරය. ඒ සමඟම සිවසිත්තම්පරම් මහතාටද කතා කළ අමිර්තලිංගම් මහතා ඉහළ මහලට ගොඩ වන්නට වූහ. දෙවන මහලට පැමිණි අමිර්තලිංගම් මහතා නතරවූයේ අමුත්තන් දෙදෙනා අසලය. සුපුරුදු සිනහවෙන් ඔවුන් සමඟ කතා කර යන එන තොරතුරු පළමුවෙන්ම විමසුවේය. තවත් ටික වෙලාවකින් නියමිත කරගත් පරිදි දෙපිරිසේ සාකච්ඡාව ඇරඹිණි. බොහෝ සුහද අයුරින් සාකච්ඡාව පැවැත්වෙන අතර යෝගේෂ්වරන් මහතාගේ බිරිඳ තේ පැන් සංග්‍රහයක්ද පිළියෙළ කළා ය. මේ අනුව පැමිණි සිටි අමුත්තන්ට බිස්කට්, කෙසෙල් ගෙඩි, තේ පැන් ආදියෙන් සංග්‍රහයක් ලැබිණි. විහිළු තහළු ද, තවත් විටක කොක් හඬලමින් සිනහ වෙමින් ද මේ කතා බහ පැවැත්විණි. මේ අතර වෙලාව රාතී‍්‍ර 7.10 පමණ වන්නට ඇත. යෝගේෂ්වරන් මරුමුවට තමා බොමින් සිටි තේ කෝප්පය ලද ඇසිල්ලකින් පසෙක තැබූ පැමිණ සිටි අමුත්තෙක් ඉණෙහි සඟවා තිබූ රිවෝල්වරයක් එළියට ඇද ගත්තේය. මේ සියල්ල සිදුවන අතරතුර අමිර්තලිංගම් මහත්මිය සිටියේ පහළ මාලයේ ය. ඇය රූපවාහිනිය නරඹමින් සිටි අතර ඒ සමඟම ඇයට එංගලන්තයේ සිටින සිය පුතාගෙන් දුරකතන ඇමතුමක්ද බලාපොරොත්තුවෙන් සිටියා ය. ඇයට ඉහළ මාලයේ වෙඩි හඬ කිහිපයක් සහ බෝතල් බිදීයන ශබ්දයක් ද එකවර ඇසෙන්නට වූයේ මේ අතරතුර ය. අමිර්තලිංගම් මහතා බිරිය සමඟ... ඒ සමඟම ඇය ඉහළ මාලයට දිව යන්නට විය. වහාම ඇය ඉදිරියට පැමිණි ආරක්ෂක නිලධාරියකු ඇයට ඉහළට එන්නට එපායැයි අතින් සංඥා කෙළේය. පසුව ඇය අනෙක් පස තිබූ පඩිපෙළ ඔස්සේ ඉහළමාලයට පිවිසුණි. අමිර්තලිංගම් මහත්මියට දැකගත හැකිවූයේ ඇදහිය නොහැකි සිදුවීමකි. අමිර්තලිංගම් මහතා උඩුමහලේ වූ වේවැල් පුටුවක් මත වැටී සිටියේය. ඔහු ගේ බෙල්ල පැත්තකට ඇළ වී තිබුණි. හිසෙන් ලේ ගලමින් තිබුණි. සිවසිත්තම්පරම් සහ යෝගේෂ්වරන් යන මහත්වරුන් ද ඒ අසල වැටී සිටියහ. හිසෙන් ලේ ගලමින් සිටි අමිර්තලිංගම් මහතා සමීපයට පැමිණි අමිර්තලිංගම් මහත්මිය, “මොකද ඔයාට උනේ දෙවියනේ.” කියමින් විලාප දෙන්නට වූවාය. එහෙත් අමිර්තලිංගම් මහතා වචනයක් හෝ කතා කළේ නැත. වහාම ඔහුව රෝහලට ගෙනයන ලදී. එහෙත් ඒ වනවිටත් අමිර්තලිංගම් මහතා සහ යෝගේෂ්වරන් මහතා මෙලොවට සමුදී තිබුණි. සිවසිත්තම්පරම් මහතා බරපතළ තුවාල ලබා තිබුණි. මෙහිදී අමිර්තලිංගම් මහතා සහ සෙසු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු සාමාජිකයන් දෙදෙනාට වෙඩි තබා පලායන්නට උත්සාහ කළ ඝාතකයන් දෙදෙනා ද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූහ. 1927 අගෝස්තු 26 වෙනි දින උපත ලැබූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතා මෙයි කන්කන් ද්‍රවිඩ පාසලෙන් සහ චුල්ලිපුරම් හි වික්ටෝරියා විදුහලෙන් අධ්‍යාපනය ලැබුවේ ය. පසුව ලංකා විශ්වවිද්‍යාලයටත්, නීති විද්‍යාලයටත් ඇතුළත් විය. මේ කාලය වන විට ජී.ජී.පොන්නම්බලම් මහතාගේ දෙමළ සංගමය බිදී ගොස් තිබුණි. 1949 දී ඉන්දියානු සහ පකිස්ථානු පුරවැසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ජී.ජී. පොන්නම්බලම් ආණ්ඩුවට එකතුවී ඇමැතිකමක් ලබා ගත්තේය. පනතට පක්ෂව ඡන්දය ද භාවිතා කෙළේය. ඊට එරෙහිවූ දෙමළ සංගමයේ එස්.ජේ. වී. සෙල්වනායගම් ඇතුළු මන්තී‍්‍රවරු තිදෙනෙක් එම සංගමයෙන් ඉවත් විය. ජනතා හරසර ලැබූ අමිර්තලිංගම් මහතා... පසුව [COLOR="Red"]1949 දෙසැම්බර් 3 වැනිදා පවත්වන ලද සමුළුවකදී පෙඩරල්පක්ෂය නමින් ප්‍රකට වූ “ඉලංගෙයි තමිල් අරුසු[/COLOR]” නම් පක්ෂය පිහිටුවා ගන්නා ලදී. මෙලෙස පිහිට වූ පෙඩරල් පක්ෂයට ආරම්භයේ සිටම සහයෝගය දැක්වූ විශ්වවිද්‍යාල සහ නීති විද්‍යාල ශිෂ්‍යයන් අතරින් අමිර්තලිංගම් කැපී පෙනෙන ශිෂ්‍යයකු විය. ලාබාල වියේම දේශපාලනයට 25 වෙනි වියේදී නීති විද්‍යාලයෙන් පිටත්වන අමිර්තලිංගම් පෙඩරල් පක්ෂයේ ප්රබලතම සහයෝගකරුවෙක් විය. 1952 දී එළැඹෙන මහ මැතිවරණයට පෙඩරල් පක්ෂයට ඔහු වඩුක්කෝඩෙයි ආසනයෙන් තරග කෙළේය. එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එවක මෙරට සමූපකාර ව්‍යාපාරය තුළ කැපීපෙනෙන චරිතයක් වූද ස්වාධීන අපේක්ෂකයකු වූද වී.වීරසිංහම් ය. එහිදී අමිර්තලිංගම් මහතා වීරසිංහම් මහතා හමුවේ පරාජය ලැබුවේය. ඔහු පමණක් නොව පෙඩරල් පක්ෂයේ නායකයා වූ වෙල්වනායගම් ද පැරදුණි. එහෙත් ඉන්පසුව පැවැති 1956, 1960 මාර්තු, 1960 ජූලි 1965 යන මැතිවරණයන් හිදී අමිර්තලිංගම් මහතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කෙළේය. 1965 දී ඔහු සිය අසුන ජයගත්තේ වැඩි ඡන්ද 11,000කින් ප්‍රතිවාදියාව පරාජය කරමිනි. 1958 දී පැවැති කෝලාහල වලදී, 1961 දී පෙඩරල් පක්ෂයේ පවත්වන ලද සත්යග්රහ ව්‍යාපාර වලදී වෙල්වනායගම් අමිර්තලිංගම් ඇතුළු පෙඩරල් පක්ෂ සාමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලදී. [COLOR="red"]1965 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොතිබිණි[/COLOR]. ඒ අනුව සභාග ආණ්ඩුවක් ඇති කරගැනීමට ඩඩ්ලි සේනානායක මහතා කටයුතු කෙළේය. එහිදී පෙඩරල් පක්ෂයද වෙල්වනායගම්, ඩඩ්ලි සේනානායක සමඟින් ඇතිකරගෙන තිබූ ගිවිසුම මත සහයෝගය දැක්වීය. ජේ. ආර්. සමඟ 1970 වර්ෂයේදී පැවැති මහ මැතිවරණයට වඩුක්කෝඩෙයි ආසනයෙන් නැවතත් තරඟ කළ අමිර්තලිංගම් මහතා පරාජයට පත්විය. එහිදී ආචාර්ය අරුල් ත්‍යාගරාජා මහතා වඩුක්කෝඩෙයි ආසනය ජයග්‍රහණය කෙළේය. 1972 මැයි 22 සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පෙඩරල් පක්ෂය විවිධ ප්‍රකාරයෙන් විරෝධතාවන් නැගීය. එම වර්ෂයේම පෙඩරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය, ලංකා කම්කරු කොංග්‍රසය ආදී පක්ෂ කිහිපයක්ද මහාචාර්ය සී. සුන්දර ලිංගම්ද එකතුවී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගෙන තිබුණි. [COLOR="red"]පසුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ඇති එකම විසඳුම ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් ය යන අදහස ඉදිරිපත් කර 1976 – 5 – 14 දින වඩුක්කෝඩෙයි යෝජනාව සම්මත කරගත්තේය.[/COLOR] මේ වනවිට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ලේකම්වරයා වූයේ ඒ. අමිර්තලිංගම් මහතා ය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා වූ වෙල්වනායගම් මහතා මියගිය පසු පක්ෂයේ නායකයා වූයේ අමිර්තලිංගම් මහතා ය. මේ අතර [COLOR="red"]1977 පැවැති මහ මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය වී තිබුණේද ස්වාධීන දෙමළ ඊළමක් ලබා ගැනීම ය[/COLOR]. එහිදී කන්කසන්තුරේ ආසනයට තරඟ වැදුණු අමිර්තලිංගම් මහතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් සිය ආසනය ජයගත්තේ ය. මේ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයකට පත්විය. මේ නිසා මන්තී‍්‍ර ආසන 18 ක් සහිතව 6.4%ක ප්‍රතිශතයක් ලබාසිටි පෙඩරල් පක්ෂයට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස කටයුතු කිරීමට වරම් ලැබිණි. විපක්ෂ නායකයා වූයේ ඒ. අමිර්තලිංගම් මහතා ය. මේ අනුව ලංකා ඉතිහාසයේ පළමු දෙමළ ජාතික විපක්ෂනායකවරයා වූයේ අමිර්තලිංගම් ය. එකල 5/6ක බලයක් ලබා පාර්ලිමේන්තුව තුළ ප්‍රබල බලයක් ගොඩනගාගෙන සිටි එජාපය හමුවේ වගකිවයුතු විපක්ෂනායක වරයකු ගේ භූමිකාව අමිර්තලිංගම්ගෙන් ඉටුවුණ බව විචාරකයෝ පවසයි. ජේ.ආර්. ජයවර්ධන මහතා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරන්නට යෙදුණි. මෙහිදී බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපූ අවස්ථාවේ අමිර්තලිංගම් මහතා මෙවැනි අදහස් දැක්වීමක් කර එම කි‍්‍රයාවට බලවත් සේ විරෝධය ප්‍රකාශ කෙළේය. ‘කොල්ලන්’ට පහරදීම “සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ පාලන කාලය තුළ එක්සත් ජාතික පක්ෂයට කළ අසාධාරණයන් තිබිය හැකි නමුදු ඊට වඩා කිහිප ගුණයකින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ අතවරයන්ට භාජනය වූ නමුත් මෙය එකට එක කිරීමේ හෝ පලිගැනීමේ හෝ අවස්ථාවක් නොවේ. යුක්ති සහගතව කි‍්‍රයා කළයුතු අවස්ථාවකැයි ප්‍රජා අයිතිවාසිකම් අහිමිකිරීමට එරෙහිව කතාකරමින් අමිර්තලිංගම් මහතා පැවසීය. තවත් විටක ඔහු මෙසේද ප්‍රකාශ කෙළේ ය. “මීට වසර ගණනාවකට පෙර මතකද බුද්ධරක්ඛිත හාමුදුරුවන් එල්ලා මරන්න තීන්දු කළ දවස. භික්ෂුවක් එල්ලා මරන්න ඉඩ දෙන්න බෑ කියලා උඹලම නේද තර්ක කෙළේ. ඒකෙන්ම එල්ලුම්ගහ තහනම් කළා. නමුත් දැන් උඹලා මැතිණිය දේශපාලන වශයෙන් එල්ලුම්ගහේ යවලා මරන්න හදනවා. උඹලට ඒකට ඉඩ දෙන්න අමිර්තලිංගම් සූදානම් නැහැ. අමිර්තලිංගම් විශිෂ්ට කථිකයෙක් විය. එමෙන්ම බය පිළිබඳ ඔහුට එතරම් තැකීමක් නොතිබිණි. මෙයට හොඳම නිදසුනක් 1984 යාපනයේ පැවැති ද්‍රවිඩ එක්සත් පෙරමුණේ රැස්වීමකදී දැකගන්නට ලැබුණි. එදා දෙමළ සන්නද්ධ කි‍්‍රයාවලට සම්බන්ධ වූ තරුණ පිරිස් දෙමළ දේශපාලඥයන් හදුන්වා තිබුණේ “කොල්ලන්” යනුවෙනි. යාපනයේ යට කී රැස්වීම පවතින මොහොතේ “කොල්ලන්” කිහිපදෙනෙකු වේදිකාවට කඩා පැන්නහ. වේදිකාවේ තිබූ පුටු විසි කළහ. කොඩිවැල්වලට ගිනිතැබූහ. ඒ මොහොතේ අමිර්තලිංගම් කතා කරමින් සිටි මයික්‍රෆෝනය උදුරාගත් “කොල්ලන්” එය විසි කළේය. මෙලෙස ප්රජාතන්ත්රවාදයත්, ත්‍රස්තවාදයත් අතර සටනක් වේදිකාවේ රඟදැක්වෙමින් තිබුණි. යෝගේෂ්වරන් මහතා වහාම කි‍්‍රයාත්මක වූ අමිර්තලිංගම් මහතා “කොල්ලන්” දෙන්නෙකු දෑතට අල්ලාගත්තේය. “පර බල්ලනේ තොපිට වේදිකා කැඩුවැහැකි. මේ අමිර්තලිංගම් මරා දැම්මහැකි. ඒත් ද්‍රවිඩ එක්සත් පෙරමුණවත්, ප්රජාතන්ත්රවාදයටත් මරන්න බෑ යි යටිගිරියෙන් කෑ ගසා “කොල්ලන්” දෙදෙනා වේදිකාවෙන් බිමට තල්ලු කර දමා සිය කතාව දිගටම කරගෙන ගියේය. තවත් අවස්ථාවක යාපනය විශ්වවිද්‍යාලයට ගිය අමිර්තලිංගම්ට කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් කිහිපදෙනෙකු පහරදුන්හ. පළමුවෙන්ම අමිර්තලිංගම් ගිය වාහනයෙන් ඔහුව එළියට ඇද දැමූ ත්රස්තවාදීන් වාහනය කුඩුපට්ටම් කරන්නට පටන් ගත්තේ ය. ත්රස්තවාදීන් ඔහු වාහනයෙන් එළියට ඇද දැමීමේදී ඇද සිටි බැනියමේ අතක් ඉරී පහළට වැටුණි. එය අහුලාගත් අමිර්තලිංගම් මහතා එයින් දාඩිය පිසදමමින් දඹර ඇගිල්ල “කොල්ලන්”ට දික්කර “කාරෙකත් කුඩු කරපියව්, මාවත් මරපියව්, ඒ වුණාට තොපිට කවදාවත් ප්රජාතන්ත්රවාදය කුඩුකරන්න බැහැ යි කීවේය. 1981 අමිර්තලිංගම් මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූයේය. ඒ 1981 ජනවාරි 5 දින “ඉන්ඩියන් එක්ස්ප්‍රස්” පත්‍රයේ පළවූ වාර්තාවක් පසුබිම් කර ගෙනය. එමෙන්ම මදුරාසියේ ද්‍රවිඩ සහෝදරත්ව සංගමය මගින් සංවිධානය කර තිබූ ලෝක ද්‍රවිඩ සම්මේලනය අමතා කළ ප්‍රකාශයක්ද විශ්වාස භංග යෝජනාවට ඇතුළත් කෙරිණි. පාර්ලිමේන්තු වර්ජනය 1983 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හයවෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට එවක පැවැති ආණ්ඩුව කටයුතු කෙළේ ය. මෙහි දී “මන්තී‍්‍ර දිවුරුම”ට විරෝධය පෑ අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුව වර්ජනය කළහ. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජනය නැතිකළ එකී දිවුරුම මෙසේ සකස්වී තිබුණි. “..........[COLOR="red"]වන මම ශ්‍රී ලංකා ප්රජාතන්ති්රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකොට අනුගමනය කරන බවටත් කෙළින්ම හෝ අනියම් මාර්ගයකින් ශ්‍රී ලංකාවේ ඇතුළතදී හෝ පිටත දී ශ්‍රී ලංකා ජන රජ භූමි ප්‍රදේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති කිරීමට ආධාර සැපයුම, අනුබලදීම හෝ මුදල්සැපයීම හෝ පෙළඹවීම නොකරන බවට ගෞරව බහුමානයෙන් දිවුරුම් දෙමි.[/COLOR] මේ දිවුරුම් දීම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළේය. ඒ සමඟම පාර්ලිමේන්තුව වර්ජනය කෙළේය. නිවාඩු නොලබා මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැනීම නිසා ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන් අහිමිවිය. එසේ පාර්ලිමේන්තුවරම අහිමි වූ අමිර්තලිංගම් මහතා නැවතත් පාර්ලිමේන්තුවට පැමිණියේ 1989 පෙබරවාරි 21 වෙනි දින ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙනි. ඉන් තවත් මාස 5 ක් ගතවූ තැන දෙමළ ජනතාවගේ අසහාය නායකයෙක් වූ අමිර්තලිංගම් මහතා එල්.ටී.ටී.ඊ.ය විසින් සිය නිවසේදී ඝාතනය කෙළේය. 1977 දී ස්වාධීන ඊළමක් පිළිබඳව අදහස් දැක්වීමත් ඉන් අනතුරුව සාකච්ඡා මගින් ගැටලුව නිරාකරණය කරගැනීමට එකඟවීමත් නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු පාවාදෙන්නන් බව එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කරතිබුණි. මේ පාවාදීම නිසා අමිර්තලිංගම්ට මරණ දඬුවම නියමකළ බවට අදහසක් කලකට ඉහතදී යාපනයේ පැතිර තිබිණි. එමෙන්ම ඉන්දියාව සමඟ අමිර්තලිංගම්ගේ සමීප ඇසුරක් පැවැතීමද මේ ඝාතනයට බලපෑ බව එවක එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායකයා වූ මහත්තයා පවසා තිබුණි. මේ අනුව 1989 ජූලි 13 වෙනිදා අමිර්තලිංගම් සහ වී. යෝගේෂ්වරන් යන මහත්වරුන් ඝාතනය කිරීමෙන් එල්.ටී.ටී.ඊ.යට අවශ්‍ය වූයේ ප්රජාතන්ත්රවාදය නොව ත්‍රස්තවාදය රජකරවීම බව පෙන්නුම් කෙළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom