Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ලංකාවේ පළලම දියඇල්ල සොයා මහ වනයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පළලම දියඇල්ල සොයා මහ වනයට

නුවරඑළිය බදුල්ල පාරේ හග්ගල පසුකොට වමට දිවෙන මහා පාතාලය දිවයන්නේ පේරවෙල ග්‍රාමය හරහාය. බි්රතාන්ය පාලන සමයේදී ෆෝට් මැක්ඩොනල්ඞ් රිවර් ලෙස හැඳින්වුණු බෝමුරැල්ල ඇල්ලෙන් ජනනය වන බෝඹුරු ඇල්ලේ පළල මීටර් 15 ක් පමණ වේ. එවකට ප්‍රසිද්ධ දඩබිමක් වූ පේරවෙල ගම් ආශ්රිත වනපියසේ සැඟවුණු බෝඹුරු ඇල්ලට වනගත පා ගමනේ දුර කි.මී. 3 කට ආසන්නය. අති දැවැන්ත ගල් බිත්තිවලින් සහ විශාල ගල් පර්වත පිරුණු මිනිස් පහස නොලබන තෙත් කලාපීය වනාන්තරයක දැනුත් අති භයංකර ලෙස කඩා හැලෙන මෙම ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇල්ල වන්නේය.

උදහැනැක්කෙම ඓතිහාසික සෙංකඩගල පුරවරයෙන් අපි පිටත් වුණේ නුවරඑළිය බලාය. අද අප යන්නේ සාමාන්‍ය පාරකින් නොව තරමක් අප්‍රකට මුත් සුන්දරත්වය සපිරි අපූරු මාර්ගයකය. මහනුවර, තැන්නෙකුඹුර, ගුරුදෙණිය, හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩටත් ඉන් පසුව පදියපැලැල්ලටත් ළඟා විය හැකිය. මෙම මාර්ගය දකුණු පස විශාල ගල් පර්වත බිත්ති හා වම්පස මහා පාතාලවලින් ගහණ තරමක් අබලන් මාර්ගයකි. පදියපැලැල්ලේ සිට මන්දාරම්නුවර බෲක්සයිඞ් හරහා ඇති දුෂ්කර මාර්ගයකින් නුවරඑළියටත් නැත්නම් මතුරට, වලපනේ, රාගල මාර්ගය ඔස්සේ නුවරඑළියටත් ළඟා විය හැක. මහනුවර සිට මන්දාරම්නුවර හරහා නුවරඑළියට දුර කි.මී. 78 කි. තවද පදියපැලැල්ලේ සිට වලපනේ හරහා යන විට ඔබට ලංකාවේ තෙවන උසම දියඇල්ල වන කුරුඳු ඔය ඇල්ල මීටර් 206 නැරඹිය හැකිය.

පදියපැලැල්ලේ පිහිටි ආඳාවල නම් සොඳුරු ගම්පියසේ මාර්ගය අසලින්ම කඩාහැලෙන ආඳාවෙල ඇල්ල මෙම මාර්ගයේ යනෙන කාටත් දර්ශනය වේ. මීටර 40 ක් පමණ උස මෙම ඇල්ලේ දියවර ලැබෙන්නේ බෝධි බෙලිහුල් ඔයේ ශාඛාවකිනි. මීටර් 1505 ක් පමණ උසැති නයා මැරුහින්න කන්දෙන් පටන් ගන්නා දියවර කඳුවැටි කිහිපයක් මතින් පැනනැගී ආඳාවෙල ඇල්ල නිර්මාණය කරමින් ගලාගෙන යයි. මෙම ඇල්ල කොටස් 2 කින් යුක්තය. පළමු කොටස පළලින් කඩා වැටී මැදින් සිහින්වී නැවතත් පහළ කොටස පළල්ව කඩා වැටේ. අසල පිහිටි කැලෑවට ඇතුළුවී ක්‍රමයෙන් ගල් වැටි නැග පඳුරු අතරින් රිංගා අප ආඳාවෙල ඇල්ල මුදුනට ආවෙමු. මෙහි මුදුනත සුවපහසුව සිටීමට විශාල කළු ගලක් තිබෙන අතර එහි හිඳ අවට සම්පූර්ණ වටපිටාව සහ ඇල්ලට දියවර එන මාර්ගයත් ඇල්ලේ කඩා හැලෙන අපූර්වත්වයත් හොඳ හැටි දැකිය හැකිය. මෙම ග්‍රාමය කුඹුරු හා භවබෝග ආශ්රිත ජීවනෝපාය ගෙනයන සොඳුරු මිනිසුන්ගේ එකතුවකි. ඈතින් ගම්මානය වටකොට විශාල කඳු නැගී තිබෙන අතර ඒවා වසා ගැනීමට ඉහළින් මීදුම් පොදි එන ආකාරයද දැකගත හැකිය. මෙතැන් සිට අප ප්‍රධාන මාර්ගයෙන් බැහැරව මන්දාරම්නුවර හරහා නුවරඑළියට යාමට පිටත් වුනෙමු.

මන්දාරම්නුවර යනු තවත් සුන්දරතම පරිසරය හා බැඳි දිවිපෙවෙතක් ගත කරන ප්රදේශයකි. මෙම මාර්ගය කි.මී. 8 ක් පමණ කාපට් කර ඇත. එසේම මෙම මාර්ගයේ ගමන් කරන විට මීටර් 20 ක් පමණ උස කටුගස් ඔය ඇල්ල ද කබරගල ඇල්ලද නැරඹිය හැකිය. වැසි සමයේදී දුඹුරු මඩ පැහැ වතුරින් පිරී ගලා හැලෙන කටුගස් ඔය ඇල්ල ඍජු දිය ඇල්ලකි. මෙහි දියවර මාර්ගය යටින් ගොස් වම් පසින් ගලා යන ගංගාවට එකතු වේ. මෙම මාර්ගයේ අබලන් කොටස පටන් ගැන්ම තනිකර කඳු නැගීමකට යොමුවේ. ඒ අසලින්ම මහා ඔය මාර්ගය යටින් ගමන්කරයි. ඔය කෙතරම් ප්රචණ්ඩ දැයි කිවහොත් ඔයට විසිකරන කොටයක් වුවද එසැණින් අතුරුදන් වන තරමටම මඩ පැහැ ගැන්වී වේගයෙන් ගලා යන්නකි. ඉවරු අවට තිබෙන ගස්, පඳුරු, කෙසෙල් ගස් මුලින්ම ඉදිරී පස සමග ගසාගෙන ඈතට යන්නේ ඇසිල්ලකිනි. අධික වර්ෂාව නිසා ජල පරිමාවද බොහෝ වැඩිවී තිබෙන අතර ප්රචණ්ඩත්වය මුසු බියකරු ස්වභාවයද එය පරයා දක්නට ලැබේ. මෙම මාර්ගය විටෙක බොරළු පිරි කඳු නැග්මකි. මෙසේ බොරළු පිරි මාර්ගයක කන්ද නගින විට නිකමට හෝ තිරිංග තද කළ නොහැක. මන්ද මෙම මාර්ගයේ යතුරුපැදි නිකමටවත් නතර කළහොත් නිතැනින්ම පහළට රූරා ගෙන යන හෙයිනි. තවත් විටෙක අඩි 6 ක් පමණ පළල පාරේ ඉදිරියෙන් එන ත්‍රිරෝද රථවලට ඉඩ දීමට හෙළ ආසන්නයට යතුරුපැදිය ගැනීමට අපට සිදුවිය. අතිශය පාළු හුදෙකලා මාර්ගයක් වූ මෙහි කෙළවර නොපෙපෙන වැලමිට වංගුවලින් බහුලය.

කෙසේ හෝ කි.මී. 15 කට පසු අප කඳු කිහිපයක් මුදුනින් තේ යායකට ආවෙමු. වැස්ස නිසා කිසිදු කම්කරුවෙකු හෝ නොසිටිය නිසා මාර්ගය බෙදෙන තැන්වලදී අපගේ පළපුරුද්ද යොදාගෙන නිවැරදි දිශාව නිශ්චය කර ගත්තෙමු. එසේ පැය 2 කට පසුව අප බෲක්සහිඞ් හරහා කඳපොළ ප්‍රදේශයට ආ වග දැනගත්තෙමු. එසැණින් නුවරඑළියට යන කාපට් මාර්ගයට සේන්දු වී අප හාවාඑළිය බලා පිටත් වුනෙමු.

හාවා එළියට ළංවෙත්ම දකුණු පසින් පිහිටි පිදුරුතලාගල කඳුවැටියේ දකුණු බෑවුමෙන් දිය දහරාවක් කඩාවැටෙන බව යන්තමින් දුටුවේ දැඩි මීදුම් තත්ත්වය මැදය. ඒ ලවර්ස් ලීප් ඇල්ල වූ අතර ප්‍රධාන මාර්ගයෙන් දකුණට හරවා තේ යායක් මැදින් දිවෙන දුෂ්කර පස් පිරි මාර්ගයට පිවිසියේ ඇල්ල බලා යාමටය. එම මාර්ගය කි.මී. 1 ක් ගිය පසු එක් තැනිතලා ස්ථානයකින් අවසන් වන බව දක්නට ලැබේ. නමුත් ඇල්ලට යන මාර්ගය තවදුරටත් පෙර පළලින්ම යුතුව ඉදිරියට යන බව පෙනුණි. නමුත් කිසිදු වාහනයකට එම පාරට යන්නට නොහැකි වූයේ අඩි 4 ක පළල් විවෘත කාණුවක් තිබුණු හෙයිනි. නමුත් අප යතුරුපැදි එහා පැත්තට දමාගනු වස් විශාල ගල්කුට්ටි ගෙන කාණුව මත තබා පුංචි අඩි පාරක් සාදා ගත්තෙමු. එම උත්සාහය සාර්ථක වූ අතර නැවත අපි යන විට එම ගල් තිබූ ස්ථානවලම තබා යන්නට ඉටා ගත්තෙමු. ඇල්ල අසල පාර අවසන් වන තැන හින්දු කෝවිලක් සහිත පුදබිමකි. දමිළ බැතිමතුන් කීප දෙනෙක් එහි වූ අතර අප යතුරුපැදිය ද ඒ අසල නවතා කැලයට පිවිසුණේ ඇල්ලට යන අඩි පාරෙනි.

පිදුරුතලාගල කන්දේ දකුණු බෑවුමෙන් පැන නගින ඔයකින් පෝෂණය වන ලවර්ස්ලීප් දියඇල්ල සොඳුරු ප්‍රේමවන්තයින්ගේ නිබඳ නැවතුම් පොළකි. උසින් මීටර් 35 ක් පමණ වන මෙම ඇල්ලේ දෙපසින් පර්වත බිත්තිවලින් අවාරණය වී එමැදින් එක එල්ලේ ජලය පහළට කඩා වැටේ. මෙම ඇල්ල හා බැඳී ප්‍රචලිත ජනප්‍රවාදයක් මෙහි ගම්වැසියකුගෙන් අසන්නට ලැබුණි.

බි්රතාන්ය පාලන සමයේ මේ අවට විසූ ආණ්ඩුකාරවරයෙකුගේ රූමත් දියණියක් ප්‍රදේශයේ වගා හා සශ්රීකවත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකදී මඬේ බැස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන කඩවසම් සිංහල තරුණයෙකු කෙරෙහි ආල සිතින් බැඳී ඇත. නමුත් පියාගේ තරාතිරම මත ඇයට මෙම තරුණයා කිසි දිනෙක කරකාර බැඳිය නොහැකි වග ඈට සිතුණි. නමුත් ඇය කාටත් හොරා ඔහු හමුවීමට ආ අතර භාෂාවේ ගැටලු කෙතෙක් මතුවුවද මොවුන් දෙදෙනාගේ ප්‍රේමය දළුලා වැඩෙන්නට විය. සිංහල ගැමි සංස්කෘතිය හා ජන ජීවිතය හා බැඳි සොඳුරු දේ පිළිබඳ දැනගැනීමට ඈ විශාල උනන්දුවක් දැක්වීය. ගැමි තරුණයා හැඩි දැඩි ක්‍රියාශීලී ගොවියෙකු වූ අතර ඔහු තම මව හා වැඩි දේශයට ලැදි සිංහලයෙකි. කෙසේ හෝ මෙම ප්‍රේමය වැඩි දවසක් හොර රහසේ පැවැතෙන්නට ඉඩ නොලැබීමට හේතුවක් වූයේ ගැමි තරුණයාගේ හිත් අමනාපකමින්යුත් මිතුරෙකු මේ ගැන ආණ්ඩුකාරතුමාට සැල කිරීම නිසාය. මේ නිසා ආණ්ඩුකාරවරයා බොහෝ සේ කිපී ඔහු සොයා සිරගත කිරීමට අදිටන් කර ගත්තේය. පසුව භට පිරිස් රැගෙන ගැමියා සිටින ප්‍රදේශය සොයා පැමිණිය ද ඔවුන්ට තරුණයා සොයා ගැනීමට නොහැකි විය. නමුත් ඉන් කිහිප දවසකට පසු එම තරුණිය හොර රහසේ මැදුරෙන් පලාවිත් තරුණයා සිටි ගමට පැමිණ ඇත. මෙම පුවත අසා ආණ්ඩුකාරවරයා බොහෝ

කෝපාවිශ්ඨ වී විශාල භට පිරිසක් රැගෙන ගම් බිම් පීරමින් මොවුන් දෙදෙනා සොයා ඇත. එහෙත් ඔවුන් දෙදෙනා පිදුරුතලාගල කඳුවැටිය ආශ්රිත වන පියසේ සැඟව සිටි අතර එම ප්‍රදේශය ද භට පිරිස් ආක්‍රමණය කළ බැව් මොවුන් දැනගත්හ. ඉංග්‍රීසි පාලන පියාගෙන් ගැලවීම සඳහා එක්තරා දීප්තිමත් සඳ බැබලුණු රැයක එකිනෙකා වැළඳගෙන මෙම දිය ඇල්ලෙන් පහළට පැන දිවි නසාගෙන ඇත. අදටත් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන හඬා වැටෙන සුළඟද මේ ඛේදාන්තය හා බැඳුණු බව කියැවේ. මෙම ප්‍රදේශයේ එම පෙම් යුවළගේ අවතාරය නිතර ගැවසෙන බවටත් රාත්‍රියක තනිවම කිසිවෙකු මෙම ඇල්ල හා ඒ අවට ප්‍රදේශයට නොයන බවත් පැවසේ. අප සිටිනා විටත් පෙම් යුවළක් ගල්තලාවේ සිට ඇල්ලේ අසිරිය විඳගනු දක්නට ලැබුණි.

එවන් සුන්දර ප්‍රේම වෘත්තාන්තයකට හිමිකම් කියන ලවර්ස්ලීප් ඇල්ලට නුවරඑළිය නගරය ඉතා ලස්සනට දැකිය හැකිය. මෙතැන් සිට මීටර් 500 ක් පමණ නැගෙනහිරින් වන පියස තුළ තවත් කුඩා ඇල්ලක් සැඟව ඇති බව දැනගන්නට ලැබුණි. නැවතත් යතුරුපැදි කරා පැමිණි අප නුවරඑළිය බලා පිටත් වූයේ පෙර සකස් කළ කාණුවේ ගල් කුට්ටිද ඉවතට දමා යමිනි. පසුව අපි පුංචි එංගලන්තයේ සුන්දර ග්‍රෙගරි වැව පරිශ්‍රයේ කාලය ගත කර බදුලු පාරේ හග්ගල බලා පිටත්වුනෙමු.

හග්ගල මල්වත්ත පසුකර බදුල්ල දෙසට මීටර කිහිපයක් යනවිට වම් අත පැත්තේ මංසන්ධියක බෝඹුරු ඇල්ල පිළිබඳ නාමපුවරුවක් තිබේ. එම මාර්ගයේ රේන්දපොළ, ගලහගම, අඹගස්දෝව පාරේ පේරලන්ද නම් ග්‍රාමයට යා යුතුය. මේ වනාහි පහළට අධික බෑවුමක් ඇති විශාල හෙළකට බැසීමක් වැනිය. අතුරු මාර්ගවලට යාමට නාම පුවරු තිබෙන බැවින් අවදානයෙන් යා යුතුය. දුර තියාම ඇල්ල කඳු නිම්නයක් අතරින් ඔබට දැකිය හැකිය. සරුසාර ගොයම් යායක් මැදින් දිවෙන මාර්ගය පේරවෙල ග්‍රාමයේ වෙළෙඳසැලක් අසල වාහන නැවත්වීම සිදුවේ. එතැන් සිට කි.මී. 3 ක පාද චාරිකාව ආරම්භ කළ යුතුය. ප්‍රථමයෙන් ගමේ ගෙවල් කීපයක් අසලින් පුංචි කානුවක් දිගේ යා යුතුය. ක්‍රමයෙන් කුඹූරට වතුර ගෙන යන මෙම කාණුව අඩි 4 ක් පළල ඇළ මාර්ගයක් බවට පත්වේ. ඉන් පසු කැලයට සේන්දු වී සාදා ඇති අඩි පාර දිගේ යා යුතුය. මාර්ගය ගුරු පාරක් වන අතර එසේ තරමක දුරක් ගමන් කර පසු පඩි කිහිපයක් නගින ස්ථානයෙන් පසු ඔබට ඇළ මාර්ගය පෝෂණය කරන බෝඹුරු ඇල්ලේ දියවර ගෙන යන විශාල දියකඳ හරහා දිවෙන පාලම මතින් ගමන් කළ යුතුය. ඉන්පසු තවදුරටත් පිරුණු වනයෙන් යා යුතුය. මෙම ප්‍රදේශයේ කූඩැල්ලන් අති බහුල නිසා එයට පිළියම් රැගෙන යාම වඩා උචිතය. ජලාශ්‍රිත සර්පයන්ද ගැවසෙන හෙයින් මග දෙපස හා තුරුලතා ගැන අවධානයෙන් යා යුතුය.

මහා රූස්ස ගස්වලින්ද විශාල පඳුරු හා දණ පමණට වැවුණු මාන ඉලුක් වැනි ශාක බොහෝමයක් මෙහි තිබෙන අතර වර්ෂාව ඇරඹීමත් සමගම ඉහළ අහසෙන් මීදුම් සළු පාත් වනු දැක ගත හැකි විය. මුළු කාලය පුරාම ගස්වල කොළ බිම වැටී මුළු පොළවම වසා ඇති අතර ඒ මතින් දුඹුරු වර්ණයෙන් හෙමිහෙමිහිට කූඩැල්ලන් බොහෝමයක් උඩට ඉස්සෙන අයුරු දැක ගත හැකිය. පා ඉක්මන් නොකළහොත් එකෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ඔබේ කකුලේ එල්ලෙනු ඇත. අප සියල්ලන්ගේම කකුලේ ඇඟිලි කරු හා විලුඹ අවට කූඩැල්ලන් බර ගණනක් සිටි අතර ගල් තලාවකට ගොස් උන් ගලවා විසිකෙරුවෙමු. මෙසේ කිලෝමීටරයක් පමණ ගිය පසු නිශ්චිතව මාර්ගයක් නැති බව ඔබට දැකිය හැකිය. ජලය ගෙන යන විශාල නලයකින් රිංගා ගල් බිත්ති අසලින් ඉහළට ඇදිය යුත්තේ පහළට විවරවූ හෙළ ආශ්රිත පස් බැමි කඩා යන නිසා අවදානමිනි. සමස්ත චාරිකාවේ දුර කිලෝමීටර් 2 කට වඩා ප්‍රමාණයක් ආපසු ඇල්ලේ දියවර යන විශාල ජල දහරාව දැකිය හැක. බොහෝ පිරිස් මෙම ස්ථානයේ සිට නාමින් කාලය ගත කරන අතර එහි විශාල ගල්තලා හා ප්රචණ්ඩ රළ පහර නිසා බොහෝදෙනෙක් මෙතන නවතින්නේය. අපද සිතුවේ මෙතැන් සිට ඇල්ලට මෙම ජල කඳ දිගේ යා යුතු යැයි සිතාය. නමුත් මෙම දිය දහරාවට ඔබ්බෙන් කැලය දිවයන්නේ ඇල්ල අසලින්ය. නමුත් මාර්ගයක් සාදා නැත. කූඩැල්ලන් වසා තිබෙන පොළවේ මඩෙහි එරී හනි හනිකට අප තවත් ඉදිරියට ඇදුණේ විටෙක ගස් වැල් නිසා පාත් වී රිංගමිනි. මේ වන විට අප මුළුමනින්ම තෙමී තෙත බරිත වී හමාරය. මීටර් 250 ක් පමණ ගිය පසු ගල්තලා පිරි ප්‍රදේශයකට අපට ළඟාවීමට හැකිවිය. ඒ ප්රචණ්ඩ ලෙස කඩා හැලෙන බොඹුරු ඇල්ල සමීපස්ථානයයි. ඇල්ලේ පින්න මීටර් 50 ක දුරටද විසිරෙන්නේ සුදු වළාකුළු මෙනි. ගල්තලාවට ආ පසු කකුල් පිරිසිදු කර ගත් අපි ඇඳුම්වලින් වතුර මිරිකා ඉවත් කළෙමු.

මීටර් 2015 ක් පමණ උස කොටකිතුල කන්දේ දකුණු දෙස නිම්නයක් අතරින් කඩා හැලෙන මෙම සුන්දර ඇල්ල මීටර් 60 ක් පමණ උසය. මුදුනේ සිටම කොටස් 3 කින් මීටර් 15 ක පමණ පළලින් යුතුව පොදියට කඩාවැටේ. ක්‍රමයෙන් වැස්ස පහවීමත් සමග බෝඹුරු කොමලියව අපූරුවට දැක ගත හැකි විය. කන්දේ ඉහළ පරාසයම මීදුමෙන් වෙලා ගෙන හමාරය. ගස්වල කොල මත තැවරුණු පිනි බින්දු කැඩපතක් සේ දිය ඇල්ලේ සියුම් දර්ශන අලුත් කරන අතර එක පිම්මේ පහළට වැටෙන දියකඳ නිසා පින්න මුළු ප්‍රදේශයම වෙලාගෙන ඇත. වැස්ස නිසා ජල පරිමාව හා ප්රචණ්ඩත්වය දකින විට බියක්ද දැනෙන්නේය.

අප සිටි ස්ථානයේ සිට මීටර් 20 ක් පමණ ඉදිරියට විශාල ගල් මතින් නැග යා හැකි නිසා ඇල්ල දෙසට අප යාමට තීරණය කළෙමු. එම නිසා අපි ජලයට බැස අඩි 10 ක් පමණ ඉදිරියට ගමන් කළේ හිරිගඩු පිපෙන සීතලේය. අධික සීතලේ දියට බැස්සේ ඉණවටක් ගිලෙමිනි. අසල ගල්තලාවට නැග ගත් නමුත් අධික පින්න නිසා ඡායාරූප ගැනීමට නොහැකි විය. තවත් නම් ඉදිරියට යා නොහැක. මන්ද ජලයෙන් ඉදිරියෙන් නොපෙනෙන සුළුවීමයි. බෝඹුරු ඇල්ලේ දියවර මතින් පේරුවෙල හා ආශ්රිත ගම්වල කුඹුරු සශ්‍රීක කරවන අතර දෛනික කටයුතුවලටද සහය දක්වයි. කලකට ඉහත මෙම ඇල්ල පේරවෙල ඇල්ල කන්ද හඳුන්වා ඇත. අප දැන් සිටින ඇල්ලේ මධ්‍යස්ථානයට වම් පස පරිසරය හොඳ හැටි පෙනේ. වනය හා ඉහළ කඳු පන්ති මුදුන් තවමත් මීදුමින් වසාගෙන ඇත. වම් පස ගල් තලාවේ පහළ කොටසේ කුඩා ශාක වර්ගයක් වසාගෙන සිටින අතර නිරන්තරයෙන් ඒවා සුළඟට වැනෙන මෙම හනි හනිකේ සුළඟට වැනීම කිසි දිනෙක නතර නොවන්නේ දියකඳ වැටෙන වේගයට උපදින සුළඟ නිසාය.

නැවතත් පෙර සිටි ගල්තලාවට පැමිණ තව ටිකක් කැළය තුළට ගොස් විපරම් කළෙමු. විශාල ගස් හා පඳුරු අතරින් ඉහළට ඇදී ගල් පර්වත නැග කැලයෙන් ඉදිරියට ගිය නමුත් ඇල්ලේ ඝෝෂාව නිබඳව ඇසුණි. මඩෙහි එරී ඉහළට ගමන් කළද විශාල ගල් බිත්ති මග හරස් කොට තිබුණි. එම නිසා නැවතත් ඇල්ල සමීපයට ගිය අප විවිධ පැතිකඩ වලින් ඇල්ලේ ඡායාරූප ගත්තෙමු. ඇල්ල දිගේ පහළට යා නොහැකි අතර සවස ළං වත්ම අපි බොඹුරු ඇල්ලට සමු දීමට සිතුවෙමු.

එම නිසා බෝඹුරු ඇල්ල සොයා කි.මී. 3 කට අධික ගමන නිමා කර පේරවෙල ගමට යාමට පිටත් වුනෙමු. වැස්ස නිසා අප ආ මග මඩ ගොහොරු වී තිබුණු අතර කූඩැල්ලෝද නොමදව සිටියහ. ප්‍රදේශයම වැහි අඳුරින් නැවතත් වෙලාගනිද්දී හෝරාවකින් පමණ පසු අපි යතුරුපැදි අසලට ආවෙමු. ජලාශ්‍රිතව ගැවසුණු සර්පයන් දෙදෙනෙකුද දුටු අතර ආ ප්‍රධාන මාර්ගයේම ඉදිරියට ගමන් කොට වැලිමඩ බලා පිටත් වුනෙමු. බෝඹුරු ඇල්ල අසල තිබූ පාලමෙන් යන ජල කඳ අසල තේ වත්තක් පහළදී මීටර් 10 ක් උස තවත් කුඩා ඇල්ලක් නිර්මාණය කරයි.

අධික වැසි දිනවලදී බෝඹුරු ඇල්ල මීටර් 15 ක් පළලින් මීටර් 60 ක්ම පහළට වැටෙන්නේ එකම සුදු රෙද්දක් විලසිනි. එවන් දිනවල ඇල්ල අසල සිටිය නොහැකිය. මෙම ස්වභාව ධර්මයේ අපූරු මැවිල්ල අප සිත්හි නිදන්ගතව ඇත.

සංචාරක සටහන හා ඡායාරූප

එම්. ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

Source

[QUOTE="Apsara.N95, post: 21459497, member: 562179"] [b]ලංකාවේ පළලම දියඇල්ල සොයා මහ වනයට[/b] [SIZE="4"][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_fd5e1ad92c.jpg[/IMG]නුවරඑළිය බදුල්ල පාරේ හග්ගල පසුකොට වමට දිවෙන මහා පාතාලය දිවයන්නේ පේරවෙල ග්‍රාමය හරහාය. බි්රතාන්ය පාලන සමයේදී ෆෝට් මැක්ඩොනල්ඞ් රිවර් ලෙස හැඳින්වුණු බෝමුරැල්ල ඇල්ලෙන් ජනනය වන බෝඹුරු ඇල්ලේ පළල මීටර් 15 ක් පමණ වේ. එවකට ප්‍රසිද්ධ දඩබිමක් වූ පේරවෙල ගම් ආශ්රිත වනපියසේ සැඟවුණු බෝඹුරු ඇල්ලට වනගත පා ගමනේ දුර කි.මී. 3 කට ආසන්නය. අති දැවැන්ත ගල් බිත්තිවලින් සහ විශාල ගල් පර්වත පිරුණු මිනිස් පහස නොලබන තෙත් කලාපීය වනාන්තරයක දැනුත් අති භයංකර ලෙස කඩා හැලෙන මෙම ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇල්ල වන්නේය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5b1d100148.jpg[/IMG] උදහැනැක්කෙම ඓතිහාසික සෙංකඩගල පුරවරයෙන් අපි පිටත් වුණේ නුවරඑළිය බලාය. අද අප යන්නේ සාමාන්‍ය පාරකින් නොව තරමක් අප්‍රකට මුත් සුන්දරත්වය සපිරි අපූරු මාර්ගයකය. මහනුවර, තැන්නෙකුඹුර, ගුරුදෙණිය, හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩටත් ඉන් පසුව පදියපැලැල්ලටත් ළඟා විය හැකිය. මෙම මාර්ගය දකුණු පස විශාල ගල් පර්වත බිත්ති හා වම්පස මහා පාතාලවලින් ගහණ තරමක් අබලන් මාර්ගයකි. පදියපැලැල්ලේ සිට මන්දාරම්නුවර බෲක්සයිඞ් හරහා ඇති දුෂ්කර මාර්ගයකින් නුවරඑළියටත් නැත්නම් මතුරට, වලපනේ, රාගල මාර්ගය ඔස්සේ නුවරඑළියටත් ළඟා විය හැක. මහනුවර සිට මන්දාරම්නුවර හරහා නුවරඑළියට දුර කි.මී. 78 කි. තවද පදියපැලැල්ලේ සිට වලපනේ හරහා යන විට ඔබට ලංකාවේ තෙවන උසම දියඇල්ල වන කුරුඳු ඔය ඇල්ල මීටර් 206 නැරඹිය හැකිය. පදියපැලැල්ලේ පිහිටි ආඳාවල නම් සොඳුරු ගම්පියසේ මාර්ගය අසලින්ම කඩාහැලෙන ආඳාවෙල ඇල්ල මෙම මාර්ගයේ යනෙන කාටත් දර්ශනය වේ. මීටර 40 ක් පමණ උස මෙම ඇල්ලේ දියවර ලැබෙන්නේ බෝධි බෙලිහුල් ඔයේ ශාඛාවකිනි. මීටර් 1505 ක් පමණ උසැති නයා මැරුහින්න කන්දෙන් පටන් ගන්නා දියවර කඳුවැටි කිහිපයක් මතින් පැනනැගී ආඳාවෙල ඇල්ල නිර්මාණය කරමින් ගලාගෙන යයි. මෙම ඇල්ල කොටස් 2 කින් යුක්තය. පළමු කොටස පළලින් කඩා වැටී මැදින් සිහින්වී නැවතත් පහළ කොටස පළල්ව කඩා වැටේ. අසල පිහිටි කැලෑවට ඇතුළුවී ක්‍රමයෙන් ගල් වැටි නැග පඳුරු අතරින් රිංගා අප ආඳාවෙල ඇල්ල මුදුනට ආවෙමු. මෙහි මුදුනත සුවපහසුව සිටීමට විශාල කළු ගලක් තිබෙන අතර එහි හිඳ අවට සම්පූර්ණ වටපිටාව සහ ඇල්ලට දියවර එන මාර්ගයත් ඇල්ලේ කඩා හැලෙන අපූර්වත්වයත් හොඳ හැටි දැකිය හැකිය. මෙම ග්‍රාමය කුඹුරු හා භවබෝග ආශ්රිත ජීවනෝපාය ගෙනයන සොඳුරු මිනිසුන්ගේ එකතුවකි. ඈතින් ගම්මානය වටකොට විශාල කඳු නැගී තිබෙන අතර ඒවා වසා ගැනීමට ඉහළින් මීදුම් පොදි එන ආකාරයද දැකගත හැකිය. මෙතැන් සිට අප ප්‍රධාන මාර්ගයෙන් බැහැරව මන්දාරම්නුවර හරහා නුවරඑළියට යාමට පිටත් වුනෙමු. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_251b72b812.jpg[/IMG] මන්දාරම්නුවර යනු තවත් සුන්දරතම පරිසරය හා බැඳි දිවිපෙවෙතක් ගත කරන ප්රදේශයකි. මෙම මාර්ගය කි.මී. 8 ක් පමණ කාපට් කර ඇත. එසේම මෙම මාර්ගයේ ගමන් කරන විට මීටර් 20 ක් පමණ උස කටුගස් ඔය ඇල්ල ද කබරගල ඇල්ලද නැරඹිය හැකිය. වැසි සමයේදී දුඹුරු මඩ පැහැ වතුරින් පිරී ගලා හැලෙන කටුගස් ඔය ඇල්ල ඍජු දිය ඇල්ලකි. මෙහි දියවර මාර්ගය යටින් ගොස් වම් පසින් ගලා යන ගංගාවට එකතු වේ. මෙම මාර්ගයේ අබලන් කොටස පටන් ගැන්ම තනිකර කඳු නැගීමකට යොමුවේ. ඒ අසලින්ම මහා ඔය මාර්ගය යටින් ගමන්කරයි. ඔය කෙතරම් ප්රචණ්ඩ දැයි කිවහොත් ඔයට විසිකරන කොටයක් වුවද එසැණින් අතුරුදන් වන තරමටම මඩ පැහැ ගැන්වී වේගයෙන් ගලා යන්නකි. ඉවරු අවට තිබෙන ගස්, පඳුරු, කෙසෙල් ගස් මුලින්ම ඉදිරී පස සමග ගසාගෙන ඈතට යන්නේ ඇසිල්ලකිනි. අධික වර්ෂාව නිසා ජල පරිමාවද බොහෝ වැඩිවී තිබෙන අතර ප්රචණ්ඩත්වය මුසු බියකරු ස්වභාවයද එය පරයා දක්නට ලැබේ. මෙම මාර්ගය විටෙක බොරළු පිරි කඳු නැග්මකි. මෙසේ බොරළු පිරි මාර්ගයක කන්ද නගින විට නිකමට හෝ තිරිංග තද කළ නොහැක. මන්ද මෙම මාර්ගයේ යතුරුපැදි නිකමටවත් නතර කළහොත් නිතැනින්ම පහළට රූරා ගෙන යන හෙයිනි. තවත් විටෙක අඩි 6 ක් පමණ පළල පාරේ ඉදිරියෙන් එන ත්‍රිරෝද රථවලට ඉඩ දීමට හෙළ ආසන්නයට යතුරුපැදිය ගැනීමට අපට සිදුවිය. අතිශය පාළු හුදෙකලා මාර්ගයක් වූ මෙහි කෙළවර නොපෙපෙන වැලමිට වංගුවලින් බහුලය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8a451efe04.jpg[/IMG] කෙසේ හෝ කි.මී. 15 කට පසු අප කඳු කිහිපයක් මුදුනින් තේ යායකට ආවෙමු. වැස්ස නිසා කිසිදු කම්කරුවෙකු හෝ නොසිටිය නිසා මාර්ගය බෙදෙන තැන්වලදී අපගේ පළපුරුද්ද යොදාගෙන නිවැරදි දිශාව නිශ්චය කර ගත්තෙමු. එසේ පැය 2 කට පසුව අප බෲක්සහිඞ් හරහා කඳපොළ ප්‍රදේශයට ආ වග දැනගත්තෙමු. එසැණින් නුවරඑළියට යන කාපට් මාර්ගයට සේන්දු වී අප හාවාඑළිය බලා පිටත් වුනෙමු. හාවා එළියට ළංවෙත්ම දකුණු පසින් පිහිටි පිදුරුතලාගල කඳුවැටියේ දකුණු බෑවුමෙන් දිය දහරාවක් කඩාවැටෙන බව යන්තමින් දුටුවේ දැඩි මීදුම් තත්ත්වය මැදය. ඒ ලවර්ස් ලීප් ඇල්ල වූ අතර ප්‍රධාන මාර්ගයෙන් දකුණට හරවා තේ යායක් මැදින් දිවෙන දුෂ්කර පස් පිරි මාර්ගයට පිවිසියේ ඇල්ල බලා යාමටය. එම මාර්ගය කි.මී. 1 ක් ගිය පසු එක් තැනිතලා ස්ථානයකින් අවසන් වන බව දක්නට ලැබේ. නමුත් ඇල්ලට යන මාර්ගය තවදුරටත් පෙර පළලින්ම යුතුව ඉදිරියට යන බව පෙනුණි. නමුත් කිසිදු වාහනයකට එම පාරට යන්නට නොහැකි වූයේ අඩි 4 ක පළල් විවෘත කාණුවක් තිබුණු හෙයිනි. නමුත් අප යතුරුපැදි එහා පැත්තට දමාගනු වස් විශාල ගල්කුට්ටි ගෙන කාණුව මත තබා පුංචි අඩි පාරක් සාදා ගත්තෙමු. එම උත්සාහය සාර්ථක වූ අතර නැවත අපි යන විට එම ගල් තිබූ ස්ථානවලම තබා යන්නට ඉටා ගත්තෙමු. ඇල්ල අසල පාර අවසන් වන තැන හින්දු කෝවිලක් සහිත පුදබිමකි. දමිළ බැතිමතුන් කීප දෙනෙක් එහි වූ අතර අප යතුරුපැදිය ද ඒ අසල නවතා කැලයට පිවිසුණේ ඇල්ලට යන අඩි පාරෙනි. පිදුරුතලාගල කන්දේ දකුණු බෑවුමෙන් පැන නගින ඔයකින් පෝෂණය වන ලවර්ස්ලීප් දියඇල්ල සොඳුරු ප්‍රේමවන්තයින්ගේ නිබඳ නැවතුම් පොළකි. උසින් මීටර් 35 ක් පමණ වන මෙම ඇල්ලේ දෙපසින් පර්වත බිත්තිවලින් අවාරණය වී එමැදින් එක එල්ලේ ජලය පහළට කඩා වැටේ. මෙම ඇල්ල හා බැඳී ප්‍රචලිත ජනප්‍රවාදයක් මෙහි ගම්වැසියකුගෙන් අසන්නට ලැබුණි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_38b2e93848.jpg[/IMG] බි්රතාන්ය පාලන සමයේ මේ අවට විසූ ආණ්ඩුකාරවරයෙකුගේ රූමත් දියණියක් ප්‍රදේශයේ වගා හා සශ්රීකවත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකදී මඬේ බැස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන කඩවසම් සිංහල තරුණයෙකු කෙරෙහි ආල සිතින් බැඳී ඇත. නමුත් පියාගේ තරාතිරම මත ඇයට මෙම තරුණයා කිසි දිනෙක කරකාර බැඳිය නොහැකි වග ඈට සිතුණි. නමුත් ඇය කාටත් හොරා ඔහු හමුවීමට ආ අතර භාෂාවේ ගැටලු කෙතෙක් මතුවුවද මොවුන් දෙදෙනාගේ ප්‍රේමය දළුලා වැඩෙන්නට විය. සිංහල ගැමි සංස්කෘතිය හා ජන ජීවිතය හා බැඳි සොඳුරු දේ පිළිබඳ දැනගැනීමට ඈ විශාල උනන්දුවක් දැක්වීය. ගැමි තරුණයා හැඩි දැඩි ක්‍රියාශීලී ගොවියෙකු වූ අතර ඔහු තම මව හා වැඩි දේශයට ලැදි සිංහලයෙකි. කෙසේ හෝ මෙම ප්‍රේමය වැඩි දවසක් හොර රහසේ පැවැතෙන්නට ඉඩ නොලැබීමට හේතුවක් වූයේ ගැමි තරුණයාගේ හිත් අමනාපකමින්යුත් මිතුරෙකු මේ ගැන ආණ්ඩුකාරතුමාට සැල කිරීම නිසාය. මේ නිසා ආණ්ඩුකාරවරයා බොහෝ සේ කිපී ඔහු සොයා සිරගත කිරීමට අදිටන් කර ගත්තේය. පසුව භට පිරිස් රැගෙන ගැමියා සිටින ප්‍රදේශය සොයා පැමිණිය ද ඔවුන්ට තරුණයා සොයා ගැනීමට නොහැකි විය. නමුත් ඉන් කිහිප දවසකට පසු එම තරුණිය හොර රහසේ මැදුරෙන් පලාවිත් තරුණයා සිටි ගමට පැමිණ ඇත. මෙම පුවත අසා ආණ්ඩුකාරවරයා බොහෝ කෝපාවිශ්ඨ වී විශාල භට පිරිසක් රැගෙන ගම් බිම් පීරමින් මොවුන් දෙදෙනා සොයා ඇත. එහෙත් ඔවුන් දෙදෙනා පිදුරුතලාගල කඳුවැටිය ආශ්රිත වන පියසේ සැඟව සිටි අතර එම ප්‍රදේශය ද භට පිරිස් ආක්‍රමණය කළ බැව් මොවුන් දැනගත්හ. ඉංග්‍රීසි පාලන පියාගෙන් ගැලවීම සඳහා එක්තරා දීප්තිමත් සඳ බැබලුණු රැයක එකිනෙකා වැළඳගෙන මෙම දිය ඇල්ලෙන් පහළට පැන දිවි නසාගෙන ඇත. අදටත් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන හඬා වැටෙන සුළඟද මේ ඛේදාන්තය හා බැඳුණු බව කියැවේ. මෙම ප්‍රදේශයේ එම පෙම් යුවළගේ අවතාරය නිතර ගැවසෙන බවටත් රාත්‍රියක තනිවම කිසිවෙකු මෙම ඇල්ල හා ඒ අවට ප්‍රදේශයට නොයන බවත් පැවසේ. අප සිටිනා විටත් පෙම් යුවළක් ගල්තලාවේ සිට ඇල්ලේ අසිරිය විඳගනු දක්නට ලැබුණි. එවන් සුන්දර ප්‍රේම වෘත්තාන්තයකට හිමිකම් කියන ලවර්ස්ලීප් ඇල්ලට නුවරඑළිය නගරය ඉතා ලස්සනට දැකිය හැකිය. මෙතැන් සිට මීටර් 500 ක් පමණ නැගෙනහිරින් වන පියස තුළ තවත් කුඩා ඇල්ලක් සැඟව ඇති බව දැනගන්නට ලැබුණි. නැවතත් යතුරුපැදි කරා පැමිණි අප නුවරඑළිය බලා පිටත් වූයේ පෙර සකස් කළ කාණුවේ ගල් කුට්ටිද ඉවතට දමා යමිනි. පසුව අපි පුංචි එංගලන්තයේ සුන්දර ග්‍රෙගරි වැව පරිශ්‍රයේ කාලය ගත කර බදුලු පාරේ හග්ගල බලා පිටත්වුනෙමු. හග්ගල මල්වත්ත පසුකර බදුල්ල දෙසට මීටර කිහිපයක් යනවිට වම් අත පැත්තේ මංසන්ධියක බෝඹුරු ඇල්ල පිළිබඳ නාමපුවරුවක් තිබේ. එම මාර්ගයේ රේන්දපොළ, ගලහගම, අඹගස්දෝව පාරේ පේරලන්ද නම් ග්‍රාමයට යා යුතුය. මේ වනාහි පහළට අධික බෑවුමක් ඇති විශාල හෙළකට බැසීමක් වැනිය. අතුරු මාර්ගවලට යාමට නාම පුවරු තිබෙන බැවින් අවදානයෙන් යා යුතුය. දුර තියාම ඇල්ල කඳු නිම්නයක් අතරින් ඔබට දැකිය හැකිය. සරුසාර ගොයම් යායක් මැදින් දිවෙන මාර්ගය පේරවෙල ග්‍රාමයේ වෙළෙඳසැලක් අසල වාහන නැවත්වීම සිදුවේ. එතැන් සිට කි.මී. 3 ක පාද චාරිකාව ආරම්භ කළ යුතුය. ප්‍රථමයෙන් ගමේ ගෙවල් කීපයක් අසලින් පුංචි කානුවක් දිගේ යා යුතුය. ක්‍රමයෙන් කුඹූරට වතුර ගෙන යන මෙම කාණුව අඩි 4 ක් පළල ඇළ මාර්ගයක් බවට පත්වේ. ඉන් පසු කැලයට සේන්දු වී සාදා ඇති අඩි පාර දිගේ යා යුතුය. මාර්ගය ගුරු පාරක් වන අතර එසේ තරමක දුරක් ගමන් කර පසු පඩි කිහිපයක් නගින ස්ථානයෙන් පසු ඔබට ඇළ මාර්ගය පෝෂණය කරන බෝඹුරු ඇල්ලේ දියවර ගෙන යන විශාල දියකඳ හරහා දිවෙන පාලම මතින් ගමන් කළ යුතුය. ඉන්පසු තවදුරටත් පිරුණු වනයෙන් යා යුතුය. මෙම ප්‍රදේශයේ කූඩැල්ලන් අති බහුල නිසා එයට පිළියම් රැගෙන යාම වඩා උචිතය. ජලාශ්‍රිත සර්පයන්ද ගැවසෙන හෙයින් මග දෙපස හා තුරුලතා ගැන අවධානයෙන් යා යුතුය. මහා රූස්ස ගස්වලින්ද විශාල පඳුරු හා දණ පමණට වැවුණු මාන ඉලුක් වැනි ශාක බොහෝමයක් මෙහි තිබෙන අතර වර්ෂාව ඇරඹීමත් සමගම ඉහළ අහසෙන් මීදුම් සළු පාත් වනු දැක ගත හැකි විය. මුළු කාලය පුරාම ගස්වල කොළ බිම වැටී මුළු පොළවම වසා ඇති අතර ඒ මතින් දුඹුරු වර්ණයෙන් හෙමිහෙමිහිට කූඩැල්ලන් බොහෝමයක් උඩට ඉස්සෙන අයුරු දැක ගත හැකිය. පා ඉක්මන් නොකළහොත් එකෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ඔබේ කකුලේ එල්ලෙනු ඇත. අප සියල්ලන්ගේම කකුලේ ඇඟිලි කරු හා විලුඹ අවට කූඩැල්ලන් බර ගණනක් සිටි අතර ගල් තලාවකට ගොස් උන් ගලවා විසිකෙරුවෙමු. මෙසේ කිලෝමීටරයක් පමණ ගිය පසු නිශ්චිතව මාර්ගයක් නැති බව ඔබට දැකිය හැකිය. ජලය ගෙන යන විශාල නලයකින් රිංගා ගල් බිත්ති අසලින් ඉහළට ඇදිය යුත්තේ පහළට විවරවූ හෙළ ආශ්රිත පස් බැමි කඩා යන නිසා අවදානමිනි. සමස්ත චාරිකාවේ දුර කිලෝමීටර් 2 කට වඩා ප්‍රමාණයක් ආපසු ඇල්ලේ දියවර යන විශාල ජල දහරාව දැකිය හැක. බොහෝ පිරිස් මෙම ස්ථානයේ සිට නාමින් කාලය ගත කරන අතර එහි විශාල ගල්තලා හා ප්රචණ්ඩ රළ පහර නිසා බොහෝදෙනෙක් මෙතන නවතින්නේය. අපද සිතුවේ මෙතැන් සිට ඇල්ලට මෙම ජල කඳ දිගේ යා යුතු යැයි සිතාය. නමුත් මෙම දිය දහරාවට ඔබ්බෙන් කැලය දිවයන්නේ ඇල්ල අසලින්ය. නමුත් මාර්ගයක් සාදා නැත. කූඩැල්ලන් වසා තිබෙන පොළවේ මඩෙහි එරී හනි හනිකට අප තවත් ඉදිරියට ඇදුණේ විටෙක ගස් වැල් නිසා පාත් වී රිංගමිනි. මේ වන විට අප මුළුමනින්ම තෙමී තෙත බරිත වී හමාරය. මීටර් 250 ක් පමණ ගිය පසු ගල්තලා පිරි ප්‍රදේශයකට අපට ළඟාවීමට හැකිවිය. ඒ ප්රචණ්ඩ ලෙස කඩා හැලෙන බොඹුරු ඇල්ල සමීපස්ථානයයි. ඇල්ලේ පින්න මීටර් 50 ක දුරටද විසිරෙන්නේ සුදු වළාකුළු මෙනි. ගල්තලාවට ආ පසු කකුල් පිරිසිදු කර ගත් අපි ඇඳුම්වලින් වතුර මිරිකා ඉවත් කළෙමු. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f6610036ae.jpg[/IMG] මීටර් 2015 ක් පමණ උස කොටකිතුල කන්දේ දකුණු දෙස නිම්නයක් අතරින් කඩා හැලෙන මෙම සුන්දර ඇල්ල මීටර් 60 ක් පමණ උසය. මුදුනේ සිටම කොටස් 3 කින් මීටර් 15 ක පමණ පළලින් යුතුව පොදියට කඩාවැටේ. ක්‍රමයෙන් වැස්ස පහවීමත් සමග බෝඹුරු කොමලියව අපූරුවට දැක ගත හැකි විය. කන්දේ ඉහළ පරාසයම මීදුමෙන් වෙලා ගෙන හමාරය. ගස්වල කොල මත තැවරුණු පිනි බින්දු කැඩපතක් සේ දිය ඇල්ලේ සියුම් දර්ශන අලුත් කරන අතර එක පිම්මේ පහළට වැටෙන දියකඳ නිසා පින්න මුළු ප්‍රදේශයම වෙලාගෙන ඇත. වැස්ස නිසා ජල පරිමාව හා ප්රචණ්ඩත්වය දකින විට බියක්ද දැනෙන්නේය. අප සිටි ස්ථානයේ සිට මීටර් 20 ක් පමණ ඉදිරියට විශාල ගල් මතින් නැග යා හැකි නිසා ඇල්ල දෙසට අප යාමට තීරණය කළෙමු. එම නිසා අපි ජලයට බැස අඩි 10 ක් පමණ ඉදිරියට ගමන් කළේ හිරිගඩු පිපෙන සීතලේය. අධික සීතලේ දියට බැස්සේ ඉණවටක් ගිලෙමිනි. අසල ගල්තලාවට නැග ගත් නමුත් අධික පින්න නිසා ඡායාරූප ගැනීමට නොහැකි විය. තවත් නම් ඉදිරියට යා නොහැක. මන්ද ජලයෙන් ඉදිරියෙන් නොපෙනෙන සුළුවීමයි. බෝඹුරු ඇල්ලේ දියවර මතින් පේරුවෙල හා ආශ්රිත ගම්වල කුඹුරු සශ්‍රීක කරවන අතර දෛනික කටයුතුවලටද සහය දක්වයි. කලකට ඉහත මෙම ඇල්ල පේරවෙල ඇල්ල කන්ද හඳුන්වා ඇත. අප දැන් සිටින ඇල්ලේ මධ්‍යස්ථානයට වම් පස පරිසරය හොඳ හැටි පෙනේ. වනය හා ඉහළ කඳු පන්ති මුදුන් තවමත් මීදුමින් වසාගෙන ඇත. වම් පස ගල් තලාවේ පහළ කොටසේ කුඩා ශාක වර්ගයක් වසාගෙන සිටින අතර නිරන්තරයෙන් ඒවා සුළඟට වැනෙන මෙම හනි හනිකේ සුළඟට වැනීම කිසි දිනෙක නතර නොවන්නේ දියකඳ වැටෙන වේගයට උපදින සුළඟ නිසාය. නැවතත් පෙර සිටි ගල්තලාවට පැමිණ තව ටිකක් කැළය තුළට ගොස් විපරම් කළෙමු. විශාල ගස් හා පඳුරු අතරින් ඉහළට ඇදී ගල් පර්වත නැග කැලයෙන් ඉදිරියට ගිය නමුත් ඇල්ලේ ඝෝෂාව නිබඳව ඇසුණි. මඩෙහි එරී ඉහළට ගමන් කළද විශාල ගල් බිත්ති මග හරස් කොට තිබුණි. එම නිසා නැවතත් ඇල්ල සමීපයට ගිය අප විවිධ පැතිකඩ වලින් ඇල්ලේ ඡායාරූප ගත්තෙමු. ඇල්ල දිගේ පහළට යා නොහැකි අතර සවස ළං වත්ම අපි බොඹුරු ඇල්ලට සමු දීමට සිතුවෙමු. එම නිසා බෝඹුරු ඇල්ල සොයා කි.මී. 3 කට අධික ගමන නිමා කර පේරවෙල ගමට යාමට පිටත් වුනෙමු. වැස්ස නිසා අප ආ මග මඩ ගොහොරු වී තිබුණු අතර කූඩැල්ලෝද නොමදව සිටියහ. ප්‍රදේශයම වැහි අඳුරින් නැවතත් වෙලාගනිද්දී හෝරාවකින් පමණ පසු අපි යතුරුපැදි අසලට ආවෙමු. ජලාශ්‍රිතව ගැවසුණු සර්පයන් දෙදෙනෙකුද දුටු අතර ආ ප්‍රධාන මාර්ගයේම ඉදිරියට ගමන් කොට වැලිමඩ බලා පිටත් වුනෙමු. බෝඹුරු ඇල්ල අසල තිබූ පාලමෙන් යන ජල කඳ අසල තේ වත්තක් පහළදී මීටර් 10 ක් උස තවත් කුඩා ඇල්ලක් නිර්මාණය කරයි. අධික වැසි දිනවලදී බෝඹුරු ඇල්ල මීටර් 15 ක් පළලින් මීටර් 60 ක්ම පහළට වැටෙන්නේ එකම සුදු රෙද්දක් විලසිනි. එවන් දිනවල ඇල්ල අසල සිටිය නොහැකිය. මෙම ස්වභාව ධර්මයේ අපූරු මැවිල්ල අප සිත්හි නිදන්ගතව ඇත. සංචාරක සටහන හා ඡායාරූප එම්. ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු[/SIZE] [URL="http://www.lankadeepa.lk/sunday/thaksalawa/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%BD%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84-%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7/55-511693"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom