Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ප්‍රථම කායවර්ධන ශූරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ප්‍රථම කායවර්ධන ශූරිය

ලංකාවේ ප්‍රථම කායවර්ධන ශූරිය

ඇය දියණියකි. සුන්දර බිරිඳකි. එමෙන්ම මවකි. නමුත් ඇයව සමස්ත දේශයම හඳුනා ගත්තේ අයෝමය ගැහැනියක ලෙසිනි. ඒ ශ්‍රී ලංකා කයවර්ධන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් මෙරට ප්‍රථම කාන්තා කායවර්ධන ශූරිය බවට පත්වෙමිනි. බම්බලපිටිය ෆිට්නස් ඇන්ඩ් හෙල්ත් කිංඩම් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කායවර්ධන ක්ෂේත්රයට පිය නැඟූ ඇය දුලංජලී සමරසිංහ නම් වෙයි. දරු ප්‍රසූතියෙන් පසු උරුම වූ අධික දේහස්කන්ධය අඩුකර ගැනීම සඳහා ව්‍යායාම් මධ්‍යස්ථානයක පිහිට පැතූ ඇයගේ පුහුණුකරු බවට පත්වූයේ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංගයි.

මෙරට ජනප්‍රිය නොවුණු නමුත් ජාත්‍යන්තර වශයෙන් ප්රමුඛ ස්ථානයක් හිමිව ඇති කායවර්ධන ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් පිවිසි පළමු ක්‍රීඩිකාව වන ඇය, ඉදිරියේදී ආසියාතික රටවල් සමග තරග කිරීමට සූදානම් වන්නීය. කාන්තාවක ලෙස ස්වභාවධර්මයෙන් උරුම වූ කුලෑටි බව, සියුමැලි බව, ලැජ්ජාශීලී බව, ළදබොළඳ බව යන ඒවාට අභියෝග කළ ඇය මෙලෙස අප සමග සිය අත්දැකීම් බෙදා ගත්තාය.

උස මහත නිසා ක්‍රීඩාවට යොමුවුණා

මම පානදුර සාන්ත ජෝන් බාලිකා විද්‍යාලයෙන් හා සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් යන වයසේ සාමාන්‍ය පෙළ වසර වෙනකන් මම කිසිම ක්‍රීඩාවක නියැළුණේ නැහැ. මම එතරම් පාසලේ කැපී පෙනුණෙත් නෑ.නමුත් සාමාන්‍ය පෙළ හදාරණ කාලයේ පාසලේ ක්‍රීඩා ගුරුතුමිය කිව්වා යගුලිය හා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වලට යොමු වෙන්න කියලා. මම උස මහත නිසා කළ ඒ ඉල්ලීම අනුව මම ක්‍රීඩාවට යොමුවුණා. පාසලේ පළමු ස්ථානය මට මේ ඉසව් දෙකෙන් ලබාගත හැකි වුණා. ඉන්පසු උසස් පෙළ හදාරද්දී දිස්ත්‍රික් මට්ටමේ පළමු ස්ථානය ලබා දිස්ත්‍රික් ක්‍රීඩා වර්ණලාභිනියක බවට පත්වුණා.

ඒ හරහා මම සමස්ත ලංකා ක්‍රීඩා උලෙළ දක්වා දිගු ගමනක් ආවා. නමුත් අපි මේ දුර ආවේ හොඳ පුහුණුකරුවන් නොමැතිවයි. ඒ නිසාම පාසල් කාලයෙන් පසුව ක්‍රීඩාවට සමුදෙන්න සිද්ධ වුණා. අපිට හොඳ මඟපෙන්වීමක් ලැබුණා නම් ක්‍රීඩාවෙන් ලොකු දුරක් යන්න තිබුණා කියල දැන් හිතෙනවා. පාසල් කාලයෙන් පසුව මම මගේ වැඩිමහල් සොහොයුරියගේ ව්‍යාපාර කටයුතුවලට සහය දුන්නා.

දරු ප්‍රසූතියෙන් පසුව කිලෝ 90 දක්වා මගේ බර වැඩි වුණා

ඒ නිසා වෙනම රැකියාවකට යොමු වුණේ නැහැ. විවාහ වුණාට පස්සෙ සාමාන්‍ය කාන්තාවක වගේ ගේදොර කටයුතුවල නිරත වෙලා හිටියා. ඒ වෙද්දි මගේ බර කිලෝ 75 ක් විතර වුණා. මගේ පළමු දරු ප්‍රසුතියට සූදානම් වෙද්දි මගේ බර ක්‍රම‘යෙන් වැඩි වුණා. දරු ප්‍රසුතියට ළංවෙද්දී මගේ බර කිලෝ අසූවත් ඉක්මවලා තිබුණා.දරු ප්‍රසූතියෙන් පසුව වෛද්‍යවරුන් මගේ බර වැඩියි කියලා අඩු කරගන්න කිව්වත් කිලෝ 90 දක්වා මගේ බර වැඩි වුණා. 2013 වර්ෂයේ මගේ පියාගේ උපන් දිනේ දවසේ මගේ අක්කා කිව්වා බර අඩු කරගන්න ව්‍යායාම් කරන්න පුහුණුකරුවෙකු හොයාගෙන ව්‍යායාම් මධ්‍යස්ථානයකට යන්න කියලා. එදා තමයි මම හිතුණේ මෙහෙම මගේ බර වැඩි වුණොත් මම ඉක්මනටම ලෙඩෙක් වෙයි කියලා.

ඒ නිසා තමයි මම ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගියේ. එතනදී තමයි මට මගේ ගුරුවරයාව හමු වුණේ. ඒ අනුව මම මගේ ඇඟේ බර අඩුකර ගත්තා. මාස 06 ක් වගේ ව්‍යායාම් කරද්දී මට කිලෝ විස්සක් අඩු කරගන්න පුළුවන් වුණා. ඔහොම මම දිගටම ව්‍යායාම් කරද්දී මගේ ගුරුවරයා මගේ දේහ පිහිටීම සලකලා කිව්වා කායවර්ධන ක්‍රීඩාව මට ගැළපෙනවා, එම ක්‍රීඩාවෙන් ඉදිරි ගමනක් යන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ වෙද්දී මට කිසිම අවබෝධයක් මේ ක්‍රීඩාව ගැන තිබුණේ නැහැ.

ජූලි මාසේ තරගයට යද්දි මගේ බර කිලෝ 52 යි

2015 වර්ෂයේ තමයි මම මේ ක්‍රීඩාවට අවතීර්ණ වෙනවා කියල හිතුවේ. මේ ක්‍රීඩාවට ලංකාවේ වෙනත් කාන්තාවන් පිවිසිලා නැති පරිසරයක් වගේම පවුලේ අයගෙන් එල්ලවූ විරෝධතා නිසා මම පසුගාමීවයි හිටියෙ. නමුත් ගුරුවරයා කෙරෙහි තිබූ විශ්වාසය නිසා මම හිතුවා එතුමා මට මේ ක්‍රීඩාවට එන්න කියන්න හේතුවක් ඇති, ඒ නිසා අනිවාර්යෙන් මම ක්‍රීඩාවට අවතීර්ණය වෙනවා කියලා.

එහෙම හිතලා තමයි මීට අවුරුද්දකට කලින් කායවර්ධන ක්‍රීඩාවට අවතීර්ණ වුණේ. ඉන්පසුව ජූලි මාසයේ පැවැත්වූ තරගය වෙනුවෙන් මම මාස දෙකක් වැනි කෙටි කාලයක් තමයි පුහුණු වුණේ. දරු ප්‍රසූතියෙන් පසු ශරීරයේ බර වැඩි වුණාම ගොඩක් කාන්තාවන් හිතනවා එය ස්වාභාවිකවම වෙන දෙයක් කියලා. නමුත් මම ව්‍යායාම වලින් බර අඩුකර ගැනීම නිසා වචන වලින් කියන්න බැරි සැහැල්ලුවක් ජීවිතයේ භුක්ති වින්දා. මගේ මහත නිසාම මම සමාජයෙන් හැංඟිලා වගේ හිටියෙ. ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගිහින් බර අඩු කරගත්ත නිසයි මට මේ තරම් දුරක් යන්න හැකියාව ලැබුණේ. ජූලි මාසේ තරගයට යද්දි මගේ බර කිලෝ 52 යි. ඉතින් කවුරුත් විශ්වාස කරන එකක් නෑ මම කිලෝ 90ක්ව ඉඳලයි මේ තැනට ආවේ කියලා. මගේ පරණ ඡායාරූප බලද්දී මටම පුදුමයි මගේ බර මේ තරම් අඩු කරගන්න මට පුළුවන් වුණ එක ගැන.

අපි හැමෝම කාන්තාවන් විදිහට හිතන්නේ බබෙක් හම්බුණාම ඒ බබාගේ වැඩ විතරයි කරන්න ඕන කියලා. එහෙම හිතද්දී අපේ නිරෝගිකමත් ගිලිහී යනවා. නමුත් මේ වෙද්දි තරුණ මවුවරු ගොඩක් හිතනවා ව්‍යායාම් කරලා ඇඟ අඩු කරගෙන නිරෝගීව ඉන්න එක ගැන. ඒ බව මගේ ව්‍යායාම් පන්තිවලට එන මවුවරු දක්වන උද්යෝගය තුළින්ම මට කියන්න පුළුවන්. ඇඟක් මහත් වුණාම, උදරය ඉදිරියට නෙරා ආවම දැනෙන අපහසුව වචන වලින් කියන්න බැහැ. ඒක මම අත්විඳලා තියෙන නිසා දන්නවා. ඒ නිසා මම කියන්න කැමතියි මහත සිරුරු නිසා අපහසුතාවයෙන් ජීවත් වෙන කාන්තාවන්ට ව්‍යායාම්වල නිරත වෙලා සෞඛ්‍ය සම්පන්නව ඉන්න කියලා. එකෙන් අපේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය පවා යහපත්ව පවත්වාගෙන යන්න පුළුවන්.

මම මේ ගමන පටන් ගත්තේ ලොකු දේවල් කරලා නෙවෙයි. පොඩි පොඩි ව්‍යායාම් වලින් තමයි මුලින්ම මේ ගමන පටන් ගත්තේ. අපි මුලින්ම ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගියාම හොඳ පුහුණුකරුවෙකු නම් අපට දරාගන්න පුළුවන් මට්ටමේ ව්‍යායාම පමණයි ලබා දෙන්නේ. ඉතින් අපිට නිවැරදි විදිහට ව්‍යායාම් ලබාදෙන්න නම් හොඳ පුහුණුව ලත් උපදේශකවරයෙක් අවශ්‍යයයි. අපිට තිබෙන ලෙඩ රෝග ආදිය පිළිබඳවත් සැලකිලිමත් වෙලා තමයි ඔවුන් අපිට ව්‍යායාම් නිර්දේශ කරන්නේ.

ඉතින් මම අවුරුද්දක්ම සිරුරේ මේදය දහනය කරන්නට සිදුකරන ව්‍යායාම් වලයි නිරත වුණේ. ඊට පස්සෙ තමයි ක්‍රම‘යෙන් සුළු බර ප්‍රමාණයන් වලින් කායවර්ධන ව්‍යායාම් ආරම්භ කළේ. ක්‍රමයෙන් පිරිමි අයෙකු ඔසවන බරට වඩා වැඩි බරක් ඔසවමින් ව්‍යායාම් කරන්න මට හැකියාව ලැබුණා. එහෙම ක්‍රම‘යෙන් තමයි මේ ගමන ආවේ.

කවදාහරි ලංකාවේ පළමු අයෝම ශූරිය වෙනවා කියන අරමුණ මට තිබුණා

කාය වර්ධන ක්‍රීඩාවට මම අවතීර්ණ වෙන්න හිතුවට පස්සේ ගෙදරින් වගේම ඥාතීන්ගෙන් ඇහුව බැණුම් අනන්තයි, අප්‍රමාණයි. අඩපු වාර ගණනත් ඒ වගේමයි. නමුත් මම ලොකු කැප කිරීමක් කරලා මගේ තීරණය වෙනස් කළේ නැහැ. මට අරමුණක් තිබුණා. මම කවදාහරි ලංකාවේ පළමු අයෝම ශූරිය වෙනවා කියන අරමුණ මට තිබුණා. ඒකට ඕන දේවල් මම ක්‍රම‘යෙන් ළඟා කරගත්තා. කවදාහරි මම මේ යන ගමන හැමෝම තේරුම් ගනීවි කියලා මම මගේ ගමන දිගටම ගියා. ඉතින් තරගය ළංවෙලා මාස දෙකක කාලයක් තුළ මම කැපවීමෙන් පුහුණු වුණා. කෑම වගේම වතුර පාලනය කරලා ලොකු අපහසුවක නිරත වෙලයි මේ ගමන ආවේ.

දැන් හැමෝම මම ගැන සතුටින් ඉන්නේ. පවුලේ අය මට දෙන සහයෝගය නිසයි මම මගේ බබාගේ වැඩත් කරගෙන මේ තරම් දුර ආවේ. අම්මයි, තාත්තයි, සැමියයි ලොකු උදව්වක් මට දෙනවා. ඒ අය තමයි මම වෙනුවෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ.මම ප්‍රථම අයෝමය ශූරිය වුණාට පස්සෙ මගේ සොහොයුරියක් මේ ක්‍රීඩාවට ප්රවිශ්ට වුණා වගේම කාන්තාවෝ කීපදෙනෙක්ම ආසාවෙන් ක්‍රීඩාවට පිවිසුණා. එළඹෙන තරගාවලියකදී කාන්තා අයෝමය ශූරිය තේරීමේ ඉසව්වට තරගකාරිනියන් වැඩි පිරිසක් ඉදිරිපත් වේවි. ඔවුන් මට අභියෝගයක් වුණත් මම නැවත නැවතත් ලංකාවේ අයෝමය ශූරිය වෙන්නයි අපේක්ෂා කරන්නේ. මගේ ප්‍රථම තරගයේදී ඇත්තටම ලොකු බයක් තිබුණා.

ඒ මගේ හැකියාව ගැන නොවෙයි. මගේ ගුරුවරයා මට හොඳ පුහුණුවක් ලබාදී තිබුණා. නමුත් මම මීට පෙර කායවර්ධන තරගයක් බලන්නවත් ගිහින් තිබුණේ නැහැ. ඒ වගේම ඒ ඇඳුම ඊට කලින් ඇඳල තිබුණෙත් නැහැ. මම ක්‍රීඩිකාවක් ලෙස හොඳින් සූදානම් වෙලයි තරගයට ගියේ. රන්පදක්කම හිතේ තියාගෙන මම තරගයට ගියේ. උදේ වරුවේ තරගයට අවතීර්ණ වෙලා හැකියාවන් පෙන්වද්දී සිතට ලොකු බයක් ආවා.දාඩිය බේරෙන්න ගත්තා. මොකද ඔක්කෝම හිටියෙ පිරිමි අය. මට හිතාගන්න බැරි වුණා මට මගේ හැකියාවන් ඉදිරිපත් කරගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් අවසාන වටයේදී මම හොඳින් තරගයට අවතීර්ණ වුණා. අවසන් වටයේ මගේ ඉදිරිපත් කිරීම් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩිකාවකගේ මට්ටමක තිබුණා කියලා විනිසුරුවරයා මට කිව්වා. ඉතින් හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා.

ලංකාවට සම්මානයක් අරගෙන එන්නයි මගේ අපේක්ෂාව

කායවර්ධන ක්‍රීඩාවේ පමණක් නොවේ පිහිනුම්, මලල ක්‍රීඩා වගේ තරග වලදිත් ක්‍රීඩිකාවකට මේ වගේ කෙටි ඇඳුම් අඳින්න වෙනවා.

මගේ සැමියා කායවර්ධන ක්‍රීඩාවේ නිරත වුණු අයෙකු වුවත් ඔහු මේ ඇඳුම් නිසාම ලොකු විරෝධතාවක් දැක්වුවා. නමුත් මෙය ක්‍රීඩාවකදී තමන්ගේ හැකියාව පෙන්වන්න අඳින ඇඳුමක් මිසක් වැරදි දේකට ඒ ඇඳුම අඳිනවා නෙමෙයි කියන එක මම වඩාත් විශ්වාස කළ නිසා මම ක්‍රීඩාවේ නිරත වුණා.

මේ ක්‍රීඩාවේදී අපි හදාගත්ත මාංස පේෂී විදහා දැක්වීමයි කරන්නේ. ඒක දිග ඇඳුම් ඇඳන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මගේ ගුරුතුමා ගෙදර අයත් එක්ක කතා කළාට පස්සෙ ගෙදර අයත් ඒක තේරුම් ගත්තා. දැන් ඒ අය මගේ නිර්භීතකම ගැන සතුටු වෙනවා. මම දැන් අන්තර්ජාතිකතලයට යන්න පුහුණු වෙනවා. ඒකට මාසයකට ලොකු වියදමක් දරන්න වෙනවා. නමුත් අදටත් මම මේ දේවල් කරන්නේ අනුග්‍රාහකයෙකුගේ උදව් නැතිවයි. මම මේ දවස්වල ආසියාතික කායවර්ධන ශූරතා තරගාවලිය සඳහා පුහුණු වෙනවා.

ඒ සඳහා අනුග්‍රාහකත්වයක් ලැබෙනවා නම් ඒක මට ලොකු හයියක්. ලංකාවට සම්මානයක් අරගෙන එන්නයි මගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. මවක් විදිහට මම ක්‍රීඩාවයි පවුලේ වැඩකටයුතුයි සමබර කරගෙනයි මේ ගමන යන්නේ. සාමාන්‍ය‘යෙන් විදෙස් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ රටවල ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මම මේ ක්‍රීඩාවට පිවිසුණු පළමු කාන්තාව විදිහට මුද්‍රිත මාධ්‍ය මට ලොකු ඉඩක් ලබා දුන්නා. මම ආසයි ලංකාවේ කාන්තාවන් මම වගේ ඉස්සරහට එනවා දකින්න. ඉතින් මම කැමතියි පාසල්වලට ගිහින් පාසල් ශිෂ්‍යාවන් දැනුවත් කරන්න. ක්‍රීඩාවයි. අධ්‍යාපනයයි සමබර කරගෙන ඉදිරියට එන්න උදව් කරන්න.

sourse

[QUOTE="thadi_bijja, post: 20577658, member: 559092"] [b]ලංකාවේ ප්‍රථම කායවර්ධන ශූරිය[/b] [SIZE="5"][B]ලංකාවේ ප්‍රථම කායවර්ධන ශූරිය[/B][/SIZE] [SIZE="4"]ඇය දියණියකි. සුන්දර බිරිඳකි. එමෙන්ම මවකි. නමුත් ඇයව සමස්ත දේශයම හඳුනා ගත්තේ අයෝමය ගැහැනියක ලෙසිනි. ඒ ශ්‍රී ලංකා කයවර්ධන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් මෙරට ප්‍රථම කාන්තා කායවර්ධන ශූරිය බවට පත්වෙමිනි. බම්බලපිටිය ෆිට්නස් ඇන්ඩ් හෙල්ත් කිංඩම් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කායවර්ධන ක්ෂේත්රයට පිය නැඟූ ඇය දුලංජලී සමරසිංහ නම් වෙයි. දරු ප්‍රසූතියෙන් පසු උරුම වූ අධික දේහස්කන්ධය අඩුකර ගැනීම සඳහා ව්‍යායාම් මධ්‍යස්ථානයක පිහිට පැතූ ඇයගේ පුහුණුකරු බවට පත්වූයේ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංගයි.[/SIZE] [CENTER][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/Untitled-1(83).jpg[/IMG][/CENTER] [SIZE="4"]මෙරට ජනප්‍රිය නොවුණු නමුත් ජාත්‍යන්තර වශයෙන් ප්රමුඛ ස්ථානයක් හිමිව ඇති කායවර්ධන ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් පිවිසි පළමු ක්‍රීඩිකාව වන ඇය, ඉදිරියේදී ආසියාතික රටවල් සමග තරග කිරීමට සූදානම් වන්නීය. කාන්තාවක ලෙස ස්වභාවධර්මයෙන් උරුම වූ කුලෑටි බව, සියුමැලි බව, ලැජ්ජාශීලී බව, ළදබොළඳ බව යන ඒවාට අභියෝග කළ ඇය මෙලෙස අප සමග සිය අත්දැකීම් බෙදා ගත්තාය. උස මහත නිසා ක්‍රීඩාවට යොමුවුණා මම පානදුර සාන්ත ජෝන් බාලිකා විද්‍යාලයෙන් හා සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් යන වයසේ සාමාන්‍ය පෙළ වසර වෙනකන් මම කිසිම ක්‍රීඩාවක නියැළුණේ නැහැ. මම එතරම් පාසලේ කැපී පෙනුණෙත් නෑ.නමුත් සාමාන්‍ය පෙළ හදාරණ කාලයේ පාසලේ ක්‍රීඩා ගුරුතුමිය කිව්වා යගුලිය හා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වලට යොමු වෙන්න කියලා. මම උස මහත නිසා කළ ඒ ඉල්ලීම අනුව මම ක්‍රීඩාවට යොමුවුණා. පාසලේ පළමු ස්ථානය මට මේ ඉසව් දෙකෙන් ලබාගත හැකි වුණා. ඉන්පසු උසස් පෙළ හදාරද්දී දිස්ත්‍රික් මට්ටමේ පළමු ස්ථානය ලබා දිස්ත්‍රික් ක්‍රීඩා වර්ණලාභිනියක බවට පත්වුණා. ඒ හරහා මම සමස්ත ලංකා ක්‍රීඩා උලෙළ දක්වා දිගු ගමනක් ආවා. නමුත් අපි මේ දුර ආවේ හොඳ පුහුණුකරුවන් නොමැතිවයි. ඒ නිසාම පාසල් කාලයෙන් පසුව ක්‍රීඩාවට සමුදෙන්න සිද්ධ වුණා. අපිට හොඳ මඟපෙන්වීමක් ලැබුණා නම් ක්‍රීඩාවෙන් ලොකු දුරක් යන්න තිබුණා කියල දැන් හිතෙනවා. පාසල් කාලයෙන් පසුව මම මගේ වැඩිමහල් සොහොයුරියගේ ව්‍යාපාර කටයුතුවලට සහය දුන්නා.[/SIZE] [CENTER][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/_DSC1002[1].jpg[/IMG][/CENTER] [SIZE="4"]දරු ප්‍රසූතියෙන් පසුව කිලෝ 90 දක්වා මගේ බර වැඩි වුණා ඒ නිසා වෙනම රැකියාවකට යොමු වුණේ නැහැ. විවාහ වුණාට පස්සෙ සාමාන්‍ය කාන්තාවක වගේ ගේදොර කටයුතුවල නිරත වෙලා හිටියා. ඒ වෙද්දි මගේ බර කිලෝ 75 ක් විතර වුණා. මගේ පළමු දරු ප්‍රසුතියට සූදානම් වෙද්දි මගේ බර ක්‍රම‘යෙන් වැඩි වුණා. දරු ප්‍රසුතියට ළංවෙද්දී මගේ බර කිලෝ අසූවත් ඉක්මවලා තිබුණා.දරු ප්‍රසූතියෙන් පසුව වෛද්‍යවරුන් මගේ බර වැඩියි කියලා අඩු කරගන්න කිව්වත් කිලෝ 90 දක්වා මගේ බර වැඩි වුණා. 2013 වර්ෂයේ මගේ පියාගේ උපන් දිනේ දවසේ මගේ අක්කා කිව්වා බර අඩු කරගන්න ව්‍යායාම් කරන්න පුහුණුකරුවෙකු හොයාගෙන ව්‍යායාම් මධ්‍යස්ථානයකට යන්න කියලා. එදා තමයි මම හිතුණේ මෙහෙම මගේ බර වැඩි වුණොත් මම ඉක්මනටම ලෙඩෙක් වෙයි කියලා. ඒ නිසා තමයි මම ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගියේ. එතනදී තමයි මට මගේ ගුරුවරයාව හමු වුණේ. ඒ අනුව මම මගේ ඇඟේ බර අඩුකර ගත්තා. මාස 06 ක් වගේ ව්‍යායාම් කරද්දී මට කිලෝ විස්සක් අඩු කරගන්න පුළුවන් වුණා. ඔහොම මම දිගටම ව්‍යායාම් කරද්දී මගේ ගුරුවරයා මගේ දේහ පිහිටීම සලකලා කිව්වා කායවර්ධන ක්‍රීඩාව මට ගැළපෙනවා, එම ක්‍රීඩාවෙන් ඉදිරි ගමනක් යන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ වෙද්දී මට කිසිම අවබෝධයක් මේ ක්‍රීඩාව ගැන තිබුණේ නැහැ. ජූලි මාසේ තරගයට යද්දි මගේ බර කිලෝ 52 යි 2015 වර්ෂයේ තමයි මම මේ ක්‍රීඩාවට අවතීර්ණ වෙනවා කියල හිතුවේ. මේ ක්‍රීඩාවට ලංකාවේ වෙනත් කාන්තාවන් පිවිසිලා නැති පරිසරයක් වගේම පවුලේ අයගෙන් එල්ලවූ විරෝධතා නිසා මම පසුගාමීවයි හිටියෙ. නමුත් ගුරුවරයා කෙරෙහි තිබූ විශ්වාසය නිසා මම හිතුවා එතුමා මට මේ ක්‍රීඩාවට එන්න කියන්න හේතුවක් ඇති, ඒ නිසා අනිවාර්යෙන් මම ක්‍රීඩාවට අවතීර්ණය වෙනවා කියලා. එහෙම හිතලා තමයි මීට අවුරුද්දකට කලින් කායවර්ධන ක්‍රීඩාවට අවතීර්ණ වුණේ. ඉන්පසුව ජූලි මාසයේ පැවැත්වූ තරගය වෙනුවෙන් මම මාස දෙකක් වැනි කෙටි කාලයක් තමයි පුහුණු වුණේ. දරු ප්‍රසූතියෙන් පසු ශරීරයේ බර වැඩි වුණාම ගොඩක් කාන්තාවන් හිතනවා එය ස්වාභාවිකවම වෙන දෙයක් කියලා. නමුත් මම ව්‍යායාම වලින් බර අඩුකර ගැනීම නිසා වචන වලින් කියන්න බැරි සැහැල්ලුවක් ජීවිතයේ භුක්ති වින්දා. මගේ මහත නිසාම මම සමාජයෙන් හැංඟිලා වගේ හිටියෙ. ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගිහින් බර අඩු කරගත්ත නිසයි මට මේ තරම් දුරක් යන්න හැකියාව ලැබුණේ. ජූලි මාසේ තරගයට යද්දි මගේ බර කිලෝ 52 යි. ඉතින් කවුරුත් විශ්වාස කරන එකක් නෑ මම කිලෝ 90ක්ව ඉඳලයි මේ තැනට ආවේ කියලා. මගේ පරණ ඡායාරූප බලද්දී මටම පුදුමයි මගේ බර මේ තරම් අඩු කරගන්න මට පුළුවන් වුණ එක ගැන.[/SIZE] [CENTER][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/_DSC0992[1].jpg[/IMG][/CENTER] [SIZE="4"]අපි හැමෝම කාන්තාවන් විදිහට හිතන්නේ බබෙක් හම්බුණාම ඒ බබාගේ වැඩ විතරයි කරන්න ඕන කියලා. එහෙම හිතද්දී අපේ නිරෝගිකමත් ගිලිහී යනවා. නමුත් මේ වෙද්දි තරුණ මවුවරු ගොඩක් හිතනවා ව්‍යායාම් කරලා ඇඟ අඩු කරගෙන නිරෝගීව ඉන්න එක ගැන. ඒ බව මගේ ව්‍යායාම් පන්තිවලට එන මවුවරු දක්වන උද්යෝගය තුළින්ම මට කියන්න පුළුවන්. ඇඟක් මහත් වුණාම, උදරය ඉදිරියට නෙරා ආවම දැනෙන අපහසුව වචන වලින් කියන්න බැහැ. ඒක මම අත්විඳලා තියෙන නිසා දන්නවා. ඒ නිසා මම කියන්න කැමතියි මහත සිරුරු නිසා අපහසුතාවයෙන් ජීවත් වෙන කාන්තාවන්ට ව්‍යායාම්වල නිරත වෙලා සෞඛ්‍ය සම්පන්නව ඉන්න කියලා. එකෙන් අපේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය පවා යහපත්ව පවත්වාගෙන යන්න පුළුවන්. මම මේ ගමන පටන් ගත්තේ ලොකු දේවල් කරලා නෙවෙයි. පොඩි පොඩි ව්‍යායාම් වලින් තමයි මුලින්ම මේ ගමන පටන් ගත්තේ. අපි මුලින්ම ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගියාම හොඳ පුහුණුකරුවෙකු නම් අපට දරාගන්න පුළුවන් මට්ටමේ ව්‍යායාම පමණයි ලබා දෙන්නේ. ඉතින් අපිට නිවැරදි විදිහට ව්‍යායාම් ලබාදෙන්න නම් හොඳ පුහුණුව ලත් උපදේශකවරයෙක් අවශ්‍යයයි. අපිට තිබෙන ලෙඩ රෝග ආදිය පිළිබඳවත් සැලකිලිමත් වෙලා තමයි ඔවුන් අපිට ව්‍යායාම් නිර්දේශ කරන්නේ. ඉතින් මම අවුරුද්දක්ම සිරුරේ මේදය දහනය කරන්නට සිදුකරන ව්‍යායාම් වලයි නිරත වුණේ. ඊට පස්සෙ තමයි ක්‍රම‘යෙන් සුළු බර ප්‍රමාණයන් වලින් කායවර්ධන ව්‍යායාම් ආරම්භ කළේ. ක්‍රමයෙන් පිරිමි අයෙකු ඔසවන බරට වඩා වැඩි බරක් ඔසවමින් ව්‍යායාම් කරන්න මට හැකියාව ලැබුණා. එහෙම ක්‍රම‘යෙන් තමයි මේ ගමන ආවේ.[/SIZE] [CENTER][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9627-(1).jpg[/IMG][/CENTER] [SIZE="4"]කවදාහරි ලංකාවේ පළමු අයෝම ශූරිය වෙනවා කියන අරමුණ මට තිබුණා කාය වර්ධන ක්‍රීඩාවට මම අවතීර්ණ වෙන්න හිතුවට පස්සේ ගෙදරින් වගේම ඥාතීන්ගෙන් ඇහුව බැණුම් අනන්තයි, අප්‍රමාණයි. අඩපු වාර ගණනත් ඒ වගේමයි. නමුත් මම ලොකු කැප කිරීමක් කරලා මගේ තීරණය වෙනස් කළේ නැහැ. මට අරමුණක් තිබුණා. මම කවදාහරි ලංකාවේ පළමු අයෝම ශූරිය වෙනවා කියන අරමුණ මට තිබුණා. ඒකට ඕන දේවල් මම ක්‍රම‘යෙන් ළඟා කරගත්තා. කවදාහරි මම මේ යන ගමන හැමෝම තේරුම් ගනීවි කියලා මම මගේ ගමන දිගටම ගියා. ඉතින් තරගය ළංවෙලා මාස දෙකක කාලයක් තුළ මම කැපවීමෙන් පුහුණු වුණා. කෑම වගේම වතුර පාලනය කරලා ලොකු අපහසුවක නිරත වෙලයි මේ ගමන ආවේ. දැන් හැමෝම මම ගැන සතුටින් ඉන්නේ. පවුලේ අය මට දෙන සහයෝගය නිසයි මම මගේ බබාගේ වැඩත් කරගෙන මේ තරම් දුර ආවේ. අම්මයි, තාත්තයි, සැමියයි ලොකු උදව්වක් මට දෙනවා. ඒ අය තමයි මම වෙනුවෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ.මම ප්‍රථම අයෝමය ශූරිය වුණාට පස්සෙ මගේ සොහොයුරියක් මේ ක්‍රීඩාවට ප්රවිශ්ට වුණා වගේම කාන්තාවෝ කීපදෙනෙක්ම ආසාවෙන් ක්‍රීඩාවට පිවිසුණා. එළඹෙන තරගාවලියකදී කාන්තා අයෝමය ශූරිය තේරීමේ ඉසව්වට තරගකාරිනියන් වැඩි පිරිසක් ඉදිරිපත් වේවි. ඔවුන් මට අභියෝගයක් වුණත් මම නැවත නැවතත් ලංකාවේ අයෝමය ශූරිය වෙන්නයි අපේක්ෂා කරන්නේ. මගේ ප්‍රථම තරගයේදී ඇත්තටම ලොකු බයක් තිබුණා. ඒ මගේ හැකියාව ගැන නොවෙයි. මගේ ගුරුවරයා මට හොඳ පුහුණුවක් ලබාදී තිබුණා. නමුත් මම මීට පෙර කායවර්ධන තරගයක් බලන්නවත් ගිහින් තිබුණේ නැහැ. ඒ වගේම ඒ ඇඳුම ඊට කලින් ඇඳල තිබුණෙත් නැහැ. මම ක්‍රීඩිකාවක් ලෙස හොඳින් සූදානම් වෙලයි තරගයට ගියේ. රන්පදක්කම හිතේ තියාගෙන මම තරගයට ගියේ. උදේ වරුවේ තරගයට අවතීර්ණ වෙලා හැකියාවන් පෙන්වද්දී සිතට ලොකු බයක් ආවා.දාඩිය බේරෙන්න ගත්තා. මොකද ඔක්කෝම හිටියෙ පිරිමි අය. මට හිතාගන්න බැරි වුණා මට මගේ හැකියාවන් ඉදිරිපත් කරගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් අවසාන වටයේදී මම හොඳින් තරගයට අවතීර්ණ වුණා. අවසන් වටයේ මගේ ඉදිරිපත් කිරීම් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩිකාවකගේ මට්ටමක තිබුණා කියලා විනිසුරුවරයා මට කිව්වා. ඉතින් හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා.[/SIZE] [SIZE="4"]ලංකාවට සම්මානයක් අරගෙන එන්නයි මගේ අපේක්ෂාව කායවර්ධන ක්‍රීඩාවේ පමණක් නොවේ පිහිනුම්, මලල ක්‍රීඩා වගේ තරග වලදිත් ක්‍රීඩිකාවකට මේ වගේ කෙටි ඇඳුම් අඳින්න වෙනවා. මගේ සැමියා කායවර්ධන ක්‍රීඩාවේ නිරත වුණු අයෙකු වුවත් ඔහු මේ ඇඳුම් නිසාම ලොකු විරෝධතාවක් දැක්වුවා. නමුත් මෙය ක්‍රීඩාවකදී තමන්ගේ හැකියාව පෙන්වන්න අඳින ඇඳුමක් මිසක් වැරදි දේකට ඒ ඇඳුම අඳිනවා නෙමෙයි කියන එක මම වඩාත් විශ්වාස කළ නිසා මම ක්‍රීඩාවේ නිරත වුණා. මේ ක්‍රීඩාවේදී අපි හදාගත්ත මාංස පේෂී විදහා දැක්වීමයි කරන්නේ. ඒක දිග ඇඳුම් ඇඳන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මගේ ගුරුතුමා ගෙදර අයත් එක්ක කතා කළාට පස්සෙ ගෙදර අයත් ඒක තේරුම් ගත්තා. දැන් ඒ අය මගේ නිර්භීතකම ගැන සතුටු වෙනවා. මම දැන් අන්තර්ජාතිකතලයට යන්න පුහුණු වෙනවා. ඒකට මාසයකට ලොකු වියදමක් දරන්න වෙනවා. නමුත් අදටත් මම මේ දේවල් කරන්නේ අනුග්‍රාහකයෙකුගේ උදව් නැතිවයි. මම මේ දවස්වල ආසියාතික කායවර්ධන ශූරතා තරගාවලිය සඳහා පුහුණු වෙනවා. ඒ සඳහා අනුග්‍රාහකත්වයක් ලැබෙනවා නම් ඒක මට ලොකු හයියක්. ලංකාවට සම්මානයක් අරගෙන එන්නයි මගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. මවක් විදිහට මම ක්‍රීඩාවයි පවුලේ වැඩකටයුතුයි සමබර කරගෙනයි මේ ගමන යන්නේ. සාමාන්‍ය‘යෙන් විදෙස් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ රටවල ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මම මේ ක්‍රීඩාවට පිවිසුණු පළමු කාන්තාව විදිහට මුද්‍රිත මාධ්‍ය මට ලොකු ඉඩක් ලබා දුන්නා. මම ආසයි ලංකාවේ කාන්තාවන් මම වගේ ඉස්සරහට එනවා දකින්න. ඉතින් මම කැමතියි පාසල්වලට ගිහින් පාසල් ශිෂ්‍යාවන් දැනුවත් කරන්න. ක්‍රීඩාවයි. අධ්‍යාපනයයි සමබර කරගෙන ඉදිරියට එන්න උදව් කරන්න.[/SIZE] [URL="http://www.ada.lk/article/175966/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-"]sourse[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom