ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,643
    6,849
    113

    ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය​

    ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දින නිර්ණය කර තිබෙන සොහොන් ගැබක තිබී යබොර කැබැල්ලක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එය ඒ කාලයේ යකඩ උණු කළ බව පෙන්වන සාක්ෂියකි.

    ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබඳු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ. එයින් පලමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන් ය.

    දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.

    ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය ය.

    සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.

    අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අඟුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයි.

    මෙම උදුන් දැල්වීම සදහා යොදාගෙන තිබෙන්නේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට 'යකඩමරං' යන වචනයද භාවිතා කෙරේ.

    යකඩ මරං ගසක්

    දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයිනහමක ආධාරයෙනි. ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ එහි යකඩ නිස්සාරණය කර තිබේ.

    පින්තූර ලබා දුන් කේෂාන් අධිකාරී මහතාටත් නිමලවංශ දසනායක මහතාටත් බොහොම ස්තූතියි .

    තොරතුරු පොත්පත් ඇසුරෙනි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    Shaun The Sheep Movie Ok GIF
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ඔක විතරයි අපි දැනන් හිටියෙ තාක්ෂනේකට කියලා පොඩිකල්ලේ ඉතිහාස පොතවල හැමතැනම ඕක
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,849
    113
    ඔක විතරයි අපි දැනන් හිටියෙ තාක්ෂනේකට කියලා පොඩිකල්ලේ ඉතිහාස පොතවල හැමතැනම ඕක
    Ow Eka Nam Aththa..
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593

    end of the day bro, who cares
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    ඔක විතරයි අපි දැනන් හිටියෙ තාක්ෂනේකට කියලා පොඩිකල්ලේ ඉතිහාස පොතවල හැමතැනම ඕක
    Meka hoyagenathiyenneth pitarata kenek.

    Absence of evidence is not evidence of absence.