Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලංකාවේ බතික් රැජිණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට අමතක වූ ලංකාවේ ලංකාවේ බතික් රැජිණ - ඊනා ද සිල්වා අලුවිහාරේ මැතිණිය. Ena de Silva

මේ වගේ මිනිස්සු දැන් නම් ඇත්තෙම නැ වගේ ලංකවේ.

[MEDIA=youtube]zSFUnboFBp4[/MEDIA]

[MEDIA=youtube]253Ve1uJLHs[/MEDIA]

උපුටා ගැනීම - https://divaina.lk/බතික්-සවාරියක-විසිතුරු-ඊ/

1960 අවුරුද්දේ එක දවසක ජෙෆ්රි බාවා මහතා හමුවීමට අපූරු කාන්තාවක් එනවා. ඇය එන්නේ ඇගේ සැමියා, එවකට ලංකාවේ ප්‍රධාන පොලිස් නිලයක් දරූ ඔසී ද සිල්වා සමග. ඔවුන්ට වුවමනා වෙලා තිබුණේ ජෙෆ්රි බාවා ලවා කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය ආශ්‍රිතව පිහිටි ඉඩමක නිවසක් නිර්මාණය කරගැනීමටයි. ඇගේ නම ඊනා ද සිල්වා. මේ ජෙෆ්රි, ඊනා හමුව අපූරු දේවල් නිර්මාණය වෙන ඉතාම නිර්මාණශීලී මිත්‍රත්වයක් බවට පෙරළෙන්න ලොකු කාලයක් ගතවුණේ නැහැ. මේ සිදුවීම ජෙෆ්රි බාවාගේ නිර්මාණ සගයා වුණු උල්රික් ප්ලේස්නර් තමන්ගේ ස්වයං චරිතාපදානය වුණු “ඉන්සිටු” (in-situ) පොතේ සටහන් කරන්නේ මෙහෙම.

“එක දවසක් ඊනා ද සිල්වා අපේ කාර්යාලයට (ජෙෆ්රි බාවා කාර්යාලය) ආවේ ඇයට අප ලවා නිවසක් නිර්මාණය කරගැනීමේ අරමුණින්. ඇය බුද්ධිමත්, ආකර්ෂණීය, ලස්සන, විනෝදකාමී කාන්තාවක්. ඇය විවාහ වෙලා හිටියේ එවකට සිලෝන්වල පොලිස් ප්‍රධානියා වූ ඔසී ද සිල්වා සමග. ඔසී ද සිල්වාත් උපදෙස් ගත්තේ ඇගෙන්. ඇයට ඕනෙ වුනේ ලක්ෂ දෙකක් වියදම් කරලා ගෙයක් හදන්න.”

උල්රික් ප්ලෙස්නර් (in-situ, 199 පිටුව)

ඊනා ද සිල්වා ගැන තබන මේ සටහන ජෙෆ්රි බාවා සමග පටන් ගන්නේ ඇය ගැන කතාකිරීමට නම් අනිවාර්යයෙන් ජෙෆ්රි බාවා සමග ඇයට තිබූ මිත්‍ර සමාගම ගැන කතාකළ යුතු නිසා නොවෙයි. කවුරුත් දන්නා තැනකින් කතාවට පිවිසීම උචිත නිසයි. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ ඊනා ද සිල්වා නිවස ඔහුගේ නිර්මාණ දිවියේ හැඩය වෙනස් කිරීමට සෑහෙන බලපාන ලද්දක්. පැරණි ලාංකික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඔහුගේ නිර්මාණයක් තුළ පළමුව පැහැදිලිව දක්නට ලැබෙන නිර්මාණය තමයි ඊනා ද සිල්වා නිවස. එයට හේතුව ඔහුට එම නිවස ඊනා වැනි ප්‍රබල දැක්මක් සහිත කාන්තාවක් වෙනුවෙන් නිර්මාණය කිරීමට ලැබීම විය හැකියි. ඒ වගේම ඊනා ද සිල්වා තමා තුළ සඟවාගෙන සිටි ඒ අපූරු නිර්මාණ ශක්‍යතාවය මුදාහරින්නේ ද ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන විශිෂ්ට ගොඩනැඟිලි හරහායි. කොළඹ ඔබරෝයි හෝටලයේ පිවිසුමේ විශාල සිවිලිම සඳහා ඊනා විසින් නිර්මිත අලංකාර රෙදි මෝස්තර යොදාගැනීමට සම්බන්ධතාවය ගොඩනඟන්නේ ජෙෆ්රි බාවා විසිනුයි. ඉන් පසුව බෙන්තොට බීච් හෝටලයේ, නිතර චායාරූපවලට හසුවන විවිධ විචිත්‍ර වර්ණනාවලියකින් යුතු සිවිලිම නිර්මාණය කෙරෙන්නේත් ඊනා ද සිල්වා විසින්. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර නිර්මාණකරණය සඳහා යොදාගෙන ඇති විවිධ ධඡ නිමවා ඇත්තේද ඊනා විසින්. ඊට අමතරව දඹුල්ලේ කන්දලම හෝටලය ඇතුළත අලංකාර කරන දැවමය ඇත් පිළිම ද ඊනා ද සිල්වාගේ නිර්මාණ.

කොළඹ ඔබරෝයි හෝටලයේ සිවිලිම සඳහා ඊනා විසින් නිර්මිත අලංකාර රෙදි මෝස්තර (දැන් සිනමන් ග්‍රෑන්ඩ්)

බෙන්තොට බීච් හෝටලයේසිවිලිම සඳහා ඊනා විසින් නිර්මිත අලංකාර රෙදි මෝස්තර

මෙවැනි සුවිශේෂී කාන්තා පෞර්ෂයක් වූ ඊනා ද සිල්වාගේ නිර්මාණ කුසලතාවය විශාල වපසරියක් කරා පැතිර යන්නක්. ලාංකීය පසුබිම තුළ බතික් මෝස්තර කලාව ප්‍රචලිත කිරීමේ පුරෝගාමී චරිතයක් වන්නේ ඊනාය. එමෙන්ම පැරණි ලාංකීය මෝස්තර නිර්මාණ, වර්ණ සංයෝජන සහ හැඩතල නව ආරකින් නැවත කාලීන කලා සම්ප්රදාය වෙත රැගෙන ඒමට ඇය ගත් උත්සාහය අගයකළ යුතු මනාය. ඇගේ නිර්මාණ ශක්‍යතාවය තුළ ප්‍රභලව කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සුවිශේෂී වරණ සංයෝජනයයි. ඒ පිළිබඳව වරක් ඇය දැක්වූ අදහස මෙවැන්නක්.

“මේ වර්ණය අර වර්ණය සමග ගැළපෙන්නේ නෑ, එක් රෙද්දක ඇති වියමන තවත් එකක් සමග සසඳන්න බෑ. වගේ ගතානු ගතික අදහස් තමයි මට ගොඩක් ලැබුණේ. එත් මම ඒ අදහස්වලට පටහැනිව නොගැළපේ යැයි කෙනෙක්ට හිතෙන වරණ එකට ගළපුවා, විවිධ රෙදි වියමන් එකිනෙක ගළපා නිර්මාණ කළා. අපි නිර්මාණශීලී වැඩකදී කාවවත් රිද්දන්නේ නැත්නම්, මොකටද එයාලගේ අනුමැතිය බලාපොරොත්තු වෙන්නේ”

ඊනා අලුවිහාරේ (පසුකාලීනව “ද සිල්වා”) උපත ලැබුවේ 1922 මාතලේදී. ඇගේ දෙමාපියන් වුණේ, සිලෝන් ලංකාවේ පළමු පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් (1947-1955) වුණු ශ්‍රීමත් රිචර්ඩ් අලුවිහාරේ මහතා සහ ලුසීල් අලුවිහාරේ. 1941 දී, වයස දහනවයක් වුණු ඊනා එවකට පොලිස් නිලධාරියකු වූ පසුකාලීනව (1955-1959) පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් ලෙස උසස් වීම ලද ඔස්මන්ඩ් ද සිල්වා සමග විවාහ වුණා. ඔවුන් දෙදෙනාට දාව දරුවන් දෙදෙනකු උපත ලද අතර ඔවුන් අනිල් ගාමිණී ජයසූරිය සහ අනුලා කුසුම් ගිල්මෝ ය.

විවාහ වී දරුවන් දෙදෙනකුගේ තරුණ මවක් වන තෙක්ම ඊනා ඈ තුළ සැඟව තිබුණු කලා ප්‍රතිභාව සොයා නොගත්තාය. පසුකාලීනව ඇය පැවසුවේ තම කුඩා දරුවන් දෙදෙනා විසින් අඳින කුරුටු බලි රූප දෙස බලා සිටිමින් තමන්ද එසේ කුරුටු ඇඳීමට උත්සාහ කළ බවයි. ඒ හරහා ඇය තුළ සැඟව තිබුණු අපූරු කළා හැකියාව ඇය විසින්ම සොයාගත්තා විය යුතුය. මේ අපූර්ව නව සොයා ගැනීමත් සමග ලියලමින් තිබුණු ඇගේ කලා හැකියාව විධිමත් ලෙස ස්ථානගත වූයේ 1960 වසරේදී ඊනා තම පුතු, අනිල් ගාමිණී ජයසූරිය, ඊනා ගේ ඉතාම හිතවත් මිතුරන් වූ, ලකී සේනානායක සහ මහාචාර්ය රෙජී සිරිවර්ධන සමග එකතුව බතික් නිර්මාණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ ඊනා ගේ ඇල්ෆරඩ් හවුස් උද්‍යානයෙහි පිහිටි නිවස ආශ්‍රිතව තමයි මෙම කලා හවුල ආරම්භ වුණේ. බතික් කලාව ගැන එවකට තිබුණේ ඉතාම සීමිත දැනුමක් වගේම වඩා ප්‍රචලිත ඇඳුම් නිර්මාණ කලාවේ ඉතා කුඩා අංගයක් විදිහට තමයි බතික් එවකට භාවිතා වුණේ.

“අපිට බතික් නිර්මාණ ගැන ලොකු දැනුමක් තිබුණේ නෑ. අපි බි්රටනිකා විශ්වකෝෂයෙන් ඒ ගැන විස්තර කියවලා තමයි මුලින්ම බතික් අත්හදා බැලීම කළේ. සම්ප්‍රදායික විදිහට බතික්වලට නියමිත ඒකීය මෝස්තර නිර්මාණය කිරීම වෙනුවට අපි අපිට අවශ්‍ය රූප, චිත්‍ර බතික්වලින් නිර්මාණය කරන්න ගත්ත නිර්මාණශීලී උත්සාහය ඉතාම සාර්ථක වුණා.” ඊනා ඒ ක්‍රියාවලිය විස්තර කළේ ඒ විදිහට. මේ විශිෂ්ට කලා එකතුවත් සමග ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ විවිධ ගොඩනැඟිලි සඳහා ඔවුන්ගේ නිර්මාණ භාවිතා වුණා.

පසුකාලීනව 1980 දී පමණ ඊනා විසින් නැවත තමන්ගේ අක්මුල් විහිදුනු මාතලේ අලුවිහාරේ වෙත ගොස් “අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය” නැත්නම් Aluwihare Heritage Centre ආරම්භ කරනු ලැබුවා. ඉතාම අභියෝගාත්මක තීරණයක් වුණත් ඊනා ද සිල්වා ඒ අභියෝගයට මුහුණ දුන්නේ ඉතාම ධනාත්මක මනසකින් යුතුව. ඇයට අවශ්‍ය වුණේ තමන්ගේ ගමේ ගැමි ජනතා සහයෝගය සමග නව නිර්මාණ සංස්කෘතියක්, වෙළෙඳපොළක් බිහිකරන අතරේම එහි අතුරු ඵලයක් විදිහට ගැමි ජනතාවගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න.

“මට අලුවිහාරේ තියෙන්නේ වැඩපළක්. මම හරිම අකමැතියි එකට කර්මාන්තශාලාවක් කියන එක හරිම වානිජමය යෙදුමක්. මේක බහු කලා මධ්‍යස්ථානයක්. අවුරුදු දහ අටේ, දහ නවයේදී විතර මෙතෙන්ට ආපු ගම් වැසියෝ එයාලට වයස හැටක් වෙලත් තාම මෙතන වැඩ කරනවා. මම දන්නා හැම දෙයක්ම මම එයාලට කියල දුන්නා. අපි ඔක්කොම එකට වැඩ කරලා එකට වයසට ගිහින්. පටන් ගත්ත දවසේ ඉඳන් අපි ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. මෙතන වැඩකරන ගැහැණු පිරිමි මගේ දරුවෝ වගේ. විශ්වාසනීය බව වගේම ඔවුන් මටත් එකිනෙකාටත් දක්වන සහයෝගය මිල කරන්න බැහැ. අපි හැමෝම අන්තිමට මිනිස්සු නේද? මම හැමතිස්සෙම කරුණාකරලා සහ ස්තුතියි කියන වචන පාවිච්චි කරනවා. එයාල දන්නවා මම එයාල කරන දේවල් කොච්චර අගයකරනවද කියලා. මේක අපේ ජීවිතය. අපි එක පවුලක් වගේ. කෙනෙක්ට ව්‍යාපාරයක් වහල දාන්න පුළුවන් එත් පවුලක් වහල දාන්න බැහැ. අපේ අතේ ගොඩක් වෙලාවට සල්ලි නැහැ, එත් අපි හරිම සතුටෙන් විනෝදයෙන් ඉන්නේ. මම හැම වෙලේම එයාලව හිනස්සනවා, සමහර වෙලාවට එයාල හිතනවා මට පිස්සු කියලා.”

අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය නැත්නම් ඊනා ද සිල්වා ගේ නිවාස පිහිටා තියෙන්නේ සුන්දර අලුවිහාරේ කඳු මිටියාවත යාබදව. ඇගේ මුතුන් මිත්තන් පරම්පරා ගණනක්ම දිවි ගෙවුවේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව. විවිධාකාර කැළෑ මල් වර්ග, රෝස පැහැ බෝගන්විලා මල් පිරුණු වැල්, තැඹිලි පැහැයෙන් දිලෙන ඇන්තූරියම් මල්වලින් පිරුණු කදිම උද්ධ්යානයකින් වටවුණු ඇගේ නිවස සැබවින්ම සිහිනයක් තුළට ඔබ රැගෙන යනවා යැයි සිතෙන තරමේ අලංකාර පරිසරයක්. විවිධ මෝස්තර සහ වර්ණවලින් හැඩ වුණු කුෂන් කවර, කාපට්, බතික් කොඩි, විචිත්‍ර රෙදිපිළිවලින් සැරසුණු පරණ පුටු මේස සහ බිත්ති ඔබව ඉතාම සෞන්දර්යාත්මක සිතුවමක වෙතට ආදරයෙන් පිළිගන්නවා ඇති.

1980 වේදී ආරම්භ වී විවිධාකාර ගොඩනැඟිලි සහ වෙනත් නිර්මාණ සඳහා සැරසිලි නිර්මාණ කරමින් ජාතික සහ අන්තර්ජාතික තලයන්හි පවා ලාංකික මෝස්තර, බතික් සහ රෙදිපිළි නිර්මාණ ලකුණ සනිටුහන් කළ ඊනා ද සිල්වා විසින් ආරම්භ කරන ලද අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය 2015 වේදී ඊනා ගේ නික්මයෑමෙන් පසුව අද දක්වාම සක්‍රීයව ක්‍රියාත්මක වීමේ රහස ඒ පිටුපස සිටින අව්‍යාජ ගැමි කලා තාක්ෂණ ශිල්පි ශිල්පිනියන්. ඔවුන් තමන් නිරත කලා කර්මාන්තයටත් අලුවිහාරේ මධ්‍යස්ථානයටත් ඇත්තේ දැඩි බැඳීමක්. එමෙන්ම ඔවුන්ගේ ජීවිත ඒ මට්ටමට ඔසවා තැබූ ඊනා ද සිල්වා මහත්මියව අදටත් ඔවුන් සිහිකරන්නේ ඉතාම ගෞරවාදරයෙන්.

[QUOTE="Kalegana, post: 29820374, member: 50801"] [B][SIZE=6]අපට අමතක වූ ලංකාවේ ලංකාවේ බතික් රැජිණ - ඊනා ද සිල්වා අලුවිහාරේ මැතිණිය. [I]Ena de Silva[/I][/SIZE][/B] මේ වගේ මිනිස්සු දැන් නම් ඇත්තෙම නැ වගේ ලංකවේ. [MEDIA=youtube]zSFUnboFBp4[/MEDIA] [MEDIA=youtube]253Ve1uJLHs[/MEDIA] [IMG width="301px"]https://www.sundaytimes.lk/211031/uploads/Ena-pic-by-Stephen-Champion.jpg[/IMG][IMG width="443px"]https://island.lk/wp-content/uploads/2023/10/Ena-photo.png[/IMG] උපුටා ගැනීම - [URL='https://divaina.lk/%E0%B6%B6%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%8A/']https://divaina.lk/බතික්-සවාරියක-විසිතුරු-ඊ/[/URL] 1960 අවුරුද්දේ එක දවසක ජෙෆ්රි බාවා මහතා හමුවීමට අපූරු කාන්තාවක් එනවා. ඇය එන්නේ ඇගේ සැමියා, එවකට ලංකාවේ ප්‍රධාන පොලිස් නිලයක් දරූ ඔසී ද සිල්වා සමග. ඔවුන්ට වුවමනා වෙලා තිබුණේ ජෙෆ්රි බාවා ලවා කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය ආශ්‍රිතව පිහිටි ඉඩමක නිවසක් නිර්මාණය කරගැනීමටයි. ඇගේ නම ඊනා ද සිල්වා. මේ ජෙෆ්රි, ඊනා හමුව අපූරු දේවල් නිර්මාණය වෙන ඉතාම නිර්මාණශීලී මිත්‍රත්වයක් බවට පෙරළෙන්න ලොකු කාලයක් ගතවුණේ නැහැ. මේ සිදුවීම ජෙෆ්රි බාවාගේ නිර්මාණ සගයා වුණු උල්රික් ප්ලේස්නර් තමන්ගේ ස්වයං චරිතාපදානය වුණු “ඉන්සිටු” (in-situ) පොතේ සටහන් කරන්නේ මෙහෙම. “එක දවසක් ඊනා ද සිල්වා අපේ කාර්යාලයට (ජෙෆ්රි බාවා කාර්යාලය) ආවේ ඇයට අප ලවා නිවසක් නිර්මාණය කරගැනීමේ අරමුණින්. ඇය බුද්ධිමත්, ආකර්ෂණීය, ලස්සන, විනෝදකාමී කාන්තාවක්. ඇය විවාහ වෙලා හිටියේ එවකට සිලෝන්වල පොලිස් ප්‍රධානියා වූ ඔසී ද සිල්වා සමග. ඔසී ද සිල්වාත් උපදෙස් ගත්තේ ඇගෙන්. ඇයට ඕනෙ වුනේ ලක්ෂ දෙකක් වියදම් කරලා ගෙයක් හදන්න.” උල්රික් ප්ලෙස්නර් (in-situ, 199 පිටුව) ඊනා ද සිල්වා ගැන තබන මේ සටහන ජෙෆ්රි බාවා සමග පටන් ගන්නේ ඇය ගැන කතාකිරීමට නම් අනිවාර්යයෙන් ජෙෆ්රි බාවා සමග ඇයට තිබූ මිත්‍ර සමාගම ගැන කතාකළ යුතු නිසා නොවෙයි. කවුරුත් දන්නා තැනකින් කතාවට පිවිසීම උචිත නිසයි. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ ඊනා ද සිල්වා නිවස ඔහුගේ නිර්මාණ දිවියේ හැඩය වෙනස් කිරීමට සෑහෙන බලපාන ලද්දක්. පැරණි ලාංකික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඔහුගේ නිර්මාණයක් තුළ පළමුව පැහැදිලිව දක්නට ලැබෙන නිර්මාණය තමයි ඊනා ද සිල්වා නිවස. එයට හේතුව ඔහුට එම නිවස ඊනා වැනි ප්‍රබල දැක්මක් සහිත කාන්තාවක් වෙනුවෙන් නිර්මාණය කිරීමට ලැබීම විය හැකියි. ඒ වගේම ඊනා ද සිල්වා තමා තුළ සඟවාගෙන සිටි ඒ අපූරු නිර්මාණ ශක්‍යතාවය මුදාහරින්නේ ද ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන විශිෂ්ට ගොඩනැඟිලි හරහායි. කොළඹ ඔබරෝයි හෝටලයේ පිවිසුමේ විශාල සිවිලිම සඳහා ඊනා විසින් නිර්මිත අලංකාර රෙදි මෝස්තර යොදාගැනීමට සම්බන්ධතාවය ගොඩනඟන්නේ ජෙෆ්රි බාවා විසිනුයි. ඉන් පසුව බෙන්තොට බීච් හෝටලයේ, නිතර චායාරූපවලට හසුවන විවිධ විචිත්‍ර වර්ණනාවලියකින් යුතු සිවිලිම නිර්මාණය කෙරෙන්නේත් ඊනා ද සිල්වා විසින්. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර නිර්මාණකරණය සඳහා යොදාගෙන ඇති විවිධ ධඡ නිමවා ඇත්තේද ඊනා විසින්. ඊට අමතරව දඹුල්ලේ කන්දලම හෝටලය ඇතුළත අලංකාර කරන දැවමය ඇත් පිළිම ද ඊනා ද සිල්වාගේ නිර්මාණ. [B][SIZE=6]කොළඹ ඔබරෝයි හෝටලයේ සිවිලිම සඳහා ඊනා විසින් නිර්මිත අලංකාර රෙදි මෝස්තර (දැන් සිනමන් ග්‍රෑන්ඩ්)[/SIZE][/B] [IMG]https://i.ibb.co/1JZHxmw/3759060676-f1a06a69c4-o.jpg[/IMG] [IMG]https://www.sundaytimes.lk/190818/uploads/Oberoi-Batiks1.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/media/images/02(889).jpg[/IMG] [B][SIZE=6]බෙන්තොට බීච් හෝටලයේසිවිලිම සඳහා ඊනා විසින් නිර්මිත අලංකාර රෙදි මෝස්තර [IMG]https://assets.cntraveller.in/photos/622235d0652e69e3c9cd51f5/master/w_1600,c_limit/Copy%20of%20004pro_DSC4718-HDR.jpg[/IMG][/SIZE] [IMG]https://fl-i.thgim.com/public/incoming/izjgec/article66773187.ece/alternates/FREE_1200/bentota-hotel1.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ft.lk/assets/uploads/image_a89c52fad3.jpg[/IMG][/B] [IMG alt="බතික් සවාරියක විසිතුර - ඊනා…"]https://divaina.lk/wp-content/uploads/2022/10/eena-de-silva1.jpg[/IMG] මෙවැනි සුවිශේෂී කාන්තා පෞර්ෂයක් වූ ඊනා ද සිල්වාගේ නිර්මාණ කුසලතාවය විශාල වපසරියක් කරා පැතිර යන්නක්. ලාංකීය පසුබිම තුළ බතික් මෝස්තර කලාව ප්‍රචලිත කිරීමේ පුරෝගාමී චරිතයක් වන්නේ ඊනාය. එමෙන්ම පැරණි ලාංකීය මෝස්තර නිර්මාණ, වර්ණ සංයෝජන සහ හැඩතල නව ආරකින් නැවත කාලීන කලා සම්ප්රදාය වෙත රැගෙන ඒමට ඇය ගත් උත්සාහය අගයකළ යුතු මනාය. ඇගේ නිර්මාණ ශක්‍යතාවය තුළ ප්‍රභලව කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සුවිශේෂී වරණ සංයෝජනයයි. ඒ පිළිබඳව වරක් ඇය දැක්වූ අදහස මෙවැන්නක්. “මේ වර්ණය අර වර්ණය සමග ගැළපෙන්නේ නෑ, එක් රෙද්දක ඇති වියමන තවත් එකක් සමග සසඳන්න බෑ. වගේ ගතානු ගතික අදහස් තමයි මට ගොඩක් ලැබුණේ. එත් මම ඒ අදහස්වලට පටහැනිව නොගැළපේ යැයි කෙනෙක්ට හිතෙන වරණ එකට ගළපුවා, විවිධ රෙදි වියමන් එකිනෙක ගළපා නිර්මාණ කළා. අපි නිර්මාණශීලී වැඩකදී කාවවත් රිද්දන්නේ නැත්නම්, මොකටද එයාලගේ අනුමැතිය බලාපොරොත්තු වෙන්නේ” ඊනා අලුවිහාරේ (පසුකාලීනව “ද සිල්වා”) උපත ලැබුවේ 1922 මාතලේදී. ඇගේ දෙමාපියන් වුණේ, සිලෝන් ලංකාවේ පළමු පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් (1947-1955) වුණු ශ්‍රීමත් රිචර්ඩ් අලුවිහාරේ මහතා සහ ලුසීල් අලුවිහාරේ. 1941 දී, වයස දහනවයක් වුණු ඊනා එවකට පොලිස් නිලධාරියකු වූ පසුකාලීනව (1955-1959) පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් ලෙස උසස් වීම ලද ඔස්මන්ඩ් ද සිල්වා සමග විවාහ වුණා. ඔවුන් දෙදෙනාට දාව දරුවන් දෙදෙනකු උපත ලද අතර ඔවුන් අනිල් ගාමිණී ජයසූරිය සහ අනුලා කුසුම් ගිල්මෝ ය. [IMG alt="බතික් සවාරියක විසිතුර - ඊනා…"]https://divaina.lk/wp-content/uploads/2022/10/eena-de-silva2.jpg[/IMG] විවාහ වී දරුවන් දෙදෙනකුගේ තරුණ මවක් වන තෙක්ම ඊනා ඈ තුළ සැඟව තිබුණු කලා ප්‍රතිභාව සොයා නොගත්තාය. පසුකාලීනව ඇය පැවසුවේ තම කුඩා දරුවන් දෙදෙනා විසින් අඳින කුරුටු බලි රූප දෙස බලා සිටිමින් තමන්ද එසේ කුරුටු ඇඳීමට උත්සාහ කළ බවයි. ඒ හරහා ඇය තුළ සැඟව තිබුණු අපූරු කළා හැකියාව ඇය විසින්ම සොයාගත්තා විය යුතුය. මේ අපූර්ව නව සොයා ගැනීමත් සමග ලියලමින් තිබුණු ඇගේ කලා හැකියාව විධිමත් ලෙස ස්ථානගත වූයේ 1960 වසරේදී ඊනා තම පුතු, අනිල් ගාමිණී ජයසූරිය, ඊනා ගේ ඉතාම හිතවත් මිතුරන් වූ, ලකී සේනානායක සහ මහාචාර්ය රෙජී සිරිවර්ධන සමග එකතුව බතික් නිර්මාණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ ඊනා ගේ ඇල්ෆරඩ් හවුස් උද්‍යානයෙහි පිහිටි නිවස ආශ්‍රිතව තමයි මෙම කලා හවුල ආරම්භ වුණේ. බතික් කලාව ගැන එවකට තිබුණේ ඉතාම සීමිත දැනුමක් වගේම වඩා ප්‍රචලිත ඇඳුම් නිර්මාණ කලාවේ ඉතා කුඩා අංගයක් විදිහට තමයි බතික් එවකට භාවිතා වුණේ. “අපිට බතික් නිර්මාණ ගැන ලොකු දැනුමක් තිබුණේ නෑ. අපි බි්රටනිකා විශ්වකෝෂයෙන් ඒ ගැන විස්තර කියවලා තමයි මුලින්ම බතික් අත්හදා බැලීම කළේ. සම්ප්‍රදායික විදිහට බතික්වලට නියමිත ඒකීය මෝස්තර නිර්මාණය කිරීම වෙනුවට අපි අපිට අවශ්‍ය රූප, චිත්‍ර බතික්වලින් නිර්මාණය කරන්න ගත්ත නිර්මාණශීලී උත්සාහය ඉතාම සාර්ථක වුණා.” ඊනා ඒ ක්‍රියාවලිය විස්තර කළේ ඒ විදිහට. මේ විශිෂ්ට කලා එකතුවත් සමග ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ විවිධ ගොඩනැඟිලි සඳහා ඔවුන්ගේ නිර්මාණ භාවිතා වුණා. [IMG alt="බතික් සවාරියක විසිතුර - ඊනා…"]https://divaina.lk/wp-content/uploads/2022/10/eena-de-silva3.jpg[/IMG] පසුකාලීනව 1980 දී පමණ ඊනා විසින් නැවත තමන්ගේ අක්මුල් විහිදුනු මාතලේ අලුවිහාරේ වෙත ගොස් “අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය” නැත්නම් Aluwihare Heritage Centre ආරම්භ කරනු ලැබුවා. ඉතාම අභියෝගාත්මක තීරණයක් වුණත් ඊනා ද සිල්වා ඒ අභියෝගයට මුහුණ දුන්නේ ඉතාම ධනාත්මක මනසකින් යුතුව. ඇයට අවශ්‍ය වුණේ තමන්ගේ ගමේ ගැමි ජනතා සහයෝගය සමග නව නිර්මාණ සංස්කෘතියක්, වෙළෙඳපොළක් බිහිකරන අතරේම එහි අතුරු ඵලයක් විදිහට ගැමි ජනතාවගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න. “මට අලුවිහාරේ තියෙන්නේ වැඩපළක්. මම හරිම අකමැතියි එකට කර්මාන්තශාලාවක් කියන එක හරිම වානිජමය යෙදුමක්. මේක බහු කලා මධ්‍යස්ථානයක්. අවුරුදු දහ අටේ, දහ නවයේදී විතර මෙතෙන්ට ආපු ගම් වැසියෝ එයාලට වයස හැටක් වෙලත් තාම මෙතන වැඩ කරනවා. මම දන්නා හැම දෙයක්ම මම එයාලට කියල දුන්නා. අපි ඔක්කොම එකට වැඩ කරලා එකට වයසට ගිහින්. පටන් ගත්ත දවසේ ඉඳන් අපි ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. මෙතන වැඩකරන ගැහැණු පිරිමි මගේ දරුවෝ වගේ. විශ්වාසනීය බව වගේම ඔවුන් මටත් එකිනෙකාටත් දක්වන සහයෝගය මිල කරන්න බැහැ. අපි හැමෝම අන්තිමට මිනිස්සු නේද? මම හැමතිස්සෙම කරුණාකරලා සහ ස්තුතියි කියන වචන පාවිච්චි කරනවා. එයාල දන්නවා මම එයාල කරන දේවල් කොච්චර අගයකරනවද කියලා. මේක අපේ ජීවිතය. අපි එක පවුලක් වගේ. කෙනෙක්ට ව්‍යාපාරයක් වහල දාන්න පුළුවන් එත් පවුලක් වහල දාන්න බැහැ. අපේ අතේ ගොඩක් වෙලාවට සල්ලි නැහැ, එත් අපි හරිම සතුටෙන් විනෝදයෙන් ඉන්නේ. මම හැම වෙලේම එයාලව හිනස්සනවා, සමහර වෙලාවට එයාල හිතනවා මට පිස්සු කියලා.” අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය නැත්නම් ඊනා ද සිල්වා ගේ නිවාස පිහිටා තියෙන්නේ සුන්දර අලුවිහාරේ කඳු මිටියාවත යාබදව. ඇගේ මුතුන් මිත්තන් පරම්පරා ගණනක්ම දිවි ගෙවුවේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව. විවිධාකාර කැළෑ මල් වර්ග, රෝස පැහැ බෝගන්විලා මල් පිරුණු වැල්, තැඹිලි පැහැයෙන් දිලෙන ඇන්තූරියම් මල්වලින් පිරුණු කදිම උද්ධ්යානයකින් වටවුණු ඇගේ නිවස සැබවින්ම සිහිනයක් තුළට ඔබ රැගෙන යනවා යැයි සිතෙන තරමේ අලංකාර පරිසරයක්. විවිධ මෝස්තර සහ වර්ණවලින් හැඩ වුණු කුෂන් කවර, කාපට්, බතික් කොඩි, විචිත්‍ර රෙදිපිළිවලින් සැරසුණු පරණ පුටු මේස සහ බිත්ති ඔබව ඉතාම සෞන්දර්යාත්මක සිතුවමක වෙතට ආදරයෙන් පිළිගන්නවා ඇති. 1980 වේදී ආරම්භ වී විවිධාකාර ගොඩනැඟිලි සහ වෙනත් නිර්මාණ සඳහා සැරසිලි නිර්මාණ කරමින් ජාතික සහ අන්තර්ජාතික තලයන්හි පවා ලාංකික මෝස්තර, බතික් සහ රෙදිපිළි නිර්මාණ ලකුණ සනිටුහන් කළ ඊනා ද සිල්වා විසින් ආරම්භ කරන ලද අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය 2015 වේදී ඊනා ගේ නික්මයෑමෙන් පසුව අද දක්වාම සක්‍රීයව ක්‍රියාත්මක වීමේ රහස ඒ පිටුපස සිටින අව්‍යාජ ගැමි කලා තාක්ෂණ ශිල්පි ශිල්පිනියන්. ඔවුන් තමන් නිරත කලා කර්මාන්තයටත් අලුවිහාරේ මධ්‍යස්ථානයටත් ඇත්තේ දැඩි බැඳීමක්. එමෙන්ම ඔවුන්ගේ ජීවිත ඒ මට්ටමට ඔසවා තැබූ ඊනා ද සිල්වා මහත්මියව අදටත් ඔවුන් සිහිකරන්නේ ඉතාම ගෞරවාදරයෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom