ලංකාවේ මුල්ම ශල්‍ය ගෝස් නිෂ්පාදකයා මහ පා
1974 වර්ෂය වනවිට මෙරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ උදාර සංකල්පයව තිබී ඇත්තේ දේශීය දෑ අගයමින් රටට අවශ්‍ය දෑ රට තුළ නිෂ්පාදනය කොට ශක්තිමත් දේශීය ආර්ථිකයක් ඇති කිරීමය. රට තුළ විවිධ කර්මාන්ත ඇති කරමින් ඒ හරහා රැකියා උත්පාදනය කිරීම අරමුණු කොට ක්‍රියාත්මකව ඇති ව්‍යාපෘති රාශියක් එකල නිර්මාණය වී ඇති අතර ඒ සඳහා එවකට ලක් රජයේ කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ ටී. බී. සුභසිංහ මහතා විසින් ඉටු කර ඇත්තේ මහත් මෙහෙවරක්ය.
එහි ප්‍රතිඵලයක් ලෙස එතෙක් කලක් මෙරට රෝහල්වල සිදු කරනු ලැබූ ශල්‍යකර්ම සඳහා භාවිත කල "ශල්‍ය ගෝස්" විදේශීය රටවලින් ආනයනය කරනු වෙනුවට ඒවා මෙරට නිෂ්පාදනය කිරීම අරඹන අතර 1974 වර්ෂයේදී මෙරට ප්‍රථම ශල්‍ය ගෝස් නිෂ්පාදනය ආරම්භ කරන්නේය. අත් යන්ත්‍ර මගින් නිෂ්පාදනය කරනු ලබන ශල්‍ය ගෝස් කර්මාන්තය මගින් එතෙක් කලක් විදේශයන් වෙත ඇදී ගිය අති විශාල මුදලක් රටට ඉතිරි කර දෙන අතර එම ගෞරවය හිමිවන්නේ එකල තරුණ ව්‍යාපාරිකයකු වූ ඩී. කේ. එල්. හීන්දෙනිය වෙතය.
ඔහු විසින් ආරම්භ කළ "ක්‍රිෂානී ඉන්ඩස්ටි්රස් පුද්ගලික ආයතනය" එතැන් සිට මේ දක්වා වසර 40 කට අධික කාලයක් සිය කර්මාන්තය පවත්වාගෙන ගොස් ඇත්තේ රට තුළ තවත් ශල්‍ය ගෝස් නිෂ්පාදකයන් 600ට අධික ප්‍රමාණයක් බිහි කරමින් ය. විවිධ බාධා කිරීම් හමුවේ මේ වනවිට මෙරට ශල්‍ය ගෝස් නිෂ්පාදනයේ නියමුවා වන ඩී. කේ. එල් හීන්දෙනියට සිය කර්මාන්තය ඉදිරියට කරගෙන යැමේ බාධා මතුවී තිබෙන අතර පහත පළවන්නේ ඒ පිළිබඳව ඔහු විසින් හෙළිදරව් කළ තොරතුරුය.
"ලංකාවේ මුල්වරට ශල්‍ය නිෂ්පාදනය ආරම්භ කළේ මමයි. ඒ කටයුත්ත සිද්ධවෙන්නෙ මීට වසර හතළිස් හතරකට එපිට 1974 වර්ෂයේදී. ඒ සඳහා මට විශාල ශක්තියක් දුන්න කීපදෙනා අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, වෛද්‍ය සීවලී රත්වත්තේ මැතිතුමා සහ එවකට කර්මාන්ත ඇමැතිවරයා ලෙස කටයුතු කළ ටී. බී. සුභසිංහ මැතිතුමා මූලික තැනක් ගත්තා. ඊට අමතරව වෛද්‍ය එස්. එච්. පී. නානායක්කාර මහත්තයගේ සහ මහාචාර්ය සේනක බිබිලේ මහත්වරුන්ගේ මගපෙන්වීම මත තමයි අපේ රටට අවශ්‍ය ශල්‍ය ගෝස් නිෂ්පාදනය අපේ රටේම මුල්වරට නිපදවන්න පටන් ගත්තේ. ඒ සිදුවීම මේ රටේ සෞඛ්‍ය සේවාවේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස ඒ කාලේ හිටිය දැන උගත් බොහෝ දෙනකුගේ මතයක් බවට පත්වුණා. අන්න එහෙම ආරම්භ කළ දේශීය ව්‍යාපාරයකට අද අත්වෙලා තිබෙන ඉරණම දැක්කම අපේ දේ හා රට සම්බන්ධව විශාල කලකිරීමක් දැනෙනවා."
හීන්දෙනිය මහතාගේ කටහඬෙහි සියුම් වේදනාවක් ගැබ්ව ඇත. ඔහු තුළ එවැනි සිතුවිල්ලක් පහලවීමට නිමිති වූ සාධාරණ හේතුවක්ද ඇත. එහි මුල මැද අග නිවැරදිව ගලපා ගතයුතු බැවින් මෙතැන් සිට ලියෑවෙන්නේ ඔහු අපත් සමඟ පැවැසූ කථාවේ ආරම්භයේ සිට අවසානය දක්වා වූ තොරතුරුය.
"1974 අවුරුද්ද වනවිට ලංකාවට අවශ්‍ය ශල්‍ය ගෝස් ලංකාවට ගෙනාවේ එංගලන්තයෙන් B.P.S. (British Pharmacuticle Standed) කියන ආයතන. මේ කියන කාලෙ වෙනකොට මගේ දුව ඉපදිලා හිටියෙ. එයාව බලන්න ඥාති හිතවතුන් ගෙනාව තෑගි විකුණල තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්නෙ. මුලින්ම මම පදිංචිවෙලා හිටිය කොහුවල. අපේ ගෙය පිටුපස පුංචි පොල් අතු මඩුවක ආරම්භ කරන ව්‍යාපාරයේ මුල්ම නිෂ්පාදනය වුණේ කුඩා දරුවන්ගේ පාචිච්චියට ගන්න නැපීස්. අත්යන්ත්‍ර හතරක් යොදා ගනිමින් බැන්ඩේජ් සඳහා භාවිතා කරන රෙදි හදලා ඒවයින් තමයි අඟල් 40x40 නැපීස් නිෂ්පාදනය කරන්න ගත්තෙ. ඔය අතරේ තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෛද්‍ය සීවලී රත්වත්තේ මැතිතුමා මැදිහත්වෙලා අපේ රටට අවශ්‍ය ශල්‍ය ගෝස් මෙරට නිෂ්පාදනය කරන්න කියලා ඒ සඳහා මාව යොමු කරන්නෙ.
ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ක්‍රිෂානි ඉන්ඩස්ට්‍රීස් කියන ආයතනය බිහිවෙන්නෙ. හැබැයි ඒ කාලෙත් අපේ රටට අවශ්‍ය ශල්‍ය ගෝස් අපේ රටේම නිපදවන එක සම්බන්ධව ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විරුද්ධ වෙනවා. හැබැයි අවසානයේදී මම ජයගන්නවා. එදා ඉඳන් අද වෙනකම් මේක කර්මාන්තයක් විදිහට අපේ රටේ පවත්වාගෙන යනවා. මේ වනවිට අපේ රටේ ශල්‍ය ගෝස් කර්මාන්තකරුවන් 600 ක් පමණ මේ ආශ්‍රිතව තමන්ගේ ජීවනෝපාය සිද්ධකරගෙන යනවා. නමුත් ඒ හුඟ දෙනෙක් ශල්යගෝස් නිෂ්පාදනය කරනව කියලා බොරුවට ලියාපදිංචි වෙලා ප්‍රමිතියෙන් තොරව පිටරටින් බඩු ගෙනැවිත් තමයි සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙ සැපයුම් අංශයට දෙන්නෙ. එතැන ඉඳලා තමයි අපේ රටේ නිෂ්පාදනයට තැනක් නැතිවෙන්නෙ. මේ කර්මාන්තයේ පුරෝගාමියා බවට පත්වෙච්ච මට අද මගේ ළඟ වැඩකරන සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරිවෙලා තිබෙනවා. මේ දේවල් සෞඛ්‍ය ඇමැතිතුමා දන්නෙ නැතුව ඇති. මට ඕන වෙලා තියෙන්නෙ මේකෙ ඇත්ත තත්ත්වය ඇමැතිතුමාට කියන්න. ඒත් අමාත්‍යාංශයේ ඉන්න ඇතැම් නිලධාරීන් හින්ද ඒ අවස්ථාව මට අහිමිවෙලා තියෙනවා."
දිගු කථාවක් ආරම්භ කරමින් හීන්දෙනිය මහතා විසින් එසේ පවසා සිටියේය. කුඩා පොල් අතු මඩුවකින් ආරම්භ කළ මෙරට ප්‍රථම ශල්‍ය ගෝස් නිෂ්පාදනය පසු කලෙක දැවැන්ත කර්මාන්තයක් බවට පත්ව ඇත්තේ හීන්දෙනිය මහතාගේ අප්‍රතිහත ධෛර්යේ ප්‍රතිඵලයක් ලෙසින්ය. කලක් ගතවීමත් සමඟ මෙරට නිපදවනු ලබන ශල්‍ය ගෝස් මැදපෙරදිග රටවල් සඳහා අපනයනය කොට විශාල විදේශ විනිමයක් මෙරටට ගෙන්වීම ඔහුගේ අරමුණව තිබී ඇතත් එයට විවිධ පිරිස් විසින් බාධා කිරීම හේතුවෙන් එය දිනෙන් දින කල්ගොස් ඇත. තමන් විසින් ආරම්භ කළ කර්මාන්තය කඩා වැටීම ආරම්භ වූ අයුරු පිළිබඳව හීන්දෙනිය තුළ ඇත්තේ මෙවැනි මතයක්ය.
කර්මාන්තය ආරම්භ කරල වසරක් පමණ ගතවෙද්දි මම තීරණය කළා ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගෙ සංගමයක් ආරම්භ කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට 1974 වර්ෂයේදී සංගමයක් පිහිටුවා ගත්ත. ඒ හරහා මේ කර්මාන්තයේ නියෑළෙන්නන් ආරක්ෂා කළා. මම ඒ සංගමයෙ සභාපති වශයෙන් වසර 40 ක් කටයුතු කරලා තියෙනවා. ඒ කාලය ඇතුළත මට පුළුවන් වුණා රෝහල්වලින් හොරකම් කරන ශල්‍ය ගෝස් හොරකම නැති කිරීම පිණිස රතු නූලක් සහිතව ශල්‍ය ගෝස් නිෂ්පාදනය කළ යුතුයි කියන මතය ශල්‍ය ගෝස් නිෂ්පාදකයන් තුළ ඇති කරල ඒ ප්‍රමිතියට නිෂ්පාදන කටයුතු සිද්ධ කරන්න. ඊට අමතරව ඇතැම් නිෂ්පාදකයෝ මීටර සියයකින් යුක්ත වියයුතු ශල්යගෝස් රෝලකට ඇතුළත් කළේ මීටර් අසූවක් වගේ ප්‍රමාණයක්. එතනදී සිද්ධවෙන දූෂණය, වංචාව නැති කරන්න මගේ පුද්ගලික ධනයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දිග මනින යන්ත්‍රයක් පවා අරන් දුන්නා. ඒ හැම දෙයක්ම කළේ රජය විසින්. අපට නීත්‍යානුකූලව මුදල් ගෙවන හින්ද රජයට සහනයක් සලසන්න. ඔහොම වසර 35 ක් විතර ඉතාමත් හොඳට කරගෙන ගිය ව්‍යාපාරය කඩා වැටීම ආරම්භ වෙන්නෙ 2010 වර්ෂයේ ඉඳලා." එතැන් සිට මෙරට ශල්යගෝස් නිෂ්පාදනයේ පුරෝගාමියා වන හීන්දෙනිය හට විඳින්නට සිදුව ඇති දුක් ගැහැට බොහෝය. ඒ වනවිට එක් කාර්තුවක් සඳහා ඔහු විසින් ලබාදී ඇති ශල්යගෝස් ප්‍රමාණය වන මීටර් 323300 වන සලාකය සෞඛ්‍ය සේවා සැපයුම් අංශය විසින් මීටර් 73300 ක් දක්වා පහත හෙලීම තුළ ඔහුගේ කර්මාන්තය කඩා වැටීම ආරම්භවී ඇත. ඒ හේතුවෙන් සිය කාර්ය මණ්ඩලය වෙත පඩිනඩි ගෙවීම අර්ථසාධක අරමුදලට මුදල් බැර කිරීම ආදී ගැටලු රැසක් පැන නගින අතර ශල්‍ය ගෝස් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම පවා අර්බුදයකට ලක්ව ඇත. තමන්ට එරෙහිව අවි එසවීම දරාගත නොහැකි තැන ඔහු විසින් වසර 40 ක් පුරා සභාපති ධුරය දැරූ ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමයේ තනතුරෙන් ඉවත් වන හීන්දෙනිය එතැන් සිට මේ දක්වා දැඩි උත්සාහයක් දරන්නේ තමන් විසින් මුල්වරට ආරම්භ කළ සිය කර්මාන්තය කෙසේ හෝ තවදුරටත් ආරක්ෂා කර ගැනීමටය.
"2010 වර්ෂයේ එක්දරා දවසක උඩුගම්පොල පිහිටි මගේ කර්මාන්තශාලාවෙ නිරීක්ෂණ කටයුතුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ආව. ඒ පිරිස අතර ශල්‍ය ගෝස් නිෂ්පාදනයන් නිරීක්ෂණය කරන කමිටුවේ සභාපතිත්වය දරන වෛද්‍යවරයෙක් හිටිය. එතනදි එම අදාළ නිලධාරීන්ට ඒ කටයුත්ත කරන්න අවසර දුන්නා. අන්න ඒ කණ්ඩායම ඇවිත් ගිහින් මාස තුනකට විතර පස්සෙ තමයි තුන්ලක්ෂ ගානක් වෙච්ච මගේ සලාකය මීටර් හැත්තෑතුන් දහසට අඩු කළේ. පස්සෙ මම මට වෙච්ච අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් කරලා මට සාධාරණයක් ඉටුකරන්න කියලා ඉල්ලීමක් කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මාස ගණනාවකට පස්සෙ මගේ සලාකය මීටර 150000 ක් දක්වා වැඩි කළා. මට වෙච්ච අසාධාරණයට තවමත් සාධාරණය ඉටුවෙලා නැහැ. ඒ ගැන වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමාට කියන්න අවස්ථාවක් උදාකරගන්න කොතෙකුත් උත්සාහ කළා. නමුත් ඒකටවත් මට අවස්ථාව ලබා නොදෙන්න තරම් ඇතැම් නිලධාරීන් අකාරුණික වෙලා තියෙනවා. ඒ හින්ද මම බැගෑපත්ව ඉල්ලා සිටිනව සෞඛ්‍ය ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් මැදිහත්වෙලා මට සාධාරණයක් ඉටුකරන්න කියලා.
වියපත් වුවද හීන්දෙනිය තුළින් පලා නොගිය අභිමානයක් තවමත් ඔහු සතුව ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පූර්ණ මැදිහත්වීම මත මෙරට මුල්වරට ශල්‍ය ගෝස් නිෂ්පාදනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් වන අභිමානය ඔහු තුළ තවමත් පවතින්නේ මෙයින් දශක හතරහමාරකට පෙර එවන් හපන්කමක් කිරීමට ඔහුට හැකිවීම හේතුවෙන් විය යුතුය. ඊට අමතරව ලාභයෙන් කොටසක් සේවකයන් අතර බෙදාදීමේ සංකල්පය මෙරට තුළ ඇති කළ පුරෝගාමීයා බවට පත්ව ඇත්තේත් ක්‍රිෂානි ඉන්ඩස්ට්‍රීස් අධිපති හීන්දෙනිය මහතාය. සමාජයෙන් කොන්කර තබන ලද සිරදඬුවම් විඳින ලද සිරකරුවන් සඳහා රැකියා ලබාදීම ආදී වෙනස් ආකාරයේ සිතුම් පැතුම්වලින් හෙබි හීන්දෙනිය තම වියපත් බවද නොතකමින් මේ වනවිටත් තම ව්‍යාපාරය රැක ගැනීම පිණිස නිරන්තර උත්සාහයක යෙදෙන්නේත් ශල්යගෝස් නිෂ්පාදනය සම්බන්ධව පවතින සමස්ථ අර්බුදය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා මුණගැසී දැනුවත් කිරීමක් සිදුකිරීමට මාන බලමින් සිටින්නේත් දේශීයව ගොඩනගන ලද කර්මාන්තයක් හා ඒ ආශ්‍රීතව ජීවත්වන දහස් ගණනින් යුත් පිරිසකගේත් අභිවෘද්ධිය පිණිසය.
http://www.divaina.com/2017/09/35/feature20.html