Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
36 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ලොකුම දේශපාන පවුල් ගහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ලොකුම දේශපාන පවුල් ගහ

ලංකාවේ ලොකුම දේශපාන පවුල් ගහ

ලංකාවේ ප්‍රභූ පන්තිය හැඳින්වීමට රටුන් යොදන ප්‍රකටම පදය වන්නේ කුරුඳුවත්තේ මිනිස්සු යනුවෙනි. ඊට හේතුවන්නේ කුරුඳුවත්තේ, එසේ නැතිනම් කොළඹ හතේ කලක් ජීවත් වූයේ ප්‍රභූ පැලැන්තිය බැවිණි. යටත් විජිත සමයේ කුරුඳු වගාවෙන් වැසී ගිය නිසා කුරුඳුවත්ත යනුවෙන් හැඳින් වූ මේ බිම කොළඹ හත වූයේ තැපැල් දෙපාර්තමේන්තුව දුන් ලිපිනයන් අනුවය. ඒ කොළඹ නාගරික සීමාව කොළඹ එකේ සිට පහළොව දක්වා බෙදීමේදීය.

එහෙත් කොළඹ හත යනුවෙන් කියනවාට වඩා කුරුඳුවත්ත යනුවෙන් කී විට ඕනෑම අයෙකු ඒ භූමිය ගැන දන්නේය. කුරුඳුවත්තේ ප්‍රභූ පැලැන්තියේ අය පරම්පරාවෙන්ම පොහොසත්තුය. බලවත්තුය. වලව්කාරයෝය. එම වලව්වල දරුවෝ පාසල් ගොස් ඇත්තේ කුරුඳුවත්තේම පිහිටි කොළඹ රාජකීය විදුහලටය. එසේ නැතිනම් ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලටය. ජනපති, අගමැති, මැති ඇමැති ධූරවලට කවුරු පත්වුවද ඔවුන් පිටුපස සිට ලංකාවේ දේශපාලනය හසුරුවන්නේ කුරුඳුවත්තේ ප්‍රභූ පැලැන්තිය බව නොරහසකි.

මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව රාජ්‍ය පාලනයට සම්බන්ධ, අගවිනිසුරු, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු බොහෝ අතිවිශේෂ ප්‍රභූවරුන්ගේ වාස භවනද කුරුඳුවත්තය.

කොළඹ හතේ එසේ නැතිනම් කුරුඳුවත්තේ හුන් කීපදෙනෙක්ම මේ වන විටත් රට පාලනය කර ඇත්තේය. කොළඹ හතේ වෝඩ් පෙදෙසේ හුන් ජේ.ආර්. ජයවර්ධනද, කොළඹ හතේ රොස්මිඩ් පෙදෙසේ හුන් එස්.ඩබ්ලිව්. ආර්.ඩි. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඉන් කීපදෙනෙකි. මහින්ද රාජපක්ෂද අගමැති ධුරයට පත්වන විට ජීවත් වූයේද කොළඹ හතේ ටොරින්ටන් චතුරශ්‍රයේ නිවසේය. දැන් ඔහු පදිංචි වී සිටින්නේද කොළඹ හතේ විජේරාම මාවතේ නිවසකය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකද දැන් ජීවත් වන්නේ කොළඹ හතේ නිදහස් මාවතේය.

කුරුඳුවත්තේ දේශපාලනය ගැන මේ අටුවා ටීකා ලීවේ මෙවර පුංචි ඡන්දයට කොළඹ මහ නගර සභාවට කුරුඳුවත්තෙන් ඉල්ලන ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගේ අපූරු සබඳතාව නිසාය. දෙපැත්තෙන් කුරුඳුවත්ත අල්ලන්න හැදුවත් මේ අපේක්ෂකයන් දෙන්නා ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෝය. එක් අයෙක් ජේ.ආර්. ජයවර්ධනගේ මුනුබුරකු වන ප්‍රදීප් ජයවර්ධනය. අනෙක් අපේක්ෂකයාද ජයවර්ධන පරම්පරාවටද නෑකම් කියන විජයවර්ධන පෙළපතේ දුමින්ද ආටිගලය. වාසගම් දෙකක් තිබුණද ප්‍රදීප් හා දුමින්ද එකම පවුල් ගහේ සාමාජිකයෝය. ඒ පවුල් ගහේ මුල තුඩුගල දොන් පිලිප් විජයවර්ධනය. දහඅට වැනි සියවසේදී කොළඹ නගරය ගොඩ නැගීමට ගඩොල්, වැලි ගල්, ලී සපයා ධනවත් ව්‍යාපාරිකයකු වූ දොන් පිලිප් විජයවර්ධන විවාහ වූයේ දෝන හෙලේනා ඩෙප් වීරසිංහ සමගය. කැලණි රාජ මහා විහාරයේ නූතන දියුණුව වෙනුවෙන් මුදල් වියපැහැදම් කළ මහෝපසිකාව වූයේ ඇයය. ඇයටත් දොන් පිලිප් විජයවර්ධනටත් දරුවෝ නව දෙනෙක් වූහ. ඔවුන් අතරින් වැඩිමල් දුව වූ හෙලන් ඇග්නස් විජයවර්ධන විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊ.ඩබ්ලිව් ජයවර්ධන සමගය. ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන එම යුවළගේ වැඩිමහලු පුතාය. ජේ.ආර්.ට හුන්නේ එක පුතෙකි. ඔහු රවීන්ද්‍ර (රවි) ජයවර්ධනය. ඔහු හා ෂාමෙන් මෙන්ඩිස්ගේ දරුවන් වන්නේ ප්‍රදීප්,

රුක්ෂන් හා අමිරිත්ය. මෙවර පුංචි ඡන්දයේදී කුරුඳුවත්තට තරග කරන ප්‍රදීප් ජයවර්ධන ජේ.ආර්.ගේ එකම පුතු රවිගේ වැඩිමහලු පුතුය.

ජේ.ආර්ගේ මව වූ හෙලන් ඇග්නස්ගේ බාල සොයුරු දොන් වොල්ටර් විජයවර්ධනය. ඔහු සිය මෑණියන් සේම ආගම දහමට බර වූවේය. කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ වූ ඔහු විවාහ වූයේ මාතර කඹුරුපිටියේ අනුලාවති විජේසිංහ සමගය. ඒ විවාහයෙන් දරුවෝ තිදෙනෙක් ලදහ. වැඩිමලා උපාලි විජයවර්ධනය. අකාලයේ නොමැරුණේ නම් ප්‍රේමදාස නොව ඔහු ජේ.ආර්. ගේ අනුප්‍රාප්තිකයා වන බව එකල කියැවිණි. නෑකම අනුව උපාලි, ජේ.ආර්. දෙමස්සිනෝය.උපාලි විවාහ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සොයුරු සීවලි රත්වත්තේගේ දුව ලක්මිණි සමගය. ඒ නෑකම නිසා විජයවර්ධන පවුල් ගහ තවත් ලොකු විය.

උපාලි විජයවර්ධනට සොයුරියෝ දෙදෙනෙක් වූහ. ඒ අනෝජා දේවි හා අනුලා කල්‍යාණිය. අනුලා විවාහ වූයේ පිළියන්දල මඩපාත සුප්‍රකට ආටිගල පරම්පරාවේ ජෙනරාල් සේපාල ආටිගලගේ සොයුරු දොස්තර ගාමිණී ආටිගල සමගය. එම පරම්පරාවේ ආදි කර්තෘවරයා වූ මුදලිඳු දොන් චාල්ස් ආටිගල හැඳින්වූයේ ලංකාවේ මිනිරන් රජ්ජුරුවෝ යන නමිනි. ඔහුගේ දියණියක ජෝන් කොතලාවල (අගමැති ජෝන් කොතලාවලගේ පියා) සමග විවාහ වීමෙන් මේ පවුල් ගහ තවත් පොහොසත් විය.

කෙසේ නමුදු අනුලා කල්‍යාණි හා ගාමිණී ආටිගල විවාහයෙන් ඔවුහු පුතෙකු ලදහ. ඔහු ප්‍රකට ව්‍යාපාරික ධම්මික ආටිගලය. සිය පරම්පරාව ගිය අඩි පාරේ යමින් කැලණි රජමහා විහාරයේ බස්නායක නිලමේ ධුරය දරන ඔහු විවාහ වූයේ විශ්මි කරුණාරත්න සමගය. දුමින්ද ආටිගල එම යුවළගේ බාල පුතාය. වැඩිමලා කේමින්ද ආටිගලය. නෑකම අනුව උපාලි විජයවර්ධන සේම ජේ.ආර්. ජයවර්ධන දුමින්දගේ සීයලාය. එපමණක් නොවේ ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවලත්, රනිල් වික්‍රමසිංහගෙත්, දුමින්දගෙත් ප්‍රදීප්ගේත් පවුල් ගහ පොහොසත් කළ ඥාතීහු වෙති. ජේ.ආර්ගේ මවගේ සොයුරු ඩී.ආර්. විජයවර්ධනගේ වැඩිමහලු දියණි නාලනී විජයවර්ධනගේ එක් පුතෙකු වන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ මාමා එනම් නාලනීගේ සොයුරු රංජිත් විජයවර්ධන (විජය පුවත්පත් සමාගමේ අධිපති) විවාහ වූයේ බෝතලේ වලව්වේ රොබට් සේනානායක (ඩී.ඇස්. සේනානායකගේ පුතා) දියණි රංජනි සේනානායක සමගය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන එම යුවළගේ පුතෙකි. ඔහු පමණක් නොව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායකත් පැවැතෙන්නේ බෝතලේ වලව්වෙනි.

මේ නෑකම් බලන විට ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ අලුතෙන් දළුලන රිකිලි දෙක වන්නේ ප්‍රදීප් ජයවර්ධන හා දුමින්ද ආටිගලය. සිය පරම්පරාවේ ආදි කර්තෘවරුන් සේ ඔවුන් දෙන්නා අකුරු කරන්නට ගියේ කුරුඳුවත්තේ රාජකීය විදුහලටය. ඒ අතරින් මුලින්ම ඉස්කෝලේ ගියේ ප්‍රදීප්ය. ඔහු උපත ලැබුවේ එක්දහස් නවසිය හැටේ අප්‍රේල් හතර වැනිදාය. දැන් ඔහුගේ වයස අවුරුදු පනස් අටකි. ඉකුත් කාලයේ ප්‍රදීප් ජර්මනියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රාජ්‍ය තාන්ත්‍රික රාජකාරියේ යෙදුණේය. ඔහු ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙසද පත්වීම් ලැබිය. පරම්පරාවේ හැටියට නම් ඔහු ඡන්දය ඉල්ලිය යුත්තේ එජාපයෙනි. එය එසේ නොවූයේ ඇයි දැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.

අපේ සීයාගේ දර්ශනය දැන් එජාපයේ නෑ. එවැනි පක්ෂයක් සමග හෘදය සාක්ෂිය අනුව වැඩ කරන්න මට බෑ. ජනාධිපතිතුමා තමයි මට ශ්‍රීලනිපයට එකතු වෙන්න කියලා ආරාධනා කළේ ඔහු කියන්නේය.

ප්‍රදීප් සමග කුරුඳුවත්තට තරග කරන දුමින්ද ආටිගල උපන්නේ එක්දහස් නවසිය අනූ එකේ ජනවාරි දාහත් වැනිදාය. ඔහු විසිහත් හැවිරිදිය. රාජකීය විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයකුද වූ ඔහු දෙදහස් දහයේදී බ්‍රැඩ්බි කුසලානය විදුහලට හිමිකර දීමට නායකත්වය දුන්නේය. වාණිජ හා කළමනාකරණ ශාස්ත්‍රවේදී උපාධිධරයකු වන දුමින්ද රිදී හැන්ද මුවේ තියාගෙන ඉපදුණද එජාපයට එක් වන්නට පරම්පරාවෙන් ඔහුට බුලත් ලැබුණේ නැත. ඔහු එජාපයේ උරුමය සොයා ගන්නේ ඔහුගේම කැමැත්තෙනි. පුංචි කාලේ ඉඳලම මම එජාපයට කැමැතියි ඔහු කියන්නේය. එසේ උරුමය සොයා ගිය පක්ෂයේ නායකයා ඔහුගේ කිට්ටු නෑයෙකි. එම නෑයාට ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි අපි ඔහුගෙන් මුලින්ම විමසුවෙමු.

පක්ෂයේ වැඩවලදී සර් කියලා කතා කරනවා. පවුලේ කටයුතුවලදී නම් අංකල් කියනවා ඔහු කීවේය. පක්ෂ නායකයා සේම ඔහුගේ ප්‍රතිවාදියාත් නෑයෙකි.

ඔහු මට පවුලේ සාදයකදී තෙසතියකටද ඉහතදී මුණගැහුණා. මම ප්රචාරක කටයුතු ආරම්භ කරලා ඉවරයි, ඔයත් ඉක්මනට පටන් ගන්න කියලා මට උපදෙස් දුන්නා. කුරුඳුවත්ත කියන්නේ එජාපයට ලැඳි පිරිසක් ජීවත් වන ප්‍රදේශයක්. මට ඔවුන් ගැන විශ්වාසයි. විජයවර්ධන පෙළපතේ අලුත්ම දේශපාලනඥයා එසේ කියන්නේය.

කෙසේ නමුදු කොළඹ මහනගර සභාව වූ කලි එජාපයට සින්නක්කරයට ලියාපූ දේපළක් සේය. හැරැත් එජාපයෙන් කුරුඳුවත්තට ඉල්ලන්නේද එජාපයේ පවුල් ගහක සාමාජිකයකි. එවැනි පසුබිමක් තිබියදී ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලීම ගැන අපි ප්‍රදීප් ජයවර්ධනගෙන් අහන්නට අමතක නොකළෙමු.

මම දැන් අභියෝගය භාර අරන් ඉවරයි. මම දන්න විදියට අවසන් මොහොත දක්වා දුමින්දවත් දැනගෙන සිටියේ නෑ ඔහු තරග කරන්නේ කුරුඳුවත්තට කියලා. මේක පවුලේ ඡන්ද කඩන්න කරපු වැඩක්. මේ තත්ත්වය ගැන පවුලේ සාමාජිකයන්ගෙන්ද කැමැත්තක් නෑ. අපි බලමු මොකද ඡන්දයේදී වෙන්නෙ කියලා ජේ.ආර්ගේ මුනුබුරා කියන්නේය. ඔහු සේම අපටද කියන්නට ඇත්තේද වෙන දේ පෙබරවාරි දහ වැනිදා බලාගත හැකි බවය.

මිහිරි ෆොන්සේකා

[QUOTE="araki, post: 22770231, member: 360239"] [b]ලංකාවේ ලොකුම දේශපාන පවුල් ගහ[/b] [SIZE=5][B]ලංකාවේ ලොකුම දේශපාන පවුල් ගහ [/B] ලංකාවේ ප්‍රභූ පන්තිය හැඳින්වීමට රටුන් යොදන ප්‍රකටම පදය වන්නේ කුරුඳුවත්තේ මිනිස්සු යනුවෙනි. ඊට හේතුවන්නේ කුරුඳුවත්තේ, එසේ නැතිනම් කොළඹ හතේ කලක් ජීවත් වූයේ ප්‍රභූ පැලැන්තිය බැවිණි. යටත් විජිත සමයේ කුරුඳු වගාවෙන් වැසී ගිය නිසා කුරුඳුවත්ත යනුවෙන් හැඳින් වූ මේ බිම කොළඹ හත වූයේ තැපැල් දෙපාර්තමේන්තුව දුන් ලිපිනයන් අනුවය. ඒ කොළඹ නාගරික සීමාව කොළඹ එකේ සිට පහළොව දක්වා බෙදීමේදීය. එහෙත් කොළඹ හත යනුවෙන් කියනවාට වඩා කුරුඳුවත්ත යනුවෙන් කී විට ඕනෑම අයෙකු ඒ භූමිය ගැන දන්නේය. කුරුඳුවත්තේ ප්‍රභූ පැලැන්තියේ අය පරම්පරාවෙන්ම පොහොසත්තුය. බලවත්තුය. වලව්කාරයෝය. එම වලව්වල දරුවෝ පාසල් ගොස් ඇත්තේ කුරුඳුවත්තේම පිහිටි කොළඹ රාජකීය විදුහලටය. එසේ නැතිනම් ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලටය. ජනපති, අගමැති, මැති ඇමැති ධූරවලට කවුරු පත්වුවද ඔවුන් පිටුපස සිට ලංකාවේ දේශපාලනය හසුරුවන්නේ කුරුඳුවත්තේ ප්‍රභූ පැලැන්තිය බව නොරහසකි. මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව රාජ්‍ය පාලනයට සම්බන්ධ, අගවිනිසුරු, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු බොහෝ අතිවිශේෂ ප්‍රභූවරුන්ගේ වාස භවනද කුරුඳුවත්තය. කොළඹ හතේ එසේ නැතිනම් කුරුඳුවත්තේ හුන් කීපදෙනෙක්ම මේ වන විටත් රට පාලනය කර ඇත්තේය. කොළඹ හතේ වෝඩ් පෙදෙසේ හුන් ජේ.ආර්. ජයවර්ධනද, කොළඹ හතේ රොස්මිඩ් පෙදෙසේ හුන් එස්.ඩබ්ලිව්. ආර්.ඩි. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඉන් කීපදෙනෙකි. මහින්ද රාජපක්ෂද අගමැති ධුරයට පත්වන විට ජීවත් වූයේද කොළඹ හතේ ටොරින්ටන් චතුරශ්‍රයේ නිවසේය. දැන් ඔහු පදිංචි වී සිටින්නේද කොළඹ හතේ විජේරාම මාවතේ නිවසකය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකද දැන් ජීවත් වන්නේ කොළඹ හතේ නිදහස් මාවතේය. කුරුඳුවත්තේ දේශපාලනය ගැන මේ අටුවා ටීකා ලීවේ මෙවර පුංචි ඡන්දයට කොළඹ මහ නගර සභාවට කුරුඳුවත්තෙන් ඉල්ලන ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගේ අපූරු සබඳතාව නිසාය. දෙපැත්තෙන් කුරුඳුවත්ත අල්ලන්න හැදුවත් මේ අපේක්ෂකයන් දෙන්නා ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෝය. එක් අයෙක් ජේ.ආර්. ජයවර්ධනගේ මුනුබුරකු වන ප්‍රදීප් ජයවර්ධනය. අනෙක් අපේක්ෂකයාද ජයවර්ධන පරම්පරාවටද නෑකම් කියන විජයවර්ධන පෙළපතේ දුමින්ද ආටිගලය. වාසගම් දෙකක් තිබුණද ප්‍රදීප් හා දුමින්ද එකම පවුල් ගහේ සාමාජිකයෝය. ඒ පවුල් ගහේ මුල තුඩුගල දොන් පිලිප් විජයවර්ධනය. දහඅට වැනි සියවසේදී කොළඹ නගරය ගොඩ නැගීමට ගඩොල්, වැලි ගල්, ලී සපයා ධනවත් ව්‍යාපාරිකයකු වූ දොන් පිලිප් විජයවර්ධන විවාහ වූයේ දෝන හෙලේනා ඩෙප් වීරසිංහ සමගය. කැලණි රාජ මහා විහාරයේ නූතන දියුණුව වෙනුවෙන් මුදල් වියපැහැදම් කළ මහෝපසිකාව වූයේ ඇයය. ඇයටත් දොන් පිලිප් විජයවර්ධනටත් දරුවෝ නව දෙනෙක් වූහ. ඔවුන් අතරින් වැඩිමල් දුව වූ හෙලන් ඇග්නස් විජයවර්ධන විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊ.ඩබ්ලිව් ජයවර්ධන සමගය. ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන එම යුවළගේ වැඩිමහලු පුතාය. ජේ.ආර්.ට හුන්නේ එක පුතෙකි. ඔහු රවීන්ද්‍ර (රවි) ජයවර්ධනය. ඔහු හා ෂාමෙන් මෙන්ඩිස්ගේ දරුවන් වන්නේ ප්‍රදීප්, රුක්ෂන් හා අමිරිත්ය. මෙවර පුංචි ඡන්දයේදී කුරුඳුවත්තට තරග කරන ප්‍රදීප් ජයවර්ධන ජේ.ආර්.ගේ එකම පුතු රවිගේ වැඩිමහලු පුතුය. ජේ.ආර්ගේ මව වූ හෙලන් ඇග්නස්ගේ බාල සොයුරු දොන් වොල්ටර් විජයවර්ධනය. ඔහු සිය මෑණියන් සේම ආගම දහමට බර වූවේය. කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ වූ ඔහු විවාහ වූයේ මාතර කඹුරුපිටියේ අනුලාවති විජේසිංහ සමගය. ඒ විවාහයෙන් දරුවෝ තිදෙනෙක් ලදහ. වැඩිමලා උපාලි විජයවර්ධනය. අකාලයේ නොමැරුණේ නම් ප්‍රේමදාස නොව ඔහු ජේ.ආර්. ගේ අනුප්‍රාප්තිකයා වන බව එකල කියැවිණි. නෑකම අනුව උපාලි, ජේ.ආර්. දෙමස්සිනෝය.උපාලි විවාහ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සොයුරු සීවලි රත්වත්තේගේ දුව ලක්මිණි සමගය. ඒ නෑකම නිසා විජයවර්ධන පවුල් ගහ තවත් ලොකු විය. උපාලි විජයවර්ධනට සොයුරියෝ දෙදෙනෙක් වූහ. ඒ අනෝජා දේවි හා අනුලා කල්‍යාණිය. අනුලා විවාහ වූයේ පිළියන්දල මඩපාත සුප්‍රකට ආටිගල පරම්පරාවේ ජෙනරාල් සේපාල ආටිගලගේ සොයුරු දොස්තර ගාමිණී ආටිගල සමගය. එම පරම්පරාවේ ආදි කර්තෘවරයා වූ මුදලිඳු දොන් චාල්ස් ආටිගල හැඳින්වූයේ ලංකාවේ මිනිරන් රජ්ජුරුවෝ යන නමිනි. ඔහුගේ දියණියක ජෝන් කොතලාවල (අගමැති ජෝන් කොතලාවලගේ පියා) සමග විවාහ වීමෙන් මේ පවුල් ගහ තවත් පොහොසත් විය. කෙසේ නමුදු අනුලා කල්‍යාණි හා ගාමිණී ආටිගල විවාහයෙන් ඔවුහු පුතෙකු ලදහ. ඔහු ප්‍රකට ව්‍යාපාරික ධම්මික ආටිගලය. සිය පරම්පරාව ගිය අඩි පාරේ යමින් කැලණි රජමහා විහාරයේ බස්නායක නිලමේ ධුරය දරන ඔහු විවාහ වූයේ විශ්මි කරුණාරත්න සමගය. දුමින්ද ආටිගල එම යුවළගේ බාල පුතාය. වැඩිමලා කේමින්ද ආටිගලය. නෑකම අනුව උපාලි විජයවර්ධන සේම ජේ.ආර්. ජයවර්ධන දුමින්දගේ සීයලාය. එපමණක් නොවේ ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවලත්, රනිල් වික්‍රමසිංහගෙත්, දුමින්දගෙත් ප්‍රදීප්ගේත් පවුල් ගහ පොහොසත් කළ ඥාතීහු වෙති. ජේ.ආර්ගේ මවගේ සොයුරු ඩී.ආර්. විජයවර්ධනගේ වැඩිමහලු දියණි නාලනී විජයවර්ධනගේ එක් පුතෙකු වන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ මාමා එනම් නාලනීගේ සොයුරු රංජිත් විජයවර්ධන (විජය පුවත්පත් සමාගමේ අධිපති) විවාහ වූයේ බෝතලේ වලව්වේ රොබට් සේනානායක (ඩී.ඇස්. සේනානායකගේ පුතා) දියණි රංජනි සේනානායක සමගය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන එම යුවළගේ පුතෙකි. ඔහු පමණක් නොව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායකත් පැවැතෙන්නේ බෝතලේ වලව්වෙනි. මේ නෑකම් බලන විට ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ අලුතෙන් දළුලන රිකිලි දෙක වන්නේ ප්‍රදීප් ජයවර්ධන හා දුමින්ද ආටිගලය. සිය පරම්පරාවේ ආදි කර්තෘවරුන් සේ ඔවුන් දෙන්නා අකුරු කරන්නට ගියේ කුරුඳුවත්තේ රාජකීය විදුහලටය. ඒ අතරින් මුලින්ම ඉස්කෝලේ ගියේ ප්‍රදීප්ය. ඔහු උපත ලැබුවේ එක්දහස් නවසිය හැටේ අප්‍රේල් හතර වැනිදාය. දැන් ඔහුගේ වයස අවුරුදු පනස් අටකි. ඉකුත් කාලයේ ප්‍රදීප් ජර්මනියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රාජ්‍ය තාන්ත්‍රික රාජකාරියේ යෙදුණේය. ඔහු ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙසද පත්වීම් ලැබිය. පරම්පරාවේ හැටියට නම් ඔහු ඡන්දය ඉල්ලිය යුත්තේ එජාපයෙනි. එය එසේ නොවූයේ ඇයි දැයි අපි ඔහුගෙන් ඇසුවෙමු. අපේ සීයාගේ දර්ශනය දැන් එජාපයේ නෑ. එවැනි පක්ෂයක් සමග හෘදය සාක්ෂිය අනුව වැඩ කරන්න මට බෑ. ජනාධිපතිතුමා තමයි මට ශ්‍රීලනිපයට එකතු වෙන්න කියලා ආරාධනා කළේ ඔහු කියන්නේය. ප්‍රදීප් සමග කුරුඳුවත්තට තරග කරන දුමින්ද ආටිගල උපන්නේ එක්දහස් නවසිය අනූ එකේ ජනවාරි දාහත් වැනිදාය. ඔහු විසිහත් හැවිරිදිය. රාජකීය විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයකුද වූ ඔහු දෙදහස් දහයේදී බ්‍රැඩ්බි කුසලානය විදුහලට හිමිකර දීමට නායකත්වය දුන්නේය. වාණිජ හා කළමනාකරණ ශාස්ත්‍රවේදී උපාධිධරයකු වන දුමින්ද රිදී හැන්ද මුවේ තියාගෙන ඉපදුණද එජාපයට එක් වන්නට පරම්පරාවෙන් ඔහුට බුලත් ලැබුණේ නැත. ඔහු එජාපයේ උරුමය සොයා ගන්නේ ඔහුගේම කැමැත්තෙනි. පුංචි කාලේ ඉඳලම මම එජාපයට කැමැතියි ඔහු කියන්නේය. එසේ උරුමය සොයා ගිය පක්ෂයේ නායකයා ඔහුගේ කිට්ටු නෑයෙකි. එම නෑයාට ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි අපි ඔහුගෙන් මුලින්ම විමසුවෙමු. පක්ෂයේ වැඩවලදී සර් කියලා කතා කරනවා. පවුලේ කටයුතුවලදී නම් අංකල් කියනවා ඔහු කීවේය. පක්ෂ නායකයා සේම ඔහුගේ ප්‍රතිවාදියාත් නෑයෙකි. ඔහු මට පවුලේ සාදයකදී තෙසතියකටද ඉහතදී මුණගැහුණා. මම ප්රචාරක කටයුතු ආරම්භ කරලා ඉවරයි, ඔයත් ඉක්මනට පටන් ගන්න කියලා මට උපදෙස් දුන්නා. කුරුඳුවත්ත කියන්නේ එජාපයට ලැඳි පිරිසක් ජීවත් වන ප්‍රදේශයක්. මට ඔවුන් ගැන විශ්වාසයි. විජයවර්ධන පෙළපතේ අලුත්ම දේශපාලනඥයා එසේ කියන්නේය. කෙසේ නමුදු කොළඹ මහනගර සභාව වූ කලි එජාපයට සින්නක්කරයට ලියාපූ දේපළක් සේය. හැරැත් එජාපයෙන් කුරුඳුවත්තට ඉල්ලන්නේද එජාපයේ පවුල් ගහක සාමාජිකයකි. එවැනි පසුබිමක් තිබියදී ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලීම ගැන අපි ප්‍රදීප් ජයවර්ධනගෙන් අහන්නට අමතක නොකළෙමු. මම දැන් අභියෝගය භාර අරන් ඉවරයි. මම දන්න විදියට අවසන් මොහොත දක්වා දුමින්දවත් දැනගෙන සිටියේ නෑ ඔහු තරග කරන්නේ කුරුඳුවත්තට කියලා. මේක පවුලේ ඡන්ද කඩන්න කරපු වැඩක්. මේ තත්ත්වය ගැන පවුලේ සාමාජිකයන්ගෙන්ද කැමැත්තක් නෑ. අපි බලමු මොකද ඡන්දයේදී වෙන්නෙ කියලා ජේ.ආර්ගේ මුනුබුරා කියන්නේය. ඔහු සේම අපටද කියන්නට ඇත්තේද වෙන දේ පෙබරවාරි දහ වැනිදා බලාගත හැකි බවය. මිහිරි ෆොන්සේකා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom