Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලංකාවේ සුද්දෝ හෙවත් ලංසි ජාතියේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයන්

කාල් මුලර් ......

ප්‍රසිද්ධ බර්ගර් ජාතිකයන් ගැන කතා කරනකොට කාල් මුලර් මහතා ගැන කතා නොකරම බැහැ. සුප්‍රසිද්ධ රචකයෙක් වන ඔහු ලංකාවේ 1930 ගණන් වල වාසය කළ බර්ගර් පවුලක් ගැන ලියපු ප්‍රබන්ධ කතා ත්‍රිත්වය නිසා ලෝකය පුරා අවධානයට ලක් වුණා. ඔහු ලේඛකයෙකු විදිහට වගේම කවියෙකු සහ ජනමාධ්‍යවේදියෙක් විදිහටත් ප්‍රසිද්ධයි. 1993 අවුරුද්දේ ඔහුගේ The Jam Fruit Tree (ජෑම් පලතුරු ගස) නව කතාව වෙනුවෙන් ග්රෙජියන් සම්මානය (Gratiaen Award) පවා පිරිනැමුණා. ඔහුගේ Children of the Lion (සිංහයාගේ දරුවෝ) ඉතිහාස කතාව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි වුණා.

ඩන්කන් වයිට් ......

බ්‍රිතාන්‍ය පරම්පරාවකට අයත් ශ්‍රී ලාංකිකයෙක් වන මේජර් දේශමාන්‍ය ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට සමත් වුණු මුල්ම ලාංකිකයා විදිහට ඉතිහාස ගත වෙනවා. ඔහු 1948 දී ලන්ඩන් නුවර පැවැත්වුණු වසන්ත ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා. ඔහු අවුරුදු 50කටත් වැඩි කාලයකින් පිටිය ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනා ගත් මුල්ම දකුණු ආසියානු ක්‍රීඩකයා විදිහටත් ප්‍රසිද්ධියට පත් වුණා.

ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි සහ මයිකල් ඔන්ඩච්චි

ලේඛක සහ සම්මානලාභී නවකතාකරු මයිකල් ඔන්ඩච්චි මහතා බර්ගර් පරම්පරාවක කෙනෙක්. ...

ලන්දේසි සහ ඉන්දියානු සම්භවයක් ඇති බර්ගර් පවුලක උපත ලබපු ඔන්ඩච්චි සොහොයුරන් සාහිත්‍ය අංශයේ දියුණුවට ඉමහත් දායකත්වයක් දක්වලා තියෙනවා. ඔවුන්ගේ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් පිරිනැමුණු සම්මාන බොහොමයි. මයිකල් ඔන්ඩච්චි මහතා වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔහුගේ සම්මාන ගණනාවකට පාත්‍ර වුණු The English Patient (ඉංග්‍රීසි රෝගියා) නව කතාව වෙනුවෙන්. මේ නවකතාව ආශ්රයෙන් බිහි වුණු චිත්‍රපටය පවා සම්මාන විශාල ගණනක් දිනා ගන්න සමත් වුණා. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි මහතා කැනේඩියානු පුරවැසිභාවය ලබාගෙන බොබ් ස්ලෙඩ් (bob sled) තරඟ අංශයෙන් ඔලිම්පික් පදක්කමක් පවා දිනා ගෙන තියෙනවා. ඉන්දියාවේ සහ අප්‍රිකාවේ සංචාරය කරමින් වටිනා පොත් බොහොමයක් ලියා පළ කරපු ක්‍රිස්ටෝපර් මහතා නයිට් නාමයකිනුත් පිදුම් ලැබුවා.

ඇන්ජලෝ මැතිව්ස් ......

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් බර්ගර් සම්භවයක් ඇති කෙනෙක්.

ඇන්ජලෝ මැතිව්ස් ගැන නම් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. වර්තමාන ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකයා වන ඔහු ලංකාවෙන් බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. 2014 අවුරුද්දේ ලෝක T20 කුසලානය දිනා ගැනීම සඳහාත් ඔහු විශාල දායකත්වයක් දැක්වුවා.

ජීන් අරසනායගම් ......

මහනුවර උපත ලබපු ජීන් අරසනායගම් (විවාහයට පෙර ජීන් සොලමන්ස්) මහත්මිය ලන්දේසි බර්ගර් පරම්පරාවට අයත් ඉංග්‍රීසි ලේඛිකාවක් සහ කිවිඳියක් විදිහට ප්‍රසිද්ධියක් දරනවා. Kindura (කිඳුරා), The Cry of the Kite (සරුංගලේ වැළපුම) සහ Trial by Terror (භීෂණයෙන් අත්හදාබැලීම/නඩු ඇසීම) වගේ නිර්මාණ ඇයගේ හැකියාව විදහා පාන හොඳම උදාහරණ විදිහට සලකන්න පුළුවන්.

වෙන්ඩි වට්මෝ .......

ප්‍රසිද්ධ කිවිඳියක් වන වෙන්ඩි වට්මෝ මහත්මියට අවුරුදු නවයක වයසේ සිටම කවි ලියන්න සහජ දක්ෂතාවක් තිබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු ඇය වැඩි කාලයක් වෙන් කළේ කතා පැවැත්වීමට සහ නාට්‍ය ඉදිරිපත් කිරීම්වලට. 1940 දී ඇය ආරම්භ කළ වෙන්ඩි වට්මෝ කථන හා නාට්‍ය ඇකඩමිය (Wendy Whatmore Academy of Speech and Drama) අදටත් ලංකාවේ ඉහළම ප්‍රමිතියක් සහිත කථන පුහුණු ආයතනයක් විදිහට ගෞරවයට පාත්‍ර වෙනවා.

ලයනල් වැන්ඩට්... ( Lionel Vandort)

බොහෝ දේට දක්ෂ ලයනල් වෙන්ඩ්ට් මහතා පියානෝ වාදකයෙක් සහ සිනමාකරුවෙක් විදිහට තමයි වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ.

ලයනල් වෙන්ඩ්ට් රඟහල කොළඹ ප්‍රදේශයේ කලාවට සම්බන්ධ ප්‍රසිද්ධම ස්ථානයක්. ඉතින් මෙය අපේ රටේ හිටපු දක්ෂතම කලාකරුවෙක් වන ලයනල් වෙන්ඩ්ට් මහතා වෙනුවෙන් නම් කරලා තිබීම පුදුමයක් නෙවෙයි. සම්මානලාභී පියානෝ වාදකයෙක්, ඡායාරූප ශිල්පියෙක්, සාහිත්‍ය නිර්මාණ රැස් කරන්නෙක්, විචාරකයෙක් වගේම සිනමාකරුවෙක්ද වන එතුමා ’43 කොළඹ හවුලේ ආරම්භක සාමාජිකයෙක්. (’43 කොළඹ හවුල කියන්නේ ලංකාවේ දක්ෂතම කලාකරුවන්ගේ එකමුතුවක්) බර්ගර් සම්භවයක් ඇති ලයනල් මහතා ජෝර්ජ් කීට් සහ හැරෝල්ඩ් පීරිස් ඇතුළු සමකාලීන කලාකරුවන්ගේද දායකත්වය ඇතිව උඩරට නර්තනය සහ වෙනත් දේශීය නර්තන ක්‍රම රැක බලා ගැනීම වෙනුවෙන් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කළා.

ෆ්රෙඩ්රිකා ජෑන්ස් ....

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා හඳුනන ඉංග්‍රීසි ජනමාධ්‍යවේදිනියක් වන ජෑන්ස් මහත්මිය ලන්දේසි බර්ගර් පරම්පරාවක කාන්තාවක්. ඇය කාලයක් සන්ඩේ ලීඩර් ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන කතුවරිය විදිහටත් කටයුතු කළා. ජෑන්ස් මහත්මිය තමන්ගේ මාධ්‍යවේදී වෘත්තීය පටන් ගත්තේ යුද්ධ සමයේ පුවත් වාර්තා කරපු Visnews ආයතනය හරහායි. නිර්භීත මාධ්‍යවේදිනියක් විදිහට ප්‍රසිද්ධියක් උසුලන ඇය 2004 අවුරුද්දේ ශ්‍රී ලාංකීය කතුවරුන්ගේ සංගමයෙන් ප්රදානය කෙරුණු වසරේ හොඳම ජනමාධ්‍යවේදී සම්මානය දිනාගන්නත් සමත් වුණා.

ජැකලීන් ෆර්නැන්ඩස් ....

බහරේන්හිදී මිශ්‍ර දෙමව්පියන්ට දාව උපත ලබපු ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය මුලින්ම ප්‍රසිද්ධියට පත් වුණේ 2006 වසරේ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගැනීමත් එක්කයි. පසුව බොලිවුඩ් සිනමාවට පිවිසුණු ඇය මේ වන විට මහා පරිමාණයේ සිනමා පට ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇතැම් චිත්‍රපට වෙනුවෙන් ඇයට සම්මාන පවා හිමි වුණා. 2014 අවුරුද්දේ IIFA සම්මාන උළෙලේ House Full – 2 හි රංගනය වෙනුවෙන් හොඳම සහායක රංගන ශිල්පිනිය විදිහටත් නම යෝජනා වුණේත් ඇයවයි. ජැකලීන් 2014 දී ප්‍රධාන චරිතය නිරූපණය කළ Kick චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 350කට අධික ආදායමක් ලබා ගනිමින් බොලිවුඩ් ඉතිහාසයේ 12 වැනියට ඉහළම ආදායම ලැබූ චිත්‍රපටය බවට පත් වී තිබෙනවා.

පසුගිය ශත වර්ෂ ගණනාවක් තිස්සේ අපේ රටේ බහු ආගමික, බහු වාර්ගික ජන සමාජයේ වැදගත් තැනක් අත්පත් කරගන්නට බර්ගර්වරුන් සමත් වෙලා තියෙනවා. ලන්දේසි බර්ගර්වරුන් අපේ රට අධිරාජ්‍ය පාලනයන්ට නතු වෙලා තිබුණු කාලවල සංවර්ධනය වෙනුවෙන් අති විශාල දායකත්වයක් දැක්වූවා. පෘතුගීසි බර්ගර්වරුන් අදටත් ඔවුන්ගේ මුතුන්මිත්තන් ඉතිරි කර ගිය අනන්‍යතාව රැකගෙන ජීවත් වෙනවා. ප්‍රමාණයෙන් බොහොම කුඩා ප්‍රතිශතයක් වුණත් ශ්‍රී ලංකා සමාජයට ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. ඔවුන් අනාගතයේදීත් අපේ රටට බොහෝ දේ දිනා දෙන්නට තමන්ගේ දායකත්වය ලබා දේවි.

[MEDIA=youtube]KDWdRtrwrA4[/MEDIA]

උපුටා ගැනීම ෆේස්බුක්.

[QUOTE="Dead Cupid, post: 29323264, member: 118969"] [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/395306645_843772433886306_774951770527950781_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=f0a3SwSk9wwAX8STv8A&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfD5iQoJiPvADNOIC-LKc4YIKItUFF8xDqM-UBnr2v4Bcg&oe=6542C0FD[/IMG] [B]ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයන් [IMG alt="🇱🇰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f1f1_1f1f0.png[/IMG][/B] කාල් මුලර් ...... ප්‍රසිද්ධ බර්ගර් ජාතිකයන් ගැන කතා කරනකොට කාල් මුලර් මහතා ගැන කතා නොකරම බැහැ. සුප්‍රසිද්ධ රචකයෙක් වන ඔහු ලංකාවේ 1930 ගණන් වල වාසය කළ බර්ගර් පවුලක් ගැන ලියපු ප්‍රබන්ධ කතා ත්‍රිත්වය නිසා ලෝකය පුරා අවධානයට ලක් වුණා. ඔහු ලේඛකයෙකු විදිහට වගේම කවියෙකු සහ ජනමාධ්‍යවේදියෙක් විදිහටත් ප්‍රසිද්ධයි. 1993 අවුරුද්දේ ඔහුගේ The Jam Fruit Tree (ජෑම් පලතුරු ගස) නව කතාව වෙනුවෙන් ග්රෙජියන් සම්මානය (Gratiaen Award) පවා පිරිනැමුණා. ඔහුගේ Children of the Lion (සිංහයාගේ දරුවෝ) ඉතිහාස කතාව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි වුණා. ඩන්කන් වයිට් ...... බ්‍රිතාන්‍ය පරම්පරාවකට අයත් ශ්‍රී ලාංකිකයෙක් වන මේජර් දේශමාන්‍ය ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට සමත් වුණු මුල්ම ලාංකිකයා විදිහට ඉතිහාස ගත වෙනවා. ඔහු 1948 දී ලන්ඩන් නුවර පැවැත්වුණු වසන්ත ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා. ඔහු අවුරුදු 50කටත් වැඩි කාලයකින් පිටිය ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනා ගත් මුල්ම දකුණු ආසියානු ක්‍රීඩකයා විදිහටත් ප්‍රසිද්ධියට පත් වුණා. ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි සහ මයිකල් ඔන්ඩච්චි ලේඛක සහ සම්මානලාභී නවකතාකරු මයිකල් ඔන්ඩච්චි මහතා බර්ගර් පරම්පරාවක කෙනෙක්. ... ලන්දේසි සහ ඉන්දියානු සම්භවයක් ඇති බර්ගර් පවුලක උපත ලබපු ඔන්ඩච්චි සොහොයුරන් සාහිත්‍ය අංශයේ දියුණුවට ඉමහත් දායකත්වයක් දක්වලා තියෙනවා. ඔවුන්ගේ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් පිරිනැමුණු සම්මාන බොහොමයි. මයිකල් ඔන්ඩච්චි මහතා වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔහුගේ සම්මාන ගණනාවකට පාත්‍ර වුණු The English Patient (ඉංග්‍රීසි රෝගියා) නව කතාව වෙනුවෙන්. මේ නවකතාව ආශ්රයෙන් බිහි වුණු චිත්‍රපටය පවා සම්මාන විශාල ගණනක් දිනා ගන්න සමත් වුණා. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි මහතා කැනේඩියානු පුරවැසිභාවය ලබාගෙන බොබ් ස්ලෙඩ් (bob sled) තරඟ අංශයෙන් ඔලිම්පික් පදක්කමක් පවා දිනා ගෙන තියෙනවා. ඉන්දියාවේ සහ අප්‍රිකාවේ සංචාරය කරමින් වටිනා පොත් බොහොමයක් ලියා පළ කරපු ක්‍රිස්ටෝපර් මහතා නයිට් නාමයකිනුත් පිදුම් ලැබුවා. ඇන්ජලෝ මැතිව්ස් ...... ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් බර්ගර් සම්භවයක් ඇති කෙනෙක්. ඇන්ජලෝ මැතිව්ස් ගැන නම් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. වර්තමාන ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකයා වන ඔහු ලංකාවෙන් බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. 2014 අවුරුද්දේ ලෝක T20 කුසලානය දිනා ගැනීම සඳහාත් ඔහු විශාල දායකත්වයක් දැක්වුවා. ජීන් අරසනායගම් ...... මහනුවර උපත ලබපු ජීන් අරසනායගම් (විවාහයට පෙර ජීන් සොලමන්ස්) මහත්මිය ලන්දේසි බර්ගර් පරම්පරාවට අයත් ඉංග්‍රීසි ලේඛිකාවක් සහ කිවිඳියක් විදිහට ප්‍රසිද්ධියක් දරනවා. Kindura (කිඳුරා), The Cry of the Kite (සරුංගලේ වැළපුම) සහ Trial by Terror (භීෂණයෙන් අත්හදාබැලීම/නඩු ඇසීම) වගේ නිර්මාණ ඇයගේ හැකියාව විදහා පාන හොඳම උදාහරණ විදිහට සලකන්න පුළුවන්. වෙන්ඩි වට්මෝ ....... ප්‍රසිද්ධ කිවිඳියක් වන වෙන්ඩි වට්මෝ මහත්මියට අවුරුදු නවයක වයසේ සිටම කවි ලියන්න සහජ දක්ෂතාවක් තිබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු ඇය වැඩි කාලයක් වෙන් කළේ කතා පැවැත්වීමට සහ නාට්‍ය ඉදිරිපත් කිරීම්වලට. 1940 දී ඇය ආරම්භ කළ වෙන්ඩි වට්මෝ කථන හා නාට්‍ය ඇකඩමිය (Wendy Whatmore Academy of Speech and Drama) අදටත් ලංකාවේ ඉහළම ප්‍රමිතියක් සහිත කථන පුහුණු ආයතනයක් විදිහට ගෞරවයට පාත්‍ර වෙනවා. ලයනල් වැන්ඩට්... ( Lionel Vandort) බොහෝ දේට දක්ෂ ලයනල් වෙන්ඩ්ට් මහතා පියානෝ වාදකයෙක් සහ සිනමාකරුවෙක් විදිහට තමයි වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ. ලයනල් වෙන්ඩ්ට් රඟහල කොළඹ ප්‍රදේශයේ කලාවට සම්බන්ධ ප්‍රසිද්ධම ස්ථානයක්. ඉතින් මෙය අපේ රටේ හිටපු දක්ෂතම කලාකරුවෙක් වන ලයනල් වෙන්ඩ්ට් මහතා වෙනුවෙන් නම් කරලා තිබීම පුදුමයක් නෙවෙයි. සම්මානලාභී පියානෝ වාදකයෙක්, ඡායාරූප ශිල්පියෙක්, සාහිත්‍ය නිර්මාණ රැස් කරන්නෙක්, විචාරකයෙක් වගේම සිනමාකරුවෙක්ද වන එතුමා ’43 කොළඹ හවුලේ ආරම්භක සාමාජිකයෙක්. (’43 කොළඹ හවුල කියන්නේ ලංකාවේ දක්ෂතම කලාකරුවන්ගේ එකමුතුවක්) බර්ගර් සම්භවයක් ඇති ලයනල් මහතා ජෝර්ජ් කීට් සහ හැරෝල්ඩ් පීරිස් ඇතුළු සමකාලීන කලාකරුවන්ගේද දායකත්වය ඇතිව උඩරට නර්තනය සහ වෙනත් දේශීය නර්තන ක්‍රම රැක බලා ගැනීම වෙනුවෙන් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කළා. ෆ්රෙඩ්රිකා ජෑන්ස් .... ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා හඳුනන ඉංග්‍රීසි ජනමාධ්‍යවේදිනියක් වන ජෑන්ස් මහත්මිය ලන්දේසි බර්ගර් පරම්පරාවක කාන්තාවක්. ඇය කාලයක් සන්ඩේ ලීඩර් ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන කතුවරිය විදිහටත් කටයුතු කළා. ජෑන්ස් මහත්මිය තමන්ගේ මාධ්‍යවේදී වෘත්තීය පටන් ගත්තේ යුද්ධ සමයේ පුවත් වාර්තා කරපු Visnews ආයතනය හරහායි. නිර්භීත මාධ්‍යවේදිනියක් විදිහට ප්‍රසිද්ධියක් උසුලන ඇය 2004 අවුරුද්දේ ශ්‍රී ලාංකීය කතුවරුන්ගේ සංගමයෙන් ප්රදානය කෙරුණු වසරේ හොඳම ජනමාධ්‍යවේදී සම්මානය දිනාගන්නත් සමත් වුණා. ජැකලීන් ෆර්නැන්ඩස් .... බහරේන්හිදී මිශ්‍ර දෙමව්පියන්ට දාව උපත ලබපු ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය මුලින්ම ප්‍රසිද්ධියට පත් වුණේ 2006 වසරේ මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගැනීමත් එක්කයි. පසුව බොලිවුඩ් සිනමාවට පිවිසුණු ඇය මේ වන විට මහා පරිමාණයේ සිනමා පට ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇතැම් චිත්‍රපට වෙනුවෙන් ඇයට සම්මාන පවා හිමි වුණා. 2014 අවුරුද්දේ IIFA සම්මාන උළෙලේ House Full – 2 හි රංගනය වෙනුවෙන් හොඳම සහායක රංගන ශිල්පිනිය විදිහටත් නම යෝජනා වුණේත් ඇයවයි. ජැකලීන් 2014 දී ප්‍රධාන චරිතය නිරූපණය කළ Kick චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 350කට අධික ආදායමක් ලබා ගනිමින් බොලිවුඩ් ඉතිහාසයේ 12 වැනියට ඉහළම ආදායම ලැබූ චිත්‍රපටය බවට පත් වී තිබෙනවා. පසුගිය ශත වර්ෂ ගණනාවක් තිස්සේ අපේ රටේ බහු ආගමික, බහු වාර්ගික ජන සමාජයේ වැදගත් තැනක් අත්පත් කරගන්නට බර්ගර්වරුන් සමත් වෙලා තියෙනවා. ලන්දේසි බර්ගර්වරුන් අපේ රට අධිරාජ්‍ය පාලනයන්ට නතු වෙලා තිබුණු කාලවල සංවර්ධනය වෙනුවෙන් අති විශාල දායකත්වයක් දැක්වූවා. පෘතුගීසි බර්ගර්වරුන් අදටත් ඔවුන්ගේ මුතුන්මිත්තන් ඉතිරි කර ගිය අනන්‍යතාව රැකගෙන ජීවත් වෙනවා. ප්‍රමාණයෙන් බොහොම කුඩා ප්‍රතිශතයක් වුණත් ශ්‍රී ලංකා සමාජයට ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. ඔවුන් අනාගතයේදීත් අපේ රටට බොහෝ දේ දිනා දෙන්නට තමන්ගේ දායකත්වය ලබා දේවි. [MEDIA=youtube]KDWdRtrwrA4[/MEDIA] [CENTER][SIZE=7][B]උපුටා ගැනීම ෆේස්බුක්.[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom