Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ_සමලිංගික_චිත්‍රපටය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ_සමලිංගික_චිත්‍රපටය

ශ්‍රී ලංකාවේ 'පළමු සමලිංගික චිත්‍රපටය ෆ්‍රැන්ජිපැනි'

‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.

චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේ.

'සමකාමී චරිතයක් හෙළා දකින කෘතියක් සමකාමී සිනමා කෘතියක් හැටියට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සලකන්නේ නැහැ. ඒ නිර්වචනයේ පිහිටා බැලුවොත් ෆ්‍රැන්ජිපැනි කියන්නේ ලංකාවේ මුල්ම වතාවට සමකාමී ආදරයක් ගැන කතා කරන චිත්‍රපටය කියලා කියන්න පුළුවන්’ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.

ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම්

නමුත් ‘මලට නොඑන බඹරු’ සහ ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සමලිංගික චරිත හෝ එවැනි තේමාවක් සහිත චිත්‍රපට මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

'ආදරය සහ ප්රජාතන්ත්රවාදය'

මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීමේ අරමුණින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිර්මාණය කළ බව ලේඛක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.

‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දෙවනුව මේක ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්රජාතන්ත්රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ ඔහු සඳහන් කළේය.

‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රංගන ශිල්පීන් සොයා ගැනීම සහ චිත්‍රපටය යම් කිසි වාරණයකට හෝ තහනමකට ලක් වේවිද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටළු පැවති බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.

‘මේ චිත්‍රපටයේ තේමාව ගැන දැන ගත්ත ගමන් සහ චිත්‍රපටයේ පිටපත කියවපු ගමන් බොහෝ දෙනෙක් කිව්වා කොහෙත්ම බැහැ කියලා. සමහර අය මුලින් එකඟ වෙලා පස්සේ අතහැරලා දැම්මා’ ඔහු පැවසීය.

දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත් සහ යශෝධා රසඳුනි යන කලා ශිල්පීහු ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියට රංගනයෙන් දායක වෙති.

‘ඒ තිදෙනා ලොකු අභියෝගයක් භාර ගත්තේ. මොකද ඒක ඉදිරියට ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිතේට බලපාන්න පුළුවන් කියන ප්රශ්නය දැන දැන තමයි ඒගොල්ලෝ ඒ චරිත භාර ගත්තේ. නමුත් මම හිතනවා ඒගොල්ලෝ ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් දුන්නා කියලා ඒකට’ විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.

මේ අතර චිත්‍රපටය රූගත කිරීමේදී බොහොමයක් ශ්‍රී ලාංකික සිනමාකරුවන් මුහුණ දෙන ගැටළුවකට තමාටද මුහුණ දීමට සිදු වූ බව ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ නිෂ්පාදකවරයා සඳහන් කළේය.

'අභියෝග'

‘සමහර තැන්වලදී පහුගිය යුද කාලයත් එක්ක ඇතිවෙච්ච දේවල් නිසා මිලිටරිකරණයක් සිදු වෙලා තියනවා. කොළඹ ඇතැම් ස්ථානයකට ගිහිල්ලා කැමරාවක් ලෑස්ති කර ගත්ත ගමන් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් නිලධාරීන් ඇවිත් ප්‍රශ්න කරනවා. ඒවගේ ප්‍රශ්න ගණනාවකුත් අපට ආවා.’ ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ බොහොමයක් සිනමාහල් තුළ ඩිජිටල් ප්රක්ෂේපන යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය අවශ්‍ය ආකාරයට සකසා තිර ගත කිරීම ඇතුළු ප්රචාරක කටයුතු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඒ සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගත යුතු බවත් ඔහු පැවසුවේය.

‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ තිර ගත් කිරීමට පෙර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් සඳහන් කළේ.

‘අනික් අතට ලංකාවේ ජනතාව සහ ප්‍රේක්ෂකයා කෙරෙහි විශ්වාසයක් තබලා තියනවා ඒගොල්ලෝ මේක ඉතාමත් යහපත්ව හා සාධනීය ලෙස පිළිගනියි කියලා. මොකද ඒගොල්ලෝ මේක හඳුන ගනියි මේක තමන්ගේම දරුවන්ගේ තමාගේම සහෝදරයන් හා සමාන පිරිසකගේ අයිතිවාසිකම් ගැන කතා කරන කෘතියක් කියලා’ ඔහු කියා සිටියේය.

ලන්ඩන් සිනමා උළෙලේ දින තුනක් තිර ගත වූ ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය, මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම විදෙස් සිනමා කෘතිය සහ හොදම විදෙස් අධ්යක්ෂණයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වැඩිදුරටත් කියා සිටියේය.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150405_frangipani_sri_lanka_gay_film_text

[QUOTE="Anti BBS, post: 18151849, member: 525431"] [b]ලංකාවේ_සමලිංගික_චිත්‍රපටය[/b] [B][SIZE=6]ශ්‍රී ලංකාවේ 'පළමු සමලිංගික චිත්‍රපටය ෆ්‍රැන්ජිපැනි'[/SIZE][/B] [IMG]http://ichef.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/04/05/150405185505_frangipani_512x288_frangipani_nocredit.jpg[/IMG] [SIZE=4]‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.[/SIZE] [SIZE=4]චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේ.[/SIZE] [SIZE=4]'සමකාමී චරිතයක් හෙළා දකින කෘතියක් සමකාමී සිනමා කෘතියක් හැටියට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සලකන්නේ නැහැ. ඒ නිර්වචනයේ පිහිටා බැලුවොත් ෆ්‍රැන්ජිපැනි කියන්නේ ලංකාවේ මුල්ම වතාවට සමකාමී ආදරයක් ගැන කතා කරන චිත්‍රපටය කියලා කියන්න පුළුවන්’ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/04/05/150405185807_visakesa_chandrasekaram_512x288_visakesachandrasekaram.jpg[/IMG] [SIZE=4] ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් [/SIZE][SIZE=4]නමුත් ‘මලට නොඑන බඹරු’ සහ ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සමලිංගික චරිත හෝ එවැනි තේමාවක් සහිත චිත්‍රපට මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.[/SIZE] [B][SIZE=5]'ආදරය සහ ප්රජාතන්ත්රවාදය'[/SIZE][/B] [SIZE=4]මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීමේ අරමුණින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිර්මාණය කළ බව ලේඛක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.[/SIZE] [SIZE=4]‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දෙවනුව මේක ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්රජාතන්ත්රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ ඔහු සඳහන් කළේය.[/SIZE] [SIZE=4]‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රංගන ශිල්පීන් සොයා ගැනීම සහ චිත්‍රපටය යම් කිසි වාරණයකට හෝ තහනමකට ලක් වේවිද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටළු පැවති බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.[/SIZE] [SIZE=4]‘මේ චිත්‍රපටයේ තේමාව ගැන දැන ගත්ත ගමන් සහ චිත්‍රපටයේ පිටපත කියවපු ගමන් බොහෝ දෙනෙක් කිව්වා කොහෙත්ම බැහැ කියලා. සමහර අය මුලින් එකඟ වෙලා පස්සේ අතහැරලා දැම්මා’ ඔහු පැවසීය.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/04/05/150405185649_frangipani_512x288_frangipani.jpg[/IMG] [SIZE=4]දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත් සහ යශෝධා රසඳුනි යන කලා ශිල්පීහු ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියට රංගනයෙන් දායක වෙති.[/SIZE] [SIZE=4]‘ඒ තිදෙනා ලොකු අභියෝගයක් භාර ගත්තේ. මොකද ඒක ඉදිරියට ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිතේට බලපාන්න පුළුවන් කියන ප්රශ්නය දැන දැන තමයි ඒගොල්ලෝ ඒ චරිත භාර ගත්තේ. නමුත් මම හිතනවා ඒගොල්ලෝ ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් දුන්නා කියලා ඒකට’ විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.[/SIZE] [SIZE=4]මේ අතර චිත්‍රපටය රූගත කිරීමේදී බොහොමයක් ශ්‍රී ලාංකික සිනමාකරුවන් මුහුණ දෙන ගැටළුවකට තමාටද මුහුණ දීමට සිදු වූ බව ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ නිෂ්පාදකවරයා සඳහන් කළේය.[/SIZE] [B][SIZE=5]'අභියෝග'[/SIZE][/B] [SIZE=4]‘සමහර තැන්වලදී පහුගිය යුද කාලයත් එක්ක ඇතිවෙච්ච දේවල් නිසා මිලිටරිකරණයක් සිදු වෙලා තියනවා. කොළඹ ඇතැම් ස්ථානයකට ගිහිල්ලා කැමරාවක් ලෑස්ති කර ගත්ත ගමන් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් නිලධාරීන් ඇවිත් ප්‍රශ්න කරනවා. ඒවගේ ප්‍රශ්න ගණනාවකුත් අපට ආවා.’ ඔහු කියා සිටියේය. [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ බොහොමයක් සිනමාහල් තුළ ඩිජිටල් ප්රක්ෂේපන යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය අවශ්‍ය ආකාරයට සකසා තිර ගත කිරීම ඇතුළු ප්රචාරක කටයුතු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඒ සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගත යුතු බවත් ඔහු පැවසුවේය.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/04/05/150405190143_frangipani_512x288_frangipani.jpg[/IMG] [SIZE=4]‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ තිර ගත් කිරීමට පෙර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් සඳහන් කළේ.[/SIZE] [SIZE=4]‘අනික් අතට ලංකාවේ ජනතාව සහ ප්‍රේක්ෂකයා කෙරෙහි විශ්වාසයක් තබලා තියනවා ඒගොල්ලෝ මේක ඉතාමත් යහපත්ව හා සාධනීය ලෙස පිළිගනියි කියලා. මොකද ඒගොල්ලෝ මේක හඳුන ගනියි මේක තමන්ගේම දරුවන්ගේ තමාගේම සහෝදරයන් හා සමාන පිරිසකගේ අයිතිවාසිකම් ගැන කතා කරන කෘතියක් කියලා’ ඔහු කියා සිටියේය.[/SIZE] [SIZE=4]ලන්ඩන් සිනමා උළෙලේ දින තුනක් තිර ගත වූ ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය, මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම විදෙස් සිනමා කෘතිය සහ හොදම විදෙස් අධ්යක්ෂණයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වැඩිදුරටත් කියා සිටියේය.[/SIZE] [url]http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150405_frangipani_sri_lanka_gay_film_text[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom