Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා ඉතිහාසයේ වාර්තාගත පැරණිතම භූමි කමිපනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ඉතිහාසයේ වාර්තාගත පැරණිතම භූමි කමිපනය

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවරෙකුටත් මේ ලිපිය ලියවෙන මොහොත දක්වාම මෙරට දී ප්‍රබල භූමි කම්පනයක අත්දැකීමක් නැහැ. නමුත් භූ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ රුදුරු සුනාමියක අත්දැකීම් ලබන්න නම් අපි අවාසනාවන්ත වුණා. මෑත කාලෙකදි අම්පාර ප්‍රදේශයෙ කුඩා භූ කම්පන කිහිපයක් ඇති වුණත් එය භූ තැටි ගැටීමෙන් හටගත් කම්පනයක් බවට සාක්ෂි සාධක හමු වුණේ නැහැ.

ඉතිහාසගත ලේඛන ගවේෂණය කරද්දි ඒ අතර හරි අපූරු තොරතුරු වාර්තාවෙනවා. ඔබ විස්වාස කරනවද, මීට වසර හාරසීයකට පමණ අතීතයෙ අපේ මුතුන් මිත්තන් දරුණු භූ කම්පනයකට මෙරට දී මුහුණදුන් බව. එය හුදු ප්රලාපයක් නම් නොව එකවර විශ්වාස කිරීමට අපහසු වුණත් ඒ පිළිබඳ සැලකිය යුතු සාක්ෂි හමු වෙනවා.

ඒ අවාසනාවන්ත දවස උදාවෙන්නෙ පරංගි ආක්‍රමණයෙන් වසර 110 ක් ගත වෙලා එලඹෙන සිංහල අලුත් අවුරුදු දා. රටේ මොන වාතාවරණයක් තිබුනත් අද වගේම එදත් මෙරට වැසියො බොහොම උත්සව ශ්‍රීයෙන් අවුරුදු කුමාරයා පිලිගන්න සූදානම් වෙන්න ඇති. ක්‍රි.ව 1615 අප්‍රේල් මස 14, සිංහල අලුත් අවුරුද්ද උදාවෙන් පසු දිනය උදා වුණේ, පෙර වසර වල වගේ නෑදෑ හිතවතුන් කරා තෑගි බෝග රැගෙන යන බලාපොරොත්තු මිනිසුන් තුල ඇති කරමින් නම් නෙවෙයි.

හැම තැනකම පැතිරිලා තිබුණෙ ත්‍රාසය සහ භීතිය. උදා වූ අවුරුද්ද විදින්න දකින්න බලාගෙන හිටිය බොහෝ දෙනෙක් බැසගිය හිරු නැග එද්දි ජීවතුන් අතර හිටියෙ නෑ. 14 වන දා රාත්‍රියෙ සිදු වුණ මේ ශෝකාන්තය ගැන පෘතුගීසි ජාතික ජෝර්ජ් රොඩි්රගස් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරල තියෙනවා.

1616 වසරෙ ලිස්බන් අගනුවර දි පිටු හතරකින් යුක්තව මුද්‍රණය කරපු මේ වාර්තාවෙ එදින සිදු වූ බොහෝ දෑ පිළිබඳව සඳහන් වෙනවා.

නමුත් දැඩි කතෝලික ලබ්දිකයෙකු වූ ඔහු මේ සියල්ල දකින්නෙ ඔවුන් ගේ ආගම නොපිලිගැනීම නිසා දෙවියන් වහන්සේ විසින් මෙරට ජනතාවට දෙන ලද දඬුවමක් විදිහට. කලකට ඉහත සතිඅන්ත පුවත්පතක පලවූ ඔහුගෙ වාර්තාවෙ සිංහල පරිවර්තනය තුල එය මේ විදිහට සඳහන් වෙනවා.

“එදින අඩහෝරාවකටත් කලින් හිරු බැස ගියේ සිදුවීමට යන හෙවත් දෙවියන් විසින් පැණවීමට යන දඩුවම දැක ගන්නට හෝ එහි සාක්ෂි කරූවෙකු වීමට අකමැත්තෙන් මෙනි. රාත්‍රී හත පසුවෙනවාත් සමගම කන් බිහිරි කරවන ගිගුරුම් සහිත හෙණ හඩ පුපුරා යද්දී, පොළෝ තලය කම්පනය වූයේ සිටගෙන සිටීමටවත් නොහැකි තරම් වේගයකිනි. නිවස් තුල සිටි ජනයා එලියට පැනගත්තේ ගොඩනැගිලි කඩා වැටේ යැයි බියෙනි. එහෙත් එය කබලෙන් ලිපට වැටුණාක් මෙන් විය. මහා හෙණ ගෙඩි සමග එක පිට එක පතිත වූ අකුණු සැර වලින් බියපත් ජනයා එයින් බේරීමට යලි ගොඩනැගිලි තුලට දුව ගියේ කිසිදා ආපසු නොඑන්නට ය. ඔවුන් සිටි නිවාස තුල ම වැළලී තිබුණි.

ඒ මහා භූමි කම්පාවේ ප්‍රබලත්වය කොතෙක්ද යත් කුඩා පැල්පත් සේම මහා මන්දිර පවා බිමට සමතලා වී තිබුණි. පොළෝ තලය චලනය වූයේ සයුරු රල ගසන්නාක් මෙනි. එම රල පහරට හසු වූ මහා ගල් කුළු පෙරලී ගියේ සුළගට හසු වූ පිහාටු මෙනි. ” “පසුදා පහන් වනතුරු පැවති මේ මහා භූ චලනයේ විනාශය හරි හැටි දැක ගැනීමට දින ගණනාවක් ගත විය. දිවයිනේ බොහෝ පළාත් වලින් මරණ වාර්තා වී තිබූ අතර වැඩිම ව්‍යසනය කොළඹ අගනුවර ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන සිදුවී තිබුණි.

කොළඹ අවට ප්‍රදේශයේ පමණක් මිනිස් ජීවිත 2000 ක් පමණ මෙම භූමි කම්පනයට බිලි වූ බව වාර්තා විය. කොළඹ කොටුවේ බටහිර කොටු බැම්ම කඩා වැටුණු අතර ඒ මත වූ කුලුනක් ඇදවැටීමේ දී ඊට යට වූ නිවසක සිටි සිව් දෙනෙකු එතැනම මිය ගිය බවද වාර්තා විය. කොළඹ අවට නිවාස 200 ක් පමණ විනාශ වී තිබුණි. මේ භූමි කම්පාවේ භයානකම ප්‍රතිඵලය වූයේ පොළෝ තලය පුපුරා ඉතා ගැඹුරු ආගාධ ඇති වීමයි. මෙම ආගාධ වලින් වරින් වර ගිනි දළු හා ගෙන්දගම් සැර ඇති දුමාරයක් ගලා යමින් තිබුණි. මෙම ආගාධ වලින් පිට ව ගිනි දළු හා ගෙන්දගම් සැර ඇති දුමාරයක් ගලායමින් තිබුණි. මෙම ආගාධ වලින් පිටවූ ගිනි දළු හා ගෙන්දගම් කොතරම් ප්‍රබල වීද යත් ඒවා වසා දැමීමට කිසිවෙකුත් කාලයක් ගත වෙන තුරු ඒවා අසලකටවත් නොගිය බව වාර්තා වී තිබුණි. මෙම මහා භූ චලනයේ ප්‍රභලත්වය පරිමාණ 8 ක් හෝ 9 ක් පමණ විය හැකි බව විශ්වාස කෙරේ.”

මෙම භූමි කම්පාවේ ප්‍රභලත්වය පිළිබඳ හොඳම නිදර්ශනය ලෙස ගත හැකි වන්නේ කැළණී ගග මතින් ඉදිකොට තිබූ කළු ගලින් නිම වූ පාලම විනාශ වී ගිය අන්දම ය. විශාල කළු ගල් යොදා එසේම විහාල වියදමක් දරා ඉදිකල මෙම පාලමේ ගල් සුළගට හසු වූ පිහාටු මෙන් විසිරී ගිය බව සඳහන් වේ. එම කළු ගල් කුට්ටි පාලම තිබූ තැන සිට ලීග කිහිපයක් දුරින් පතිතව තිබී හමුවී තිබීමෙන් එය පැහැදිලි වේ. රොඩි්රගස් ගේ වාර්තාට අනුව මේ මහා භූමි කම්පාවට පෙර දෙවියන්වහන්සේ අනතුරු අගවා ඇත. ඒ 1615 මාර්තු මස 7 වනදා පෑයූ වල්ගා තරුවෙන්. “දිවයිනේ ජනයා වල්ගා තුනකින් සමන්විත මේ ආකාශ වස්තුව දෙස විස්මයෙන් ද භීතියෙන් ද යුතුව බලා සිටියහ.

දින ගණනාවක් දර්ශනය වූ මේ වල්ගා තරුවෙහි වලිග තුනේ කෙලවර ඊතල තුඩු සේ දිස් වූ අතර එයින් ගිනි පිටවන්නාක් මෙන් මුළු අහස් තලයම රක්ත වර්ණ ගැන්වී තිබිණි. මෙම වල්ගා තරුවේ බලපෑම කෙතෙක් ප්‍රබල වීද යත් දින ගණනක් සූර්යයාලෝකය නොවැටීමෙන් අවකාශය දූෂ්‍යවී මිනිසුන් පමණක් නොව වතු පිටිවල සිටි ගව ආදී සතුන් පවා තැන තැන මැරී වැටුණු බවද වාර්තා වී තිබුණි. මේ විෂ සහිත වායුවෙන් මුහුදේ මාළුන්ට පවා බලපෑමක් ඇති වූ බව පසක් වූයේ රළ පහරට වෙරළට මාළු පාවී ආ අයුරු දුටු විට ය. මෙසේ වෙරළට ගොඩ ගැසූ මාළු ආහාරයට ගත් මිනිසුන් මෙන්ම කපුටන් ආදී පක්ෂීන් ද මිය ගියේ ජන සමාජය භීෂණකාරී වාතාවරණයක ගිල්වමිනි.

මෙම සිද්ධියෙන් මිනිසුන් කෙතරම් භීතියට පත් වීදයත් වෙරළාසන්නයේ මිය ගිය මිනිසුන්ගේ සිරුරු වළදැමීමටවත් කිසිවෙකු ඒ අසලට යාම ප්‍රතික්ෂේප කළහ. මේ නිසා මිනිසුන්ගේ ද සතුන්ගේ ද මල කඳන් වලින් නැගී ආ දු්රගන්ධය ඉවසිය නොහැකි තරමට වාතය දූෂ්‍ය වූයෙන් එම ප්‍රදේශය ජන ශූන්‍ය විය.” රොඩ්රිගස් ජීවත් වූ යුගය විද්‍යාවේ දියුණුව තම ළදරු විය පසු කරන අවස්ථාවක්. ඔහුගේ මෙම විස්තරය අතිශෝක්තීන්ගෙන් මෙන්ම එකිනෙකට පරස්පර විද්‍යාත්මක නොවන සංසිද්ධීන් එකට ගැලපීමට උත්සාහ දැරීමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ භූ කම්පනය එවකට ප්‍රධාන රාජධානිය වූ කන්ද උඩරටට ප්‍රබල බලපෑමක් එල්ල නොකරන්නට ඇති, සිංහල වංශ කතා මේ සිදුවීම වාර්තා නොකරන්න එය හේතු වූවා වන්නට පුළුවන්. වල්ගා තරුවත් භූ කම්පනයත් අතර සම්බන්ධතාවයක් ඇතැයි සිතන්න බැහැ.

අනාදිමත් කාලයක ඉදන් මිනිස්සු වල්ගා තරු විපත් ගෙන දෙන බව විස්වාස කලා. මේ භූ කම්පනය හා වල්ගා තරුව අතරෙ සම්බන්ධය මේ නිසා ගොඩ නැගුවා කියල හිතන්න පුළුවන්. රොඩි්රගස් මේ අත්දැකීමට මුහුණ දුන් බවක් හෝ මෙරට ජීවත් වූ බවක් සඳහන් වෙන්නෙ නෑ. ඔහු මෙරට සිට පැමිණි පෘතුගීසි ජාතිකයන් හරහා මේ තොරතුරු ලබා ගන්න ඇති. සන්නිවේදනය නොදියුණු හා දේව විස්වාස තුල හිටපු සමාජයක් නිසා වල්ගා තරුව හේතුවෙන් ඇති වූවා යැයි කියන ස්වභාවික විපර්යාස හා මරණ අතිශෝක්තියැයි කියා බැහැර කිරීමේ වරදක් නෑ. නමුත් භූ කම්පනය සම්බන්ධව සිදුවීම් වල යම් සත්‍යතාවයක් දකින්න පුළුවන්.

භූ කම්පනය රාත්‍රී 7.00 සිට පසුදා උදෑසන වන තෙක් පැවති බවට කරන සඳහනෙන් අදහස් වෙන්නෙ ප්‍රබල පසු කම්පන මාලාවක් සිදු වුණ බව. විශාල ගිගුරුම් හඩක් ඇති වීම, පොළොව රැලි නගනසේ කෙරෙන චලනයන් සාමාන්‍යයෙන් භූ කම්පනයක ලක්ෂණ. අකුණු සැර මේ අවස්ථාවේ වූ වර්ෂාවක ප්‍රතිඵලයක් වන්නට පුළුවන්. නමුත් පොළොවේ ඇති වූ බව කියන ගැඹුරු ආගාධ ඇති කරන්නෙ සංකීර්ණ තත්වයක්. නිරන්තර භූ කම්පන ඇතිවන කලාපයක නම් මෙය සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්, නමුත් ලංකාව වගේ රටක මෙය අසාමාන්‍ය තත්වයක්.

ගෙන්දගම් සැර දුමක් පිටවන්න නම් පොළොව අභ්‍යන්තරය දක්වාම මේ පැල්ම ඇතිවෙන්න ඕන. නමුත් මෙවන් ස්ථානයක් අද වන විට මෙරට දක්නට ලැබෙන්නෙ නැහැ. ලංකාව නිරන්තරයෙන් භූ කම්පන ඇතිවන කලාපයක නොපිහිටියත්, නැගෙනහිර සිට දකුණට පැතිරුණු උණු දිය උල්පත් යම් අවධානමක සලකුණු දැයි සැකයක් පවතිනවා. අපේ ඉතිහාසයෙ කැළණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමක් ගැන ලියැවිලා තිබුණා.

ඒත් සුනාමිය ඇවිත් යනකල් අපි ඒ ගැන තැකුවෙ නෑ. එදා රටේ බොහොම පොඩි ජනගහනයක් වගේම ගොඩනැගිලි සුළු ප්‍රමාණයක් තිබුණෙ. නමුත් දෙදහසකට දිවි අහිමි වෙලා තියෙනවා. අද එවැන්නක් සිදු වුවහොත් ඊට ජාතියක් වශයෙන් අපි සූදානම් ද ?

මූලාශ්‍ර- Hindusim today /Sunday Observer ( 2000 june 04 )  Kokila Gihan Withanathanthri

Fb

[ATTACH=full]146648[/ATTACH][ATTACH=full]146649[/ATTACH][ATTACH=full]146650[/ATTACH]

[QUOTE="IMUNA, post: 26957064, member: 392391"] ලංකා ඉතිහාසයේ වාර්තාගත පැරණිතම භූමි කමිපනය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවරෙකුටත් මේ ලිපිය ලියවෙන මොහොත දක්වාම මෙරට දී ප්‍රබල භූමි කම්පනයක අත්දැකීමක් නැහැ. නමුත් භූ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ රුදුරු සුනාමියක අත්දැකීම් ලබන්න නම් අපි අවාසනාවන්ත වුණා. මෑත කාලෙකදි අම්පාර ප්‍රදේශයෙ කුඩා භූ කම්පන කිහිපයක් ඇති වුණත් එය භූ තැටි ගැටීමෙන් හටගත් කම්පනයක් බවට සාක්ෂි සාධක හමු වුණේ නැහැ. ඉතිහාසගත ලේඛන ගවේෂණය කරද්දි ඒ අතර හරි අපූරු තොරතුරු වාර්තාවෙනවා. ඔබ විස්වාස කරනවද, මීට වසර හාරසීයකට පමණ අතීතයෙ අපේ මුතුන් මිත්තන් දරුණු භූ කම්පනයකට මෙරට දී මුහුණදුන් බව. එය හුදු ප්රලාපයක් නම් නොව එකවර විශ්වාස කිරීමට අපහසු වුණත් ඒ පිළිබඳ සැලකිය යුතු සාක්ෂි හමු වෙනවා. ඒ අවාසනාවන්ත දවස උදාවෙන්නෙ පරංගි ආක්‍රමණයෙන් වසර 110 ක් ගත වෙලා එලඹෙන සිංහල අලුත් අවුරුදු දා. රටේ මොන වාතාවරණයක් තිබුනත් අද වගේම එදත් මෙරට වැසියො බොහොම උත්සව ශ්‍රීයෙන් අවුරුදු කුමාරයා පිලිගන්න සූදානම් වෙන්න ඇති. ක්‍රි.ව 1615 අප්‍රේල් මස 14, සිංහල අලුත් අවුරුද්ද උදාවෙන් පසු දිනය උදා වුණේ, පෙර වසර වල වගේ නෑදෑ හිතවතුන් කරා තෑගි බෝග රැගෙන යන බලාපොරොත්තු මිනිසුන් තුල ඇති කරමින් නම් නෙවෙයි. හැම තැනකම පැතිරිලා තිබුණෙ ත්‍රාසය සහ භීතිය. උදා වූ අවුරුද්ද විදින්න දකින්න බලාගෙන හිටිය බොහෝ දෙනෙක් බැසගිය හිරු නැග එද්දි ජීවතුන් අතර හිටියෙ නෑ. 14 වන දා රාත්‍රියෙ සිදු වුණ මේ ශෝකාන්තය ගැන පෘතුගීසි ජාතික ජෝර්ජ් රොඩි්රගස් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරල තියෙනවා. 1616 වසරෙ ලිස්බන් අගනුවර දි පිටු හතරකින් යුක්තව මුද්‍රණය කරපු මේ වාර්තාවෙ එදින සිදු වූ බොහෝ දෑ පිළිබඳව සඳහන් වෙනවා. නමුත් දැඩි කතෝලික ලබ්දිකයෙකු වූ ඔහු මේ සියල්ල දකින්නෙ ඔවුන් ගේ ආගම නොපිලිගැනීම නිසා දෙවියන් වහන්සේ විසින් මෙරට ජනතාවට දෙන ලද දඬුවමක් විදිහට. කලකට ඉහත සතිඅන්ත පුවත්පතක පලවූ ඔහුගෙ වාර්තාවෙ සිංහල පරිවර්තනය තුල එය මේ විදිහට සඳහන් වෙනවා. “එදින අඩහෝරාවකටත් කලින් හිරු බැස ගියේ සිදුවීමට යන හෙවත් දෙවියන් විසින් පැණවීමට යන දඩුවම දැක ගන්නට හෝ එහි සාක්ෂි කරූවෙකු වීමට අකමැත්තෙන් මෙනි. රාත්‍රී හත පසුවෙනවාත් සමගම කන් බිහිරි කරවන ගිගුරුම් සහිත හෙණ හඩ පුපුරා යද්දී, පොළෝ තලය කම්පනය වූයේ සිටගෙන සිටීමටවත් නොහැකි තරම් වේගයකිනි. නිවස් තුල සිටි ජනයා එලියට පැනගත්තේ ගොඩනැගිලි කඩා වැටේ යැයි බියෙනි. එහෙත් එය කබලෙන් ලිපට වැටුණාක් මෙන් විය. මහා හෙණ ගෙඩි සමග එක පිට එක පතිත වූ අකුණු සැර වලින් බියපත් ජනයා එයින් බේරීමට යලි ගොඩනැගිලි තුලට දුව ගියේ කිසිදා ආපසු නොඑන්නට ය. ඔවුන් සිටි නිවාස තුල ම වැළලී තිබුණි. ඒ මහා භූමි කම්පාවේ ප්‍රබලත්වය කොතෙක්ද යත් කුඩා පැල්පත් සේම මහා මන්දිර පවා බිමට සමතලා වී තිබුණි. පොළෝ තලය චලනය වූයේ සයුරු රල ගසන්නාක් මෙනි. එම රල පහරට හසු වූ මහා ගල් කුළු පෙරලී ගියේ සුළගට හසු වූ පිහාටු මෙනි. ” “පසුදා පහන් වනතුරු පැවති මේ මහා භූ චලනයේ විනාශය හරි හැටි දැක ගැනීමට දින ගණනාවක් ගත විය. දිවයිනේ බොහෝ පළාත් වලින් මරණ වාර්තා වී තිබූ අතර වැඩිම ව්‍යසනය කොළඹ අගනුවර ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන සිදුවී තිබුණි. කොළඹ අවට ප්‍රදේශයේ පමණක් මිනිස් ජීවිත 2000 ක් පමණ මෙම භූමි කම්පනයට බිලි වූ බව වාර්තා විය. කොළඹ කොටුවේ බටහිර කොටු බැම්ම කඩා වැටුණු අතර ඒ මත වූ කුලුනක් ඇදවැටීමේ දී ඊට යට වූ නිවසක සිටි සිව් දෙනෙකු එතැනම මිය ගිය බවද වාර්තා විය. කොළඹ අවට නිවාස 200 ක් පමණ විනාශ වී තිබුණි. මේ භූමි කම්පාවේ භයානකම ප්‍රතිඵලය වූයේ පොළෝ තලය පුපුරා ඉතා ගැඹුරු ආගාධ ඇති වීමයි. මෙම ආගාධ වලින් වරින් වර ගිනි දළු හා ගෙන්දගම් සැර ඇති දුමාරයක් ගලා යමින් තිබුණි. මෙම ආගාධ වලින් පිට ව ගිනි දළු හා ගෙන්දගම් සැර ඇති දුමාරයක් ගලායමින් තිබුණි. මෙම ආගාධ වලින් පිටවූ ගිනි දළු හා ගෙන්දගම් කොතරම් ප්‍රබල වීද යත් ඒවා වසා දැමීමට කිසිවෙකුත් කාලයක් ගත වෙන තුරු ඒවා අසලකටවත් නොගිය බව වාර්තා වී තිබුණි. මෙම මහා භූ චලනයේ ප්‍රභලත්වය පරිමාණ 8 ක් හෝ 9 ක් පමණ විය හැකි බව විශ්වාස කෙරේ.” මෙම භූමි කම්පාවේ ප්‍රභලත්වය පිළිබඳ හොඳම නිදර්ශනය ලෙස ගත හැකි වන්නේ කැළණී ගග මතින් ඉදිකොට තිබූ කළු ගලින් නිම වූ පාලම විනාශ වී ගිය අන්දම ය. විශාල කළු ගල් යොදා එසේම විහාල වියදමක් දරා ඉදිකල මෙම පාලමේ ගල් සුළගට හසු වූ පිහාටු මෙන් විසිරී ගිය බව සඳහන් වේ. එම කළු ගල් කුට්ටි පාලම තිබූ තැන සිට ලීග කිහිපයක් දුරින් පතිතව තිබී හමුවී තිබීමෙන් එය පැහැදිලි වේ. රොඩි්රගස් ගේ වාර්තාට අනුව මේ මහා භූමි කම්පාවට පෙර දෙවියන්වහන්සේ අනතුරු අගවා ඇත. ඒ 1615 මාර්තු මස 7 වනදා පෑයූ වල්ගා තරුවෙන්. “දිවයිනේ ජනයා වල්ගා තුනකින් සමන්විත මේ ආකාශ වස්තුව දෙස විස්මයෙන් ද භීතියෙන් ද යුතුව බලා සිටියහ. දින ගණනාවක් දර්ශනය වූ මේ වල්ගා තරුවෙහි වලිග තුනේ කෙලවර ඊතල තුඩු සේ දිස් වූ අතර එයින් ගිනි පිටවන්නාක් මෙන් මුළු අහස් තලයම රක්ත වර්ණ ගැන්වී තිබිණි. මෙම වල්ගා තරුවේ බලපෑම කෙතෙක් ප්‍රබල වීද යත් දින ගණනක් සූර්යයාලෝකය නොවැටීමෙන් අවකාශය දූෂ්‍යවී මිනිසුන් පමණක් නොව වතු පිටිවල සිටි ගව ආදී සතුන් පවා තැන තැන මැරී වැටුණු බවද වාර්තා වී තිබුණි. මේ විෂ සහිත වායුවෙන් මුහුදේ මාළුන්ට පවා බලපෑමක් ඇති වූ බව පසක් වූයේ රළ පහරට වෙරළට මාළු පාවී ආ අයුරු දුටු විට ය. මෙසේ වෙරළට ගොඩ ගැසූ මාළු ආහාරයට ගත් මිනිසුන් මෙන්ම කපුටන් ආදී පක්ෂීන් ද මිය ගියේ ජන සමාජය භීෂණකාරී වාතාවරණයක ගිල්වමිනි. මෙම සිද්ධියෙන් මිනිසුන් කෙතරම් භීතියට පත් වීදයත් වෙරළාසන්නයේ මිය ගිය මිනිසුන්ගේ සිරුරු වළදැමීමටවත් කිසිවෙකු ඒ අසලට යාම ප්‍රතික්ෂේප කළහ. මේ නිසා මිනිසුන්ගේ ද සතුන්ගේ ද මල කඳන් වලින් නැගී ආ දු්රගන්ධය ඉවසිය නොහැකි තරමට වාතය දූෂ්‍ය වූයෙන් එම ප්‍රදේශය ජන ශූන්‍ය විය.” රොඩ්රිගස් ජීවත් වූ යුගය විද්‍යාවේ දියුණුව තම ළදරු විය පසු කරන අවස්ථාවක්. ඔහුගේ මෙම විස්තරය අතිශෝක්තීන්ගෙන් මෙන්ම එකිනෙකට පරස්පර විද්‍යාත්මක නොවන සංසිද්ධීන් එකට ගැලපීමට උත්සාහ දැරීමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ භූ කම්පනය එවකට ප්‍රධාන රාජධානිය වූ කන්ද උඩරටට ප්‍රබල බලපෑමක් එල්ල නොකරන්නට ඇති, සිංහල වංශ කතා මේ සිදුවීම වාර්තා නොකරන්න එය හේතු වූවා වන්නට පුළුවන්. වල්ගා තරුවත් භූ කම්පනයත් අතර සම්බන්ධතාවයක් ඇතැයි සිතන්න බැහැ. අනාදිමත් කාලයක ඉදන් මිනිස්සු වල්ගා තරු විපත් ගෙන දෙන බව විස්වාස කලා. මේ භූ කම්පනය හා වල්ගා තරුව අතරෙ සම්බන්ධය මේ නිසා ගොඩ නැගුවා කියල හිතන්න පුළුවන්. රොඩි්රගස් මේ අත්දැකීමට මුහුණ දුන් බවක් හෝ මෙරට ජීවත් වූ බවක් සඳහන් වෙන්නෙ නෑ. ඔහු මෙරට සිට පැමිණි පෘතුගීසි ජාතිකයන් හරහා මේ තොරතුරු ලබා ගන්න ඇති. සන්නිවේදනය නොදියුණු හා දේව විස්වාස තුල හිටපු සමාජයක් නිසා වල්ගා තරුව හේතුවෙන් ඇති වූවා යැයි කියන ස්වභාවික විපර්යාස හා මරණ අතිශෝක්තියැයි කියා බැහැර කිරීමේ වරදක් නෑ. නමුත් භූ කම්පනය සම්බන්ධව සිදුවීම් වල යම් සත්‍යතාවයක් දකින්න පුළුවන්. භූ කම්පනය රාත්‍රී 7.00 සිට පසුදා උදෑසන වන තෙක් පැවති බවට කරන සඳහනෙන් අදහස් වෙන්නෙ ප්‍රබල පසු කම්පන මාලාවක් සිදු වුණ බව. විශාල ගිගුරුම් හඩක් ඇති වීම, පොළොව රැලි නගනසේ කෙරෙන චලනයන් සාමාන්‍යයෙන් භූ කම්පනයක ලක්ෂණ. අකුණු සැර මේ අවස්ථාවේ වූ වර්ෂාවක ප්‍රතිඵලයක් වන්නට පුළුවන්. නමුත් පොළොවේ ඇති වූ බව කියන ගැඹුරු ආගාධ ඇති කරන්නෙ සංකීර්ණ තත්වයක්. නිරන්තර භූ කම්පන ඇතිවන කලාපයක නම් මෙය සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්, නමුත් ලංකාව වගේ රටක මෙය අසාමාන්‍ය තත්වයක්. ගෙන්දගම් සැර දුමක් පිටවන්න නම් පොළොව අභ්‍යන්තරය දක්වාම මේ පැල්ම ඇතිවෙන්න ඕන. නමුත් මෙවන් ස්ථානයක් අද වන විට මෙරට දක්නට ලැබෙන්නෙ නැහැ. ලංකාව නිරන්තරයෙන් භූ කම්පන ඇතිවන කලාපයක නොපිහිටියත්, නැගෙනහිර සිට දකුණට පැතිරුණු උණු දිය උල්පත් යම් අවධානමක සලකුණු දැයි සැකයක් පවතිනවා. අපේ ඉතිහාසයෙ කැළණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමක් ගැන ලියැවිලා තිබුණා. ඒත් සුනාමිය ඇවිත් යනකල් අපි ඒ ගැන තැකුවෙ නෑ. එදා රටේ බොහොම පොඩි ජනගහනයක් වගේම ගොඩනැගිලි සුළු ප්‍රමාණයක් තිබුණෙ. නමුත් දෙදහසකට දිවි අහිමි වෙලා තියෙනවා. අද එවැන්නක් සිදු වුවහොත් ඊට ජාතියක් වශයෙන් අපි සූදානම් ද ? මූලාශ්‍ර- Hindusim today /Sunday Observer ( 2000 june 04 ) ©️ Kokila Gihan Withanathanthri Fb [ATTACH type="full"]146648[/ATTACH][ATTACH type="full"]146649[/ATTACH][ATTACH type="full"]146650[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom