Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ලක්ෂ පහ (short story)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැදින්වීම

වංචා සහගතව පිහිටුවා ගන්නා මුල්‍යය සමාගම් විසින් මිනිසුන්ගේ මුදල් සුක්ෂම ලෙස කොල්ල කෑම වර්තමානයේ ශ්‍රීලංකාවේ ඇති වී තිබෙන නව ප්රවණතාවකි.සක්විති ,ගොල්ඩන් කී ,දඩුවම මුදලාලිගේ පටන් මෑතක හෙලිදරවු තිස්සමහාරාම ලුමිනොස් වංචාව දක්වා මෙය පැමිණ ඇත. දුප්පත් ගොවියාගේ රුපියලේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ කෝටිය දක්වා මුදල් වැඩි පොලී අනුපාතික ලබා දෙන මුවාවෙන් මෙම සමාගම් විසින් කොල්ල කා ඇත. මින් වැඩිපුරම අසරණතාවට හා පීඩනයට පත්ව ඇත්තේ තම කණ කර පවා උගස් කර තමන් මුලු ජීවිත කාලය පුරාවටම ඉපයූ සියලු මුදල් මෙම සමාගම් වල ආයෝජනය කල මධ්‍යම පාංතික ජන කොට්ඨාසයය. මේ තවත් එවැන්නකුගේ කථාවකි.

ලක්ෂ පහ

“හෝමාගම බහින්න. හෝමාගම” බසයේ කොන්දොස්තරගේ හඩින් සුමනසේකර මහතා හමුදාපෙල පාලියක අණ ලද්දෙකුසේ සිය අසුනෙන් නැගී සිටියේය. බදාදා පොල දිනයක් වු බැවින් මුලු හෝමාගම නගරයම එකම කලබලයකි. සෙනග බසයෙන් බැසීමටත් පෙර එලවලු මලු උස්සාගත් මගීහු බසයට ගොඩවීමට පොරකන්නට විය.සුමනසේකර මහතාද කෝන්දොස්තර කොලුවාගේ වදෙන් පොරෙන් හෙමිහිට බසයෙන් බිමට බැස ගති. නිතර දෙවේලේ සිය බිරිද සමග බදාදා පොලට පැමිණෙන විශ්‍රාමික ගුරුවරයෙක් වු සුමනසේකර මහතා හෝමාගම නගරයට ආගන්තුකයෙක් නොවුවද අද සුමනසේකර මහතාට එය එසේ නොවීය.වෙනදාට වඩා සිතට ගතට යම් අමුත්තක් ඔහුට දැනෙන්නට විය.වෙනදාට ඔහු කෙරෙන් මතුවන සන්සුන්කම අද පහව ගොසිණි.ඔහු පදික වේදිකාවේ කඩ අතරින් ටවුම දෙසට පය ඉක්මන් කරන්නට විය.සුමනසේකර මහතාගේ පයේ හයියට පදික වේදිකාවේ වෙලදුන්ගේ අඩහැරය ක්‍රමයෙන් පහවීයත්ම සමාගම් ගොඩනැගිල්ල ඔහුට ඉදිරියෙන් දිස්වන්නට විය.තම සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නාක් මෙන් ඔහුට හැගුණි.එහෙත් ඔහු සිය දෙපය ඉක්මන් කර ගොඩනැගිල්ල තුලට ඇතුලු විය. ගොඩනැගිල්ල තුල කාර්ය්ය බහුල ස්වරූපයක් ඉසිලු අතර සෙනග කවුන්ටර්වල පෝලිං ගැසී සිටිනු ඔහුට දැකගත හැකිවිය.මොහොතක්වත් පමා නොවු සුමනසේකර මහතාද කවුන්ටර පෝලිමකට රිංගා ගති.

පසුදා විශ්‍රාමික ගුරු සමිතියේදී ඇතිවු කත බහ ඔහුගේ සිතට නැවත ආවර්ජනයවන්නට විය. තම මිතුරන්ගේ කතා දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් ඔහුට දැනුණි.

“මැණිකෙ මිසුත් ලක්ෂ දහයක්ම ඕකෙ දාල තිබිල තියෙනවා”

“මැණිකෙලාටනං මොකද මචං දේපල ඉඩකඩං නැතුව කියලෑ. මට දුක අර සරණේ වගේ අහිංසක මිනිස්සු ගැන”

“මටත් පෙරේදා සරණපාලව හම්බ උනා.මේ ටික දවසට මිනිහා පිස්සෙක් ගානට වැටිලා, හූල්ලනව අහගෙන ඉන්න බැරි තරමට දුකයි.”

“පිස්සු නොහැදි තියෙවි ඈ. ඒ මනුස්සයා මුලු ජීවිතකාලෙම හම්බු කරපු සල්ලි ටික තමයි ඔය දාලා තිබිල තියෙන්නෙ”

“අහිංසක මිනිස්සු කීදෙනෙක් දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඔය තැන්වල දාලා තිබිලද?”

“එක අතකට මිනිස්සුගෙත් තණ්හාව. කීයක් හරි වැඩිය දෙනවා කියපු ගමන් ඕන කුණුගොඩකට අතගහනවා.”

“මම නං මචං බැංකුවකවත් ඔය ලොකු සල්ලියක් දාලා තියන්නෙ නෑ. එක්කො ගෙදර වැඩකට හරි ලමයින්ගෙ වැඩකට හරි යොදවනවා.”

“එක අතකට දැන් රටේ වෙන දේවල් ඇහුවම සල්ලි ගෙදර ගෙනල්ලා තියාගන්න එක තමයි කරන්න තියෙන හොදම වැඩේ.”

“ඔව් ඉතිං පුස් කනව කියලෑ. අඩුම තරමේ තමන්ගෙ සල්ලි තමන් ලග කියලා හිතට හරි සැනසිල්ලක්නෙ.”

පැයක හමාරක වේලාව්ක් සමාගම් කාර්යාලය තුල ගත කල සුමනසේකර මහතා එදින ඉන් පිටවුයේ එහි ස්ථාවර තැන්පතුවක දමා තිබු තමාගේ ලක්ෂ පහක මුදලද රැගෙනය.

හැටවන වියට පා තබා සිටින සුමනසේකර මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. ගැහැනු දරුවන්ම තිදෙනෙක් වු සුමනසේකර යුවලට පවුල් බරෙන් අඩුවක් නොවීය.අසාර්ථක විවාහයකින් පසු ගෙදර පැමිණ සිටින සිය වෑඩිමහල් දියණිය හා ඇගේ දරුවාටද රැකවරණය සැපයීමට සිදුවී තිබුයේ සුමනසේකර යුවලටය.පාසැල් යන පවුලේ බඩ පිස්සිත් , සරසවි වරම් ලද මද්දුමීත් ඇතුලුව පවුලේ සියලු ආර්ථික අවශ්‍යයතා සැපිරීමට සිදුවුයේ සුමනසේකර මහතාගේ විශ්‍රාමික වැටුපට හා ඔහුගේ තිස්වසරකට ආසන්න ගුරු සේවයෙන් ඉතිරිකරගත් ලක්ෂ පහකට ලැබෙන පොලි මුදලටය.එහෙත් අද දින සිට තමන්ගේ එක් ආදයම් මර්ගයක් වැසී ගොස් ත්මන් තවත් කබලෙන් ලිපට වැටුණිදෝ යන සිතුවිල්ල සුමනසේකර මහතාගේ සිතට වද දෙන්නට විය.එහෙත් එම සිතුවිල්ල යටපත් කරමින් සිය බිරිදගේ වදන් ඔහුගේ මනසෙහි දෝංකාර දෙන්නට විය.

“කියන දේ අහලා ඔය සල්ලි ටික අර ගන්නවා මනුස්සයො. මේ කාලේ කිසිම මිනිහෙක් ඔය තරම් ලොකු ස්ල්ලියක් කොහෙවත් දාලා තියන්නෑ.අර හන්දිය කඩේ මුදලාලිත් ඕකේ දාලා තිබුණු සල්ලි සේරම අර ගත්තලු.අපිට තව බන්දල දෙන්න කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.මොකද අපට විකුණන්න දේපල ඉඩකඩම් තව තියෙනවා කියලෑ.අනිත් සේරම මිනිස්සු මේකාලේ තමන්ගෙ සල්ලි බේරගන්න දත කට කනවා. මෙයා විතරක් ගෙදරට වෙලා වෙස්සන්තර වෙන්න හදනවා.කියනදේ අහලා හෙට උදේම ගිහිල්ලා ,පුලුවන් වෙලාවේ ඔය සල්ලිටික අරගෙන එනවා.රුපියල් හය හත්දාහක පොලිය වගේද මනුස්සයො ලක්ෂ පහක් කියන්නෙ.”

තොරතෝංචියක් නැතිව ඇදහැලෙන්නා වු වැස්සක් මෙන් පසුදා රාත්‍රිය පුරා ඇසුණු බිරිදගේ වදන් සුමනසේකර මහතාගේ දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් විය.

බසයෙන් බිමට බට සුමනසේකර මහතා තමාගේ පොතු ගැලවුණු හම් බෑගයද තරයේ අල්ල ගනිමින් වෙනදා මෙන් හංදියේ සුනංගු නොවී හැකි ඉක්මණින් තම නිවස දෙසට පය ඉක්මණ් කලේ දෑස් පොලවට යොමා ගෙනය.ප්‍රදේශය තුල පිලිගත් පුද්ගලයකු වු සුමනසේකර මහතා මගතොටේදී හමුවන ඕනෑම පුද්ගලයකු සමග දොඩමලුවීමේ සිරිත අද දින ඔහුගේ සිතට වලංගු නොවීය. ගම්සභා පාර දිගේ ඇවිද එන සුමනසේකර මහතට සිය බිරිද ආලින්දයේ මග බලමින් සිටිනු ඈත තියාම නෙත ගැටුණි.

“මං ඒත් බැලුවා ටිකක් පරක්කුවෙන කොට මොකද කියලා” සුමනසේකර මහතා ගෙට ගොඩවීමටත් පෙර සිය බිරිද තෙපලන්නට විය.

“ඒකේ සෙනග පිරිල” ඔහු සිය බිරිද අත ප්‍රවේසමට හම් බෑගය තබමින් පැව්සුවේය.

“ඔක්කොම සල්ලි හම්බ වුණාද?”

“හ්ම්”

“ඕන්න දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ” ඇය බෑගය තුරුල්ලට ගනිමින් පැවසුවය.

සුමනසේකර මහතා කමිසයේ බොත්තම් ලිහිල් කරමින් සිය බිරිද පිටුපසින් ඇදුණාය.නිවස තුල වසා දමා තිබු ගබඩා කාමරය ගවුම් සාක්කුව තුල වු යතුරකින් විවර කල ඇය එහි තැන තැන ගොඩගසා තිබෙන ලට්ට ලොට්ට එහා මෙහා කරන්නට විය.

“ඔයා ඔය මොකද කරන්න යන්නේ?” සුමනසේකර මහතා විමසුවේ බිරිදගේ ක්‍රියාවෙන් විලම්බීත වූයෙක් සේය.

“මේ ටික පරිස්සම් ඇති තැනක තියන් එපැයි” බිරිද තෙපලේය.

“ඒකම තමයි මමත් මේ කියන්න කටගත්තෙ”

බිරිය ගබඩා කාමර්යේ කොනක තබා තිබු පෙට්ටකම විවර කලාය. ඉන් අනතුරුව එහි වු පිගන් බඩු ඉවතට ගත් ඇය හම් බෑගය

තුලින්ගත් මුදල් නොට්ටු සහිත කවරය පෙට්ටගම් පතුලෙ තබා නැවත ඒ මත පිගන් බඩු පුරවා පෙට්ටගම වසා යතුර ගවුම් සාක්කුව තුලට ඔබා ගත්තාය.

“මෙතන වැඩිය කාගෙවත් ඇහැ ගැටෙන්නෑ. ආරක්ෂාවත් හොදයි.” ඇය විලම්බීතව බලා සිටින සැමියා දෙස බලා පැවසුවාය.

අනතුරුව යුවල ගබඩා කාමරය වසාදමා නිවස තුලට වැදුණි.

වෙනදාට අටහාමාරේ ටෙලි නාට්‍යයෙන් පසුව නින්දට යන සුමනසේකර මහතා එදා රාත්‍රි දහය පසුවන තුරුත් රූපවාහිනියේ චැනල මාරුකරමින් සිටියේය.නින්ද ඔහු අහලකවත් නෙවීය.වරින් වර ඔහුගේ සිත තුල නොයෙකුත් සිතිවිලි පැන නගින්නට විය. ඒ සියල්ල සුමනසේකර පවුලේ අනාගතය හා තමා රැගෙන ආ ලක්ෂ පහ හා සම්බන්ධ ඒවා විය.

“මද්දුමීගේ අන්තිම අවුරුද්ද නිසා අද හෙටම පත්තරේට දාලා මනමාලයෙක් හොයන්න පටන් ගන්න ඕනා.ලොක්කිට වගේ නෙමෙයි මද්දුමීට යමක්කමක් තියෙන තැනකින් බලන්න ඕනා. ඊට ඉස්සෙල්ල මේ ගෙයි ඉස්සරහ පැත්තෙ රෙපයාර් එක කරගන්න ඕනා. නැත්තං කෙලී බලන්න එන මිනිස්සු හිතයි අපි මහ කෝඩකාරයෝ කියලා.කෙල්ලට දෑවැද්දට මුදලින් ලක්ෂයක් දෙනවා කියලම පත්තරේ දාන්න ඕනා.මගුලක් ගන්නත් ලක්ෂයක් හමාරක් විතර යයි.ඉතිරි සල්ලි ඔක්කොම පොඩි කෙලීට අරන් තියනවා.පොඩ්ඩිටනං තව කල වයසක් කියලෑ. එහෙම වුණොත් ටිකක් ගුරු විශ්‍රාම සමිතියේ සීට්ටුවට දානවා.මගුලක් කනව නං ගෙදරට අලුත් බඩු මුට්ටුට ටිකක් ගන්නත් වෙනවා.ලොක්කි ගැන නොබලත් බෑ.ඒකිටයි පොඩි එකාටයි යන කල දවසක් බලන්නත් ඕනෑ.”

“අද ඔයා නිදා ගන්නෙ නැද්ද?” සිය බිරිදගේ හඩින් සුමනසේකර මහතා නැවතත් පියවි ලෝකයට අවතීරණ විය.

තමා පෙරලා එම ප්‍රශ්නයම සිය බිරිදගෙන් ඇසිය යුතුව තිබුණද සිය බිරියගේ සිත ගැන දන්නා සුමනසේකර මහතා නිහඩවම රූපවහිනිය වසා දමා ඉස්සරහ කාමරයට රිංගා ගති.ලොකු දියණිය හා මුණුපුරා මහගෙදරට පැමිණිදා සිට සුමනසේකර මහතා තනිවම ඉස්සරහ කාමරයේ නිදා ගැනීමට පුරුදු වී සිටියේය. ඔහු කාමරයේ විදුලි බුබුල නිවාදමා ඇදේ වැතිරුණි.මොහොතකින් ආලින්දයේද විදුලි බුබුල නිවී දොර වැසෙණු ඔහුට ඇසුණි.

තමාගේ හුස්ම ගැන්ම ඇසෙණ තරමටම මුලු නිවස පුරාවටම අදුර සමග නිහැඩියාව පැතිර යන්නට විය. අවට නිහැඩියාව පැතිරුනද සුමනසේකර මහතාගේ සිත තුල නම් එකම කාලගෝට්ටියක් විය.තමන් ගෙදර රැගෙන ආ ලක්ෂ පහක මුදලෙන් කලයුතු දෑ පිලිබද සිතුවිලි කුබි ගුලක් තුලට ඇදෙන කුහුබුවන් මෙන් ඔහුගේ සිත තුල පෙලගැසෙන්නට විය.

ක්‍රමයෙන් හෝරා කිහිපයක් ගතවී මැදියම පසුවන තුරුත් සුමනසේකර මහතාට නින්දක් නොවීය. ඔහු ඇදේ ඒ මේ අත පෙරලෙමින් නින්දක් ලබාගැනීමට ගත් උත්සාහය ඔහු මේ වන විටත් අත්හැර දමා තිබුණි.ඔහු සිතට තම ගත ආක්‍රමණය කිරීමට ඉඩ හැර නිසොල්මනේ දෙනෙත් පියා ඇද මත වැතිර හුන්නේය.

හදිසියේ පිලිකන්නේ බල්ලා බුරන ශබ්දයක් ඇසුණෙන් සුමනසේකර මහතා සිය විදුලි පන්දමද රැගෙන ආලින්දයට පැමිණියේය.මෙතෙක් ජීවිතයේ කිසිම දිනක සොර සතුරු උපද්‍රවයකට මහුණ නොපා තිබුණද අද සුමනසේකර මහතාගේ සිතට තරමක චකිතයක් දැනෙන්නට පටන්ගෙන තිබුණි.එහෙයින් ඔහු විදුලි පන්දම කිහිපවිටක් මිදුල දෙසට අල්ලමින් පිලිකන්න දෙසට පියමැන්නේය.

සුමනසේකර මහතා දුටු බල්ලා හීන් කෙදිරියක් ගා නිහඩවම බිම වැතිරී නගුට වනන්නට විය.එහෙයින් ඔහුද විදුලි පන්දම පිලිකන්නේ වත්ත වටා කිහිප විටක් අල්ලා නැවත නිවස තුලට යාමට සැරසුණි.

හදිසියේම නිවස තුලින් හඩක් ඇසුණි.එකවරම හඩ කුමක්දැයි වටහාගත නොහැකි වුවද හඩ පැමිණියේ නිවස තුලින් බවට සුමනසේකර මහතාට සක් සුදක්සේ පැහැදිලිය. ඔහු මොහොතක්වත් පමා නොවී නිවස තුලට පය ඉක්මණ් කලේය.එහෙත් ඔහු නිවසේ ආලින්ද්යේ පඩිය නගිනවත් සමගම තවත් වරක් නිවස තුලින් ශබ්දයක්

ඇසුණි. මෙවර කලින්ට වඩා උස් හඩට ඇසුණු ශබ්දයෙන් සුමනසේකර මහතාගේ ඇග කිලිපොලා ගියේය. බිය සැක ඔහුගේ සිතෙහි රජයන්ට විය.වහා සිය කාමරයට වැදුණු ඔහු අදුරේම අත පත ගා ඇද අසල වු කිතුල් පොල්ල අතට ගත්තේය. විදුලි පන්දමත් නිවා දමා ඔහු හෙමින් සීරුවේ නිවස තුලට ඇතුල් විය.පොහොය ගෙවී වැඩි දිනක් නොවුවෙන් ජනේල අතරින් නිවස තුලට හද එලිය වැටී තිබුණි.

හදිසියේම නැවතත් එම ශබ්දයම ඇසුණි.මෙවර ශබ්දය පැමිණියේ ගබඩා කාමරයෙනි.සුමනසේකර මහතාට තරු විසිවුණි.එහෙත් ඔහු සිත දමනය කර ගනිමින් හෙමින් සීරුවේ ගබඩා කාමරයේ දොරකඩට ලංවිය.ගබඩ කමරයේ දොර හොදින් වසා තිබුණි.ඔහු හෙමින් සීරුවේ දොරට කන තැබුවේ කලින් ආ ශබ්දය නැවත නො ඇසුණු හෙයිනි.එහෙත් කාමරය තුල යමක් බිම ඇතිල්ලෙන ශබ්දයක් නිරන්තරයෙන් ඔහුගේ කන වැකෙන්නට විය.ඒත් සමගම සුපුරුදු ශබ්දයද විටින් විට ඇසුණි.කාමරය තුල යමෙකු සිටින බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි විය. කෑ ගසා නිවැසියන් අවදිකිරීමට ඔහුට සිතුණි.එහෙත් ඒ අවසරයෙන් සොරා තම මුදල්ද රැගෙන පලායාවියයි ඔහුට සිතුණි.නිවසේ පිරිමියකුට කියා සිටින්නේ තමා පමණක් බව සිතූ සුමනසේකර මහතා සිතට වීර්යය ගත්තේය.කලයුතු සුදුසුම දේ සිතු ඔහු අසල තිබු ඇදි පුටුව හීන් සීරුවේ දොරට සිර කලේය.ඉන් අන්තුරුව කිතුල් පොල්ල තරයේ දෑතට ගෙන නිවස පිටුපසට මුහුණලා ඇති ගබඩා කාමරයේ ජනේලය වෙත හීන් සීරුවේ පිය මැන්නේය. ජනේලයේ පියනක් විව්තව තිබෙණු දුටු ඔහු තව තවත් සිතට වීර්යය ගෙන ජනේලයට කිට්ටුය විය.ගබඩා කාමරය තුලින් එන සුපුරුදු ශබ්දය හා බිම ඇතිල්ලෙන හඩත් දැන් බොහොම පැහැදිලිව ඔහුට ඇසෙන්නට විය.

සොරෙකු ජනේලයෙන් කාමරයට ඇතුලු වී ඇති බවට සුමනසේකර මහතාට දැන් කිසිදු සැකයක් නොමැත.ඔහුගේ දහඩිය වගුරන දෑත් අතර සිරකරගත් කිතුල් පොල්ලද මානමින් ඔහු හෙමින් සීරුවේ ජනේලයට එබුණි.එහෙත් ජනේලයේ යකඩ පට්ටමට කිසිදු හානියක් නොවී තිබෙණු දුටු ඔහු තරමක් මවිත වුවද ඒ ගැන නොතකා ඔහු ශබ්දය එන දෙසට කන්දීගෙන ජනේලයෙන් කාමරය තුලට එබුණි.

ගබඩා කාමරයට වැටී තිබුණු සද එලිය සුමනසේකර මහතාට සියල්ල එකවර දර්ශනය කලේය. තම බිරිද පෙට්ටකම අසල පැදුරක් එලා බිම නිදා හුන්නාය.විටින් විට ඇය මදුරුව්න් තලමින් පැදුරේ අත් පය අතුල්ලන අයුරු සුමනසේකර මහත ගල් ගැසී බල හුන්නාය.

සිය කාමරයට වැදී ඉතිරි හෝරා දෙකත් නිදි වර්ජිතව ගත කල සුමනසේකර මහතා පසුදින උදයේම බිරිදගේ රැවිලි ගෙරවිලි මැද බැංකුවකට ගොස් තම මුදල නැවත තැන්පත් කලේ සිතේ සහනය ලක්ෂ පහකට වඩා වටිනා බව සිතමින්ය.

Author : Daminda dampahalage[/SIZE][/SIZE]

[QUOTE="aerosampath, post: 18002018, member: 527922"] [SIZE="4"]හැදින්වීම වංචා සහගතව පිහිටුවා ගන්නා මුල්‍යය සමාගම් විසින් මිනිසුන්ගේ මුදල් සුක්ෂම ලෙස කොල්ල කෑම වර්තමානයේ ශ්‍රීලංකාවේ ඇති වී තිබෙන නව ප්රවණතාවකි.සක්විති ,ගොල්ඩන් කී ,දඩුවම මුදලාලිගේ පටන් මෑතක හෙලිදරවු තිස්සමහාරාම ලුමිනොස් වංචාව දක්වා මෙය පැමිණ ඇත. දුප්පත් ගොවියාගේ රුපියලේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ කෝටිය දක්වා මුදල් වැඩි පොලී අනුපාතික ලබා දෙන මුවාවෙන් මෙම සමාගම් විසින් කොල්ල කා ඇත. මින් වැඩිපුරම අසරණතාවට හා පීඩනයට පත්ව ඇත්තේ තම කණ කර පවා උගස් කර තමන් මුලු ජීවිත කාලය පුරාවටම ඉපයූ සියලු මුදල් මෙම සමාගම් වල ආයෝජනය කල මධ්‍යම පාංතික ජන කොට්ඨාසයය. මේ තවත් එවැන්නකුගේ කථාවකි. [B][U] ලක්ෂ පහ[/U][/B] “හෝමාගම බහින්න. හෝමාගම” බසයේ කොන්දොස්තරගේ හඩින් සුමනසේකර මහතා හමුදාපෙල පාලියක අණ ලද්දෙකුසේ සිය අසුනෙන් නැගී සිටියේය. බදාදා පොල දිනයක් වු බැවින් මුලු හෝමාගම නගරයම එකම කලබලයකි. සෙනග බසයෙන් බැසීමටත් පෙර එලවලු මලු උස්සාගත් මගීහු බසයට ගොඩවීමට පොරකන්නට විය.සුමනසේකර මහතාද කෝන්දොස්තර කොලුවාගේ වදෙන් පොරෙන් හෙමිහිට බසයෙන් බිමට බැස ගති. නිතර දෙවේලේ සිය බිරිද සමග බදාදා පොලට පැමිණෙන විශ්‍රාමික ගුරුවරයෙක් වු සුමනසේකර මහතා හෝමාගම නගරයට ආගන්තුකයෙක් නොවුවද අද සුමනසේකර මහතාට එය එසේ නොවීය.වෙනදාට වඩා සිතට ගතට යම් අමුත්තක් ඔහුට දැනෙන්නට විය.වෙනදාට ඔහු කෙරෙන් මතුවන සන්සුන්කම අද පහව ගොසිණි.ඔහු පදික වේදිකාවේ කඩ අතරින් ටවුම දෙසට පය ඉක්මන් කරන්නට විය.සුමනසේකර මහතාගේ පයේ හයියට පදික වේදිකාවේ වෙලදුන්ගේ අඩහැරය ක්‍රමයෙන් පහවීයත්ම සමාගම් ගොඩනැගිල්ල ඔහුට ඉදිරියෙන් දිස්වන්නට විය.තම සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නාක් මෙන් ඔහුට හැගුණි.එහෙත් ඔහු සිය දෙපය ඉක්මන් කර ගොඩනැගිල්ල තුලට ඇතුලු විය. ගොඩනැගිල්ල තුල කාර්ය්ය බහුල ස්වරූපයක් ඉසිලු අතර සෙනග කවුන්ටර්වල පෝලිං ගැසී සිටිනු ඔහුට දැකගත හැකිවිය.මොහොතක්වත් පමා නොවු සුමනසේකර මහතාද කවුන්ටර පෝලිමකට රිංගා ගති. පසුදා විශ්‍රාමික ගුරු සමිතියේදී ඇතිවු කත බහ ඔහුගේ සිතට නැවත ආවර්ජනයවන්නට විය. තම මිතුරන්ගේ කතා දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් ඔහුට දැනුණි. “මැණිකෙ මිසුත් ලක්ෂ දහයක්ම ඕකෙ දාල තිබිල තියෙනවා” “මැණිකෙලාටනං මොකද මචං දේපල ඉඩකඩං නැතුව කියලෑ. මට දුක අර සරණේ වගේ අහිංසක මිනිස්සු ගැන” “මටත් පෙරේදා සරණපාලව හම්බ උනා.මේ ටික දවසට මිනිහා පිස්සෙක් ගානට වැටිලා, හූල්ලනව අහගෙන ඉන්න බැරි තරමට දුකයි.” “පිස්සු නොහැදි තියෙවි ඈ. ඒ මනුස්සයා මුලු ජීවිතකාලෙම හම්බු කරපු සල්ලි ටික තමයි ඔය දාලා තිබිල තියෙන්නෙ” “අහිංසක මිනිස්සු කීදෙනෙක් දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඔය තැන්වල දාලා තිබිලද?” “එක අතකට මිනිස්සුගෙත් තණ්හාව. කීයක් හරි වැඩිය දෙනවා කියපු ගමන් ඕන කුණුගොඩකට අතගහනවා.” “මම නං මචං බැංකුවකවත් ඔය ලොකු සල්ලියක් දාලා තියන්නෙ නෑ. එක්කො ගෙදර වැඩකට හරි ලමයින්ගෙ වැඩකට හරි යොදවනවා.” “එක අතකට දැන් රටේ වෙන දේවල් ඇහුවම සල්ලි ගෙදර ගෙනල්ලා තියාගන්න එක තමයි කරන්න තියෙන හොදම වැඩේ.” “ඔව් ඉතිං පුස් කනව කියලෑ. අඩුම තරමේ තමන්ගෙ සල්ලි තමන් ලග කියලා හිතට හරි සැනසිල්ලක්නෙ.” පැයක හමාරක වේලාව්ක් සමාගම් කාර්යාලය තුල ගත කල සුමනසේකර මහතා එදින ඉන් පිටවුයේ එහි ස්ථාවර තැන්පතුවක දමා තිබු තමාගේ ලක්ෂ පහක මුදලද රැගෙනය. හැටවන වියට පා තබා සිටින සුමනසේකර මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. ගැහැනු දරුවන්ම තිදෙනෙක් වු සුමනසේකර යුවලට පවුල් බරෙන් අඩුවක් නොවීය.අසාර්ථක විවාහයකින් පසු ගෙදර පැමිණ සිටින සිය වෑඩිමහල් දියණිය හා ඇගේ දරුවාටද රැකවරණය සැපයීමට සිදුවී තිබුයේ සුමනසේකර යුවලටය.පාසැල් යන පවුලේ බඩ පිස්සිත් , සරසවි වරම් ලද මද්දුමීත් ඇතුලුව පවුලේ සියලු ආර්ථික අවශ්‍යයතා සැපිරීමට සිදුවුයේ සුමනසේකර මහතාගේ විශ්‍රාමික වැටුපට හා ඔහුගේ තිස්වසරකට ආසන්න ගුරු සේවයෙන් ඉතිරිකරගත් ලක්ෂ පහකට ලැබෙන පොලි මුදලටය.එහෙත් අද දින සිට තමන්ගේ එක් ආදයම් මර්ගයක් වැසී ගොස් ත්මන් තවත් කබලෙන් ලිපට වැටුණිදෝ යන සිතුවිල්ල සුමනසේකර මහතාගේ සිතට වද දෙන්නට විය.එහෙත් එම සිතුවිල්ල යටපත් කරමින් සිය බිරිදගේ වදන් ඔහුගේ මනසෙහි දෝංකාර දෙන්නට විය. “කියන දේ අහලා ඔය සල්ලි ටික අර ගන්නවා මනුස්සයො. මේ කාලේ කිසිම මිනිහෙක් ඔය තරම් ලොකු ස්ල්ලියක් කොහෙවත් දාලා තියන්නෑ.අර හන්දිය කඩේ මුදලාලිත් ඕකේ දාලා තිබුණු සල්ලි සේරම අර ගත්තලු.අපිට තව බන්දල දෙන්න කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.මොකද අපට විකුණන්න දේපල ඉඩකඩම් තව තියෙනවා කියලෑ.අනිත් සේරම මිනිස්සු මේකාලේ තමන්ගෙ සල්ලි බේරගන්න දත කට කනවා. මෙයා විතරක් ගෙදරට වෙලා වෙස්සන්තර වෙන්න හදනවා.කියනදේ අහලා හෙට උදේම ගිහිල්ලා ,පුලුවන් වෙලාවේ ඔය සල්ලිටික අරගෙන එනවා.රුපියල් හය හත්දාහක පොලිය වගේද මනුස්සයො ලක්ෂ පහක් කියන්නෙ.” තොරතෝංචියක් නැතිව ඇදහැලෙන්නා වු වැස්සක් මෙන් පසුදා රාත්‍රිය පුරා ඇසුණු බිරිදගේ වදන් සුමනසේකර මහතාගේ දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් විය. බසයෙන් බිමට බට සුමනසේකර මහතා තමාගේ පොතු ගැලවුණු හම් බෑගයද තරයේ අල්ල ගනිමින් වෙනදා මෙන් හංදියේ සුනංගු නොවී හැකි ඉක්මණින් තම නිවස දෙසට පය ඉක්මණ් කලේ දෑස් පොලවට යොමා ගෙනය.ප්‍රදේශය තුල පිලිගත් පුද්ගලයකු වු සුමනසේකර මහතා මගතොටේදී හමුවන ඕනෑම පුද්ගලයකු සමග දොඩමලුවීමේ සිරිත අද දින ඔහුගේ සිතට වලංගු නොවීය. ගම්සභා පාර දිගේ ඇවිද එන සුමනසේකර මහතට සිය බිරිද ආලින්දයේ මග බලමින් සිටිනු ඈත තියාම නෙත ගැටුණි. “මං ඒත් බැලුවා ටිකක් පරක්කුවෙන කොට මොකද කියලා” සුමනසේකර මහතා ගෙට ගොඩවීමටත් පෙර සිය බිරිද තෙපලන්නට විය. “ඒකේ සෙනග පිරිල” ඔහු සිය බිරිද අත ප්‍රවේසමට හම් බෑගය තබමින් පැව්සුවේය. “ඔක්කොම සල්ලි හම්බ වුණාද?” “හ්ම්” “ඕන්න දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ” ඇය බෑගය තුරුල්ලට ගනිමින් පැවසුවය. සුමනසේකර මහතා කමිසයේ බොත්තම් ලිහිල් කරමින් සිය බිරිද පිටුපසින් ඇදුණාය.නිවස තුල වසා දමා තිබු ගබඩා කාමරය ගවුම් සාක්කුව තුල වු යතුරකින් විවර කල ඇය එහි තැන තැන ගොඩගසා තිබෙන ලට්ට ලොට්ට එහා මෙහා කරන්නට විය. “ඔයා ඔය මොකද කරන්න යන්නේ?” සුමනසේකර මහතා විමසුවේ බිරිදගේ ක්‍රියාවෙන් විලම්බීත වූයෙක් සේය. “මේ ටික පරිස්සම් ඇති තැනක තියන් එපැයි” බිරිද තෙපලේය. “ඒකම තමයි මමත් මේ කියන්න කටගත්තෙ” බිරිය ගබඩා කාමර්යේ කොනක තබා තිබු පෙට්ටකම විවර කලාය. ඉන් අනතුරුව එහි වු පිගන් බඩු ඉවතට ගත් ඇය හම් බෑගය තුලින්ගත් මුදල් නොට්ටු සහිත කවරය පෙට්ටගම් පතුලෙ තබා නැවත ඒ මත පිගන් බඩු පුරවා පෙට්ටගම වසා යතුර ගවුම් සාක්කුව තුලට ඔබා ගත්තාය. “මෙතන වැඩිය කාගෙවත් ඇහැ ගැටෙන්නෑ. ආරක්ෂාවත් හොදයි.” ඇය විලම්බීතව බලා සිටින සැමියා දෙස බලා පැවසුවාය. අනතුරුව යුවල ගබඩා කාමරය වසාදමා නිවස තුලට වැදුණි. වෙනදාට අටහාමාරේ ටෙලි නාට්‍යයෙන් පසුව නින්දට යන සුමනසේකර මහතා එදා රාත්‍රි දහය පසුවන තුරුත් රූපවාහිනියේ චැනල මාරුකරමින් සිටියේය.නින්ද ඔහු අහලකවත් නෙවීය.වරින් වර ඔහුගේ සිත තුල නොයෙකුත් සිතිවිලි පැන නගින්නට විය. ඒ සියල්ල සුමනසේකර පවුලේ අනාගතය හා තමා රැගෙන ආ ලක්ෂ පහ හා සම්බන්ධ ඒවා විය. “මද්දුමීගේ අන්තිම අවුරුද්ද නිසා අද හෙටම පත්තරේට දාලා මනමාලයෙක් හොයන්න පටන් ගන්න ඕනා.ලොක්කිට වගේ නෙමෙයි මද්දුමීට යමක්කමක් තියෙන තැනකින් බලන්න ඕනා. ඊට ඉස්සෙල්ල මේ ගෙයි ඉස්සරහ පැත්තෙ රෙපයාර් එක කරගන්න ඕනා. නැත්තං කෙලී බලන්න එන මිනිස්සු හිතයි අපි මහ කෝඩකාරයෝ කියලා.කෙල්ලට දෑවැද්දට මුදලින් ලක්ෂයක් දෙනවා කියලම පත්තරේ දාන්න ඕනා.මගුලක් ගන්නත් ලක්ෂයක් හමාරක් විතර යයි.ඉතිරි සල්ලි ඔක්කොම පොඩි කෙලීට අරන් තියනවා.පොඩ්ඩිටනං තව කල වයසක් කියලෑ. එහෙම වුණොත් ටිකක් ගුරු විශ්‍රාම සමිතියේ සීට්ටුවට දානවා.මගුලක් කනව නං ගෙදරට අලුත් බඩු මුට්ටුට ටිකක් ගන්නත් වෙනවා.ලොක්කි ගැන නොබලත් බෑ.ඒකිටයි පොඩි එකාටයි යන කල දවසක් බලන්නත් ඕනෑ.” “අද ඔයා නිදා ගන්නෙ නැද්ද?” සිය බිරිදගේ හඩින් සුමනසේකර මහතා නැවතත් පියවි ලෝකයට අවතීරණ විය. තමා පෙරලා එම ප්‍රශ්නයම සිය බිරිදගෙන් ඇසිය යුතුව තිබුණද සිය බිරියගේ සිත ගැන දන්නා සුමනසේකර මහතා නිහඩවම රූපවහිනිය වසා දමා ඉස්සරහ කාමරයට රිංගා ගති.ලොකු දියණිය හා මුණුපුරා මහගෙදරට පැමිණිදා සිට සුමනසේකර මහතා තනිවම ඉස්සරහ කාමරයේ නිදා ගැනීමට පුරුදු වී සිටියේය. ඔහු කාමරයේ විදුලි බුබුල නිවාදමා ඇදේ වැතිරුණි.මොහොතකින් ආලින්දයේද විදුලි බුබුල නිවී දොර වැසෙණු ඔහුට ඇසුණි. තමාගේ හුස්ම ගැන්ම ඇසෙණ තරමටම මුලු නිවස පුරාවටම අදුර සමග නිහැඩියාව පැතිර යන්නට විය. අවට නිහැඩියාව පැතිරුනද සුමනසේකර මහතාගේ සිත තුල නම් එකම කාලගෝට්ටියක් විය.තමන් ගෙදර රැගෙන ආ ලක්ෂ පහක මුදලෙන් කලයුතු දෑ පිලිබද සිතුවිලි කුබි ගුලක් තුලට ඇදෙන කුහුබුවන් මෙන් ඔහුගේ සිත තුල පෙලගැසෙන්නට විය. ක්‍රමයෙන් හෝරා කිහිපයක් ගතවී මැදියම පසුවන තුරුත් සුමනසේකර මහතාට නින්දක් නොවීය. ඔහු ඇදේ ඒ මේ අත පෙරලෙමින් නින්දක් ලබාගැනීමට ගත් උත්සාහය ඔහු මේ වන විටත් අත්හැර දමා තිබුණි.ඔහු සිතට තම ගත ආක්‍රමණය කිරීමට ඉඩ හැර නිසොල්මනේ දෙනෙත් පියා ඇද මත වැතිර හුන්නේය. හදිසියේ පිලිකන්නේ බල්ලා බුරන ශබ්දයක් ඇසුණෙන් සුමනසේකර මහතා සිය විදුලි පන්දමද රැගෙන ආලින්දයට පැමිණියේය.මෙතෙක් ජීවිතයේ කිසිම දිනක සොර සතුරු උපද්‍රවයකට මහුණ නොපා තිබුණද අද සුමනසේකර මහතාගේ සිතට තරමක චකිතයක් දැනෙන්නට පටන්ගෙන තිබුණි.එහෙයින් ඔහු විදුලි පන්දම කිහිපවිටක් මිදුල දෙසට අල්ලමින් පිලිකන්න දෙසට පියමැන්නේය. සුමනසේකර මහතා දුටු බල්ලා හීන් කෙදිරියක් ගා නිහඩවම බිම වැතිරී නගුට වනන්නට විය.එහෙයින් ඔහුද විදුලි පන්දම පිලිකන්නේ වත්ත වටා කිහිප විටක් අල්ලා නැවත නිවස තුලට යාමට සැරසුණි. හදිසියේම නිවස තුලින් හඩක් ඇසුණි.එකවරම හඩ කුමක්දැයි වටහාගත නොහැකි වුවද හඩ පැමිණියේ නිවස තුලින් බවට සුමනසේකර මහතාට සක් සුදක්සේ පැහැදිලිය. ඔහු මොහොතක්වත් පමා නොවී නිවස තුලට පය ඉක්මණ් කලේය.එහෙත් ඔහු නිවසේ ආලින්ද්යේ පඩිය නගිනවත් සමගම තවත් වරක් නිවස තුලින් ශබ්දයක් ඇසුණි. මෙවර කලින්ට වඩා උස් හඩට ඇසුණු ශබ්දයෙන් සුමනසේකර මහතාගේ ඇග කිලිපොලා ගියේය. බිය සැක ඔහුගේ සිතෙහි රජයන්ට විය.වහා සිය කාමරයට වැදුණු ඔහු අදුරේම අත පත ගා ඇද අසල වු කිතුල් පොල්ල අතට ගත්තේය. විදුලි පන්දමත් නිවා දමා ඔහු හෙමින් සීරුවේ නිවස තුලට ඇතුල් විය.පොහොය ගෙවී වැඩි දිනක් නොවුවෙන් ජනේල අතරින් නිවස තුලට හද එලිය වැටී තිබුණි. හදිසියේම නැවතත් එම ශබ්දයම ඇසුණි.මෙවර ශබ්දය පැමිණියේ ගබඩා කාමරයෙනි.සුමනසේකර මහතාට තරු විසිවුණි.එහෙත් ඔහු සිත දමනය කර ගනිමින් හෙමින් සීරුවේ ගබඩා කාමරයේ දොරකඩට ලංවිය.ගබඩ කමරයේ දොර හොදින් වසා තිබුණි.ඔහු හෙමින් සීරුවේ දොරට කන තැබුවේ කලින් ආ ශබ්දය නැවත නො ඇසුණු හෙයිනි.එහෙත් කාමරය තුල යමක් බිම ඇතිල්ලෙන ශබ්දයක් නිරන්තරයෙන් ඔහුගේ කන වැකෙන්නට විය.ඒත් සමගම සුපුරුදු ශබ්දයද විටින් විට ඇසුණි.කාමරය තුල යමෙකු සිටින බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි විය. කෑ ගසා නිවැසියන් අවදිකිරීමට ඔහුට සිතුණි.එහෙත් ඒ අවසරයෙන් සොරා තම මුදල්ද රැගෙන පලායාවියයි ඔහුට සිතුණි.නිවසේ පිරිමියකුට කියා සිටින්නේ තමා පමණක් බව සිතූ සුමනසේකර මහතා සිතට වීර්යය ගත්තේය.කලයුතු සුදුසුම දේ සිතු ඔහු අසල තිබු ඇදි පුටුව හීන් සීරුවේ දොරට සිර කලේය.ඉන් අන්තුරුව කිතුල් පොල්ල තරයේ දෑතට ගෙන නිවස පිටුපසට මුහුණලා ඇති ගබඩා කාමරයේ ජනේලය වෙත හීන් සීරුවේ පිය මැන්නේය. ජනේලයේ පියනක් විව්තව තිබෙණු දුටු ඔහු තව තවත් සිතට වීර්යය ගෙන ජනේලයට කිට්ටුය විය.ගබඩා කාමරය තුලින් එන සුපුරුදු ශබ්දය හා බිම ඇතිල්ලෙන හඩත් දැන් බොහොම පැහැදිලිව ඔහුට ඇසෙන්නට විය. සොරෙකු ජනේලයෙන් කාමරයට ඇතුලු වී ඇති බවට සුමනසේකර මහතාට දැන් කිසිදු සැකයක් නොමැත.ඔහුගේ දහඩිය වගුරන දෑත් අතර සිරකරගත් කිතුල් පොල්ලද මානමින් ඔහු හෙමින් සීරුවේ ජනේලයට එබුණි.එහෙත් ජනේලයේ යකඩ පට්ටමට කිසිදු හානියක් නොවී තිබෙණු දුටු ඔහු තරමක් මවිත වුවද ඒ ගැන නොතකා ඔහු ශබ්දය එන දෙසට කන්දීගෙන ජනේලයෙන් කාමරය තුලට එබුණි. ගබඩා කාමරයට වැටී තිබුණු සද එලිය සුමනසේකර මහතාට සියල්ල එකවර දර්ශනය කලේය. තම බිරිද පෙට්ටකම අසල පැදුරක් එලා බිම නිදා හුන්නාය.විටින් විට ඇය මදුරුව්න් තලමින් පැදුරේ අත් පය අතුල්ලන අයුරු සුමනසේකර මහත ගල් ගැසී බල හුන්නාය. සිය කාමරයට වැදී ඉතිරි හෝරා දෙකත් නිදි වර්ජිතව ගත කල සුමනසේකර මහතා පසුදින උදයේම බිරිදගේ රැවිලි ගෙරවිලි මැද බැංකුවකට ගොස් තම මුදල නැවත තැන්පත් කලේ සිතේ සහනය ලක්ෂ පහකට වඩා වටිනා බව සිතමින්ය. Author : Daminda dampahalage[/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom