ලග්න පලාඵල👀

Emios

Well-known member
  • Dec 10, 2009
    75,064
    67,377
    113
    Fk lies.ohoma generally astrology balanna be.individual chart eka anuwa full wenas wenawa
     

    nidarsha91

    Well-known member

  • උඹ මේක තවත් තැනක දාල තිබුන දැක්ක මචන්. මේක වැරදී කියල කතා කරන්න එදත් වුවමනා වුණා. ඒත් අත ඇඉරියා. ඒත් උඹ පව් කියල මේක ලියන්නම්.

    "අල්තීනායිව රටේ ඉහලම තැනකට යවන්න මහන්සි වුන දුයිශෙන් අවසානෙදිත් ලියුම් බෙදුවා මතකද?"

    "විද්‍යාත්මක විවරණයකට ආව සිද්ධාර්ථ ඒක කරන එක වෙනුවට මුළු ලෝකෙම බෞද්ධ කළාද, කරන්න උත්සාහ ගත්තද?"

    "ආදරය කරුණාව ගැන කියල දෙන්න ආව ජේසුස්, තමන්ගෙ කාර්‍යය අකුරටම ඉටු කරල අනිත් එවුන් වෙනුවෙන් මැරිලා, ඒ මරපු උන්ටම සමාවත් දීල ගියා මිසක්, මුළු ලෝකෙම කතෝලික කරන්න උත්සාහ ගත්තද? "

    ගණිතමය ශාෂ්ත්‍රයක් මැජික් එකක් කරගෙන ලෝකෙ දිහා බලන්න එපා මචන්. මොකද ලෝකෙ ඉන්න ලොකුම බලවතත් මේ උඩින් දෙන පිටපතට අනුව තමයි ක්‍රියා කරන්නෙ. එතකොට ඒක ගැන අවබෝදයක් නැතුව නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න උත්සාහ කරල - ආයෙ ඉපදෙද්දි ගාසා වල වගේ ඉපදුනාම තේරෙයි දැන් පරක්කුයි කියල. අප්පමාදෝ අමත පදං.

    "මැකෝලි සර් කියන්නෙ වෙන්නප්පුවෙ අඩුම මුදලක් අරගෙන ඒ ලෙවල් මැත්ස් උගන්වපු සර්. ලොකු සීන් නැහැ. 2009ඩිත් ගත්තෙ රුපියල් 300ක් වගේ මාසෙකට. හරිම සරල මනුස්සයෙක්. හැබැයි ඒ පන්තියෙ අවසාන වෙනකන් හිටියා කියන්නෙ උන් අද හැම එකාම උන්ගෙ ක්ෂේත්‍රයෙ ටොපර්ස්ල. මේ යතාර්ථයේ තියෙන කතාවක් උඹට කිව්වෙ."

    ඉතින්, තමන්ගෙ ජීවිතේ සමහරවිට තමන් ඉන්න තැන බලල අනිත් උන්ටත් කෙලවෙයන් කියල හිතන පට්ට ආත්මාර්ථකාමියො වෙන්නෙපා. එතකොට උපදින උපදින වාර හැම එකකම කුහකයො වෙලා උපදින්නෙ. රෑට බෙහෙත් බොන්න වෙයි නිදාගන්න.

    මේ පාඩම් ඇති වෙයි උඹේ මතය වෙනස් කරගන්න.
    "ගුරුවරු ගෝලයන්ව හදන්නෙ තමන්ගෙ පස්සෙන් එන්න නෙමෙයි මිත්‍රයා. තමන්වත් පහු කරගෙන ඉදිරියටම යන්නයි"
     
    • Like
    Reactions: wtsamantha