Dinza Body Kits කියන්නෙ කටානෙ ඉන්න දක්ෂ vehicle external modifications කරන කෙනෙක් වෙන දිනේශ් අයියගේ රාජධානිය. මගෙ වාහනේ external modifications කීපයක්ම කරේ දිනේශ් අයියා. ඉතින් මේ පාර මම එතනට ගියේ මගේ කාර් එකේ front bumper එකයි, left side fender එකයි හදාගන්න. මේ ගමනේදි මම මගෙ ජීවිතේට බලාපොරොත්තු වුනේ නැති අවස්ථාවක් මට ලැබුණා. ඒ තමයි Lamborghini Countach එකක් මගෙ ඇස් දෙකින්ම බලාගන්න එක. ජපානයේදි ගිනිගැනීමකට ලක්වෙලා තිබ්බ මේ Lamborghini Countach එක දිනේශ් අයියා ගාවට ගෙනත් තිබ්බෙ restoration වලට. ඒකට අමතරව Toyota Celica GT, Porsche 911 Careera 4 Stradale, Honda Fomula 1 වගේ දුර්ලභ වාහන ගණනාවක්ම එතනදි බලාගන්න පුළුවන් වුණා. මේ ඒ ගමනෙ වීඩියෝ එක. ඔයාට කවදාවත් බලාගන්න බැරි වාහන බලන්න ඕනනම් මේක අනිවාර්යයෙන් බලන්න.
