Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්කාවෙ හොදම Martial arts ගුරුවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම්. බී. ඩී. සිල්වා තවම කරාටේ ගහනවා!

18 පෙබරවාරි, 2017

2 Facebook Twitter Email WhatsApp Viber

අමිල මලවිසූරිය

සිත්මල් යාය

කරාටේ ක්‍රීඩාවේ ෂෝතෝකාන් ශෛලියෙන් 70, 80 දසකයන්හි තරුණයන් අතර උන්මාදනීය චරිතයක් වූ කෙනකු හැටියට එම්. බී. ඩී. සිල්වා මහතා හැඳින්විය හැකිය. ඒ කාලයේ තරුණ පරම්පරාවේ කරාටේ උන්මාදයට හේතුවක් වෙමින් කරාටේ ශිල්පය සමඟ රටපුරා ගිය ඔහු එකල සිටි කරාටේ ‘මාස්ටර්’ලා අතර ප්රමුඛයෙකි.

වර්තමාන පරපුර අතර එතරම් ප්‍රචලිත චරිතයක් නොවුවත් 85 වැනි වියෙහි පසුවන සිල්වා මාස්ටර්ගේ ගත මෙන් ම සිත ද තවම තරුණ බව ඔහුත් සමඟ කරන කතාබහේදී මනාව වැටහේ. බත්තරමුල්ල, අග්ගොන ප්‍රදේශයේ සැඳෑ සමය ගත කරන මාස්ටර් සොයා ගිය අපට ඔහු මෙසේ කරුණු දක්වයි.

“දැනුත් මං මේ ව්‍යායාම කරලා, පොඩි පොඩි කරාටේ ශිල්ප ටිකක් කරලා ආවේ පුතා. කොහොමත් මං හැමදාම උදේ පැය දෙකක් විතර කරාටේ ශිල්ප, ව්‍යායාම් කරනවා. ඒවා කරලා පොත පත කියවගෙන බණ භාවනාවක් කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඕක තමයි මගේ දැන් දින චර්යාව. ඊට අමතරව සතියකට දවසක් පන්තියක් කරනවා පැටවු ටිකකට මේ ගෙදරම” යැයි පවසන මාස්ටර් තරුණ කාලයේ සිටම ව්‍යායාම සමඟ මෙවැනි ක්‍රීඩාවක්, කලාවක් කළහොත් ඕනෑම අයෙකුට ලේසියෙන්ම අවුරුදු 80, 90ක් කිසිදු කරදරයක්, බාධාවක් නොවී නිරෝගී සම්පන්නව ජීවත්විය හැකි බව පසක් කරන අතරේ මාස්ටර් අතීතය ආවර්ජනයට කරන්නට විය.

“70, 80 දසකවල අපේ නම්-ගම් හරිම ජනප්‍රියයි. කරාටේ කියන්නෙ ඒ කාලෙ උන්මාදයක්. මගේ සමහර පන්තිවලට ළමයි පන්සිය, හයසීය හිටපු අවස්ථාත් තිබුණා. අපි ඒ කාලේ මේ උතුම් ශිල්පය නිසියාකාරව තරුණයන්ට දුන්නා. දැන් වගේ හොර මාස්ටර්ලා ඒ කාලේ අඩුයි. දැන් කරාටේවල ජනප්‍රිය බව අඩුවෙන්න හොර මාස්ටර්ලාත් එක් හේතුවක් වෙලා” යැයි පවසන සිල්වා මාස්ටර්ගෙන් මා විමසා සිටියේ කොහොමද කරාටේවලට යොමු වූයේ කියා,

“මම 1932 අගෝස්තු 19 වැනිදා දකුණේ අහංගමදී උපන්නෙ. පුංචි කාලේ ඉඳන්ම හරි ආසයි මාර්ෂල් ආට් වගේ සටන්ක්රම වලට. නමුත් ඒවා ගැන නමින් පමණයි අහලා තිබුණේ. ඉඳලා හිටලා පත්තරවල විස්තර යනවා. ඉගෙන ගන්න දන්න පළාතක තැනක් නෑ. ගාල්ලෙ මහින්දෙන් අධ්‍යාපන කටයුතු අවසන් වූ සැණින් මට රස්සාවක් ලැබුණා 1955 ජනවාරි 1 වැනිදා මහ බැංකුවේ ලිපිකරුවෙක් හැටියට. ඒත් සමඟ මම කොළඹට සේන්දු වූවා” එසේ පවසන සිල්වා මහතාගේ මතකය කෙතරම්ද කියතොත් ඔහුට දින වකවානු ටක්කෙටම මතක තිබීම ගැන විස්මයකි.

බැංකු රැකියාවත් සමඟ කොළඹට පැමිණීම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සේ දකින ඔහුගේ කරාටේ ඉගැනීමේ සිහිනය සපථ වූ ආකාරය සිහිපත් කරන්නට විය.

“මම කොළඹ කොටුවේ තරුණ ක්‍රිස්තියානි සංගමේට බැඳිලා කායවර්ධන අංශයෙන් කටයුතු කළා. 1957/58 වගේ කාලේ වරායට එන නැව්වල කරාටේ දන්න නාවිකයෝ කොටුවේ වයිඑම්බීඒ එකේ සංදර්ශන පවත්වනවා. ඔය වගේ ආපු ජපන් නාවිකයන්ගේ සංදර්ශනයක් තමයි මම මුලින්ම දැක්කෙ. ඉතින් මට හරිම ආසාවක් ඇතිවුණා කරාටේ ඉගෙනගන්න. ඔය කාලේ වෙද්දි ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කරාටේ උපදේශකවරු දෙන්නෙක් වූ බී. ඒ. වෙල්ගම සහ ජී. ඒ. ටී. ලිවේරා මහත්වරු පන්ති කළා. මම ලිවේරා මහත්තයගෙන් මූලික පාඩම් ටික ඉගෙනගත්තා. පස්සෙ මම හිතුවා කරාටේවලින් ඉදිරියට යන්න ඕනැ කියලා.”

මාස්ටර්, කරාෙට්වලින් ඉදිරියට පැමිණියේ කෙසේ දැයි මගෙන් පුංචි පැනයකි.

“ඔය අතරෙදි ලංකාවේ සංචාරයකට ආපු මලයාසියාවේ වෙසෙන චීන ජාතික කරාටේ විශාරදයෙක් වුණ චූචූ ෂූට් මහත්තයා මට හම්බ වුණා අහම්බෙන් වගේ. එතුමා බූඩෝකාන් කියන ශෛලියේ ජාත්‍යන්තර සංගමයේ අධිපති. මම මගේ අවශ්‍යතාව කිව්වම, මලයාසියාවට එන්න කියලා එතුමා කීවා. මට ඉතින් රස්සාවත් එක්ක එහේ යන්න බෑනේ. ඒ කාලේ වෙනකොට මගේ ගෝල පිරිසකුත් හැදිලා හිටියා. ඒ අයටත් කියලා එතුමා ලංකාවට ගෙනල්ලා පුහුණුවීම් කරන්න අපි සූදානම් වුණා. එතුමා මා වෙනුවෙන් අමතර පන්ති තියලා කරාටේ සම්බන්ධ ආයුධ ගැනත් පුහුණුව දුන්නා. ඔය අතරේ රටපුරාම ප්‍රචාරේ වුණා අපි විදෙස් පුහුණුකරුවෙක් ගෙනල්ලා පුරුදු පුහුණු වෙනවා කියලා” යැයි පවසන මාස්ටර් ක්‍රමයෙන් කරාටේ තුළින් ජනප්‍රිය චරිතයක් වෙමින් සිටි බව කීය.

එවකට, ඔහු සේවය කළ මහ බැංකුවේ අධිපතිව සිටි එච්. ඊ. තෙන්නකෝන් මහතාගේ ඇස ගැටුණු මාස්ටර්ගේ දක්ෂතා ගැන පැහැදුණු තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් මත මහ බැංකු ආරක්ෂක අංශයට ද නොමිලේ කරාටේ පුහුණු කිරීමට ඉදිරිපත් වූ සිල්වා මාස්ටර්ගෙන්, එසමයේ ලංකාව තුළ කරාටේ ජනප්‍රිය වීමට හේතුව කුමක්දැයි මම විමසීමී.

“ඒ කාලේ බෲස්ලිගේ චිත්‍රපට රැල්ලක් ලංකාව පුරා ගියා. ඉතින් ඒවයි දකින දේවල් ඉගෙනගන්න තරුණයන්ට උන්මාදයක් තිබුණේ.” එම හේතුවෙන් අපගේ පන්තිවලට දැඩි ඉල්ලුමක් ඇතිවූ බව හෙළි කරන මාස්ටර්, 70 ගණන්වල මැතිනිගේ පාලන සමයේදී යුද හමුදා මූලස්ථානය තුළ කරාටේ පන්ති පැවැත්වීමට ආරාධනාවක් ලැබුණු බව කීවේය. “හමුදාවේ මගේ මුල්ම ශිෂ්‍යයා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. ඒ කාලේ එතුමා මේජර්වරයෙක්” යැයි පවසයි.

“70, 80 දශකවල අපි කරාටේ නිසා කෙතරම් ජනප්‍රිය ද කිවහොත් ඒ කාලේ පත්තරවල ෆුල් පේජ් දැන්වීම් ගියේ. මගේ ගෝලයෝ රට වටේම පන්ති කළා. මම ඒ හැම පන්තියකටම සතියකට දෙකකට සැරයක් යනවා.“ එක් වරක් එසේ ගිය ගමනකදී වූ රසවත් සිදුවීමක් ගැන මතකය අවදි කළේ සතුටු සිනා නඟමිනි.

“මගේ ගෝලයෙක් හිටියා කපුරුබණ්ඩා කියලා ගලිගමුවේ මයිලෑව කියන ගමේ. අලි ගහන පළාත්. ඔහු දවසක් මට ඉල්ලීමක් කළා පන්තියට ආපු වෙලාවක ඔහුගේ ගෙදර රැයක් නවතින්න එන්න කියලා. මමත් පන්ති ඉවර වෙලා ඔහුගේ ගෙදර ගියා. ගෙදරට යනකොට රෑ නමයට විතර ඇති. කපුරුබණ්ඩලයි ගෙදරට තුන්හාරසියක් සෙනඟ රොක්වෙලා එදා මහ රෑ මං එනවා කියලා ආරංචියට. ඉතින් මම ඒ හැම කෙනෙක් සමඟම වචනයක්හරි කතා කරලා නිදාගන්නකොට රෑ එක විතර වෙලා. එහෙමයි අපිට ඒ කාලේ තිබුණ ජනප්‍රියත්වය.”ඒ අතීතය සිහිපත් කරන’තුර ඔහුගේ දෑස්වලින් සතුටු කඳුළු වැගිරෙන අයුරක් පෙනේ.

දයා සමරසේකර, ඩී. සී. මෙන්ඩිස්, ජේ. ඇලෙක්සැන්ඩර්, රුවන් රණසිංහ, ක්ලින්ට් විලියම්ස්, ප්‍රදීප් සතරසිංහ, ඔහුගේ පුතුන් තිදෙනා වූ මිහිර, බනු උදයන සහ ඔකඳ සිල්වා වැන්නන් ප්රමුඛව රටපුරා ගෝලයන් දහස් ගණනක් බිහිකර ඇති එම්. බී. ඩී. මාස්ටර්ගේ ගුරුහරුකම් ලබන්නට වර්තමාන රජයේ අමාත්‍යවරු වන රුවන් විජේවර්ධන, හර්ෂ සිල්වා වැන්නන්ද තම පන්තිවලට සහභාගි වූ බවක් ඔහුගේ මතකයේ අදටත් පවතී.

එක්වරම මා, මාස්ටර්ගෙන් විමසූ කාරණාව ඔහු සැකෙවින් පැහැදිලි කරන්නට වූයේ, “80 ගණන්වල මාස්ටර් ඔයාමා පිළිබඳ නන්ද සිරිවර්ධන සමඟ පොඩි මත ගැටුමක් තිබුණා. පස්සේ ඒවා සමථයකට පත්වුණා. නමුත් කුංෆු කලාව කළ සිවලී වික්‍රමාරච්චි සමඟනම් ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔහු සෑම විටම කරාටේ පහත්කොට සලකලයි කතා කළේ. එයා අපිට කෙළින්ම සටනකට අභියෝග කළා. අපි අභියෝගේ බාරගෙන බොරැල්ලේ වයිඑම්බීඒ හෝල් එකත් බුක් කළා. ඒත් ඔහු ආවේ නෑ. හැබැයි ඒ අවස්ථාවේ නන්ද අපිට ලොකු ශක්තියක් වුණා.” අදත් කවුරුන් හෝ එසේ අභියෝග කළොත්... “අපෝ මට දැන් එහෙම මානසිකත්වයක් නෑ. මගේ සිත දැන් බෞද්ධාගමට තමයි වැඩිම නැඹුරුව.”

මැලේසියාව, ඉන්දියාව වැනි රටවල කරාටේ තරග විනිශ්චයටද ගොස් තිබෙන ඔහු ඕස්ට්‍රේලියානුවන්ට කරාටේ ඉගැන්වීමටද ගොස් තිබෙන බව පවසන අතරතුර පොඩි පොඩි කරාටේ ශෛලින් මා හට විදහා පායි.

තරුණ කාලේ ක්‍රීඩාවත් සමඟ කෑම බීම ගැනත් සැලකිලිමත් වූවාදැයි නැඟුණු පැනයට, “ඒ කාලේ අපි කෑවේ හොඳ සිංහල හාලේ බත්. හැබැයි අලුත් මාළු එළවළු තමයි සෑම විටම කෑමට ගත්තෙ. එහෙම නැතිව දැන් වගේ එක එක පිටි ජාති, පෙති වර්ගනම් අපි දැකලා තිබුණෙත් නෑ.”

කරාටේ ජෝ, සිවුරඟ සේනා වැනි චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කළ වර්තමානයේ කළුපටි 8 ශ්‍රේණියේ පසුවන මාස්ටර් ශ්‍රී ලංකා කරාටේ සංගමයේ නිර්මාතෘ ද වේ. මා අවසන් වශයෙන් ඔහුගෙන් විමසූයේ වත්මන් පරපුරට දෙන ඔවදන කුමක් ද යන්නයි.

“සෑම දෙනාම මේ කරාටේ වගේ ක්‍රීඩාවක්, කලාවක් කරනවානම් ලේසියෙන්ම ලෙඩ දුක් අවම කරගෙන ජීවත්වෙන්න පුළුවන්. කරාටේ කියන්නෙ රණ්ඩු සරුවල් වන ක්‍රීඩාවක් නෙමේ. දැඩි විනය නීති මාලාවක් තියෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය සපුරා තහනම්. අනෙක කරාටේවලට අනිවාර්යයි භාවනාව. භාවනා කිරීමෙන් සිත දියුණු වන හැටි අපි පන්තිවල උගන්වනවා. ඒ කාලේ දඹුල්ල පැත්තෙ මහ කැලෑවල ගිහින් අපි සති ගණන් නැවතිලා භාවනා කරනවා. කරාටේ හොඳින් ප්‍රගුණ කළාම කෙනෙකුට හිංසාවක්, කරදරයක්, පීඩනයක් කරන්න සිතක් පහළ වෙන්නෙ නෑ. ඒ වගේමයි වැඩිදුර කරාටේ පුහුණුවේදී කියා දෙන නිල ශාස්ත්‍රය. විශේෂයෙන්ම ගැහැනු ළමයින්ට එවැනි නිල ශාස්ත්‍රයක් උගෙනීම වර්තමාන සමාජයේ හැටියට අත්‍යවශ්‍යයි. ඔය ස්ත්‍රී දූෂණ අපචාර හුඟක් අඩු වෙනවා එහෙම ශාස්ත්‍රයක් කාන්තාවන් දන්නවනම්. මොකද ඕන ජගතෙක් බිම දාන්න පුළුවන් නිල ශාස්ත්‍රය දන්නවනම් ඇඟිල්ලෙන් ඇනලා.”

සිල්වා මාස්ටර්ලා වැනි අය ප්‍රගුණ කළ වත්මන් පරපුරට දායාද කළ කරාටේ ශිල්පය මොනතරම් වටින්නේ ද යන වග ඔහුගේ වචනවලින් පිළිබිඹු වේ. එම හේතුවෙන් වත්මන් තරුණ පරපුර ද කරාටේ වැනි ආත්මාරක්ෂක සටන් කලාවකට සිත යොමු කරනවානම් අද රටේ තිබෙන බොහෝ අසහනකාරි ගැටලුවලට විසඳුම් ලැබෙන බවක්ද ඔහු ප්‍රකාශ කර සිටී.

දරුවන් විවාහ වී වෙන්ව ජීවත් වෙද්දී තම ආදරණීය බිරියගේ අභාවයෙන් පසු අග්ගොන නිෙවසේ හුදෙකලාව සැහැල්ලු දිවියක් ගත කරන මාස්ටර් තමාගේ ජිවිත කතා ලියමින් නුදුරේදීම ග්රන්ථයක් ලෙස එළිදක්වන බලාපොරොත්තුවෙන් සිටි. 70, 80 දශකයන්හි මෙරට ලොකු පොඩි සැමගේ උන්මාදනීය චරිතයක් වූ එම්. බී. ඩී. සිල්වා මාස්ටර්ට සිළුමිණ අප දීර්ඝායු පතන්නෙමු

[QUOTE="shoo, post: 24668642, member: 178739"] එම්. බී. ඩී. සිල්වා තවම කරාටේ ගහනවා! 18 පෙබරවාරි, 2017 2 Facebook Twitter Email WhatsApp Viber අමිල මලවිසූරිය සිත්මල් යාය කරාටේ ක්‍රීඩාවේ ෂෝතෝකාන් ශෛලියෙන් 70, 80 දසකයන්හි තරුණයන් අතර උන්මාදනීය චරිතයක් වූ කෙනකු හැටියට එම්. බී. ඩී. සිල්වා මහතා හැඳින්විය හැකිය. ඒ කාලයේ තරුණ පරම්පරාවේ කරාටේ උන්මාදයට හේතුවක් වෙමින් කරාටේ ශිල්පය සමඟ රටපුරා ගිය ඔහු එකල සිටි කරාටේ ‘මාස්ටර්’ලා අතර ප්රමුඛයෙකි. වර්තමාන පරපුර අතර එතරම් ප්‍රචලිත චරිතයක් නොවුවත් 85 වැනි වියෙහි පසුවන සිල්වා මාස්ටර්ගේ ගත මෙන් ම සිත ද තවම තරුණ බව ඔහුත් සමඟ කරන කතාබහේදී මනාව වැටහේ. බත්තරමුල්ල, අග්ගොන ප්‍රදේශයේ සැඳෑ සමය ගත කරන මාස්ටර් සොයා ගිය අපට ඔහු මෙසේ කරුණු දක්වයි. “දැනුත් මං මේ ව්‍යායාම කරලා, පොඩි පොඩි කරාටේ ශිල්ප ටිකක් කරලා ආවේ පුතා. කොහොමත් මං හැමදාම උදේ පැය දෙකක් විතර කරාටේ ශිල්ප, ව්‍යායාම් කරනවා. ඒවා කරලා පොත පත කියවගෙන බණ භාවනාවක් කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඕක තමයි මගේ දැන් දින චර්යාව. ඊට අමතරව සතියකට දවසක් පන්තියක් කරනවා පැටවු ටිකකට මේ ගෙදරම” යැයි පවසන මාස්ටර් තරුණ කාලයේ සිටම ව්‍යායාම සමඟ මෙවැනි ක්‍රීඩාවක්, කලාවක් කළහොත් ඕනෑම අයෙකුට ලේසියෙන්ම අවුරුදු 80, 90ක් කිසිදු කරදරයක්, බාධාවක් නොවී නිරෝගී සම්පන්නව ජීවත්විය හැකි බව පසක් කරන අතරේ මාස්ටර් අතීතය ආවර්ජනයට කරන්නට විය. “70, 80 දසකවල අපේ නම්-ගම් හරිම ජනප්‍රියයි. කරාටේ කියන්නෙ ඒ කාලෙ උන්මාදයක්. මගේ සමහර පන්තිවලට ළමයි පන්සිය, හයසීය හිටපු අවස්ථාත් තිබුණා. අපි ඒ කාලේ මේ උතුම් ශිල්පය නිසියාකාරව තරුණයන්ට දුන්නා. දැන් වගේ හොර මාස්ටර්ලා ඒ කාලේ අඩුයි. දැන් කරාටේවල ජනප්‍රිය බව අඩුවෙන්න හොර මාස්ටර්ලාත් එක් හේතුවක් වෙලා” යැයි පවසන සිල්වා මාස්ටර්ගෙන් මා විමසා සිටියේ කොහොමද කරාටේවලට යොමු වූයේ කියා, “මම 1932 අගෝස්තු 19 වැනිදා දකුණේ අහංගමදී උපන්නෙ. පුංචි කාලේ ඉඳන්ම හරි ආසයි මාර්ෂල් ආට් වගේ සටන්ක්රම වලට. නමුත් ඒවා ගැන නමින් පමණයි අහලා තිබුණේ. ඉඳලා හිටලා පත්තරවල විස්තර යනවා. ඉගෙන ගන්න දන්න පළාතක තැනක් නෑ. ගාල්ලෙ මහින්දෙන් අධ්‍යාපන කටයුතු අවසන් වූ සැණින් මට රස්සාවක් ලැබුණා 1955 ජනවාරි 1 වැනිදා මහ බැංකුවේ ලිපිකරුවෙක් හැටියට. ඒත් සමඟ මම කොළඹට සේන්දු වූවා” එසේ පවසන සිල්වා මහතාගේ මතකය කෙතරම්ද කියතොත් ඔහුට දින වකවානු ටක්කෙටම මතක තිබීම ගැන විස්මයකි. බැංකු රැකියාවත් සමඟ කොළඹට පැමිණීම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සේ දකින ඔහුගේ කරාටේ ඉගැනීමේ සිහිනය සපථ වූ ආකාරය සිහිපත් කරන්නට විය. “මම කොළඹ කොටුවේ තරුණ ක්‍රිස්තියානි සංගමේට බැඳිලා කායවර්ධන අංශයෙන් කටයුතු කළා. 1957/58 වගේ කාලේ වරායට එන නැව්වල කරාටේ දන්න නාවිකයෝ කොටුවේ වයිඑම්බීඒ එකේ සංදර්ශන පවත්වනවා. ඔය වගේ ආපු ජපන් නාවිකයන්ගේ සංදර්ශනයක් තමයි මම මුලින්ම දැක්කෙ. ඉතින් මට හරිම ආසාවක් ඇතිවුණා කරාටේ ඉගෙනගන්න. ඔය කාලේ වෙද්දි ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කරාටේ උපදේශකවරු දෙන්නෙක් වූ බී. ඒ. වෙල්ගම සහ ජී. ඒ. ටී. ලිවේරා මහත්වරු පන්ති කළා. මම ලිවේරා මහත්තයගෙන් මූලික පාඩම් ටික ඉගෙනගත්තා. පස්සෙ මම හිතුවා කරාටේවලින් ඉදිරියට යන්න ඕනැ කියලා.” මාස්ටර්, කරාෙට්වලින් ඉදිරියට පැමිණියේ කෙසේ දැයි මගෙන් පුංචි පැනයකි. “ඔය අතරෙදි ලංකාවේ සංචාරයකට ආපු මලයාසියාවේ වෙසෙන චීන ජාතික කරාටේ විශාරදයෙක් වුණ චූචූ ෂූට් මහත්තයා මට හම්බ වුණා අහම්බෙන් වගේ. එතුමා බූඩෝකාන් කියන ශෛලියේ ජාත්‍යන්තර සංගමයේ අධිපති. මම මගේ අවශ්‍යතාව කිව්වම, මලයාසියාවට එන්න කියලා එතුමා කීවා. මට ඉතින් රස්සාවත් එක්ක එහේ යන්න බෑනේ. ඒ කාලේ වෙනකොට මගේ ගෝල පිරිසකුත් හැදිලා හිටියා. ඒ අයටත් කියලා එතුමා ලංකාවට ගෙනල්ලා පුහුණුවීම් කරන්න අපි සූදානම් වුණා. එතුමා මා වෙනුවෙන් අමතර පන්ති තියලා කරාටේ සම්බන්ධ ආයුධ ගැනත් පුහුණුව දුන්නා. ඔය අතරේ රටපුරාම ප්‍රචාරේ වුණා අපි විදෙස් පුහුණුකරුවෙක් ගෙනල්ලා පුරුදු පුහුණු වෙනවා කියලා” යැයි පවසන මාස්ටර් ක්‍රමයෙන් කරාටේ තුළින් ජනප්‍රිය චරිතයක් වෙමින් සිටි බව කීය. එවකට, ඔහු සේවය කළ මහ බැංකුවේ අධිපතිව සිටි එච්. ඊ. තෙන්නකෝන් මහතාගේ ඇස ගැටුණු මාස්ටර්ගේ දක්ෂතා ගැන පැහැදුණු තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් මත මහ බැංකු ආරක්ෂක අංශයට ද නොමිලේ කරාටේ පුහුණු කිරීමට ඉදිරිපත් වූ සිල්වා මාස්ටර්ගෙන්, එසමයේ ලංකාව තුළ කරාටේ ජනප්‍රිය වීමට හේතුව කුමක්දැයි මම විමසීමී. “ඒ කාලේ බෲස්ලිගේ චිත්‍රපට රැල්ලක් ලංකාව පුරා ගියා. ඉතින් ඒවයි දකින දේවල් ඉගෙනගන්න තරුණයන්ට උන්මාදයක් තිබුණේ.” එම හේතුවෙන් අපගේ පන්තිවලට දැඩි ඉල්ලුමක් ඇතිවූ බව හෙළි කරන මාස්ටර්, 70 ගණන්වල මැතිනිගේ පාලන සමයේදී යුද හමුදා මූලස්ථානය තුළ කරාටේ පන්ති පැවැත්වීමට ආරාධනාවක් ලැබුණු බව කීවේය. “හමුදාවේ මගේ මුල්ම ශිෂ්‍යයා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. ඒ කාලේ එතුමා මේජර්වරයෙක්” යැයි පවසයි. “70, 80 දශකවල අපි කරාටේ නිසා කෙතරම් ජනප්‍රිය ද කිවහොත් ඒ කාලේ පත්තරවල ෆුල් පේජ් දැන්වීම් ගියේ. මගේ ගෝලයෝ රට වටේම පන්ති කළා. මම ඒ හැම පන්තියකටම සතියකට දෙකකට සැරයක් යනවා.“ එක් වරක් එසේ ගිය ගමනකදී වූ රසවත් සිදුවීමක් ගැන මතකය අවදි කළේ සතුටු සිනා නඟමිනි. “මගේ ගෝලයෙක් හිටියා කපුරුබණ්ඩා කියලා ගලිගමුවේ මයිලෑව කියන ගමේ. අලි ගහන පළාත්. ඔහු දවසක් මට ඉල්ලීමක් කළා පන්තියට ආපු වෙලාවක ඔහුගේ ගෙදර රැයක් නවතින්න එන්න කියලා. මමත් පන්ති ඉවර වෙලා ඔහුගේ ගෙදර ගියා. ගෙදරට යනකොට රෑ නමයට විතර ඇති. කපුරුබණ්ඩලයි ගෙදරට තුන්හාරසියක් සෙනඟ රොක්වෙලා එදා මහ රෑ මං එනවා කියලා ආරංචියට. ඉතින් මම ඒ හැම කෙනෙක් සමඟම වචනයක්හරි කතා කරලා නිදාගන්නකොට රෑ එක විතර වෙලා. එහෙමයි අපිට ඒ කාලේ තිබුණ ජනප්‍රියත්වය.”ඒ අතීතය සිහිපත් කරන’තුර ඔහුගේ දෑස්වලින් සතුටු කඳුළු වැගිරෙන අයුරක් පෙනේ. දයා සමරසේකර, ඩී. සී. මෙන්ඩිස්, ජේ. ඇලෙක්සැන්ඩර්, රුවන් රණසිංහ, ක්ලින්ට් විලියම්ස්, ප්‍රදීප් සතරසිංහ, ඔහුගේ පුතුන් තිදෙනා වූ මිහිර, බනු උදයන සහ ඔකඳ සිල්වා වැන්නන් ප්රමුඛව රටපුරා ගෝලයන් දහස් ගණනක් බිහිකර ඇති එම්. බී. ඩී. මාස්ටර්ගේ ගුරුහරුකම් ලබන්නට වර්තමාන රජයේ අමාත්‍යවරු වන රුවන් විජේවර්ධන, හර්ෂ සිල්වා වැන්නන්ද තම පන්තිවලට සහභාගි වූ බවක් ඔහුගේ මතකයේ අදටත් පවතී. එක්වරම මා, මාස්ටර්ගෙන් විමසූ කාරණාව ඔහු සැකෙවින් පැහැදිලි කරන්නට වූයේ, “80 ගණන්වල මාස්ටර් ඔයාමා පිළිබඳ නන්ද සිරිවර්ධන සමඟ පොඩි මත ගැටුමක් තිබුණා. පස්සේ ඒවා සමථයකට පත්වුණා. නමුත් කුංෆු කලාව කළ සිවලී වික්‍රමාරච්චි සමඟනම් ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔහු සෑම විටම කරාටේ පහත්කොට සලකලයි කතා කළේ. එයා අපිට කෙළින්ම සටනකට අභියෝග කළා. අපි අභියෝගේ බාරගෙන බොරැල්ලේ වයිඑම්බීඒ හෝල් එකත් බුක් කළා. ඒත් ඔහු ආවේ නෑ. හැබැයි ඒ අවස්ථාවේ නන්ද අපිට ලොකු ශක්තියක් වුණා.” අදත් කවුරුන් හෝ එසේ අභියෝග කළොත්... “අපෝ මට දැන් එහෙම මානසිකත්වයක් නෑ. මගේ සිත දැන් බෞද්ධාගමට තමයි වැඩිම නැඹුරුව.” මැලේසියාව, ඉන්දියාව වැනි රටවල කරාටේ තරග විනිශ්චයටද ගොස් තිබෙන ඔහු ඕස්ට්‍රේලියානුවන්ට කරාටේ ඉගැන්වීමටද ගොස් තිබෙන බව පවසන අතරතුර පොඩි පොඩි කරාටේ ශෛලින් මා හට විදහා පායි. තරුණ කාලේ ක්‍රීඩාවත් සමඟ කෑම බීම ගැනත් සැලකිලිමත් වූවාදැයි නැඟුණු පැනයට, “ඒ කාලේ අපි කෑවේ හොඳ සිංහල හාලේ බත්. හැබැයි අලුත් මාළු එළවළු තමයි සෑම විටම කෑමට ගත්තෙ. එහෙම නැතිව දැන් වගේ එක එක පිටි ජාති, පෙති වර්ගනම් අපි දැකලා තිබුණෙත් නෑ.” කරාටේ ජෝ, සිවුරඟ සේනා වැනි චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කළ වර්තමානයේ කළුපටි 8 ශ්‍රේණියේ පසුවන මාස්ටර් ශ්‍රී ලංකා කරාටේ සංගමයේ නිර්මාතෘ ද වේ. මා අවසන් වශයෙන් ඔහුගෙන් විමසූයේ වත්මන් පරපුරට දෙන ඔවදන කුමක් ද යන්නයි. “සෑම දෙනාම මේ කරාටේ වගේ ක්‍රීඩාවක්, කලාවක් කරනවානම් ලේසියෙන්ම ලෙඩ දුක් අවම කරගෙන ජීවත්වෙන්න පුළුවන්. කරාටේ කියන්නෙ රණ්ඩු සරුවල් වන ක්‍රීඩාවක් නෙමේ. දැඩි විනය නීති මාලාවක් තියෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය සපුරා තහනම්. අනෙක කරාටේවලට අනිවාර්යයි භාවනාව. භාවනා කිරීමෙන් සිත දියුණු වන හැටි අපි පන්තිවල උගන්වනවා. ඒ කාලේ දඹුල්ල පැත්තෙ මහ කැලෑවල ගිහින් අපි සති ගණන් නැවතිලා භාවනා කරනවා. කරාටේ හොඳින් ප්‍රගුණ කළාම කෙනෙකුට හිංසාවක්, කරදරයක්, පීඩනයක් කරන්න සිතක් පහළ වෙන්නෙ නෑ. ඒ වගේමයි වැඩිදුර කරාටේ පුහුණුවේදී කියා දෙන නිල ශාස්ත්‍රය. විශේෂයෙන්ම ගැහැනු ළමයින්ට එවැනි නිල ශාස්ත්‍රයක් උගෙනීම වර්තමාන සමාජයේ හැටියට අත්‍යවශ්‍යයි. ඔය ස්ත්‍රී දූෂණ අපචාර හුඟක් අඩු වෙනවා එහෙම ශාස්ත්‍රයක් කාන්තාවන් දන්නවනම්. මොකද ඕන ජගතෙක් බිම දාන්න පුළුවන් නිල ශාස්ත්‍රය දන්නවනම් ඇඟිල්ලෙන් ඇනලා.” සිල්වා මාස්ටර්ලා වැනි අය ප්‍රගුණ කළ වත්මන් පරපුරට දායාද කළ කරාටේ ශිල්පය මොනතරම් වටින්නේ ද යන වග ඔහුගේ වචනවලින් පිළිබිඹු වේ. එම හේතුවෙන් වත්මන් තරුණ පරපුර ද කරාටේ වැනි ආත්මාරක්ෂක සටන් කලාවකට සිත යොමු කරනවානම් අද රටේ තිබෙන බොහෝ අසහනකාරි ගැටලුවලට විසඳුම් ලැබෙන බවක්ද ඔහු ප්‍රකාශ කර සිටී. දරුවන් විවාහ වී වෙන්ව ජීවත් වෙද්දී තම ආදරණීය බිරියගේ අභාවයෙන් පසු අග්ගොන නිෙවසේ හුදෙකලාව සැහැල්ලු දිවියක් ගත කරන මාස්ටර් තමාගේ ජිවිත කතා ලියමින් නුදුරේදීම ග්රන්ථයක් ලෙස එළිදක්වන බලාපොරොත්තුවෙන් සිටි. 70, 80 දශකයන්හි මෙරට ලොකු පොඩි සැමගේ උන්මාදනීය චරිතයක් වූ එම්. බී. ඩී. සිල්වා මාස්ටර්ට සිළුමිණ අප දීර්ඝායු පතන්නෙමු [IMG]http://www.silumina.lk/sites/default/files/news/2017/02/16/sith-1-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom