ලයිස්තුව මෙන්න..මන්ත්‍රින් 55ට ලක්ෂ 2 බැගින් &

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලයිස්තුව මෙන්න..මන්ත්‍රින් 55ට ලක්ෂ 2 බැගින් &

    මන්ත්‍රින් 55ට ලක්ෂ 2 බැගින් හොර පාරෙන් සල්ලි බෙදයි.. සූර වීර රතන හිමි ඇතුලූ එජාප තොගයක්..සම්පූර්ණ ලයිස්තුව මෙන්න..



    parliment-1.jpg




    August 14, 2018ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා මන්ත්‍රිවරුන් 55 දෙනකුට මුදල් ලබාදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තහවුරු කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව අදාළ තොරතුරු අමාත්‍යාංශය විසින් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ පැවැසීය.
    එක් එක් මන්ත්‍රිවරයකුට එසේ ලබාදෙන මුදල කොපමණදැයි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරි එල්.ජී.එස්.ජී. දයාරත්න විසින් තමා වෙත එවන ලද ලිපියෙහි සඳහන් කර නොතිබුණු බැවින් එසේ ලබාදෙන මුදල කොපමණදැයි විමසා තවත් ලිපියක් යොමු කළ බව ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා පැවැසීය.
    එම නාම ලේඛනයේ නම් සඳහන්, සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ව්‍යාපෘති අධීක්ෂණය සඳහා රුපියල් දෙලක්ෂයක මුදලක් තමා වෙත ලැබුණු බවත් රාජ්‍ය ඇමැති ධුරයට පත් කිරීමෙන් පසු එම මුදල ගෙවීම නතර කරන ලෙස දැනුම්දුන් බවත්ය.
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලබාදුන් තොරතුරුවල එක් එක් මන්ත්‍රිවරයා වෙත ලබාදෙන මුදල සඳහන් නොවූවද එම අමාත්‍යාංශයේ බැංකු ගිණුම්වලට අනුව රුපියල් දෙලක්ෂය බැගින් පහත නම් සඳහන් මන්ත්‍රිවරුන් වෙත මාසිකව ගෙවා ඇති බව දැනගන්නට ඇතැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
    එසේ මුදල් ලබාදෙන බවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා වෙත එවා ඇති මන්ත්‍රිවරුන්ගේ නාමලේඛනය මෙසේයි.
    01. සිසිර කුමාර අබේසේකර.
    02. ආනන්ද අලුත්ගමගේ.
    03. රංජිත් අලුවිහාරේ.
    04. තුෂාර ඉඳුනිල්.
    05. හෙක්ටර් අප්පුහාමි.
    06. අතුරලියේ රතන හිමි.
    07. බන්දුලාල් බණ්ඩාරිගොඩ.
    08. නාලක ප්‍රසාද් කොළොන්නෙ.
    09. සිරිනාල් ද මෙල්.
    10. මයන්ත දිසානායක.
    11. ඩී. චන්දිම ගමගේ.
    12. එඩ්වඩ්. ගුණසේකර.
    13. විජේපාල හෙට්ටිආරච්චි.
    14. නලීන් බණ්ඩාර ජයමහ.
    15. අනුර සිඩ්නි ජයරත්න.
    16. ලකී ජයවර්ධන.
    17. කාවින්ද හේෂාන්.
    18. වේලුකුමාර.
    19. අරවින්ද කුමාර්.
    20. ආනන්ද කුමාරසිරි.
    21. ඉම්රාන් මහරුෆ්.
    22. එම්.එම්. අබ්දුල්ලා මහරුෆ්.
    23. අජිත් මාන්නප්පෙරුම.
    24. එම්.අයි.එම්. මන්සූර්.
    25. ආශුබෝධ මාරසිංහ.
    26. එස්.එම්. මරික්කාර්.
    27. අලි සහීර් මවුලානා.
    28. බුද්ධික පතිරණ.
    29. ප්‍රදීප් සංජය පෙරේරා.
    30. කේ.කේ. පියදාස.
    31. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.
    32. අශෝක ප්‍රියන්ත.
    33. මුජිබර් රහුමාන්.
    34. ඉෂාක් රහුමාන්.
    35. හර්ෂණ සුපුන් රාජකරුණා.
    36. සංදිත් සමරසිංහ.
    37. චතුර සේනාරත්න.
    38. එම්. තිලකරාජා.
    39. එම්.එස්. තවුෆික්.
    40. සුරේෂ් වඩිවේල්.
    41. හේෂාන් විතානගේ.
    42. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න.
    43. තුසිතා විජේමාන්න.
    44. රෝහිණී කුමාරි.
    45. චමින්ද විජේසිරි.
    46. ඒ.ඒ. විජේතුංග.
    47. මලිත් ජයතිලක.
    48. කාදර් මස්තාන්.
    49. අංගජන් රාමනාදන්.
    50. ආරුමුගන් තොන්ඩමාන්.
    51. ඩග්ලස් දේවානන්ද.
    52. ප්‍රේමලාල් ජයසේකර.
    53. ජයම්පති වික්‍රමරත්න.
    54. ප්‍රියංකර ජයරත්න.
    55. මුත්තු සිවලිංගම්.

    – mawbima
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තමන්ගේ ආසනේට චන්දෙට පස්සේ දෙපාරකට වඩා නොගිය මන්ත්‍රීවරුත් මෙත ඉන්නවා....උන්දල කොළඔය වෙලා උපරිම සැප ගනිද්දි ආසනේ උන් හූල්ලනවා... ආයෙමත් චන්දෙ ළං වුනාම එනවා.... සුරංගනා කතා 2-3 ක් කියනවා... අරුන් කතිරේ ගහනවා.... උන් පත්වෙලා ගිහින් ඩීල්........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය තියෙන්නෙ යහපාලනය රෙද්ද පල්ල බේරිලා..උදාඋන වෙනස තමයි ඔය තූ..
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    තමන්ගේ ආසනේට චන්දෙට පස්සේ දෙපාරකට වඩා නොගිය මන්ත්‍රීවරුත් මෙත ඉන්නවා....උන්දල කොළඔය වෙලා උපරිම සැප ගනිද්දි ආසනේ උන් හූල්ලනවා... ආයෙමත් චන්දෙ ළං වුනාම එනවා.... සුරංගනා කතා 2-3 ක් කියනවා... අරුන් කතිරේ ගහනවා.... උන් පත්වෙලා ගිහින් ඩීල්........


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    තමන්ගේ ආසනේට චන්දෙට පස්සේ දෙපාරකට වඩා නොගිය මන්ත්‍රීවරුත් මෙත ඉන්නවා....උන්දල කොළඔය වෙලා උපරිම සැප ගනිද්දි ආසනේ උන් හූල්ලනවා... ආයෙමත් චන්දෙ ළං වුනාම එනවා.... සුරංගනා කතා 2-3 ක් කියනවා... අරුන් කතිරේ ගහනවා.... උන් පත්වෙලා ගිහින් ඩීල්........
    :rofl::rofl::rofl::rofl: