Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලසන්ත ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ලංකාදීප ආටිකල් එක

http://www.lankadeepa.lk/features/ලසන්ත-ඝාතන-නාටකයේ-තිරෙන්-පිටුපස/2-524719

ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

(tharindudld@gmail.com / bingungamage88@gmail.com)

‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ ‘ලසන්තගේ සැකකරුවන් අල්ලලා.‘ යැයි කියමින් සමහරු කතා බහ කරනු පෙනිනි.

ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මේ ලිපිය ලියන මොහොත වන තෙක් එකදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි විනාශ කිරීම සම්බන්ධයෙන් පමණි.

මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන සහ මෙතක් විමර්ශන අනුව රහස් පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තාකිරීම් සම්බන්ධවයි.

2009 වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය විය. එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූයේ ලසන්ත වික්‍රමතුංග මහතා ය. ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළි කරමින් සිටියේය. මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව්වකට නඩුවක් ද වැටී තිබුණු අතර ජනවාරි මස දෙවැනි සතියේ එළඹෙන නඩු දිනයක දී එම ගනුදෙනුව ගැන වැදගත් තොරතුරු හෙළි කරන බවට ඔහු සිය සගයන් සමඟ කියා තිබිණි.

ලසන්ත ඝාතනය

එදා 2009 ජනවාරි අට වැනි දා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවසට මදක් නුදුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රීරෝද රියක් නතර කර තිබිණි.

එය එහි නිතර තිබෙන ත්‍රීරෝද රථයකි. රියදුරු පත්තරයක් බලමින් සිටියේය. ත්‍රිරෝද රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර ෆුල්ෆේස් හෙල්මට් පැළැඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.

උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතා ටෙරන්ස් පාරේ නිවසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වෙනවාත් සමඟම ‘අන්න එනවා.. අන්න එනවා..‘ යැයි සිගරට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර ඒ සමඟම ඔහුද යතුරු පැදියට නැඟ වික්‍රමතුංග මහතාගේ වාහනය පසුපස යන්න විට. මෙම සිදුවීම ගැන සැක සිතුණු ත්‍රීරෝද රියේ රියදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියදුරු එම කඩයට නිතර ආව ගිය නිසා රියදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියදුරට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේය. රියදුරු නිවසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ වික්‍රමතුංග මහතාමය.

ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු ඔහු වහාම වික්‍රමතුංග මහතාගේ සන්ඩේ ලීඩර් ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වාහම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කීවිට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියදුරාට දුන්නේය. ‘බයික්එකේ අංකේ හොයා ගන්න බලන්න.‘ ලසන්ත රියදුරට කීවේය.

ලසන්ත වික්‍රමතුංග මහතා ගියේ බත්තරමුල්ලේ නිවසටය. එම නිවසේ සේවකයකුට අසනීප වි තිබුණු අතර ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අහගෙන බිරිය සමඟ බෙහෙත් මිලදී ගැනීමට ගියේය. යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ. වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මද වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැංගේ සන්ඩේ ලීඩර් ආයතනයට යෑමටය. ඒ අතර මඟ දී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර තමා පසු පස යතුරු පැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.

සන්ඩේ ලීඩර් ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතීඥවරයෙකු හමු වූ වික්‍රමතුංග මහතා ඉන් පිටත්වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරු පැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරු පැදි ලුහු බඳින බව කී නිසා මලික් සමරවික්‍රම මහතා වරින් වර ඔහුට කතා කරමින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රම මහතාට තමා පසුපස ලුහු බදින යතුරු පැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර ලසන්ත, සමරවික්‍රම මහතා සමඟ කතා කරමින් වාහනය පදවාගෙන ගියේය.

අත්තිඩිය මලගල කණිෂ්ඨ විද්‍යාලය අසල කහඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එනිසා ලසන්තගේ වාහනයද එතැන මඳක් නතර කරන්න සිදු විය. මාරයාගේ හෝරාව එළඹ තිබිණි. යතුරු පැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර විය. තවත් යතුරු පැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පළා ගියහ. ඒ සමගම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදයද නිමා විය. යතුරු පැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත් අනිත් යතුරු පැදි දෙක ගල්කිස්ස දෙසට විදුලි වේගයෙන් ගොස් නොපෙනී ගියේය.

‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ එලෙස කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන් පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්තේය. මුද්‍රණ ආයතයේ පුද්ගලයා වාහනයේ ඇතුළේ සිටි අතර අනිත් පුද්ගලයා ලසත්නව තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේ.

මද දුරක් වාහයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුකරකතනය යළින් නාද වූ අතර ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම මහතාය. ‘වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න.‘ යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනිත් අයට පණිවිඩය ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේම කළුබෝවිල රෝහලට පැමිණි අතර ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කළේය. තත්ත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක් ද සිදු කළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගියේය.

වෙඩි තැබීම සහ ඇනීම

ලසන්තගේ ශල්‍ය කර්මය කළ මහාචාර්යරවයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12 වැනි දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය. එමගින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිටවූ තැනක් ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක්වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා මෙය වෙඩිතැබීමකින් සිදුවී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.

එම ස්ථානයට රජයේ රස පරීක්ෂකද පැමිණ පරීක්ෂණයක් සිදු කළ අතර ඔහුද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනාම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් අනින බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැන මෙහි සඳහන් නොකරමු. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයත් සමඟ වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත්වූහ.

විමර්ශන ආරම්භය

ලසන්ත ඝාතනය වූ ස්ථානයෙන් වෙනත් රාජකාරියකට යමින් සිටි බොරලැස්ගමුව ස්ථානාධිපති ඇපලකොටුව මහතා මෙය දැක වහාම ගල්කිස්ස පොලිසිය දැනුම්වත් කළේය. එවකට පොලිස්පතිවරයා ලෙස කයුතු කළේ ජයන්ත වික්‍රමරත්න මහතාය.

ගල්කිස්ස දිසාව භාර නියෝජ්යෙ පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර මහතාය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ලෙස හේමන්ත අධිකාරී මහතා කටයුතු කරද්දී සහකාර පොලිස් අධිකාරී එල් සී ගුණවර්ධන මහතා ගල්කිස්ස පොලිසිය අධීක්ෂණය කළේය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මහතා ද ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා කටයුතු කළහ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද ස්ථානය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට බැවින් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති සිත්තසිරි සුගතපාල මහතා විමර්ශන ආරම්භ කළේය. ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කළ අතර පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතා ද සාක්කි සටහන් කර ගනිමින් විමර්ශනයට සම්බන්ධ විය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ඔහු භාවිත කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපොළ සොයා ගත් පොලිස් පරික්ෂක වීරසිංහ සකකරු දේපොළ කුවිතාංසි අංත 101/09 යටතේ එය ඇතුළත් කළේය.

උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා එම සටහන් පොත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම සහන් පොතේ පිටු 160කින් පිටු 126කම ලසන්ත වික්‍රමතුංග මහතා ඉංග්‍රීසියෙන් යම් යම් දේ සටහන් කර ඇති බවයි. පොතේ ඉස්සරහ පිටුවේ සහ පසුපස පිටුවේ වාහන අංක දෙකක් තිබූ අතර පවුලේ උදවියගෙන් කියැවුණු දෑ සමඟ මෙම අංක දෙක ලසන්ත ලුහු බැඳ ආ යතුරුපැදි අංක බවට සුගතපාල මහතා සැක කළේය. ඒ අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතේ ඒ බව සටහන් තබීය. ඉන් පසු නඩු භාණ්ඩ කුවිතාංසි ලේඛණයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කළ සුගතපාල මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංක ගැන විමසීය. ඉන් එක යතුරු පැදි අංකයක් බොරලැස්ගමුවේ බවත් අනික ජා-ඇල බවත් තහවරු කර ගත් සුගතපාල මහතා මුලින්ම බොරලැස්ගමුවට ගියේය.

සටහන් විනාශ කිරීම

එසේ යද්දී ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි ඒ කතාව මෙසේය. ඒ දුරකතන ඇමතුම එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙනි. ඔහු කියන්නේ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවීමට එන ලෙස දැනුම් දුන් බැවින් එහි යෑමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ උප පොලිස් පරීක්ෂක සුගතපාල අදාල නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියහ. ඔහු ලසන්තගේ සටහන් පොත බලා එහි තිබූ දෑ එවකට පොලිස්පතිට දුරකතනයෙන් දැන්වීය. පොලිසිය සැක කරන අන්දමට එහි තිබී ඇත්තේ ඉදිරි නඩු වාරයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ තොරතුරුය.

ඉන් පසු ටික වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති උප පොලිස් පරීක්ෂකට කියා ඇත්තේ ලසන්තගේ සටහන් පොත තමාට ලබා දෙන ලෙසයි. සටහන් පොත ගැන බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බව උප පොලිස් පරීක්ෂක කියද්දී ඒවා ඉරා තමාට දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා ඇතැයි පැවසේ. මේ අනීතික ක්‍රියාව කිරීමට මුලින් උප පොලිස් පරීක්ෂක සුගතපාල අකමැති විය.

‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නොට් පොතයි මට දීපන්.‘ යනුවෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකට කියා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ නෝට් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත.

ඉන් පසු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පරීක්ෂණ දිගටම කරගෙන ගිය අතර ඒ ගැන සදහන් කිරීමට පෙර පරීක්ෂණ රහස් පොලිසියට පැවරීම ගැන කතා කළ යුතුය. ලසන්තගේ මරණයෙන් පසු එම පරීක්ෂණ විධිමත් කරන ලෙස රජයට දිගින් දිගටම බලපෑම් පැමිණි අතර 2009 නොවැම්බර් 25 වැනි දා පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. රහස් පොලිසියට පරීක්ෂණ කර ගෙන යෑමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. එවකට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා 2010 පෙබරවාරි හත් වැනි දා පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් සිදු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විට සීඅයිඩියෙන් කළ විමර්ශන ද ත්‍රස්ත විමර්ශන අංශය සැලකිල්ලට ගෙන තිබිණි.

පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගමන් මග ඔස්සේ දිගින් දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව විමර්ශන කණ්ඩායම සොයා ගත්හ. 811, 812, 831, 861 සහ 951 අංකවලින් අවසන් වන එක ළඟ අංක ටිකක් නිසා මේ ගැන සැක සිතී ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ විය. ඒවා මිලදී ගෙන තිබුණේ 2018 නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් පළමු වැනි දා ය. ඕල්කට් මාවතේ කමියුනිකේෂන් එකකින් එම සිම් කාඩ් ලබාගෙන තිබුණේ නුවරඑළියේ ජේසුදාසන් නම් පුද්ගලයකුගේ හැඳුනුම්පතකටය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 වැනි දා ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත විමර්ශන අංශය ඊළඟට අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකි. ඔහු සේව කර තිබුණේ ට්‍රිපෝලි කඳවුරට අනියුක්තවය. ජේසුදාසන් යනු ගරාජ් වැඩපොළක සේවකයෙකි. ඔහුට බොන්නට දී ඔහුගේ හැදුනුම්පත ලබා ගෙන එම සිම් කාඩ් මිලදීගත්තේයැයි අනාවරණය වුවත් ජේසුදාසන් මුදා හැරියේද නැත. ඒ අහිංසකයා අවසානයේ මරුමුවට පත් විය. එය ස්වභාවික මරණයක්ද නැතහොත් මරා දැමීමක්ද යන්න තවමත් අබිරහසකි.

2010 ජනාධිපතිවරණය පැවැතියේ ද මේ අස්සේය. ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි. රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

පරීක්ෂණ යළි රහස් පොලිසියට

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම සිද්ධියේ පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස හතර අතින් ආ බලපෑම් සමඟ 2015 පෙබරවාරි 25 වැනි දා යළිත් පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. ඒ අනුව රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එවකට අධ්යක්ෂ දැන් නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එවකට සහකාර පොලිස් අධිකාරී දැන් රහස් පොලිස් අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළහ.

පරීක්ෂකයන්ට මුලින්ම ගැටළුව වූවේ ලසන්ත මරණයට පත්වූ ආකාරය ගැන ඉදිරිපත් වූ පරස්පර අදහස්ය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ලසන්තගේ දේහය 2016දී යළි ගොඩ ගත් අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් යළි දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළහ. එහි නිගමනය වූයේ ලසන්ත මරා දමා ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. හිසට එල්ල කළ ප්‍රහාරයකින් (ඇනීමකින්) ලසන්ත මරා දමා ඇති බව නිගමනය විය. එම වාර්තාව සහ ලසන්ත මිය ගිය අවධියේම රස පරීක්ෂක දුන් වාර්තාවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා දුන් වාර්තාවත් සමානය විය. ලසන්ත මැරීමට යොදා ගෙන තිබුණේ වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදා ගන්නා නවීන උපකරණයක් බවට දැන් සැක කරයි. එම උපරණය හිස මත තබා බොත්තම තද කළ විට උල් කටුවක් හිස පසාරු කරගෙන ගොස් නැවත ආයුධය ඇතුළට එයි.

අලුතින් පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය මුලින්ම කළේ පොලිසියේ උදවියගේ සාක්කි සටහන් කර ගැනීමයි. 2015 ඔක්තෝබර් 12 වැනි දා සහ 2015 නොවැම්බර් 04 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත්තේය. එම ප්‍රකාශ සහ අනෙක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවල පරස්පරතා තිබුණු අතර ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුවද පෙනී ගියේය. ඒ ගැන යළිත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පසුගිය ජනවාරි 31 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල කැඳවනු ලැබීය. ප්‍රකාශය අඩක් ලබා ගෙන සුගතපාලට දහවල් ආහාරයට ආපන ශාලාවට යෑමට ඉඩ දුන් අතර ඉන් ප්‍රයෝජන ගත් උප පොලිස් පරීක්ෂක රහස් පොලිසියෙන් පැන ගොස් තිබිණි.

සැකකරුගේ පැන යෑම ගැන සැක සිතුණු රහස් පොලිසිය එදින මධ්‍යම රාත්‍රියේ කළුතර පොලිසියේද සහාය ඇතිව කලුතර කටුකුරුන්දේ සැකකරුගේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගත්තේය. ඉන් පසු පෙබරවාරි පළමු වැනි දා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා පැය 48ක කාලයක් සැකකරු රදවා සඳහා ගැනීමට අවසර දෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායාපිටපත් වසර නවයකට පසු රහස් පොලිසිය සොයා ගත්තේය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදීය.

යතුරු පැදි නාටකය

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇලේ ඇති බවට එවකට පොලිස්පතිට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබිණි. එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලීය. 26 වැනි දා කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමු නොවීය. ඉන් පසු 27 වැනිදා සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ.‘ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි දෙක සොයා ගෙන ඇත.

ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්රන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි. එම දෙවැනි ගැනුම් කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබිණි. ඒඅනුව කතාවක් ගෙතිනි. ඒ යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවයි. මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගියේය. දෙවැනි හිමිකරු විශ්නු කුමාර් පූන්තොට්ටම් ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් විය. ඔහු එල්ටීටීඊට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙකි. 2009 ජනවාරි 18 වැනි දා ඔහු සහ මිතුරකු යතුරු පැදියෙන් යද්දි කොළපාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරු පැදියට ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්කි හමු විය. ඊට පසු දින එනම් ජනවාරි 19 වැනි දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබිණි. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තබාය.

එනම් ලසන්ත ඝාතනයට යොදා ගත්තේයැයි කී යතුරු පැදිය වවුනියාවෙන් පැහැරගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග මරා දමා දින 10කට පසුවය. එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග මැරීමට යොදා ගත් යතුරු පැදියක් නොව ලසන්තගේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් බව අනුමාන කළ රහස් පොලිසිය පොලිස්පතිට ලැබුණු පෙත්සම ගැන සොයා බැලීය. පෙත්සම ලැබී තිබුණේ 2009 ජනවාරි 26 වැනි දාය. නමුත් යතුරු පැදිය සොයාන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25 වැනි දාය. ඒ අනුව යතුරු පැදි නාටකය එයින් නිමා වූයේ තවත් අපරාධයක (යතුරු පැදි හිමිකරු සහ සගයා ඝාතනය) තොරතුරු හෙළිදරව් කරමිනි.

ලසන්ත නඩුවේ දැන් සැකකරුවෝ තිදෙනෙක් සිටිති. ඒ යුද හමුදා සාමාජිකයෙක් සහ පොලිසියේ දෙදෙනෙකි. මේ තිදෙනාම ලසන්ත ඝාතන සැකකරුවෝ නොවෙති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාක්කි වසන් කිරීමට හෝ සාක්කි කරුවන්ට බලපෑම් කිරීම යටතේය. එසේ නම් ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

ලසන්ත ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු නොවන්නේ සාක්කි රැසක් විනාශ කර ඇති නිසාය. මෙතරම් අමාරු වාතාවරණයක මෙතෙක් දුර විමර්ශන සාර්ථකව සිදු කරීම ගැන රහස් පොලිසියට තුති පිදිය යුතු අතර විමර්ශන කඩිනම් කර ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීම රහස් පොලිසියේද වගකීමකි. ඊට අවශ්‍ය සහාය ලබා දීම සහ අවශ්‍ය වටපිටාව සැකසීම දේශපාලන අධිකාරියේ මෙන්ම සියලු පුරවැසියන්ගේ වගකීමකි. එසේ නොවුණහොත් ලසන්ත ඝාතනයද අපරාධකරුවන් නැති තවත් එක් මරණයක් වනු ඇත.

[QUOTE="පෝරිසාදයා, post: 24889669, member: 377359"] [SIZE="5"]මෙන්න ලංකාදීප ආටිකල් එක [/SIZE] [url]http://www.lankadeepa.lk/features/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1-%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83/2-524719[/url] [SIZE="5"]ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ [/SIZE] (tharindudld@gmail.com / [email]bingungamage88@gmail.com[/email]) [SIZE="5"]‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ ‘ලසන්තගේ සැකකරුවන් අල්ලලා.‘ යැයි කියමින් සමහරු කතා බහ කරනු පෙනිනි. ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මේ ලිපිය ලියන මොහොත වන තෙක් එකදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි විනාශ කිරීම සම්බන්ධයෙන් පමණි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන සහ මෙතක් විමර්ශන අනුව රහස් පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තාකිරීම් සම්බන්ධවයි. 2009 වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය විය. එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූයේ ලසන්ත වික්‍රමතුංග මහතා ය. ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළි කරමින් සිටියේය. මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව්වකට නඩුවක් ද වැටී තිබුණු අතර ජනවාරි මස දෙවැනි සතියේ එළඹෙන නඩු දිනයක දී එම ගනුදෙනුව ගැන වැදගත් තොරතුරු හෙළි කරන බවට ඔහු සිය සගයන් සමඟ කියා තිබිණි. ලසන්ත ඝාතනය එදා 2009 ජනවාරි අට වැනි දා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවසට මදක් නුදුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රීරෝද රියක් නතර කර තිබිණි. එය එහි නිතර තිබෙන ත්‍රීරෝද රථයකි. රියදුරු පත්තරයක් බලමින් සිටියේය. ත්‍රිරෝද රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර ෆුල්ෆේස් හෙල්මට් පැළැඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය. උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතා ටෙරන්ස් පාරේ නිවසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වෙනවාත් සමඟම ‘අන්න එනවා.. අන්න එනවා..‘ යැයි සිගරට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර ඒ සමඟම ඔහුද යතුරු පැදියට නැඟ වික්‍රමතුංග මහතාගේ වාහනය පසුපස යන්න විට. මෙම සිදුවීම ගැන සැක සිතුණු ත්‍රීරෝද රියේ රියදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියදුරු එම කඩයට නිතර ආව ගිය නිසා රියදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියදුරට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේය. රියදුරු නිවසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ වික්‍රමතුංග මහතාමය. ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු ඔහු වහාම වික්‍රමතුංග මහතාගේ සන්ඩේ ලීඩර් ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වාහම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කීවිට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියදුරාට දුන්නේය. ‘බයික්එකේ අංකේ හොයා ගන්න බලන්න.‘ ලසන්ත රියදුරට කීවේය. ලසන්ත වික්‍රමතුංග මහතා ගියේ බත්තරමුල්ලේ නිවසටය. එම නිවසේ සේවකයකුට අසනීප වි තිබුණු අතර ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අහගෙන බිරිය සමඟ බෙහෙත් මිලදී ගැනීමට ගියේය. යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ. වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මද වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැංගේ සන්ඩේ ලීඩර් ආයතනයට යෑමටය. ඒ අතර මඟ දී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර තමා පසු පස යතුරු පැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ. සන්ඩේ ලීඩර් ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතීඥවරයෙකු හමු වූ වික්‍රමතුංග මහතා ඉන් පිටත්වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරු පැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරු පැදි ලුහු බඳින බව කී නිසා මලික් සමරවික්‍රම මහතා වරින් වර ඔහුට කතා කරමින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රම මහතාට තමා පසුපස ලුහු බදින යතුරු පැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර ලසන්ත, සමරවික්‍රම මහතා සමඟ කතා කරමින් වාහනය පදවාගෙන ගියේය. අත්තිඩිය මලගල කණිෂ්ඨ විද්‍යාලය අසල කහඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එනිසා ලසන්තගේ වාහනයද එතැන මඳක් නතර කරන්න සිදු විය. මාරයාගේ හෝරාව එළඹ තිබිණි. යතුරු පැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර විය. තවත් යතුරු පැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පළා ගියහ. ඒ සමගම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදයද නිමා විය. යතුරු පැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත් අනිත් යතුරු පැදි දෙක ගල්කිස්ස දෙසට විදුලි වේගයෙන් ගොස් නොපෙනී ගියේය. ‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ එලෙස කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන් පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්තේය. මුද්‍රණ ආයතයේ පුද්ගලයා වාහනයේ ඇතුළේ සිටි අතර අනිත් පුද්ගලයා ලසත්නව තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේ. මද දුරක් වාහයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුකරකතනය යළින් නාද වූ අතර ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම මහතාය. ‘වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න.‘ යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනිත් අයට පණිවිඩය ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේම කළුබෝවිල රෝහලට පැමිණි අතර ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කළේය. තත්ත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක් ද සිදු කළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගියේය. වෙඩි තැබීම සහ ඇනීම ලසන්තගේ ශල්‍ය කර්මය කළ මහාචාර්යරවයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12 වැනි දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය. එමගින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිටවූ තැනක් ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක්වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා මෙය වෙඩිතැබීමකින් සිදුවී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය. එම ස්ථානයට රජයේ රස පරීක්ෂකද පැමිණ පරීක්ෂණයක් සිදු කළ අතර ඔහුද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනාම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් අනින බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැන මෙහි සඳහන් නොකරමු. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයත් සමඟ වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත්වූහ. විමර්ශන ආරම්භය ලසන්ත ඝාතනය වූ ස්ථානයෙන් වෙනත් රාජකාරියකට යමින් සිටි බොරලැස්ගමුව ස්ථානාධිපති ඇපලකොටුව මහතා මෙය දැක වහාම ගල්කිස්ස පොලිසිය දැනුම්වත් කළේය. එවකට පොලිස්පතිවරයා ලෙස කයුතු කළේ ජයන්ත වික්‍රමරත්න මහතාය. ගල්කිස්ස දිසාව භාර නියෝජ්යෙ පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර මහතාය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ලෙස හේමන්ත අධිකාරී මහතා කටයුතු කරද්දී සහකාර පොලිස් අධිකාරී එල් සී ගුණවර්ධන මහතා ගල්කිස්ස පොලිසිය අධීක්ෂණය කළේය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මහතා ද ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා කටයුතු කළහ. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද ස්ථානය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට බැවින් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති සිත්තසිරි සුගතපාල මහතා විමර්ශන ආරම්භ කළේය. ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කළ අතර පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතා ද සාක්කි සටහන් කර ගනිමින් විමර්ශනයට සම්බන්ධ විය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ඔහු භාවිත කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපොළ සොයා ගත් පොලිස් පරික්ෂක වීරසිංහ සකකරු දේපොළ කුවිතාංසි අංත 101/09 යටතේ එය ඇතුළත් කළේය. උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා එම සටහන් පොත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම සහන් පොතේ පිටු 160කින් පිටු 126කම ලසන්ත වික්‍රමතුංග මහතා ඉංග්‍රීසියෙන් යම් යම් දේ සටහන් කර ඇති බවයි. පොතේ ඉස්සරහ පිටුවේ සහ පසුපස පිටුවේ වාහන අංක දෙකක් තිබූ අතර පවුලේ උදවියගෙන් කියැවුණු දෑ සමඟ මෙම අංක දෙක ලසන්ත ලුහු බැඳ ආ යතුරුපැදි අංක බවට සුගතපාල මහතා සැක කළේය. ඒ අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතේ ඒ බව සටහන් තබීය. ඉන් පසු නඩු භාණ්ඩ කුවිතාංසි ලේඛණයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කළ සුගතපාල මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංක ගැන විමසීය. ඉන් එක යතුරු පැදි අංකයක් බොරලැස්ගමුවේ බවත් අනික ජා-ඇල බවත් තහවරු කර ගත් සුගතපාල මහතා මුලින්ම බොරලැස්ගමුවට ගියේය. සටහන් විනාශ කිරීම එසේ යද්දී ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි ඒ කතාව මෙසේය. ඒ දුරකතන ඇමතුම එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙනි. ඔහු කියන්නේ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවීමට එන ලෙස දැනුම් දුන් බැවින් එහි යෑමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ උප පොලිස් පරීක්ෂක සුගතපාල අදාල නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියහ. ඔහු ලසන්තගේ සටහන් පොත බලා එහි තිබූ දෑ එවකට පොලිස්පතිට දුරකතනයෙන් දැන්වීය. පොලිසිය සැක කරන අන්දමට එහි තිබී ඇත්තේ ඉදිරි නඩු වාරයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ තොරතුරුය. ඉන් පසු ටික වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති උප පොලිස් පරීක්ෂකට කියා ඇත්තේ ලසන්තගේ සටහන් පොත තමාට ලබා දෙන ලෙසයි. සටහන් පොත ගැන බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බව උප පොලිස් පරීක්ෂක කියද්දී ඒවා ඉරා තමාට දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා ඇතැයි පැවසේ. මේ අනීතික ක්‍රියාව කිරීමට මුලින් උප පොලිස් පරීක්ෂක සුගතපාල අකමැති විය. ‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නොට් පොතයි මට දීපන්.‘ යනුවෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකට කියා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ නෝට් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත. ඉන් පසු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පරීක්ෂණ දිගටම කරගෙන ගිය අතර ඒ ගැන සදහන් කිරීමට පෙර පරීක්ෂණ රහස් පොලිසියට පැවරීම ගැන කතා කළ යුතුය. ලසන්තගේ මරණයෙන් පසු එම පරීක්ෂණ විධිමත් කරන ලෙස රජයට දිගින් දිගටම බලපෑම් පැමිණි අතර 2009 නොවැම්බර් 25 වැනි දා පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. රහස් පොලිසියට පරීක්ෂණ කර ගෙන යෑමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. එවකට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා 2010 පෙබරවාරි හත් වැනි දා පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් සිදු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විට සීඅයිඩියෙන් කළ විමර්ශන ද ත්‍රස්ත විමර්ශන අංශය සැලකිල්ලට ගෙන තිබිණි. පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගමන් මග ඔස්සේ දිගින් දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව විමර්ශන කණ්ඩායම සොයා ගත්හ. 811, 812, 831, 861 සහ 951 අංකවලින් අවසන් වන එක ළඟ අංක ටිකක් නිසා මේ ගැන සැක සිතී ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ විය. ඒවා මිලදී ගෙන තිබුණේ 2018 නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් පළමු වැනි දා ය. ඕල්කට් මාවතේ කමියුනිකේෂන් එකකින් එම සිම් කාඩ් ලබාගෙන තිබුණේ නුවරඑළියේ ජේසුදාසන් නම් පුද්ගලයකුගේ හැඳුනුම්පතකටය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 වැනි දා ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය. රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත විමර්ශන අංශය ඊළඟට අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකි. ඔහු සේව කර තිබුණේ ට්‍රිපෝලි කඳවුරට අනියුක්තවය. ජේසුදාසන් යනු ගරාජ් වැඩපොළක සේවකයෙකි. ඔහුට බොන්නට දී ඔහුගේ හැදුනුම්පත ලබා ගෙන එම සිම් කාඩ් මිලදීගත්තේයැයි අනාවරණය වුවත් ජේසුදාසන් මුදා හැරියේද නැත. ඒ අහිංසකයා අවසානයේ මරුමුවට පත් විය. එය ස්වභාවික මරණයක්ද නැතහොත් මරා දැමීමක්ද යන්න තවමත් අබිරහසකි. 2010 ජනාධිපතිවරණය පැවැතියේ ද මේ අස්සේය. ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි. රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය. පරීක්ෂණ යළි රහස් පොලිසියට වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම සිද්ධියේ පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස හතර අතින් ආ බලපෑම් සමඟ 2015 පෙබරවාරි 25 වැනි දා යළිත් පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. ඒ අනුව රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එවකට අධ්යක්ෂ දැන් නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එවකට සහකාර පොලිස් අධිකාරී දැන් රහස් පොලිස් අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළහ. පරීක්ෂකයන්ට මුලින්ම ගැටළුව වූවේ ලසන්ත මරණයට පත්වූ ආකාරය ගැන ඉදිරිපත් වූ පරස්පර අදහස්ය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ලසන්තගේ දේහය 2016දී යළි ගොඩ ගත් අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් යළි දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළහ. එහි නිගමනය වූයේ ලසන්ත මරා දමා ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. හිසට එල්ල කළ ප්‍රහාරයකින් (ඇනීමකින්) ලසන්ත මරා දමා ඇති බව නිගමනය විය. එම වාර්තාව සහ ලසන්ත මිය ගිය අවධියේම රස පරීක්ෂක දුන් වාර්තාවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා දුන් වාර්තාවත් සමානය විය. ලසන්ත මැරීමට යොදා ගෙන තිබුණේ වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදා ගන්නා නවීන උපකරණයක් බවට දැන් සැක කරයි. එම උපරණය හිස මත තබා බොත්තම තද කළ විට උල් කටුවක් හිස පසාරු කරගෙන ගොස් නැවත ආයුධය ඇතුළට එයි. අලුතින් පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය මුලින්ම කළේ පොලිසියේ උදවියගේ සාක්කි සටහන් කර ගැනීමයි. 2015 ඔක්තෝබර් 12 වැනි දා සහ 2015 නොවැම්බර් 04 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත්තේය. එම ප්‍රකාශ සහ අනෙක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවල පරස්පරතා තිබුණු අතර ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුවද පෙනී ගියේය. ඒ ගැන යළිත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පසුගිය ජනවාරි 31 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල කැඳවනු ලැබීය. ප්‍රකාශය අඩක් ලබා ගෙන සුගතපාලට දහවල් ආහාරයට ආපන ශාලාවට යෑමට ඉඩ දුන් අතර ඉන් ප්‍රයෝජන ගත් උප පොලිස් පරීක්ෂක රහස් පොලිසියෙන් පැන ගොස් තිබිණි. සැකකරුගේ පැන යෑම ගැන සැක සිතුණු රහස් පොලිසිය එදින මධ්‍යම රාත්‍රියේ කළුතර පොලිසියේද සහාය ඇතිව කලුතර කටුකුරුන්දේ සැකකරුගේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගත්තේය. ඉන් පසු පෙබරවාරි පළමු වැනි දා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා පැය 48ක කාලයක් සැකකරු රදවා සඳහා ගැනීමට අවසර දෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි. ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායාපිටපත් වසර නවයකට පසු රහස් පොලිසිය සොයා ගත්තේය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදීය. [COLOR="Red"][B]යතුරු පැදි නාටකය ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇලේ ඇති බවට එවකට පොලිස්පතිට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබිණි. එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලීය. 26 වැනි දා කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමු නොවීය. ඉන් පසු 27 වැනිදා සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ.‘ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි දෙක සොයා ගෙන ඇත. ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්රන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි. එම දෙවැනි ගැනුම් කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබිණි. ඒඅනුව කතාවක් ගෙතිනි. ඒ යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවයි. මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගියේය. දෙවැනි හිමිකරු විශ්නු කුමාර් පූන්තොට්ටම් ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් විය. ඔහු එල්ටීටීඊට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙකි. 2009 ජනවාරි 18 වැනි දා ඔහු සහ මිතුරකු යතුරු පැදියෙන් යද්දි කොළපාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරු පැදියට ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්කි හමු විය. ඊට පසු දින එනම් ජනවාරි 19 වැනි දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබිණි. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තබාය.[/B][/COLOR] එනම් ලසන්ත ඝාතනයට යොදා ගත්තේයැයි කී යතුරු පැදිය වවුනියාවෙන් පැහැරගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග මරා දමා දින 10කට පසුවය. එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග මැරීමට යොදා ගත් යතුරු පැදියක් නොව ලසන්තගේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් බව අනුමාන කළ රහස් පොලිසිය පොලිස්පතිට ලැබුණු පෙත්සම ගැන සොයා බැලීය. පෙත්සම ලැබී තිබුණේ 2009 ජනවාරි 26 වැනි දාය. නමුත් යතුරු පැදිය සොයාන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25 වැනි දාය. ඒ අනුව යතුරු පැදි නාටකය එයින් නිමා වූයේ තවත් අපරාධයක (යතුරු පැදි හිමිකරු සහ සගයා ඝාතනය) තොරතුරු හෙළිදරව් කරමිනි. ලසන්ත නඩුවේ දැන් සැකකරුවෝ තිදෙනෙක් සිටිති. ඒ යුද හමුදා සාමාජිකයෙක් සහ පොලිසියේ දෙදෙනෙකි. මේ තිදෙනාම ලසන්ත ඝාතන සැකකරුවෝ නොවෙති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාක්කි වසන් කිරීමට හෝ සාක්කි කරුවන්ට බලපෑම් කිරීම යටතේය. එසේ නම් ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවන් තවමත් නිදැල්ලේය. ලසන්ත ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු නොවන්නේ සාක්කි රැසක් විනාශ කර ඇති නිසාය. මෙතරම් අමාරු වාතාවරණයක මෙතෙක් දුර විමර්ශන සාර්ථකව සිදු කරීම ගැන රහස් පොලිසියට තුති පිදිය යුතු අතර විමර්ශන කඩිනම් කර ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීම රහස් පොලිසියේද වගකීමකි. ඊට අවශ්‍ය සහාය ලබා දීම සහ අවශ්‍ය වටපිටාව සැකසීම දේශපාලන අධිකාරියේ මෙන්ම සියලු පුරවැසියන්ගේ වගකීමකි. එසේ නොවුණහොත් ලසන්ත ඝාතනයද අපරාධකරුවන් නැති තවත් එක් මරණයක් වනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom