ලස්සන ආදර කතාවක්. හැමෝම කියවන්න.

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    459123356_397041633428253_4819212712459843835_n (1).jpg
    459130972_397041676761582_5912009043917200028_n.jpg


    කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ගේ ජීවිතේ එහෙමපිටින්ම කනපිට හරවන්න
    😊

    මේ පළවෙනි ෆොටෝ එක 2019 ගත්ත එකක්. මේ ඉන්නේ ගලේවෙල ටවුන් එකේ ඒ දවස්වල ක්ලාස් ගාව ඇවිදපු කුමාර අයියා ⁣එහෙමත් නැත්නම් සමහර අයට අනුව කුමා. කුමාර අයියගෙන් කාටවත්ම තරදරයක් තිබුනේ නෑ. වැඩිම උනොත් කොල්ලො‍, කෙල්ලො ඉන්නව දැක්කම ලගට ඇවිත් "සුදුනෝනව දැක්කද?‍, සුදුනෝනා එනවා කිවුවා" වගේ දෙයක් අහන‍,කියන එක තමා තුමාර අයියගෙන් තිබුන එකම කරදරේ.
    කුමාර අයියා කාලෙකට කලින් ආදරේ නිසා ගොඩක් දුක් වින්ද කෙනෙක්. ඒ නිසාම තමා එයා ඒ කාලේ මේ තත්වෙන් හිටියේ.
    දවසක් එක්තරා පුද්ගලික බැංකුවක වැඩ කරපු සයුරි අක්කට රෑ 8.30 අන්තිම බස් එක මගෑරිලා ගෙදර යන්න බස් එකක් නැතුව කලාවැව පාර අයිනට වෙලා ගෙදරින් එක්ක යන්න එනකල් ඉද්දි පිට ගමක කොල්ලො සෙට් එකක් ඇවිත් අක්කට අනංමනං කිය කිය විහිලු කරන්න අරන් තියෙනවා. ඒක දැකපු කුමාර අයියා ඇවිත් අර සෙට් එකට අම්බානක නෙලලා සයුරි අක්කගෙ ගෙදරින් එනකල් අක්කා ලගින් හෙල්ලෙන්නෙවත් නැතුව ඉදලා තියෙනවා.
    ඒ සිද්දියෙන් පස්සේ අක්කා හැමදාම ටවුන් එකේදි කුමාර අයියව බලලා‍, කතා කරලා යන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ දවස ගානෙ හමුවීම ආදරේකට පෙරලෙනවත් එක්කම කුමාර අයියත් සුව අතට හැරිලා තියෙනවා.
    ඉතින් එහෙම සනීප උන කුමාර අයියා අද වෙද්දි ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෙක් වගේම සයුරි අක්කා එයාගෙ ආදරණීය බිරිඳ. සයුරි අක්කා නොහිටින්න කුමාර අයියා තාමත් සුදුනෝනව හොයනවා.
    අහම්බෙන් අපේ ජීවිත වලට එන සමහර අය‍, අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. එහෙම වෙන වෙනස්කම් හොඳ අතට වෙනවා නම් ලෝකය හරි ලස්සන වෙයි
    😊
    ❤️
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මමත් කාලෙකින් රවුලයි කොන්ඩේ නොකපා මූ වගේම තමයි.. තනියෙන් යනවනම් අඳින්නත් පරණ ඒව.
    මේ වගේ අක්කා කෙනෙක් දැකලා මාව සනීප කරයිද දාන්නේ නෑ