Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලස්සන බණ කතාව(ධර්ම දානය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං එදා දානමය පිං කමෙන් පස්සේ ආච්චිව මුණ ගැහී මේ ගැන අහන්ට ම යි උන්නේ. ඉතින් හවස් වෙලා මං ආච්චි ළඟට ගිහින් මෙහෙම ඇසුවා.

“ආච්චියේ…. ඔයාට මතකෙයි අද දානයට වැඩිය ස්වාමීන් වහන්සේ කියූ බණ ටික? එතෙන්දි උන්නාන්සේ කීවේ ‘තුන් සිත පහදා ගෙන දුන් දානේ, උන් ගිය ගිය තැන ලැබෙයි නිදානේ’ කියලා. තුන් සිත පහදාගන්ට කියලනේ. අනේ ආච්චි මොනාද ඒ තුන් සිත?”

“හෝ… මයෙ පුතා දැන් හොඳ කල්පනාකාරයෙක් නොවැ. ඔය පුරස්නේ හරී වටිනවා පුතේ. ගොඩාක් ඈයො පින් කොළාට ඒ ගැන වගේ වගක් නෑ. නමුත් පුතේ තුන් සිත ගැන අපි දැනගන්ට ඕනෑ ම යි.

ඉතින් පුතේ ඒ මෙහෙමයි. ඕං අපි අද ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කොරගත්තා නොවැ. ඔයැයිට මතකෙයි මං කීවා අපි මේ දන් පුදන්නේ මහසඟරුවනට ය කියා?”

“හරි ආච්චි… ආච්චි අපට කියාදුන්නානේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන කියලා ම සිතන්ට කියලා. මං හිතුවෙත් එහෙම තමා.”

“ආන් හොඳා…. මයෙ පුතා හිතුවා හරි… ඉතින් අපි එහෙම හිතුවේ දන් පුදන්ට කලියෙං නොවැ. එහෙම හිතලා තමයි අපි දන් කලමනා ලේස්ති කොළේ. ඒකට කියන්නේ පූර්ව චේතනාව කියලා. දානය දෙන්ට කලිං සිත පහදවා ගන්නවා කියන්නේ එයට යි.

ඊළඟට පුතේ අපි බොහෝම ගරු සරු ඇතිව පා දෝවනය කොරලා, සුදු ඇතිරිලි එලාපු ආසනවල වඩා හිඳවලා, බොහෝම ගරු සරු ඇතිව දන් පිදුවා නොවැ. කිසි ලෝභකොමක් නැතිව අපි දන් දුන්නා නොවැ. ඒකට කියන්නේ මුංචන චේතනාව කියලා. ඒ කියන්නේ අපි සන්තක දේ පූජා කොරන වේලේ ඇති වූ සතුට නොවැ. ඒක දෙවෙනි සිත.”

“එතකොට ආච්චි… තුන්වෙනි සිත මොකක්ද?”

“පුතේ ඒකට කියන්නේ අපර චේතනාව කියලා. ඒ කියන්නේ දන් පූජා කොරගත්තාට පස්සේ සිතේ උපදවා ගන්නා සංතෝෂේ. ඕං… පුතේ මට ඒක කියනකොට ම හරි අපූරු කතාවක් මතක් වුනා.”

“අනේ ආච්චියේ, අපට ඒ කතාව කියා දෙන්ට.”

“එහෙනම් මයෙ පුතා හොඳට අසාගෙන ඉන්ටකෝ. ඉතින් පුතේ ඉස්සර අනුරාධපුරේ උන්නු මිනිහෙක් රජ්ජුරුවන්නේ රාජකාරියකට මුගලයින් රට කියන පළාතේ මාළු අල්ලන උදවිය වාසය කරන කෙවුල් ගමට ගියා. ‘හා… අපේ රජ්ජුරුවන් වහන්සේගේ සේවක කෙනෙක්’ කියලා ඒ කෙවුල්ගමේ මිනිස්සු අර උන්දෑට බොහෝම සැලකුවා. හොඳ හැටියට රා බොන්ට දුන්නා. උන්දැත් හොඳට පදං වෙනකල් රා බීවා. කෙළි සෙල්ලම් කොළා.

පහුවෙනිදා උදේ මිනිහාට හොඳටෝම බඩගිනියි. “අනේ බොලල්ලා…. කොටාබාන්ට මක්කවත් නැද්දැයි කියා ඇසුවා. එතකොට ඒ මිනිස්සු ‘මේ අපේ රජ්ජුරුවන්නේ දූතයා නොවැ’ කියලා ඇල් හාලේ බතක් පිසලා ගිතෙල් දමා ප්රණීතව පිසගත් කුකුල් මස් වෑංජනයක් එක්ක බත් දුන්නා.

පුතේ… ගිතෙල් දාලා හදාපු මස් වෑංජනේ සුවඳට ඉව කොරාන එතැනට බැල්ලියක් ආවා. මේ බැල්ලී දැක්ක ගමන් අර මිනිහාට කේන්ති ගියා.

“හනේ… නිදකිං…. මං මේ බඩගින්නට බත්ගුලියක් ඇණුවා විතරයි… මේ… බැල්ලියක් ඇවිත්…!” කියා බැල්ලිට ගසන්ට වට පිට බැලුවා. අතට අහුවෙන මොකවත් නෑ. තමන් කන්ට අනාපු බත් ගුලියෙන් ගැහුවා. එතකොට ඒ බැල්ලි ඒ බත්ගුලිය මහා සතුටින් කෑවා. අර රාජ සේවකයාත් ඉතිරි බත් කන්ට ගත්තා. එතකොට උන්දැට තමන් බැල්ලිට දමා ගැසූ බත් ගුලිය ගැන මතක් වුනා.

“ඔව්… හරි අගේ ඇති මස් රසයෙන් යුතු බත් පිඬක් නොවැ මං බැල්ලිට විසික්කා කොළේ.. ඔව්… ඒකි හරි සතුටින් බත් පිඬ කෑවා…. හෝ… බොහෝම අගෙයි. මං ඒකෙන් කොළේ යහපත් දෙයක්” කියලා සිත පහදා ගත්තා.

ආං ඒකටයි කියන්නේ පුතේ අපර චේතනාව කියලා. දානය ගැන අර මිනිහගේ පළමු සිත පැහැදුනෙත් නෑ. දෙවෙනි සිත පැහැදුනෙත් නෑ. හැබැයි තුන්වෙනි සිත පැහැදුනා. ඒ කියන්නේ දානය දුන්නාට පස්සේ සතුටු වුනා.

ඉතින් පුතේ උන්දැ අනුරාධපුරේට හැරී එද්දී අතරමගදී සොර මුළකට අහුවෙලා මැරුම් කෑවා. ඊට පස්සේ උන්දෑ මහලවෙහෙර කියන විහාරෙ සමීප නිවසක මනුස්ස ආත්මයක් ලැබුවා. දෙමාපියෝ මේ පුත්කුමාරයාට ‘සංඝදත්ත’ කියලා නම තිබ්බා. මේ කොලු පැංචා ලොකු වෙලා මහලෙණ විහාරය කියන විහාරෙට ගොහින් පැවිදි වෙලා බුද්ධ සෑසනේට ඇතුළු වුනා.

ඉතින් පුතේ දැන් මේ සංඝදත්ත තෙරුන් බොහෝම හොඳින් වත්පිළිවෙත් පුරනවා. ගුණදහම් වඩනවා. කලක් ගතවෙද්දී පුතේ ලංකාවට බැමිණිටියා සාගතය ආවා. ජීවත් වෙන්ට විදිහක් නැති මිනිස්සු ගම්බිම් දාලා ගියා. උපාසකවරු සංඝදත්ත තෙරුන්ට ඔවුන් එක්ක යන්ට කතා කොළා.

“අනේ උපාසකවරුනේ… මං මේ බෝධීන් වහන්සේ, දාගැප් වහන්සේ වන්දනා කොරගෙන මට ඇහැක් විදිහට වත් පිළිවෙත් කොරාන ඉන්නම්. මට එහෙම මැරෙන එක සැපක්.”

දැන් පුතේ ගමේ කව්රුත් නෑ. හැමෝම ගියා. මේ තෙරුන්නාන්සේ විතරක් ඉතිරි වුනා. පසුවදා තෙරුන්නාන්සේ දාගැප් බෝමළු ඇමදලා වත් පිළිවෙත් කොරලා සිව්රු පොරවාගෙන පාත්තරේ අතට ඇන්න කල්පනා කොළා. සිඬු සිඟා යන්ට තැනක් නෑ. ගල්ලෙනේ දොරකඩට වෙලා හිටගෙන උන්නා.

ඉතින් පුතේ ඔය ගල්ලෙන ළඟ රුකේ වෘක්ෂ දේවතාවෙක් උන්නා. එතකොට ඒ දේවතාවා මනුස්ස වේශයක් ඇන්න මේ තෙරුන්නාන්සේ ළඟට ඇවිත් මෙහෙම කීවා.

“අනේ ස්වාමීන් වහන්ස, පිණ්ඩපාතෙට කොහේවත් වඩින්ට ඕනෑ නෑ. හැමදාම ඔය විදිහට පාත්තරයත් අරං මෙතැනට වඩින්ට. මං දන්පැන් පුදන්නම්. තමුන්නාන්සේ සුවසේ මහණදම් පුරාගන්ට. මට ඒ ඇති.”

එතකොට තෙරුන්නාන්සේ නිශ්ශබ්ද වුනා. ඉතින් පුතේ ඒ වෘක්ෂ දේවතාවා දොළොස් අවුරුද්දක් තෙරුන්නාන්සේට උපස්ථාන කළා.

දවසක් භාවනානුයෝගීව හුන් තෙරුන්නාන්සේට මෙහෙම කල්පනා වුනා. ‘දැන් සෑහෙන කලක් තිස්සේ ලංකාවාසීන් මහත් දුකසේ කෑමක් බීමක් නැතිව ඉන්නවා. දාන මාන නැතිව භික්ෂූන් වහන්සේලාත් ඒ ඒ තැන විසිර වැඩියා. නමුත් මේ දේවතාවා මට හොඳ ප්‍රණීත දානයෙන් උවටැන් කරනවා. මං ඒකාන්තයෙන් පෙර ආත්මෙක බුදු පසේබුදු මහරහත් නමකට දානාදියෙකින් උපස්ථාන කොරන්ට ඇති. නැතිනම් මට මෙහෙම පහසුවක් ලැබුනේ කොහොමෙයි.”

එදා දේවතාවා තෙරුන් ළඟට උපස්ථානයට ආවා. එතකොට තෙරුන්නාන්සේ දෙවියාගෙන් මෙහෙම ඇසුවා.

“ප්‍රිය දේවතාවෙනි, දැන් බලන්ට. ඔහේ මට බොහෝම ගරු සරු ඇතිව දන්පැනින් උවටැන් කොරනවා නොවැ. දේවතාවුන් වහන්සේලාට පූරුවේ උප්පැත්ති පේනවා නොවැ. මං මේ සා සැලකිලි ලබන්ට පූරුවේ ආත්මේ කළ පින මොකක්දැයි කියා මට කියන්ට ඇහැකි ද?”

“ස්වාමීන් වහන්ස, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට වේවා, පසේ බුදුරජාණන් වහන්සේ නමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතාම ස්වල්ප පිනක් මට පේනවා. මං ඒ ගැන කියඤ්ඤං.

ස්වාමීන් වහන්ස, තමුන්නාන්සේ කලින් ආත්මෙත් මේ ලක්දිව ම යි උපන්නේ. එතකොට මනුස්ස ආත්මයක්. අනුරාධපුරයේ උන්නේ. රාජකාරි ගමනකට තමුන්නාන්සේ කෙවුල්ගමකට ගියා. ඒ ගම්වැසියෝ ඇල්හාලේ බතුත් එක්ක ගිතෙල් මුසු කුකුල් මස් වෑංජනයකින් බත් තලියක් තමුන්ට කන්ට දුන්නා. එතකොට එතෙන්ට සාගින්නේ සිටිය බැල්ලියක් ආවා. එතකොට තමුන්ට කේන්ති ගියා.

බැල්ලි දිහා රවා බැලුවා. ‘නිදකිං… මේ බැල්ලි මක්කට ආවාද’ කියා තමුන් කන්ට ගත් බත්ගුලියෙන් බැල්ලිට ගැහුවා නොවැ. එතකොට ඒකි මහා සතුටින් ඒ බත්පිඬ අනුභව කළා. තමුන් ඊළඟ බත් පිඬ අනුභව කරලා මෙහෙම හිතුවා. ‘ෂාහ්… හරීම රසයි නොවැ. මං බැල්ලිට දුන්නේ මේ වැනි රසයෙන් යුත් බත් පිඬක්. ඔව්… ඒක හොඳා. ඒ ගැන මං සතුටුයි’ කියා සතුටු වුනා. ආං ඒ අපර චේතනාව යහපත් වුනා.

ඉතින් ස්වාමීන් වහන්ස, තමුන්නාන්සේ ඒ ආත්මේ කරාපු ඔය පින තමයි මේ විපාක දුන්නේ.” කියා දේවතාවා කියපු වේලේ අර තෙරුන්නාන්සේ විස්මයෙන් ඇලලී ගියා.

“අහෝ! දානය කියන්නේ මේ තරම් ආශ්චරිය දෙයක් ද. මං මේ පූරුවේ ආත්මේ බැල්ලිකට දමා ගැසූ බත්පිඬ ගැන අපර චේතනාවෙන් සිත පහදවා ගෙන මෙහෙම විපාක ලැබුවා නම් බුදු පසේබුදු මහරහතුන්ට, සිල්වත් සඟරුවනට දුන් දානයේ විපාක කොහොම ඇද්ද…!” කියා සතුටු වෙවී සිත සමාධිගත කොට විදර්ශනා වඩා අරහත්වයට පත් වුනා.

දැක්කාද පුතේ අපර චේතනාව මුල් වෙලා කර්ම විපාක දුන් හැටි. ඒ නිසා පුතේ දානයකදී අපි දන් දෙන්ට කලිනුත්, දන් දෙන අවස්ථාවේත්, දන් දුන්නාට පස්සෙත් කියන මේ තුන් අවස්ථාවේ ම සිත පහදා ගන්ට ඕනෑ. ඕක තමා තුන් සිත!

[QUOTE="asliyanage, post: 25731265, member: 8764"] මං එදා දානමය පිං කමෙන් පස්සේ ආච්චිව මුණ ගැහී මේ ගැන අහන්ට ම යි උන්නේ. ඉතින් හවස් වෙලා මං ආච්චි ළඟට ගිහින් මෙහෙම ඇසුවා. “ආච්චියේ…. ඔයාට මතකෙයි අද දානයට වැඩිය ස්වාමීන් වහන්සේ කියූ බණ ටික? එතෙන්දි උන්නාන්සේ කීවේ ‘තුන් සිත පහදා ගෙන දුන් දානේ, උන් ගිය ගිය තැන ලැබෙයි නිදානේ’ කියලා. තුන් සිත පහදාගන්ට කියලනේ. අනේ ආච්චි මොනාද ඒ තුන් සිත?” “හෝ… මයෙ පුතා දැන් හොඳ කල්පනාකාරයෙක් නොවැ. ඔය පුරස්නේ හරී වටිනවා පුතේ. ගොඩාක් ඈයො පින් කොළාට ඒ ගැන වගේ වගක් නෑ. නමුත් පුතේ තුන් සිත ගැන අපි දැනගන්ට ඕනෑ ම යි. ඉතින් පුතේ ඒ මෙහෙමයි. ඕං අපි අද ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කොරගත්තා නොවැ. ඔයැයිට මතකෙයි මං කීවා අපි මේ දන් පුදන්නේ මහසඟරුවනට ය කියා?” “හරි ආච්චි… ආච්චි අපට කියාදුන්නානේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන කියලා ම සිතන්ට කියලා. මං හිතුවෙත් එහෙම තමා.” “ආන් හොඳා…. මයෙ පුතා හිතුවා හරි… ඉතින් අපි එහෙම හිතුවේ දන් පුදන්ට කලියෙං නොවැ. එහෙම හිතලා තමයි අපි දන් කලමනා ලේස්ති කොළේ. ඒකට කියන්නේ පූර්ව චේතනාව කියලා. දානය දෙන්ට කලිං සිත පහදවා ගන්නවා කියන්නේ එයට යි. ඊළඟට පුතේ අපි බොහෝම ගරු සරු ඇතිව පා දෝවනය කොරලා, සුදු ඇතිරිලි එලාපු ආසනවල වඩා හිඳවලා, බොහෝම ගරු සරු ඇතිව දන් පිදුවා නොවැ. කිසි ලෝභකොමක් නැතිව අපි දන් දුන්නා නොවැ. ඒකට කියන්නේ මුංචන චේතනාව කියලා. ඒ කියන්නේ අපි සන්තක දේ පූජා කොරන වේලේ ඇති වූ සතුට නොවැ. ඒක දෙවෙනි සිත.” “එතකොට ආච්චි… තුන්වෙනි සිත මොකක්ද?” “පුතේ ඒකට කියන්නේ අපර චේතනාව කියලා. ඒ කියන්නේ දන් පූජා කොරගත්තාට පස්සේ සිතේ උපදවා ගන්නා සංතෝෂේ. ඕං… පුතේ මට ඒක කියනකොට ම හරි අපූරු කතාවක් මතක් වුනා.” “අනේ ආච්චියේ, අපට ඒ කතාව කියා දෙන්ට.” “එහෙනම් මයෙ පුතා හොඳට අසාගෙන ඉන්ටකෝ. ඉතින් පුතේ ඉස්සර අනුරාධපුරේ උන්නු මිනිහෙක් රජ්ජුරුවන්නේ රාජකාරියකට මුගලයින් රට කියන පළාතේ මාළු අල්ලන උදවිය වාසය කරන කෙවුල් ගමට ගියා. ‘හා… අපේ රජ්ජුරුවන් වහන්සේගේ සේවක කෙනෙක්’ කියලා ඒ කෙවුල්ගමේ මිනිස්සු අර උන්දෑට බොහෝම සැලකුවා. හොඳ හැටියට රා බොන්ට දුන්නා. උන්දැත් හොඳට පදං වෙනකල් රා බීවා. කෙළි සෙල්ලම් කොළා. පහුවෙනිදා උදේ මිනිහාට හොඳටෝම බඩගිනියි. “අනේ බොලල්ලා…. කොටාබාන්ට මක්කවත් නැද්දැයි කියා ඇසුවා. එතකොට ඒ මිනිස්සු ‘මේ අපේ රජ්ජුරුවන්නේ දූතයා නොවැ’ කියලා ඇල් හාලේ බතක් පිසලා ගිතෙල් දමා ප්රණීතව පිසගත් කුකුල් මස් වෑංජනයක් එක්ක බත් දුන්නා. පුතේ… ගිතෙල් දාලා හදාපු මස් වෑංජනේ සුවඳට ඉව කොරාන එතැනට බැල්ලියක් ආවා. මේ බැල්ලී දැක්ක ගමන් අර මිනිහාට කේන්ති ගියා. “හනේ… නිදකිං…. මං මේ බඩගින්නට බත්ගුලියක් ඇණුවා විතරයි… මේ… බැල්ලියක් ඇවිත්…!” කියා බැල්ලිට ගසන්ට වට පිට බැලුවා. අතට අහුවෙන මොකවත් නෑ. තමන් කන්ට අනාපු බත් ගුලියෙන් ගැහුවා. එතකොට ඒ බැල්ලි ඒ බත්ගුලිය මහා සතුටින් කෑවා. අර රාජ සේවකයාත් ඉතිරි බත් කන්ට ගත්තා. එතකොට උන්දැට තමන් බැල්ලිට දමා ගැසූ බත් ගුලිය ගැන මතක් වුනා. “ඔව්… හරි අගේ ඇති මස් රසයෙන් යුතු බත් පිඬක් නොවැ මං බැල්ලිට විසික්කා කොළේ.. ඔව්… ඒකි හරි සතුටින් බත් පිඬ කෑවා…. හෝ… බොහෝම අගෙයි. මං ඒකෙන් කොළේ යහපත් දෙයක්” කියලා සිත පහදා ගත්තා. ආං ඒකටයි කියන්නේ පුතේ අපර චේතනාව කියලා. දානය ගැන අර මිනිහගේ පළමු සිත පැහැදුනෙත් නෑ. දෙවෙනි සිත පැහැදුනෙත් නෑ. හැබැයි තුන්වෙනි සිත පැහැදුනා. ඒ කියන්නේ දානය දුන්නාට පස්සේ සතුටු වුනා. ඉතින් පුතේ උන්දැ අනුරාධපුරේට හැරී එද්දී අතරමගදී සොර මුළකට අහුවෙලා මැරුම් කෑවා. ඊට පස්සේ උන්දෑ මහලවෙහෙර කියන විහාරෙ සමීප නිවසක මනුස්ස ආත්මයක් ලැබුවා. දෙමාපියෝ මේ පුත්කුමාරයාට ‘සංඝදත්ත’ කියලා නම තිබ්බා. මේ කොලු පැංචා ලොකු වෙලා මහලෙණ විහාරය කියන විහාරෙට ගොහින් පැවිදි වෙලා බුද්ධ සෑසනේට ඇතුළු වුනා. ඉතින් පුතේ දැන් මේ සංඝදත්ත තෙරුන් බොහෝම හොඳින් වත්පිළිවෙත් පුරනවා. ගුණදහම් වඩනවා. කලක් ගතවෙද්දී පුතේ ලංකාවට බැමිණිටියා සාගතය ආවා. ජීවත් වෙන්ට විදිහක් නැති මිනිස්සු ගම්බිම් දාලා ගියා. උපාසකවරු සංඝදත්ත තෙරුන්ට ඔවුන් එක්ක යන්ට කතා කොළා. “අනේ උපාසකවරුනේ… මං මේ බෝධීන් වහන්සේ, දාගැප් වහන්සේ වන්දනා කොරගෙන මට ඇහැක් විදිහට වත් පිළිවෙත් කොරාන ඉන්නම්. මට එහෙම මැරෙන එක සැපක්.” දැන් පුතේ ගමේ කව්රුත් නෑ. හැමෝම ගියා. මේ තෙරුන්නාන්සේ විතරක් ඉතිරි වුනා. පසුවදා තෙරුන්නාන්සේ දාගැප් බෝමළු ඇමදලා වත් පිළිවෙත් කොරලා සිව්රු පොරවාගෙන පාත්තරේ අතට ඇන්න කල්පනා කොළා. සිඬු සිඟා යන්ට තැනක් නෑ. ගල්ලෙනේ දොරකඩට වෙලා හිටගෙන උන්නා. ඉතින් පුතේ ඔය ගල්ලෙන ළඟ රුකේ වෘක්ෂ දේවතාවෙක් උන්නා. එතකොට ඒ දේවතාවා මනුස්ස වේශයක් ඇන්න මේ තෙරුන්නාන්සේ ළඟට ඇවිත් මෙහෙම කීවා. “අනේ ස්වාමීන් වහන්ස, පිණ්ඩපාතෙට කොහේවත් වඩින්ට ඕනෑ නෑ. හැමදාම ඔය විදිහට පාත්තරයත් අරං මෙතැනට වඩින්ට. මං දන්පැන් පුදන්නම්. තමුන්නාන්සේ සුවසේ මහණදම් පුරාගන්ට. මට ඒ ඇති.” එතකොට තෙරුන්නාන්සේ නිශ්ශබ්ද වුනා. ඉතින් පුතේ ඒ වෘක්ෂ දේවතාවා දොළොස් අවුරුද්දක් තෙරුන්නාන්සේට උපස්ථාන කළා. දවසක් භාවනානුයෝගීව හුන් තෙරුන්නාන්සේට මෙහෙම කල්පනා වුනා. ‘දැන් සෑහෙන කලක් තිස්සේ ලංකාවාසීන් මහත් දුකසේ කෑමක් බීමක් නැතිව ඉන්නවා. දාන මාන නැතිව භික්ෂූන් වහන්සේලාත් ඒ ඒ තැන විසිර වැඩියා. නමුත් මේ දේවතාවා මට හොඳ ප්‍රණීත දානයෙන් උවටැන් කරනවා. මං ඒකාන්තයෙන් පෙර ආත්මෙක බුදු පසේබුදු මහරහත් නමකට දානාදියෙකින් උපස්ථාන කොරන්ට ඇති. නැතිනම් මට මෙහෙම පහසුවක් ලැබුනේ කොහොමෙයි.” එදා දේවතාවා තෙරුන් ළඟට උපස්ථානයට ආවා. එතකොට තෙරුන්නාන්සේ දෙවියාගෙන් මෙහෙම ඇසුවා. “ප්‍රිය දේවතාවෙනි, දැන් බලන්ට. ඔහේ මට බොහෝම ගරු සරු ඇතිව දන්පැනින් උවටැන් කොරනවා නොවැ. දේවතාවුන් වහන්සේලාට පූරුවේ උප්පැත්ති පේනවා නොවැ. මං මේ සා සැලකිලි ලබන්ට පූරුවේ ආත්මේ කළ පින මොකක්දැයි කියා මට කියන්ට ඇහැකි ද?” “ස්වාමීන් වහන්ස, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට වේවා, පසේ බුදුරජාණන් වහන්සේ නමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතාම ස්වල්ප පිනක් මට පේනවා. මං ඒ ගැන කියඤ්ඤං. ස්වාමීන් වහන්ස, තමුන්නාන්සේ කලින් ආත්මෙත් මේ ලක්දිව ම යි උපන්නේ. එතකොට මනුස්ස ආත්මයක්. අනුරාධපුරයේ උන්නේ. රාජකාරි ගමනකට තමුන්නාන්සේ කෙවුල්ගමකට ගියා. ඒ ගම්වැසියෝ ඇල්හාලේ බතුත් එක්ක ගිතෙල් මුසු කුකුල් මස් වෑංජනයකින් බත් තලියක් තමුන්ට කන්ට දුන්නා. එතකොට එතෙන්ට සාගින්නේ සිටිය බැල්ලියක් ආවා. එතකොට තමුන්ට කේන්ති ගියා. බැල්ලි දිහා රවා බැලුවා. ‘නිදකිං… මේ බැල්ලි මක්කට ආවාද’ කියා තමුන් කන්ට ගත් බත්ගුලියෙන් බැල්ලිට ගැහුවා නොවැ. එතකොට ඒකි මහා සතුටින් ඒ බත්පිඬ අනුභව කළා. තමුන් ඊළඟ බත් පිඬ අනුභව කරලා මෙහෙම හිතුවා. ‘ෂාහ්… හරීම රසයි නොවැ. මං බැල්ලිට දුන්නේ මේ වැනි රසයෙන් යුත් බත් පිඬක්. ඔව්… ඒක හොඳා. ඒ ගැන මං සතුටුයි’ කියා සතුටු වුනා. ආං ඒ අපර චේතනාව යහපත් වුනා. ඉතින් ස්වාමීන් වහන්ස, තමුන්නාන්සේ ඒ ආත්මේ කරාපු ඔය පින තමයි මේ විපාක දුන්නේ.” කියා දේවතාවා කියපු වේලේ අර තෙරුන්නාන්සේ විස්මයෙන් ඇලලී ගියා. “අහෝ! දානය කියන්නේ මේ තරම් ආශ්චරිය දෙයක් ද. මං මේ පූරුවේ ආත්මේ බැල්ලිකට දමා ගැසූ බත්පිඬ ගැන අපර චේතනාවෙන් සිත පහදවා ගෙන මෙහෙම විපාක ලැබුවා නම් බුදු පසේබුදු මහරහතුන්ට, සිල්වත් සඟරුවනට දුන් දානයේ විපාක කොහොම ඇද්ද…!” කියා සතුටු වෙවී සිත සමාධිගත කොට විදර්ශනා වඩා අරහත්වයට පත් වුනා. දැක්කාද පුතේ අපර චේතනාව මුල් වෙලා කර්ම විපාක දුන් හැටි. ඒ නිසා පුතේ දානයකදී අපි දන් දෙන්ට කලිනුත්, දන් දෙන අවස්ථාවේත්, දන් දුන්නාට පස්සෙත් කියන මේ තුන් අවස්ථාවේ ම සිත පහදා ගන්ට ඕනෑ. ඕක තමා තුන් සිත! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom