Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...

ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...

(මේ පිළිබඳව මා මීට පෙරත් සාකච්ඡා කොට තිබෙනවා.)

දශක දෙකක් පමණ අනේකවිධ කැපකිරීම කරමින් සිප්සතර ඉගෙන, තම උගත්කමට හා හැකියාවට ගැලපෙන රැකියාවක් ලබා ගත් ඕනෑම අයෙකුගේ සිහිනයකි තමන්ගේම කියා සුවපහසු, ආරක්ෂිත වාහනයක ජීවිත කාලයම තමන් නිසා දුක් විඳි තම අසරණ දෙමාපියන් හා ආදරණීයන් කැඳවාගෙන යාම. එක්තරා විදියකට එය රට සංවර්ධනයට සිය බුද්ධිමය දායකත්වය ලබාදෙන සියල්ලන්ගේම අයිතිවාසිකමක්..

එහෙත් කොතෙක් දුරට ලංකාවේ රජය එයට පහසුකම් සපයනවාද යන්න පහත සරල උදාහරණ මගින් ඔබට පැහැදිලි කර දිය හැකියි.

මා අධ්‍යාපනය ලබන්නේ මැලේසියාවේ. එය අනෙකුත් සංවර්ධිත රටවල් හා බලන කල ඒ තරම් මහා විශාල සංවර්ධිත රටකුත් නොවෙයි. කොටින්ම සිය අසල්වැසි සිංගප්පූරුව තරම්වත් දියුණු රටක් නොවෙයි. ඉතා මෑතකදී දියුණු වූ ආසියාතික රටක්.

නමුත් මේ රටේ පුරවැසියෙකුගේ ආරක්ශිත, සුවපහසු වාහනයක් තමන් සතු කරගැනීමේ හැකියාව සලකා බලන්න.

ඊට කළින් මෙහි සාමාන්‍ය වැසියෙකුගේ ආදායම දැන ගත යුතුයි.

මෙහි පූර්ණ කාළීන කම්කරුවෙකුගේ අවම වැටුප රින්ගිට් (ඒ මෙහි මුදල් ඒකකය, දළ වශයෙන් රින්ගිට් එකක් රු. 40ක් පමණ වනවා. යහපාලන රජය බලයට එනකොට තිබුණේ 35ට පමණ.) 1,500 ක් පමණ වනවා.

අර්ධ කාලීන හෝටල් සේවකයගේ (උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකුගේ) නම් රින්ගිට් 1350 ක් පමණ.

ආරක්ෂක නිලධාරියෙකුගේ වැටුප රින්ගිට් 1750 (අතිකාල නොමැතිව.) පමණ.

ටැක්සි රියැදුරෙකුගේ මාසික ආදායම රින්ගිට් 4000-6000 ක් පමණ.

විශ්වවිද්‍යාලයක ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුප රින්ගිට් 8000 + නිවාස දීමනා 1500.

පහත සබැඳියෙන් දක්වා ඇත්තේ ලංකාවේ මුදළින් රු. මිලියන 2.9 කින් ඇරඹෙන වාහන මිළ දර්ශකයයි.

https://www.carbase.my/perodua

ලංකාවේ ලක්ෂ 29 ක් පමණ වන පැරඩුවා (බ්‍රෑන්ඩ් නිව්!) රථයක් රින්ගිට් 21145 ක්, එනම් ආසන්න වශයෙන් රු. ලක්ෂ අටහමාරකට මිළදී ගත හැකි බව ඔබට පෙනී යාවි.

(වෙනත් නිෂ්පාදකයන් සහ මාදිළි සඳහා සපයා ඇති වෙබ් අඩවියේ උඩ ඇති ටැබ් භාවිත කරන්න.)

මදක් පාවිච්චි කළ රථයක් නම් (ලංකාවේ වගේ නොවෙයි.) ඊට වඩා බොහෝ අඩු ගණනකට (භාවිත කළ කාලය හා තත්ත්වය (Condition) අනුව ඇතැම්විට ඉන් අඩක් හෝ 1/3ක් පවා විය හැකියි..!)

වඩාත් සරළව මෙය පැහැදිළි කළහොත්....

මැලේසියාවේ ආධුනික සරසවි ඇදුරෙකුට තමන්ගේ මාසික වැටුප මෙන් තුන් ගුණයකට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් මිළදී ගත හැකියි!

මෙය ලංකාවේ තත්ත්වය හා සන්සංදනය කර බලමු,

ලංකාවේ මගේ වැටුප රු. 86,700. මගේ බිරිඳගේ වැටුප 34,800. ලංකාවේ මා පාවිච්චි කරන රථයේ වටිනාකම රු. මිලියන 2.4. එයත් 2004 වසරේ නිෂ්පාදිත (එනම් ව්සර 14ක් පැරණි එකක්). වාහනය සඳහා ගත් ණය වාරිකය

මම රු. 49.600 (අවුරුදු 5 කට.) එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් මගේ මාසික ආදායමෙන් 56%ක්.

ඒ අරමුණ වෙනුවෙන්ම බිරිඳ ගත් ණය වාරිකය රු. 17,900. එය ඇගේ වැටුපෙන් 51% ක්.

අපේ පවුලේ මුළු ආදායමෙන් 55%ක් ම, අවුරුදු 5ක් ගතවනතුරු යන්නේ අවුරුදු 14ක් පරණ වාහනය වෙනුවෙන්...!

මම ලංකාවේ පාවිච්චි කරන නිසාන් N16 වර්ගයේ රථයේ මැලේසියානු වෙළඳපොළේ වටිනාකම රින්ගිට් 12,800 පමණයි වන්නේ. ආසන්න වශයෙන් එය රු. 520,000 (පන් ලක්ෂ විසි දහසක්.).

මා මැලේසියානු සරසවියක සේවය කරන්නේ යැයි මොහොතකට උපකල්පනය කරමු. එවිට මගේ මාසික වැටුප රින්ගිට් 8000 + 1500 = 9500 ක්.

එම වැටුපෙන් 56% ගණනේ ඉතුරු කළොත් (ලංකාවේ මා වාහනය වෙනුවෙන් යොදවන ප්‍රතිශතය.) එය රින්ගිට් 5320 ක්.

රින්ගිට් 12,800 එම අගයෙන් බෙදා බලමු.

12800/5320 = 2.4

ඒ කියන්නේ මාස දෙක හමාරක වැටුපෙන් මට මම ලංකාවේ පාවිච්චි කරන රථය අත්පිට මුදලට (රෙඩි කෑෂ් වලට) ගන්න පුළුවන්.

බිරිඳගේ දායකත්වය නොසලකා හැරියත්, ඒ වාහනයම ගන්න, ඒ කැපකිරීමම කළොත් (වැටුපෙන් 56% වෙන්කළොත්) මට ලංකාවේදී මාස 60 ක් ගෙවන්න වෙනවා.

ඒ කියන්නේ වාහනය කියන සාධකය පමණක් සැලකුවොත් ලංකාවේ ජීවන තත්ත්වය 25 ගුණයකින් පහත්..! (60 / 2.4 = 25)

මා හා බිරිඳ නිදහස් අධ්‍යාපනය ලැබූ ණය ගෙවන්නට තිබෙන නිසා තත්ත්වය මෙසේ වූයේ යැයි ඇතැමෙක් තර්ක නගාවි.

සංවාදයට විවෘතයි.

fb එකෙන් උපුටා ගන්නා ලදී..(අපේ ලෙචෙක් දාපු post එකක්)

[QUOTE="balconyGuy, post: 23169606, member: 566616"] [b]ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...[/b] [SIZE=3]ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...[/SIZE] [SIZE=3] (මේ පිළිබඳව මා මීට පෙරත් සාකච්ඡා කොට තිබෙනවා.)[/SIZE] [SIZE=3] දශක දෙකක් පමණ අනේකවිධ කැපකිරීම කරමින් සිප්සතර ඉගෙන, තම උගත්කමට හා හැකියාවට ගැලපෙන රැකියාවක් ලබා ගත් ඕනෑම අයෙකුගේ සිහිනයකි තමන්ගේම කියා සුවපහසු, ආරක්ෂිත වාහනයක ජීවිත කාලයම තමන් නිසා දුක් විඳි තම අසරණ දෙමාපියන් හා ආදරණීයන් කැඳවාගෙන යාම. එක්තරා විදියකට එය රට සංවර්ධනයට සිය බුද්ධිමය දායකත්වය ලබාදෙන සියල්ලන්ගේම අයිතිවාසිකමක්..[/SIZE] [SIZE=3] එහෙත් කොතෙක් දුරට ලංකාවේ රජය එයට පහසුකම් සපයනවාද යන්න පහත සරල උදාහරණ මගින් ඔබට පැහැදිලි කර දිය හැකියි.[/SIZE] [SIZE=3] මා අධ්‍යාපනය ලබන්නේ මැලේසියාවේ. එය අනෙකුත් සංවර්ධිත රටවල් හා බලන කල ඒ තරම් මහා විශාල සංවර්ධිත රටකුත් නොවෙයි. කොටින්ම සිය අසල්වැසි සිංගප්පූරුව තරම්වත් දියුණු රටක් නොවෙයි. ඉතා මෑතකදී දියුණු වූ ආසියාතික රටක්. නමුත් මේ රටේ පුරවැසියෙකුගේ ආරක්ශිත, සුවපහසු වාහනයක් තමන් සතු කරගැනීමේ හැකියාව සලකා බලන්න.[/SIZE] [SIZE=3] ඊට කළින් මෙහි සාමාන්‍ය වැසියෙකුගේ ආදායම දැන ගත යුතුයි. මෙහි පූර්ණ කාළීන කම්කරුවෙකුගේ අවම වැටුප රින්ගිට් (ඒ මෙහි මුදල් ඒකකය, දළ වශයෙන් රින්ගිට් එකක් රු. 40ක් පමණ වනවා. යහපාලන රජය බලයට එනකොට තිබුණේ 35ට පමණ.) 1,500 ක් පමණ වනවා. අර්ධ කාලීන හෝටල් සේවකයගේ (උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකුගේ) නම් රින්ගිට් 1350 ක් පමණ. ආරක්ෂක නිලධාරියෙකුගේ වැටුප රින්ගිට් 1750 (අතිකාල නොමැතිව.) පමණ. ටැක්සි රියැදුරෙකුගේ මාසික ආදායම රින්ගිට් 4000-6000 ක් පමණ. විශ්වවිද්‍යාලයක ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුප රින්ගිට් 8000 + නිවාස දීමනා 1500.[/SIZE] [SIZE=3] පහත සබැඳියෙන් දක්වා ඇත්තේ ලංකාවේ මුදළින් රු. මිලියන 2.9 කින් ඇරඹෙන වාහන මිළ දර්ශකයයි. [/SIZE] [SIZE=3][URL]https://www.carbase.my/perodua[/URL][/SIZE] [SIZE=3] ලංකාවේ ලක්ෂ 29 ක් පමණ වන පැරඩුවා (බ්‍රෑන්ඩ් නිව්!) රථයක් රින්ගිට් 21145 ක්, එනම් ආසන්න වශයෙන් රු. ලක්ෂ අටහමාරකට මිළදී ගත හැකි බව ඔබට පෙනී යාවි. (වෙනත් නිෂ්පාදකයන් සහ මාදිළි සඳහා සපයා ඇති වෙබ් අඩවියේ උඩ ඇති ටැබ් භාවිත කරන්න.)[/SIZE] [SIZE=3] මදක් පාවිච්චි කළ රථයක් නම් (ලංකාවේ වගේ නොවෙයි.) ඊට වඩා බොහෝ අඩු ගණනකට (භාවිත කළ කාලය හා තත්ත්වය (Condition) අනුව ඇතැම්විට ඉන් අඩක් හෝ 1/3ක් පවා විය හැකියි..!)[/SIZE] [SIZE=3] වඩාත් සරළව මෙය පැහැදිළි කළහොත්.... මැලේසියාවේ ආධුනික සරසවි ඇදුරෙකුට තමන්ගේ මාසික වැටුප මෙන් තුන් ගුණයකට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් මිළදී ගත හැකියි![/SIZE] [SIZE=3] මෙය ලංකාවේ තත්ත්වය හා සන්සංදනය කර බලමු, ලංකාවේ මගේ වැටුප රු. 86,700. මගේ බිරිඳගේ වැටුප 34,800. ලංකාවේ මා පාවිච්චි කරන රථයේ වටිනාකම රු. මිලියන 2.4. එයත් 2004 වසරේ නිෂ්පාදිත (එනම් ව්සර 14ක් පැරණි එකක්). වාහනය සඳහා ගත් ණය වාරිකය මම රු. 49.600 (අවුරුදු 5 කට.) එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් මගේ මාසික ආදායමෙන් 56%ක්. ඒ අරමුණ වෙනුවෙන්ම බිරිඳ ගත් ණය වාරිකය රු. 17,900. එය ඇගේ වැටුපෙන් 51% ක්.[/SIZE] [SIZE=3] අපේ පවුලේ මුළු ආදායමෙන් 55%ක් ම, අවුරුදු 5ක් ගතවනතුරු යන්නේ අවුරුදු 14ක් පරණ වාහනය වෙනුවෙන්...![/SIZE] [SIZE=3] මම ලංකාවේ පාවිච්චි කරන නිසාන් N16 වර්ගයේ රථයේ මැලේසියානු වෙළඳපොළේ වටිනාකම රින්ගිට් 12,800 පමණයි වන්නේ. ආසන්න වශයෙන් එය රු. 520,000 (පන් ලක්ෂ විසි දහසක්.). [/SIZE] [SIZE=3] මා මැලේසියානු සරසවියක සේවය කරන්නේ යැයි මොහොතකට උපකල්පනය කරමු. එවිට මගේ මාසික වැටුප රින්ගිට් 8000 + 1500 = 9500 ක්. එම වැටුපෙන් 56% ගණනේ ඉතුරු කළොත් (ලංකාවේ මා වාහනය වෙනුවෙන් යොදවන ප්‍රතිශතය.) එය රින්ගිට් 5320 ක්. රින්ගිට් 12,800 එම අගයෙන් බෙදා බලමු. 12800/5320 = 2.4[/SIZE] [SIZE=3] ඒ කියන්නේ මාස දෙක හමාරක වැටුපෙන් මට මම ලංකාවේ පාවිච්චි කරන රථය අත්පිට මුදලට (රෙඩි කෑෂ් වලට) ගන්න පුළුවන්. [/SIZE] [SIZE=3] බිරිඳගේ දායකත්වය නොසලකා හැරියත්, ඒ වාහනයම ගන්න, ඒ කැපකිරීමම කළොත් (වැටුපෙන් 56% වෙන්කළොත්) මට ලංකාවේදී මාස 60 ක් ගෙවන්න වෙනවා.[/SIZE] [SIZE=3] ඒ කියන්නේ වාහනය කියන සාධකය පමණක් සැලකුවොත් ලංකාවේ ජීවන තත්ත්වය 25 ගුණයකින් පහත්..! (60 / 2.4 = 25) [/SIZE] [SIZE=3] මා හා බිරිඳ නිදහස් අධ්‍යාපනය ලැබූ ණය ගෙවන්නට තිබෙන නිසා තත්ත්වය මෙසේ වූයේ යැයි ඇතැමෙක් තර්ක නගාවි.[/SIZE] [SIZE=3] සංවාදයට විවෘතයි.[/SIZE] fb එකෙන් උපුටා ගන්නා ලදී..(අපේ ලෙචෙක් දාපු post එකක්) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom