Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ බෙදීමක් නැත. ඉඳ හිට එම මාතෘකා සාකච්චා කරලියට පැමිණියත්, ඒ පැමිණෙන්නේ ශාස්ත්‍රීය මට්ටමිනි.

ඉස්ලාම් නොවන පිරිස රෙමී මාර්ටින් (Remy Martin) හෝ ඩෑල්මෝර් (Dalmore) වීදුරුවක් තොලගාන අතර එකම මේසයේ යාබද අසුනේ සිටින ඉස්ලාම් ආගමිකයෝ දොඩම් හෝ දෙහි යුෂ වීදුරුවක රස බලමින් සතුටින් සල්ලාපයේ යෙදෙති. මස් මාංශ වල රස විඳින අනෙකුත් ආගමිකයන් අතරම හිඳ භක්තිමත් හින්දුවරු නිර්මාංශ ආහාර රස විඳිති. ඒ අතරේ හාස්‍ය රසයෙන් පිරුණු පිළිසඳර ඇසේ.

ජෝන් ලෙනන් පැතූ පරිකල්පිත ලෝකය මෙය යැයි මට සිතුනි.

මේ වකවානුවේ දීම අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිනුම් ලබාගැනීමට මම කොටහේනේ ඉදිවන විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගියෙමි. සෑම පසින්ම විවෘත වූ ගොඩනැගිලි සැකිල්ලක ඉහලම මාලයේ, ගිනි අව්වේ, සිමෙන්ති කුඩු සහ දුහුවිලි වළා තුලින් ඇවිද මිනුම් ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා මා නොමැතිව වෙනත් පළපුරුදු කණ්ඩායමක් යැවීම සඳහා මට එකල වත් කමක් නොවීය. අවාසනාවකට එදින මගේ ගෝලයා පැමිණියේද නැත. එබැවින් මම සිමෙන්ති බදාමය ඔසවාගෙන යන තරුණයෙකු ලඟට ගොස් "මල්ලි මට මේ ටේප් එක අල්ලන්න උදව් කරනවද? මම ඔයාට අලාබෙ ගෙවන්නම්" යැයි කීවෙමි. තමාට අදාළ නොවන වැඩකට යම් අයෙකුව ඇඳා ගෙන ලබා දෙන කුලිය අලාබය ලෙස හැඳින්වීමට ඒ දිනවල මම පුරුදු වී සිටියෙමි.

"හරි බොස්, ලොකු බාසුන්නැහැ එන්නේ දවල් කෑමෙන් පස්සේ එතකන් ටක් ගාලා වැඩේ දෙමු. කොහොමටත් අපි දැන් කෑමට වැඩ නවත්තනවා". ඔහුට කුලියක් දෙන ඕනෑම අයෙක් බොස් ය.

"ඒයි රංජියා, පොඩි ගේමක් තියෙනවා, ඕක දාලා වරෙන්" ඔහු වීල්බැරෝවක් තල්ලු කරගෙන යමින් සිටි තවත් තරුණයෙකුට කීවේය. ඔවුන් අතර තනිවම කෑමක් නැත.

දැන් දෙදෙනා එකතුව කඩියන් මෙන් වැඩේ කරයි. මට ඇත්තේ ටේප් පටියේ මිනුම කියවා පොතේ ලියා ගැනීම පමණකි. විනාඩි විස්සකින් පමණ වැඩේ ඉවර විය. දෙදෙනාටම මම අලාබය ගෙව්වෙමි. එය මගේ ගෝලයා පැමිණියා නම් දිය යුතුව තිබූ මුදලයි. අළුත් ගෝලයන් දෙදෙනාට එය ඉතා ඉහල මුදලක් බව ඔවුන්ගේ මුහුණු වලින් දිස් විය.

මේ වන විට අනෙක් කම්කරුවන් වැඩ නවත්වා කෑමට එක්වී සිටියේය. ඒ අසල, තාවකාලිකව තනාගත් ලිපක් මතවූ තැනින් තැන තැලී ගිය විශාල මුට්ටියක වතුර උණු වෙයි. පැසුණු කෙස් ඇති කෙසඟ කම්කරුවෙක් තේ කොළ පිරුණු විශාල ගොට්ටක් අතේ ඇතිව බලා සිටියි. ජලය පැසෙන විට ඔහු ගොට්ට ඒ තුලට ඇතුළු කළේය.

මේ වන විට මගේ උගුර කට වියලී ඇඟ පුරාම දහඩියෙන් තෙත්වී තිබුණි. මා දෙස බැලූ රංජි "බොස්, කැමති නම් ප්ලේන්ටියක් ගහල යන්න" කියා කිවේය.

මෙහි ඇති තාවකාලික සෝපානය දහවල් ආහාරය ගන්නා වෙලාවට නවත්වයි. මේ අනුව මට බිම් මහල දක්වා තට්ටු 12 ක් බැසිය යුතුය. එතැන් සිට මගේ මෝටර් රථයට වැඩබිම හරහා වූ ගිනියම් තාර පාරේ කිලෝ මීටර භාගයක් පමණ ඇවිදිය යුතුය. මේ තත්වය යටතේ ලැබෙන ප්ලේන්ටිය අමෘතයකි. එබැවින් මම ක්ෂණයකින් "හොඳයි එහෙනම් බොමු" කීවෙමි.

මා මුලින්ම කතාකළ ගෝලයා "බෙන්ජමින් අයියේ, අපේ බොස්ටත් ප්ලේන්ටියක් දාන්න" කිවේය. ඔහු අක්රම් නැමැති මුස්ලිම් තරුණයෙකු බව මම පසුව දැනගතිමි.

බෙලෙක් ජෝගුවකට දැමු තේ කහට එක, තේ සෑදු බෙන්ජමින්ම පැමිණ මට පිළිගැන්විය. ඉන්පසු ඔහු පරණ ජෑම් බෝතලයක බාගෙට පුරවා තිබු සීනි ටිකක් මගේ අත්ලට දැමීමට සැදුවත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලේ මා එවන විටත් සීනි නොමැතිව තේ පානයට පුරුදු වී සිටි බැවිනි.

අනෙකුත් කම්කරුවන් මෙන්ම මමද එකපිට එක තැබූ බ්ලොක් ගල් දෙකක් මත හිඳ ගතිමි. දොළහක් පහළවක් පමණ වන එම පිරිසේ සිටි බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ය. ඒ අතර සිංහල සහ දෙමළ කිහිප දෙනෙක්ද සිටිති. බෙන්ජමින් අයියා බර්ගර් ජාතිකයෙකි. ඔවුන් කෑම පාර්සල් දිග හැරගෙන එකිනෙකා අතර බෙදාගෙන කති. සමහරෙක් අල්ලට දමාගත් සීනි ටික ලෙවකමින් තේ කෝප්පය තොල ගාති. ඔවුහු සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කතා කරති. එතන සිටින සියලු දෙනාටම මෙම භාෂා දෙකම ව්‍යක්තව කතා කල හැකි බව මට තේරුණි. කෙතරම් කර්කශ පරිසරයක වුවත් එහි සමගිය මෙන්ම හාස්‍ය රසයද පිරී තිබුණි.

නැවතත් මම ජෝන් ලෙනන්ගේ පරිකල්පිත ලෝකය දුටුවෙමි.

මා කුඩා කල සිටම දැන හඳුනන සියළු දෙනාම පාහේ අයත් වුයේ ලාංකික සමාජයේ පහල මධ්‍යම පංතියටය. අදටත් ඒ සියලු දෙනාම පාහේ අයිති වන්නේ පහල මධ්‍යම පංතියටය. සමහරුන් පහල මධ්‍යම පංතියේම ඉහල හෝ පහල ස්ථර වලට සංක්‍රමණය වී ඇත. එලෙසම සමස්ථයක් වශයෙන් පසුගිය දශක කිහිපයේදී සමාජ පංති තුල ඇතිවූ යම් ධනාත්මක වර්ධනයන් හේතුවෙන් ඔවුන් පංතිය පිටින්ම පහල මධ්‍යම කළාපයේ තරමක් ඉහලට එසවී ඇත.

නූතන බටහිර වර්ගීකරණයට අනුව (Birdsall, 2010), දිනකට ආදායම ඩොලර් 10ට වඩා වැඩි ජනතාවගෙන් 95% දක්වා පිරිස මධ්‍යම පංතිය ලෙසත් ඊට ඉහල 5% ධනපති පංතිය ලෙසත් වර්ගීකරණය වෙයි. ආසියාව සඳහා මීට ඉහත කරන ලද වර්ගීකරණයන් කිහිපයක මෙම පහල අදායම් මට්ටම ඩොලර් 2 ලෙස සලකා තිබේ (Banerjee and Duflo, 2007; Ravallion, 2009).

වසර 2009 දී මා මාස කිහිපයක් ස්වීඩනයේ ගත කල අතර එහිදී වරක් මට මහාචාර්ය ගෝරාන් සුන්ඩ්ක්විස්ට් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවීය. එතුමා ආසියානු සමාජ ක්‍රම පිළිබඳව හසල දැනුමක් ඇති ස්වීඩන් ජාතික සමාජ විද්‍යාඥයෙකි. ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි.

"දකුණු ආසියාවේ සමාජ පංති වර්ගීකරණය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?"

"මට හිතෙන විදියට දෛනික ආදායම මත පදනම් වෙච්ච මේ බටහිර අර්ථ දැක්වීම් ඉතා බොළඳයි. දකුණු ආසියානු සමාජය ඉතා සංකීර්ණයි. එය වර්ගීකරණය කිරීම සඳහා අපි මිනුම් දඬු කිහිපයක් යොදා ගත යුතුයි. මෙම සමහර මිනුම් දඬු නිරීක්ෂකයා මත යැපෙන (subjective) පරාමිති විය හැකියි". මහාචාර්ය ගෝරාන් කියාගෙන යයි.

"මට පෙනෙන විදියට ආසියාවේ බොහෝ රටවල ඉහල සහ පහල ලෙස මධ්‍යම පංතිය කළාප දෙකකට බෙදෙනවා. මෙම කළාප දෙකේ හැසිරීම එකිනෙකට බොහෝ වෙනස්. ඉහල මධ්‍යම පන්තිය හුඟක් කාරණා වලදී ධනපති පන්තිය සමග සමපාත වනවා. එහෙත් පහල මධ්‍යම පංතිය තුල විශාල උප-කුලක සහ උප-ස්ථර ප්‍රමාණයක් තිබෙනවා. බොහෝ පහල මධ්‍යම පාංතිකයන් තම වපසරිය පිළිබඳව ඇති අනවබෝධය නිසා අතිශයින් ව්‍යාකුල තත්වයට පත්වන අවස්ථා මම දැක තිබෙනවා". මේ ඔහුගේ අදහසයි.

මහාචාර්ය ගෝරාන්ට අනුව සමාජ ස්ථරයක මට්ටම මැනීම සඳහා ගත හැකි හොඳම මිනුම් දණ්ඩ නම් එම සමාජයේ පවුල් ඒකකයකට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි සේවා සහ භාණ්ඩ ප්‍රමාණයයි.

තරුණ වියේදී මගේ කිට්ටුවන්තම මිතුරන් සිටියේ දකුණු පළාතේ එක්තරා ප්රදේශයකය. එබැවින් මා සමහර සති අන්ත වල මෙම ප්‍රදේශයට ගියෙමි. එහිදී මා දකින එක් විශේෂත්වයක් වුයේ බොහෝ නිවෙස්වල අලුතින් මිලට ගත් පුටු සෙටිය (මෙය නිතර යෙදෙන ව්‍යවහාරයයි) පොලිතින් ආවරණ යොදා සුරක්ෂිත කිරීමයි.

එපමණක් නොව සමහර ඇඳන් මෙට්ට පවා පොලිතින් කවර යොදා ආවරණය කිරීම එකල පුරුද්දක් විය. මෙමගින් පැල්ලම් පළුදු වලින් තොරව ගෘහ භාණ්ඩය පවත්වා ගැනීම නිවැසියන්ගේ අභිප්‍රාය වන්නට ඇත. එහෙත් මෙම කවර මත හිඳගැනීම හෝ නිදා ගැනීම අතිශය අපහසු (uncomfortable) කටයුත්තක් විය. එහෙත් ගෘහ භාණ්ඩයේ අලුත් පෙනුමේ නාමයෙන් නිවැසියන්ද, අමුත්තන්ද මෙම ගැහැට ඉවසීය.

කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි.

මේ තත්වය නොයෙකුත් ආකාරයෙන් මම ලංකාව පුරාවටම දැක ඇත්තෙමි. සමහර සුඛෝපබෝගී වාහන අයිතිකරුවන් එය මිළදී ගත් දින සිටම වද වෙන්නේ එය භාවිතා කිරීමට වඩා එය ආරක්ෂා කරගැනීමටයි. ඒ එය විකුණන දිනෙක හොඳ මට්ටමෙන් පවත්වා ගැනීමටයි. වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි.

මේ අනුව ඉහත පුටු සෙටිය හෝ මෝටර් රථය එහි අයිතිකරුවන් අයත් සමාජ මට්ටමට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි භාණ්ඩ නොවේ. එනම් ඔවුන් සැබෑවටම අයත්වන සමාජ මට්ටම සහ ඔවුන් ආයෝජනය කර ඇති සමාජ මට්ටම අතර පරතරයක් පවතී.

ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය තුල මෙන්ම නාගරික සහ ග්‍රාමීය පහල පන්තිය (දුප්පත්) තුලද මම මේ විශේෂත්වය නොදකිමි.

ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි.

දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ.

එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි.

මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය.

[QUOTE="BruceWayne92, post: 25598422, member: 491755"] [SIZE=5] මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ බෙදීමක් නැත. ඉඳ හිට එම මාතෘකා සාකච්චා කරලියට පැමිණියත්, ඒ පැමිණෙන්නේ ශාස්ත්‍රීය මට්ටමිනි. ඉස්ලාම් නොවන පිරිස රෙමී මාර්ටින් (Remy Martin) හෝ ඩෑල්මෝර් (Dalmore) වීදුරුවක් තොලගාන අතර එකම මේසයේ යාබද අසුනේ සිටින ඉස්ලාම් ආගමිකයෝ දොඩම් හෝ දෙහි යුෂ වීදුරුවක රස බලමින් සතුටින් සල්ලාපයේ යෙදෙති. මස් මාංශ වල රස විඳින අනෙකුත් ආගමිකයන් අතරම හිඳ භක්තිමත් හින්දුවරු නිර්මාංශ ආහාර රස විඳිති. ඒ අතරේ හාස්‍ය රසයෙන් පිරුණු පිළිසඳර ඇසේ. ජෝන් ලෙනන් පැතූ පරිකල්පිත ලෝකය මෙය යැයි මට සිතුනි. මේ වකවානුවේ දීම අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිනුම් ලබාගැනීමට මම කොටහේනේ ඉදිවන විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගියෙමි. සෑම පසින්ම විවෘත වූ ගොඩනැගිලි සැකිල්ලක ඉහලම මාලයේ, ගිනි අව්වේ, සිමෙන්ති කුඩු සහ දුහුවිලි වළා තුලින් ඇවිද මිනුම් ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා මා නොමැතිව වෙනත් පළපුරුදු කණ්ඩායමක් යැවීම සඳහා මට එකල වත් කමක් නොවීය. අවාසනාවකට එදින මගේ ගෝලයා පැමිණියේද නැත. එබැවින් මම සිමෙන්ති බදාමය ඔසවාගෙන යන තරුණයෙකු ලඟට ගොස් "මල්ලි මට මේ ටේප් එක අල්ලන්න උදව් කරනවද? මම ඔයාට අලාබෙ ගෙවන්නම්" යැයි කීවෙමි. තමාට අදාළ නොවන වැඩකට යම් අයෙකුව ඇඳා ගෙන ලබා දෙන කුලිය අලාබය ලෙස හැඳින්වීමට ඒ දිනවල මම පුරුදු වී සිටියෙමි. "හරි බොස්, ලොකු බාසුන්නැහැ එන්නේ දවල් කෑමෙන් පස්සේ එතකන් ටක් ගාලා වැඩේ දෙමු. කොහොමටත් අපි දැන් කෑමට වැඩ නවත්තනවා". ඔහුට කුලියක් දෙන ඕනෑම අයෙක් බොස් ය. "ඒයි රංජියා, පොඩි ගේමක් තියෙනවා, ඕක දාලා වරෙන්" ඔහු වීල්බැරෝවක් තල්ලු කරගෙන යමින් සිටි තවත් තරුණයෙකුට කීවේය. ඔවුන් අතර තනිවම කෑමක් නැත. දැන් දෙදෙනා එකතුව කඩියන් මෙන් වැඩේ කරයි. මට ඇත්තේ ටේප් පටියේ මිනුම කියවා පොතේ ලියා ගැනීම පමණකි. විනාඩි විස්සකින් පමණ වැඩේ ඉවර විය. දෙදෙනාටම මම අලාබය ගෙව්වෙමි. එය මගේ ගෝලයා පැමිණියා නම් දිය යුතුව තිබූ මුදලයි. අළුත් ගෝලයන් දෙදෙනාට එය ඉතා ඉහල මුදලක් බව ඔවුන්ගේ මුහුණු වලින් දිස් විය. මේ වන විට අනෙක් කම්කරුවන් වැඩ නවත්වා කෑමට එක්වී සිටියේය. ඒ අසල, තාවකාලිකව තනාගත් ලිපක් මතවූ තැනින් තැන තැලී ගිය විශාල මුට්ටියක වතුර උණු වෙයි. පැසුණු කෙස් ඇති කෙසඟ කම්කරුවෙක් තේ කොළ පිරුණු විශාල ගොට්ටක් අතේ ඇතිව බලා සිටියි. ජලය පැසෙන විට ඔහු ගොට්ට ඒ තුලට ඇතුළු කළේය. මේ වන විට මගේ උගුර කට වියලී ඇඟ පුරාම දහඩියෙන් තෙත්වී තිබුණි. මා දෙස බැලූ රංජි "බොස්, කැමති නම් ප්ලේන්ටියක් ගහල යන්න" කියා කිවේය. මෙහි ඇති තාවකාලික සෝපානය දහවල් ආහාරය ගන්නා වෙලාවට නවත්වයි. මේ අනුව මට බිම් මහල දක්වා තට්ටු 12 ක් බැසිය යුතුය. එතැන් සිට මගේ මෝටර් රථයට වැඩබිම හරහා වූ ගිනියම් තාර පාරේ කිලෝ මීටර භාගයක් පමණ ඇවිදිය යුතුය. මේ තත්වය යටතේ ලැබෙන ප්ලේන්ටිය අමෘතයකි. එබැවින් මම ක්ෂණයකින් "හොඳයි එහෙනම් බොමු" කීවෙමි. මා මුලින්ම කතාකළ ගෝලයා "බෙන්ජමින් අයියේ, අපේ බොස්ටත් ප්ලේන්ටියක් දාන්න" කිවේය. ඔහු අක්රම් නැමැති මුස්ලිම් තරුණයෙකු බව මම පසුව දැනගතිමි. බෙලෙක් ජෝගුවකට දැමු තේ කහට එක, තේ සෑදු බෙන්ජමින්ම පැමිණ මට පිළිගැන්විය. ඉන්පසු ඔහු පරණ ජෑම් බෝතලයක බාගෙට පුරවා තිබු සීනි ටිකක් මගේ අත්ලට දැමීමට සැදුවත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලේ මා එවන විටත් සීනි නොමැතිව තේ පානයට පුරුදු වී සිටි බැවිනි. අනෙකුත් කම්කරුවන් මෙන්ම මමද එකපිට එක තැබූ බ්ලොක් ගල් දෙකක් මත හිඳ ගතිමි. දොළහක් පහළවක් පමණ වන එම පිරිසේ සිටි බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ය. ඒ අතර සිංහල සහ දෙමළ කිහිප දෙනෙක්ද සිටිති. බෙන්ජමින් අයියා බර්ගර් ජාතිකයෙකි. ඔවුන් කෑම පාර්සල් දිග හැරගෙන එකිනෙකා අතර බෙදාගෙන කති. සමහරෙක් අල්ලට දමාගත් සීනි ටික ලෙවකමින් තේ කෝප්පය තොල ගාති. ඔවුහු සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කතා කරති. එතන සිටින සියලු දෙනාටම මෙම භාෂා දෙකම ව්‍යක්තව කතා කල හැකි බව මට තේරුණි. කෙතරම් කර්කශ පරිසරයක වුවත් එහි සමගිය මෙන්ම හාස්‍ය රසයද පිරී තිබුණි. නැවතත් මම ජෝන් ලෙනන්ගේ පරිකල්පිත ලෝකය දුටුවෙමි. මා කුඩා කල සිටම දැන හඳුනන සියළු දෙනාම පාහේ අයත් වුයේ ලාංකික සමාජයේ පහල මධ්‍යම පංතියටය. අදටත් ඒ සියලු දෙනාම පාහේ අයිති වන්නේ පහල මධ්‍යම පංතියටය. සමහරුන් පහල මධ්‍යම පංතියේම ඉහල හෝ පහල ස්ථර වලට සංක්‍රමණය වී ඇත. එලෙසම සමස්ථයක් වශයෙන් පසුගිය දශක කිහිපයේදී සමාජ පංති තුල ඇතිවූ යම් ධනාත්මක වර්ධනයන් හේතුවෙන් ඔවුන් පංතිය පිටින්ම පහල මධ්‍යම කළාපයේ තරමක් ඉහලට එසවී ඇත. නූතන බටහිර වර්ගීකරණයට අනුව (Birdsall, 2010), දිනකට ආදායම ඩොලර් 10ට වඩා වැඩි ජනතාවගෙන් 95% දක්වා පිරිස මධ්‍යම පංතිය ලෙසත් ඊට ඉහල 5% ධනපති පංතිය ලෙසත් වර්ගීකරණය වෙයි. ආසියාව සඳහා මීට ඉහත කරන ලද වර්ගීකරණයන් කිහිපයක මෙම පහල අදායම් මට්ටම ඩොලර් 2 ලෙස සලකා තිබේ (Banerjee and Duflo, 2007; Ravallion, 2009). වසර 2009 දී මා මාස කිහිපයක් ස්වීඩනයේ ගත කල අතර එහිදී වරක් මට මහාචාර්ය ගෝරාන් සුන්ඩ්ක්විස්ට් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවීය. එතුමා ආසියානු සමාජ ක්‍රම පිළිබඳව හසල දැනුමක් ඇති ස්වීඩන් ජාතික සමාජ විද්‍යාඥයෙකි. ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි. "දකුණු ආසියාවේ සමාජ පංති වර්ගීකරණය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?" "මට හිතෙන විදියට දෛනික ආදායම මත පදනම් වෙච්ච මේ බටහිර අර්ථ දැක්වීම් ඉතා බොළඳයි. දකුණු ආසියානු සමාජය ඉතා සංකීර්ණයි. එය වර්ගීකරණය කිරීම සඳහා අපි මිනුම් දඬු කිහිපයක් යොදා ගත යුතුයි. මෙම සමහර මිනුම් දඬු නිරීක්ෂකයා මත යැපෙන (subjective) පරාමිති විය හැකියි". මහාචාර්ය ගෝරාන් කියාගෙන යයි. "මට පෙනෙන විදියට ආසියාවේ බොහෝ රටවල ඉහල සහ පහල ලෙස මධ්‍යම පංතිය කළාප දෙකකට බෙදෙනවා. මෙම කළාප දෙකේ හැසිරීම එකිනෙකට බොහෝ වෙනස්. ඉහල මධ්‍යම පන්තිය හුඟක් කාරණා වලදී ධනපති පන්තිය සමග සමපාත වනවා. එහෙත් පහල මධ්‍යම පංතිය තුල විශාල උප-කුලක සහ උප-ස්ථර ප්‍රමාණයක් තිබෙනවා. බොහෝ පහල මධ්‍යම පාංතිකයන් තම වපසරිය පිළිබඳව ඇති අනවබෝධය නිසා අතිශයින් ව්‍යාකුල තත්වයට පත්වන අවස්ථා මම දැක තිබෙනවා". මේ ඔහුගේ අදහසයි. මහාචාර්ය ගෝරාන්ට අනුව සමාජ ස්ථරයක මට්ටම මැනීම සඳහා ගත හැකි හොඳම මිනුම් දණ්ඩ නම් එම සමාජයේ පවුල් ඒකකයකට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි සේවා සහ භාණ්ඩ ප්‍රමාණයයි. තරුණ වියේදී මගේ කිට්ටුවන්තම මිතුරන් සිටියේ දකුණු පළාතේ එක්තරා ප්රදේශයකය. එබැවින් මා සමහර සති අන්ත වල මෙම ප්‍රදේශයට ගියෙමි. එහිදී මා දකින එක් විශේෂත්වයක් වුයේ බොහෝ නිවෙස්වල අලුතින් මිලට ගත් පුටු සෙටිය (මෙය නිතර යෙදෙන ව්‍යවහාරයයි) පොලිතින් ආවරණ යොදා සුරක්ෂිත කිරීමයි. එපමණක් නොව සමහර ඇඳන් මෙට්ට පවා පොලිතින් කවර යොදා ආවරණය කිරීම එකල පුරුද්දක් විය. මෙමගින් පැල්ලම් පළුදු වලින් තොරව ගෘහ භාණ්ඩය පවත්වා ගැනීම නිවැසියන්ගේ අභිප්‍රාය වන්නට ඇත. එහෙත් මෙම කවර මත හිඳගැනීම හෝ නිදා ගැනීම අතිශය අපහසු (uncomfortable) කටයුත්තක් විය. එහෙත් ගෘහ භාණ්ඩයේ අලුත් පෙනුමේ නාමයෙන් නිවැසියන්ද, අමුත්තන්ද මෙම ගැහැට ඉවසීය. කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි. මේ තත්වය නොයෙකුත් ආකාරයෙන් මම ලංකාව පුරාවටම දැක ඇත්තෙමි. සමහර සුඛෝපබෝගී වාහන අයිතිකරුවන් එය මිළදී ගත් දින සිටම වද වෙන්නේ එය භාවිතා කිරීමට වඩා එය ආරක්ෂා කරගැනීමටයි. ඒ එය විකුණන දිනෙක හොඳ මට්ටමෙන් පවත්වා ගැනීමටයි. වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි. මේ අනුව ඉහත පුටු සෙටිය හෝ මෝටර් රථය එහි අයිතිකරුවන් අයත් සමාජ මට්ටමට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි භාණ්ඩ නොවේ. එනම් ඔවුන් සැබෑවටම අයත්වන සමාජ මට්ටම සහ ඔවුන් ආයෝජනය කර ඇති සමාජ මට්ටම අතර පරතරයක් පවතී. ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය තුල මෙන්ම නාගරික සහ ග්‍රාමීය පහල පන්තිය (දුප්පත්) තුලද මම මේ විශේෂත්වය නොදකිමි. ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි. දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ. එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි. මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom