Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකීය බස් රථ සේවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකීය බස් රථ සේවාව

ගමනක් යන්න අවශ්‍ය වුණාම අපි ඒ ගමන යන්නේ කොහොමද? තමන්ගේම වාහනයක් තියෙනවා නම්, ඒකෙන් යන්න පුළුවන්. ඒත් පුද්ගලික වාහන නැති අය? එවිට පොදු වාහනයක් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා.

ලෝකයේ බොහෝ රටවල පොදු ප්‍රවාහන රථයක් හැටියට බස් රථ දක්නට ලැබෙන්නේ අන්න ඒ නිසයි. අප සෑම දෙනෙකුගේම එදිනෙදා ගමන් බිමන්, රාජකාරි ගමන්, පුද්ගලික ගමන් බිමන් ආදී සෑම කටයුත්තකටම බස් රථ වලින් ඉටුකෙරෙන මෙහෙය සුළු පටු නෑ. එක අතකින් බලන විට රටක පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව එම රටේ සංවර්ධනය මනින සාධකයක් ලෙසත් සලකන්න පුළුවන්.

දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය පවතින්නේ ඉතා උසස් මට්ටමකයි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මගින් ද ප්‍රවාහන සේවා සපයන නිසා බොහෝ රටවල පොදු ජනතාවට එමගින් විපුල සේවයක් සැලසෙනවා. ඉතින් අද අපි අපේ රටේ ඇතුවත් බැරි, නැතුවත් බැරි බස් ප්‍රවාහන සේවය ගැන කරුණු ටිකක් හොයලා බලමු.

පොදු ප්‍රවාහන සේවයේ ඉතිහාසය

ලංකාවේ අතීතයේ සිටම කරත්ත හා අසුන් පිට යෑම ආදියෙන් ඇරඹි මගී ප්‍රවාහනයට, රික්ෂෝ, බස් රථ ආදිය එක් වන්නේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි පාලන සමයේදී. 1907 වර්ෂයේ දිනක කොළඹ සිට හලාවත දක්වා මගීන් සඳහා ගමන් පහසුව සලසමින් පුද්ගලික බස් රථයක් ධාවනය වී තිබෙනවා. එය මෙරට බස් මගී ප්‍රවාහන සේවාවේ ආරම්භයයි. මුල් කාලයේදී බස් රථ සේවා සැපයුනේ පුද්ගලික අංශයෙන්. ඒ සඳහා සමාගම් කීපයක් බස් රථ ධාවනයට යොදා තිබුණා.

කොහොම උනත් මෙරට බස් සේවාවේ නියුතු බස් රථ සංඛ්‍යාව, 1940 – 1950 පමණ වන විට සංඛ්‍යාත්මකව ඉතා විශාල අගයයක පැවතුනත්, ඉන් සැලසුණු සේවාවේ ගුණාත්මක තත්ත්වය අතිශය පහළ මට්ටමකයි තිබුණේ. සාමාන්‍ය ජනතාවට ගමනාගමනය සඳහා වෙනත් විකල්පයක් නොතිබුණු නිසා, ඉතා අඩු පහසුකම් ඇති පුද්ගලික බස් රථවල ගමන් කරමින් බස් හිමියන් විසින් හිතුමතේ අයකළ අසාධාරණ ගාස්තු අත්විඳීමට සිදු උණා.

1956 දි එවකට පවතී රජය, පොදු ප්‍රවාහන සේවය ජනසතු කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලය ගෙවත් “ලංගම” ආරම්භ කරමින් රාජ්‍ය මට්ටමින් පොදු ප්‍රවාහන සේවයට දායක වුණා. හරියටම කියනවා නම්, “ලංගම” ආරම්භ කෙරෙන්නේ 1958 ජනවාරි 01 දා සිටයි. 1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත මගින් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල ජනසතු කිරීමෙන් ‘ලංගමය‘ පිහිටුවීමත් සමග ආසියාවේ බස් ගමනාගමනය ජනසතු කළ දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයට එකතු උණා.

ලංගමය පිහිටුවීමේ නිල උත්සවය ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණේ, එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිවු. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ එවකට ගමනාගමන සහ විදුලිබල අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ පළමු සභාපතිවරයා වූ වී.ඒ.එච්. ද මෙල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්. මෙරට පළමු ජනසතු බස් ඩිපෝව වන නිට්ටඹුව ඩිපෝවට අයත් 22 ශ්‍රී 1087 බස් රියට නැග අගමැති තුමා ඇතුළු පිරිස ගමන් කිරීමත් සමඟ, මෙරට ප්‍රවාහන ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ සමාරම්භය සනිටුහන් උණා.

එහෙත් ලංගම අසාර්ථක වීම මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ බරපතල අර්බුදයක් ඇති කළා.

1977 බලයට පත් නව රජය නැවත පෞද්ගලික අංශයට ප්‍රවාහන සේවයට පිවිසීමට ඉඩ කඩ විවර කිරීම මෙරට ප්‍රවාහන සේවයේ සන්ධිස්ථානයක්. දවසින් දවස වැඩි වෙන පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා එය කදිම විකල්පයක් ලෙස එදා බොහෝ දෙනා හඳුන්වනු ලැබුවා.

කුඩා වෑන් රථ මුල් අවධියේ පුද්ගලික බස් රථ වශයෙන් යොදා ගත්තද, කල් යෑමේදී පැන නැගුනු නොයෙක් ගැටළු නිසා විධිමත් ප්‍රමිතියකින් යුත් බස් රථ ප්‍රවාහන සේවයට යොදා ගැනුනා.

2012 වනවිට රජයට අයත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ ගණන 7,756 ක් වූ අතර පුද්ගලික අංශය සතු බස් රථ 20, 444 ක්. නමුත්, දිනපතා ධාවනය වන්නේ මීට වඩා අඩු බස් රථ ප්‍රමාණයක් බවයි වාර්තා වෙන්නේ.

ලංකාවේ බස් සේවය ගුණාත්මක ද?

බස් සේවය ගැන කතා කරන කොට අද අප රටේ ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථ සේවයයි. බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට යොදවා ඇති නිසාත්, ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ යොදවා ඇති නිසාත්, පොදු ජනතාවගේ ජනප්‍රියත්වයට පෞද්ගලික බස් රථ පත්වී තිබෙනවා. මේ නිසා පෞද්ගලික බස් රථ අතර දක්නට ඇත්තේ තරඟකාරීත්වයක්. මේ තරඟය හුදෙක් වාණිජමය ස්වරුපයක් ගෙන ඇති නිසා, පෞද්ගලික බස් රථ සේවයෙන් පොදු ජනතාවට අපේක්ෂිත අන්දමේ ගුණාත්මක සේවයක් ලැබෙනවද යන්න සැක සහිතයි. සිමා රහිත ලෙස මගින් පටවා ගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය, මාර්ග නීති නොසළකා හැරිම, මගී ජනතාවට අවිනීත ලෙස සැළකීම ආදිය මේ තරඟය නිසා නිර්මාණය වූ අහිතකර තත්ත්වයන් කියලා කියන්න පුළුවන්. අද වන විට මේවා පෞද්ගලික බස් සේවයේ දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණ බවට පත්වී තිබෙනවා.

ලංගම බස් සේවාවේ පවතින ඇල් මැරුණ ස්වභාවය නිසා, එම සේවය පොදු ජනතාව අතර එතරම් ජනප්‍රිය වෙලා නැහැ. නමුත් තවමත් බොහෝ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට ඇති එකම ප්‍රවාහන සේවය ලංගම යයි.

ලංගමයේ සිදුවූ වෙනස් කම්

1978 දී ලංකා ගමනාගමන මණ්ඩලය, ”මධ්‍යම ගමනාගමන මණ්ඩලය” ලෙස නම වෙනස් කරනු ලැබුවා. එතෙක් තනි ආයතනයක් ලෙස පැවති එය, ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 09ක් බවට පත් උනා. ඉන් පසු 1987 අංක 23 දරණ ජනතාසන්තක ප්‍රවාහන සේවා පනතට අනුව, නැවතත් 1990දෙසැම්බර් 18 දින සිට එවකට පැවතියා වූ බස් ඩිපෝ, ස්වාධීන බස් සමාගම් බවට පත් කරනු ලැබුවා. ඒ අනුව ජනතා සන්තක බස් ඩිපෝ 93 ක් ඇති කෙරුණා. මෙයින් පසුව ලංගමය හඳුන්වනු ලැබුවේ ”ජනතා සන්තක ප්‍රවාහන සේවය” යනුවෙන්.

මෙසේ පිහිටුවනු ලැබූ ජනතා සන්තක ප්‍රවාහන සේවය අපේක්ෂා කළ ආකාරයට සාර්ථක වූයේ නෑ. එම නිසා, නැවතත් 1996 අංක 30 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත (සංශෝධිත) මගින් ලංගම ප්‍රාදේශිකයන් වශයෙන් බෙදා, පොකුරු බස් සමාගම් පිහිටුවනු ලැබුවා. කෙසේ වුව ද එවකට පැවති උතුරු ප්‍රාදේශිකය මෙසේ වෙනස් නොකර මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේම පාලනය කෙරුණා. මෙයාකාරයට පිහිට වනු ලැබූ පොකුරු බස් සමාගම් ගණන 11 ක්.

2005 දී මේ පොකුරු බස් සමාගම් සියල්ල විසුරුවා හැරුණා. 2005 අංක 27 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත අනුව, සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනය වන ”ලංකා ගමනාගමන මණ්ඩලය” පිහිටුවනු ලැබුවා. පසුව මෙම නාමය ”ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය” වශයෙන් වෙනස් කෙරුණා.

ශ්‍රී ලංගමයේ නාමය වෙනස්කම් වලට ලක්වූ ආකාරය මෙසේ දක්වන්න පුළුවන් :

1) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1958 – 1977 ]

2) ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය [ 1977 – 1983 ]

3) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1983 – 1991 ]

4) ජනතා සන්තක ප්‍රවාහන සේවය [ 1991 – 1997 ]

5) පොකුරු බස් සමාගම් [ 1997 – 2005 ]

කොළඹ මෙට්‍රොපොලිටන් බස් සමාගම

ගම්පහ බස් සමාගම

රජරට බස් සමාගම

සබරගමුව බස් සමාගම

නුවර එළිය බස් සමාගම

කළුතර බස් සමාගම

මහනුවර බස් සමාගම

රුහුණ බස් සමාගම

ඌව බස් සමාගම

වයඹ බස් සමාගම

නැගෙනහිර බස් සමාගම

6) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය [ 2005 සිට මේ දක්වා ]

බස් ගමන් සේවා නොනැවතී ඉදිරියට යාමට නම්…..

පොදුවේ ගත කළ යම් යම් අඩුපාඩු කම් තිබුණත්, අප රටේ බස් සේවය යහපත් මට්ටමක තිබෙන බව කිව හැකියි. නමුත් ලෝකයේ අනෙක් රටවල් සමඟ සසඳා බලනවිට නම් මේ මට්ටම ගැන සතුටු වෙන්න බැහැ. පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව හා කාර්යක්ෂම බව ඉහල යෑමට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත්, මගී ජනතාවගේත් කැපවීමත්, සහයෝගයත් අවශ්‍ය වෙනවා. ඒ සඳහා, මේ කාරණා ගැන සියලු දෙනාගේම අවධානය යොමු වෙන්න අවශ්‍යයි කියලා අපි හිතනවා :

සුවපහසු ලෙස මගීන්ට බසය තුල ගමන් කිරීමට හැකි පරිසරයක් සකස් කිරීම

ගෙවන මුදලට වටිනා කම සඳහන් ටිකට් පතක් ලබාදීම. ( ඉතුරු මුදල් ලබා නොදෙන බව දැන් බොහෝ කොන්දොස්තර මහතුනට එරෙහිව නැගී ඇති චෝදනාවක් )

බසය තුල අනෙකාට පීඩාවක් ඇති නොවන ලෙස ගමන් කිරීමට මගීන් කටයුතු කළ යුතු අතර, මගී ජනතාවට ගෞරවනිය ලෙස සැලකීමට රියදුරු / කොන්දොස්තර වග බලාගැනීම.

විධිමත් කාල සටහනකට අනුව බස්රථ ධාවනය කිරීම හා නියමිත බස් නැවතුම් පොලවල පමණක් නතර කිරීම.

බස් ගාස්තු සේවයට සරිලන, දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාම.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

Kanchana Dissanayake

http://sinhala.roar.lk/srilanka-life/bus-service-in-sri-lanka/

[QUOTE="osandaja, post: 20549501, member: 79730"] [b]ලාංකීය බස් රථ සේවාව[/b] [COLOR="Black"][SIZE="5"]ගමනක් යන්න අවශ්‍ය වුණාම අපි ඒ ගමන යන්නේ කොහොමද? තමන්ගේම වාහනයක් තියෙනවා නම්, ඒකෙන් යන්න පුළුවන්. ඒත් පුද්ගලික වාහන නැති අය? එවිට පොදු වාහනයක් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල පොදු ප්‍රවාහන රථයක් හැටියට බස් රථ දක්නට ලැබෙන්නේ අන්න ඒ නිසයි. අප සෑම දෙනෙකුගේම එදිනෙදා ගමන් බිමන්, රාජකාරි ගමන්, පුද්ගලික ගමන් බිමන් ආදී සෑම කටයුත්තකටම බස් රථ වලින් ඉටුකෙරෙන මෙහෙය සුළු පටු නෑ. එක අතකින් බලන විට රටක පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව එම රටේ සංවර්ධනය මනින සාධකයක් ලෙසත් සලකන්න පුළුවන්. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය පවතින්නේ ඉතා උසස් මට්ටමකයි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මගින් ද ප්‍රවාහන සේවා සපයන නිසා බොහෝ රටවල පොදු ජනතාවට එමගින් විපුල සේවයක් සැලසෙනවා. ඉතින් අද අපි අපේ රටේ ඇතුවත් බැරි, නැතුවත් බැරි බස් ප්‍රවාහන සේවය ගැන කරුණු ටිකක් හොයලා බලමු. [B]පොදු ප්‍රවාහන සේවයේ ඉතිහාසය[/B] [IMG]https://s4.postimg.org/639epym8t/image.jpg[/IMG] ලංකාවේ අතීතයේ සිටම කරත්ත හා අසුන් පිට යෑම ආදියෙන් ඇරඹි මගී ප්‍රවාහනයට, රික්ෂෝ, බස් රථ ආදිය එක් වන්නේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි පාලන සමයේදී. 1907 වර්ෂයේ දිනක කොළඹ සිට හලාවත දක්වා මගීන් සඳහා ගමන් පහසුව සලසමින් පුද්ගලික බස් රථයක් ධාවනය වී තිබෙනවා. එය මෙරට බස් මගී ප්‍රවාහන සේවාවේ ආරම්භයයි. මුල් කාලයේදී බස් රථ සේවා සැපයුනේ පුද්ගලික අංශයෙන්. ඒ සඳහා සමාගම් කීපයක් බස් රථ ධාවනයට යොදා තිබුණා. කොහොම උනත් මෙරට බස් සේවාවේ නියුතු බස් රථ සංඛ්‍යාව, 1940 – 1950 පමණ වන විට සංඛ්‍යාත්මකව ඉතා විශාල අගයයක පැවතුනත්, ඉන් සැලසුණු සේවාවේ ගුණාත්මක තත්ත්වය අතිශය පහළ මට්ටමකයි තිබුණේ. සාමාන්‍ය ජනතාවට ගමනාගමනය සඳහා වෙනත් විකල්පයක් නොතිබුණු නිසා, ඉතා අඩු පහසුකම් ඇති පුද්ගලික බස් රථවල ගමන් කරමින් බස් හිමියන් විසින් හිතුමතේ අයකළ අසාධාරණ ගාස්තු අත්විඳීමට සිදු උණා. [IMG]https://s4.postimg.org/wuyb87t31/image.jpg[/IMG] 1956 දි එවකට පවතී රජය, පොදු ප්‍රවාහන සේවය ජනසතු කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලය ගෙවත් “ලංගම” ආරම්භ කරමින් රාජ්‍ය මට්ටමින් පොදු ප්‍රවාහන සේවයට දායක වුණා. හරියටම කියනවා නම්, “ලංගම” ආරම්භ කෙරෙන්නේ 1958 ජනවාරි 01 දා සිටයි. 1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත මගින් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල ජනසතු කිරීමෙන් ‘ලංගමය‘ පිහිටුවීමත් සමග ආසියාවේ බස් ගමනාගමනය ජනසතු කළ දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයට එකතු උණා. ලංගමය පිහිටුවීමේ නිල උත්සවය ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණේ, එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිවු. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ එවකට ගමනාගමන සහ විදුලිබල අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ පළමු සභාපතිවරයා වූ වී.ඒ.එච්. ද මෙල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්. මෙරට පළමු ජනසතු බස් ඩිපෝව වන නිට්ටඹුව ඩිපෝවට අයත් 22 ශ්‍රී 1087 බස් රියට නැග අගමැති තුමා ඇතුළු පිරිස ගමන් කිරීමත් සමඟ, මෙරට ප්‍රවාහන ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ සමාරම්භය සනිටුහන් උණා. එහෙත් ලංගම අසාර්ථක වීම මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ බරපතල අර්බුදයක් ඇති කළා. 1977 බලයට පත් නව රජය නැවත පෞද්ගලික අංශයට ප්‍රවාහන සේවයට පිවිසීමට ඉඩ කඩ විවර කිරීම මෙරට ප්‍රවාහන සේවයේ සන්ධිස්ථානයක්. දවසින් දවස වැඩි වෙන පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා එය කදිම විකල්පයක් ලෙස එදා බොහෝ දෙනා හඳුන්වනු ලැබුවා. කුඩා වෑන් රථ මුල් අවධියේ පුද්ගලික බස් රථ වශයෙන් යොදා ගත්තද, කල් යෑමේදී පැන නැගුනු නොයෙක් ගැටළු නිසා විධිමත් ප්‍රමිතියකින් යුත් බස් රථ ප්‍රවාහන සේවයට යොදා ගැනුනා. 2012 වනවිට රජයට අයත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ ගණන 7,756 ක් වූ අතර පුද්ගලික අංශය සතු බස් රථ 20, 444 ක්. නමුත්, දිනපතා ධාවනය වන්නේ මීට වඩා අඩු බස් රථ ප්‍රමාණයක් බවයි වාර්තා වෙන්නේ. [B]ලංකාවේ බස් සේවය ගුණාත්මක ද?[/B] [IMG]https://s3.postimg.org/s1xxof4cz/image.jpg[/IMG] බස් සේවය ගැන කතා කරන කොට අද අප රටේ ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථ සේවයයි. බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට යොදවා ඇති නිසාත්, ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ යොදවා ඇති නිසාත්, පොදු ජනතාවගේ ජනප්‍රියත්වයට පෞද්ගලික බස් රථ පත්වී තිබෙනවා. මේ නිසා පෞද්ගලික බස් රථ අතර දක්නට ඇත්තේ තරඟකාරීත්වයක්. මේ තරඟය හුදෙක් වාණිජමය ස්වරුපයක් ගෙන ඇති නිසා, පෞද්ගලික බස් රථ සේවයෙන් පොදු ජනතාවට අපේක්ෂිත අන්දමේ ගුණාත්මක සේවයක් ලැබෙනවද යන්න සැක සහිතයි. සිමා රහිත ලෙස මගින් පටවා ගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය, මාර්ග නීති නොසළකා හැරිම, මගී ජනතාවට අවිනීත ලෙස සැළකීම ආදිය මේ තරඟය නිසා නිර්මාණය වූ අහිතකර තත්ත්වයන් කියලා කියන්න පුළුවන්. අද වන විට මේවා පෞද්ගලික බස් සේවයේ දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණ බවට පත්වී තිබෙනවා. ලංගම බස් සේවාවේ පවතින ඇල් මැරුණ ස්වභාවය නිසා, එම සේවය පොදු ජනතාව අතර එතරම් ජනප්‍රිය වෙලා නැහැ. නමුත් තවමත් බොහෝ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට ඇති එකම ප්‍රවාහන සේවය ලංගම යයි. [B]ලංගමයේ සිදුවූ වෙනස් කම්[/B] [IMG]https://s3.postimg.org/rszdvtg3n/image.jpg[/IMG] 1978 දී ලංකා ගමනාගමන මණ්ඩලය, ”මධ්‍යම ගමනාගමන මණ්ඩලය” ලෙස නම වෙනස් කරනු ලැබුවා. එතෙක් තනි ආයතනයක් ලෙස පැවති එය, ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 09ක් බවට පත් උනා. ඉන් පසු 1987 අංක 23 දරණ ජනතාසන්තක ප්‍රවාහන සේවා පනතට අනුව, නැවතත් 1990දෙසැම්බර් 18 දින සිට එවකට පැවතියා වූ බස් ඩිපෝ, ස්වාධීන බස් සමාගම් බවට පත් කරනු ලැබුවා. ඒ අනුව ජනතා සන්තක බස් ඩිපෝ 93 ක් ඇති කෙරුණා. මෙයින් පසුව ලංගමය හඳුන්වනු ලැබුවේ ”ජනතා සන්තක ප්‍රවාහන සේවය” යනුවෙන්. මෙසේ පිහිටුවනු ලැබූ ජනතා සන්තක ප්‍රවාහන සේවය අපේක්ෂා කළ ආකාරයට සාර්ථක වූයේ නෑ. එම නිසා, නැවතත් 1996 අංක 30 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත (සංශෝධිත) මගින් ලංගම ප්‍රාදේශිකයන් වශයෙන් බෙදා, පොකුරු බස් සමාගම් පිහිටුවනු ලැබුවා. කෙසේ වුව ද එවකට පැවති උතුරු ප්‍රාදේශිකය මෙසේ වෙනස් නොකර මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේම පාලනය කෙරුණා. මෙයාකාරයට පිහිට වනු ලැබූ පොකුරු බස් සමාගම් ගණන 11 ක්. [IMG]https://s3.postimg.org/xgx9teib7/image.jpg[/IMG] 2005 දී මේ පොකුරු බස් සමාගම් සියල්ල විසුරුවා හැරුණා. 2005 අංක 27 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත අනුව, සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනය වන ”ලංකා ගමනාගමන මණ්ඩලය” පිහිටුවනු ලැබුවා. පසුව මෙම නාමය ”ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය” වශයෙන් වෙනස් කෙරුණා. ශ්‍රී ලංගමයේ නාමය වෙනස්කම් වලට ලක්වූ ආකාරය මෙසේ දක්වන්න පුළුවන් : 1) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1958 – 1977 ] 2) ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය [ 1977 – 1983 ] 3) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1983 – 1991 ] 4) ජනතා සන්තක ප්‍රවාහන සේවය [ 1991 – 1997 ] 5) පොකුරු බස් සමාගම් [ 1997 – 2005 ] කොළඹ මෙට්‍රොපොලිටන් බස් සමාගම ගම්පහ බස් සමාගම රජරට බස් සමාගම සබරගමුව බස් සමාගම නුවර එළිය බස් සමාගම කළුතර බස් සමාගම මහනුවර බස් සමාගම රුහුණ බස් සමාගම ඌව බස් සමාගම වයඹ බස් සමාගම නැගෙනහිර බස් සමාගම 6) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය [ 2005 සිට මේ දක්වා ] [B]බස් ගමන් සේවා නොනැවතී ඉදිරියට යාමට නම්…..[/B] [IMG]https://s4.postimg.org/camff1qrh/image.jpg[/IMG] පොදුවේ ගත කළ යම් යම් අඩුපාඩු කම් තිබුණත්, අප රටේ බස් සේවය යහපත් මට්ටමක තිබෙන බව කිව හැකියි. නමුත් ලෝකයේ අනෙක් රටවල් සමඟ සසඳා බලනවිට නම් මේ මට්ටම ගැන සතුටු වෙන්න බැහැ. පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව හා කාර්යක්ෂම බව ඉහල යෑමට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත්, මගී ජනතාවගේත් කැපවීමත්, සහයෝගයත් අවශ්‍ය වෙනවා. ඒ සඳහා, මේ කාරණා ගැන සියලු දෙනාගේම අවධානය යොමු වෙන්න අවශ්‍යයි කියලා අපි හිතනවා : සුවපහසු ලෙස මගීන්ට බසය තුල ගමන් කිරීමට හැකි පරිසරයක් සකස් කිරීම ගෙවන මුදලට වටිනා කම සඳහන් ටිකට් පතක් ලබාදීම. ( ඉතුරු මුදල් ලබා නොදෙන බව දැන් බොහෝ කොන්දොස්තර මහතුනට එරෙහිව නැගී ඇති චෝදනාවක් ) බසය තුල අනෙකාට පීඩාවක් ඇති නොවන ලෙස ගමන් කිරීමට මගීන් කටයුතු කළ යුතු අතර, මගී ජනතාවට ගෞරවනිය ලෙස සැලකීමට රියදුරු / කොන්දොස්තර වග බලාගැනීම. විධිමත් කාල සටහනකට අනුව බස්රථ ධාවනය කිරීම හා නියමිත බස් නැවතුම් පොලවල පමණක් නතර කිරීම. බස් ගාස්තු සේවයට සරිලන, දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාම. [U]මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?[/U][/SIZE][/COLOR] [SIZE="3"]Kanchana Dissanayake [url]http://sinhala.roar.lk/srilanka-life/bus-service-in-sri-lanka/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom