Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාෆ්ස් --ඉන්ටවීව් 250කට ගියා...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මිනිස්සු--ඉන්ටවීව් 250කට ගියා...!

රස්සාවක් හොයාගෙන ඉන්ටවීව් 250කට ගියා ඒ හැමතැනකින්ම මාව කැපුණා

මාව මිනිහෙක් කළේ ඒ දරාගැනීමයි

ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය

සභාපති

ලාෆ්ස් හෝල්ඩින්ග්ස්

බහුජාතික ෂෙල් ගෑස් සමාගම සිය බල අධිකාරිය මෙරට පතුරුවාලූ කාලයක ඊට අභියෝග කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ඔහු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටියයි.

වෑගපිටිය ගමේ ඉපදී හැදී වැඩී ගමේ පාසලින් අකුරු කළ ඔහු මුල් වරට නගරය දකින්නේ විශ්වවිද්‍යාලයට පා තැබීමත් සමඟය. නගරයේ දී ඔහු සියල්ල උගනියි. උපයයි. ඒ උත්සාහය කෙළවර වන්නේ ලාෆ්ස් හෝල්ඩින්ග්ස් නමින් සමාගම් කිහිපයකම හිමිකරුවා බවට පත්වීමෙනි.

• කලෙක මේ රටේ රජ කළ, ගෑස් බල අධිකාරිය බිඳ දැමූ ඔබ කවුද...

වෑගපිටිය කට්ටියගේ හේමචන්ද්‍ර වෑගපිටිය. මගේ නමයි ගමයි දෙකම එකයි. හැබැයි ජාත්‍යන්තර වෙළෙඳ ලෝකයේ දී හඳුන්වන්නේ මගේ මුල් අකුරු ටික එකතු කරල ‘වේගා’ (wega) කියලා. ඒ නමටත් මං කැමතියි.

• ලාෆ්ස් හෝල්ඩිංග්ස් යටතේ ඔබ සභාපතිත්වය දරන සමාගම් කීයක් තිබෙනවද...

17ක්. ලාෆ්ස් පෙට්‍රෝලියම්, ලුබිරිකන්ට්ස්, ඉකෝ, සුපර්මාකට්.. ඔය ආදී වශයෙන්.

• එදා දේශීය ගෑස් ව්‍යාපාරයක් හඳුන්වා දීලා කළේ කළුගලේ ඔළුව ගහගන්න වැඩක් නෙවෙයිද...

ඒ, ෂෙල් පිළිබඳ මුළු රටේම අප්‍රසාදයක් තිබූ යුගයක්. අපි කිහිපදෙනෙක් මැති ඇමැතිවරුන් ළඟට ගියා. රජයේ නිලධාරීන් ළඟට ගියා. අපිට අවස්ථාවක් ඉල්ලුවා ගෑස් අලෙවියට. නමුත් ලැබුණෙ නැහැ.

අවසානයේ හිටපු ජනාධිපතිනිය ළඟට ගියා. කොන්දේසි දෙකක් යටතේ අපිට ගෑස් අලෙවියට අවසර දුන්නා. හැපුණේ කළුගලක් එක්ක වුණත් ජනාධිපතිවරිය එක තීන්දුවක හිටපු නිසා දේශීය සමාගමක් ලෙස අපි හිස එසවූවා.

• මොනවද අර දාපු කොන්දේසි...

කාටවත් පගාව දෙන්න බැහැ සහ ෂෙල් මිලට වඩා රුපියල් 100ක් අඩුවෙන් ගෑස් දිය යුතුයි කියන කොන්දේසි දෙක.

• ඔබ ඒ දෙක ඉටුකළාද... කඩ කළාද...

ඒ කාලේ ෂෙල් සමාගම ගත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හදන ගෑස් ටික. ඒ ටොන් එකක් රුපියල් 12000ට. ෂෙල් සමාගම වෙළෙඳ ගිවිසුම් ගහලා තිබුණෙ ඒ ගාණට.

නමුත් මට දුන්නේ 15,000ට. ඒත් මට පුළුවන් වුණා පාඩු නොලබා රුපියල් සියයක් අඩුවෙන් ගෑස් අලෙවි කරන්න.

• ඒත් ඔබත් පසුව හිතූ මනාපෙට වෙනස් වුණා...

ඒක කවුරුත් නොදන්න අවාසනාවන්ත කතාවක්. ජනාධිපතිනිය සිටිද්දී රජය වෙනස් වුණා. රනිල් රජයේ රවි කරුණානායක නව පාරිභෝගික ඇමැති වුණා. එතුමට ඕන වුණා, එයාට හිතවත් මුන්ඩෝ ගෑස් වෙළෙඳ පොළට ගේන්න. එයා වහාම අපේ වෙළෙඳ ගිවිසුම අවලංගු කළා. 15,000ට අපිට දුන් ගෑස් ටොන් එක 22,000 කළා. ඉතින් මං කොහොමද රුපියල් 100ක් අඩුව ගෑස් දෙන්නේ. අන්තිමේ 6 -7 මාසෙකින් මුණ්ඩෝ වැහුණා.

• දැන් හරි ඔබට බැරිද ගෑස් මිල තව ටිකක් අඩු කරලා, තරගකාරී ගෑස් සමාගමට අභියෝගයක් දෙන්න...

ඇත්තටම අපි නිසා තමයි ඔය ගාණට ගෑස් තියෙන්නේ.

• හුඟක් දේශීය ව්‍යාපාරයන්ට, දේශපාලනය අහිතකර ලෙස බලපානවාය කියන අදහස පිළිබඳ ඔබ මොකද කියන්නේ...

දේශපාලකයෝ ව්‍යාපාරවලට ආවම දේශපාලන බලය ව්‍යාපාරයට පාවිච්චි නොකළ යුතුයි කියන තැනයි මා ඉන්නේ.

• අපේ රට,ලෝකයේ දියුණු රටක තත්ත්වයට එන්න පමාවීමේ හේතු ලෙස ඔබ දකින්නේ මොනවද...

1950 වන විටත් ලංකාව ආර්ථික වශයෙන් හිටියේ ජපානයට, සිංගප්පූරුවට, මැලේසියාවට වඩා ඉස්සරහින්.

ලී ක්වාන් යූ එයාගේ ‘The Singapore Story’ පොෙත් තියෙනවා එයා සිංගප්පූරුව, බාරගන්න කොට ඒක මාළු වාඩියක්ය, කවදහරි සිංගප්පූරුවත් කොළඹ වෙග් ගොඩනඟනවාය කියලා.

• මීට අවුරුදු 25කට විතර කලින් හිතේ පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණ ද කවදා හරි මෙතැනට එන්න...

මම ඉස්සරවෙලාම නගරෙට ආවේ විශ්වවිද්‍යාලෙ යන්න. එතකල්ම මං වෑගපිටිය ගමේ ඉස්කෝලෙ සහ පින්නවල සෙන්ට්‍රල් එකේ ඉගෙනගත්තු ගොවි ගෙදරක ගැමි දරුවෙක්. මෙග් එකම බලාපොරොත්තුව ඉගෙනගැනීම විතරයි.

• එහෙනම් මේ, වාසනාවට ඉබේම වගේ ආ ගමනක්ද...

අපේ මවුපියන්ට ලොකු වත්කම් තිබුණෙ නැහැ. ලොකු පවුලක්. ළමයි නව දෙනෙක්. උපයපු දෙයින් වැඩි ප්‍රමාණයක් වියදම් කළේ දරුවන්ගේ ඉගෙනීමට. මට අවුරුදු 17 දි තාත්තා නැති වුණා.

ජීවිතේ කඩා නොවැටී ඉන්න උදව් කළේ නෑදෑයෝ. ඉගෙනීම නතර නොවුණේ මේ රටේ නිදහස් අධ්‍යාපනය නිසා. එයින් උපරිම ප්‍රයෝජන ගත්තා.

• ජීවිතේ දැනුමයි - පෙනුමයි අතර ඔබ වෙනසක් දකිනවද...

ඒ කාලේ අපිව ඉස්කෝලෙට බාර දීලා අම්මලා කිව්වේ “මේ ළමයගේ ඇස් දෙක පාදන්න...” කියලා. හැබැයි ඉස්කෝලෙ යන්නේ මොළේ පාදන්න. පස්සෙ කාලෙකයි මට වැටහුණේ අපේ ජීවිතවල දැනුමයි - පෙනුමයි ගොඩනැඟුණේ ඒ පුංචි කාලේ පටන් බව. අද කියන විෂන් - මිෂන් හැමදේම අම්මලා එදා හෙමි හෙමින් අපි තුළ ගොඩනැඟුවා.

• විශ්වවිද්‍යාල නවක වදය - අරගල මේ හැමදේටම මුල් වෙන්නේ ගම්වල දුක්විඳිලා ආ ළමයි... මේ අදහසට ඔබ එකඟද...

නැහැ. හොඳම උදාහරණය මම. ඔබ දන්නවද මම පාඩම් කළේ ලාම්පු එළියෙන්. අපේ ගමට ලයිට් තිබුණෙ නැහැ. මං රූපවාහිනිය, දැක්කෙ විශ්වවිද්‍යාලයට ආවම. විශ්වවිද්යාලයේදිවත් පරිගණක දැක්කෙ නැහැ. දීපු - විඳපු නවක වදය මතක් කරලා හිනැහෙන්න පුළුවන් තරමේ සුන්දරයි. කෝ අපි විනාශ වුණාද.. අනික් අය විනාශ කළා ද ... මේ සියල්ල තියෙන්නේ තමන්ගේ පැවැත්ම හා ප්‍රතිපත්තිය මත.

• මේ රටේ අද පවතින නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඔබ සතුටුද...

ඔව්. එදාට වඩා හුඟාක් සැප පහසුකම් අද ළමයින්ට තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ මම තවමත් ඉන්නවා. රටපුරා දේශනවලට යනවා. ඒ නිසා මේවා දකිනවා.

• වානේ පන්නරය ලබන්නේ තැළෙන තරමට කියල ද ඔබ කියන්නේ...

ඔව්. කිසිවක් නොතිබුණු නිසා ජීවිතේ හැම සුව පහසුවක්ම ළඟා කරගැනීමේ ලොකු උවමනාවක් මා තුළ තිබුණා. ඒ වෙනුවෙන් දිවා රෑ නැතිව වැඩ කළා.

• දරාගැනීම සහ අභියෝගවලට මුහුණදීම කියන කාරණා ඔබේ ජීවිතය ඇසුරින් විග්රහ කරන්න...

ලංකාවේ හොඳම ව්‍යාපාර කළමනාකරණ උපාධිය කළාට ඒ වෙනකොටත් මට ඉංග්‍රිසි කතා කරන්න බැහැ. දේශපාලන සබඳතා නැහැ. පවුල් පසුබිමක් නැහැ. ලොකු ඉස්කෝලෙක ක්‍රිකට් ගහලා තිබුණෙත් නැහැ. වත්කම් තිබුණෙත් නැහැ. මේ පසුබිම තුළ මට තිබුණු ලොකුම අභියෝගය තමයි රැකියාවක් ලබාගැනීම.

මං ඉන්ටවීව් 250කට ගිහින් තිබුණා. ඒ හැම තැනකින්ම මම කැපුණා. ඒ දරා ගැනීමම තමයි, මාව මිනිහෙක් කළේ.

• නැව් සංස්ථාවේ දවසේ පඩියට වැඩකළ සේවකයෙක් දවසක සුවිසල් නැවක හිමිකරුවෙක් වෙනවා. හරියට චිත්‍රපටයක වගේ...

නැහැ. ඒ තමයි හැබෑව.

• මොකක්ද ඒ හැබෑව...

රුලියල් 20 ක දවසේ පඩියට මං නැව් සංස්ථාවේ වැඩට යන්නේ උපාධිය පැත්තකින් තියලා. පුහුණුවන්නෙක් හැටියට ගියාට පියන්, ක්ලාක්, කම්කරු... ඔය කොයිකත් කරන්න වුණා. වැඩට ගියොත් තමයි රුපියල් 20 ලැබුණේ.

මං අවුරුදු දෙකක් එහෙම වැඩ කළා. න්‍යායාත්මක දැනුම කොහොමද ආයතනයක් තුළ යොදවන්නේ කියන කාරණය පිළිබඳ මං හොඳ අවධානයෙන් හිටියා. විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ ඇතිවූ සමාජ ආර්ථික ක්රමයේ ශීඝ්‍ර වෙනස පිළිබඳවත් මට හොඳ අවබෝධයක් ලැබුණා. ටිකක් ඔළුව උස්සන්න පුළුවන් රස්සාවක් ලැබුණේ ඊට පස්සේ. ජැෆර්ජි බ්‍රදර්ස්’ ආයතනයේ ‘අපනයන විධායක’ තනතුරක් ලැබුණම මං ඒකෙනුත් ඉගෙන ගත්තෙ අපනයන ක්ෂේත්රය පිළිබඳව.

ඊළඟට ගියේ ‘පියර් සන්ස් ෆ්රේඩ්’ සමාගමට. එය, නැව් සේවා ආයතනයක්. නැව් ගැන, ආනයන කටයුතු ගැන, නැව් සේවා ගැන පූර්ණ දැනුමත් එක්ක මං බිස්නස් එකට අතගැහුවා.

• කෝටිපතියෙක් වෙන්න යටකළ පළමු ප්රාග්ධනය කීයද...

රුපියල් 5000 යි. මං තමයි ඩ්‍රයිවර්, මං තමයි ක්ලීනර්, මං තමයි ටයිපිස්ට්, එකවුන්ටන්ට්... අවුරුද්දකට විතර පස්සෙයි සේවකයෝ එක්කෙනා දෙන්නා ගත්තේ. අවුරුදු දෙක තුනක් යද්දි මං මගේම ලොරි ගත්තා. කන්ටේනර් ගත්තා. මාව හොයාගෙන එන තරමේ හොඳ නමකුත් හදාගත්තා.

• කෝටිපතියෙක් වෙන්න බලපෑ ඔබේ බිස්නස් ආර්ට් එක මොකක්ද...

මතකද ඔබට මී කුණක් විකුණලා කෝටිපතියෙක් වූ කෙනාගේ කතාව. ඔහුට යම් අවශ්‍යතාවක් පිළිබඳ කතාවක් ඇහුණා. මී කුණේ ප්‍රයෝජනය ගත්තේ ඉන් පස්සේ. සොබාදහම අපිට ඕනෑතරම් අවස්ථා හදා දෙනවා.

සාධාරණත්වය සහ ඊළඟට සමාජමය ප්රතිලාභ. මේවා ලාභ වත්කම් මතම පදනම් වෙච්චි කාරණා නෙවෙයි. මේ ආර්ට් එක ෆලෝ කළොත් ව්‍යාපාරිකයකුට වරදින්නැහැ.

• ඔබ ලාෆ්ස් හඳුන්වා නොදුන්නා නම් වෙන කවුරුවත් ගෑස් ව්‍යාපාරයට අත නොගහයි කියල ද ඔබ හිතාගෙන ඉන්නේ...

කෝ, ඉතින් අදටත් කවුරුත් නැහැනේ. 1994 මං වැඩේට අතගහද්දි මේ රටේ මොන තරම් ප්‍රබල සමාගම් තිබුණද... කිසි කෙනෙක් ආවේ නැහැ. කවුරුත් අත නොතියන අමාරු සහ වෙනස් දේ කිරීම තමයි මගේ දියුණුවේ රහස.

• ඔබ ගෙවන්නේ සැබෑ ප්‍රතිපත්තිමය ජීවිතයක් ද...

උත්සාහයෙන් මිස වෙන කිසිවකින් වාසනාව ළඟා වෙන්නෙ නැහැ. ප්‍රතිපත්තියක් ලෙස මනුෂ්‍යයෙක් නොකළ යුතු වෙළෙඳාම් කිසිවක් කරන්නේ නැහැ.

• බොහෝ ධනවතුන්ගේ දෑත් සරසන එකදු මැණික් මුදුවක්වත් ඔබ නොපලඳින්නේ ඇයි...

මට රාහු කාලයක් කියලා එකක් නැහැ. ඒ නිසා ජ්‍යොතිෂය පස්සෙ ගිහින් මැණික් හෝ මුදු පැලැඳීම මගේ සිරිත නෙවෙයි.

• ෆැෂන් වලට හුඟක් වියදම් කරනවද...

ලස්සනට ඉන්නට කැමැතියි. නිල් පාටයි මං කැමැතිම. ඒත් එක කාලෙක ආසා දෙයක් අඳින්න තරම් වත්කමක් කොහෙත්ම තිබුණෙ නැහැ.

අද නම් හොඳට හම්බ කරනවා වගේ ම හොඳට පරිභෝජනය කරනවා. හම්බ කරලා ලෝබකමට රැස්කරලා දුක්විඳලා මැරිලා යන බලාපොරොත්තුවක් මට නැහැ.

• ඔබ හොඳ පියෙක් කියන සතුට විඳිනවද...

පැහැදිලිවම ඔව් . මගේ පුතාලා තුන්දෙනා මට සමීපයි. මිථිල, ලකිත, දසිත. දවසක මේ අය ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා නම් සේවකයෝ විදියට පළමුව මෙහි වැඩකළ යුතුයි.

• ලංකාවේ හුඟක් පවුල් ව්‍යාපාර දෙවැනි පරම්පරාවෙන් ඔබ්බට නොයන්නේ ඇයි කියල ද ඔබ හිතන්නේ...

ඒ දරුවෝ සේවකයන් විදියට වැඩ නොකර අයිතිකාරයෝ විදියට පුටුවලට එන නිසා.

• බිස්නස් ගැනම හිතන සමහර වෙලාවල් ගැන බිරියගෙන් දොසක් නැද්ද...

නැහැ. එයත් අවුරුදු 28 ක් තිස්සේ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ කරනවා. දැන් අධ්යක්ෂවරියක්. සල්ලි තිබුණා කියලා එයාට ගාණක් නැහැ. උගත් දේට අදාළ රැකියාවක් කරන එකෙන් හුඟක් සතුටු වෙනවා.

• ඔබට ජීවිතේ තනියම විඳින්න පුළුවන් මොන වගේ දේ කරලද...

චිත්‍ර ඇඳලා. මං දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ගොවි මහත්තයෙක් වුණාට තාත්තා තමයි මගේ චිත්‍ර ගුරුතුමා. ඊටත් වැඩිය හොඳට මං ගෙදර ගොවිතැන් කරනවා. නුවරඑළියට වැඩිය හොඳට වැවුණු කැරට්, බීට්, ගෝවා, රාජගිරියේ මගේ ගෙදර මං වවලා තියෙනවා.

• ගීතයක රස විඳින්න... ඒ ගැන හිතන්න වෙලාවක් තියෙනවද...

යන එන ගමනෙ මං ගීත රස විඳිනවා. සතුටුවෙන තැනෙකදි ඉඳහිට ගීතයක් ගායනාත් කරනවා. අමරදේව, ගුණදාස කපුගේ මගේ කැමැතිම ගායකයන්.

• මොකක්ද කැමතිම ගීතය...

‘සබඳ අපි කඳු නොවෙමු... උනුන් පරයා නැඟෙන

සිහිල් දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන...’

මේක මම හඳුන්වන්නේ කළමනාකරණය පිළිබඳ ලියැවුණු සියලු ව්‍යාපාරිකයන්ට එය කියාදෙන විශිෂ්ට ගීතයක් විදියට.

• ඔබ කැමැතිම ලාංකේය ව්‍යාපාරිකයා කවුද...

සොෆ්ට් ලොජික් හිමිකරු අශෝක් පතිරගේ. ඔහුත් මං වගේම හෙමි හෙමින් ආපු, මගේ සමකාලීන ව්‍යාපාරික මිත්‍රයෙක්.

• ඕස්ට්‍රේලියාවේ තිබුණු ඔටෝ ගෑස් සහ ලුබ්රිකන්ට් සමාගම් දෙකට මොකද වුණේ...

ඒ දෙකම විකිණුවා. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, නවසීලන්තය බිස්නස් කරන්න හොඳම රටවල් කිව්වට මට නම් ඒක තනි බොරුවක්. බිස්නස් කරන්න ලංකාව විතර හොඳ රටක් ලෝකේ කොහේවත් නැහැ.

• තවත් අතගහන්න බලාපොරොත්තු වෙන බිස්නස් තියෙනවද...

මට සුවිසල් නැවක් තිබෙනවා. නම, ‘ගෑස් චැලෙන්ජර්’ ගෑස් සිලින්ඩරේ වගේම ලස්සන තනි කහ පැහැ නැවක්. දැනටමත් මේ නැව ලෝකයේ රටවල් ගණනාවකට ගෑස් සහ බලශක්තිය ප්‍රවාහනය කරනවා. ඉදිරියේදී ලෝකයට බලශක්ති ප්‍රවාහනය කිරීමේ පුළුල් ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු සූදානම්.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

[QUOTE="HSgems, post: 19297715, member: 555023"] [b]මෙන්න මිනිස්සු--ඉන්ටවීව් 250කට ගියා...![/b] [SIZE=5][COLOR=navy][URL="https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&ved=0CAcQjRxqFQoTCK7wwfHTlskCFQ4HjgodoNAOgQ&url=http%3A%2F%2Fwww.gannadeshiyade.com%2F2013%2F04%2Flaugfs.html&psig=AFQjCNFgMhfWvBRScrM6bT0NeN_dz9npiA&ust=1447822126191608"][IMG]http://diviyapura.files.wordpress.com/2011/07/untitled.jpg?w=595[/IMG][/URL] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]රස්සාවක් හොයාගෙන ඉන්ටවීව් 250කට ගියා ඒ හැමතැනකින්ම මාව කැපුණා මාව මිනිහෙක් කළේ ඒ දරාගැනීමයි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය සභාපති[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ලාෆ්ස් හෝල්ඩින්ග්ස්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]බහුජාතික ෂෙල් ගෑස් සමාගම සිය බල අධිකාරිය මෙරට පතුරුවාලූ කාලයක ඊට අභියෝග කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ඔහු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටියයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]වෑගපිටිය ගමේ ඉපදී හැදී වැඩී ගමේ පාසලින් අකුරු කළ ඔහු මුල් වරට නගරය දකින්නේ විශ්වවිද්‍යාලයට පා තැබීමත් සමඟය. නගරයේ දී ඔහු සියල්ල උගනියි. උපයයි. ඒ උත්සාහය කෙළවර වන්නේ ලාෆ්ස් හෝල්ඩින්ග්ස් නමින් සමාගම් කිහිපයකම හිමිකරුවා බවට පත්වීමෙනි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• කලෙක මේ රටේ රජ කළ, ගෑස් බල අධිකාරිය බිඳ දැමූ ඔබ කවුද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]වෑගපිටිය කට්ටියගේ හේමචන්ද්‍ර වෑගපිටිය. මගේ නමයි ගමයි දෙකම එකයි. හැබැයි ජාත්‍යන්තර වෙළෙඳ ලෝකයේ දී හඳුන්වන්නේ මගේ මුල් අකුරු ටික එකතු කරල ‘වේගා’ (wega) කියලා. ඒ නමටත් මං කැමතියි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ලාෆ්ස් හෝල්ඩිංග්ස් යටතේ ඔබ සභාපතිත්වය දරන සමාගම් කීයක් තිබෙනවද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]17ක්. ලාෆ්ස් පෙට්‍රෝලියම්, ලුබිරිකන්ට්ස්, ඉකෝ, සුපර්මාකට්.. ඔය ආදී වශයෙන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• එදා දේශීය ගෑස් ව්‍යාපාරයක් හඳුන්වා දීලා කළේ කළුගලේ ඔළුව ගහගන්න වැඩක් නෙවෙයිද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඒ, ෂෙල් පිළිබඳ මුළු රටේම අප්‍රසාදයක් තිබූ යුගයක්. අපි කිහිපදෙනෙක් මැති ඇමැතිවරුන් ළඟට ගියා. රජයේ නිලධාරීන් ළඟට ගියා. අපිට අවස්ථාවක් ඉල්ලුවා ගෑස් අලෙවියට. නමුත් ලැබුණෙ නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]අවසානයේ හිටපු ජනාධිපතිනිය ළඟට ගියා. කොන්දේසි දෙකක් යටතේ අපිට ගෑස් අලෙවියට අවසර දුන්නා. හැපුණේ කළුගලක් එක්ක වුණත් ජනාධිපතිවරිය එක තීන්දුවක හිටපු නිසා දේශීය සමාගමක් ලෙස අපි හිස එසවූවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• මොනවද අර දාපු කොන්දේසි...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]කාටවත් පගාව දෙන්න බැහැ සහ ෂෙල් මිලට වඩා රුපියල් 100ක් අඩුවෙන් ගෑස් දිය යුතුයි කියන කොන්දේසි දෙක.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඔබ ඒ දෙක ඉටුකළාද... කඩ කළාද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඒ කාලේ ෂෙල් සමාගම ගත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හදන ගෑස් ටික. ඒ ටොන් එකක් රුපියල් 12000ට. ෂෙල් සමාගම වෙළෙඳ ගිවිසුම් ගහලා තිබුණෙ ඒ ගාණට.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]නමුත් මට දුන්නේ 15,000ට. ඒත් මට පුළුවන් වුණා පාඩු නොලබා රුපියල් සියයක් අඩුවෙන් ගෑස් අලෙවි කරන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඒත් ඔබත් පසුව හිතූ මනාපෙට වෙනස් වුණා...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඒක කවුරුත් නොදන්න අවාසනාවන්ත කතාවක්. ජනාධිපතිනිය සිටිද්දී රජය වෙනස් වුණා. රනිල් රජයේ රවි කරුණානායක නව පාරිභෝගික ඇමැති වුණා. එතුමට ඕන වුණා, එයාට හිතවත් මුන්ඩෝ ගෑස් වෙළෙඳ පොළට ගේන්න. එයා වහාම අපේ වෙළෙඳ ගිවිසුම අවලංගු කළා. 15,000ට අපිට දුන් ගෑස් ටොන් එක 22,000 කළා. ඉතින් මං කොහොමද රුපියල් 100ක් අඩුව ගෑස් දෙන්නේ. අන්තිමේ 6 -7 මාසෙකින් මුණ්ඩෝ වැහුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• දැන් හරි ඔබට බැරිද ගෑස් මිල තව ටිකක් අඩු කරලා, තරගකාරී ගෑස් සමාගමට අභියෝගයක් දෙන්න...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඇත්තටම අපි නිසා තමයි ඔය ගාණට ගෑස් තියෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• හුඟක් දේශීය ව්‍යාපාරයන්ට, දේශපාලනය අහිතකර ලෙස බලපානවාය කියන අදහස පිළිබඳ ඔබ මොකද කියන්නේ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]දේශපාලකයෝ ව්‍යාපාරවලට ආවම දේශපාලන බලය ව්‍යාපාරයට පාවිච්චි නොකළ යුතුයි කියන තැනයි මා ඉන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• අපේ රට,ලෝකයේ දියුණු රටක තත්ත්වයට එන්න පමාවීමේ හේතු ලෙස ඔබ දකින්නේ මොනවද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]1950 වන විටත් ලංකාව ආර්ථික වශයෙන් හිටියේ ජපානයට, සිංගප්පූරුවට, මැලේසියාවට වඩා ඉස්සරහින්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ලී ක්වාන් යූ එයාගේ ‘The Singapore Story’ පොෙත් තියෙනවා එයා සිංගප්පූරුව, බාරගන්න කොට ඒක මාළු වාඩියක්ය, කවදහරි සිංගප්පූරුවත් කොළඹ වෙග් ගොඩනඟනවාය කියලා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• මීට අවුරුදු 25කට විතර කලින් හිතේ පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණ ද කවදා හරි මෙතැනට එන්න...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මම ඉස්සරවෙලාම නගරෙට ආවේ විශ්වවිද්‍යාලෙ යන්න. එතකල්ම මං වෑගපිටිය ගමේ ඉස්කෝලෙ සහ පින්නවල සෙන්ට්‍රල් එකේ ඉගෙනගත්තු ගොවි ගෙදරක ගැමි දරුවෙක්. මෙග් එකම බලාපොරොත්තුව ඉගෙනගැනීම විතරයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• එහෙනම් මේ, වාසනාවට ඉබේම වගේ ආ ගමනක්ද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]අපේ මවුපියන්ට ලොකු වත්කම් තිබුණෙ නැහැ. ලොකු පවුලක්. ළමයි නව දෙනෙක්. උපයපු දෙයින් වැඩි ප්‍රමාණයක් වියදම් කළේ දරුවන්ගේ ඉගෙනීමට. මට අවුරුදු 17 දි තාත්තා නැති වුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ජීවිතේ කඩා නොවැටී ඉන්න උදව් කළේ නෑදෑයෝ. ඉගෙනීම නතර නොවුණේ මේ රටේ නිදහස් අධ්‍යාපනය නිසා. එයින් උපරිම ප්‍රයෝජන ගත්තා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ජීවිතේ දැනුමයි - පෙනුමයි අතර ඔබ වෙනසක් දකිනවද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඒ කාලේ අපිව ඉස්කෝලෙට බාර දීලා අම්මලා කිව්වේ “මේ ළමයගේ ඇස් දෙක පාදන්න...” කියලා. හැබැයි ඉස්කෝලෙ යන්නේ මොළේ පාදන්න. පස්සෙ කාලෙකයි මට වැටහුණේ අපේ ජීවිතවල දැනුමයි - පෙනුමයි ගොඩනැඟුණේ ඒ පුංචි කාලේ පටන් බව. අද කියන විෂන් - මිෂන් හැමදේම අම්මලා එදා හෙමි හෙමින් අපි තුළ ගොඩනැඟුවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• විශ්වවිද්‍යාල නවක වදය - අරගල මේ හැමදේටම මුල් වෙන්නේ ගම්වල දුක්විඳිලා ආ ළමයි... මේ අදහසට ඔබ එකඟද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]නැහැ. හොඳම උදාහරණය මම. ඔබ දන්නවද මම පාඩම් කළේ ලාම්පු එළියෙන්. අපේ ගමට ලයිට් තිබුණෙ නැහැ. මං රූපවාහිනිය, දැක්කෙ විශ්වවිද්‍යාලයට ආවම. විශ්වවිද්යාලයේදිවත් පරිගණක දැක්කෙ නැහැ. දීපු - විඳපු නවක වදය මතක් කරලා හිනැහෙන්න පුළුවන් තරමේ සුන්දරයි. කෝ අපි විනාශ වුණාද.. අනික් අය විනාශ කළා ද ... මේ සියල්ල තියෙන්නේ තමන්ගේ පැවැත්ම හා ප්‍රතිපත්තිය මත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• මේ රටේ අද පවතින නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඔබ සතුටුද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඔව්. එදාට වඩා හුඟාක් සැප පහසුකම් අද ළමයින්ට තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ මම තවමත් ඉන්නවා. රටපුරා දේශනවලට යනවා. ඒ නිසා මේවා දකිනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• වානේ පන්නරය ලබන්නේ තැළෙන තරමට කියල ද ඔබ කියන්නේ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඔව්. කිසිවක් නොතිබුණු නිසා ජීවිතේ හැම සුව පහසුවක්ම ළඟා කරගැනීමේ ලොකු උවමනාවක් මා තුළ තිබුණා. ඒ වෙනුවෙන් දිවා රෑ නැතිව වැඩ කළා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• දරාගැනීම සහ අභියෝගවලට මුහුණදීම කියන කාරණා ඔබේ ජීවිතය ඇසුරින් විග්රහ කරන්න...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ලංකාවේ හොඳම ව්‍යාපාර කළමනාකරණ උපාධිය කළාට ඒ වෙනකොටත් මට ඉංග්‍රිසි කතා කරන්න බැහැ. දේශපාලන සබඳතා නැහැ. පවුල් පසුබිමක් නැහැ. ලොකු ඉස්කෝලෙක ක්‍රිකට් ගහලා තිබුණෙත් නැහැ. වත්කම් තිබුණෙත් නැහැ. මේ පසුබිම තුළ මට තිබුණු ලොකුම අභියෝගය තමයි රැකියාවක් ලබාගැනීම.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මං ඉන්ටවීව් 250කට ගිහින් තිබුණා. ඒ හැම තැනකින්ම මම කැපුණා. ඒ දරා ගැනීමම තමයි, මාව මිනිහෙක් කළේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• නැව් සංස්ථාවේ දවසේ පඩියට වැඩකළ සේවකයෙක් දවසක සුවිසල් නැවක හිමිකරුවෙක් වෙනවා. හරියට චිත්‍රපටයක වගේ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]නැහැ. ඒ තමයි හැබෑව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• මොකක්ද ඒ හැබෑව...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]රුලියල් 20 ක දවසේ පඩියට මං නැව් සංස්ථාවේ වැඩට යන්නේ උපාධිය පැත්තකින් තියලා. පුහුණුවන්නෙක් හැටියට ගියාට පියන්, ක්ලාක්, කම්කරු... ඔය කොයිකත් කරන්න වුණා. වැඩට ගියොත් තමයි රුපියල් 20 ලැබුණේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මං අවුරුදු දෙකක් එහෙම වැඩ කළා. න්‍යායාත්මක දැනුම කොහොමද ආයතනයක් තුළ යොදවන්නේ කියන කාරණය පිළිබඳ මං හොඳ අවධානයෙන් හිටියා. විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ ඇතිවූ සමාජ ආර්ථික ක්රමයේ ශීඝ්‍ර වෙනස පිළිබඳවත් මට හොඳ අවබෝධයක් ලැබුණා. ටිකක් ඔළුව උස්සන්න පුළුවන් රස්සාවක් ලැබුණේ ඊට පස්සේ. ජැෆර්ජි බ්‍රදර්ස්’ ආයතනයේ ‘අපනයන විධායක’ තනතුරක් ලැබුණම මං ඒකෙනුත් ඉගෙන ගත්තෙ අපනයන ක්ෂේත්රය පිළිබඳව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඊළඟට ගියේ ‘පියර් සන්ස් ෆ්රේඩ්’ සමාගමට. එය, නැව් සේවා ආයතනයක්. නැව් ගැන, ආනයන කටයුතු ගැන, නැව් සේවා ගැන පූර්ණ දැනුමත් එක්ක මං බිස්නස් එකට අතගැහුවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• කෝටිපතියෙක් වෙන්න යටකළ පළමු ප්රාග්ධනය කීයද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]රුපියල් 5000 යි. මං තමයි ඩ්‍රයිවර්, මං තමයි ක්ලීනර්, මං තමයි ටයිපිස්ට්, එකවුන්ටන්ට්... අවුරුද්දකට විතර පස්සෙයි සේවකයෝ එක්කෙනා දෙන්නා ගත්තේ. අවුරුදු දෙක තුනක් යද්දි මං මගේම ලොරි ගත්තා. කන්ටේනර් ගත්තා. මාව හොයාගෙන එන තරමේ හොඳ නමකුත් හදාගත්තා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• කෝටිපතියෙක් වෙන්න බලපෑ ඔබේ බිස්නස් ආර්ට් එක මොකක්ද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මතකද ඔබට මී කුණක් විකුණලා කෝටිපතියෙක් වූ කෙනාගේ කතාව. ඔහුට යම් අවශ්‍යතාවක් පිළිබඳ කතාවක් ඇහුණා. මී කුණේ ප්‍රයෝජනය ගත්තේ ඉන් පස්සේ. සොබාදහම අපිට ඕනෑතරම් අවස්ථා හදා දෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]සාධාරණත්වය සහ ඊළඟට සමාජමය ප්රතිලාභ. මේවා ලාභ වත්කම් මතම පදනම් වෙච්චි කාරණා නෙවෙයි. මේ ආර්ට් එක ෆලෝ කළොත් ව්‍යාපාරිකයකුට වරදින්නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඔබ ලාෆ්ස් හඳුන්වා නොදුන්නා නම් වෙන කවුරුවත් ගෑස් ව්‍යාපාරයට අත නොගහයි කියල ද ඔබ හිතාගෙන ඉන්නේ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]කෝ, ඉතින් අදටත් කවුරුත් නැහැනේ. 1994 මං වැඩේට අතගහද්දි මේ රටේ මොන තරම් ප්‍රබල සමාගම් තිබුණද... කිසි කෙනෙක් ආවේ නැහැ. කවුරුත් අත නොතියන අමාරු සහ වෙනස් දේ කිරීම තමයි මගේ දියුණුවේ රහස.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඔබ ගෙවන්නේ සැබෑ ප්‍රතිපත්තිමය ජීවිතයක් ද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]උත්සාහයෙන් මිස වෙන කිසිවකින් වාසනාව ළඟා වෙන්නෙ නැහැ. ප්‍රතිපත්තියක් ලෙස මනුෂ්‍යයෙක් නොකළ යුතු වෙළෙඳාම් කිසිවක් කරන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• බොහෝ ධනවතුන්ගේ දෑත් සරසන එකදු මැණික් මුදුවක්වත් ඔබ නොපලඳින්නේ ඇයි...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මට රාහු කාලයක් කියලා එකක් නැහැ. ඒ නිසා ජ්‍යොතිෂය පස්සෙ ගිහින් මැණික් හෝ මුදු පැලැඳීම මගේ සිරිත නෙවෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ෆැෂන් වලට හුඟක් වියදම් කරනවද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ලස්සනට ඉන්නට කැමැතියි. නිල් පාටයි මං කැමැතිම. ඒත් එක කාලෙක ආසා දෙයක් අඳින්න තරම් වත්කමක් කොහෙත්ම තිබුණෙ නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]අද නම් හොඳට හම්බ කරනවා වගේ ම හොඳට පරිභෝජනය කරනවා. හම්බ කරලා ලෝබකමට රැස්කරලා දුක්විඳලා මැරිලා යන බලාපොරොත්තුවක් මට නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඔබ හොඳ පියෙක් කියන සතුට විඳිනවද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]පැහැදිලිවම ඔව් . මගේ පුතාලා තුන්දෙනා මට සමීපයි. මිථිල, ලකිත, දසිත. දවසක මේ අය ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා නම් සේවකයෝ විදියට පළමුව මෙහි වැඩකළ යුතුයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ලංකාවේ හුඟක් පවුල් ව්‍යාපාර දෙවැනි පරම්පරාවෙන් ඔබ්බට නොයන්නේ ඇයි කියල ද ඔබ හිතන්නේ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඒ දරුවෝ සේවකයන් විදියට වැඩ නොකර අයිතිකාරයෝ විදියට පුටුවලට එන නිසා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• බිස්නස් ගැනම හිතන සමහර වෙලාවල් ගැන බිරියගෙන් දොසක් නැද්ද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]නැහැ. එයත් අවුරුදු 28 ක් තිස්සේ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ කරනවා. දැන් අධ්යක්ෂවරියක්. සල්ලි තිබුණා කියලා එයාට ගාණක් නැහැ. උගත් දේට අදාළ රැකියාවක් කරන එකෙන් හුඟක් සතුටු වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඔබට ජීවිතේ තනියම විඳින්න පුළුවන් මොන වගේ දේ කරලද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]චිත්‍ර ඇඳලා. මං දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ගොවි මහත්තයෙක් වුණාට තාත්තා තමයි මගේ චිත්‍ර ගුරුතුමා. ඊටත් වැඩිය හොඳට මං ගෙදර ගොවිතැන් කරනවා. නුවරඑළියට වැඩිය හොඳට වැවුණු කැරට්, බීට්, ගෝවා, රාජගිරියේ මගේ ගෙදර මං වවලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ගීතයක රස විඳින්න... ඒ ගැන හිතන්න වෙලාවක් තියෙනවද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]යන එන ගමනෙ මං ගීත රස විඳිනවා. සතුටුවෙන තැනෙකදි ඉඳහිට ගීතයක් ගායනාත් කරනවා. අමරදේව, ගුණදාස කපුගේ මගේ කැමැතිම ගායකයන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• මොකක්ද කැමතිම ගීතය...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]‘සබඳ අපි කඳු නොවෙමු... උනුන් පරයා නැඟෙන[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]සිහිල් දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන...’[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මේක මම හඳුන්වන්නේ කළමනාකරණය පිළිබඳ ලියැවුණු සියලු ව්‍යාපාරිකයන්ට එය කියාදෙන විශිෂ්ට ගීතයක් විදියට.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඔබ කැමැතිම ලාංකේය ව්‍යාපාරිකයා කවුද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]සොෆ්ට් ලොජික් හිමිකරු අශෝක් පතිරගේ. ඔහුත් මං වගේම හෙමි හෙමින් ආපු, මගේ සමකාලීන ව්‍යාපාරික මිත්‍රයෙක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• ඕස්ට්‍රේලියාවේ තිබුණු ඔටෝ ගෑස් සහ ලුබ්රිකන්ට් සමාගම් දෙකට මොකද වුණේ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඒ දෙකම විකිණුවා. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, නවසීලන්තය බිස්නස් කරන්න හොඳම රටවල් කිව්වට මට නම් ඒක තනි බොරුවක්. බිස්නස් කරන්න ලංකාව විතර හොඳ රටක් ලෝකේ කොහේවත් නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]• තවත් අතගහන්න බලාපොරොත්තු වෙන බිස්නස් තියෙනවද...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මට සුවිසල් නැවක් තිබෙනවා. නම, ‘ගෑස් චැලෙන්ජර්’ ගෑස් සිලින්ඩරේ වගේම ලස්සන තනි කහ පැහැ නැවක්. දැනටමත් මේ නැව ලෝකයේ රටවල් ගණනාවකට ගෑස් සහ බලශක්තිය ප්‍රවාහනය කරනවා. ඉදිරියේදී ලෝකයට බලශක්ති ප්‍රවාහනය කිරීමේ පුළුල් ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු සූදානම්.[/COLOR][/SIZE] [COLOR=blue]ඉනෝකා පෙරේරා බණ්ඩාර[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom