Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැබුණු බලයට සාධාරණය ඉටුකළ නොහැකි වුණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැබුණු බලයට සාධාරණය ඉටුකළ නොහැකි වුණා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත් බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය ඉටුකිරීමට නොහැකි වූ බවත් එයට සමහර වැරදි තීන්දුත් හේතු වූයේ යැයි පිළිගන්නා මෙන්ම වැරදුණු තැනත් හදුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවසීය.

‘කොවිඩ් සමඟ වැටුණු ආර්ථිකයක් සමඟ පාලන ආරම්භ කිරීමට සිදුවූ බව කී මහින්ද රාජපක්ෂ මහතා තමන්ට රටේ පාලන භාරගත්තේ අමාරු අවස්ථාවලදී බව ද සඳහන් කළේය.

එක අවස්ථාවක යුද්ධයක්, අනෙක් අවස්ථාවේ ආර්ථිකය පහළටම වැටිලා තිබුණ ද පස්සට නොයා පුළුවන් සාධාරණය රට වෙනුවෙන් ඉටු කිරීමට ඉදිරිපත් වූ බව කී හිටපු ජනාධිපවරයා පැවසුවේ එවැනි තීන්දු ගැනීමට සිය පක්ෂයට ශක්තිය ඇති බවත්ය.

බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කිරීමට යාම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධාන කුමන්ත්‍රණ කළ බවත් ඒ අයට තම දේපලවලට පමණක් නොව අපේ ජීවිතවලට හානි කිරීමට අවශ්‍ය වූ බවත් රාජපක්ෂ මහතා කීය.

ජනතාව වෙනුවෙන් බලයට පත්වන්නා සේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමට හැකි දේශපාලන අත්දැකීම් පොදුජන පෙරමුණට ඇති බවත් එසේම ඕනැම මොහොතක කවුරුත් නොහිතන තරම් සංවිධාන ශක්තියකින් නැගිටීමටත් එම පක්ෂයට හැකි බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී අද (1) පැවැති මැයි රැළියේදී එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “අද මේ කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ආදරණීය වැඩකරණ ජනතාව මේ රටට ඉතා වැදගත් පණිවුඩයක් දෙනවා. ඒ තමයි රටේ පොදුජන අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය කියන අපේ බැඳීම ඔබ නැවත තහවුරු කර තිබෙනවා.

ඒ සඳහා ඔබට අපේ ආචාරය පළමුවෙන්ම පුද කරනවා. අපි දන්නවා 1995 වෙනකම්ම කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ විපතකදී පිහිටවෙන්න රජයේ මුදලක් වියදම් කරන ක්‍රමයක් තිබුණේ නැහැ. කම්කරු ඇමතිවරයා විදියට කම්කරු නායකයන් එක්ක කතා කරලා ඔබේ සුබසාධනය වෙනුවෙන් පළමු වතාවට එදා අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව තමයි ‘ශ්‍රම වාසනා’ අරමුදල බිහිවුණේ. අද වගේම එදත් අපේ දේශපාලන සටන් සියල්ල කම්කරුවන් එක්ක බැඳිලයි තිබුණේ. බොහෝ කම්කරු නායකයන් හොඳ මිත්‍රයන් ලෙස අපට ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලේ සිට මැයි දිනයට විතරක් නෙමෙයි අපි හැමදාමත් කම්කරුවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔබේ සාධාරණ ඉල්ලීම් ගැන හොඳ වැටහීමකින් ප්‍රතිචාර ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. සමහරු අපව විවේචනය කරනවා.

ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට මතක ඇති අද වගේම 2004 දිත් ආණ්ඩු රිමෝට් එක අපේ අතේ තියෙන්නෙ කියලා කියපු අය හිටියා. අවසානයේ මොකද වුණේ ? ඒ අයම තමයි අපට බලයට එන්න උදව් කළේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වෙන්නෙ නැහැ. අපි අවශ්‍ය වෙලාවට ඔබත් එක්ක ඒ තීන්දුව ගන්නවා. අපේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. අපි ආර්ථිකය සැළසුම් කරන කර කම්කරු ජනතාවගේ අභිලාෂයන්ට ප්රමුඛ තැනක් දියයුතුයි. අපි කම්කරු ඇමතිකම ගත්ත දවසෙ ඉඳන්ම ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටුකර කළා. ඒ වගේමයි එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉඳලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැප කිරීම් කළා. වැඩබිමේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න අපේ සහෝදරයෝ ඒ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කියලයි අපි විශ්වාස කරනවා. එය තේරුම් ගෙන ආණ්ඩුව වැඩ කළ යුතුයි. අපි ඉතිහාසය පුරා වැඩකළේ ඒ විදියට. ඒ නිසා කම්කරු ජනතාව සමඟ අපි සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න විසඳගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දුන්නා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගන්න විට අපට මොනවද නොකිවුවේ. මේක අලුත් පක්ෂයක් කිවුවා. මේ වගේ පක්ෂවලට ඡන්ද දිනන්න බැහැ කිවුවා. හැබැයි ඒ හැමදේටම ඔබ උත්තර දුන්නා. ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් දීලා අපිව දිනෙව්වා.

මෑතක දී සිදුවුණු ඇතැම් වෘත්තීය ක්‍රියමාර්ග හේතුවෙන් අපේ සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා. ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් අපි තනිකරන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනවා. ඔබට ශක්තියක් වෙන්න අපට අදත් හැකියාව තියෙන බව මතක් කළ යුතුයි. නමුත් අපි දන්නවා සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කරන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන එක. ඒවට අපේ අය අහුවෙන්න හොඳ නැහැ. නැති ප්‍රශ්න ඇතිකරල කෙටි පාරවල්වලින් බලයට එන්න සමහරු කරන වැඩ රටේ පැත්ත හිතලා ගන්න තිරණ නොවන බව අපි කාටත් පැහැදිළියි. දැන් බලන්න ගෝල්ෆෙස් අරගලයේ හිටියෙ කවුද කියලා. රටම දන්නවා ඒ අය දැන් මොනවද කරන්නෙ කියලා. ජනතාවට මේවා ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕන දේවල් නෙමෙයි. හොරු හොරු කියලා ලේබල් අලවලා මඩ ගහලා, කොතරම් අවලාද නැගුවත් අපි දන්නවා අපි ජනතාව වෙනුවෙන් මොනවද කලේ කියලා. රට භාර ගන්න ආරාධනා කළාම පස්ස ගහලා, ඊට පසුව භාරගත්ත අයට විරුද්ධව කෑ ගහලා වැඩක් නැහැනේ.

එතනැදි තමයි මිනිස්සු තීරණය කරන්නෙ මේ කෑ ගහන අයගේ කැරැට්ටුව මොකද්ද කියලා. එක කට්ටියක් නම් 71 බැලුවත්, 88-89 බැලුවත් ඕකම තමයි කළේ. ප්‍රජාතන්ත්‍රවාදිව නොවන ක්‍රමවලින් බලය ගන්න ගියාම අවසානයේ මොකුත් ලැබෙන්නෙ නෑ. දැන් මේ විපක්ෂයට මාතෘකා නෑ. ඒ නිසා රටට හොඳ දේටත් විරුද්ධ වෙනවා. අපි සද්ද නොකර හිටියත් මේ අය කියන කතා අහලාම ජනතාව ඔවුන්ට විරුද්ධ වෙනවා. ඒ බව ඔලුවේ තියාගෙනයි අපි වැඩකරන්න ඕනේ. ඒ නිසා ඒ අයගේ රූකඩ නොවී හොඳ දේට හොද කියන්නත් නරක දේට නරකයි කියල විරුද්ධ වෙන්නත් අපේ වෘත්තිය සමිති නායකයන්ට ශක්තියක් තිබිය යුතුයි.

උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ගැටලුව තාම අවසන් නැහැ. විභාගය ලියපු දරුවෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ප්රශ්නය නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල්ගියා. ඒ දරුවොත් මේ නිසා ඉන්නේ පීඩනයකින්. ඊටත් වඩා පීඩනයකින් ඉන්නේ දෙමවුපියන්. ඒක වෘත්තීය සමිති සටනක් කීවට ඒක වෘත්තීය සමිති සටනක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි මේකට හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ.

ඔවුන්ට කරන්න දෙයක් නැතිව ඉන්නෙ. ඉතිහාසයේ කොතනකවත් දරුවන්ව ප්‍රාණ ඇපයට තියල සටන්කරල දිනාගත්ත ඉල්ලීමක් නැහැ. එහෙම දිනාගෙන වැඩක් නැහැ. අපි වෘත්තීය සටනක් කර මේ දේවලුත් හිතන්න ඕන. සැබෑ කම්කරු නායකයෝ සටන්කරන්නේ පටු දේශපාලන වාසි තකා නෙමෙයි. අපේ රටට නිදහස ලබා ගැනීමේ සටනේදී ඉදිරියෙන්ම හිටියෙත් කම්කරු නායකයින්. ඒ අය නිදහස් සටන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. එදා කම්කරු ව්‍යාපාරය තමයි රටේ නිදහස දිනා ගන්න සටනේ බලවේගය වුණේ. ඔබට මතක නම් ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ කවදාවත් කම්කරු සටන් රට අරාජික කරන්න මෙහෙයවුයේ නැහැ. එයාල සටන් කළේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒත් අද මේ සිද්ධ වෙන්නේ මොනවද?

බලය ගන්න කලින් හිට්ලර් කෙනෙක් බලය ගන්නවා කියලා ජනතාව කුපිත කරවපු අය අවසානේ කිවුවේ මොකක්ද ? එදා ඒ කියපු කතාව ඇත්තක් නොවුණ නිසයි රට ලේ විලක් නොවී බේරුණේ.

පහුගිය කාලේ නම් අපි බොහෝ අත්දැකීම් විඳගත්තා. මිනිස්සු හඳුන ගත්තා. අපට දැන් තිබෙන්නෙ රට ශක්තිමත් කරගන්න අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන්න. ඊයේ මෙන්ම, අදත්, හෙටත් අපි විශ්වාස කරන්නෙ වැඩබිමේ දහඩිය හෙළන වැඩකරණ ජනතාවට මේ රට වෙනුවෙන් විශාල වගකීමක් තිබෙන බවයි. වැඩබිම ශක්තිමත් වෙන තරමට තමයි රට ශක්තිමත් වෙන්නෙ. අභියෝග බිඳගෙන රට දිනවන අභිලාෂය ජයගන්වන්න එක්වෙන්නයි සමස්ත කම්කරු ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, නිවාස සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන මහතා, ඩබ්ලිව්.ඩී වීරසිංහ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද රැළිය ඇමතූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, දිළුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, විමලවීර දිසානායක, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, කනක හේරත්, රෝහන දිසානායක, පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් රැළියට එක්ව සිටියහ.

[QUOTE="SLK_sri, post: 28859321, member: 569192"] [HEADING=2]ලැබුණු බලයට සාධාරණය ඉටුකළ නොහැකි වුණා[/HEADING] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_83a710617d.jpg[/IMG] (යොහාන් භාසුර) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත් බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය ඉටුකිරීමට නොහැකි වූ බවත් එයට සමහර වැරදි තීන්දුත් හේතු වූයේ යැයි පිළිගන්නා මෙන්ම වැරදුණු තැනත් හදුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවසීය. ‘කොවිඩ් සමඟ වැටුණු ආර්ථිකයක් සමඟ පාලන ආරම්භ කිරීමට සිදුවූ බව කී මහින්ද රාජපක්ෂ මහතා තමන්ට රටේ පාලන භාරගත්තේ අමාරු අවස්ථාවලදී බව ද සඳහන් කළේය. එක අවස්ථාවක යුද්ධයක්, අනෙක් අවස්ථාවේ ආර්ථිකය පහළටම වැටිලා තිබුණ ද පස්සට නොයා පුළුවන් සාධාරණය රට වෙනුවෙන් ඉටු කිරීමට ඉදිරිපත් වූ බව කී හිටපු ජනාධිපවරයා පැවසුවේ එවැනි තීන්දු ගැනීමට සිය පක්ෂයට ශක්තිය ඇති බවත්ය. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කිරීමට යාම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධාන කුමන්ත්‍රණ කළ බවත් ඒ අයට තම දේපලවලට පමණක් නොව අපේ ජීවිතවලට හානි කිරීමට අවශ්‍ය වූ බවත් රාජපක්ෂ මහතා කීය. ජනතාව වෙනුවෙන් බලයට පත්වන්නා සේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමට හැකි දේශපාලන අත්දැකීම් පොදුජන පෙරමුණට ඇති බවත් එසේම ඕනැම මොහොතක කවුරුත් නොහිතන තරම් සංවිධාන ශක්තියකින් නැගිටීමටත් එම පක්ෂයට හැකි බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී අද (1) පැවැති මැයි රැළියේදී එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “අද මේ කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ආදරණීය වැඩකරණ ජනතාව මේ රටට ඉතා වැදගත් පණිවුඩයක් දෙනවා. ඒ තමයි රටේ පොදුජන අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය කියන අපේ බැඳීම ඔබ නැවත තහවුරු කර තිබෙනවා. ඒ සඳහා ඔබට අපේ ආචාරය පළමුවෙන්ම පුද කරනවා. අපි දන්නවා 1995 වෙනකම්ම කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ විපතකදී පිහිටවෙන්න රජයේ මුදලක් වියදම් කරන ක්‍රමයක් තිබුණේ නැහැ. කම්කරු ඇමතිවරයා විදියට කම්කරු නායකයන් එක්ක කතා කරලා ඔබේ සුබසාධනය වෙනුවෙන් පළමු වතාවට එදා අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව තමයි ‘ශ්‍රම වාසනා’ අරමුදල බිහිවුණේ. අද වගේම එදත් අපේ දේශපාලන සටන් සියල්ල කම්කරුවන් එක්ක බැඳිලයි තිබුණේ. බොහෝ කම්කරු නායකයන් හොඳ මිත්‍රයන් ලෙස අපට ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලේ සිට මැයි දිනයට විතරක් නෙමෙයි අපි හැමදාමත් කම්කරුවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔබේ සාධාරණ ඉල්ලීම් ගැන හොඳ වැටහීමකින් ප්‍රතිචාර ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. සමහරු අපව විවේචනය කරනවා. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට මතක ඇති අද වගේම 2004 දිත් ආණ්ඩු රිමෝට් එක අපේ අතේ තියෙන්නෙ කියලා කියපු අය හිටියා. අවසානයේ මොකද වුණේ ? ඒ අයම තමයි අපට බලයට එන්න උදව් කළේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වෙන්නෙ නැහැ. අපි අවශ්‍ය වෙලාවට ඔබත් එක්ක ඒ තීන්දුව ගන්නවා. අපේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. අපි ආර්ථිකය සැළසුම් කරන කර කම්කරු ජනතාවගේ අභිලාෂයන්ට ප්රමුඛ තැනක් දියයුතුයි. අපි කම්කරු ඇමතිකම ගත්ත දවසෙ ඉඳන්ම ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටුකර කළා. ඒ වගේමයි එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉඳලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැප කිරීම් කළා. වැඩබිමේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න අපේ සහෝදරයෝ ඒ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කියලයි අපි විශ්වාස කරනවා. එය තේරුම් ගෙන ආණ්ඩුව වැඩ කළ යුතුයි. අපි ඉතිහාසය පුරා වැඩකළේ ඒ විදියට. ඒ නිසා කම්කරු ජනතාව සමඟ අපි සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න විසඳගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගන්න විට අපට මොනවද නොකිවුවේ. මේක අලුත් පක්ෂයක් කිවුවා. මේ වගේ පක්ෂවලට ඡන්ද දිනන්න බැහැ කිවුවා. හැබැයි ඒ හැමදේටම ඔබ උත්තර දුන්නා. ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් දීලා අපිව දිනෙව්වා. මෑතක දී සිදුවුණු ඇතැම් වෘත්තීය ක්‍රියමාර්ග හේතුවෙන් අපේ සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා. ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් අපි තනිකරන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනවා. ඔබට ශක්තියක් වෙන්න අපට අදත් හැකියාව තියෙන බව මතක් කළ යුතුයි. නමුත් අපි දන්නවා සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කරන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන එක. ඒවට අපේ අය අහුවෙන්න හොඳ නැහැ. නැති ප්‍රශ්න ඇතිකරල කෙටි පාරවල්වලින් බලයට එන්න සමහරු කරන වැඩ රටේ පැත්ත හිතලා ගන්න තිරණ නොවන බව අපි කාටත් පැහැදිළියි. දැන් බලන්න ගෝල්ෆෙස් අරගලයේ හිටියෙ කවුද කියලා. රටම දන්නවා ඒ අය දැන් මොනවද කරන්නෙ කියලා. ජනතාවට මේවා ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕන දේවල් නෙමෙයි. හොරු හොරු කියලා ලේබල් අලවලා මඩ ගහලා, කොතරම් අවලාද නැගුවත් අපි දන්නවා අපි ජනතාව වෙනුවෙන් මොනවද කලේ කියලා. රට භාර ගන්න ආරාධනා කළාම පස්ස ගහලා, ඊට පසුව භාරගත්ත අයට විරුද්ධව කෑ ගහලා වැඩක් නැහැනේ. එතනැදි තමයි මිනිස්සු තීරණය කරන්නෙ මේ කෑ ගහන අයගේ කැරැට්ටුව මොකද්ද කියලා. එක කට්ටියක් නම් 71 බැලුවත්, 88-89 බැලුවත් ඕකම තමයි කළේ. ප්‍රජාතන්ත්‍රවාදිව නොවන ක්‍රමවලින් බලය ගන්න ගියාම අවසානයේ මොකුත් ලැබෙන්නෙ නෑ. දැන් මේ විපක්ෂයට මාතෘකා නෑ. ඒ නිසා රටට හොඳ දේටත් විරුද්ධ වෙනවා. අපි සද්ද නොකර හිටියත් මේ අය කියන කතා අහලාම ජනතාව ඔවුන්ට විරුද්ධ වෙනවා. ඒ බව ඔලුවේ තියාගෙනයි අපි වැඩකරන්න ඕනේ. ඒ නිසා ඒ අයගේ රූකඩ නොවී හොඳ දේට හොද කියන්නත් නරක දේට නරකයි කියල විරුද්ධ වෙන්නත් අපේ වෘත්තිය සමිති නායකයන්ට ශක්තියක් තිබිය යුතුයි. උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ගැටලුව තාම අවසන් නැහැ. විභාගය ලියපු දරුවෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ප්රශ්නය නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල්ගියා. ඒ දරුවොත් මේ නිසා ඉන්නේ පීඩනයකින්. ඊටත් වඩා පීඩනයකින් ඉන්නේ දෙමවුපියන්. ඒක වෘත්තීය සමිති සටනක් කීවට ඒක වෘත්තීය සමිති සටනක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි මේකට හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ. ඔවුන්ට කරන්න දෙයක් නැතිව ඉන්නෙ. ඉතිහාසයේ කොතනකවත් දරුවන්ව ප්‍රාණ ඇපයට තියල සටන්කරල දිනාගත්ත ඉල්ලීමක් නැහැ. එහෙම දිනාගෙන වැඩක් නැහැ. අපි වෘත්තීය සටනක් කර මේ දේවලුත් හිතන්න ඕන. සැබෑ කම්කරු නායකයෝ සටන්කරන්නේ පටු දේශපාලන වාසි තකා නෙමෙයි. අපේ රටට නිදහස ලබා ගැනීමේ සටනේදී ඉදිරියෙන්ම හිටියෙත් කම්කරු නායකයින්. ඒ අය නිදහස් සටන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. එදා කම්කරු ව්‍යාපාරය තමයි රටේ නිදහස දිනා ගන්න සටනේ බලවේගය වුණේ. ඔබට මතක නම් ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ කවදාවත් කම්කරු සටන් රට අරාජික කරන්න මෙහෙයවුයේ නැහැ. එයාල සටන් කළේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒත් අද මේ සිද්ධ වෙන්නේ මොනවද? බලය ගන්න කලින් හිට්ලර් කෙනෙක් බලය ගන්නවා කියලා ජනතාව කුපිත කරවපු අය අවසානේ කිවුවේ මොකක්ද ? එදා ඒ කියපු කතාව ඇත්තක් නොවුණ නිසයි රට ලේ විලක් නොවී බේරුණේ. පහුගිය කාලේ නම් අපි බොහෝ අත්දැකීම් විඳගත්තා. මිනිස්සු හඳුන ගත්තා. අපට දැන් තිබෙන්නෙ රට ශක්තිමත් කරගන්න අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන්න. ඊයේ මෙන්ම, අදත්, හෙටත් අපි විශ්වාස කරන්නෙ වැඩබිමේ දහඩිය හෙළන වැඩකරණ ජනතාවට මේ රට වෙනුවෙන් විශාල වගකීමක් තිබෙන බවයි. වැඩබිම ශක්තිමත් වෙන තරමට තමයි රට ශක්තිමත් වෙන්නෙ. අභියෝග බිඳගෙන රට දිනවන අභිලාෂය ජයගන්වන්න එක්වෙන්නයි සමස්ත කම්කරු ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, නිවාස සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන මහතා, ඩබ්ලිව්.ඩී වීරසිංහ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද රැළිය ඇමතූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, දිළුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, විමලවීර දිසානායක, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, කනක හේරත්, රෝහන දිසානායක, පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් රැළියට එක්ව සිටියහ. [HR][/HR] [HR][/HR] [HEADING=1][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom