Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලැම්බොගිනි පාලකයන් සහ ගොවිදියනියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'මේවා අපේ කුඹුරු නෙමෙයි. අපේ ලොකු අප්පච්චිලාගේ ඒවා. ඒa ගොල්ලො මේවා නොකරන නිසයි අපි කරන්නේ'

මේ මොන තරම් අපූරු කෙල්ලක්ද?

ඇය කුඹුරු කොටන්නේ තමන්ගේ දේපලක් රැකගැනීමට නොවේ. මුඩුවන්නට ගිය බිමකි ඇය අස්වද්දනුයේ. ඇගේ කියා බිමක් නොවුණත්, මේ බිමෙන් ඇය දැයට බත සපයන්නීය.

එපමණක්ද ඇය නීර්භයය. මගේ පහත පැනයට ඇය ලබාදුන් පිළිතුර එය සනාථ කරවන්නකි.

'මේ කාලේ ගොඩක් දෙනා මී උණ වගේ ලෙඩ රෝග වලට බියෙනුත් කුඹුරු වලට බහින්නේ නැහැ. ඔයාට එහෙම බයක් දැනෙන්නේ නැතිද?'

'එහෙම බයක් දැනෙන්නේ නැහැ. හුරුපුරුදු දෙයනේ. අනික ජීවත්වෙන්න නම් මොකක්හරි කරන්නත් වෙනවනේ. එහෙම බයවුනොත් කොහොමද ජීවත්වෙන්නේ'

ඇය පවුලේ ජීවිකාව උදෙසා ජීවිත අවදානම වුව බැහැර කරන්නීය.

'ඔයාලට කන්න අඳින්නයි, ඔයාට ඉගෙනගන්නයි මේ කුඹුරෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?'

මම ඔවුන්ගේ 'ආර්ථික විද්‍යාව' දැනගනු පිණිස ඇසුවෙමි.

'නැහැ මහත්තයෝ. මේ කුඹුරු වලින් එහෙම ආදායමක් බලාපොරොත්තු වෙන්න බෑ. වතුර නැතිව පහුqගිය කන්නය වැඩ කරගන්නම බැරිවුනා. මගේ මල්ලි පොඩි රස්සාවක් කරනවා. එයා තමයි මට ඉගෙනගන්න සල්ලි දෙන්නේ'

ඔවුන්ගේ ජීවිත ගෙවෙන ආකාරය ගැන සිතාගත හැකිය. සියල්ලෝ හැකි පමණින් මේ ජීවන යුද්ධය ජයගැනීම පිණිස වෙහෙසෙති. එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරති. අපූරු පවුලකි.

'ඔයා වගේ කුඹුරට බැහැලා මෙහෙම වැඩකරන තවත් ගෑණු ළමයි මේ ගමේ ඉන්නවද?' මම ඇසුවේ ඇගේ 'විශේෂත්වය' ගැන සහතික කර ගැනීමටය.

'මේ ගමේ නං... මම දැකලා නැහැ මහත්තයො. කුඹුරුවලට බහින මගෙ වෙන යාළුවෙක් ගැනවත් මම නම් දන්නේ නැහැ'

පේනතෙක් මානයට විහිදෙන කුඹුරු යාය පුරා ඇස යෑවූ මට ඈ කියන දේ තවත් සහතික විය.

'හොඳයි ඔයාට රැකියාවක් ලැබුණා කියමු. එහෙම වුනොත් ඔයාට කුඹුරු අතහරින්න වෙයි නේද?'

'නැහැ මහත්තයෝ. ඒත් ඉඩ ලැබෙන වෙලාවට මම කුඹුරට බහිනවා'

මගේ පැනයට ඇය ඉතා සෘජුව පිළිතුරු දුන්නාය.

'මේ එන්නේ මගේ අම්මා' ඇය කුඹුර දෙසට එන මැදිවයස් කාන්තාවක් පෙන්වුවාය.

අම්මා, රන්මැණිකා, ඇගේ 'දූ මැණිකට' ඇඹුල රැගෙන එන්නීය.

'අම්මා බොහොම ධෛර්යවන්ත දුවෙක් ලබන්න පිං කරලා තියෙනවා නේද?' අපෙන් එහෙම ඇසුනේ හදවතින්මය.

'මම මේ දවස් වල ඔපරේශන් කරලා ඉන්නේ මහත්තයො. ඒ හින්දා මට මේ දරුවත් එක්ක කුඹුරට බහින්න විදිහක් නෑ. ඒත් තනියෙම කියලා මගෙ කෙල්ල නිකං ඉන්නේ නැහැ. දැක්කමත් ලෝබයි මහත්තයො, එක සීරුවට වැඩ '

සෙනෙහසේ කඳුලක් ඒ මවගේ ඇස් කොනේ නලියද්දී ඒ ආදර්ශවත් ස්ත්‍රීත්වයට සිතින් ආචාර කරමින් අපි ඔවුන්ගෙන් සමුගත්තෙමු.

එහෙත් එයට ප්‍රථම ඔවුන්ගේ ලිපිනය දැනගත්තෙමු. ඒ ඇය වෙනුවෙන් යම් උපකාරයක් කරන්නට අවස්ථාව සැලසුනහොත් ඒ වෙනුවෙනි.

අපි අපේ මුඛ්‍ය කාර්යය නිමවා කොළඹ පැමිණියෙමු. ඇගේ කථාව ලියන්නට දින කිහිපයක් ගතවිය. ඒ අතර කාලයේදී කුරුණෑගලට අනෝරා වැහි වැටුණි. මට ඇයව මතක් විය.

අනේ ඈ ඒ සා මහන්සියෙන් අස්වැද්දූ කුඹුර ඒ දෙගොඩතලා යන වතුරට හසුවීද?

නැගෙණිය නුඹේ උත්සාහය ජල රකුසා බිලිගත්තේද?

දිරිය නැගෙණිය. මඩ සෝදාගෙන එන්න. රජකම දෙන්නට අපට බැරිවුණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

[QUOTE="kinglanka, post: 14257690, member: 456244"] [SIZE=4]'මේවා අපේ කුඹුරු නෙමෙයි. අපේ ලොකු අප්පච්චිලාගේ ඒවා. ඒa ගොල්ලො මේවා නොකරන නිසයි අපි කරන්නේ' මේ මොන තරම් අපූරු කෙල්ලක්ද? ඇය කුඹුරු කොටන්නේ තමන්ගේ දේපලක් රැකගැනීමට නොවේ. මුඩුවන්නට ගිය බිමකි ඇය අස්වද්දනුයේ. ඇගේ කියා බිමක් නොවුණත්, මේ බිමෙන් ඇය දැයට බත සපයන්නීය. එපමණක්ද ඇය නීර්භයය. මගේ පහත පැනයට ඇය ලබාදුන් පිළිතුර එය සනාථ කරවන්නකි. 'මේ කාලේ ගොඩක් දෙනා මී උණ වගේ ලෙඩ රෝග වලට බියෙනුත් කුඹුරු වලට බහින්නේ නැහැ. ඔයාට එහෙම බයක් දැනෙන්නේ නැතිද?' 'එහෙම බයක් දැනෙන්නේ නැහැ. හුරුපුරුදු දෙයනේ. අනික ජීවත්වෙන්න නම් මොකක්හරි කරන්නත් වෙනවනේ. එහෙම බයවුනොත් කොහොමද ජීවත්වෙන්නේ' ඇය පවුලේ ජීවිකාව උදෙසා ජීවිත අවදානම වුව බැහැර කරන්නීය. 'ඔයාලට කන්න අඳින්නයි, ඔයාට ඉගෙනගන්නයි මේ කුඹුරෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?' මම ඔවුන්ගේ 'ආර්ථික විද්‍යාව' දැනගනු පිණිස ඇසුවෙමි. 'නැහැ මහත්තයෝ. මේ කුඹුරු වලින් එහෙම ආදායමක් බලාපොරොත්තු වෙන්න බෑ. වතුර නැතිව පහුqගිය කන්නය වැඩ කරගන්නම බැරිවුනා. මගේ මල්ලි පොඩි රස්සාවක් කරනවා. එයා තමයි මට ඉගෙනගන්න සල්ලි දෙන්නේ' ඔවුන්ගේ ජීවිත ගෙවෙන ආකාරය ගැන සිතාගත හැකිය. සියල්ලෝ හැකි පමණින් මේ ජීවන යුද්ධය ජයගැනීම පිණිස වෙහෙසෙති. එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරති. අපූරු පවුලකි. 'ඔයා වගේ කුඹුරට බැහැලා මෙහෙම වැඩකරන තවත් ගෑණු ළමයි මේ ගමේ ඉන්නවද?' මම ඇසුවේ ඇගේ 'විශේෂත්වය' ගැන සහතික කර ගැනීමටය. 'මේ ගමේ නං... මම දැකලා නැහැ මහත්තයො. කුඹුරුවලට බහින මගෙ වෙන යාළුවෙක් ගැනවත් මම නම් දන්නේ නැහැ' පේනතෙක් මානයට විහිදෙන කුඹුරු යාය පුරා ඇස යෑවූ මට ඈ කියන දේ තවත් සහතික විය. 'හොඳයි ඔයාට රැකියාවක් ලැබුණා කියමු. එහෙම වුනොත් ඔයාට කුඹුරු අතහරින්න වෙයි නේද?' 'නැහැ මහත්තයෝ. ඒත් ඉඩ ලැබෙන වෙලාවට මම කුඹුරට බහිනවා' මගේ පැනයට ඇය ඉතා සෘජුව පිළිතුරු දුන්නාය. 'මේ එන්නේ මගේ අම්මා' ඇය කුඹුර දෙසට එන මැදිවයස් කාන්තාවක් පෙන්වුවාය. අම්මා, රන්මැණිකා, ඇගේ 'දූ මැණිකට' ඇඹුල රැගෙන එන්නීය. 'අම්මා බොහොම ධෛර්යවන්ත දුවෙක් ලබන්න පිං කරලා තියෙනවා නේද?' අපෙන් එහෙම ඇසුනේ හදවතින්මය. 'මම මේ දවස් වල ඔපරේශන් කරලා ඉන්නේ මහත්තයො. ඒ හින්දා මට මේ දරුවත් එක්ක කුඹුරට බහින්න විදිහක් නෑ. ඒත් තනියෙම කියලා මගෙ කෙල්ල නිකං ඉන්නේ නැහැ. දැක්කමත් ලෝබයි මහත්තයො, එක සීරුවට වැඩ ' සෙනෙහසේ කඳුලක් ඒ මවගේ ඇස් කොනේ නලියද්දී ඒ ආදර්ශවත් ස්ත්‍රීත්වයට සිතින් ආචාර කරමින් අපි ඔවුන්ගෙන් සමුගත්තෙමු. එහෙත් එයට ප්‍රථම ඔවුන්ගේ ලිපිනය දැනගත්තෙමු. ඒ ඇය වෙනුවෙන් යම් උපකාරයක් කරන්නට අවස්ථාව සැලසුනහොත් ඒ වෙනුවෙනි. අපි අපේ මුඛ්‍ය කාර්යය නිමවා කොළඹ පැමිණියෙමු. ඇගේ කථාව ලියන්නට දින කිහිපයක් ගතවිය. ඒ අතර කාලයේදී කුරුණෑගලට අනෝරා වැහි වැටුණි. මට ඇයව මතක් විය. අනේ ඈ ඒ සා මහන්සියෙන් අස්වැද්දූ කුඹුර ඒ දෙගොඩතලා යන වතුරට හසුවීද? නැගෙණිය නුඹේ උත්සාහය ජල රකුසා බිලිගත්තේද? දිරිය නැගෙණිය. මඩ සෝදාගෙන එන්න. රජකම දෙන්නට අපට බැරිවුණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න. ඉන්ද්‍රජිත් සුබසිංහ[/SIZE] [EMAIL="indrajith.media@gmail.com"][/EMAIL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom