ලැම්බෝගිනි Urus SUV

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලැම්බෝගිනි Urus SUV මෝටර් රථය

    urus_01-640x427-c.jpg

    ලැම්බෝගිනි කිව්වාහම නොදන්න කෙනෙක් නැති තරම්.ඒ‌ වගේම ලැම්බෝගිනි මෝටර් රථ වඩාත් ප්‍රසිද්ධයක් උසුලන්නේ නම් ට්‍රැක් කාර් රේස් සඳහා කිව්වොත් වැරදි නැහැ.ඒ‌ කොහොමු වුණත් අද කියන්න රේස් කාර් ලෝකයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙක් වන ලැම්බෝගිනි සමාගම විසින් තම වසර 25 ලැම්බෝගිනි SUV මෝටර් රථ ඉතිහාසය තුල ලොව වේගවත්ම SUV මෝටර් රථය ලෙස Lamborghini Urus SUV මෝටර් රථය 2018 වර්ෂය සඳහා වෙළඳපොලට නිකුත් කිරීම නියමිත ඇ‌ති අතර එහි ඇ‌ති විශේෂාංග ගැනයි.

    Lamborghini Urus කියලා කියන්නේ ලැම්බෝගිනි සමාගම විසින් නිර්මාණය කරන ලද නවීනතම SUV මෝටර් රථයක්.මේ මෝටර් රථයේ කන්සෙප්ට් එහෙමත් නැත්නම් සංකල්ප මෝටර් රථය 2012 වර්ෂයේ මුලින්ම ඉදිරිපත් කරලා 2017 දෙසැම්බර් මස 4 වන දින ඒ කියන්නේ දවස් දෙකකට කලින් තමයි පළමු වරට එළිදක්වලා තියෙන්නේ.2018 මුල් කාර්තුවේ දී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මෙම මෝටර් රථයේ Urus කියන නම සඳහා යුරෝපයේ වෙසෙන Aurochs කියන විශාල වර්ගයේ කැලෑ ගවයින් හඳුන්වන්න භාවිතා කරන නමක් තමයි යොදාගෙන තියෙන්නේ.

    මෙම මෝටර් රථය සඳහා WV MLB platform(Modularer Längsbaukasten)ඒ‌ කියන්නේ ඔටෝබොබයිල් කර්මාන්තයේ ඉදිරිපස එන්ජින් පිහිටුවීමේ ලොන්ජිටියුඩිනල් ඉදිකිරීම් ක්‍රමයේ දෙවන පරම්පරාවේ MLBevo කියන ප්ලැට්ෆෝර්ම් එක භාවිතා කරලා තියෙනවා.
    16-17_MQB_Grafik1.jpg

    මුලින්ම මේ මෝටර් රථයේ පවර් ට්‍රේන් පද්ධතිය එහෙමත් නැත්නම් එන්ජිම ගත්තොත් ලීටර් හතරේ V8 වර්ගයේ ටිව්න් ටර්බෝ එන්ජිමක් තමයි තියෙන්නේ.6000 rpm වල දී අශ්ව බල 650(478Kw)ක උපරිම බලයක් ලබාදීම හැකි අතර 2500-4500 rpm අතරදී අඩි රාත්තල් 626.93(850Nm)
    ව්‍යාවර්ථයක් ලබාදීමේ හැකියාව තියෙනවා.එහි උපරිම rpm අගය 6800 ක් ලෙස සටහන් වෙනවා.
    Lamborghini-Urus-3.jpg

    ඒ‌ වගේම මේ මෝටර් රථයට 0-100km/h යාමට ගතවන කාලය තත්පර 3.6 ක් ගත වෙන අතර 0- 200Km/h තත්පර 12.8 ක දී ලඟාවෙන එහි උපරිම වේගය 305Km/h ක් ලෙස සටහන් වෙලා තියෙනවා.

    පවවර් ට්‍රාන්ස්මිෂන් එක ගත්තොත් AWD වේග අටේ ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධතියක් සහ ටෝර්ෂන් සෙල්ෆ් ලොකිං සෙන්ටර් ඩිෆරන්සලයකින් සමන්විත වෙනවා.ඒ‌ මගින් ඉදිරි පස සහ පසු පස ඇ‌ක්සල් අතර ව්‍යාවර්ථය 40:60 අනුපාතයකට බෙදී යන අතර ඉදිරිපස ඇ‌ක්සලය සඳහා උපරිම 70% ව්‍යාවර්ථයක ලබාදීමේ හැකියාව ද තියෙනවා.

    ඒ‌ වගේම ඩ්‍රයිවිං මූඩ් සිලෙක්ටරය හරහා එදිනෙදා ධාවනය සඳහා Adaptive Strada, lowered Sport mode හ roll-conquering Corsa මාදිලිය තෝරාගැනීමට හැකි අතර ඊට අමතරව Neve (snow),Terra (general off-road), and Sabbia (sand) කියලා ඔෆ් රෝඩ් හයි රයිඩිං ඩ්‍රයිවිං මූඩ්ස් තුනක් ද තියෙනවා.
    imageshandler.ashx

    ඒ‌ වගේම අඩු වේග වල දී උපරිම සටීරියන් හැකියාව වැඩි කිරීම සහ හැරවුම් වක්‍රය අඩු කිරීම සඳහා උපරිම අංශක 3 ක් දක්වා හැරවිය හැකි රියර්වීල් සටීරියන් පද්ධතියකින්ද සමන්විත වෙනවා.

    ස්ටොප් පවර් එහෙමත් නැත්නම් බ්‍රේක් පද්ධතිය ගත්තොත් ඉදරිපස මි.මී 440 සහ පිටුපස මි.මී 370 බ්‍රේක් ඩිස්ක් සමග ඉදිරිපස පිස්ටන් 10 සහ පිටුපසට පිස්ටන් 6 ක් සහිත ඇලුමිනියම් බ්‍රේක් කැලිපර් සහ ස්ටෑන්ඩඩ් හයිප්‍රෆෝර්මන්ස් කාබන් සෙරමික් බ්‍රේක් භාවිතා කරලා තියෙනවා.

    අනිකුත් විශේෂාංග ලෙස ඉදිරිපස සම්පූර්ණ ඉලක්ට්‍රික් ලෙදර් සීට්,ඇ‌පල් කාර් ප්ලේ සහ ඇ‌න්රොයිඩ් ඔටෝ ස්මාර්ට් ෆෝන් තාක්ෂණය,ඔටෝමැටික් හෙඩ් ලයිට් හයිබීම් එජස්මන්ට්,ඔටෝමැටික් එමර්ජන්සි බ්‍රේක්,ඉදිරි පස පසු පස පාර්ක්ඇ‌සිස්ටන් සිස්ටම්,පුෂ් බටන් ස්ටාර්ට්,කීලසස් එන්ට්‍රි,ඉලෙක්ට්‍රික් ටේල් ගේට් සහ ඇ‌ඩප්ටිව් කෲස්කොන්ට්‍රෝල් ඇ‌තුලත් වෙනවා.

    අලුත්ම Audi A8 සහ A7 යන මෝටර් රථවල භාවිතා කරන ෆ්‍රන්ට් ටූ ස්ක්‍රීන් ඉන්ෆෝටේට්මන්ට් පද්ධතියක් භාවිතා කර ඇ‌ති අතර ඉහළ ඇ‌ති ස්ක්‍රීන් එක මගින් මූලිකව කාර් සෙටප්,එන්ටර්ටේට්මන්ට් සහ සැටලයිට් නෙවිගේෂන් මැප් ආ‌දිය ප්‍රදර්ශනය කරනවා,නමුත් පහළ ස්ක්‍රීන් එක ප්‍රධාන වශයෙන් එයාර්කන්ඩිෂන් පද්ධතියේ සැකසුම් සඳහා යොදා ගන්නා අතර ඩාටා එන්ට්‍රි සබ් බස් සිස්ටම් සඳහා භාවිතා කිරීම් හැකියාව ද තියෙනවා.

    ඒ‌ වගේම ඉලොක්ට්‍රෝමැකනික්ල් ඇ‌ක්ටව් රෝල් ස්ටැබිලේෂන්,ඇ‌ඩප්ටිව් සස්පෙන්ෂන් ඩෑම්පර්,LED හෙඩ් ලයිට් සහ ටේල් ලයිට්,හෑන්ස්ෆ්‍රී ටේල් ගේට් ඔපරේෂන්,360 ° කැමරා පද්ධතිය සහ 1700W ස්පීක්ර් 21 සහිත Bang & Olufsen සවුන්ඩ් සිස්ටම් ඇ‌තුලත් වන අතර ආ‌සන 3 හෝ 2 මාදිලි දෙකකින් මිළදී ගත හැකි මෙම මෝටර් රථය ඇ‌.ඩො 200,000 කට මිළ කර ඇ‌ති අතර 2019 පෙර එහි ප්ලග් ඉන් හයිබ්‍රිඩ් මාදලිය ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇ‌ත.
    urus_yellow_interior_central_console_mid.jpg

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    06/12/2017
     
    Last edited: